11 September, 2024

Blog

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය: සංහාරක ව්‍යාපාරය සහ සුදු පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු මරා දැමීම: වැඩදායක පාඩම්

මයිකල් කොලන් කුක් සමඟ ආචාර්ය ලයනල් බෝපගේ

පසුබිම

1983 ජූලි 25 වන දා මගේ මතකයේ කා වැදී තිබේ. කොළඹ පරිසරයෙන් පිටතට දිව යන හෝ ඉතා වේගයෙන් ගමන් කරන මිනිසුන් පිරිසක් මම දුටුවෙමි. ඒ ගැන විමසූ විට මට දැන ගන්නට ලැබුනේ ඔවුන් සිය වෙළඳසැල් වසා දමා සිදු වෙමින් තිබුන කල කෝලාහලවලින් ඉවතට පලා යන බවයි. පසුව එදින ම බොරැල්ල සහ මරදාන තදාසන්න ප්‍රදේශ ගිනිබත් වන ආකාරය මම දුටුවෙමි. දඬුවමකට ලක් වීමෙන් තොරව ඒ දේපළවල පදිංචිකරුවන්ට පහර දෙන ආකාරය ද මට දකින්නට ලැබිනි. ලොරි සහ මෝටර් රථ ගිනිබත් කරමින් මගීන්ට හා රියදුරන්ට පහර දෙමින් තිබුනි. අවට සිටි බොහෝ දෙනෙක් උමතුවෙන් හැසිරුණ කලහකාරී කණ්ඩායම්වල කටයුතුවලට මහත් සතුටෙන් අත්පොළසන් දෙමින් සිටියහ.

කළු ජූලිය​| ඡායා – චන්ද්‍රගුප්ත අමරසිංහ​

මෙම මැරයන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ පරපීඩාකාරී මිනීමරු ක්‍රියාකාරකම් ගැන සතුටු වෙමින් සිටිනවා දුටු මම කනගාටුවටත් කම්පනයටත් පත් වීමි. සිදු වෙමින් තිබූ සංහාරය සහ ම්ලේච්ඡත්වය නතර කරන්නට මැදිහත් වෙනවා වෙනුවට හුදෙක් බලා සිටින්නන් ව සිටි ආරක්ෂක භටයින් මම දුටුවෙමි. මා කිරිබත්ගොඩ මාවරමණ්ඩිය පාර ඔස්සේ රිය පදවා ගෙන යමින් සිටියදී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ සේවා ට්‍රක් රථයක නැඟී සැරිසරන මැරවරයන් පිරිසක් මගේ රථය නතර කරන ලෙස බල කර සිටියහ. කැත වචන කියමින්, කඩු සහ අලවංගු දික් කරමින් ඔවුහු මා අසලට ආහ. ඔවුන් පිස්සු වැටී සිටින්නේ දැයි අසමින් මම මොර දුන්නෙමි. සිංහලෙන් භාෂාව චතුර ලෙස හසුරුවනු ඇසුණු ඔවුහු මා අතහැර යන්නට ගියහ.

1983 ජූලි ඛේදවාචකය අවසාන‌යේදී දමිළ ජාතිකයන් 2,000 ත් 3,000 ත් අතර සංඛ්‍යාවක් ඝාතනය කර තිබිණි; එයින් බොහෝ දෙනෙක් මරා දමා තිබුනේ පුළුස්සා හෝ කපා කොටා දැමීමෙනි. මරා දැමීමට පෙර බොහෝ දමිළ කාන්තාවන් දූෂණයට ලක් කොට තිබිණි. දමිළ මිනිසුන්ට අයත් නිවාස දහස් ගණනක් ගිනිබත් කර තිබුන අතර නිවාස අහිමි කිරීම හේතුවෙන් 100,000 ක පමණ පිරිසක් සරණාගතයින් බවට පත් වූහ.

අපි දැන් 2020 මැයි 25 දක්වා වේගයෙන් ඉදිරියට යොමු වෙමු. සිල්ලර වෙළඳ හලක දී ඩොලර් 20 ව්‍යාජ නෝට්ටුවක් හුවමාරු කිරීමේ චෝදනාව මත මිනියාපොලිස් නගරයේ දී කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගනු ලැබීය. සුදු පොලිස් නිලධාරියෙකු සිය සගයන් තිදෙනා බලා සිටියදී කළු ජාතිකයා ව මරා දැමීම සජීවී ව වීඩියෝ ගත කර ඇත. ජෝර්ජ් ෆ්ලොයිඩ් මාංචු දමනු ලැබ වීදියේ යටි අතට මුහුණ හරවා ගෙන වැතිර සිටියේය. මුළුමණින්ම කීකරු ව තම ජීවිතය ඉල්ලා කන්නලව් කල ෆ්ලොයිඩ් ඔහුට හුස්ම ගන්නට නොහැකි බව කියමින් තම මවට කතා කරන්නට ඉල්ලා සිටියේය. මිය යමින් සිටි අයගේ බෙල්ලෙන් සිය දණහිස ඉවතට ගන්නා ලෙස පාරේ ගමන් කල අය පවා අදාල නිලධාරියා වන ඩෙරෙක් චොවැන් ගෙන් අයැද සිටි නමුත් පලක් නොවීය. ෆ්ලොයිඩ්ගේ අවසන් හුස්ම ගිලිහී යාමෙන් පසුව පවා චොවැන් තම දණහිස ඔහු මත තබා ගෙන සිටියේය. මෙම මිනීමැරුම, පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමට, සිරගත කරනු ලැබීමට හා හිරිහැර කරනු ලැබීමට සංඛ්‍යාත්මක වශයෙන් වැඩි ඉඩක් ඇති කළු ජාතිකයන් නීතියට පරිබාහිරව මරා දමමින් 1600 ගණන්වල වහල් මෙහෙයේ ආරම්භයේ පටන් වර්තමානය දක්වා ඇෆ්‍රෝ-ඇමරිකානුවන්ට එරෙහිව වෙනස්කම් කිරීමේ දිගු ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන දිගු ලැයිස්තුවේ නවතම මිනීමැරුම් වලින් එකක් වන්නේය.

ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව මෙම සංහාරයට කල මැදිහත් වීම හා ආරක්ෂක හමුදාවල උදාසීන භාවය සහ සහභාගිත්වය ගැන රට තුළ හෝ ජාත්‍යන්තරව කිසිදු විරෝධය පෑමක් සිදු නොවීය. මෙම කළු ජුලි සංහාරයේ ආසන්නතම ප්‍රතිඵලය වූයේ වසර විසි පහකට වඩා වැඩි කාලයක් පැවතුන මුළුමණින් වර්ධනය වී ගිය සිවිල් යුද්ධයකි.

ෆ්ලොයිඩ් ඝාතනය කිරීම එක්සත් ජනපදය පුරා නගර සිය ගණනක කළු සහ සුදු ජාතික දස දහස් ගණන් දෙනා එක්රැස් කලේය. විශේෂයෙන් යටත් විජිතවාදයේ මව වන එක්සත් රාජධානියේ ද  කොළඹ ද ඇතුළුව ලොව පුරා කෝපය පැතිරී ගියේය.

ප්‍රතිවිපාකය

1983 දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පැවතියේ විධායක ජනාධිපති ධුරයේ නිර්මාතෘ වූ ජේ ආර් ජයවර්ධන සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ ඇමති කණ්ඩායමේ නායකත්වයෙනි; ඔව්හු සංහාරයේ කිසිදු භූමිකාවකට සම්බන්ධයක් නොතිබුන මා ඇතුළු සිය දේශපාලන විරුද්ධවාදීන්ට ව්‍යාජ ලෙස චෝදනා එල්ල කරමින්, ඝාතන, කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ සහ දේපළ ගිනි තැබීම්වලට ආණ්ඩුවේ තිබුන දුෂ්ඨ භූමිකාව අකාමකා දැමූහ; ඔව්හු විපතට පත්ව සිටි අයගේ දුක්ඛිත තත්වය ගැන ඔවුන්ට ම දොස් පැවරූහ. දමිළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපාරය සාමකාමී ව පටන් ගෙන තිබුනු නමුත් ඊට එරෙහිව රාජ්‍ය අනුග්‍රහය ලැබූ කල කෝලාහල සහ මර්දනකාරී පියවර යොදන ලදි. ඔවුන්ගේ අයිතිවාසිකම් තවදුරටත් කප්පාදු කර දැමීමත් සංහාරයත් විසින් ඔවුන්ගේ සාමකාමී උද්ඝෝෂණ වසර 26 ක් පුරා පැවති සිවිල් යුද්ධයක් බවට ඉහළට නංවන ලදි. මේ අතර දකුණේ ජනතා විමුක්ති පෙරමුණට රහසිගතව කටයුතු කරන්නට බල කෙරුනි. එයින් ජනතා විමුක්ති පෙරමුණේ රජයට එරෙහිව පැවති දේශපාලන ආතතිය උත්සන්න කළ අතර දේශපාලනික වශයෙන් නිරර්ථක හා මාරාන්තික කැරලි ගැසීමේ ඔවුන්ගේ ප‍්‍රවණතාවය යලි ප්‍රාණවත් කෙරුණි. වසර හයකට පසුව දකුණ ගිල ගත් සන්නද්ධ නැගිටීමක් දක්වා මෙම තත්වය වර්ධනය විය; රජය හා ජනතා විමුක්ති පෙරමුණ යන දෙපැත්තම විසින් සිදු කරන ලද නීති විරෝධී ඝාතන දස දහස් ගණනක් මෙහි ප්‍රතිඵලය විය; මෙම ඝාතන වලින් බහුතරයක් සිදු කරන ලද්දේ ආරක්ෂක හමුදා විසිනි. පසුකාලීන ව ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට ප්‍රතිලාභ ලබා දෙන ලදි.

2020 දී අපට එවැනි දේවල් ම වැඩි වැඩියෙන් ලැබී ඇත. නැගී එන ආර්ථික අර්බුදයත් සමාජයේ සෑම ස්ථරයකටම කා වැදී තිබෙන (දේශපාලන පන්තියට අයත් හෝ ඒ හා සම්බන්ධ බොහෝ දෙනෙක් හා නිලධර පැලැන්තියේ ඇතැමෙක් එහි ප්‍රධාන ප්‍රතිලාභීන් බවට චෝදනා කොට තිබෙන) දූෂණයත් විසඳන්නට උත්සාහ කරනවා වෙනුවට අවධානය වෙනතකට යොමු කරන්නට වෙහෙසෙන ජනාධිපතිවරයෙක් සිටියි. ජේ. ආර්. ජයවර්ධන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද ජාතිකවාදයට මුවා වෙමින් සුදුසු ආකාරයේ බිලි සොයා ගනිමින් සිටිති: එනම්, ඔහුගේ වැඩ කටයුතු විවේචනය කරන දේශපාලන සංවිධාන, මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන්, මාධ්‍යවේදීන් හා සුළු ජාතීන් ය. අත්තනෝමතික නායකයන් සියළු දෙනා මෙන්, ඔහු ද තම වගකීම සහ වගවීම අඩු කර ගනු වස් නිලධර තන්ත්‍රය මිලිටරි කරණය කිරීමත්, සමාජය ආරක්ෂක මනෝගතිකභාවය ට පත් කිරීමත් පාර්ලිමේන්තුව පසෙකට දැමීමත් යුහුසුළු ව ක්‍රියාත්මක කරමින් සිටියි.

කළු ජූලිය​| ඡායා – චන්ද්‍රගුප්ත අමරසිංහ​

එක්සත් ජනපදය සතුව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති කෙනෙක් සිටියි; ඔහුගේ අවධානයේ පරාසය කෝඳුරුවකුගේ පරාසයකට ද වඩා අඩු ය. ෆොක්ස් නිව්ස් නොබලන විට දී සහ ඔහුගේ අනුගාමිකයන් හා ඔහු මත සිය ජීවනෝපායයන් රඳා පවතින අයගෙන් ප්‍රශංසාත්මක උණුසුම නොලබන විට දී ඔහු අවදියෙන් ගත කරන මුළු කාලයම සිය අගතිගාමී අදහස් ට්විටර් කරන්නට ගත කරන බව පෙනේ. මේ අතර ඔහු මුලසුන හොබවන රට ලෝකයේ COVID-19 ආසාදනය වී ඇති සහ එයින් මිය යන සංඛ්‍යාව වැඩිම රට වේ. ඔහු සිටින සමාන්තර විශ්වය තුල, වසංගතයට එරෙහිව කරන ඉතාමත්ම සාර්ථක වැඩ සටහනට ඔහු සැබෑ ලෙසම නායකත්වය දෙයි. තමන්ට විඳ දරා ගන්නට බැරි කරුණු ගැන ඔහු දොස් පවරන්නේ ඩෙමොක්‍රටික් විරුද්ධවාදීන්ටත්, ලෝක සෞඛ්‍ය සංවිධානයටත් චීනයටත් ය. එබැවින්, ශ්‍රී ලංකාවේ මෙන්ම, අසාධාරණ ක්‍රියාවල යෙදෙන අයට නොව, ක්‍රම අනුබද්ධ වාර්ගික අවමානයන් ට හා පොලිස් කෲරත්වය ට ගොදුරු වූවන් වෙතම දොස් පවරනු ලැබීම පුදුමයට කාරණයක් නොවේ.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය හැම පැත්තකින් ම පුළුල් ලෙස හෙළා දැක තිබේ. ජෝර්ජ් බුෂ් සහ මිට් රොම්නි වැනි රිපබ්ලිකන් අධිපතීන්, ඩෙමොක්‍රටික් නියෝජිතයන්, බොහෝ ප්‍රාන්ත ආණ්ඩුකාරවරු, බිම් මට්ටමේ සංවිධාන අප්‍රමාණ ගණනක් – යන මේ සියල්ලෝ ම ජනවර්ගය පිළිබඳ දේශපාලන කතිකාව වෙනස් කිරීමේ උත්සාහයක් වෙනුවෙන් එකට එක්ව සිටිති. එය කෙසේ ක්‍රියාත්මක වේ දැයි කීමට තවමත් කල් වැඩි නමුත් පෙනෙන්නට තිබෙන ලකුණු යහපත් ය.

වාර්ගික බෙදීම්වලින් ඔබ්බට ගිය ප්‍රජා කණ්ඩායමුත් නිර්භය පුද්ගලයන් කිහිප දෙනෙකුත් ජාත්‍යන්තර ප්‍රජාවේ සමහර දෙනෙකුත් හැරුණු විට 1983 සංහාරය පිළිබඳව කිසිදු සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ සිදු නොවන තරම් ය. දකුණේ නැඟී සිටීම් දෙකත් ප්‍රධාන වශයෙන් උතුරු හා නැගෙනහිර සිදු වූ දිගු සිවිල් යුද්ධයත් සම්බන්ධයෙන් ද තත්වය එසේම ය. කරන ලද අපරාධ සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යුහයට අයත් කිසිවෙක් තවමත් අධිකරණය හමුවට පමුණුවා නැත; විපතට පත් වූවන්ට කිසිදු වන්දියක් ලබා දී නැත; ඊට සම්බන්ධ වූ ආයතන – ආරක්ෂක ව්‍යුහය හා දේශපාලන සංස්ථාපනය ප්‍රතිසංස්කරණය කර නැත.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසු, සමානාත්මතාවය සහ පොලිස් කටයුතුවලදී යොදා ගන්නා විධික්‍රම වල ප්‍රතිසංස්කරණ සඳහා කෙරෙන බල කිරීම උච්ච බවට ද නිරවුල් බවට ද පත්ව ඇත. සුදු ජාතික බහුතරයේ අභිවන්දනයට පත්ව තිබුනු යටත් විජිත කරණය හෝ වහල්භාවය හා සමඟ සම්බන්ධ ප්‍රතිමා හා ස්මාරක බොහෝ ගණනක් විරූපී කර හෝ ඉවත් කර දමා ඇත. විශේෂයෙන් වින්ස්ටන් චර්චිල්ගේ පිළිරූ සහ ඔහු විසින් ඉතිරි කොට ගිය උරුමය අභියෝගයට ලක් කරනු ලැබූ විට දී රාජ්‍ය සමූහයේ සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ආධාරකරුවන්ගේ අප්‍රසාදයට හේතු වෙමින්, ඉතිහාසයේ අගුවක දමා තිබූ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව වන කාරණය කෙරෙහි ප්‍රමුඛත්වය දෙන ලදි.

නිගමනය

’83 සංහාරයත් ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනයත් අපේ ‘උමතු’ බව නැති කරන දේශපාලන පාඩමක් කියා දෙයි. ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ආරම්භ කරන ලද විරෝධතා ව්‍යාපාරය සාමකාමී ව පටන් ගත් නමුත් දමිළ ප්‍රජාවට එරෙහිව කරන ලද කැරලි කෝලාහල ගණනක හා සංහාරයක ප්‍රතිඵලය වශයෙන් එය මහා පරිමාණ සිවිල් යුද්ධයකට මඟ පෑදුවේය. එක්සත් ජනපදයේ කළු ජාතික ජනයා සාධාරණත්වය හා සමානාත්මතාවය වෙනුවෙන් කරන ඉල්ලීම්වලට සහයෝගය දැක්වීම සහ ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන වෙනස් ලෙස සැලකීමේ ප්‍රතිපත්ති හෙළා දැකීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජුනි 9 වන දා කොළඹ දී පවත්වන ලද සාමකාමී විරෝධතාවයකට පොලීසිය විසින් සාහසික ලෙස කඩා බිඳ දමන ලදි. මෙය සිදු කරන ලද්දේ විරෝධතාකරුවන් සමාජ දුරස්ථතා රෙගුලාසි පිළි නොපැද්දේය යන ව්‍යාජ හේතුව ඉදිරිපත් කරමිනි. එම විරෝධතාවට සහභාගී වූ අයත් සිද්ධිය දුටු සාක්ෂිකරුවනුත් පාලක කල්ලිය විසින් ඉදිරිපත් කර ඇති එම “ව්‍යාජ කඩතුරාව” ප්‍රතික්ෂේප කරති. ගෝඨාභය රාජපක්ෂ පාලන තන්ත්‍රයේ මෙම කුරිරු ක්‍රියාව වනාහි අන් කිසිවක් නොව සුළුතරයන් හා සමඟ කටයුතු කිරීමේ දී ජනාධිපති ට්‍ර්ම්ප්ගේ පාලනය සහ පෙර පැවති එක්සත් ජනපද පාලක කල්ලි විසින් අනුගමනය කරන ලද වෙනස් ලෙස සැලකීමේ ප්‍රතිපත්ති කෙරෙහි සහයෝගය ප්‍රකාශ කිරීමකි.

එක්සත් ජනපදයේ සුදු ජන ප්‍රජාවට අයත් බොහෝ දෙනෙක් තම කළු ජාතික සහෘදයන්ට සහයෝගය දක්වන්නට ඉදිරිපත් වී සිටිති. ඊට සමාන කිසි දෙයක් ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රජාව තුළ සිදු වී නැත. නව නාසි කණ්ඩායම්වලත් කු ක්ලක්ස් ක්ලෑන් කණ්ඩායමේත් පුනර්ජීවනය සමඟ එක්සත් ජනපදයේ සුදු ජාතිකයින් අතර සිටින වඩා ජාතිවාදී කොටස් ධෛර්යමත් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ ද සටන්කාමී සිංහල අන්ත ජාතිකවාදී කණ්ඩායම් ඒ හා සමාන ආකාරයේ සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හැසිරවීම් කරනු අපට දැකිය හැකිය. බලධාරීන් දක්වන අනුකූලතාවයේ හෝ උදාසීනත්වයේ සහාය ලබන ඔවුහු, ශ්‍රී ලංකාවේ සමාජ ඒකාබද්ධතාවය හා ජාතික සමගිය කෙරෙහි ඛේදනීය ප්‍රතිවිපාක ඇති කරවමින් දිගින් දිගටම මුස්ලිම් ප්‍රජාවට එරෙහිව අපවාද නඟති.

විරෝධතා නො දැක්වීම සදාචාරාත්මක හා දේශපාලන ප්‍රතිවිපාක දනවන බව ලොව පුරා සිටින ප්‍රගතිශීලී ජනතාව දැනුවත් බවට පත්ව සිටිති. ජාතිවාදය, වහල් බව සහ යටත් විජිතවාදය ප්‍රශ්නයට ලක් කරන්නට ජෝර්ජ් ෆ්ලොයිඩ් උත්ප්‍රේරකයක් ලෙස සේවය කරයි. ෆ්ලොයිඩ්ගේ අනවශ්‍ය මරණය පමණක් නොව, ශ්‍රී ලංකාවේ ම වූ ලේ තැවරුණු අතීතයෙන් උකහා ගත හැකි පාඩම් ද අප මතක තබා ගත යුතුය. සුළු ජාතීන් දඩ මීමා කර ගැනීමත් රජයේ විරුද්ධවාදීන්, මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ වෘත්තීය සමිති ව්‍යාපාරය පීඩාවට පත් කිරීමත් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා මහජනතාවට ලැබෙන දේශපාලන උත්ප්‍රේරකයක් වශයෙන් ද එය සේවය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඊට වඩා අඩු දෙයක් අපට අපේක්ෂා කළ නොහැකිය.

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    0

    මා හිතන විදියට ඇමරිකාවට වඩා ලංකාවේ ඇති රාජ්‍ය ත්‍රස්තවාදය aansu විජාතීන්ට සලකන විදිය ඉතාමත්ම දරුණු වෙයි අපි හිතමු දැන් අර ඉරිදා ප්‍රහාරයක් පාස්කු ප්‍රහාරයෙන් බෝම්බයෙන් අසරණ මිනිස්සු නැති වුණා ඒකෙදි ලංකාවේ ඉන්න කලාකාරයො කියන අය අර මධුමාධව කියන මහා චන්ඩි කාරයෙක් එතකොට රාජරත්න කියන මිනිහෙක් කොළඹ ඉන්න තත්වෙන් එකතුවෙල මොකක්ද කරේ මුස්ලිම් ජනයාට අහිංසක දුප්පත් මිනිස්සු එකෙන් දුප්පත් හෝ තියෙන මිනිස්සුන්ගේ හා දේපල විනාශ කරල මහා ලොකු වත් පෙන්නන්න ගියා කෝ කෝ නීතිය ක්‍රියාත්මක වුණාද නෑ කිසි දෙයක් වුණේ නැහැ සිරිසේන ගොයිය කිසි දෙයක් කරේ නැහැ දැන් ඉන්න මහ රජතුමාගේ මල්ලි උනත් කිසි දෙයක් කරන්නේ නැහැ බොරුවක් දිගට ගෙනියනවා ඉතින් මේ අනුව බලන කොට කවදාවත් ලංකාවට ලැබෙන කාලයක් එන්නේ නැහැ සාමයේ කියන්නේ බොරුවට පිට කවරෙ පොත විතරයි

    • 4
      0

      අපේ මවුබිමේ දරිද්‍රතා මට්ටම් ගැන තව බොහෝ දේ ඉගෙන ගැනීමට මම දැන්ම කටයුතු කරමින් සිටිමි. දේශපාලන politicians යන් ජාතිය වෙනුවෙන් තවත් බොහෝ දේ කර ඇති බවට පුරසාරම් දොඩමින් සිටී නම් – රට පුරා අසරණ ජනතාව තවදුරටත් මේ රටේ රැඳී සිටින්නේ කෙසේද? ඔවුන් අසරණ වන අතර, දේශපාලන politicians යන් සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරන අතර, ඔවුන්ගේ විවාහ මංගල්‍යයන් හෝ පෞද්ගලික සාද සඳහා වේවා, ඔවුන් සමහර ගෝත්‍රික රජවරුන්ගේ මට්ටම ඉක්මවා බොහෝ සෙයින් වියදම් කරන්නේ කළු අප්‍රිකාවේ රටේ වෙහෙස මහන්සි වී නාස්ති කිරීමෙනි. මීට ටික කලකට පෙර, පසුගිය වසරේදී මහින්ද රාජපක්ෂේ තම පුතුගේ මංගල උත්සවය ආරාධිතයින් 10 000 බැගින් සමරනු ලැබීය. එය එක් විවාහ මංගල්‍යයක් සඳහා පමණක් වූ නමුත් ඔවුන් විවාහ මංගල්‍ය 3 ක් පවත්වා ඇති අතර, එක් පුතෙකු තම පියාගේ ජනාධිපති ධුරයේ ඉහළ දිනවල සිදු කළ බවට චෝදනා කරමින් ඉහළ අපරාධයක් සඳහා ඇප මත සිටියි. ඉතා කනගාටුවට කරුණ නම්, රට පුරා සිටින ශ්‍රී ලංකාවෙන් 40% කට වඩා වැඩි පිරිසක් ඔවුන්ගේ ආහාර වේල් තුන සඳහා අරගල කරන අතර ඔවුන්ගේ ඊළඟ දිනය සඳහා සැලසුම් කිරීමට නොහැකි වීමයි. කිසියම් හේතුවක් නිසා රාජක්ෂේ දේශපාලනය ජනතාවගේ සැබෑ දරිද්‍රතා මට්ටම් ඔවුන්ගේ බල කෑදරකමට උපක්‍රම ලෙස වළලා දමා තිබුණි. චීන ආයෝජන එන්නත් කිරීම මගින් ජාතිය ණය වී සිටියද කිසිදු විදේශ විනිමය රටකට පියාසර කළේ නැත. අවාසනාවකට මෙන්, රට වඩාත් දුප්පත් වූ නමුත්, පවුල් කිහිපයක් රාජපක්ෂයට සමීප ධනවත් පුද්ගලයන් බවට පත් කළේය. ඔහුගේ සහෝදර ගෝතබයා තේරී පත්වීමත් සමඟ ඔවුන්ගේ වැඩසටහනේ 2 වන කථාංගය ජනතාව අතරට පත්විය. විශේෂ experts යන් පවසන පරිදි, ඔහු තේරී පත්වී මාස 8 ක් ගතවී ඇතත්, ජාතියට පෙර සාදන ලද ඉතා කුඩා ප්ලෙජ් එකක්වත් තවමත් පුරවා නැත. නමුත් ඔවුන්ගේ පක්ෂග්‍රාහී රූපවාහිනී නාලිකා වන ඔවුන් COVID බහාලුම් ක්‍රියාවලියේ ඊනියා ජයග්‍රහණ පිළිබඳව ස්වයං සුබ පැතුම් එක් කරති.

      https://www.youtube.com/watch?v=9W8QFivbLdE

      • 4
        0

        බටහිරට සාපේක්ෂව වෛරසය පැතිරීමේ වාර්තා වලින් පාලනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මාධ්‍යවල පැතිර ඇති අසත්‍යයන් මට තේරුම් ගත නොහැකි විය. මේවා අමූලික බොරු ය. ඔවුන් දැන් උත්සාහ කරන්නේ පහසු ඉලක්කයන් ප්‍රාග්ධනය කර ගැනීමට ය.
        . අවුරුදු 10 ක දරුවෙකු පවා එය පහසුවෙන් වටහා ගනු ඇත, වීදුරුවක් එහි පරිමාවෙන් ඔබ්බට ගිය ජලයෙන් පිරී ගියහොත්, අතිරික්ත සියල්ල පිටාර ගැලීම. ඒ හා සමානව, යුරෝපීය හා ඇමරිකානු රෝහල් ආසාදිත රෝගීන්ගෙන් පිරී ඉතිරී ගිය අතර, කාර්ය මණ්ඩලයේ හිඟකම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය සියල්ලන්ටම ප්‍රතිකාර කිරීමට අපොහොසත් විය. කාර්ය මණ්ඩල සාමාජිකයින්ට පවා ඉතාලියේ සහ එංගලන්තයේ රෝහල් කිහිපයකදී මිය යාමට සිදුවිය. ඔවුන් අකාර්යක්ෂම නිසා නොව ධනවත්ම රටකට පවා සෑම රෝගියෙකුටම ප්‍රතිකාර කිරීමට නොහැකි වනු ඇත.
        දූපත් ජාතීන්ට අයත් රටවල් බෝඩර් රටවලට වඩා හොඳින් පාලනය කළ හැකි බව අප දන්නා බව සාමාන්‍ය දැනීමකි. එහෙත් තීරණ ගන්නා දේශපාලන politicians යින් සහ පාලකයින් ඒවා වහාම ගත යුතුව තිබුණි. නිව්සීලන්ඩ් සහ තායිවානය හොඳම උදාහරණ වේ. වියට්නාමය වැනි දේශසීමා රටවල් වෛරස් ආසාදනයෙන් මියගිය ශුන්‍ය රෝගීන් සමඟ එය උපරිමයෙන් කර තිබේ. එක් රටක සිට තවත් රටකට ගමන් කරන ආසාදිත සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය.

        අද සෑම බොරුකාරයෙක්ම තම භූමිය තුළ ප්‍රීතියෙන් ඉපිල යද්දී, ශ්‍රී ලංකා ජනමාධ්‍ය සහ රාජපක්ෂේ වංශයේ දේශපාලන politicians යන් එය නැවත නැවත ලිවීමට සෑම උත්සාහයක්ම දරයි. සත්‍ය අවබෝධ කර ගැනීමට මිනිසුන් ඉතා wise ානවන්ත විය යුතුය.

        • 4
          0

          තවත් දූපත් ( an island nation) රටක් ලෙස, පෙබරවාරි මස අවසානය වන විට ශ්‍රී ලංකා නායකයින් විසින් BIA වසා දමා තිබේ නම් වෛරසය පැතිරීම පහසුවෙන් පාලනය කර පාලනය කළ හැකිය. ජනතාව නොමඟ යැවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත යුතු එක් පුද්ගලයෙක් සිටියේය. ඊනියා පොප් ටයිටන්, ඉරාජ් වීරරත්න – ඔවුන්ගේ නැවත පැමිණීම සඳහා ඩයිහාර්ඩ් ගෝතබයා ආධාරකරුවෙකි. ඔහු ජාතියේ වීරයන් වීමට තනිවම සංචාරක ව්‍යාපාරයක් මෙහෙයවූ කැම්පේන් මෙහෙයවීය. මෙම පදනම් විරහිත උද් campaign ෝෂනය මඟින් තවත් චීන සංචාරකයින්ට රටට පැමිණිය හැකිය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නිරෝධායන පාලනයට යටත් නොවූයේ එය ඔවුන්ගේ චේතනාවන්ට බාධාවක් වනු ඇතැයි සිතූ බැවිනි. නමුත් එය සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් සෞඛ්‍ය සම්පන්න නොවන බවට පත් කර අද ඔවුන්ව නොමඟ යැවීමෙන් අවාසනාවන්ත තත්ත්වයක් ඇති කළේය. ආන්ඩුවේ නොමඟ යැවීම යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී තවත් පාලන පරීක්ෂණ සඳහා යාමට ඉඩ නොදුනි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෙනත් ආයතනවලින් රජයට ප්‍රමාණවත් අරමුදල් ලැබී ඇති අතර ඒවා තවමත් ජාතියට විනිවිද නොපෙනේ. ශ්‍රී ලංකන්බ් මාධ්‍ය අද ලෝක යුද්ධ සමයේ ජර්මානු ස්ථාවර ව්‍යාපාරයක් ලෙස ක්‍රියා කරයි. ඔවුන්ගේ අනුග්‍රහයන් සඳහා කරුණු ජනතාව වෙත ගෙන යාමට ඔවුන් ඉඩ නොදේ. නොකියවූ වාර්තා වලට අනුව, ජනවාරි මස මුලදී වෛරසය පැතිරීම රට තුළ ද පැවතුනි. නමුත් ඔවුන්ගේ ආත්මාර්ථකාමී හේතූන් මත ඔවුන් එය නොසලකා හැර ඇති නමුත් නිසි පියවර නොගත්තේ ඔවුන් කලින් ගත යුතුව තිබූ බැවිනි. අද ඔවුන් එය සන්සන්දනය කරන්නේ ශීත කාලගුණය පවතින අනෙකුත් විවිධ ගැටලු මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ සංඛ්‍යාවට සාපේක්ෂව ආසාදිතයින්ගේ සංඛ්‍යාවට ඔවුන් හසු වූ ආකාරයයි. වියට්නාමය හෝ එය නිසි ලෙස කළමනාකරණය කළ වෙනත් රටවල් ශූරයන් බවට පත්වූයේ නම්, ඔවුන් ස්වයං සුබ පැතුම් එක් කළ නමුත්, ඔවුන්ගේ දේශපාලන පැවැත්ම සඳහා ව්‍යාජ තොරතුරු පැතිරවීම වැරදිය.

        • 4
          0

          ලංකාව රටක් ලෙස සුළු හෝ ජයග්‍රහණයක් ලැබීම, නටන ජලය ඇඟට විසිවීමක් තරමේ වේදනාවකින් පෙලෙන මිනිසුන් මේ රට සිටී.

          ඔවුන්ගේ දැක්ම අනුව මේ රට මොන ජයග්‍රහණයක් හෝ සුළු දියුණුවක් ලැබුවද, එය වලංගු වන්නේ ඔවුන් බැල මෙහෙකරන පක්ෂය බලයේ සිටිනතාක් පමණකි.

          එහෙත් මොවුන් නමට නිර්පාක්ෂිකය, අදේශපාලනිකය. ගණිකාවකගේ පතිවත මෙන් මොවුන් ස්වාධීනය.

          එන්ගලන්තය, ඇමෙරිකාව කොවිඩ් වසංගතය ඇදගෙන නෑම ඔවුන්ගේ අසාර්ථකත්වයක් බව කියන්නේ ඒ රටවල ජනතාවමය. ඒ රටවල පුවත් අඩවි පරිෂීලනය කරන්නන් මෙන්ම ඒ රටවල වෙසෙන ලාංකිකයින්ද ඒ බැව් හොඳින් දනී. ඒ ගැන කතාකිරීමෙන් පලක් නැත.

          දූපත් නොවන ජර්මනිය, ඔස්ට්‍රියාව, නැගෙනහිර යුරෝපයේ රටවල් මෙන්ම කැනඩාවද, ඇමරිකාවට හා එන්ගලන්තයට වඩා හොඳින් කොවිඩ් කළමණාකරණය කරගත්හ

          ඔවුන් සාර්ථකව එම අර්බුධයට මුහුණු දුන්නේ සමහර දූපත් රටවලටත් වඩා හොඳින්ය.

          දැඩි නීති රීති මෙන්ම, දේශපාලනික නිදහසකින්ද තොරව තනි පක්ෂයකින් වසර ගණනාවක් පාලනය වන සිංගප්පූරුව දූපතක් වූව, කොවිඩ් වසංගතයෙන් බැටකෑවේ රටේ සිටින ලක්ෂ සංඛ්‍යාව සංක්‍රමණික සේවක ප්‍රජාව අමතකොට දැමීමෙනි. ඒ අනුව සිංගප්පූරුවද අසාර්ථකය.

          ලංකාවේ කොවිඩ් කළමණාකරණය දෙස බැලිය යුත්තේ මේ සාර්ව තත්වයන් සසඳා අවබෝධකරගෙනය.

          • 4
            0

            ඔබගේ තොරතුරු සඳහා, මම පහත රටවල ජනගහනය එකතු කරමි:
            ජර්මනිය – මිලියන 83 (මහා ජාතීන්)
            ඇමරිකා එක්සත් ජනපදය – මිලියන 320 (මහා ජාතීන්)
            රුසියාව – මිලියන 150 (මහා ජාතීන්)
            යූකේ – මිලියන 60 ක් (මහා ජාතීන්)
            ඔස්ට්‍රියාව – මිලියන 8 (කුඩා ජාතීන්)
            ස්විට්සර්ලන්තය මිලියන 7 ක් (කුඩා ජාතීන්)
            ප්‍රංශය මිලියන 62 ක් (මහා ජාතීන්)
            ස්පා Spain ් –ය – මිලියන 55 (මහා ජාතීන්)

            ජර්මානුවන් එය පාලනය කළ ආකාරය පිටුපස ඇති හේතුව ඔවුන්ගේ සෞඛ්‍ය පද්ධතිය සමඟ හොඳින් සම්බන්ධ වී ඇති අතර ඇමරිකානුවන්ට සහ ඉංග්‍රීසි ජාතිකයින්ට හොඳ සෞඛ්‍ය පද්ධතියක් නොමැති බව පෙනේ … ඒවා pharma ෂධ කර්මාන්තයේ නියුතු අයට දන්නා කරුණකි. යුරෝපයේ අනෙකුත් සියලුම කුඩා ජාතීන්ට ජර්මානුවන්ට සමාන සෞඛ්‍ය රක්‍ෂණ ඇත.

            • 4
              0

              කෙසේ වෙතත්, ස්පා ain ් and ය සහ ඉතාලිය ඔවුන්ගේ සෞඛ්‍ය පද්ධතිය තුළ සංසන්දනාත්මකව වර්ධනය වී නොමැත. ඔවුන්ගේම හේතුන් මත මෙම රටවල් දැඩි ශීත in තුවේ දී ඉතාලියේ ලොම්බඩි කලාපයේ ජනතාව වෛරස් ආසාදනයකට මුහුණ දුන් අතර 2004 දී අපේ ජනතාව සුනාමි රළ පහරින් පීඩා වින්දා. එබැවින් ලොම්බාර්ඩි කලාපයේ වෙසෙන වැඩිහිටි ජනතාව පහසුවෙන් අල්ලා ගනු ලැබීය. වෛරස් ආසාදනය පැතිරී ඇති අතර ඒ අනුව ප්‍රාදේශීය රෝහල්වලට ඒවාට නවාතැන් ගත නොහැකි විය. එය හරියට මුළු ප්‍රදේශයක්ම අවහිර කළ තද ගංවතුරක් වැනිය.
              ශ්‍රී ලංකාවේ ජනතාව කරුණු වලට ගරු නොකරන බවක් පෙනෙන්නට තිබුණත්, කුඩා ශ්‍රී ලංකාව ගැන පුරසාරම් දෙඩීමට උත්සාහ කිරීම වත්මන් නායකත්වයට වහල් වී ඇත. රාජපක්ෂේ නායකත්වයට ඉතා සාමාන්‍යය, ජාතිය නොමඟ යැවීම සඳහා ස්වයං ප්‍රශංසා සඳහා යාම .. ඇත්ත වශයෙන්ම අවදානමට ලක්විය හැකි තත්වයක සිටින. අප්‍රිකානු ගෝත්‍රිකයන් සහ ඔවුන්ගේ නායකයන් ද එසේමය … එබැවින් ලෝකය වඩා හොඳින් දන්නා අයට මේවා අලුත් දෙයක් නොවේ.

      • 4
        1

        රාජපක්ෂ සහ ඔවුන්ගේ උපක්‍රම දුප්පත් රටේ ජනතාව නොමඟ යවයි.
        ඔහු වරක් දෙමළ කැරැල්ලෙන් රට නිදහස් කළ බවට පණිවුඩය යවමින් අබලන් පස ලෙවකෑවේය. මේවා අථත්ය ජීවිතය සඳහා හොඳ රංගන භූමිකාවන් විය. මෙය ඔහුගේ ස්වභාවයයි. ඔහු බල කුසගින්නෙන් පෙළෙන අවජාතක විලාසිතාවකි. සත්‍ය වශයෙන්ම කිවහොත්, එවකට හමුදා කමාන්ඩර් ෆීල්ඩ් මාෂල්ට අනුව, එම අවස්ථාවෙහිදී රට උතුරු ත්‍රස්තවාදයේ ග්‍රහණයෙන් නිදහස් නොවීය – එවකට මහින්ද රාජක්ෂේ ආපසු පැමිණි වහාම ගුවන් තොටුපලේ රෝලර් පිට්ටනිය ලෙවකෑමට පටන් ගත්තේය. රට සහ එහි ස්පර්ශ. මෙය ජාතිය නොමඟ යැවීම සහ ඔහුගේ උපක්‍රම මගින් ජනතාව එක් වරක් රට නිදහස් කර ගැනීමයි. රාජකේෂස් හොඳම යැයි හැඟෙන අයට මෙම උදාහරණය ප්‍රමාණවත් වනු ඇත. ඔවුන් ශ්‍රී ලංකාවේ වඩාත්ම අපරාධකරුවන් ය. බදු ගෙවන්නාගේ අරමුදල්වල රුධිරය උරා බොන මැර කණ්ඩායමක්.

    • 4
      0

      සිරිසේනගේ මෝඩ ප්‍රතික්‍රියා නිසා අපි ඔහුට වෛර කළෙමු. නමුත් ඔහු එය රාජපක්ෂවරුන්ගේ ක්‍රමයට නාස්ති කළේ නැත.

      නමුත් අද වන විට, ඔවුන්ගේ පවුලේ පුරසාරම් දෙඩීම සඳහා ශෝචනීය වෙබ් අවකාශය නාස්ති වෙමින් පවතී. මේ රටේ, ග්‍රාමීය කොනෙහි ඔවුන්ට කෑමට කිසිවක් නැති, සමුර්දි දීමනා සාමාජිකයින් ලබා නොගන්නා විශාල පිරිසක් සිටිති. දූෂිත දේශපාලන politicians යන්ට වහලුන් තවදුරටත් සහයෝගය දක්වන්නේ ඇයි? දූෂණය මූල්‍යමය පරිහරණයට පමණක් නොව අනෙකුත් සියලුම අංශ සඳහා ද සීමා වේ. රාජපක්ෂයන් සෑම අතින්ම දූෂිත බව පෙනේ. මෙම කාරණා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දෑස් විවර නොකරන්නේ ඇයි?

  • 0
    2

    leelagemalli
    කිසි තේරුමක් නැති පල් හෑල්ලක්.
    මහින්ද කොටින්ගෙන් රට මුදා ගත්තේ නැත්නම් අද ලංකාව කොතනද කියල කියන්නේ නැත්තේ ඇයි?

    • 3
      1

      Champa@
      ඔබේ හදවතේ හැඟීම් වලට එකඟ වන්නේ නම්, ඔබ සිතන්නේ රාජප්කාෂ්ගේ ඉන්ද්‍රජාලික බලයන් යුද්ධය සාර්ථක කර ගැනීම සඳහා තනි අතින් අභිසාරී වන බවයි. අභාවප්‍රාප්ත කදීර්ගමාර් මහතා යටතේ වූ සීබීකේ රජය යුරෝපය, ඇමරිකාව, කැනඩාව, ඉන්දියාව හෝ වෙනත් ඕනෑම රටක ධනවත් පසක එම ත්‍රස්ත ක්‍රියාකාරකම් තහනම් කිරීමට අපොහොසත් වූයේ නම්, යුද්ධයක් සාර්ථක කර ගැනීමට කිසිවෙකුට හැකි වේද? එම අවස්ථාවෙහිදී, දෙමළ කැරලිකරුවන්ගේ දේශපාලන අංශය පාහේ යුරෝපයට විනාශ විය. මම මේ සියල්ල දැන සිටියේ යුරෝපයේ ජීවත්වන ශ්‍රී ලංකාවේ සිටින අයගෙන් වන අතර ඔවුන්ගේ යාවත්කාලීන තොරතුරු මා සතුව තිබුණි.
      මීට අමතරව, මෙම යුද්ධය 2005 දී ආරම්භ නොවූ අතර, එය වසර ගණනාවක් පුරා මදුරුවන්ගේ ප්‍රමාණයෙන් අලි දක්වා ව්‍යාප්ත විය. බොහෝ නායකයින් සිවිල් වැසියන් ඉලක්ක කර හිතාමතාම සිවිල් හානි සිදු කිරීමට කැමති නොවීය. මමත් දැනගෙන හිටියා ඒ වෙලාවේ සටන් විරාමයක් අවුරුදු ගණනාවක් තිස්සේ තිබුණා කියලා. සටන් විරාම උල්ලං lations නය කිරීම් සහ රාජකෂේ මහතා ප්‍රතික්‍රියා කළ ආකාරය එවකට ප්‍රවෘත්ති පත්‍රවල සහ රූපවාහිනියේ සහ තනි සම්මුඛ සාකච්ඡා වල පවා සටහන් විය. කෙසේ වෙතත්, රාජාප්ක්ෂේ පමණක් නොව, විවිධ බලවේගයන් ඔහු වෙනුවෙන් පෙනී සිටියේ චිත්ත ධෛර්යය ශක්තිමත් කර එම අවස්ථාවන්හිදී එය සාර්ථක කර ගැනීම සඳහා ය. තොරතුරු මනසේ තබාගෙන, මහින්ද රාජපක්ෂේ තමාගේම හා කෑදර ගිලීම සඳහා සම්පූර්ණ කේක් ඇදගෙන යාම නිවැරදි යැයි මම නොසිතමි. මට නම් දේශපාලන නායකත්වය වැදගත් වුවත්, ඒ අවස්ථාවේ දී, සියලු බලවේග හැසිරවූ ආකාරය, හමුදාපතිවරයා ප්‍රතික්‍රියා කළ ආකාරය තීරණාත්මක සහ අතිශයින්ම වැදගත් ය. මා කාටවත් ගරු කළ යුතු නම්, පළමුවෙන්ම මාෂල් ෆොන්සේකාගේ අත්‍යවශ්‍ය ජීවිත පරිත්‍යාගයන් වෙනුවෙන් පෙනී සිටීමත්, නිර්භීත සොල්දාදුවන්ගේ නිර්භීත ක්‍රියා අගය කිරීමට අමතක නොකිරීමත් ඒ නිසාය. නමුත් ශ්‍රී ලංකාව යනු රටකි. බොහෝ මිනිසුන් – එවැනි ය. ඔවුන් කරුණු ගැන තැකීමක් නොකරන නමුත් ඕනෑම කෙනෙකුගේ නැගීමට පක්ෂව ඕනෑම දෙයක් සහ සියල්ල විකාශය වේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.