20 April, 2024

Blog

අහෝ පාලකයනි, ඔබ මට සලකන්නේ ඉන්දීය සාගරයේ වෛශ්‍යාව​ හැටියටද? මීට, එස්. එල්. සාගරී ජලකඳ

එම් එම් ජනප්‍රිය​ –

වෛද්‍ය​ එම් එම් ජනප්‍රිය​

පසුබිම

ආයුබෝවන්, වනක්කම්, අෂලාම් ආලෙක්කුම්  ඔන්න තව ලිපියක් එක්ක මං ආව. ඇත්තම කියනවානං ටී වී බලන්නත් එපාවෙලා තියෙන්නෙ. මොකද දැක්කම යකා නගින ඒවනෙ පෙන්නෙ. අද උදේ බලන්හිටිය අර වෙරල රකින, කසල අහක ලන හා මිනිස් පිරිසිදුකම පිළිබඳ  රජය ඇමති. දැන් බලන්න උතුම් සිංහල බාසාව හැසිරවීමේ දුර්වලකම හා ඉංගිරිසි කාරයට බැන බැන එහේ ටම ගැතිකන් කරන දේශප්‍රේමියෝ නෙව ලංකාවේ ඉන්නෙ. ඉස්සර උප ඇමැතියි කියපු හාදයින්ට නෙව දැන් රජ ඇමති කියන්නෙ. මොකෝ? ඔය එංගලන්තේ සෙක්රටරි ඔෆ් ස්ටේට් ෆොර් ට්‍රාන්ස්පෝට් හරි ෆොර් එඩියුකේෂන් කියන්නෙ අංශයෙ උප ඇමතිට තමා. ඉතින් ඕකම අපේ අයියලටත් දාගන්න ඕන උනා අර නහින දෙහින කාලේ  කොහෙන්හරි අතුගාල ආචාර්ය පට්ටමක් ගහගන්න හදනවා වගේ. එතනත් වැඩේ කාගත්ත වගේ පේන්නෙ. ඔන්න ඕකයි තත්වේ. මගේ එංගලන්තේ හිටි ලංකා යාලුවෙකුත් එකපාරට අචාර්ය කෙනෙක් උනා අවුරුදු 70 දී විතර. මං ඇහුවේ නෑ කොහෙන්ද ඔය ඩොක්ටරේට් එක හම්බ උනේ කියල යාළුකම නැතිවෙයි කියන බයට. එංගලන්තේ පිළිගත් සරසවියකින් නෙවේ බව මං හොඳින්ම දන්නව

ආපහු වැඩේට බහිමුකො. ගොඩ වැඩ ඇති නිසා වෙන්න ඇති ඇමතිට මුහුද ගැන තඹ පිච්චියක්වත් දන්නේනෑ වගෙයි පෙනුනේ නිවුස් ෆර්ස්ට් එකෙන් ඉන්ටවිවූ කරාම. නිවුස් ළමය වෙරලේදීම තමයි ඔය උප ඇමතිගෙන් ප්‍රශ්නකරේ මේ ලංකා මුහුදේ ගිනිගන්න නැව ගැන. මුහුදෙන් ගන්න දෙයක් නැහැ. නැවෙන් එලියට ආපු ප්ලාස්ටික් පොලිතීන් ගෝනි, මොනවද තඩි රෝලක් වගේ දේවලුත් වතුර බොර වෙන්න තරම් නැවෙන් ආපු තෙල්ද ඇසිඩ්ද ඇල්කොහොල්ද  මොනවද දන්නෙ නෑ අන්න එවයි වලින් මුහුද විනාස වෙලා.ඈතින් තවම ගිනිගන්න නැවත් පේන්න තිබුනද කොහෙද. ළමය කලින්දවසේ ප්‍රශ්න ටික දීල පස්සෙ දවසෙ උත්තර ගන්න බවක් පෙනුනෙ නැහැ. හැබැයි ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අහන්න තිබිච්ච ප්‍රශ්න ටිකක් පැකිලෙන්නෙ නැතුව ඇහැවු බවනං හොඳට පෙන්න තිබුන. ඔන්න ඕකයි හරහට හිටියෙ. මිනිහ වෙට්ටුවක් දාල ශේප්වෙන්න යනකොට කොල්ල ආයිම ආයිම ප්‍රශ්න ඇහැවුව. අප්පට සිරි නැග්ගනෙ මිනිහට ටොප් එකටම. මෙන්න බලන්න විඩියෝ ක්ලිප් එක. (15.30-17.35)

කොලුවා අනවශ්‍ය ප්‍රශ්න ඇහුවේ නෑ  කියල ඕන කෙකෙකුට බැලුබැල්මටම පේනව. එයා රටවෙනුවෙන් අහන්න ඕන ප්‍රශ්නයක් දිගින් දිගටම ඇහුව ඇමති ප්‍රශ්නය මග හරින්නට යනකොට. ඒක රටවෙනුවෙන් එයාගේ යුතුකම වැසියාට නිවැරදි ආරංචි සපයන එක. නමුත් කියාගන්න දෙයක් නැතිකොට ඇමතිට නැග්ග. ඕකයි වැඩේ.

මගේ කලින් ආර්ටිකල් එකනුත් මං කිව්වනෙ ඔයඋනදේ උනානෙ. දැන් තියෙන්නෙ මේකෙන් වෙන හානිය අවම කරගන්න එකකියන බහුබූත  සංස්කෘතිය ගැන කොරෝන ගැන කියනකොට. මේකෙත් මිනිහ දාන්නේ ගියේ  සෙල්ලමම තමයි. මේ ඔක්කොම සිද්දීවලින් පේන්නෙඅපි වැරදි කරනවා නමුත් කවුද කරේ, ඇයි  එහෙම කරේ කියල අහන්න උඹලට අයිතිවාසිකමක් නැහැ.” ඔන්න ඕකයි ප්‍රශ්නෙ. ඒගොල්ලන්ගේ ඩිෆෝල්ට් සෙටිං එක තමයිඋඹල අපිව පත්කරා නෙව. දැන් ඉතින් නිදාගනිල්ල. දොයි දොයි දොයි දොයිය බබෝ ………..අයිත් ඊළඟ චන්දෙ කිට්ටුව නැගිට්ටනං“. මෙහෙම ජනකවියක් තියෙනවා නෙව.

කිරෙන් බැද්දත් කොබෙයියා

තෙලෙන් බැද්දත් කොබෙයියා

කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත්

කොබෙයියා නම් කොබෙයියා

ඔයවගේ දුම්රියෙන්  ආවත් පාතාලෙන් ආවත්, කුණු බිස්නස් එකෙන් ආවත්, කුඩු බිස්නස් එකෙන් ආවත් හාල් කෙලියෙන් ආවත් නැත්නම්  වියත් මගෙන් හෝ කියත් මගෙන් ආවත් දේශපාලකයා කියන්නෙ එකම වර්ගයේ සත්ව ජාතියක් නෙව. ඔතෙන්ට ආවම ඔය ආචාර්යවරු මහාචාර්යවරු කියන කට්ටිය ජ්‍යෙෂ්ට දේශපාලකයින්ගෙ දෙපා සෝදන තත්වයට උසස් කම් ලබනවා වගේ තමයි පෙන්න තියෙන්නෙ. එකයි ඒගොල්ලො වයින් කරපු සෙල්ලං ගිරවු වගේ කතා කරන්නෙ.

වැසියනි උඹ නාඩන්, උඹ නාඩන්, මේවා උඹට හොඳ පාඩං. අර කතාවක් තියනව නෙව ගහන්න ගහන්න  වඳින එකත් මෝඩය, වඳින්න වඳින්න ගහන එකත් මෝඩය කියල. උඹල ගහන්න ගහන්න වඳින කට්ටිය නෙව. ඉතින් මෝඩයි නේන්නං. ඩෙංගුවෙන් මැරුණත්, කොවිඩ් වලින් මැරුණත් පරිසර දූෂණයෙන් මැරුණත් අර කාටූන් වල වගේ පොළොවට සමතලාවෙන්න වාහනයක් ඇඟ උඩින් ගියත් අනේ මේ අපි පෙර කල පවක් නිසා වෙච්චි දෙයක් කියල මැරිච්ච එවුන් භූමදාන හරි ආදාහන කරලා අත්දෙක පිහගෙන ගෙදරයන කට්ටියනෙව ඔයගොල්ලො. එකයි මට දුක. ඔයාල හරි අහිංසකයි. නොදැනුවත්. දැනුවත් කරන්න පාලකයින්ට අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ නොදැනුවත්ව ඉන්නතාක් කල් පාලනය කරන්න ලේසියි නෙව.

ඔයගොල්ලන් දන්නවද මූලික මානව අයිතිවාසිකම් කියල එකක් සෑම ප්‍රජාතන්ත්‍රවාදී රටකම තියෙන්න ඕන බව. මොකක්ද මේ කියන්නෙ. තමන්ට පුළුවන් කම තිබෙන්නට ඕන අනුන්ට කරදරයක් නොවෙන විදියට නිදහසේ ජීවත් වෙන්න.  හොඳ භාෂා විශේෂයක් පාවිච්චි කරල කතා  කිරීමේ අයිතිය, ගමන් බිමන් යෑමේ අයිතිය, හොඳ සෞක්‍යයකට ඇති අයිතිය අධ්‍යාපනයට ඇති අයිතිය , ජීවත්වීමට ඇති  අතියිතිය කියන ඒවට තමයි මූලික අයිතිවාසිකම් කියල කියන්නෙ. ඉතින් පරිසරය නරක්වෙලා හුස්මගන්න වාතයෙන් හෝ පාවිච්චි කරන  වතුරෙන් හෝ  කන කෑමෙන් හෝ කිසියම් සෞක්‍යයට අහිතකර දෙයක් වෙනවානම් එකට විරුද්ධව ක්‍රියා කරන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන වගේම ඒවගේ වෙලාවට ටී වී කැමරා ගෙනිහිල්ල ඒවා රට වැසියාට පෙන්නන එකත්  මාධ්‍යයේ යුතුකම විතරක් නෙවි එක එයාලගේ වගකීමත් කියල කියන්න පුළුවන්. ඉතින් වගකීම ඉෂ්ට කරන්න ගිහිල්ල තමයි තව පොඩ්ඩෙන් කොල්ල අඩන්තේට්ටමකට ලක්වෙන්න ගියෙ. මේවා වැරදියි. හරිම ම්ලේච්ච්යි.

ඉතිහාසය

දැන් අපි පොඩ්ඩක් මේ අපේ වෙරළේ ගිනිගන්න නැව ගැන ටිකක් විපරම් කරල බලමු. මේ නැව මලයාසියාවේ ඉඳල කටාර් වලට ගොහිල්ල ආපසු ගමනේ තමයි මේ අකරතැබ්බේ වෙලා තියෙන්නේ. තරමක් විශාල නැවක්. මීටර් 186ක් දිගයි. කන්ටේනර් 1486 ක් ගෙනයමින් තිබුනේ. මේවයේ තිබුනලු නෛට්‍රික් ඇසිඩ් ටොන් 25කුත් මෙතනොල් එකියන්නේ මීතයිල් ඇල්කොහොල් තොගයකුත්  තවත් විවිධ රසායන වර්ගත් සුවඳ විලවුනුත් යන දේවල්. මගදී එකියන්නේ අරාබියානු මුහුදෙ ලංකාවෙ ඉඳල මුහුදු හැතැප්ම දහස් ගණනක් දුරදි තෙරුනාලු කන්ටේනරවලින් ඇසිඩ් ලීක් වෙන බව. ඉතින් ආපසු ගිහිල්ල කටාර් වල හමිඩ් වරායෙ  හෝ ඉදිරියට ගිහිල්ල ඉන්දියාවේ හස්රා වරායෙ හෝ නැංගූරම් දාල මේ ඇසිඩ් ලීක් වෙන කන්ටේනර්  බාල රෙපෙයාර් එකක් කරගන්න ඉල්ලීමක් මේ වරාය දෙකෙන් ඉල්ලුවලු. මෙහෙම දෙයකට උදවු දෙන්න අවශ්‍ය තාක්ෂනය නෑ කියල ඒගොල්ලෝ අවසර දෙන්න බෑ කිව්වලු. ඉතින් දැන් නැව එනවා කොළඹට. කොහොමත් කොළොඹ බාන්න කන්ටේනර් කීපයක් තිබුනලු. අර කඩාවැටුණු අහස්යානා වල තියන බ්ලැක් බොක්ස් වගේ දෙයක් නැව්වලත් ඇති. ඕක අරන් ටේප් එක අහන්න ඕන අපේ අයියල කියන ඒවා අන්විශ්වාසබල් නිසා. ලංකාවේ කට්ටිය කියන විදියට නැවේ ගොල්ලෝ කිව්වලු ඇසිඩ් ලීක්වෙන බව හැබැයි ගින්නක් තියෙන බව කිව්වේ නැතිලු. ඉතින් විශාලතම ජාත්‍යන්තර නැව් සමාගමක් වන එක්ස්ප්රෙස් ෆීඩර්ස්  සමාගම බොරුවක් කියයි කියල හිතන්නත් අමාරුයි නෙව.

අර අපේම පිළිකන්නට ඇවිල්ල මට නයා ගැහුවෝ  කියල ලතෝනි දොනෝ වගේ නැව ආවයි කියමුකො අපේ මුහුදු සීමාවට. නයා ගහපු කෙනාට උදවු කරනවා වගේ මේ නැවත් බේරගන්න කටයුතු කරන්න එපාය. හැබැයි මට නං පෙනුනෙ මේ පාර උත්සාහය අර `එපා වාහෙට හොදි බෙදනව වගේතමයි කියල. අර ඉංගිරිසියෙන් කියන්නේ ටූ ලිට්ල් ටූ ලේට් කියල. එහෙමද……? එහෙමත් නැත්නම් උන්නත් දාහයි මලත් දාහයි වගේ වැඩක්ද? “ගින්න නිව්වත් පුපුරලා ගිලුනත් අපේ බඩේ නම් බත්වන්දි මුදලින්. ඉතින් ඔන්න ඔහේ වතුර ටිකකුයි ගිනිනිවන කෙමිකල් සොච්චමකුයි දාල බලමු. එම්.ටී. නිව් ඩයමන්ඩ් එකට නම් වතුර ලීටර් 440,000 සහ ගිනි නිවන රසායන කිලෝග්‍රෑම් 4500ක් (මෙට්‍රික් ටොන් 4.5ක්) පාවිච්චි කළා.  ඔන්න ඕක තමයි උනේ. අනේ අනිච්චං මෙහෙමත් වැඩ. නැව ආවේ 20 වෙනිදද කොහෙද. අද 29 යි. දවස් 9 කට පස්සෙත් තවමත් විටින්විට ගිනි දළු පේනවලු.

දැන් අපි බලමු ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසෙ ලංකා මුදෙ ගිනිගත්ත එම්. ටී.නිව් ඩයමන්ඩ් නව්කාව දිහා. මේක එක්ස්ප්‍රස් පර්ල් වගේ දෙගුණයක් විතර විශාලයි. මීටර් 330ක් දිගයි. බොරතෙල් ටොන් 270,000 ඉන්දියාවට රැගෙන යමින් තමයි තිබුනෙ ගිනිගන්නකොට 2020 සැප්තැම්බර් 3 වනදා. සැප්තැම්බර් 6 වනදා ගින්න නිව්වා කියල දන්වනකොට නැව  වටා ක්‍රියා කරමින් තිබුන ශ්‍රී ලංකා නැව් 4ක් අහස් යාන 1ක් ඉන්දීය වෙරල ආරක්ෂක නැව්කා 4ක් ඉන්දීය නාවුක හමුදා නැව් 3ක්, අහම්බෙන් තිබිච්ච රුසියානු නැව් 2ක් සහ එම් 17 ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් 1ක්. කියන්නේ නැව් 11කුත් අහස් යානා දෙකකුත්. ෆුල් ෆෝර්ස් එක දාල තමයි වැඩේ කරලා තියෙන්නෙ. ඉතින් විටින් විට කුඩා ගිනි දළු ආවත් පැය 36 කින් ගින්න නිව්ව.

ගින්න වැඩි වෙලා ආයිත් නිවන්න උනා. සැප්තැම්බර් 9 නැවත සම්පුරන් නිවපුබව සනාත කරා. සැප්තැම්බර් අන්තිමේදි නැව ඇදගෙන ගියා ඉන්දියාවේ කොර් ෆුක්කන් වරායට අමුතෙල් තොගය බාගන්න. නැවේ අයිතිකරුගෙන් ශ්‍රී ලංකා සාගරය තෙල් වලින් අපවිත්‍ර කිරීම වෙනුවෙන් $මිලියනයක් ඉල්ලුවත්  උසාවිය එය 65,000 කට අඩුකරා. ඉතින් ඉලියාස් නමැති අයිතිකරු මෙක ගෙවල නිදහස්වෙල යන්න ගියා. ගින්න නිවන්න ගිය වියදම හැටියට $මිලියන 2.4 ඉල්ලුව. ලොකු නැව් හිමියකුට මේක කජ්ජක්ද? ටක් ගාල දෙවා දැම්ම. අපි වගේ හිඟන ජාතියකට මේක අති විශාල මුදලක් විශේෂයෙන් පොකැට් වලටත් කීය කීය හරි වැටෙනවනං. මං හිතන්නේ මේගොල්ලන්ට පෙනුන මේ සෙල්ලම සල්ලි ආකාරයක් හැටියට. ඔය පරිසරේ පොඩ්ඩක් දූෂණය උනාට මොකෝ හොඳ සල්ලි මල්ලක් හම්බවෙනවනං. නැව පාවිච්චි කරන තෙල්වලින් ටිකක් ලීක් උනා තමයි.හැබැයි පරිසරයට විශාල හානියක් සිද්ද උනේ නැහැ. එකයි උසාවියෙන් වන්දිය අඩුකලේ. නමුත් විශාල වශයෙන් තාක්ෂනය භාවිත කරපු නිසා එයට $ මිලියන 2.4 වන්දියක් ලැබුන. ඕකයි මානසිකත්වය.

එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් ගින්න නිවන්න 2021 මැයි 21වනදා සාගර සින්දුරල කියන කුඩා ශ්‍රී නාවික පැට්‍රොල් බෝට්ටු 2කකුයි අහස් යාත්රාවකුයි යෙදෙව්ව කියල තමයි ආරංචි මාර්ගවල කියල තියෙන්නෙ. තව ඉන්දියන් වෙරල ආරක්ෂක නැව්ද (ගණන කියල නැහැ ) ඇදගෙන යන නැවක්ද දූත අහස් යානයක්ද එකතුවුනා 25 වනදා පිප්රීමෙන් පස්සේ කියලත් සඳහන් වෙනවා. ගිනි නිවන රසායන කිලෝග්‍රෑම් 425ක් විතරයි පාවිච්චි කරලා තියෙන්නෙ. වතුර කොච්චර ස්ප්‍රේ කරාද දන්නෙ නෑ. ඉතින් මේ වැඩේ ටිකක් මන්දගාමී ලෙස වෙච්ච වැඩක් හැටියට තමයි පේන්නෙ. මේකට ෆුල් ෆෝස් තියා ඉන් අරික් කාලක්වත් දාල නෑ වගේ පේන්නෙ. ප්‍රශ්නේ මේකයි. අපි පුළුවන් දහිරිය දාල ඉක්මනට ගින්න නිවා ගන්නේ අපේ මුහුදු පරිසරයත් එමගින් මනුෂ්‍ය ජීවිත් වලට වෙන්න පුළුවන් හානියත් අවම කර ගන්නනෙ. එහෙම නොකරයි කියන්නෙ අපේ බලධාරීන් අපේ සෞක්‍යය හා ජීවිත ගැන අබමල් රේණුවකවත් තැකීමක් කරල නෑ කියනඑක තමයි

නාරා අධ්‍යක්ෂක ජනරාල් හා ඇමති කාංචන පරස්පරය

දවස් 10ක් තිස්සේ නැව පිච්චෙනවා. 25 වනදා කියන්නේ නැව නැන්ගූරන් දාල දින 5 කට පස්සෙ පිපිරීමක් අතිඋනා. ඉන් පස්සේ කොන්ටෙනර් මුහුදට වැටන්න පටන් ගත්ත. මුහුද හොඳටම ජරා උනා. නැවේ තෙලුත් ලීක් වෙලා මුහුදු වතුර කළු පැහැ වෙලා නමුත් තවත් ආචාර්යවරයෙක් කියනව ප්ලාස්ටික් වලින් ඇරෙන්න මුහුදු පරිසරය දූෂණය වෙලා නැතිලු.නෛට්‍රික් ඇසිඩ් ටොන් 25 ක්ෂණයකින් තනුකවෙලා යනවලු. මේවා හොඳයි කොන්ඩෙ  බැඳපු චීනුන්ට කියන්න අපිට නෙවි. පහත තිබෙන ලින්ක් එක Ctrl + ක්ලික් කරලා මිනිත්තු 9.37 සිට 11.22 දක්වා බලන්න.    

නිවුස් ෆර්ස්ට්  මාණ්ඩලික වාර්තාකරු ඔව්  අධ්යක්ෂක  ජනරාල්  තුමනි මේවනවිට මීටත් වඩා බලවත් හානියක් සිදුවෙන්නට පුළුවන් යම්කිසි ආකාරයකින් තෙල් කාන්දුවක් සිදුවුනොත්. ඉතින් මේ වනවිට මේ නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන බවට ඔබතුමාලට ආරංචි මාර්ග ලැබිල ත්යෙනවද?”

නාරා අධ්‍යක්ෂක ජනරාල් ඇත්තටම නෑ. ඇත්තටම මං අද උදෙත් මං දැක්ක වරාය අධිකාරිය සභාපතිතුමා කිව්වා පැහැදිලිවම දැන් නැව නිවල තියෙන්නේ. ඇත්තටම එක අහන්න ලැබීමත් සන්තෝසයක්. මොකද එකට හේතුව තව ප්රධාන විදියට මේ වගේම දූෂණය  වෙන්න පුළුවන් එකෙක් තමයි නැවේ තෙල් ඉසිරුනොත්. නිසා අනිවාර්යයෙන්ම අපි එක වැලක්වියයුතුයි.එනිසා මං හිතන්නේ දැනටමත් පිළිබඳව පියවර අරන් තියනව. මම හිතන්නේ එහෙම එකෙක් වෙන්න එපා කියල අපි ප්රර්ථනා කරනවා

නාරා අධ්‍යක්ෂක ජනරාල් වරයා මේ ප්‍රකාශය කරන්නේ 28-05-2021. නමුත් රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මහතා මහජන චීන ජනරජයේ නිල ආරංචි මාර්ගයක් වන ෂින්යුව ඒජන්සිය හරහා කියන්නේ 25-05-2021 වනදා සවස් වනවිටත් ගිනිගන්න නැවෙන් තෙල් කාන්දුවීම සිදුවී ඇති බවයි. පහත විස්තර බලන්න.

ෂින්යුව (Xinhua) කියන්නේ මහජන චීන ජනරජයේ නිල ප්‍රවුර්ති සේවයක්. එමගින් 2021 මැයි 26 වනදා නිකුත් කල නිවේදනයක තියෙන්නේ මෙහෙමයි. මෙන්න ලින්ක් එක.

COLOMBO, May 26 (Xinhua) — Sri Lankan authorities said on Wednesday it is monitoring an oil spill from a burning foreign vessel near the Port of Colombo, warning that the oil spill may waft towards the Negombo lagoon in the west coast of the country. කොළඹ වරායට නුදුරුව ගිනිගන්නා විදේශ නැවෙන් වන තෙල් වහනය ගැන සුපරීක්සාකාරීව සිටින බව කියා  සිටින ශ්රී ලංකා බලධාරීහු මෙම තෙල් පටලය මීගමු කලපුව දෙසට ගසාගෙන යාහැකි බවට අනතුරු හැඟවීමක්ද කලෝය

Till Wednesday noon, rescue teams from the Sri Lanka Navy and the Indian Navy were involved in joint efforts to douse the flames onboard the container ship “X-PRESS PEARL” registered under the flag of Singapore, which was carrying 1,486 containers with 25 tons of Nitric Acid and several other chemicals and cosmetics from the port of Hazira, India on May 15.

Sri Lankan State Minister of Fisheries Kanchana Wijesekera said that by Tuesday evening signs of oil spills were found in the ocean near the burning vessel and the fisheries Department, the Marine Environment Protection Authority (MEPA), the navy, the coast guard and other authorities were all working to contain the oil spill and minimize the damage to the marine environment. අඟහරුවාදා (25) සවස වනවිට ගිනිගන්නා නැව  අසල මුහුදේ තෙල් වාහනයේ සලකුණු දක්නට ලැබුන බවත් ධීවර දෙපාර්තමේන්තුවත්, සමුද් පරිසර රක්ෂණ අධිකාරියත්, නාවික හමුදාවත් වෙරල ආරක්ෂක අංශය සහ වෙනත් අධිකාරීනුත් මේ තෙල් වහනය නවතා ගැනීමට හා ඉන් සමුද් පරිසරයට ඇතිවිය හැකි හානිය අවම කර ගැනීමට සාමුහිකව ක්රියා කරමින් සිටින බවත්  ධීවර රාජ් අමාත් කාංචන විජේසේකර මහතා පැවසීය.

මේ දෙන්නම ඇත්ත කියනව වෙන්න බැහැ. මට හිතෙන්න කාංචන චීනය මගින් ලොවට ඇත්ත කිව්ව සහ අධ්යක්ෂ ජනරාල් චේතිය රජ පවුලට නෑකම් කියන බවයි. මේ ආචාරියාට කාංචනගෙ ප්රකාශෙන් පස්සේ උනේ ඉඳුරුවේ ආචාරියාට උනා වගේ වැඩක් නෙව. අනේ පවු.

එකක් කඩතොළු වසා ගන්නට ගොසින් මට උන  කාරියා

දෙකක් කඩතොළු හදා ගත්තයි ඉඳුරුවේ            ආචාරියා

කොවිඩ්-19 සම්බන්ධව මාගේ සහෝදර වෛද් ප්රජාව මේ විදියෙම ස්ථාවරයක් අරගෙන මහජනතාවට අසත් ප්රකාශ කරපු බව මං පෙන්නල තියනව. උසස් රජයේ නිලධාරීන්ගේ කොන්ද කොහේද?

සමාලෝචනය

මෙය සමාලෝචනය කරන්න තිබෙන හොඳම විදිය තමයි පහත සඳහන් ප්‍රශ්නවලට උත්තර සොයන එක.

1) කටාර්හි හමීඩ් වරායාද ඉන්දීය හසිරා වරායද අවසර නුදුන් අන්තරාදායක රසායන ද්‍රව්‍ය තොගයක් කාන්දුවෙමින් පවතින නැවක් සැතපුම් දහස් ගණනක් ගෙවා ශ්‍රී ලංකා මුහුදු තීරයට එන්නට අවසර දුන්නේ අපට මෙය සමතයකට පත්කිරීමට හා ගින්නක් ඇතිවුනොත් එය කඩිනමින් නිවා දැමීමට  හැකිවේය කියන දැඩි විශ්වාසය මතද? උත්තරය:- නැත කියා හැඟේ.

2) අපේ සාගර තීරයට එන්නට කලින් මේ නෞකාවේ කන්ටේනර් 1486 අඩංගු දෑගැන සවිස්තර ප්‍රකාශයක් ශ්‍රී ලංකාව වෙත ඉදිරිපත් කලාද? උත්තරය:- නැත කියා හැඟේ.

3) මේ නෞකාව ගිනිබත් වී පුපුරා යාමෙන් ශ්‍රී ලංකා සාගර පරිසරයට හා එමගින් මනුෂ්‍යයින් ඇතුළු ජීවීන් අභියස ඇති අවදානම හරියාකාර තක්සේරු කලාද? උත්තරය :-නැත කියා හැඟේ

4) මෙවැනි ඇසිඩ් කාන්දුවන අන්තරාදායක නැව් ගින්නක් පාලනය කිරීම සඳහා කලින් කී වරාය දෙකම නොසතුව තුබූ දැනුම හා තාක්ෂනය ශ්‍රී ලංකාවට මැනවින් තිබේද? උත්තරය :- නැත කියා හැඟේ.

5) හදිසියේ ගින්න පාලනය කරගැනීමට බැරිවී පුපුරායාමෙන් සාගර දුෂණය අවම කිරීමට පෙර සුදානමක් තිබීද? උත්තරය:-නැත කියා හැඟේ 

එහෙනම් ඇයි නැවට එන්න දුන්නෙ?

ලැයිසක්කගෙ ගෙට පස්සේ දොරින් රිංගපු අබුබකර් මුදලාලි රුපියල් දාහක් විසිකරලා ඉස්සර දොරින් ශේප් වෙලා ගියා වගේ කතාවක්ද? ලැයිසක්ක කියන්නෙ අපේ ගමේ හිටපු හිතහොඳ ගෑනියෙක්. මේකට වැඩිය අනං මනං අවශ්‍ය නැහැ. කලිනුත් නැව් ගින්නක් නිවල ගානක් හොයාගත්ත නෙව. මේකෙන් ඊට වඩා ලොකු ගානක් පොඩි ගේමක් දීල ශේප් කරගන්න පුළුවන් වේවි කියන මානසිකත්වයෙන් කරපු වැඩක් කියල මට හිතෙනවා. මේක තමයි මේ ගැන කතාකරපු හැම ඇමති රාජ්‍ය ඇමති කෙනෙකුගේම ස්තාවරය. ඔවුන් කතාකරේම වන්දි මුදල් ගැනමයි. පරිසර දුෂණයට හූ කේයාර්ස්? පරිසර දුෂණය වහගන්න බලධාරී නිලධාරීන් ෆුල් සපෝට් එකක් දුන්න වගෙත් පේන්න තියෙනවා. ඔක්කොම ලින්ක් ටිකේ තියෙන ක්ලිප්ස් ටික මුළුමනින්ම බලන්න. එතකොට තමයි පික්චර් කම්ප්ලිට්. ඔබ සැමට තිසරණ සරණයි.

අනේ දරුවනේ මට උන්           වියෝයා

මගේ වතුරෙ තෙල් පැතිරී     ගියෝයා

කොරලුත් මානසුත් දියවී       ගියෝයා

ඉන්නට තැනක් හරිගස්සා    දියෝයා    

Print Friendly, PDF & Email

Latest comments

  • 6
    0

    Thank you Dr Janapriya. May all the gods be on your side helping your fearless efforts. Btw What happened to all others in your age group ?
    මේ රටේ මිනිසුන්ගේ වරද කියල කියන එකත් වැරදියි. මන්ද ජනමාධ්‍ය ගනිකාවන් එවුන්ගේ කටයුතු වැරදිව කරල ජනතාව නොමග අරින නිසා තමයි.. මිනිමරුවන් වුම්නත් උන්ඩගු වෙලා… රටවල් විනාශ කරන්නෙ. මේ දෙය ඇමරිකාවෙන් ට්රුම්ප් හරය උනා… දැන් ඉන්න ජනප්ති … ඒ ට්රුම්ප් කරපු ජාති යතා තත්වයට පත් කරල… කරන මෙහෙයුම මුලු යුරෝපයම දන්නව…
–
https://www.youtube.com/watch?v=5o1bo7ElUrI
අපේ වෙලා තිබෙන්නෙ… දැනගෙන රැවටුන වලේ.. දවල්ටත් වෙටෙන විදියට මිනිසුන් මීහරකුන්ගෙන් වෙනස් නොවන තරම පහත් මිත්යාවලින් ගොලුවෙලා… ඒකෙදි මා හිතන විදියට ඕනැම පරාද කාරයෙකුට රජ කරන්න ලැබෙනව..
    අද වෙලා තිබෙන්නෙ… මේහරකෙක් වාගෙ නූගත් මිනිහෙක්,ගෝටබය ජනපති කරල අද අත් වින්දින අකරතැබ්බය වචන වලින් නිම කරන්න බැරි තරම්. මේක දේව ශාපයක් කියල මට විතරද හිතෙන්නෙ ?
.
මේ කත වලින් පෙන්නුම් කරනව.. මේක පලවෙනි වතාව නොවෙයි මේ රටේ මුහුදු සීමාවන්ට කිට්ටුව නැව ගිනි අරගෙන තිබීම… මේකෙදි වෙලා තිබෙන්නෙ… ගොන්තඩියො බලයට ඇවිදින් උන් හිත හිත ඉන්නව.. පල්හොරු නිසා.. කොහොමද උන්ගේ මුදල් ගරා ගන්නෙ කියල… ගෝටබය කියන්න.. පට්ට පල් හොරගෙඩියෙක්… මේකගේ රෙකෝඩ් බලපු වාම් ලොවටම වැටහුනා ගෝටබය ඉන්න ඕඔන හිර බාරයේ කරපු අපරාද වලට.. එනමුත් තිරිසන්නු මෝඩයො පිරුනු අපේ රටේ ඒ මිනිහා වාගෙ මෝඩය රජ කරල මේ රට විනාශ කරන්න තරම්… පහතට වැටුන..

    • 6
      0

      සොරකම සහ කොල්ලකැම
      තම ජීවිතය කරගත් බලවත් පිරිසක්
      සමාජයකට රජ කරන කල
      එම සොරකම් සහ කොල්ලකෑම් වලට
      අනුබල දෙන නීති රාමුවක් සැකසෙන අතර
      එසේම ඔවුන් තම සොරකම් සහ කොල්ලකෑම්
      වර්ණනා කරන සදාචාර පද්ධතියක්ද, සකසනු ඇත…

      ෆෙඩිරික්ස් බැස්ටියා
      ප්‍රංශ ආර්ථික විද්‍යාඥ

      සොරකම සහ කොල්ලකැම
      තම ජීවිතය කරගත් බලවත් පිරිසක්
      සමාජයකට රජ කරන කල
      එම සොරකම් සහ කොල්ලකෑම් වලට
      අනුබල දෙන නීති රාමුවක් සැකසෙන අතර
      එසේම ඔවුන් තම සොරකම් සහ කොල්ලකෑම්
      වර්ණනා කරන සදාචාර පද්ධතියක්ද, සකසනු ඇත…

      ෆෙඩිරික්ස් බැස්ටියා
      ප්‍රංශ ආර්ථික විද්‍යාඥ

      සොරකම සහ කොල්ලකැම
      තම ජීවිතය කරගත් බලවත් පිරිසක්
      සමාජයකට රජ කරන කල
      එම සොරකම් සහ කොල්ලකෑම් වලට
      අනුබල දෙන නීති රාමුවක් සැකසෙන අතර
      එසේම ඔවුන් තම සොරකම් සහ කොල්ලකෑම්
      වර්ණනා කරන සදාචාර පද්ධතියක්ද, සකසනු ඇත…

      ෆෙඩිරික්ස් බැස්ටියා
      ප්‍රංශ ආර්ථික විද්‍යාඥ

    • 5
      0

      Dear Friends,
      .
      “දූෂණය යනු පිළිකාවක්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පුරවැසියෙකුගේ ඇදහිල්ලෙන් ආහාරයට ගන්නා පිළිකාවක්, නවෝත්පාදන හා නිර්මාණශීලිත්වය සඳහා සහජ බුද්ධිය අඩු කරයි.” – ජෝ බිඩෙන්, එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති.

      This is the reality in SL today.

  • 1
    0

    ලීලගේමල්ලි,
    ප්‍රිය මහතාණෙනි, ඔබගේ ප්‍රතිචාරයට මම අනේකවාරයක් ස්තුති කරමි. ඔබගේ ප්‍රශ්නය වන මාගේ සමකාලීනයන් හෝ මාගේ වුර්තිමය එක්වයස් සගයින්ගේ නිහඬත්වය සමාජීය හරස් කඩයක ප්‍රත්බිම්බයක්සේ සැලකිය හැක. මා වාගේ සාමුහිකව සිතීමට, සාමුහිකව කටයුතු කිරීමට හා වරද දුටුකල සාමුහිකව නැගී සිටීමට නොපසුබටව ඉදිරියට ආ ප්‍රමාණය අතලොස්සකි. අයුක්තියට විරුද්ධව නැගිටීම නමැති මාගේ ක්‍රියාව මා ඉතා කුඩා කල සිට ප්‍රගුණ කරගත් දෙයක් හැටියටයි මා දකින්නේ. ඇත්තවශයෙන්ම එය මාගේ දෙමවුපියන්ගෙන් මාහට දායාද කල දෙයකි. පාසැල් ජීවිතයේදීද. විශ්ව විද්යාලයෙදීද, අවුරුදු 35 කට වැඩි ශ්‍රී ලංකා වුර්තිමය අවදියෙදීද සහ අවුරුදු 15 කට ආසන්න එංගලන්ත වුර්තිමය ජීවිතයේදීද මම අයුක්තියට විරුද්ධව නැගී සිටියෙමි. මේ විද්‍යුත් පුවත් පත හරහාද දැනට මා කරගෙන යන්නේ මේ අවුරුදු 65ක් විතර කාලයක් තුල කරගෙන ආ දෙයමය. බොහොවිට මෙය මට පෙර දිවියකින් ලැබුන දෙයක් වන්නටත් පුළුවන.
    මේ ක්‍රියාකලාපය නොකඩවා කරගෙන යනු පිණිස ස්වභාව ධර්මයා විසින් මාහට කරුණාබර දෝතක් දිගුකර ඇත. ඒ කියන්නේ නිර්භීත මනසක් සහ නිරෝගී කයක් ගැනය. මාගේ සමකාලීන වෛද්‍යවරු දොළොස් දෙනෙකු පමණ (1967 පේරාදෙණිය වෛද්‍යවිද්‍යා කණ්ඩායම 76 කි.) දැනට අප අතර නැත. ශ්‍රී ලංකාවේ සිටින බොහෝ අය හට නිරෝගී දායාදය අහිමිවී ඇත. එංගලන්තයේ සිටින අයගෙන් කීපදෙනෙක්ද දිවංගතවී ඇත. ලන්ඩන් කිංගස්ටන් රෝහලේ සේවයකරමින් සිටියදී කොරෝන වැලඳී ඒ රෝගයෙන් මෑතදී දිවංගතවූ වෛද්‍යවරයා අන්තිමටම අප හැර ගිය සමකාලීන සගයකි. ඉතිරි අය ජීවිතය සැන්දෑ කාලය නිදහසේ ගත කරනවා වෙන්නට පුළුවන. ඔවුනට දොස්කිය නොහැක.

  • 1
    0

    ඔබතුමා විසින් අසනලද පශ්නය ගැන මට කිසි ගැටළුවක් නැතිවුවද ඉංගිරිසි ලිපි වලට සැනින් ප්‍රතිචාර දක්වන ඔබගේ සගයින් සිංහල ලිපි පිලිබඳ නිරූපණය කරන ප්‍රතිචාරය (ප්‍රතිචාර නොදැක්වීම) ආශ්චර්යය මත ගොඩනැගුන ගැටළුවක් බවට පත්වී ඇත. අප ප්‍රයත්න දරන්නේ මේ අප්‍රසන්න පාලනය පිටුදැක යහපත් පාලකයින් පත්කරගැනීමට නම් ඉංගිරිසි බසින් අදහස් හුවමාරු කරගනිමින් එකිනෙකාගේ පිට කසාගන්නා සීමිත පිරිසකින් ඒ සිහිනය සැබෑකරගන්නට පුළුවන්යැයි සිතන්නට අපහසුය. එමගින් අප කරන්නට හදන්නේ කරුණු දැන උගත් ඇය නැවත දැනුවත් කිරීමට යත්න දැරීමය. අපේ දර්ෂණය අප දස අත පැතිරවීමට උත්සාහ කළයුතුව ඇත. අපේ හැඟීම් රාජකීය, ශාන්ත තෝමස්, ආනන්ද, නාලන්ද, රිච්මන්ඩ්, මහින්ද, කිංග්ස්වුඩ්, ධර්මරාජ වැනි සීමිත සමාජයක සංසරණය කරවීම අප සමච්චලයට ලක්කරන වෙන කිසිවක් නොව “කොක්ටේල් පාටි පොලිටික්ස්” මය. මින් කාහටවත් කිසිම සෙතක් නොවේ. එය අපගේ අගනා කාලය කාදැමීමක් පමණි.
    තවද, මාගේ සමකාලීනයින්ට සිංහල භාෂාව හැසිරවීම අපහසු කාර්යයක් වීම ආශ්චර්ය ජනකය. පොෂ් සිහලුන් සිංහල බෑ කියා කියන්නේ ඉතා උඩඟු කමෙකිනි. මොවුන් තමන් ගැන ලජ්ජා විය යුතුය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.