20 July, 2024

Blog

බදු බර අඩු කිරීම

මහින්ද රාජපක්

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සහ රාජ්‍ය සේවයේ වැදගත්ම අංශ නියෝජනය කරන වෘත්තිකයන්ගේ සංගම් සහ වෘත්තීය සමිති 40ක් පමණ මාස ගණනාවක සිට ආදායම් බදු අඩු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ වල නිරතව සිටිති. මේ අතර, ඉහළ බදු බර හේතුවෙන් උගත් වෘත්තිකයන් සහ ඉහළ පුහුණුව ලත් වෙනත් ශ්‍රේණින් රට හැර යෑමට පෙළඹීම නිසා තවත් අර්බුදයක් නිර්මාණය වී ඇත. 2024 අයවැයෙන් වැට් බද්ද වැඩි කිරීම නිසා 2024 වර්ෂයේදී බදු ප්‍රතිපත්තිය රටේ ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත් වීමට නියමිතය.

බදු අඩු කළ යුතුය යන ඉල්ලීම ඉතාමත්ම ශක්තිමත් ආර්ථික මූලධර්ම මත පදනම් වූ ඉල්ලීමක් බව අප ප්‍රථමයෙන්ම කිව යුතු ය. බදු බර අඩු වූ විට, පුද්ගලයන්ට මෙන්ම සමාගම් වලට ද වියදම් කිරීමට සහ ආයෝජනය කිරීමට ඇති මුදල් ප්‍රමාණය වැඩි වේ. මේ ක්‍රියාකාරකම් නිසා ආර්ථිකයට ජවසම්පන්න බවක් ලැබේ. බදු බර අඩු කිරීම මගේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අංගයක් වූ අතර, 2006 සිට 2014 දක්වා කාලය තුළ මේ රට අත්විඳින ලද නව වසරක අඛණ්ඩ ආර්ථික වර්ධනය සාක්ෂාත් කරගැනීමට එම ප්‍රතිපත්තිය විශාල ලෙස දායක විය. ජනතාවට ඔරොත්තු දෙන මට්ටමක බදු බර පවත්වාගෙන යෑම සඳහා 2006-2014 කාලය තුළ අපේ රජය වසරක් පාසා රජයේ බදු ආදායම වැඩි කරණු ලැබුවේ වසරකට රු. බිලියන 100ක් වැනි අගයකිනි. ජනතාව මත පටවන බදු බර අඩු මට්ටමක පවත්වාගන්නා අතරතුර, එම ප්‍රතිපත්තියේ තිරසාර භාවය සහතික කිරීම සඳහා, 2005 අවසානයේ 90% ක් වූ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාතය මගේ ආණ්ඩුව සුපරීක්ෂාකාරී ආර්ථික කළමනාකරණය තුළින් 2014 අවසානය වන විට 69% දක්වා අඩු කළේය.

නමුත් පසුගිය වසර ගණනාව මුලුල්ලේ, රාජපක්ෂ නාමය සමඟ යන්තම් හෝ ගෑවී තිබුණ සෑම දෙයකටම කිසිදු වගවිභාගයකින් හෝ කරුණු සොයා බැලීමකින් තොර විරෝධයක් ගොඩ නැගීම අරමුණු කරගත් ඉතා මැනවින් සංවිධානය කරණු ලැබූ ප්‍රචාරක ව්‍යාපාරයක් විය. අඩුවෙන් බදු අය කිරීමේ ආර්ථික ප්‍රතිපත්තියත් එම රාජපක්ෂ විරෝධී ප්‍රචාරයේ ගොදුරක් බවට පත් විය. අඩුවෙන් බදු අය කිරීමේ මුලු සංකල්පයම කළු කිරීම සඳහා රාජපක්ෂ ආණ්ඩු තම ගජමිතුරන්ට උදව් කිරීමට බදු අඩු කළ බවට චෝදනාවක් ජනගත කරන ලදී. එය සම්පූර්ණ මුසාවකි. බදු නිදහස් කිරීම් ලබා දිය හැක්කේ ආයෝජන මණ්ඩල පනත සහ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත වැනි නීති යටතේ නිශ්චිත ව්‍යාපෘති සඳහා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා පමණි.

2015 දී අපේ ආණ්ඩුවේ පරාජයෙන් පසු, අඩු බදු ප්‍රතිපත්තියක් වෙනුවට ඉහළ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලදී. එයත් සමඟම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2015 න් පසු වසරක් පාසා අඩු වී, 2019 වන විට ඍණ 0.2 දක්වා පහත වැටුණි. 2015-2019 රජය යටතේ, බදු බර වැඩි වෙන අතරතුර අයහපත් ආර්ථික කළමනාකරණය හේතුවෙන් විදේශ ණය තොගය ද වේගයෙන් වැඩි විය. 2015 ජනවාරි මාසයේදී මා ජනාධිපතිවරණයෙන් පරදින විට, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය ඇ.ඩො. මිලියන 5,000ක් විය. 2020-2022 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර තොගයෙන් ඇ.ඩො. මිලියන 2,500 ක් ගෙවා දැමීම නිසා මගේ කාලයේ ලබාගත් ස්වෛරීත්ව බැදුම්කර වලින් දැන් ගෙවීමට ඉතිරිව ඇත්තේ ඇ.ඩො. මිලියන 2,500 ක් පමණි.

නමුත් 2015 සහ 2019 අතර පැවති ආණ්ඩුව නව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඇ.ඩො. මිලියන 10,000 කට වඩා ලබාගෙන තිබීම හේතුවෙන්, අපට තවමත් ඇ.ඩො. මිලියන 12,500 ක ස්වෛරීත්ව බැදුම්කර තොගයක් ගෙවීමට ඉතිරිව තිබේ. අපේ ආර්ථිකයේ කොන්ද කැඩුණේ 2015 සහ 2019 අතර ලබාගත් මේ ඇමෙරිකානු ඩොලර් මිලියන 10,000ක නව ස්වෛරීත්ව බැදුම්කර නිසා ය. 2019 අවසානයේ මම නැවත වරක් අගමැති වී මාස කිහිපයකට පසු කෝවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවට පැමිණි විට, අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් හදිසි ආධාර ඉල්ලා සිටියෙමු. ඒ අවස්ථාවේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපට දන්වා සිටියේ, අප රටේ ණය තොගය සීමාව ඉක්මවා ගොස් තිබුණු නිසා ඔවුන්ගේ හදිසි සහන පැකේජය ලබා ගැනීමට අපට සුදුසුකමක් නොතිබුණු බවයි.

ඉන්පසු, ඔවුන්ගේ සහය අපට ලබා ගැනීමට හැකිවන පරිදි සුදුසුකම් ලබා දෙන කොන්දේසි මාලාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අපට යෝජනා කර සිටියේ ය. නමුත්, එදා එම කොන්දේසි අප පිළිගත්තේ නම්, 2020 සහ 2021 වසරවල අප සිදු කළ ආකාරයට කෝවිඩ්-19 වසංගතයට මුහුණ දීමට නොහැකි වනු ඇත. වත්මන් රජය දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනක කොටසක් හැටියට දැඩි කොන්දේසි ක්‍රියාත්මක කරමින් සිටී. මේ ආකාරයට එක දෙයකින් තවත් දෙයකට මඟ පෑදුණු අතර මේ සියල්ලේම අවසන් ප්‍රතිපලය වී ඇත්තේ, විශ්ව විද්‍යාල උපාධි සහ වෘත්තීය සුදුසුකම් ඇති ඉහළ පෙළේ වෘත්තිකයන් බදු අඩු කරන ලෙස ඉල්ලමින් මහ පාරේ උද්ඝෝෂණය කරන තත්ත්වයක් ඇති වීමයි.

මා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වූවත්, වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයා වන්නේද අපට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාලන පක්ෂයක නායකයෙකි. මේ රට සම්පූර්ණයෙන්ම අරාජික තත්ත්වයකට පත්වීමේ තර්ජනයක් පැවති අවස්ථාවක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කාලය තුළ රට පාලනය කිරීමට පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කරන ලදී. නව ජනාධිපතිවරයා රටේ නීතිය හා සාමය ඉතා සාර්ථකව යථා තත්ත්වයට පත් කළේය. ඔහු දැන් විධායක ජනාධිපතිවරයා ලෙස රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවයි. මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීමය.

අනාගතයේ දී සෑම ඡන්දදායකයෙකුම තමන් ඡන්දය දෙන පක්ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මැතිවරණ ළං වන විට, නොයෙක් ප්‍රචාරක උපක්‍රම හා සමාජ මාධ්‍ය මෙහෙයුම් හරහා ජනතාව කුලප්පු කර ඔවුන් කිසිදු වගවිභාගයකින් තොරව කඩිමුඩියේ අන්ධ ලෙස කිසියම් දිශාවකට රැගෙන යෑමේ උත්සාහයන් නැවත වරක් අපි දකිමු. ඉදිරි මැතිවරණවලදී ජනතාව කුමන තීරණයක් ගත්තත් එය තාර්කික චින්තනය හා නිවැරදි කරුණු සහ දත්ත මත පදනම් වූ තීරණයක් විය යුතුය. අපි තවමත් ජීවත් වන්නේ 2015 ජනවාරියේ ඇතැම් ඡන්ද දායකයන් අපරික්ෂාකාරී ලෙස ගත් තීන්දු වල ප්‍රතිවිපාක තුළය. තවත් එවැනි වැරැද්දක් මේ රටට දරාගත නොහැකි වනු ඇත.

*මහින්ද රාජපක්(පා.ම) – නායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Print Friendly, PDF & Email

Latest comments

  • 5
    1

    හිතවත් තීක්ෂණ පාඨකයිනි, මැතිවරණ සංඥාවක් දිවයින පුරා කැරකෙන විට ඊළඟ උපක්‍රමය වන්නේ රට අරාජිකත්වයෙන් ගොඩගත් වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව ගෝඨා තීන්ත ආලේප කිරීමයි. ඔවුන් තම ඡන්දදායකයින් දිනා ගැනීම සඳහා සත්‍යය වෙනුවට අසභ්‍ය බව ආදේශ කරනු ඇත. ගිය පාර රනිල්ගෙන් සිරිසේනගෙන් රට බේරගන්න. මේ වෙලාවේ මිනිස්සු හැම අතින්ම අබ්බගාත වෙලා නිසා ඒ අයට වැඩිය කරන්න දෙයක් නැහැ. මේ ලේ උරා බොන අය ප්‍රසිද්ධියේ තහනම් කළ යුතුයි.
    .
    දිනුම් ඇදීම විශාල වන තරමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට “අවදානමට ලක්වූවන්” රවටා ඡන්ද දිනා ගත හැකිය.
    . අපරාධ දේශපාලනයේ මහේන්ද්‍ර රාජපක්‍ෂ ගැන අපේ මිනිසුන්ගේ අවබෝධය දියුණු කළ යුතු වන්නේ ඔවුන්ව ධනවත් කළා පමණි.
    .
    tbd

  • 5
    1

    මේ මිනිසා මේ ජාතියේ සැබෑ මාරාන්තික පිළිකාව වන්නේ ඔහුගේ මැදිහත්වීම තම ආත්මාර්ථකාමී වාසි සඳහා මිනිසුන් රවටන බැවිනි. ගම හරහා තමන්ගේ දේශපාලනය ගැන බොරු ප්‍රචාරය කරනවා. බල තණ්හාවට එහෙම කරලා තියෙන්නේ මේ ජාතිය තවත් විනාශ කරන්න. ඔවුන්ගේ පුතුන්ගේ අනාගතය සඳහා ඔවුන්ගේ අවජාතකකරණය. නුදුරු අනාගතයේ මතුවන ඕනෑම ආකාරයක බලගතු බලවේගයක් විසින් මෙම මිනිසුන් සදහටම සිරගත කළ යුතුය.
    .
    අවාසනාවන්ත ලෙස; ඇත්තටම අපේ මිනිස්සු පෙනුමට වඩා මෝඩයි. එතනින් එහාට බලන්න සමාජයේ හැම තරාතිරමකම මිනිස්සුන්ගෙන් 10%ක්වත් බුද්ධිමත් නැහැ.
    මේ මනුස්සයා අපේ සමාජයේ හැමදෙයක්ම වගේ විකෘති කරලා මේ ජාතිය විනාශ කරන්න හැදුවේ අවංක දේශපාලනයට වඩා ජනප්‍රියත්වය හරහා අවධානය දිනාගන්න. හොඳම නිදසුන වත්මන් තත්ත්වයත් සමඟ ජීවන වියදම අහස උසට නැඟී ඇතත් ගම්බද ජීවත්වන මැදිවියේ ගැහැනු පිරිමින්ගෙන් ඇසුවොත් ඔවුන් මහින්දගේ සැබෑ නම “මහේන්ද්‍ර” ට වැඳ වැටෙනු ඇත.

  • 5
    0

    Dear Lester,
    මැදමුලන බල්ලන් කළ ආකාරයට CBK කිසිදා රාජ්‍යය කොල්ලකෑවේ නැත. 90 දශකයේ මැද භාගයේදී බර්ලිනයේ සහ බොන්හිදී දිවංගත කදිරගාමර් මහතා හමුවී ඇති නිසා මම එය හොඳින් දැන සිටියෙමි. ඔහුගේ විදේශ කටයුතු ඕනෑම පොහොසත් rataka කොටි thahanama ලබා ගැනීමට සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස “භීෂණය රටින් තුරන් කිරීමේ” ගෞරවය හම්බන්තොට බල්ලන්ට ලබා ගැනීමට හැකි විය. ඇයගේ පාලන කාලය තුළ මාර්ග සහ ඉදිකිරීම් සැලසුම් කරන ලදී. ඒ වගේම ලොකු නෝනා ඔවුන්ගේ රටේ නායකයා නොවන්නට සුනාමිය ගොඩ එන්නේ නැහැ. වෙනත් ඕනෑම ව්‍යාපෘතියක් සඳහා වන පරිදි, bugger et al සුපුරුදු පරිදි ණය ලබා ගත්තේය. අදත් ලෙස්ටර් වගේ මෝඩ මිනිස්සු තමන්ගෙ බොරුව විශ්වාස කරනවා. You the kind of STUPID people are to blame for making idiots as gods to this naiton.
    .
    SRILANKEN ගුවන් සේවය එමිරේට්ස් සමඟ ඒකාබද්ධ කිරීම රටට බිලියන ගණනක ලාභයක් ගෙනාවා. එය CBK පරිපාලනයට ස්තුතිවන්ත විය. කෙසේ වෙතත්, බල්ලන්ගේ විකෘතිය ගුවන් සේවය බංකොලොත් සංවිධානයක් බවට පත් කරයි.
    .
    කෙසේ වෙතත්, ලෙස්ටර් හෝ පිංගෝනා වැනි අය බහුතරය වූ නිසා මුල සිටම හොරු රැලක් වලව්ව හිමිකරුවන් බවට පත් විය. මිනිසුන්ගේ මනෝවිද්‍යාවට “සූනියම්” සහ “ජ්‍යොතිෂය” එන්නත් කරමින් එය සිදු කළ ආකාරය ඉතා කදිමයි: අදටත් ලෙස්ටර් හෝ වැන්නවුන් බටහිර වෛද්‍ය විද්‍යාවට ප්‍රසිද්ධියේ ගරු කරන්නේ නැත, ඔවුන්ට විවිධ සාපවලට ලක් වුවද. පිළිකා වල.

    • 2
      0

      Leela,

      බණ්ඩාරනායකය කියන්නෙ කව්ද?

      බණ්ඩාරනායක කියන්නෙ මේගොල්ලන්ගෙ ඇත්ත නම නෙමයි , බණ්ඩාරනායකගෙ සීයාගෙ නම “නීලම්පෙරුමාල්” දකුණු ඉන්දියාවෙන් 1800 ගණන් වල අපේ රටේ පාරවල් හදන්න කරත්ත වලින් ගල් අදින්න ආපු hak hak

      හොරාගේ නෑයෝ: https://srilankabrief.org/sri-lanka-brief-update-impunity-papers-01-the-case-of-minister-lohan-ratwatte/ (ලැජ්ජයිද?)

      Lower the tax, MaRa is right. Sri Lanka is not Sweden.

      • 1
        1

        Lester the permanent backlicker to Rajapakshe rascals,
        .
        බණ්ඩාරනායක මැතිතුමා මේ ජාතියට යම් අභිමානයක් ලබාදුන් විශිෂ්ට දේශපාලනඥයෙක්. මම යුරෝපයට ඇතුළු වූයේ 90 දශකයේ මුල් භාගයේදී උසස් අධ්‍යාපනය ලැබීමtaයි. එහිදී සමහර මහාචාර්යවරු මාව පිළිගත්තා “බණ්ඩාරනායකගේ රටේ තරුණයා” කියලා. අද අපේ බෑනලා යුරෝපයට අධ්‍යාපනයට යැව්වොත් ඒ රාජපක්ෂ හොරාගේ ඉඩම කියමින් නළල රැළි ගනියි. බණ්ඩාරනායක සහ මික්ස් මැදමුලන් බැල්ලිගෙ පුතාලගෙ ලොකුම වෙනස ඒකයි. Bandaranayakas never looted the state to the manner Rajapakshe dogs did it and is doing yet today.

        බි‍්‍රතාන්‍ය පාලනය අවසන් වූ වහාම යටත් විජිත ස්වාමිවරුන් සහ මිනිසුන් අතර අනාගතය ගැන කිසිම අවබෝධයක් නැති වෛරයක් ඇති විය. ඒ නිසා තමයි ඒ බලවේග 5 එකතු වෙලා සාමූහිකව නැගී සිටියේ. ඒ වෙනුවෙන් ඔහු ජීවිතය පරිත්‍යාග කළා. කෙසේ වෙතත්, පසුව සිදු වූ දේ සහ අද සිදුවෙමින් පවතී. මාර කියන උගත්කම ප්‍රශ්නාර්ථයක් තියෙන මිනිහා සිංහල ජාතිවාදයයි බෞද්ධකමයි සමාජයට උඩින් තබමින් ජාතිය විනාශ කරන්න ආවා. අනික SWRD එක කළා ඒකෙන් අපිට ඉගෙන ගන්න තිබුනා. මේ රට අමෝක් තැනක් කළේ මැදමුලන බැලිගේ පුතාලා.

        • 1
          1

          යුද්ධයෙන් තොර රටකට එරෙහිව නැගී සිටි ඔවුන්ගෙන් සමහරක් සමඟ මා කටයුතු කළ නිසා මම දිවංගත කරිගාමර් මහතාගේ සහ CBK ගේ විදේශ කටයුතු සැබවින්ම දැන සිටියෙමි. කදිරගාමර් මහතා සහ ඔහුගේ දේශන බලගතු ජාතීන් එක්ව එල්.ටී.ටී.ඊ.ය ඔවුන්ගේ භූමියේ තහනම් කිරීමට කටයුතු කළ ආකාරය මම අගය කළෙමි. CBK ගේ විදේශ කටයුතු රාජපක්ෂ රස්තියාදුකාරයන් මෙහෙයවූයේ යුද්ධය අවසන් කිරීමේ ගෞරවය උදුරා ගැනීමටය. රාජපක්ෂලා උපතින්ම කොල්ලකාරයෝ මිස වලව්වේ අයිතිකාරයෝ නෙවෙයි. බගර් ජනාධිපති ධූරයට පත්වීමට ටික කලකට පෙර ඔවුන් කොළඹ නගරයේ ජීවත් වූ ආකාරය සනාථ කිරීමට අවශ්‍ය තරම් වීඩියෝ තිබේ. මම මිනිහාට වෛර කරනවා, ඔහු ජනාධිපති වූ දින සිට. මම නැවත කීවෙමි, ඔහු මේ රටට සැබෑ පිළිකාවක් වනු ඇත. දැන් මිනිසුන් ගොළු වී ඇත, කෙසේ වෙතත්, ඔබේ ස්වභාවයේ තණකොළ කන්නන් එය කිසි විටෙකත් නිවැරදිව නොදකිනු ඇත.

  • 1
    0

    Somewhere in the article, this “CRIMINAL” (MR) says: “The present Government is at the moment implementing some draconian terms imposed by the IMF”.

    What a BASTARD to say this! Didn’t he VOTE in Parliament on the motion that entrusted all the POWER and AUTHORITY to President Ranil W to implement all the terms and conditions entered into the “Agreement” of the IMF? It is DISGUSTING to read through this article and note how he (MR) still thinks the people of this country are a set of “Puthalam Booruwas”?

    The PEOPLE are waiting (in silence) to teach this BASTARD and his TEAM a lifelong lesson.

    Sorry for writing in English.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.