18 May, 2025

Blog

ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා: දෙවන කොටස

ලයනල් බෝපගේ –

ආචාර්ය ලයනල් බෝපගේ

ප්‍රතිවිපාක

අන්තර් කාලීන NPP ආණ්ඩුවට අවශ්‍ය වන්නේ පෙර පැවති පාලන තන්ත්‍රය විසින් මේ වන විට එකඟ වී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිබඳව සාකච්ඡා කොට ඒවායේ වෙනස්කම් ඇති කර ගැනීම යි. එසේ කළ නොහැකි නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ණය ප්‍රතිව්‍යුහගත කරණයේ කිසියම් වෙනසක් සිදු කළ හොත් එයින් රටේ ආර්ථිකයට තවදුරටත් හානි පැමිණෙනු ඇතැයි යන සිතිවිල්ලෙන් ඉවත් වෙන්නට NPP යට සිදු වනවා ඇත. එසේ නැතහොත්, NPP යට වෙනත් විකල්ප සොයා ගන්නට සිදු වනවා ඇත.

එපමණක් ද නොව, අන්තර් වාර ආණ්ඩුව බලයට පත් වී ගතව ඇති මුල් සති කිහිපය තුළ දී අධික ලෙස ණය මුදල් ලබාගෙන ඇති බවට ද චෝදනා එල්ල කොට තිබේ. පසුගිය සැප්තැම්බර් 27 වන දා සිට මහ බැංකුව රුපියල් බිලියන 465.1 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇත. කෙසේ වෙතත් එම නිකුතුව නව හෝ අතිරේක ණයක් හෝ නොවන බව ආණ්ඩුව පැහැදිලි කර තිබේ.

අන්තර් වාර ආණ්ඩුවේ මූල්‍ය ගනුදෙනු සිදු කෙරෙන්නේ පසුගිය ආණ්ඩුව ස්ථාපිත කොට තිබෙන මූල්‍ය ප්‍රතිපාදන සහ ව්‍යවහාරයන් අනුවයි. අන්තර් වාර ආණ්ඩුවට තවමත් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන සාමාන්‍ය පිළිවෙත අනුගමනය කරන්නට සිදුව තිබෙන අතර එයින් රුපියල් බිලියන හාරසියයක් ණය පොලී ගෙවීම සඳහා යොදවා තිබේ.

තේරී පත් වූ පසු නව ආණ්ඩුවට මෙම ප්‍රතිපාදන සහ ව්‍යවහාරයන් වෙනස් කරන්නට පුළුවන. එසේ ජනාධිපතිවරයාට එල්ල කරන විවේචන පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනතාව අතර භීතිය සහ අවිනිශ්චිතතාව ඇති කිරීම සඳහා විරුද්ධවාදීන් විසින් ගෙන යනු ලබන තවත් බිය වැද්දීමේ ව්‍යාපාරයක් බව පෙනේ.

බොහෝ දේශපාලන විරුද්ධ වාදීහු, විශේෂයෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් වෙනස් කරන්නට ඇති වුවමනාව සම්බන්ධයෙන් නව ජනාධිපතිවරයා ව විවේචනයට ලක් කර තිබේ. දිසානායක සහෝදරයා වගකීම භාර ගත යුතු බව ද වික්‍රමසිංහ මහතා පවසා තිබේ. මෙයින් සාධාරණ ප්‍රශ්නයක් පැන නැඟේ: එනම්, සමාජ, ආර්ථික හා දේශපාලන වශයෙන් ශ්‍රී ලාංකීය සමාජය කාබාසිනියා කර දැමීමට වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ පක්ෂය ගෙන ඇති කිසිදු තීරණයක් පිළිබඳව ඔහු වගකීම භාර ගෙන නැත්තේ ඇයි?

කෙසේ වෙතත්, වර්තමාන ආර්ථික ස්ථාපිතය සහ සාකච්ඡා කොට ඇති කර ගත් ඇතැම් ගලපා ගැනීම් ද සහිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පවත්වා ගෙන යන්නට දී තිබෙන ප්‍රතිඥාව ව්‍යාපාරික ප්‍රජාවේ නොසන්සුන්තාවයන් මෙන්ම ආර්ථික ප්‍රතිසාධනය කඩාකප්පල් වනු ඇති බවට පැවතුන උද්වේගකර තත්වයන් සන්සුන් බවට පත් කර ඇති බව පෙනේ.

2022 දී ජනාධිපතිවරයා වශයෙන් පත් කරනු ලැබීමෙන් පසු වික්‍රමසිංහ මහතා විදේශ ණය යලි සාකච්ඡාවට ලක් කොට, කප්පාදු කිරීමේ පියවර ක්‍රියාත්මක කිරීමට, ආනයන සීමා කිරීමට සහ පාරිභෝගික භාණ්ඩ වෙත පනවා ඇති බදු පුළුල් කිරීමට පොරොන්දු වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ණය ලබා ගත්තේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අගය එකතු කළ බද්ද (VAT) වැඩි කරන ලෙස ඉල්ලා නොසිටි‍යද, ඔහු එය සියයට 18 දක්වා ඉහළ නැංවීය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුල රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම, රාජ්‍ය සේවා වාණිජකරණය කිරීම සහ සමාජ සුබසාධන ක්‍රියාමාර්ග කප්පාදු කිරීම ද ඇතුළත් කල යුතුව තිබිණි. බාහිර ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරන ලද්දේ අනාගත දිනයක් වන තෙක් ණය ආපසු ගෙවීම අත්හිටුවා දැමීමෙනි.

වික්‍රමසිංහ මහතා පොදු ජනතාව මත ආර්ථික බර පටවා ලීමට අධිකාරවාදය යොදා ගත්තේය. විසම්මුතිය සීමා කිරීමට සහ භාෂණයේ සහ එකතු වීමේ නිදහස සීමා කිරීමට ඔහු යලි සැකසූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ක් ද, “මාර්ග ගත ආරක්ෂණපනත් කෙටුම්පතක් ද වැනි නව මර්දනකාරී නීති මාලාවක් හඳුන්වා දුන්නේය. සිවිල් සමාජ සංවිධාන සහ වෘත්තීය සමිති ව්‍යාපාරය මෙම ප්‍රයත්නයන්ට විරෝධය පෑ නමුත් ඔවුන්ගේ විරෝධය පෑම් කුරිරු ලෙස මර්දනය කරන ලදී.

NPP ය ආදායම් ඉපදවීමේ වැඩ පිලිවෙල ක්‍රියාවේ යොදන අන්දම, වියදම් කළමනාකරණය කරන පිළිවෙල සහ සංචිත ගොඩනැගිය යුතු ආකාරය පිළිබඳව යලි සාකච්ඡා කරන්නට කැපවී සිටින බව පෙනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙවැනි ආකාරයේ යලි සාකච්ඡා කිරීම් වලට මීට පෙර ඉඩ දී තිබේ. NPP ය ආණ්ඩුවේ මූල්‍ය ශේෂය කළමනාකරණය කර ගැනීම සහ බාහිර සංචිත ගොඩනැගීම සඳහා, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර යොදා ගන්නවාට වඩා දිගු කාලීන ව්‍යාපෘති ණය කර භාවිතා කිරීමට කැමැත්තක් දක්වන බව පෙනේ.

වැරදි තොරතුරු ප්‍රචාර

ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ගෙන යනු ලබන වැරදි, බොරු, සහ අවලාද නැඟීමේ ප්‍රචාර තිබුනේ වුවද, එයින් සමහරකට හිටපු ජනාධිපතිවරයා වැනි විපක්‍ෂයේ ඇතැම් දෙනා යළි පණ දෙමින් සිටියද, රටත් එහි ජනාධිපතිවරයාත් ප්‍රධාන ප්‍රශ්න කිසිවකට මුහුණ නොදී ඉදිරියට ගමන් කරන බව පෙනේ. ධනවාදී අදහසකින් ගත් කල, රුපියලේ අගය නොකඩවා ඉහළ නැඟීමත් සමඟ ආයෝජකයන්ගේ විශ්වාසය ද වැඩි වී ඇත. මෙසේ සිදු වීම ගැන ඉදිරිපත් කර ඇති එක් විග්‍රහයක් වන්නේ, මාක්ස්වාදය කෙරෙහි හිතවත් බවක් දක්වන බවක් හැඟුණ ද මේ වන විට වෙලඳපොල බලා පොරොත්තු වූ ආකාරයට නව ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන බවයි.

පසුගිය පාලනය විසින් සිවිල් ජනයා මත පටවන ලද ජීවන වියදම් බර ලිහිල් කිරීමට දිසානායක සහෝදරයාගේ අන්තර් වාර ආණ්ඩුව පියවර ගෙන ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගන්නා ලද ඇප ගනුදෙනුව හා සම්බන්ධ කප්පාදු කිරීම්වල කොටසක් වශයෙන් ආදායම් බදු සහ විදුලිය හා අනෙකුත් ගෘහ භාණ්ඩවල පිරිවැය වැඩි කිරීම සහ සමාජ සුබසාධන ප්‍රතිලාභ කප්පාදු කිරීම වැනි ක්‍රියාමාර්ග යොදා ගන්නා ලදී. සමාජයේ වඩා දුෂ්කර ජීවිත ගෙවන අයට වාසිදායක නොවෙමින් සහ සමෘද්ධිමත් අය වෙත අනුග්‍රහය දක්වමින් මෙම ගනුදෙනුව ක්‍රියාවට නංවා ඇත්තේ සාධාරණ නොවන අන්දමකට ය.

පූර්ව ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී NPP ය දූෂණය, නාස්තිය සහ සම්පත් අවභාවිතය සම්බන්ධයෙන් කටයුතු කිරීම ගැන අවධාරණය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුවෙන් වඩාත්ම අහිතකර බලපෑම්වලට ලක් වූයේ මූල්‍යමය වශයෙන් දරා ගන්නට ඉතාමත් අවම ඉඩක් ඇති අය බව ද NPP ය පැහැදිලි කළේය. NPP ය එම ගනුදෙනුවෙන් ඉවත් වන බවට පොරොන්දු වූයේ ද නැත.

NPP යේ ආර්ථික ප්‍රතිපත්තිය විශ්වාසය තබා තිබෙන්නේ වඩා නම්‍යශීලී කොන්දේසි අත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යලි සාකච්ඡා කිරීම මත යි. ඒ බදු පාලන තන්ත්‍රය වඩා සාධාරණ එකක් බවට පත් කොට වැඩ කරන ජනතාව වෙත පටවා තිබෙන මූල්‍ය බර ලිහිල් කිරීම සඳහා යි. මෙම මූල්‍ය බරෙන් විශාල කොටසක් ඔවුන්ට දරා ගන්නට සලස්වා තිබෙන්නේ ඔවුන්ගේ වරදක් නිසා නොවේ. දැන් NPP ය රියදුරු අසුනේ සිටින බැවින්, අතිශයින් පළුදු වී ගොස් ඇති ආර්ථිකය සහ සමාජය හසුරුවන්නට ඔවුන්ට හැකි බව විදහා දැක්විය යුතුව තිබේ.

කම්කරු නීති සම්පාදනය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිකාරය ඉලක්ක කරන්නේ වැඩ කරන ජනතාවගේ කර මතින් තවදුරටත් ලාභ ලබන්නට වඩා වැඩි ඉඩ කඩක් ලබා දෙන පුද්ගලික අංශය යි. කෙසේ වෙතත් මෙයට වෘත්තීය සමිති ව්‍යාපාරයේ දැඩි විරෝධය එල්ල වනු ඇත. එබැවින්, කම්කරු නීති සම්පාදනයේ දී කරන ඕනෑම වෙනස්කමක් වඩාත් හොඳින් සාක්ෂාත් කරගත හැක්කේ අන්තර්ග්‍රාහී, උපදේශාත්මක, විනිවිද පෙනෙන සහ වගකිවයුතු ප්‍රවේශයක් අනුගමනය කිරීමෙනි.

එසේ කිරීමෙන් වැඩ කරන ජනතාවට තම අනාගතය සහ තම දූ දරුවන්ගේ අනාගතය වෙත බලපාන තීන්දු තීරණ ගැන සිය අදහස් පල කරන්නට ඉඩ සලසා දෙනු ඇත. එවැනි ප්‍රවර්ධනයන් සම්බන්ධයෙන් සිය ස්ථාවරය සකස් කර ගැනීමේදී ජනතාවගේ අවශ්‍යතා ඉදිරියෙන් ම තබා ගෙන කටයුතු කරන බව සහතික කිරීම සඳහා ඕනෑම වගකිවයුතු ආණ්ඩුවකට ඉතා සැලකිලිමත් ව කටයුතු කරන්නට සිදු වනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දර්ශනයට අනුව, යලි සාකච්ඡා කරන්නට නියමිතව තිබෙන ඕනෑම වෙනසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරතා පරීක්ෂණවලින් සමත් විය යුතුය. ශ්‍රී ලංකාවට එසේ කළ නොහැකි නම්, මුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් පැකේජය ම යලි සාකච්ඡාවට ලක් කරන්නට සිදු වනවා ඇත. නව NPP ආණ්ඩුවක් එකඟ වූ ඉලක්ක සපුරා ගන්නට හැකි ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කරන්නේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවල අවශ්‍ය වෙනස්කම් සාක්ෂාත් කරගත හැකි බව පෙනේ. අපේක්ෂාව වන්නේ බදු බර නැවත බෙදාහැරීම පිළිබඳ NPP යෝජනාවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විරුද්ධ නොවනු ඇති බවයි.

Latest comments

  • 1
    0

    Dear Readers,
    වත්මන් අගමැති බොරු කියන්නේ ඇයි?
    .
    https://www.youtube.com/watch?v=xCSIdiiZoKI

    ඇගේ විශ්වසනීයත්වය තියුනු ලෙස පහත වැටේ. පළපුරුද්ද නොමැතිකම නිසා ඇයට රැකියාව කිරීමට අපහසු වේ.

    NPP ප්‍රවර්ධකයින් ඔබ වෙත – පහත වැටෙන තත්ත්වය අවබෝධ කර ගැනීමට අපට උදවු කරන්න. … BANDARAWELA GOIYYA over you – ඕපදූප පැත්තකින් තියලා මිනිස්සුන්ගේ ඇත්ත දුක් ගැනවිලි ගැන සීරියස් වෙන්න.

    • 0
      0

      LM, ඔබ ලාංකීය දේශපාලකයන්ගේ පළපුරුද්ද ගැන නිතරම කියනවා. ඔබ ඇත්තටම ඒ ගැන දන්නේ මොනවාද?? 1970 සිට ලංකාවේ බොහෝ දේශපාලුවන් හොරකම තම එකම ඉලක්කය කරගෙන නැත්ද? අද වන විට රුපියල් ට්‍රිලියන ගණනක් අපි ලෝකයටම ණය වෙලා තියෙන්නේ ඔය කියන ‘පළපුරුදු’ දේශපාලුවෝ රොත්තක් රටේ ආර්ථිකය විනාශ කරපු නිසා නොවෙයිද?? රටකට පිරිසිදු පාලනයක් ගෙන එන්ට ඇයි අපි ඔය තක්කඩි, මගෝඩි, මජර දේශපාලුවන්ගේ ‘පළපුරුද්ද’ ගැන හොයන්නේ?? මට කියන්ට LM , ඔබ ඔය කියනා ‘පළපුරුදු’ දේශපාලකයන් කවුද කියලා?? ඔව් කියන්න නම් වශයෙන්! මං එතකොට උත්තර දෙන්නම්!

      • 0
        0

        Jit,
        ඔබේ කැපී පෙනෙන සංවේදීතාවයට ගරු කරමින්, නමුත් ඔබ මෑතකදී CT වෙත එක් කළ සමහර අදහස් සම්බන්ධයෙන් මට ඔබ සමඟ සම්පූර්ණයෙන්ම එකඟ නොවිය යුතුය.
        මම සංසදයේ සිටින අන් අයට වඩා සංවේදී බැවින් එසේ සිතීම මගේ අයිතියකි. ඔබ පලස්තීන ප්‍රශ්නවලදී ඊශ්‍රායලයේ සියොන්වාදීන්ට සහාය දෙන බව CT එකේ සමහරු මගෙන් ප්‍රශ්න කළා, මම හිතුවේ මට කවදාවත් ඔයාගේ පැත්තේ ඉන්න බැහැ කියලා මොකද මම මානෙල් ෆොන්සේකා පළමු දවසේ ඉඳන් කරනවා වගේ palasetneians (ඔවුන්ගෙන් සමහරක් යුරෝපයේ මගේ සගයන්) සඳහා සම්පූර්ණයෙන්ම සහාය දෙනවා.
        .
        එසේම 88-92 ශ්‍රී ලංකාවේ ම්ලේච්ඡ ඝාතන යුගයේ එවකට ජවිපෙන් සිටි ඝාතන මානසිකත්වය පිළිබඳ ඔබේ දෙබිඩි පිළිවෙත තේරුම් ගැනීමට මම අරගල කරමි. උන් ඔක්කොම මැරුවේ එදා ආණ්ඩුව නෙවෙයි JVP මැරයෝ කියලා අපේම පර්යේෂණ වලින් ඔප්පු වුනා. මට ඔබ සමඟ හෝ එහි සිටින වෙනත් අය සමඟ තර්ක කිරීමට අවශ්‍ය නැත.

        ඔවුන් කිසිවෙක් ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් නොවීය. ශිෂ්‍ය අසහනය සමාජය තුළ ඔවුන්ව කොන් කළ ශ්‍රී ලංකාවේ එම කාලය තුළ ඔවුන් හුදෙක් උපාධි අපේක්ෂකයින් සහ අනෙකුත් අභ්‍යාසලාභීන් විය.

        Tbd

        • 0
          0

          ස්තුතියි LM ඔබගේ ඍජු අදහස් වලට. අප අතර එකඟතා තිබෙන අතර ප්‍රතිවිරුද්ධ මතද තිබිය හැකි බව ස්වභාවිකයි. නමුත් ඔබ මගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ නෑනේ? මම ඇහුවේ කවුද ඒ ‘පළපුරුදු’ දේශපාලකයන් කියලයි. එහෙම අය හිටිය නම් රට මේ තරම් විනාශ වෙයිද කියන එකයි මා ඇහුවේ නමුත් ඔබ වෙන මාතෘකා ගෙනවිත් මගේ කෙලින් ප්‍රශ්නය මග හැරියා. මම මෙහෙම කියන්නම්, ඔබ කියන ඔය එක් ‘පළපුරුදු’ කාරයෙක් රනිල් නම් මට කියන්ට තියෙන්නේ ඔහු ගැන ඉතා බහුතරයක් 2020 දී තීන්දු දුන්න නේ? ඔහු ගැන මා නැවත නොලියමි, මොකද මා දැනටම CT එකේ ඒ ගැන ලියලා තියෙන නිසා නැවත ඒවා ලිවීමෙන් වචන හා කාලය නිරපරාදේ නාස්ති වන නිසා. ජවිපෙ ඝාතන ගැනත් මම ලියලා තියෙනවා, ඒවගේම තව බොහෝ අය ලියා ඇති පරිදි නව රජය ගැන මාසයකින් තීරණ දීමේ අපරිණත භාවයත් ගැනත් මා ලියලා තියෙනවා – ඔබ ඒවා කියවලත් තියෙනවා ඉතින් නැවත නොලියමි.

          මැද පෙරදිග ආරවුල ගැන මගේ ස්ථාවරය ගැන ඔබ ඉතා වැරදි නිගමනයක ඉන්නා නිසා පමණක් මා මෙය කීමට කැමතියි. මා ඊශ්‍රායලයේ පැත්ත කිසි දිනෙක අරං නෑ, එය ඔබට කවුරුන් හෝ දී ඇති ඉතා විෂම, වැරදි අදහසක්. මා හැමදාම කිවූ මතය නම් ඔය දෙගොල්ලන්ම බිහිසුණු ත්‍රස්තවාදීන් කියන එකයි. කිසි වෙනසක් නෑ දෙගොල්ලන්ම දුෂ්ට මිනීමරුවන්! ජෙරුසලම ඉතිහාසය ගැන දශ ලක්ෂ ගණන් මත ලෝකය පුරහම තියෙනවා. ඊශ්‍රායලයේ මතය හෝ පලස්තීනයේ මතය 100% නිවැරදිව වෙන්නේ නෑ ඔවුන්ගේ ප්‍රචාරණ මැෂින් තුල. මා හැමදාම කිවුවේ මේ දෙගොල්ලන්ම ඇති බිහිසුණු මිනී මරුවන්ය කියා. ඔය කියන භූමිය අයිති කාටද කියලා ඉරක් ගහලා කියන්ට බැරි ඉතිහාසයක දෙගොල්ලන්ම ඉතා දැඩි තිරශ්චීන ක්‍රියාවලියක ඉන්නවා. අද දින ඊශ්‍රායලය ගාසා වල කරන ඝාතනත්, හමාස් ලා ගිය වසරේ ඔක්තෝබරයේ කල යුදෙව් වැසියන් ඝාතනය කිරීමත් එක හා දුෂ්‍ට ක්‍රියාවන්. මිනීමැරුම් වලදී යුදෙව්වන් දුෂ්ටයන් කීමත්, හමාස් හෝ හිස්බුල්ලලා වීරයන් සේ දැකීමත් ඉතා ලඳ බොළඳ මෝඩ තර්කයක්. මගේ මිත්‍රයන් යුදෙව්වන් වේවා, හමාස් වේවා, වෙන යම් ජාතියක් වේවා මිනීමැරුම් නම් මිනීමරුම්ය වේ! එය අවබෝධ නොවීම ඉතා කනගාටුදායක වන අතර එසේ කිරීමට උත්සාහ නොකර මේ ප්‍රශ්නයෙන් ගොඩ යාමට බැරි බවත් ඔබ තේරුම් ගත යුතුයි.

  • 0
    0

    cont.
    .
    ඔබ සංගීතයට හොඳ කනක් ඇති බව මම දනිමි, නමුත් ජාතිය තනි පිදුරු මත එල්ලී සිටින වත්මන් සන්දර්භය තුළ, අපි නායකයින්ගේ සියලු අංශ කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
    මට වැටහෙන පරිදි වත්මන් දෙපළට (HARINI AND ANURA) ඔවුන් පොරොන්දු වූ පරිදි කාර්යය කිරීමට අවම දැනුමක් හා පළපුරුද්දක් නොමැත. නමුත් මම නිගමනවලට එළඹීමට ඉක්මන් වැඩි විය හැක, නමුත් අවංකව කිවහොත්, මගේ කෙටි visit තුළ පසුගිය සතියේ ශ්‍රී ලංකාව තුළ ඒ සියල්ල අත්විඳීමෙන් මම ඉතා අශුභවාදී වෙමි.

    මම සමහර වෙලාවට AKD ගේ PUBLIC rants වලට කැමතියි, නමුත් මම විශ්වාස කරනවා, ඔහු ගොඩක් දේවල් ගැන අඩුවෙන්ම දන්නේ නැහැ. සමහර ප්‍රායෝගික නායකයින්ට තරම් තීක්ෂ්ණ බුද්ධියක් ඔහුට නැත.
    නැසීගිය ඩයනා කුමාරි තරම්ම ලස්සන යැයි සිතන සමාජ විද්‍යාඥ හරිනි අමරසූරියද එසේමය.
    මුලින්ම කියන්න ඕන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් වාමාංශික දේශපාලනයෙන් ආවත් ඔවුන්ට ගරු කරන්න. මම ගිය සතිය වෙනකම්ම ඇයට ගරු කළා, නමුත් මම හිතුවේ ඇය අනෙක් බොහෝ ජවිපෙ සගයන් ta wada ගොඩක් පරිණතයි කියලා. එතුමියගේ ලේබලය NPP උනත් දැන් අපිව murderous JVP කාරයින්ට පාවා දීලා ඉවරයි.
    කෙසේ වෙතත්, මම ඉවසිලිවන්තව සිටින අතර මම සමීපව බලා සිටිමි.

    AKD සහ HA වල hitherto-performance එකඟද? මම ශ්‍රී ලංකාවේ සිටින මගේ මිතුරන් සහ පවුලේ බොහෝ දෙනෙකුට කතා කළෙමි, ඔවුන් නිකම්ම ගොළු විය. They are speechless today.

    හරිනි සහ අනුර යන දෙදෙනාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ පිළිබඳ ඔවුන්ගේ වාචාල කතාවලට අනුකූල නොවී, හිටපු රජය කළ ආකාරයටම සෑම දෙයක්ම දිගටම කරගෙන යයි. is this acceptable ?
    මෙයta mama සම්පූර්ණයෙන්ම එකඟ නොවේ. මම ඇත්තටම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට මෙය වැටහෙන්නේ නැත, මන්ද මිනිසුන් පෙනී සිටියාට වඩා මෝඩ ය.

    • 0
      0

      cont.
      AKD සහ HA වල hitherto-performance එකඟද? මම ශ්‍රී ලංකාවේ සිටින මගේ මිතුරන් සහ පවුලේ බොහෝ දෙනෙකුට කතා කළෙමි, ඔවුන් නිකම්ම ගොළු විය. They are speechless today.

      හරිනි සහ අනුර යන දෙදෙනාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ පිළිබඳ ඔවුන්ගේ වාචාල කතාවලට අනුකූල නොවී, හිටපු රජය කළ ආකාරයටම සෑම දෙයක්ම දිගටම කරගෙන යයි. is this acceptable ?
      මෙයta mama සම්පූර්ණයෙන්ම එකඟ නොවේ. මම ඇත්තටම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට මෙය වැටහෙන්නේ නැත, මන්ද මිනිසුන් පෙනී සිටියාට වඩා මෝඩ ය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.