
ජෙහාන් පෙරේරා
ශ්‍රී ලංකාව ආර්ථික අවපාතයෙන් ගොඩගැනීම සඳහා තමා ජනාධිපති ධූරය බාරගත් බවත්, එම වගකීම ඉටුකිරීමට උපරිමයෙන් කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කර ඇත. ආර්ථික ජයග්‍රහණ අත්කර ගැනීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අභිප්‍රාය පිළිබඳව බොහෝ සැකසංකා මතුව තිබේ. ආර්ථික අර්බුදය විසඳීමට ඇති කැපවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශවල සත්‍යතාව පැහැදිලිවම පෙනෙන්නේ ජනප්‍රිය නොවන ආර්ථික ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යෑමට ඔහුගේ අධිෂ්ඨානය තුළිනි. මහජනතාවට දැරිය හැකි ප්‍රමාණයට වඩා ඉහළ බදු අනුපාත පැනවීමට සහ රජය සතු ව්‍යවසායන් පෞද්ගලීකකරණයට ගත් තීරණ හමුවේ ඔහු නොසැලී සිටියි. මෙම ක්‍රියාමාර්ග දෙකම ජනප්‍රිය නොවන අතර, ඒවා ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී නැවත තේරී පත්වීමේ ප්‍රයත්නය අනතුරේ හෙළීම දක්වා දිවෙන, සුපිරි ධනවතුන් සහ සෙසු අය අතර බරපතල අසමානතාවක් නිර්මාණය කරන තත්වයන් දක්වා වර්ධනය වී තිබේ.
ආසන 225න් එකක් පමණක් හිමිව තිබියදී පාර්ලිමේන්තුවෙන් තේරී පත්වූ ජනාධිපතිවරයාවන රනිල් වික්‍රමසිංහ, ජනාධිපති වූ විගස ලබාදුන් දෙවැනි පොරොන්දුවක් ද විය. නිදහස ලැබීමේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව සමඟ පවතින ජනවාර්ගික ගැටුම අනාගත පරපුරට බරක් නොවන පරිදි විසඳීමට තමා බැඳීසිටින බව ඔහු පැවැසීය. යුද්ධය නිසා ඇති වූ අස්ථාවරත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට වසර තිහක විදේශ ආයෝජන සහ ඒ ආශ්‍රිත සංවර්ධනය අහිමි වූ බව පැවැසීම අතිශයෝක්තියක් නොවේ. ජනවාර්ගික ගැටුමට දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ බොහෝ වාරයක් සාකච්ඡා කර ඇති බවත්, සාර්ථකත්වය ළඟාකර ගැනීම සඳහා එම අතීත ප්‍රයත්නයන් මත සිය ක්‍රියාමාර්ග ගොඩනඟන බවත් ජනාධිපතිවරයා ජනතාවට සහතික විය. රටේ 75 වැනි නිදහස් වසර තුළ මේ සියල්ල සිදුවනු ඇතැයි ඔහු පොරොන්දු වූයේ මීට වසරකට පෙරය.
ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ගත වූ දෙවසරක කාලය තුළ, ජනාධිපති වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ සංහිඳියාව පිළිබඳ ඔහුගේ දැක්ම ඉතා පැහැදිලිව සහ නිරවද්‍ය ලෙස සකස් කර ඇත. ඔහු එසේ කරන බවට නිදර්ශනයක්, මේ වසරේ මාර්තු මාසයේ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ආගමික පූජකවරුන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහභාගී කරවන ලද සාමය සහ සංහිඳියාව පිළිබඳ අන්තර් ආගමික සම්මන්ත්‍රණයකදී ලබාදුන්නේය. මිනිත්තු විස්සකට නොවැඩි කාලයකදී, ජනාධිපතිවරයා කිසිදු සටහනක් නොවිමසා, එවැනි විසඳුමක අත්‍යවශ්‍ය අංග පිළිබඳ සටහනක් තැබුවේ ඒ සියල්ල ඔහුගේ මනසෙහි වූ බැවිනි. එහෙත් ශ්‍රී ලංකාවේ සහ රටේ ජනතාවගේ අවාසනාවට ජනාධිපතිවරයා සංහිඳියාව තුළ එම ප්‍රතිසංස්කරණ පසුපස ප්‍රයෝගිකව හඹාගොස් නැත. ඔහු විශ්වාස කරන ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ඔහු ක්‍රියාකරන ආකාරයටම සංහිඳියාව වෙනුවෙන් වූ ප්‍රතිසංස්කරණ පසුපසද හඹා යා යුතුය.
ජනාධිපතිවරයාගේ අසාර්ථකත්වය
ජනවාර්ගික ගැටුමට දේශපාලන විසඳුමක් සහ සංහිඳියාව පිළිබඳ තමාගේම දැක්ම මත සිටීමට ජනාධිපතිවරයා මෙතෙක් අසමත් වීම නිසා රටට විශාල පාඩුවක් සිදුවෙමින් පවතී. ජාතික සංහිඳියාව පිළිබඳ දැඩි ස්ථාවරක් සහ ස්ථාවර ප්‍රතිපත්තියක් නොමැතිකම පසුගිය සති දෙක තුළ ඉතාමත් අවාසනාවන්ත ආකාරයෙන් පැහැදිලි විය. එය ආරම්භ වූයේ දෙමළ ජනතාව ප්‍රසිද්ධියේ තම ආදරණීයයන් සහ යුද්ධයේ අවසන් අදියරේදී මියගිය අය සැමරීම වැළැක්වීමට පොලිසිය ගත් දැඩි උත්සාහයත් සමඟය. එම අවසන් දිනවලදී තමන් අත්විඳි දුක සිහිපත් කිරීමට, යෑමට ස්ථානයක් නොමැතිව රණබිමේ කොටුව සිටි මිනිසුන්ගේ ජීවිතවලට පණ පොවන ලද කංජි (බත් කැඳ) එම අවස්ථාවන් සිහිපත් කරමින් බෙදාගැනීම, ජනතාව සමග එකරාශී වීම ආදිය තහනම් කිරීම සඳහා උසාවි නියෝග වැරදි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කළේය.
ජනතාව එක්රැස්වීම මැඩපැවැත්වීම සඳහා පොලිසියේ දැඩි බලය යොදාගත් ස්ථාන කිහිපයක් පමණක් තිබූ බව ප්‍රසිද්ධියට පත්වූ නමුත් මෙය තවත් බොහෝ ස්ථානවල සිදුවන්නට ඇතැයි සිතිය හැක. වාර්තාවූයේ මෙවැනි සිදුවීම් කිහිපයක් වුවද, ඒවා වීඩියෝ ගතකර රට පුරා සහ පුළුල් ලෙස ලෝකය පුරා සංසරණය වූ බැවින්, එය නිසැකවම රජයට ඉතා නරක ලෙස ප්‍රදර්ශනය විය. ප්‍රසිද්ධියේ එසේ නොකරන ලෙසට ලබාදුන් පොලිස් අණ නොතකා තම ආදරණීයයන්ගේ වියෝව සැමරූ කාන්තාවන්ගේ නිවෙස්වලට පොලිසිය යන අයුරු සටහන් වූ වීඩියෝවේ සිදුවීම ඊට හොඳ නිදර්ශනයකි. කාන්තාවන්ගේ නිවෙස්වලට කඩාවැදීමට පොලිසිය රාත්‍රී කාලය තෝරාගත්තේ, සමහර විට කාන්තාවන් අත්අඩංගුවට ගැනීම පහසු කරවීමට විය හැකිය. එහෙත් එම කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට විරුද්ධ වූ අතර, කෑ ගසමින් විරෝධය පෑම නිසා ඔවුන්ව පොලිස් වාහනවලට ඇදගෙන යෑමට සිදුවිය.
පොලිසිය ඉතා අවාසි සහගත ලෙස කටයුතු කළ තවත් එවැනිම අවස්ථාවක් වූයේ, නැගෙනහිර විශ්වවිද්‍යාලයට ගිය කුඩා සිසුන් පිරිසක් “මාව මතක තියාගන්න මෙය කරන්න” යන තේමාවෙන් එහිදී බත් කැඳ බෙදාගැනීම කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ අනුස්මරණ කටයුත්තකදී මැදිහත් වීමයි. මෙවැනි ක්‍රියාවල නිරත නොවන ලෙස ලබාදී තිබූ අධිකරණ නියෝගය මේ වන විට වෙනස් වී තිබීමත්, එවැනි අනුස්මරණවලට අවසර ඇතැයි ජනාධිපතිවරයාම ප්‍රකාශ කිරීමත් නිසා සිසුන් අනුස්මරණ උත්සවය ඉදිරියට ගෙනයෑම නතර කිරීමට පොලිසිය බලහත්කාරයෙන් උත්සාහ කළේ නැත. එහෙත් ඔවුහු තම විරෝධය ප්රදර්ශනය කළේ, සිසුන්ට තර්ජනාත්මකභාවය පෙන්වමින් කෝපයෙන් කතාකිරීමෙනි. ඔවුන් සිසුන්ට සහ ඔවුන්ගේ උත්සවයට ආසන්නයේ සිට සිදුවීම වීඩියෝගත කළ අතර, එමඟින් මෙම සාක්ෂි අනාගත ප්‍රයෝජනය සඳහා පොලිසිය ළඟ තබාගනී යැයි සිසුන් තුළ බියක් ඇති කරවීමට උත්සාහ කරනු ලැබූහ.
සංහිඳියාව නොවේ
පසුගිය දෙසතිය තුළ රට තුළ දැකගත හැකිවූයේ සංහිඳියාවක් නොව අමනාපය සහ ගැටුමක් පෙන්නුම් කිරීමකි. මෙය 2015 දී අගමැතිවරයාවූ රනිල් වික්‍රමසිංහ යටතේ පැවැති ආණ්ඩුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ රටවල් 47ක් සමඟ එකඟතාවයෙන් අත්සන් කළ යෝජනාවෙන් ආභාසය ලැබූ ප්‍රකාශිත ප්‍රතිපත්තියට පටහැනිව කටයුතු කිරීමකි. මෙම යෝජනාවට අනුව, 2016 සිට 2018 දක්වා කාලය තුළ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක්, වන්දි ගෙවීමේ කාර්යාලයක් සහ ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලයක් පිහිටුවා රජය බොහෝ දේ කර ඇත. ඊට අමතරව 2022 දී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, ජනාධිපති වික්‍රමසිංහ යටතේ ඇති ආණ්ඩුව සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටී. කෙසේවෙතත්, භූමියේ සිදුවෙමින් පවතින දේ සැළකිල්ලට ගනිමින්, ජාතික සංහිඳියා ක්‍රියාවලිය සඳහා ආණ්ඩුව දක්වන කැමැත්ත සම්බන්ධයෙන් ජාතික හා අන්තර්ජාතික වශයෙන් ඇති විශ්වාසය අනුව ආණ්ඩුවේ විශ්වසනීයත්වය පවතින්නේ අඩු මට්ටමකය.
යුද්ධයේ අවසන් අදියරේදී ජන සංහාරයක් සිදු වූ බවට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ වාර්ෂික ප්‍රකාශය, දෙමළ ඊළම පිළිබඳ ජනමත විචාරණයක් ඉල්ලා එක්සත් ජනපද නීති සම්පාදකයන් දෙපක්ෂයක් විසින් එක්සත් ජනපද කොන්ග්‍රසයට ඉදිරිපත් කරන ලද නව යෝජනාව සහ මානව හිමිකම් කඩකිරීම් සඳහා රාජ්‍ය ආරක්ෂක අංශ සහ අනුබද්ධ අතුරු හමුදා කණ්ඩායම්වල සම්බන්ධය රජය පිළිගත යුතු බවත්, ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමක් සිදුකළ යුතු බවත් සඳහන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා ඉදිරිපත් කළ නවතම වාර්තාව සරලව බැහැර කළ නොහැකිය. ප්‍රබල ගෝලීය ක්‍රියාකාරීන් විසින් ගන්නා ලද මෙම සමාන ආස්ථානයන් මගින් පෙන්නුම් කරන්නේ, සංහිඳියාව පිළිබඳ ගැටලුව තනිවම යහපත් අතට හැරෙන්නේ නැති අතර, ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව ප්‍රවර්ධන කටයුතු සිදුකළ යුතු බවයි. ඉතිරිව ඇති කාලය කෙටි වුවද, වර්තමානයේ සහ ඉදිරි මැතිවරණයෙන් පසුව සහාය දීමට එකඟ වන පරිදි සංහිඳියාව සඳහා මාර්ග සිතියමක් සකස් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුය.
රටකට යුද්ධයකින් සහ භේදයකින් තොරව සාමය සහ සංහිඳියාව දක්වා ඉදිරියට යෑමට අවශ්‍ය නම්, අන්තර්ජාතිකව පිළිගත් පියවර හතරක ක්‍රියාවලියක් තිබේ. ඒ, ගැටුම් පැවැති කාලසීමාව තුළ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ සත්‍ය අසත්‍යභාවය සොයාබැලීම, නීතිය කඩකළ පුද්ගලයන්ට දඬුවම් පැමිණවීම, ගැටුමින් පීඩාවට පත්වූවන්ට වන්දි පිරිනැමීම සහ ගැටුමේ මූල හේතු ඉවත් කිරීම සඳහා දේශපාලන ප්‍රතිසංස්කරණවල නිරත වීම ය. තම ධූර කාලය තවත් මාස හයකින් අවසන් වීමට පෙර, රටේ ජනතාව සහ අන්තර්ජාතික ප්‍රජාව යන දෙඅංශයේම චෝදනාවලින් ශ්‍රී ලංකා රජය මුදවා ගැනීමට ජනාධිපති වික්‍රමසිංහට තවමත් අවස්ථාව තිබේ. සංහිඳියා ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්තර්ජාතික දේශපාලන වාතාවරණය සෘණාත්මක වෙමින් පවතින අතර, එය ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලියට ද කාන්දු වන බලපෑමක් ඇති කරන බැවින්, ජනාධිපතිවරයා මෙම පියවර කඩිනම් කළ යුතුය.
leelagemalli / May 26, 2024
ශ්‍රී ලංකාවට නාස්ති කිරීමට තවත් කාලයක් නැත. එය ගිලී ගිය ආර්ථිකයේ එකම ජීවනාලිය වන IMF නිර්දේශ සමඟ යා යුතුය.
–
දැන් AKD සහ තවත් අය පවසන්නේ වත්මන් ජනාධිපතිවරයා IMF පිටුපස ගියත් වෙනත් විකල්ප රටක් නොතිබූ බවයි, මන්ද ඔවුන්ට අවසානයේ ඒත්තු ගැන්වෙන්නේ නැති බැවිනි. මට AKD ගේ වේදිකා ඉදිරිපත් කිරීම් සහ වාචාලකම “බොහෝ ළමා හින්දි චිත්‍රපට” මගින් ප්‍රදර්ශනය කෙරෙන එම සුන්දර ප්‍රකාශ සහ පින්තූරවලට සමාන ය. ඉන්දියානුවන්ට එසේ කිරීමට සිදුවන්නේ ඔවුන්ගේ දරිද්‍රතා මට්ටම් සමඟ බව අපට වැටහෙනවා ඔවුන් අරගල කරන යෝධ ජනාකීර්ණ රටේ, නමුත් මිලියන 22 ක් සිටින රටකට වඩා හොඳ ඉදිරිදර්ශන හෝ එහි අනාගතය තිබිය යුතුය.
.
ජාතික මට්ටමේ ජයග්‍රහණ ගැන කතා කරද්දී අපිට එක අතකින් තවත් අතකට පනින්න වෙලාවක් නැහැ.
. තවම ගොඩ නැගීමට බොහෝ දුරස්ව ඇති ලාංකේය සමාජයට නව මතවාද ගැළපේදැයි නොදැන නව ක්‍රම අත්හදා බැලීමට අපට වෙලාවක් නැත.
අරගලයක් හෝ ඒ හා සමාන විරෝධතාවක් ජනතාවගේ ඇස් ඇරෙනු ඇත, කෙසේ වෙතත්, මේ රටේ මැතිවරණවලදී තීරණාත්මක වන මහජනතාවගේ කොන්දේසි සහිත මානසිකත්වය ඉගැන්වීමට සහ ඒත්තු ගැන්වීමට තවමත් එය මෘදු වැඩිය.
:
මිනිස්සු පෙනුමට වඩා ගොළුයි. ඔවුන්ගේ පරිණාමය ඔවුන්ගේ මානසිකත්වයට වහල් වී කොතැනක හෝ සිරවී ඇත. ඔබට ඒවා කිහිප වතාවක් පැහැදිලි කළ හැකිය, නමුත් ඔවුන් ඔවුන්ගේ සුපුරුදු ක්‍රමය පුහුණු කිරීම නතර නොකරයි.
.
දකුණු පළාතේ තරුණයන් පවා තවමත් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව රාජපක්ෂට ප්‍රශංසා කරති.
/
leelagemalli / May 29, 2024
1
Dear SM, Please do not beat around the bush as a senior citizen of Sri Lanka, we are serious about our concern. So please take it seriously if we focus on “AKD led barbaric groups” who are spreading blatant lies about their “capabilities and abilities”, as you are their hired person, we look forward to your honest opinion. We apologize for the typos, however, everyone else seems to be putting up with it.
–
Please see, you have added some stupid thoughts under one of the other links. I could not retrieve it to add here. I am sorry, time limit is gone so that i cant add mine to you there.
.
SM acts mostly like a “rape victim” without looking into anything as usual and his guardian “Ruchira” annoys CT reviewers more than anyone else on this forum. Unfortunately, these pairs never distinguish good from bad. There is no need to talk about Ruchira because he has been having “mental conflicts with his staff and maid” for the past few weeks. And what does his MBBS degree knowledge bring us, if he doesn’t know that we should avoid other people’s “personal information” in public forums. The 76-year-old (self-proclaimed sathyaguru from Bandarawella) doesn’t seem to be helping Ruchira awaken his subconscious. Both act thinking that CT comments are similar to their diary routines.
–
Tbc
/
leelagemalli / May 29, 2024
2
Sorry for my spelling or typos in my comments, but it’s all self-explanatory to others but not to “Sinhala Man”. I don’t care much there, because he’s a joker and nothing his ideas give us can guide us.
–
He didn’t even say why I compared him to a “Rishi Sunak” in that post. Even Lester saw it, but self-proclaimed scholar S.M. …. That explains how stupid the Sinhala_man must be….. When one points his finger at the moon, we don’t look for “perverts” like this, a man living in a mental asylum, in a parallel universe, to continue to do so. This is a big problem in our island nation.
.
As mentioned elsewhere, we are all busy typing posts. However, stupid men don’t see it at all. We must not go astray there.
It should be wrongly pointed out that Mahendra Rajapaksa is “Mahinda Rajapaksa” to mislead people and gain political advantage. The politically and culturally ignorant “Sinhala_man” does not seem to know that. SM is too old in Sri Lanka, he doesn’t know the big difference between “Mahinda” and “Mahendra”.
.
We have discussed this dozens of times on CT. A 10 year old can understand why the term “Mahinda” is placed above “Mahendra” but SM doesn’t understand why Sinhala Buddhists are stupid. So pathetic
https://en.wikipedia.org/wiki/Mahinda_Rajapaksa
/