මා අලුත් වාහනයක් පදවා ගෙන පාරේ යන විටක මා ඉදිරියෙන් යන වාහනය මගේ වාහනයට වඩා පරණ එකක් නම් ඒ වාහනය කෙසේ හෝ පසු කර යාමේ සිතක් මට උපදියි. එය පසු කර ගන්නා තෙක් ම මට කිසිදු ඉස්පාසුවක් නැත. එය කිසියම් උණක් වගේ රෝග ලක්‍ෂණයකි. ඉදිරියෙන් යන්නා මගේ වාහනය ඉස්සර කර ගැනීමට ඉඩ නොදෙනනේ නම් ඒ වාහනය හප්පා ගෙන හරි ඉදිරියට යාමට මට සිතෙයි. මෙම රෝගය මට පමණක් නොව අපේ රටේ රියදුරන් වැඩි දෙනෙකූට වැළඳී ඇතැයි මට සිතෙන්නේ එකිනෙකා පරයා මගතොටේ රේස් දුවන වාහන සංඛ්‍යාව දකින විටය. අප රටේ සිදුවන මාර්ග අනතූරු රාශියකට ප්‍රධාන හේතූවක් වන්නේ යට කී රෝගය බවට සැකයක් නැත.
උණක් වැනි වූ ඉහත කී රෝගය නොයෙක් වෙස් ගෙන සමාජයේ විවිධ පැතිකඩ වලට පැතිරී ගොස් ඇත, හරියට ඩෙංගූ උණ මැලේරියා උණ කූකූළු උණ හා ඌරු උණ පරිද්දෙනි.
බස් පෝලිමේ, රෝහල් පෝලිමේ, බැංකූ පෝලිමේ හෝ වෙනත් කවර පෝලිමක හෝ තමන්ට ඉස්සරහින් සිටින්නා තමන්ට වඩා පහත්යයි සිතන පුද්ගලයකූ නම් කෙසේ හෝ වෙට්ටුවක් දමා අනිත් අය අහක බලා සිටින විටක ඉස්සරහට පැනීමට තැතනීමේදී ද දක්නට ඇත්තේ එම රෝගයේ ම ලක්‍ෂණයකි.
කාර්යාලයක කිසියම් රාජකාරියක් කර ගැනීමට දුප්පතකූ හා පොහොසතකූ එකම නිලධාරියකූ මුණ ගැසීමට යාමේදී පළමුව නිලධාරියාගේ නෙත ගැටෙන්නේ පොහොසතා නම් එම නිලධාරියාට ද රෝගය බෝ වී ඇති බවක් පෙනෙයි. එකම මාර්ග නීතිය කඩ කරන වරද කරුවන් දෙදෙනෙකූගෙන් නොවැදගත් කමක් පෙනෙන්නාට දඩ කොළය ලියා යවා වැදගත් කමක් පෙනෙන්නාට ඇහෙන් ඉඟි කොට නිකම්ම ලිස්සා යාමට සළස්වන්නේ නම් රාළහාමිට ද ලෙඬේ වැළඳී ඇත.
ඡන්දයෙන් දිනීමට කලින් බස් රථවලින් ගමන් බිමන් ආගිය පුද්ගලයාට මන්තී‍්‍ර වීමෙන් පසු කෝටි පහ හය වටිනා ෆෝවීල් වීල් ඩ්‍රයිව් නැතිව ඡන්දදායකයන්ගේ වැඩ කටයුතූ කිරීමට නොහැකි වන්නේ ද රෝගය උත්සන්න වී ඇති බැවිනි.
මළ ගෙයකට හෝ මගූල් ගෙයකට මැති ඇමති වැනි ප‍්‍රභූවරයකූ පැමිණිවිට ගෙහිමියා අන් සියලු දෙනා හා සියලු දෙය නොසලකා හැර ප්‍රභූවරයා අසළම දැවටේ නම් ගෙහිමියාට ද රෝගය වැළඳී ඇත. එසේම තමා පිටත්ව යන තූරු ගෙහිමියා තමා අසළම නොසිටින විට ප්‍රභූවරයාගේ මූණ ඇඹුල් වේ නම් එයින් පෙනී යන්නේ ද ප්‍රභූවරයා රෝගියකූ බවයි.
තමන් සතූ වත් කමට සරිලන දිවිපෙවෙතක් ගෙන යා හැකිව තිබියදී අල්ලපු ගෙදර වත්කම් ඇති ඇත්තන් කරන කරන දෙය තමන් ද කරන්නට යාමෙන් හොස්ස බිම ඇන ගන්නවුන්ට මේ රෝගය අසාධ්‍ය තත්වයට පත්ව ඇත. ගෙය උගසට තබා දුවගේ හෝ පුතූගේ මගූල් ගෙය ඉස්තරම් ම තත්වයෙන් ගැනීමෙන් සිතට උජාරුවක් ගන්නා දෙමාපියෝ ද ඒ අසාධ්‍ය තත්වයෙන් ම පසු වන්නෝය.
තමන්ගේ සහ තම බිරින්දෑ වරුන්ගේ ආවතෙවා කම් කරවා ගැනීමට තම දෙපාර්තමේන්තූවල තමන්ට වඩා පහළ අංශ නියෝජනය කරන්නන් යොදා ගන්නා රාජ්‍ය නිලධාරීන් එමගින් ලබා ගන්නා ආත්ම උජාරුව ද ලෙඬේ රුජාව නිසාම ඇති වන්නකි.
පාසල් දරුදැරියන් ගිනි ගහන අව්වේ සිටුවා තබමින් දේශපාලකයන් ඉදිරියේ ඔවුන් වහලුන් බවට පත් කරවීමට උත්සව සංවිධානය කරන ගූරු දෙගූරුන්ට මෙන් ම එසේ නොකරන්නේ නම් පාසල් සංවර්ධනයට නියමිත ආධාර කප්පාදු කරවන දේශපාලකයෝ ද වැළඳී ඇති රෝගයෙන් බැට කන්නෝය.
කාර්යාලයට එන විට ගෙනෙන දහවල් කෑම පාර්සලය වාහනයෙන් බැස තමන් රැුගෙන නොගොස් රියදුරා ලවා ගෙන්වා ගෙන අන් පිරිස් ඉදිරියෙහි මහන්තත්වය පෙන්වන දෙපාර්තමේන්තූ ප්‍රධානියා ද මේ රෝගයෙන් පෙළෙන්නෙකි.
තවත් මෙකී නොකී බොහෝ අය මේ රෝගයෙන් දරුණු ලෙස පෙළෙන බව පෙනී යයි. මේ අන්දමින් බලන විට මේ රෝගය භයානක වසංගතයක් ලෙසින් මුලූ සමාජ දේහය පුරා සීඝ‍්‍රයෙන් පැතිරී යන්නක් බව පෙනේ. පිළියම් නොයෙදෙන තෙන් සමාජයට නීරෝගී පැවැත්මක් නැත.
ඇත්තෙන් ම මේ රෝගය වැළඳෙන්නේ කයට නොවේ, කායික රෝගයක් නම් බෙහෙත් දී සුව කළ හැකිය, මානසික රෝගයක් වන මෙයට නිසි ඵිළියම් නොයෙදුනොත් උමතූව දක්වා ම උග‍්‍ර විය හැකිය. ඊටත් වඩා එහි භයානක කම බලපාන්නේ සමාජයටය. මෙය මානසික රෝගයක් බැවින් මෙයට ඵිළියම් යෙදිය හැක්කේ මනෝ චිකිත්සකයන් විසින් පමණි, බුදුදහම මානසික රෝගවලට ප‍්‍රතිකර්ම නිර්දේශ කොට ඇති බව බෙහෙවින් ප්‍රකටය. ඒවා මැනවින් හදාරා අනුන්ගේ මානසික ලෙඩ සුව කිරීමට දැනට සැදී පැහැදී සිටින්නේ අපේ ගරුතර භික්‍ෂූන් වහන්සේයි. උන් වහන්සේලා දිවා රැුය නොබලා උපදේශන කටයුත්තෙහි යෙදෙති. එහෙත් රෝගය උත්සන්න වෙනු මිස ශමනය වන බවක් නම් නොපෙනේ.
මෙහිදී කැපී පෙනෙන තවත් විශේෂත්වයක් වන්නේ අනුන්ගේ ලෙඩට උපදේශන සපයන ඇතැම් භික්‍ෂූන් වහන්සේලාටත් මේ ලෙඬේ බෙහෙවින් උග‍්‍රව වැළඳී තිබිමයි. බුදු දහමේ ඵිළිගත් සම්දාප්‍රයයන් කඩා බිඳ දමා ගෙන අන් භික්‍ෂූන්ට වෙනස්ව තමා කැපී පෙනීමට කැස කවන භික්‍ෂූන් වහන්සේලාගෙන් අපට පෙනී යන්නේ උන් වහන්සේලා තූළ මේ රෝගය පිළිකාවක් මෙන් ඔඩු දුවා ඇති බවකි,
දෙපස උවැසියන් සාධුකාර දෙමින් සුවඳ මල් ඉසිද්දී ඒ මල් මතින් ධම් සභාවට වැඩමවන හිමියන්ට සමන්තභද්‍රතාව ආරූඪ වී ඇතැයි එහිමියන් චිසින් ම කියවේ නම් එ ලෙඬේ උග‍්‍ර වීම නිසා මුසපත් වීමෙන් කියවෙන කථාවකි. පවත්නා බුදු දහම ම පට්ට ගසමින් තමන් බුද්‍ර වූවෙකැයි යමෙක් පවසයි නම් ඒ ලෙඬේ උග‍්‍ර වීමේ ප්‍රතිඵලයක් වශයෙන් උමතූ වූ චිට අමු කැවෙන බැචිනි.
අභිධර්මයේ එන හේතූභල සම්බන්ධතාව කියවෙන පට්ඨාන නම් වූ කෘතියට පට්ට ආන පට්ඨානයයි යම් භික්‍ෂුවක් ධර්ම දේශනාවකදී නිරුක්ති සපයන්නේ නම් ඒ ඉහත කී රෝගයේ ම තවත් විකෘතියකි. ආ ආ දර ආදරයයි නිරුක්ති සපයන්නෝ ද ඔවුහුමය. මන්නෙන් කොටන්නේ මඤ්ඤොක්කායි කියන නිරුක්්තියට නොදෙවෙනි වූ ඉහත නිරුක්ති අසා සිටින සැදැහැවතූන්ට බුද්‍රසරණ කෙසේ වෙතත් අබ සරන නම් නියතය. මෙම රෝගය එක් එක් පුද්ගලයාට අනුව විකාරරූපී තත්වයන් ගැනීම එහි ලක්‍ෂණයකි. මං පොර වී අනෙක් අයගෙන් කැපී පෙනීමට රුචියක් ඇති වීම එහි පොද්‍ර ලක්‍ෂණයයි.
මෙම රෝගය පිටතට පෙන්නුම් කරන ලක්‍ෂණ අනුව විමසා බලන විට පෙනී යන්නේ බුදුදහමෙහි සඳහන් වන හීනමානය හා අතිමානය යන දෙකෙහිම ලක්‍ෂණ සංකලනය වී ඇති සැටියකි. කෙසේ වුව ද මෙයින් ඇතිවන සමාජ බලපෑම නම් බෙහෙවින් ම භයානකය. මිනිසුන් තූළ මෙබදු රෝගයක් පවතින තෙක් සමාජ සංවර්ධනයක් නම් බලා පොරොත්ත විය නොහැක.
තමන් උසස් කොට සැළකීම අත්තූක්කංසනය ලෙසත් අනුන් පහත් නොට සැළකීම පරවම්භනය ලෙසත් බුදුදහමෙහි හැඳින්වෙයි. මේ දෙකම අත්හළ යුතූ නරක පුරුදුය. සමාජයෙහි පුද්ගලයන් අතර උසස් පහත් කොට සැළකීමක් ඇතිවන විට එය සමාජ ප‍්‍රගමනයට බාධාවකි. පහත්යයි සැළකෙන්නා නිතරම උසස්යයි සැළකෙන්නා කෙරෙහි ඊර්ෂ්‍යා සහ ද්වෙෂ සහගතව බලයි. උසස්යයි සැළකෙන්නා පහත්යයි සැළකෙන්නා කෙරෙහි පිළිකූල් සහගතව සහ ද්වෙෂ සහගතව බලයි. සමාජ වරප‍්‍රසාද හා අයිතිවාසිකම් අනෙකාට නොදී තමන් සතූ කොට ගැනීමට තතනයි.
සමාජ සංවර්ධනයෙහි රහස පවතිනේ සෙනෙහෙබර දෙනෙතින් ඔවුනොවුන් දෙස බැලීම (අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සමානා) තූළය. අනුන්ගේ දුක වෙදනාව තමන්ගේ දුක වෙදනාවට සමාන කොට සිතීම තූළය. තමන්ගේ ජීවිතයට මෙන් ම අනුන්ගේ ජීවිතයට ද ගරුත්වයක් ඇගයීමක් හිමි විය යුතූයයි සිතීම තූළය. තමන්ගේ නිවසෙහි සේවයෙහි යෙදෙන ගෘහ සේවකයා හෝ සේවිකාව එමෙන් ම තම වාහනයේ රියදුරා තමන් සමග එකම කෑම මේසයෙහි වාඩි වී ඔවුන් කෑම කනු බලා සතූටු වන හාම්පුතාගේ මනස තූළය.
රටේ සාමකාමී වාතාවරණයක් පවතිද්දීත් රජයේ වාහන හත අටක ආරක්‍ෂකයන් දහ පහළොස් දෙනෙකූ පිරිවරා ගෙන සුඛෝපභෝගී වාහනයක දපා ගෙන පවනට බඳු චේගයෙන් වාහනය ධාවනය කරවන දේශපාලකයන්ගේ එබඳු මානසිකත්වයෙහි රටට අවශ්‍ය දිහුණුව ගැන හැඟීමක් ගෑවිලාවත් නැත. ජනතාව සංවිධානය කරන උත්සව වලට සහභාගී වී විජෘම්භමාන වීමම එකම දෙශපාලනයයැයි සිතන මැති අමැති වරුන්ගේ මානසිකත්වයෙහි රටෙහි දියුණුව ගැන හැඟීමක් වත් පැවතිණි නම් මෙලහකටත් අපේ රටෙහි ආසියාවේ ආශ්චර්යය දෝරෙ ගලා යමින් පවතිනු ඇත.
තමන් උසස් කොට සැළකීම හා අනුන් පහත් නොට සැළකීම හෝ තමන් පහත් නොට සැළකීම හා අනුන් උසස් කොට සැළකීම යන කරුණු දෙක ම එකසේ සමාජ ප‍්‍රගතියට අහිතකරය. මනුෂ්‍යත්වයෙන් කිසිවෙක් කිසිවකූට උසස් හෝ පහත් නොවේ. මිනිසෙක් උසස් හෝ පහත් වන්නේ ඔහු කරන කි‍්‍රයා අනුවය. කවර වූ හෝ සුචරිත කි‍්‍රයාවන්හි යෙදෙන්නා උසස් මිනිසෙකි. දුෂ්චරිතයන්හි යෙදෙන්නා පහත් මිනිසෙකි.
උසස් බව හෝ පහත් බව උපත වත් පොහෙසෙත් කම් බලතල ආදිය මත රඳා නැත. කිසිවකූගේ උපතට තමන් නොදන්නා කිසිදු සර්වබලධාරියකූ විසින් වටිනා කමක් පවරා ඇතැයි සිතන්නේ නම් එතරම් මෝඩකමක් තවත් නැත. තමා තමාගේම සර්වබලධාරියා වන බැවිනි (අත්තා හි අත්තනො නාථො කො හි නාථො පරො සියා).
වත් පොහොසත් කම් බලවත් කම් පිළිබඳ තත්වය ද ඊට වඩා වෙනස් නොවේ. වරෙක පොහොසතා තවත් වරෙක දුගියෙක් වෙයි. වරෙක දුගියා තවත් වරෙක පොහොසතෙක් වෙයි. (අය්යො හුත්වා දාසො හොති දාසො හුත්වා අය්යො හොති) බලය ද එසේමය. වරෙක එකෙකූ අතට යන බලය තව වරෙක තවෙකෙකූ අතට යයි. දේශපාලන ක්‍ෂේත‍්‍රයේදී අපි මෙය හොඳින් අත් දකිමු. එබැවින් හීනමානයෙන් තවත් කෙනකූ ඉදිරියේ පීච්චං වීමට හෝ අතිමානයෙන් තවත් කෙනකූ පහත් කොට උජාරු වීමට හෝ කිසිවකූට කිසිදු හේතූවක් හෝ කිසිදු අයිතියක් නැත.
ෂමාජයක දියුණුවට එහි සාමාජිකයන්ගේ සිත් තූළ ඇති ප‍්‍රසන්නතාව බලවත් හේතූවක් වෙයි. හැම කෙනෙක් හැම කෙනකූ කෙරෙහි ම සුහදතාව දක්වන්නේ නම් මිනිස් මනස සතූටින් පුබුදු වෙයි. ඒ පුබුදුබව මිනිසාව තම කටයුතූ කෙරෙහි ධෛර්යවත් කරයි. නිදසුනකට කාර්යාලයක් ගනිමු. කාර්යාලයේ ප‍්‍රධානියා හැම විටක ම මුහුණ පුළුටු කරගෙන හෝ බුම්මා ගෙන සිටී නම් එහි අනෙක් සියලූ දෙනා ද ප‍්‍රබෝධයකින් තොරව සිටිති. කාර්යාලයේ වැඩ ඒ ඒ තැන පල් වනු මිස ඒවායේ කිසිදු ප‍්‍රගතියක් ඇති නොචේ. එහෙත් ප‍්‍රධානියා සතූටු සිතින් අන් අයට සුහදශීලීව සිටින්නේ නම් ඒ කවුරුත් තම කටයුතූවල අනලස්ව නිරත වෙති.
සමාජයක දියුණුව උදෙසා සෑම සාමාජිකයකූ ම සතූටින් ප‍්‍රසන්නතාවෙන් තබා ගතයුතූ බව බුදුදහම තරයේ විශ්වාස කරයි. ඒ සඳහා උපයෝගී වන කරුණු සතරක් ද නිර්දේශ කොට ඇත. ඒවා සතර සංග‍්‍රහ වස්තූ නමින් හැඳින්වෙයි. එයින් දානය පළමු වැන්නයි. මෙය පන්සලට ගොස් හෝ වැඩමවා ගෙනවිත් භික්‍ෂූන්ට දෙන දානය නොවේ. ඔවුනොවුන් අතර බෙදා හදා ගැනීමකි. එය සතූට වර්ධනය වීමේ කි‍්‍රයාවකි. දෙවැන්න පි‍්‍රය වචනයයි. හැම කෙනකූ ම කථාකරන වචන ළගන්නා පි‍්‍රයශීලී හා සුහදශීලී වියයුතූය. ඔවුනොවුන්ගේ මුහුණු දෙස දයාලූ දෙනෙතින් බලා ගෙන කිවහැකි මිහිරි වචන කථාකරන්නට අපට හැකි නම් එමගින් කෙතරම් සුන්දර සමාජයක් ගොඩ නැගේදැයි මදක් සිතා බලන්න.
තෙවැන්න සමානාත්මතාවයි. එයින් අදහස් කරන්නේ කලින් සඳහන් කළ පරිදි ඔවුනොවුන් උසස් පහත් කොට සළකා එකිනෙකා ද්වෙෂසහගත වීමට ප‍්‍රතිපක්‍ෂ වූ ධර්මතාවයි. හැම කෙනෙකූට ම දුකසැප දැනීම සමානයයි සළකා කිසිවකූට සුලූ වූ ද දුකක් කරදරයක් ඇතිවන කිසිවක් නොකර සිටීමේ මානසිකත්වය එයින් අදහස් වෙයි. සතර වැන්න අත්ථචරියාවයි. ඒ වූ කලි ඔවුනොවුන්ගේ යහපත උදාවන පරිදි කටයුතූ කිරීමයි. මෙයින් මුල් කරුණු තූනම අවශානයෙහි කියවෙන සමාජ සංවර්දනයට ජනතාවට පෙළඹවීම් ලබා දෙන කරුණුය. ඒවායේ අවසාන ප‍්‍රතිඵලය වන්නේ සංවර්ධිත සමාජයන ප‍්‍රතිලාභ සෑම පුරවැසියකූට ම එකසේ භූක්ති විඳීමට අවස්ථාව සැළසීමයි.
”ඔවුනොවුන් රැුවටීම නො මැනවි
කිසිවකූ කිසි තැනක පහත් කොට නො සළකන්න
තරහින් හා කේන්තියෙන්
එකිනෙකා කෙරෙහි දුකක් සිතින් වත් නො සිතන්න”
තමන් බෞද්ධයන්යයි උජාරුවෙන් කියා ගන්නා අපට කරණීය සූත‍්‍රයෙන් දෙන මේ අදහස අපගේ ඒ උජාරුව නැති කර ගෙන අප කවුරුත් සහෝදරත්වයෙන් හා මිත‍්‍රත්වයෙන් එකට බැඳී කටයුතූ කිරීමට කියා දෙන අතිශයින් ම වැදගත් සදුපදේශයකි.
Jim softy / April 18, 2018
IT is lack of discipline among people. Besides, this western human rights and democracy have been understood by people. IT is within limits and is not unlimited. Politicians are very corrupt. tat includes every Pm, every preident including this present president, ministers and who can be such as higher officials, so the whole country. Even some bhikkus liks it.
/
Jim softy / April 19, 2018
I heard the problem is there is huge social engineering going on. there are so many who wants to say, that Sinhala should live free society as in the west. but, they do not say, how degraded the western society is. Youth are very selfish. anyway, the govt abandoned the cultural affairs ministry and took over the christian, Muyslims and Tamil every thing. Politicians neg,ected the majority of the majority. So, the society is screwed up. They i think 1956 politicized even the Bhikkus. Now, bhikkus are also abandoned the buddhist practices instead while in the robe they want to do politics. Young bhikkus have abandoned the Vinayaya Pitaka. Look like they do not have Upadhyaan or Acharin Wanhanse instead a Lecturer or a professor. Prrivna are abadoned and ins tead the university and sit side by side with the women. they may ask why don’t we have rights or what happens except for a handful. Results of the Economic vision. People are poor but they are highly malnourished discipline wise and values wise.
/