

මහාචාර්ය කපිල අභයවංස
ආගමකට සම්බන්ධකම් ඇති යම් යම් වස්තු පූජනීයත්වයෙන් සළකා ඒවාට පුදපූජා ගරු බුහුමන් පැවැත්වීම ඒ ඒ ආගමික සංස්කෘතීන්හි දක්නට ලැබෙන ලක්ෂණයකි. ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතියෙහිද බුදුන් වහන්සේට සම්බන්ධ කොට ගැනෙන එබඳු පූජාවස්තු වර්ග තුනක් යටතේ දැක්වෙයි. උද්දේසික, පාරිභොගික හා ශාරීරික වශයෙන් එම වර්ග තුන හැඳින්වෙයි. බුදුන් වහන්සේ උදෙසා පුදපූජා පැවැත්වවීමට තනා ගැනෙන බුදුපිළිම ආදිය පළමු ගණයට වැටෙයි. උන්වහන්සේ පරිභොග කළ සිවුර, පාත්‍රය වැනි දේ දෙවැනි ගණය නියෝජනය කරයි. බුදුන් වහන්සේගේ ශරීරයට සම්බන්ධ දන්තධාතු කෙසධාතු ලළාට ධාතුව ආදිය තෙවැනි වර්ගයට අයත් කොට ගෙන තිබේ.
මෙබඳු පුදපූජා වර්ග බුදුදහමට සෘජුව සම්බන්ධ නොවුනත් භාරතීය සංස්කෘතියෙන් ශ්‍රී ලාංකික සංස්කෘතියට උරුම වී කාලාන්තරයක් පවත්වාගෙන එන බැවින් ඒවා ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ පාරම්පරික උරුමයන් බවට පත්ව තිබේ. පොදු ජනතාවගෙන් බහුතරයක් බුදුදහමින් ඉගැන්වෙන ප්‍රතිපත්ති තම ජීවිත සමග බද්ධ කරගෙන නැතත් ඔවුන්ගේ ප්‍රමුඛ ආගමික ලබ්ධිය බවට පත් වන්නේ මෙම සංස්කෘතික උරුමයන් පූජනීයත්වයෙන් සැළකීමයි. මේ නිසාම යමකු විසින් කරන මෙම පූජාවස්තු ගැරහීම හෝ හෙළා දැකීම ඔවුන්ගේ හදවත් පසාරු කරගෙන යාමක් බවට පත් වෙයි.
චිරාත් කාලයක් පැවත එන විශ්වාසයන් අර්ථවත් වුව ද නොවූව ද ඒවා ගැරහීම කිසිසේත්ම ශිෂ්ට සමාජයක් අනුමත නොකරයි. එසේ ගැරහීමෙන් ඒවා විශ්වාස කරන්නවුන්ගේ සිත් රිදවීමක් සිදුවන බැවිනි. අනෙක් අතට එබඳු දේ ජනතාව අතර ගැටුම් ඇතිවීමකට ද හේතුපාදක වියහැකිය.
ආගමික ඇදහිලි පුදපූජා හෝ සංස්කෘතික ලක්ෂණ අර්ථශූන්‍යයයි කෙනෙකුට පෙනීයන්නේ නම් ඒවාට අනුගත නොවී සිටීමට කෙනකුට ඇති අයිතියට බාධා කළ නොහැකිය. බලාත්කාරයෙන් ඒවා පිළිගැන්වීමකට හෝ ප්‍රතික්ෂෙප කරවීමකට ද කෙනෙකුට අයිතියක් නැත. එහෙත් ඒවා පුද්ගල හෝ සමාජ ප්‍රගතියට බාධක වන්නේ නම් ඒවායේ අහිතකර ලක්ෂණ පෙන්වා දෙමින් පුද්ගලයන් දැනුවත් කිරීමේ අයිතිය කවරෙකුට වුව ද තිබේ. බුදුන් වහන්සේ තම ධර්මය ව්‍යාප්ත කරවීමේදී ප්‍රයෝජණයට ගෙන ඇත්තේ මෙම අයිතියයි.
ආගමික සංස්කෘතීන්හි පිළිගැනෙන පූජාවස්තු හා ඒවාට කෙරෙන පුදපූජා සම්බන්ධයෙන් සිදු කෙරෙන ගැරහීම් හා අවලාද පිළිබඳ බුදුදහමේ ආකල්පය විමසා බැලීම මෙහිදී වැදගත් වෙයි. කිසිදු යහපත් දෙයක් හෝ ක්‍රියාවක් බුදුදහමේ අපවාදයට බඳුන් නොවේ. යහපත් යනුවෙන් බුදුදහමින් අර්ථවත් වන්නේ තමන් අනුන් යන දෙපිරිසේම යහපතට හේතුවන දේයි. යම් කිසි දෙයක් බුද්ධිමතුන්ගේ පැසසීමට (විඤ්ඤූ පසත්ථ) හේතු වේද ඒවා බුදුදහමින් ද පිළිගැනෙයි. යම්කිසි දෙයක් බුද්ධිමතුන් විසින් ගැරහීමට ලක් කෙරේ (විඤ්ඤූ ගරහිත) ද බුදුදහමද ඒවා ගැරහීම සාධාරණීකරණය කරයි. අනාචාරයෙහි යෙදෙන භික්ෂූන් ගැරහීම බුදුන් වහන්සේ විසින් ද සිදු කොට තිබේ. විගරහි බුද්ධො භගවා යනුවෙන් දැක්වී ඇත්තේ එබඳු අවස්ථාවන්හිදීය. එහෙත් මෙහිදී ගැරහීම යනුවෙන් අදහස් වන්නේ පුද්ගලයාට හෝ වස්තුවට අශිෂ්ට වචන භාවිතයෙන් බැණවැදීම නොවේ. අපහාස කොට ලජ්ජාවට පත් කරවීමයි.
පර්වත, වන ආරාම, වෘක්ෂ වැනි දේ පූජ්‍යස්ථාන වශයෙන් සළකා ඒවාගෙන් පිහිට පැතීම බුදුදහම අනුමත නොකරයි. ඒ සඳහා අර්ථවත් ක්‍රියාමාර්ග බුදුදහමින් යෝජනා කෙරෙයි. එහෙත් ඒවා අපහාසයට උපහාසයට බදුන් නොකරයි. විශාලාවෙහි වජ්ජි පාලකයන් තමන්ගේ පූජ්‍යස්ථානවලට ගරුබුහුමන් දැක්වීම වජ්ජි රාජ්‍යයේ අභිවෘද්ධියට හේතුවක් බව බුදුන් වහන්සේ විසින් පැවසී ඇති බව මහා පරිනිර්වාණ සූත්‍රයෙහි දැක්වෙයි. එබඳු ස්ථාන ජනතාව එකාබද්ධ කරවන මාධ්‍යයන් වශයෙන් පැවතීම බුදුන් වහන්සේගේ ප්‍රකාශයට හේතු වන්නට ඇත.
ආගමික සංස්කෘතියෙන් උරුමව පූජ්‍යත්වයෙන් සැළකෙන යම් යම් පුද්ගලයන්, ස්ථාන හෝ වස්තූන්ට පුදපූජා පැවැත්වීම කාලාන්තරයක් පැවතීම නිසාම එයම තමතමන්ගේ ආගම ධර්මය කොට සැළකීමට පොදුජනයා පෙළඹෙන බවක් දක්නට ලැබේ. එමගින් සිදුවන්නේ අදාළ ආගම ධර්මයේ හරයන් තමතමන්ගේ ජීවිත තුළින් ඈත් වී යාමයි. ජනතාවගේ භෞතික හා ආධ්‍යාත්ම්ක ප්‍රගතිය සාධාලිය හැකි ආගම ධර්මයක් උරුමව තිබියදී එය අමතක කරවාලමින් පුදපූජා ප්‍රමුඛත්වයට එන විට ආගම ධර්මයේ වටිනාකම තේරුම් ගත්තවුන් විසින් ජනතාවට සරු නිසරු කම් වටහාදීම ආගම ධර්මයට නිගා කිරීමක් නොවේ. බුදුන් වහන්සේ විසින් ම ඒ ආදර්ශය බෞද්ධ ජනතාවට ලබා දී තිබේ. තමන්ට කරන නියම පූජාව වන්නේ තමා දෙස බලා සිටීම නොව ධර්මය දෙස බලා ධර්මය දැකීමයයි බුදුන් වහන්සේ විසින් වරක් වක්කලි නමැති හිමි නමකට පවසා තිබේ.
ආගමානුබද්ධ පූජාවස්තු ගැරහීම පමණක් නොව ආගම ධර්මයන්ට මෙන් ම ආගමික ශාස්තෘවරුනට ගරහන අවස්ථාද දක්නට ලැබේ. මේ කිසිවකට ගැරහීම බුදුදහමින් අනුමත නොවෙයි. ගැරහීම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් බුදුදහමේ ආකල්පය පුද්ගලබද්ධ වන්නකි. භික්ෂුවක හෝ භික්ෂුණියක වීසින් බුදුන්, දහම් හා සඟුන් ගැරහීමට ලක් කිරීම දඬුවම් ලැබියහැකි වරදකි. නියම වියයුතු දඬුවම් විනයෙහි දැක්වී තිබේ.
භික්ෂුවක හෝ භික්ෂුණියකගෙන් හැර වෙනත් අයකුගෙන් සිදුවන එබඳු ගැරහීමකට දඬුවම් දීමක් පිළිබඳ සඳහනක් ධර්මයෙහි හෝ විනයෙහි දක්නට නැත. එහෙත් එබඳු අවස්ථාවක පිළිපැදියයුතු ආකාරය පිළිබඳව බුදුන් වහන්සේ විසින් භික්ෂූන්ට කළ අනුශාසනයක් බ්‍රහ්මජාල සූත්‍රයෙහි දැක්වෙයි. එහි මෙසේ පැවසෙයි: ”මහණෙනි, අනුන් මගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොවිය යුතුය. අමනාප නොවිය යුතුය. අසතුටු නොවිය යුතුය. ඒ නුගුණ කියන්නන් කෙරෙහි කිපීමෙන් හෝ නොසතුටු වීමෙන් තොපටම අන්තරාය වන්නේය.” බුදුදහම දක්වන මෙම සහනශීලී ගුණය කෙතරම් අගනේදැයි සෑම කෙනකුගේම අවධානයට යොමු විය යුත්තකි,
බුදුදහමට අදාළව බලන විට එතරම් අගයක් නැතත් ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතියෙහි බෙහෙවින්ම උච්චස්ථානයකට පත්ව ඇති දළදා වහන්සේට අපහාසයක් සිදුවන අයුරින් කෙරුණු ප්‍රකාශයක් පිළිබඳව මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. මෙය ගිහි පුද්ගලයකු විසින් කරනු ලැබූ ප්‍රකාශයකි. දළදා වහන්සේ සම්බන්ධයෙන්ම තවත් මීටත් වඩා දරුණු අපහාසයකැයි සිතිය හැකි ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරමීන් පවතී. පළමු ප්‍රකාශයෙන් දළදාව ලබ්බකැයි පැවසෙයි. දෙවැන්නෙන් දළදාව ඌරු දතකැයි පැවසෙයි. මෙම ප්‍රකාශය සිදු වන්නේ පළමුව බුදු කෙනෙකැයි හඟවා පසුව රහතෙකැයි පවසන පුද්ගලයකු වෙතිනි.
මෙම ප්‍රකාශ දෙකින්ම දළදා වහන්සේට අපහාස වේයයි පිළිගතහොත් පළමු අපහාසයට වඩා දෙවැන්න අතිශයින් ම දරුණුය. ලබ්බ පිළිකුල් දනවන්නක් නොවන අතර ඌරු දත පිළිකුල් බවත් රුදුරු බවත් හඟවයි. අනෙක් අතට පළමු අපහාසය ගිහියකුගෙන් වන අතර දෙවැන්න පැවිද්දකු බව පිළිගනු ලබන්නකුගෙනි. තම ශාස්තෘන් වහන්සේගේ දන්ත ධාතුවකැයි බෞද්ධයන් විසින් පිළිගන්නා දළදාවහන්සේ ඌරු දතකැයි පැවිද්දකු විසින් පැවසීම එම ශාස්තෘවරයාට කළ දරුණුම අපහාසය නොවන්නේද? එය ඌරු දතකැයි ඔප්පු කර දක්වන තුරු එය අපහාසයක් ම වන්නේය.
එහෙත් පුදුමයකට මෙන් පළමු අපහාසයට එල්ල වී ඇති බලවතුන්ගේ විරෝධය දෙවැන්න සඳහා දක්නට නොලැබේ. සීමීත අසන්නන් පිරිසක් අත පමණක් සැරිසැරුණු පළමු අපහාසාත්මක ප්‍රකාශය මුළුමහත් රටෙහි පමණක් නොව ජාත්‍යන්තරයෙහි ද ප්‍රචලිත වන අන්දමීන් රටේ පාලක පක්ෂයත් ඒ මානසිකත්වයෙහිම සිටිනා ඇතැම් විරුද්ධ පාක්ෂිකයිනුත් මැති සබය දෙදරවා විරෝධතා දැක්වූ බව දක්නට ලැබිණ. මැති සබයෙහි ඒ විරෝධය නැගුනේ එම පුද්ගලයාට පමණක් නොව ඔහු අයත්යැයි සැළකෙන දේශපාලන පක්ෂයකට ද එල්ල වන අයුරෙනි.
භික්ෂූන් අතර ඇතිවන ගැටළුවක් විසඳීම ප්‍රශ්නකාරී වූ විට ඒ පිළිබඳ විස්තරාත්මක විමසීමකට නොගොස් කැත කුණක් තණ කොළ අතුරා වසා දමන්නාක් මෙන් ගැටළුව සමථයකට පත් කිරීමක් භික්ෂු අධිකරණ සමථ අතරෙහි දැක්වෙයි. එය හැඳින්වෙන්නේ (තිණවත්ථාරක) නමීනි. දළදා වහන්සේට සිදුවූ අපහාසයද නිහඬව විසඳා ගතයුතුව තිබූවකි. එහෙත් මැතිසබය ඒ අපහාසය පිළිබඳව ලෝකයම දැනුවත් කොට තිබේ. දළදා වහන්සේට අපහාසයක් සිදු කොට ඇතැයි ලෝකයට හඬගා කීමෙන් සිදුවන්නේ දළදා වහන්සේගේ ශ්‍රී නාමයට කැළලකි.
අධිකරණ ඇමතිවරයාට අනුව පළමු අපහාසය ආගමික සංහිඳියාව බිඳී ගොස් දරුණු ජනතා ගැටුමකට මග පෑදෙයි. එහෙත් මැතිසබය තුළ නැගුනු විරෝධය දෙස මැදහත් සිතින් බලා සිටින්නකුට ඇති වන හැඟීම වන්නේ එම අපහාසය කළ පුද්ගලයා හා ඔහු සම්බන්ධ කොට සැළකෙන දේශපාලන පක්ෂය කෙරෙහි ජනතා අප්‍රසාදයක් ඇති කරවීමට එම විරෝධයම හේතුකාරක විය හැකි බවයි. ආගමික සංහිඳියාව යනු විවිධ ආගමිකයන් අතර පවතින අන්නොන්‍ය අවබෝධය සහ සමගියයි. මෙම අපහාසය ආගම් අතර ගැටුමක් ඇතිවීමට හේතුවක් නොවේ.
බෞද්ධයන්ගේ පුදපූජාවන්ට බඳුන් වන දළදා වහන්සේට කෙරෙන අපහාසයක් බුදුදහම විනාශ කිරීම අරමුණු කර ගත්තෙකැයි අර්ථකථනය කිරීමට මැති සබයේ ඇතැම් කථීකයන් දැරූ උත්සාහයක් ද දක්නට ලැබිණ. බුදුදහම කුමක්ද ඒ වටා ආරෝපනය කරගෙන ඇති පුදපූජා හා බැඳුනු ස්ථාන හා වස්තු කවරේදැයි වෙන් කොට හැඳින ගැනීමේ හැකියාව ඔවුන් සතුව නැති බව හෙළි වීමක් පමණි. එයින් සිදු වූයේ. නිසරු දෙයෙහි සරු බව දැක්මත් (අසාරෙ සාරමතිනො) සරුදෙයෙහි නිසරු බව දැක්මත් (සාරෙචාසාර දස්සිනො) බොහෝ දෙනාගේ ස්වභාවය වී තිබේ.
එකම වස්තුවක් අරභයා ඇති වූ අපහාස දෙකකින් දරුණුම අපහාසය ඵිළිබඳව නිහඬ පිළිවෙතකුත් අනෙක් අපහාසය පිළබඳව දැඩි පිළිවෙතකුත් අනුගමනය කිරීමට පාලක පක්ෂය පෙළඹී ඇත්තේ කුමක් නිසාද? එමගින් පැහැදිළි වන්නේ එහි සැඟවුණු රහසක් ඇත් බවකි. පක්ෂපාතී වීම බුදුදහමීන් හෙළා දකින දුර්ගුණයකි. අපක්ෂපාතීව තීන්දු ගැනීම ධර්මයට අනුගත වීමක් ලෙස බුදුදහමින් දැක්වෙයි. බුදුදහම ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දී ඇති රජයක ලිච්ඡවි පාලනය අගයන ජනාධිපතිවරයකු යටතේ වෙසෙන ජනතාවක් රජයෙන් බලාපොරොත්තු වන්නේ සැමට සමව සිදුවන ක්‍රියාකාරිත්වයකි.
leelagemalli / January 8, 2023
හිතවත් මහාචාර්ය Abayawansa,
අද ශ්‍රී ලංකාවේ ඔවුන් තමන්ගේ වෛරය සහ ප්‍රකෝප කිරීම් සඳහා යූ ටියුබ් විකාශන අපයෝජනය කර ඇත. ඒ අතර එය ඔවුන්ගේ ආදායම් සඳහා මූලික මාර්ගය බවට පත් වී ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මන්තර ගුරුකම්, මන්තර ගුරුකම් සහ අනෙකුත් සියලුම අවතාර කථා, ඔවුන් හරි යැයි සිතන ඕනෑම අවස්ථාවක ප්‍රවර්ධනය කරති. එම නාලිකා හසුරුවන බොහෝ දෙනා දැනුමක් නැත. කෙසේ වෙතත්, රජය පෙරළීමට සහ ඔවුන් කැමති මිනිසුන් නැවත ගෙන ඒමට සහ වාසි ලබා ගැනීමට කටයුතු කළ කිසිවෙකුට SA අලුත් දෙයක් නොවේ. 2019 නොවැ ගෝඨාභයට වැඩ කරපු එක එකා.පිස්සු හාමුදුරුවෝ එක්ක එකතුවෙලා සුළු ජාතීන්ට විරුද්ධව වැඩ කරලා.
කෙසේ වෙතත්, මෑත කාලයේ සිට, ඔහු රාජපක්ෂට එරෙහිව නැගී සිටීම සහ ඔවුන්ගේ මිථ්‍යාවන්ට එරෙහි වීම සම්බන්ධයෙන් හොඳ කාර්යයක් කළේය.
මගේ පෞද්ගලික අදහස සේපාල් නිදහස් කළ යුතු බවයි. ඔහු ඇතුළු බොහෝ දෙනෙකුට ප්‍රමාණවත් ලෙස අවවාද කළ යුතුය. ඔහු පසුගිය වසර 3 තුළ මේ ජාතියට නරකට වඩා බොහෝ සෙයින් ජාතියට කර ඇත.
RAJAAKSHE මහා අපරාධ වලට ශ්‍රී ලංකාවේ අධිකරණය මෙල්ල කළ හැකි නම්, සේපාල් හෝ ඒ හා සමාන මාධ්‍යවේදීන් සිරගත නොකරන්නේ මන්ද?
ඔවුන් වෙනුවෙන් මාලිගාවක් තැනීම සඳහා එම රාජ්‍ය දේපළ බැසිල් රාජපක්ෂ සතු බව අප කවුරුත් දන්නා කරුණකි. කෙසේ වෙතත්, ශ්‍රීලංකන් උසාවිය හිතාමතාම ඔහුගේ පැත්ත ගෙන ම්ලේච්ඡ දේපල නඩුවෙන් ඔහුව නිදහස් කළේය. මේ ම්ලේච්ඡ ක්‍රියාව මහජන මතය බවට පත් කරන අවස්ථාවේ මේ මහනාහිමිවරු සිටියේ කොහේද?
/
leelagemalli / January 8, 2023
හිතවත් සයිමන්,
.
මමත් එයාගේ වීඩියෝ බලනවා, නිතර නොව එහාට මෙහාට,.. නමුත් සමහර ඒවා අහලා, සමහර තොරතුරු. සමන්ත බද්දට “යුරිය සමන්ත” කියලා හංවඩු ගැහුනා….. දැන් සමන්ත බද්දට “ඩීඑන්ඒ” පරීක්ෂණයකට ගොස් අවජාතක දරුවකුට තම පීතෘත්වය ඔප්පු කිරීමට බලකෙරේ.. නමුත් මේ ගැන උසාවිය නිහඬයි. .
:
සේපාල් ගැන ඔහුගේ උපකල්පනය “සියල්ල දත් ස්වභාවය” දන්නා බව ඔබ හොඳින් දනී. …. ඔහු විටෙක “අපි කිව්වා” එකතු කළා…. මම මගෙන්ම ඇහුවා … කවුද මේ “අපි” කියලා. ? “අපි” ඔහු සහ ඔහුගේ කැමරා ශිල්පියා විය යුතු බව මගේ මිතුරන් මට පැවසුවා.
–
බොහෝ උපුටා දක්වන ලද පාරිභාෂිතයන් සහ “කහ සුරතල්”, yuriya samantha or the lke වැනි වෙනත් යෙදුම් සේපාල් අමරසිංහට ස්තුතිවන්ත විය.
:
ඒත් එක්කම අපේ අපායේ තුච්චම ජනාධිපති “ගෝඨාභය” පිලිගෙන බලයට ගේන්න ඔහුත් අර SUDA CREATION කාරයාත් ලොකු දායකත්වයක් දුන්නා.
–
මෙම සත්‍යයන් සමඟ; මට ඇත්තටම සේපාල්ව හිරේ දාන්න ඕන නෑ මොකද අද හිරේ නැති මහා අපරාධකාරයෝ ඕන තරම් ඉන්නවා: මම; සේපාල් සිරගත කරන්නේ නම්; රාජාක්ෂස පවුලේ එකම කෙනෙක් හිරෙන් නිදහස් නොවිය යුතුයි. ඔබ විශ්වාස කරන්නේ නම් ඔබට දිව්‍ය බලයෙන් ආශීර්වාද ලැබේවා
/
leelagemalli / January 8, 2023
“Do not believe in anything simply because you have heard it. Do not believe in anything simply because it is spoken and rumored by many. Do not believe in anything simply because it is found written in your religious books. Do not believe in anything merely on the authority of your teachers and elders. Do not believe in traditions because they have been handed down for many generations. But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.”
― Buddha Siddhartha Guatama Shakyamuni
/
leelagemalli / January 9, 2023
Dear Prof. Abayawansa,
.
මේ රටේ සැබෑ වෙනසක් ඇති කළ හැක්කේ “මහනායකවරුන්ගේ” ඉල්ලීමකට පමණක් බව සේපාල්ගේ අත්අඩංගුවට ගැනීමත් සමඟම පැහැදිලි විය. “සංඝයා” ට දී ඇති තැන පෙනෙනවාට වඩා බොහෝ ඉහළ ය. ඔවුන්ගේ හඬ නායකත්වයට ඇහෙනවා. නැත්නම් කාටවත් ඇහුම්කන් නොදුන් ගෝඨාද ?
.
අද අන් සියල්ලටම වඩා එය සැබෑ වෙනසක්. සත්‍යයේ ඇස් ඇරියත් මේ රටේ කිසිම දෙයක් වෙනස් කරන්න බැහැ කියලා මම හිතුවා.
.
රසායනික පොහොර අපනයනය තහනම් කිරීමට Dr පද්දෙනිය හෝ වෙනත් අය අවිවාදයෙන් එකඟ වෙද්දී කිසිම පුරවැසියෙක් එවැනි ඉල්ලීම් නොකළේ ඇයි? ඒ දැඩි අවභාවිත තහනම නිසා අනුන්ට වඩා දුප්පතුන්ගේ ජීවන අරගලය ඇති වූ බව අපි දනිමු. ළමා මන්දපෝෂණය රටේ ග්‍රාමීය ප්‍රදේශවල ශීඝ්‍රයෙන් වාර්තා වේ. වෛද්‍ය පද්දෙනිය හෝ වැන්නවුන් අද එම මාධ්‍ය වංචාකරුවන් විසින්ම අවධානයෙන් බැහැර කර ඇත.
–
මේ සියල්ලටම වඩා අද සිවුර අස්සේ සඟවාගෙන සංඝ ජීවිතය අවභාවිත කරන ව්‍යාජ භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. They practise anything and everything with the name of the power given to them as being monks.
.
සුළුතර මුස්ලිම් කොවිඩ් මිනී වලවල් වලට එරෙහිව ගෝඨාගේ මිනිසුන්, උගත් නූගත් මිනිසුන් සහ ගැහැනුන් දැඩි විරෝධතා වලින් නැගී සිටින විට මේ බලගතු අධිපතීන් හාමුදුරුවරු සැඟවී සිටියේ කොහේද? පහුගිය මාස වල ගෝඨාගේ ගෑනු පිරිමි මේ ජාතියට කරන විනාසය ගණන් ඔබ්බට ගියත් ජාතිය රකින්න පුළුවන් උදවිය තමන්ගේ කම්මැලිකමටයි දැනුම මදිකමටයි නිහඩව හිටියා. ඒක සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන් දකිනවා මම කියන්නම්.
ඔවුන්ට ලැබිය යුතු පීඩිත අයිතීන් ලබා දීමෙන් වළක්වා ගත හැකිව තිබූ ඔවුන්ගේ නිහඬතාවයෙන් කෙතරම් හානියක් සිදු වීද?
/
Sinhala_Man / January 9, 2023
Please see Sepal Amarasinghe in action!
.
https://www.youtube.com/watch?v=b-9HSfsjWEU
.
Read my comments there.
.
Panini Edirisinhe of Bandarawela (NIC 48 3111 444V)
/