29 April, 2024

Blog

‘අධිකරණයේ ඉදිරියේ ඇති කාරනා ගැන අදහස් දැක්වීමට ඔබේ තනතුර පාවිච්චි නොකරන්න’ – ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නීතිඥයෝ 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැර වෙනත් කිසිදු පාර්ශවයක නියෝග හෝ උපදෙස් රජය නොසලකන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 අගෝස්තු 04 සිකුරාදා පොල් වගාකරුවන්ගේ වාර්ෂික සමුළුවේදී ප්‍රකාශ කළේය. දේශපාලන න්‍යාය පත්‍ර සඳහා තහනම් නියෝග ලබා ගැනීමට අධිකරණය යොදා ගැනීමේ උත්සාහයක් පවතින බවටද අදහස් පළ විය. මිලියන සංඛ්‍යාත ජනතාවගේ විශ්‍රාම ප්‍රතිලාභවලට අහිතකර ලෙස බලපාන්නේය යන පදනම මත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අභියෝගයට ලක් කරමින් පුරවැසියන් කීප දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති අයදුම්පත් කිහිපයක් පිළිබඳව ජනාධිපතිවරයා මෙම අදහස් පළ කල බව පැහැදිලිය. ‘විදේශ රටවල් අප සමඟ ගණුදෙණු කිරීමට ඇති නැඹුරුව අඩු විය හැකි බැවින්, මෙම වැඩපිළිවෙළ නතර කිරීම අහිතකර ප්‍රතිඵල ඇති කළ හැකිබවට ජනාධිපතිවරයා කල විග්‍රහය රටේ උත්තරීතර අධිකරණයේ විනිසුරුවරුන් බිය ගැන්වීමේ අරමුණින් සිදු කරන ලද බලය  බරපතළ ලෙස අවභාවිතා කිරීමකි.

ජනාධිපති ධූරයට ද බලය ලබා දෙන ජනතා පරමාධිපත්‍යය පාර්ලිමේන්තුව, අධිකරණය සහ විධායකය මගින් ප්‍රකාශ කරනු ලැබේ. විධායක ජනාධිපති ක‍්‍රමය තුලින් සැලකිය යුතු බලයක් ඇති ආණ්ඩුවේ එක් හස්තයක්, විධායක හෝ පරිපාලන ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඕනෑම පැමිණිල්ලක් සමාලෝචනය කිරීමට අධිකරණයට ඇති බලය ප‍්‍රතික්ෂේප කරන බවට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කිරීම බලය අයුතු ලෙස භාවිතා කිරීමකි. අධිකරණයක් විසින් සමාලෝචනය කෙරෙමින් පවතින ක්‍රියාවලියක් නැවැත්වීමට අධිකරණ නියෝගවලඍණාත්මක ප්‍රතිවිපාකගැන ජනාධිපතිවරයා අදහස් දැක්වීම විනිශ්චයට ලක්වී ඇති කාරණයක් පිලිබඳ මත ප්‍රකාශ නොකිරීමේ රීතියද කඩ කිරීමකි.

අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ජනාධිපතිවරයා සිය ඉහළ නිලය භාවිතා කිරීමෙන් වැළකිය යුතු බවප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නීතීඥයෝදැඩිව ප්‍රකාශ කරති. යුක්තිය පසිඳලීමට සහ තම පැමිණිලි අධිකරණයට ඉදිරිපත් කිරීමට පුරවැසියන්ගේ අයිතිවාසිකම් ව්‍යවස්ථානුකූලව සහතික කර ඇත. එයට කරන මැදිහත්වීමක් අධිකරණයේ ස්වාධීනත්වයට පහරදීමක් වන අතර සමස්තයක් ලෙස අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසයද දුර්වල කරයි. එවැනි අත්තනෝමතික හැසිරීම් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කරයි.

ලාල් විජේනායක

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න 

කේ. එස්. රත්නවේල්

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නීතීඥයෝකැඳවුම් කරුවන් 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.