
ආචාර්ය ලයනල් බෝපගේ
මෙම ලිපිය කොටස් තුනකින් සමන්විත වේ. පළමු කොටස ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේගයේ (NPP) මැතිවරණ වරම, මැතිවරණ පොරොන්දු නොතකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපත්ති නොකඩවා කර ගෙන යෑමේ පරස්පරය, පළමු වසරේ ජයග්‍රහණ සහ අභියෝග, සහ දූෂණ විරෝධී උත්සාහයන්ගේ සංකේතාත්මක හා හරයාත්මක ස්වභාවය කෙරෙහි අවධානය යොමු කරයි. දෙවෙනි කොටස අඛණ්ඩ දරිද්‍රතාවය, දිත්වා සුළි කුණාටුවේ බලපෑම, දේශපාලන බිඳ වැටීම (entropy) පිළිබඳ සංකල්පය, සංක්‍රාන්ති යුක්තියේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව අතර පරතරය සහ බාහිර ආර්ථික පීඩන ඇතුළු ආර්ථික යථාර්ථයන් පරීක්ෂා කර බලනවා ඇත. තුන්වැනි කොටස සහභාගීත්ව පාලනය, නිලධරය තුළ කටයුතු කිරීමේ අවශ්‍යතාවය, දැවී යාම ඇතුළු නායකත්ව අභියෝග සහ තිරසාර පරිණාමනය සඳහා පවතින ඉදිරි මාවත ගවේෂණය කරනු ඇත.
2024 NPP මැතිවරණ ජයග්‍රහණය ආණ්ඩු වෙනසකට වඩා වැඩි යමක් නියෝජනය කලේය. පාර්ලිමේන්තු ආසන 225 න් 159 ක් ලබා ගෙන, NPP ය පෙර නොවූ විරූ මහජන කලකිරීමේ රැල්ලක් සමඟ බලයට පත් විය. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම බලයට පැමිණියේ අනුග්‍රාහක දේශපාලනය අහෝසි කිරීම, අධික පාර්ලිමේන්තු වරප්‍රසාද ඉවත් කිරීම, දූෂණයට එරෙහිව සටන් කිරීම සහ 2022 ආර්ථික බිඳවැටීමෙන් තවමත් පීඩා විඳින පුරවැසියන්ට සහන සැලසීම යන අභීත ප්‍රතිඥාවන් සමඟිනි. ඡන්දදායකයින්ගේ පණිවිඩය සරල ය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති අතර, ක්‍රමයෙන් කරන ප්‍රතිසංස්කරණ තවදුරටත් ප්‍රමාණවත් නොවනු ඇත. රට ඉල්ලා සිටියේ මූලික ක්‍රම වෙනසකි.
මෙම මැතිවරණ වරම ලැබුණේ වසර ගණනාවක් තිස්සේ ගොඩ ගැසී තිබූ දුක්ගැනවිලි වලින් මතු වී ආ සමාජ–ප්රජාතන්ත්රවාදී න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීම සඳහා ය. දේශපාලන ප්‍රභූ පැලැන්තීන් ප්‍රතිවිපාකවලින් ආරක්ෂාව සිටිනු පෙනුණු අතර පුරවැසියෝ තම ආර්ථිකය බිඳ වැටෙන ආකාරය, ඉතිරි කිරීම් වාෂ්ප වී යන ආකාරය සහ ජීවන තත්ත්වය පහත වැටෙන ආකාරය බලා සිටියහ. NPP පොරොන්දුව වූයේ පවතින ක්‍රම පද්ධති වඩා හොඳින් කළමනාකරණය කිරීම පමණක් නොව, ශ්‍රී ලංකාවේ බලය ක්‍රියාත්මක වන ආකාරය සම්පූර්ණයෙන් නැවත සකස් කිරීමකි. නව ආණ්ඩුව මුහුණ දුන් ප්‍රශ්නය වූයේ ආර්ථික යථාර්ථයේ සහ ජාත්‍යන්තර බැඳීම්වල සීමාවන් තුළ එවැනි පරිණාමනයක් සාක්ෂාත් කර ගත හැකිද යන්නයි.
IMF ද්වෛධය
බලයට පත් වීමෙන් පසු ඉක්මණින් ගැහැටකාරී පරස්පරයක් මතු විය. NPP පරිපාලනය, IMF ගිවිසුම පිළිබඳව කරන ලද දැඩි ප්‍රචාරක විවේචන තිබිය දී, අසමත් ප්‍රතිපත්තිවලින් සපුරා ඉවත් වීමේ පොරොන්දු තිබිය දී තමන් හෙළා දුටු පෙර පැවති ආණ්ඩුව ගත් හා ඒ හා සමාන වැනි මහා පරිමාණ ආර්ථික පියවර ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේය. ඩොලර් බිලියන තුනේ IMF ඇප දීම බාධාවකින් තොරව නොකඩවා කෙරුණේය. ආදායම පදනම් කර ගත් මූල්‍ය ඒකාබද්ධ කිරීම සැලසුම් කළ අන්දමට ඉදිරියට ගියේය. පුරවැසියන්ට විදුලිය සහ ඉන්ධන සඳහා වෙළඳ පල මිල ගණන් ගෙවීමට අවශ්‍ය කරන පිරිවැය–පිළිබිඹු කරන උපයෝගීතා මිල කරණය එලෙසින් ම පැවතුණි.
කෙසේ වෙතත්, හැකි හැම තැනකම මෙම කටුක යථාර්ථයන් සැහැල්ලු කිරීමට ආණ්ඩුව උත්සාහ කළේය. දැඩි මූල්‍ය සීමාවන් තුළ කටයුතු කරමින්, ඔවුහු අවදානමට ලක් විය හැකි ජන කොටස් ආර්ථික කම්පනවලින් ආවරණය කිරීම සඳහා සහනාධාර ලබා දුන්හ. තරඟකාරී භූ දේශපාලනික අපේක්ෂාවන් සහිතව ණය සහ ආයෝජන ලබා දුන් කලාපීය දැවැන්තයන් දෙදෙනෙකු වන ඉන්දියාව සහ චීනය අතර ඔවුහු ප්‍රවේසමෙන් ගමන් කළහ. මෙම සියුම් රාජ්‍ය තාන්ත්‍රික නර්තනයට ජාතික ස්වෛරීභාවය රැක ගනිමින් ණය හිමියන් දෙදෙනාව ම සතුටු කිරීම අවශ්‍ය විය. එහෙත්, ආවේණික සීමාවන් තුළ ක්‍රියාත්මක වන විට වෙනසක් කෙතරම් අර්ථවත් විය හැකිද යන්න පිළිබඳ ප්‍රශ්න පැන නංවමින්, මූලික ආර්ථික රාමුව නොවෙනස්ව පැවතිනි.
මෙම අඛණ්ඩතාව NPP ය මුහුණ දෙන පුළුල් අභියෝගයක් පිළිබිඹු කරයි. ඔවුහු බලය දිනා ගත්තේ ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම නව මාවතක් හැඩ ගන්වන්නට අතීතයෙන් තීරණාත්මක ලෙස බිඳී යාමට පොරොන්දු වෙමිනි. ඒ වෙනුවට, ඔවුහු පෙර පැවති ආණ්ඩු විසින් අත්සන් කරන ලද ජාත්‍යන්තර බැඳීම්වලින් කොටු වී සිටියහ. ඒ බැඳීම් කිසිසේත්ම ප්‍රතික්ෂේප කළ නොහැකි දැඩි මූල්‍ය යථාර්ථයන් විය. ඒවා ණය අර්බුදය, ස්වාභාවික විපත් සහ ගෝලීය ආර්ථික බාධාවන්ට මුහුණ දෙන කුඩා දූපත් ආර්ථිකයකට ලබා ගත හැකි උපාමාරු අවකාශය දැඩි ලෙස සීමා කලේය.
ජයග්‍රහණ සහ නොනිමි අභියෝග
Verité Research හි ප්‍රතිපත්ති ප්‍රකාශන ලුහු බඳින අනුර මීටරයට අනුව, 2026 ජනවාරි වන විට NPP ආණ්ඩුව, විශේෂයෙන් මූල්‍ය විනය සහ දූෂණ විරෝධී ක්ෂේත්‍රය තුළ දෙන ලද එහි මූලික මැතිවරණ පොරොන්දුවලින් සැලකිය යුතු කොටසක් ඉටු කර ඇත. 2025 නොවැම්බර් වන විට, ආණ්ඩුව ප්‍රධාන පොරොන්දු 30 න් 10 ක් ඉටු කර තිබුණි. ඒ ජයග්‍රහණ සැලකිය යුතු ඒවා වේ. 2007 න් පසු ඉහළම රාජ්‍ය ආදායම අත් කර ගත් ආණ්ඩුව, 1977න් පසු අඩුම අයවැය හිඟය වාර්තා කළේය. එය ශ්‍රී ලංකාවේ මුල්ම ප්‍රාථමික ගිණුම් අතිරික්තය ද අත් කර ගත්තේය. හිටපු ජනාධිපතිවරුන්ට නිවාස, දීමනා සහ නිල කාර්ය මණ්ඩල ඇතුළු රාජ්‍ය අනුග්‍රහය ලත් ප්‍රතිලාභ අහිමි කිරීමට පාර්ලිමේන්තුව ඡන්දය දුන්නේය. මන්ත්‍රීවරු සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර ද අහෝසි කරන ලදී.
අල්ලස් කොමිසම ප්‍රතිව්‍යුහගත කරන ලදි. ඉහළ පෙළේ දූෂණ නඩු විභාග කිරීමට නීතිපති කාර්යාලයට බලය ලැබුනේය. එහෙත්, ප්‍රතිඵල තවමත් දැක ගත නොහැකිය. අස්වැසුම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාසික ගෙවීම් රුපියල් 7,500 සිට 10,000 දක්වා වැඩි කරන ලදි. ආබාධිත පුද්ගලයින් සහ නිධන්ගත වකුගඩු රෝගීන් සඳහා ඒ හා සමාන වැඩි කිරීම් සිදු කර තිබේ. මලයියහ කම්කරුවන් සඳහා යෝජිත අවම දෛනික වැටුප වැඩි කිරීම මෙම මාසයේ සිට ආරම්භ වීමට නියමිත ය. ඒ සඳහා දිනකට රුපියල් 200 ක අමතර ආණ්ඩුවේ දිරි දීමනාවක් ද ඇතුළත් වේ.
කෙසේ වෙතත්, සැලකිය යුතු අභියෝග ජය ගත යුතුව ඇත. ජාතික ජන බලවේගයේ ක්‍රම පද්ධති වෙනස් කිරීමේ න්‍යාය පත්‍රයේ කේන්ද්‍රීය තේමාවක් වන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම තවමත් සාක්ෂාත් කර ගත යුතුව ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නව ත්‍රස්ත විරෝධී නීතියක් වන රාජ්‍යය ත්‍රස්තවාදයෙන් වැළැක්වීමේ පනත (PSTA) මගින් ප්‍රතිස්ථාපනය කිරීමට ආණ්ඩුව යෝජනා කර ඇත. කෙසේ වෙතත්, යෝජිත කෙටුම්පත, මර්දනකාරී බලතල රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචනවලට මුහුණ දෙයි.
ඇතැම් අන්තර්ගත පිළිබඳව ඇති වූ ප්‍රතික්‍රියා සහ ප්‍රමාණවත් උපදේශන නොමැති වීම හේතුවෙන් 6 වන ශ්‍රේණිය සඳහා ජාතික විෂය මාලාවට කරන්නට තිබූ සැලකිය යුතු ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් තබන ලදී. තවමත්, මහ බැංකු බැඳුම් කර වංචාව වැනි ඉහළ පෙළේ නඩු පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් ගෙන ඇති නිශ්චිත ක්‍රියාමාර්ග ඉතා අල්පය. අධිකරණ හා ස්වදේශ කටයුතු අතින් මුල් අවධියේ දී ඉහළම මට්ටම්වල සිදු කරන ලද ඇතැම් සම්මුති පිළිබඳව චෝදනා එල්ල වේ. ජාතික සංචිතවලින් සැලකිය යුතු සහන වියදම් යොදවා ගැනීම අවශ්‍ය කළ දිත්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැගීම කෙරෙහි ආණ්ඩුව සැලකිය යුතු අවධානයක් යොමු කරන බව පෙනේ.
දූෂණ විරෝධී ව්‍යාපාරය: සංකේත වාදය සහ භාවාර්ථය
ස්වාධීන විශ්ලේෂකයෝ, මැතිවරණ පොරොන්දු සහ 2025 පුරා සැබෑ ක්‍රියාකාරිත්වය අතර පුළුල් වන පරතරයක් ලේඛනගත කිරීමට පටන් ගත්හ. දූෂණ විරෝධී මෙහෙයුම සිත් ඇද ගන්නා සිරස්තල උත්පාදනය කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු ප්‍රබලයන් ගණනාවක් අත්අඩංගුවට ගැනීම හඟවා ලූයේ, නව ආණ්ඩුව වගවීම ගැන බැරෑරුම් ලෙස කටයුතු කරන බවයි. අවසානයේ, ජාතික සම්පත් කොල්ල කා තිබුණු අයට ප්‍රතිවිපාක විඳින්නට සිදු වන බවක් පෙනුණේය.
එහෙත් මෙම ඉහළ පෙළේ අත්අඩංගුවට ගැනීම් බොහෝ දුරට නාට්‍යමය, සංකේතාත්මක ජයග්‍රහණ බවට විචාරකයෝ තර්ක කළහ. ඒවා අවධානය දිනූ නමුත් දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා පාලනයට යටින් පැවති සංකීර්ණ අනුග්‍රාහක ජාල බිඳ දැමීමට අසමත් විය. සැබෑ පරීක්ෂාව වූයේ ප්‍රමුඛ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නොව ක්‍රම පද්ධතිය ම වෙනස් කරනු ලැබේවිද යන්නයි. සාක්ෂිවලින් පෙනී යන්නේ එය එසේ නොවන බවයි. තවද, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය වැනි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය කිරීමට ලක් කරන බවට කලින් පොරොන්දු වුවද, ඒ ආයතන පෙර පරිද්දෙන් දිගටම ක්‍රියාත්මක වේ.
ඊටත් වඩා සිත කලඹන කාරණය වන්නේ, කළු සල්ලි සහ මුදල් විශුද්ධිකරණ මෙහෙයුම්වල නියැලී සිටි බවට චෝදනා එල්ල වූ ඇතැම් පුද්ගලයින්, පවසන අන්දමට, වගවීම කට ලක් කර නොමැති බවත්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් විමර්ශනය කර නොමැති බවත් ය. මෙම පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීමෙන් වළක්වා ලන ඉහළම මට්ටම්වල සිටින සැක සහිත බලපෑම් කරන පුද්ගලයන් පිළිබඳ කටකතා පැතිර යයි. මෙම රටාව, ක්‍රම පද්ධතික වෙනසක් සඳහා ආණ්ඩුව කොපමණ කැප වී ඇත් දැයි යන්නට එදිරිව, මුල් හේතු ආමන්ත්‍රණය නොකොට, වගවීම සඳහා පවතින මහජන ඉල්ලීම සපුරා ලන කාර්ය සාධන කටයුතුවල නිරත වීමට ආණ්ඩුවේ ඇති කැමැත්ත පිළිබඳ මූලික ප්‍රශ්න මතු කරයි.
රාජ්‍ය ව්‍යවසාය අර්බුදය
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය රටේ ආර්ථික අර්බුදයට බරපතළ ලෙස දායක වේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකා දුම්රිය වැනි ප්‍රමුඛ මෙහෙයුම් ද ඇතුලත් ව ආණ්ඩුව පවත්වා ගෙන යන ආයතන රාශියක් දැවැන්ත පාඩු, නිධන්ගත අවකළමනාකරණය සහ නිර්දය දේශපාලන මැදහත් වීම් හා සමාන වචන බවට පත්ව ඇත. හීන වන ප්‍රතිලාභ ලබා දෙමින්, සමස්ත ආර්ථිකය ම අඩපණ කරන මූල්‍ය කළු කුහරයක් බිහි කරන ඒ ව්‍යවසායයන් මහජන අරමුදල් විශාල ප්‍රමාණයක් පරිභෝජනය කරයි. විමර්ශන මණ්ඩල පත් කර, වාර්තා නිකුත් කරන ලද නමුත්, බදු ගෙවන්නන්ගේ මුදල් නාස්තිය දෙගුණ කරමින්, ඒ වාර්තා කඩිනමින් ම බැහැර කරන ලදි.
ගැටලුව හුදු අකාර්යක්ෂමතාවට වඩා ගැඹුරු ය. ඉහළ තනතුරු දරන ඇතැම් සේවකයින් ආයතනික වියදමින් රහසිගත ලාභ ලබා ගැනීම සඳහා තම තනතුරු යොදා ගන්නා බව කියනු ලැබේ. එහෙත්, අනතුරු ඇඟවීමේ සංඥා පුරෝකථනය කළ හැකි බොහොමයක් රටාවන් අනුගමනය කළ යුතු අතර එවැනි සංඥා සොයා ගත හැකිය; ඒවා සොයා ගත යුතුය. උදාහරණයක් ලෙස, පාඩු ලබන ආයතනවල පුද්ගලයින් හදිසියේ ම ඔවුන්ගේ නිල වේතනවලට නොගැළපෙන අන්දමේ ජීවන රටා වැඩිදියුණු වීම් පෙන්නුම් කිරීම; නිශ්චිත කාර්යයන් හෝ සේවාදායකයින් සම්බන්ධයෙන් සන්තක කර ගන්නා ආකාරයේ හැසිරීම් ප්‍රදර්ශනය කිරීම; එදිනෙදා කරන කටයුතු සම්බන්ධයෙන් අසාමාන්‍ය ලෙස රහසිගත වීම හෝ ආරක්ෂාකාරී වීම; පුද්ගලික ව්‍යාපාරවල ට මුක්කු ගසන්නට ආයතනික සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම දැක්විය හැකිය. වෙළඳපළේ පවතින තත්ත්වයන්ට අනුරූපී නොවන පැහැදිලි කළ නොහැකි අන්දමේ ලාභ පහත වැටීම් මූල්‍යමය අවදානම් පෙන්වා දෙනු ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සමස්ත ගුවන් යානා බළඇණිය යලි සකස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ පැවැත්වීමට නිර්දේශ කළ වැලිඅමුණ වාර්තාව කැපී පෙනෙන නිදසුනකි. එය නිගමනය කර තිබුනේ, ආයතනයේ කළමනාකරණ සංස්කෘතිය සහ එහි ව්‍යාපාර මෙහෙයුම් වෙත කරන බාහිර මැදිහත් වීම් ඊට දායක වන ප්‍රධාන සාධක බව යි. එකල සිටි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා වාර්තාවේ සඳහන් මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් නෛතික (forensic) විගණනයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය. එහෙත්, පෙනෙන අන්දමට, අමාත්‍යවරයා “අධික පිරිවැය” හේතුවෙන් එම තීරණය අත්හැර දැමුවේය. කෙසේ වෙතත්, වාර්තාවේ ඉස්මතු කර ඇති අභ්‍යන්තර හා විනය ගැටළු විසඳීමට හැකි සෑම පියවරක් ම ගෙන ඇති බව ගුවන් සමාගම ප්‍රකාශ කර සිටියේය.
ඒ සමානවම, ජාතික විගණන කාර්යාලය (NAO) ශ්‍රී ලංකා දුම්රිය සේවය තුළ ක්‍රම පද්ධතික අවකළමනාකරණය සහ දූෂණය හඳුනා ගත්තේය. නිධන්ගත අවිශ්වාසනීයත්වයට සහ දුර්වල පහසුකම් වලට මං පාදමින් මගීහු නොකඩවා සිදු වන දුම්රිය ප්‍රමාදයන් අත් වින්දෝය. අඛණ්ඩ ආයෝජන තිබියදීත්, මෙහෙයුම් අකාර්යක්ෂමතා බහුලව පැවතුණි. විගණනයකින් හෙළි වූයේ තත්ත්වය තවත් උග්‍ර අතට පත් කරවන අසාර්ථක ප්‍රසම්පාදන පිළිවෙත් සහ නිලධාරීන් අතර දඬුවම් නොලැබීමේ සංස්කෘතියකි. අතීත අසාර්ථකත්වයන් ඉස්මතු කරන්නේ ආයතනය තුළ පවතින නොසැලකිලිමත් කම සහ අවකළමනාකරණය පිළිබඳ අප්‍රසන්න උරුමයකි. 2024 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අවසාන විගණන වාර්තාව ද එතරම් සතුටුදායක ප්‍රගතියක් පෙන්නුම් නොකරයි.
මෙම තත්ත්වය එවැනි ආයතනවලට බලපාන දිගටම පවතින අඛණ්ඩ ගැටළු විසඳීම සඳහා ක්‍රමවත් ආරක්ෂණ ක්‍රමවල අවශ්‍යතාවය ඉස්මතු කරයි. සබැඳියා ගැටුම් සොයා ගැනීම සඳහා ආයතන සේවක වාර්තා සමග වෙළෙන්දාගේ තොරතුරු තහවුරු කළ යුතුය. සැලකිය යුතු ගනුදෙනු සඳහා ද්විත්ව අවසරයක් අවශ්‍ය කළ යුතු අතර, එමඟින් තනි පුද්ගලයෙකු සැක සහිත ගනුදෙනු අනුමත කිරීමෙන් වළක්වා ලයි. අසාමාන්‍ය දත්ත හුවමාරු කිරීම් නිරීක්ෂණය කළ යුතුය. සේවකයෝ බාහිර ව්‍යාපාරික ඵල ප්‍රයෝජන හෙළි කිරීම කළ යුතුය. සැක සහිත කටයුතු මතු වන විට, විනය ක්‍රියාමාර්ග ගැනීමට පෙර, අධිකරණයේ වගවීම තහවුරු කිරීම සඳහා ලබා ගන්නා නීතිමය උපදේශන සහිතව, විධිමත් විමර්ශන මගින් ස්ථිර සාක්ෂි එක් රැස් කළ යුතුය.
මෙම ව්‍යවසායයන් අර්ථවත් අන්දමින් ප්‍රතිසංවිධානය කිරීමට NPP ය අසමත් වීම විසින් නියෝජනය කරනු ඇත්තේ එහි පරිණාමනීය න්‍යාය පත්‍රය පිළිබඳ තීරණාත්මක පරීක්ෂාවකි. රජය සතු ව්‍යවසායයන් පීඩාවට පත් කරන ව්‍යුහාත්මක ගැටළු ආමන්ත්‍රණය කිරීමෙන් තොරව, මූල්‍යමය තිරසාර බව අදෘශ්‍යමාන ලෙසත්, ආර්ථික ප්‍රතිසාධනය හිස් පොරොන්දුවක් ලෙසත් පවතිනු ඇත. ප්‍රශ්නය වන්නේ වත්මන් අක්‍රිය ක්‍රම පද්ධතියෙන් ප්‍රතිලාභ ලබන මුල් ඇද ගත් වරප්‍රසාද වලට මුහුණ දෙන්නට තරම් දේශපාලන අධිෂ්ඨානයක් තිබේද යන්නයි.
මතු සම්බන්ධයි.
leelagemalli / January 28, 2026
Dear Dr Bopage,
.
Sri Lanka Has Been Deceived — and the People Know It.
Sri Lanka today stands betrayed by a leadership that promised “system change” but delivered nothing more than recycled political deception. The president who rose to power by hurling accusations, exaggerations, and moral grandstanding at his rivals now appears powerless, exposed as a captive of his own party’s inner circle. What the people voted for was not this silent paralysis, this shadow governance, this slow suffocation of accountability. Public perception increasingly points to the JVP—not the NPP—as the real power holder, with unelected figures exercising influence from behind closed doors while pretending to be politically inactive. This hypocrisy has poisoned public trust. Capable leaders within the NPP, including Dr. Harini Amarasuriya, are visibly sidelined, denied recognition, and muted—even when representing Sri Lanka on global platforms. That alone raises a disturbing question: is this truly an NPP government, or a JVP-controlled experiment wearing a false label?
The harsh truth many are now saying out loud is this: Anura Kumara Dissanayake was prepared to shout, not to govern. Protest politics, resentment, and blame-mongering may win elections, but they do not build economies, reform institutions, or change systems.
/
leelagemalli / January 28, 2026
ශ්‍රී ලංකාව රැවටිලා – ජනතාව ඒ බව දන්නවා
“පද්ධති වෙනසක්” පොරොන්දු වූ නමුත් ප්‍රතිචක්‍රීකරණය කළ දේශපාලන වංචාවකට වඩා වැඩි දෙයක් ලබා නොදුන් නායකත්වයක් විසින් අද ශ්‍රී ලංකාව පාවා දී ඇත. තම ප්‍රතිවාදීන්ට චෝදනා, අතිශයෝක්ති සහ සදාචාරාත්මක ශ්‍රේෂ්ඨත්වය එල්ල කරමින් බලයට පත් වූ ජනාධිපතිවරයා දැන් බල රහිත බවක් පෙනේ, ඔහුගේම පක්ෂයේ අභ්‍යන්තර කවයේ වහලෙකු ලෙස නිරාවරණය වී ඇත. ජනතාව ඡන්දය දුන්නේ මෙම නිහඬ අංශභාගය, මෙම සෙවනැලි පාලනය, වගවීමේ මෙම මන්දගාමී හුස්ම හිරවීම නොවේ. මහජන සංජානනය වැඩි වැඩියෙන් පෙන්වා දෙන්නේ සැබෑ බල හිමිකරු ලෙස ජාතික ජන බලවේගය නොව ජනතා විමුක්ති පෙරමුණ වෙත වන අතර, තේරී පත් නොවූ පුද්ගලයින් දේශපාලනිකව අක්‍රිය බව මවාපාමින් සංවෘත දොරවල් පිටුපස සිට බලපෑම් ක්‍රියාත්මක කරයි. මෙම කුහකකම මහජන විශ්වාසය විෂ කර ඇත. ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු ජාතික ජන බලවේගය තුළ සිටින දක්ෂ නායකයින්, ගෝලීය වේදිකාවල ශ්‍රී ලංකාව නියෝජනය කරන විට පවා, දෘශ්‍යමාන ලෙස පසෙකට දමා, පිළිගැනීම ප්‍රතික්ෂේප කර, නිහඬ කර ඇත. එය පමණක් කරදරකාරී ප්‍රශ්නයක් මතු කරයි: මෙය සැබවින්ම ජාතික ජන බලවේග රජයක්ද, නැතහොත් ව්‍යාජ ලේබලයක් පැළඳ සිටින ජනතා විමුක්ති පෙරමුණ පාලනය කරන අත්හදා බැලීමක්ද?
බොහෝ දෙනෙක් දැන් හඬ නගා කියන කටුක සත්‍යය මෙයයි: අනුර කුමාර දිසානායක පාලනය කිරීමට නොව කෑ ගැසීමට සූදානම් විය. විරෝධතා දේශපාලනය, අමනාපය සහ දොස් පැවරීම මැතිවරණ ජයග්‍රහණය කළ හැකි නමුත් ඒවා ආර්ථිකයන් ගොඩනඟන්නේ නැත, ආයතන ප්‍රතිසංස්කරණය කරන්නේ නැත, නැතහොත් පද්ධති වෙනස් කරන්නේ නැත. අප දකින්නේ පරිවර්තනය නොව දෘෂ්ටිවාදය ලෙස වෙස්වලාගත් නොහැකියාවයි.
/
leelagemalli / January 28, 2026
Below is what one of my European friends had to say regarding the current situation in Sri Lanka. He has been residing there for the past five years.
.
As a European living in Sri Lanka, I write this with genuine concern. Many supported the current government believing it would deliver real system change and competent governance. After more than 15 months, it is fair to ask what tangible results have actually been achieved.
This concern is most visible in the response to recent floods. Relief was publicly promised, yet many affected families are still waiting, with no clear timelines or transparency. In contrast, after the December 2004 tsunami, the government acted swiftly, coordinated effectively with the international community, and delivered visible results.
Today, the response appears slow and poorly planned. This raises important questions: Why was there no effective disaster preparedness mechanism? Why has international assistance not been mobilised as before? Is this a failure of planning, leadership, or experience?
Citizens are not asking for miracles—only honesty, accountability, and basic competence. Repeated statements without delivery only deepen public frustration.
This is not about political attacks. It is a call for open discussion and responsible governance. Sri Lanka deserves results, not just promises.
/
leelagemalli / January 28, 2026
පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව මගේ යුරෝපීය මිතුරෙකු පැවසූ දෙයයි. ඔහු පසුගිය වසර පහ තුළ එහි පදිංචිව සිට ඇත.
.
ශ්‍රී ලංකාවේ ජීවත් වන යුරෝපීයයෙකු ලෙස, මම මෙය ලියන්නේ සැබෑ කනස්සල්ලෙනි. වත්මන් රජය සැබෑ පද්ධති වෙනසක් සහ කාර්යක්ෂම පාලනයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරමින් බොහෝ දෙනෙක් එයට සහාය දැක්වූහ. මාස 15 කට වැඩි කාලයකට පසු, ඇත්ත වශයෙන්ම අත්කර ගෙන ඇති ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල මොනවාදැයි විමසීම සාධාරණයි.
මෑත කාලීන ගංවතුරට ප්‍රතිචාර දැක්වීමේදී මෙම කනස්සල්ල වඩාත් දෘශ්‍යමාන වේ. සහන ප්‍රසිද්ධියේ පොරොන්දු වූ නමුත්, බොහෝ බලපෑමට ලක් වූ පවුල් තවමත් බලා සිටින අතර, පැහැදිලි කාලරාමු හෝ විනිවිදභාවයක් නොමැත. ඊට වෙනස්ව, 2004 දෙසැම්බර් සුනාමියෙන් පසු, රජය ඉක්මනින් ක්‍රියා කළ අතර, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඵලදායී ලෙස සම්බන්ධීකරණය කර, දෘශ්‍යමාන ප්‍රතිඵල ලබා දුන්නේය.
අද, ප්‍රතිචාරය මන්දගාමී හා දුර්වල ලෙස සැලසුම් කර ඇති බව පෙනේ. මෙය වැදගත් ප්‍රශ්න මතු කරයි: ඵලදායී ආපදා සූදානම යාන්ත්‍රණයක් නොතිබුනේ ඇයි? පෙර මෙන් ජාත්‍යන්තර ආධාර බලමුලු ගැන්වී නැත්තේ ඇයි? මෙය සැලසුම් කිරීමේ, නායකත්වයේ හෝ අත්දැකීම්වල අසාර්ථකත්වයක්ද?
පුරවැසියන් ප්‍රාතිහාර්යයන් ඉල්ලා නොසිටිති – අවංකභාවය, වගවීම සහ මූලික නිපුණතාවය පමණි. ලබා නොදී නැවත නැවතත් කරන ප්‍රකාශ මහජන කලකිරීම ගැඹුරු කරයි.
මෙය දේශපාලන ප්‍රහාර ගැන නොවේ. එය විවෘත සාකච්ඡාවක් සහ වගකිවයුතු පාලනයක් සඳහා වන කැඳවීමකි. ශ්‍රී ලංකාවට පොරොන්දු පමණක් නොව ප්‍රතිඵල ලැබිය යුතුය.
/
leelagemalli / January 29, 2026
Sri Lanka’s collapse was not accidental; it was engineered by political arrogance and institutional complicity. The GMOA, under leaders like Dr. Anuruddha Padeniya, pushed an unscientific organic-only agenda that helped wreck food security and the economy, echoing the same reckless mindset that defined Rajapaksha rule. While the Rajapaksas are credited for ending the LTTE militarily, they also perfected a system of corruption, militarization, and policy-by-propaganda that hollowed out the state. The SLPP’s so-called leftism, often aligned with the JVP when convenient, is now being quietly disowned as history is rewritten. These facts must be stated plainly, because Sri Lanka’s crisis is rooted not in low education, but in dangerously low political literacy—an electorate taught to obey slogans instead of demanding accountability.
/
leelagemalli / January 29, 2026
ශ්‍රී ලංකාවේ බිඳවැටීම අහම්බයක් නොවේ; එය දේශපාලන අහංකාරය සහ ආයතනික අනුග්‍රහය මගින් නිර්මාණය කරන ලද්දකි. ආචාර්ය අනුරුද්ධ පාදෙනිය වැනි නායකයින් යටතේ, GMOA සංවිධානය, ආහාර සුරක්ෂිතතාව සහ ආර්ථිකය විනාශ කිරීමට උපකාරී වූ විද්‍යාත්මක නොවන කාබනික-පමණක් න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කළ අතර, රාජපක්ෂ පාලනය නිර්වචනය කළ එම නොසැලකිලිමත් මානසිකත්වයම ප්‍රතිරාවය කළේය. එල්ටීටීඊය මිලිටරිමය වශයෙන් අවසන් කිරීම සඳහා රාජපක්ෂවරුන්ට ගෞරවය හිමි වුවද, රාජ්‍යය හිස් කළ දූෂණය, හමුදාකරණය සහ ප්‍රතිපත්ති අනුව ප්‍රචාරණ ක්‍රමයක් ද ඔවුන් පරිපූර්ණ කළහ. පහසු විටෙක බොහෝ විට ජනතා විමුක්ති පෙරමුණ සමඟ පෙලගැසී සිටි SLPP හි ඊනියා වාමාංශිකත්වය, ඉතිහාසය නැවත ලියන විට දැන් නිහඬව ප්‍රතික්ෂේප කරනු ලැබේ. මෙම කරුණු පැහැදිලිව ප්‍රකාශ කළ යුතුය, මන්ද ශ්‍රී ලංකාවේ අර්බුදය මුල් බැස ඇත්තේ අඩු අධ්‍යාපනයේ නොව, භයානක ලෙස අඩු දේශපාලන සාක්ෂරතාවයේ – වගවීම ඉල්ලා සිටීම වෙනුවට සටන් පාඨවලට කීකරු වීමට උගන්වන ලද ඡන්දදායක පිරිසකි.
/