25 April, 2024

Blog

දිග්ගැස්සෙමින් කල් ඇදෙන ‘ගුරු’ අරගලය

මෛත්‍රීපාල තෙන්නකෝන් –

දැනට මාස දෙකකටත් වැඩි කාලයක් තිස්සේ වැටුප් සංශෝධන අරගලයක් ලෙසින් වර්ධනය වෙමින් පවතින විදුහල්පති සහ ගුරු ප්‍රශ්නය රටේ මහත් ආන්දෝලනයක් ඇතිකරමින් දිග්ගැස්සෙමින් පවතී. රජය මෙම කාරණය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවර සහ එම පියවර සම්බන්ධයෙන් දැනට වෘත්තීය අරගලයක යෙදී සිටින සමිති සංවිධාන සමග පැහැදිලි පදනමක් මත සාකච්ඡාවක් නොපැවතීම​ හේතුවෙන් මෙම අරගලය තවදුරටත් ව්‍යාකූලත්වයට​ පත් වෙමින් තිබෙන බව මේ කාරණාව දෙස බාහිර  වශයෙන් බලන පාර්ශවයකට පෙනී යන කරුණක් බව සඳහන් කළ යුතුව ඇත. හේතුව නිසාම ප්‍රශ්නය විසඳුම්කින් තොරව අනවශ්‍ය ලෙස දිග්ගැස්සෙමින් පවතින බවක්ද පෙනී යයි. මෙය ජාතික වශයෙන් ඉක්මනින් විසඳා ගත යුතුව පවතින වැදගත් ප්‍රශ්නයක් බව සියලු රට වැසියන් දෙමව්පියන්ද සිසු දරුවන් සහ ගුරු භවතුන් එකසේ වැදගත්කම්කින් සලකන බවට කිසිම විවාදයක් තිබිය යුතු නැත.

මෙතෙක් මෙම කාරණයට සම්බන්ධ සිදුවීම්  මාලාව නැවත සලකා බැලීමේ දී පැහැදිලිවන කරුණු රාශියක් ඇත. තරමක් දුරට දිග්ගැස්සුණු ක්‍රියාමාර්ගවලින් පසුව වුවද රජය මෙම කාරණය සම්බන්ධයෙන් පැහැදිලි නම්‍යතාවයකින් කටයුතු කර තිබෙන බව මෙතෙක් දුරට ගෙන ඇති ඇතැම් තීරණ වලින් පැහැදිලි වේ. මුළු රටම මුහුණ දෙමින් සිටින බරපතළ ආර්ථික අර්බුදයක් හමුවේ වුවද දිගු කලක් තිස්සේ නොවිසඳී පැවතුණු ගුරු සහ විදුහල් විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් රජය පැහැදිලි ප්‍ර‍තිපත්තිමය එකඟතාවයන්ට පැමිණ ඇති බව දැනට ප්‍රකාශ වී ඇත. එමෙන්ම එම ප්‍රතිපත්තිමය තීරණ කවරේද යන වග ගුරු සංගම් වල විමසීම් වලින් අනතුරුව ඔවුනට නිවේදනය කර ඇති බවත් වාර්තා වේ.

එම් ප්‍රදානයන් නිල වශයෙන් ලබා ගැනීම සඳහා ගුරු සංගම් උත්සුක නොවී සිටීම පිළිබඳව මෙහිදී සඳහන් කළ යුතු වන්නේය. මක්නිසාද ඔවුන් ජනමාධ්‍ය හරහා විවිධ ප්‍රකාශ සහ අදහස් පළ කිරීම්ට පටන් ගත් නමුත් නිල වශයෙන් රජය විසින් ගෙන ඇති තීර්ණ මොනවාද යන්න දැනගැනීම සඳහා නිසි පියවරක් ගෙන තිබුණු බවක් නොපෙනෙන බැවිනි.

දැනට වාර්තා වන තොරතුරු වලට අනුව ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව විමසීමක් ලිඛිතව ලබාගැනීමට පළමුවරට ගුරු සංගම් විසින් ඉදිරිපත් වී ඇත්තේ 2021 සැප්තැම්බර් මස 13 වැනි දින දී පමණකි. ගුරු සංගම් විසින් අධ්‍ය්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා අමතා යවන ලද විමසුම් ලිපියකට සැප්තැම්බර් මස 14 වෙනි දින යටතේ ලේකම් ලේකම්වරයා විසින් පිළිතුරු සපයමින් 2021 -08-31 වැනි දින පැවති කැබිනට් මණ්ඩලයේ දී ගනු ලැබූ ක්‍රියාමාර්ගය පිළිබඳව වාර්තාවක් ඔවුනට ලබා දී ඇත. තවද එම වාර්තාවේ මෙසේ සඳහන් වී ඇති බවත් දැනගන්නට තිබේ;

(1) අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කිරීම;

(2) ගුරු සේවය, ගුරු උපදේශක සේවය විදුහල් විදුහල්පති යන සේවාවන් සංවෘත සේවාවක් වශයෙන් 2021 -11-20 වෙනි දිනට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කිරීම;

(3) ගුරුවිදුහල්පති වැටුප් විෂමතාවන් ඉවත් කිරීම සඳහා නිර්දේශිත වැටුප් සංශෝධනයන්, 2022  අයවැය යෝජනාවක් මගින් අදියර ගතව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම;

(4) 2021 වසරේ සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස දෙක සඳහා, සිය රාජ රාජකාරි කටයුතුවල නිරත වන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා රුපියල් 5000/= බැගින් වන විශේෂ දීමනාවක් ගෙවීම;

(5) අනුකාරක සභාවේ සෙසු යෝජනා පළාත් සභා හා අනෙකුත් අදාළ බලධාරීන් සමග එක්ව අධ්‍යාපන අමාත්‍යංශය විසින් මාස හයක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම; 

මෙම කරුණු අඩංගු ලිපිය අධ්‍ය්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් වෘත්තීය සමිති වෙත ඊට පසුදිනම යවා ඇති බවද වාර්තා වේ.

බැලූ බැල්මට මෙම ලිපිය දැනට පවතින ගුරුවිදුහල්පති ප්‍රශ්න වලට පිළිතුරක් හැටියට පෙනී ගියද එම ලිපියෙන් දන්වා ඇති එකද කාරණයක් සම්බන්ධයෙන් වත් අවසාන තීරණාත්මක නිගමනයක් ප්‍රකාශ වී නැති බව ගුරු සංගම් වල මතය වී තිබේ. මෙය සාධාරණ කාරණයක් හැටියට මෙම ලිපියේ අඩංගු කරුණු පිළිබඳව ඔවුන් පෙන්වා දෙන හේතු දැක්වීම් වලට අනුව පිළිගැනීම්ට සිදුවේ.

එහි සඳහන් වන පළමුවන කාරණය වන්නේ කැබිනට් මණ්ඩලය අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කළ බවයි.

එය සාධනීය ප්‍රතිචාරයක් වශයෙන් බාරගත​ හැකි විය යුතු වුවද නිශ්චිතව වශයෙන් අනුකාරක සභාවේ තීරණ පිළිබඳව නිල වශයෙන් දැනුම්දීමක් සිදු වන තුරු එය සාර්ථක පිළිතුරක් වශයෙන් බාරගැනීම සම්බන්ධයෙන් ගුරු සංගම් දක්වන අවිනිශ්චිත ස්වභාවය සාධාරණ බව විශ්වාස කළ යුතු වන්නේය. මෙතෙක් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් නිර්දේශ කරන ලද කරුණු මොනවා යන වග නිල වශයෙන් ප්‍රකාශයට පත් වී නැත.

ලිපියේ දැක්වෙන දෙවන කාරණය යටතේ ගැසට් නිවේදනයක් නොවැම්බර් මස 20 වැනි දිනට ප්‍රථම නිකුත් කෙරෙන බව සඳහන්ව ඇති නමුත් ප්‍රශ්නයට අදාළව එය  ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව නොයෙකුත් ගැටලු සහගත තැන් ගුරු සංගම් වලට විමසා දැන්ගැනීමට ඉතිරිව තිබෙන බව ගුරු සංගම් විසින් ප්‍රකාශ කර ඇත. එනිසා තාක් දුරට එම කාරණය අවිනිශ්චිත තත්ත්වයකින් පවතින්නක් බව පිළිගත යුතු වේ.

අංක තුන යටතේ දැක්වෙනප්‍රශ්නයට තුඩු දී ඇති ප්‍රධාන කාරණය වශයෙන් සැලකෙන ගුරු සහ විදුහල්පති වරුන්ගේ වැටුප් සංශෝධන පිළිබඳ ප්‍රශ්නය ගැනද එහි සඳහන්ව ඇත්තේ නිර්දේශ කරන ලද වැටුප් සංශෝධනයන් අදියර කීපයකින් ක්‍රියාත්මක කිරීමට​ කටයුතු කරන බවයි. මෙහිදී කරුණු දෙකක් ඉස්මතු වේ. ඉන් පළමුවැන්න නම් නිර්දේශ කරන ලද වැටුප් සංශෝධන කවරේද යන්න නිශ්චිතව වශයෙන් ප්‍රකාශ කිරීමක් සිදු නොවී තිබීම සහ දෙවැන්න නම් එම වැටුප් සංශෝධන වුවදක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පැහැදිලිව සඳහන්ව නොතිබීමයි. අදියර කීපයකින් යනුවෙන් බරපතළ අවිනිශ්චිත තත්ත්වයක් ගුරු සංගම් තුළ හටගෙන ඇත්තේ එය වසර කීපයක් දක්වා දිවෙන අවසාන වශයෙන් ක්‍රියාවට නගන අවධියකදී ඒවා යල්පැනගිය විසඳුම් වශයෙන් පමණක් සැලකිය හැකි ඒවා බවට පත් වීමට ඉඩ තිබෙන පදනම අනුව. එම නිසා එම අදියර කවරේද, ඒවා අදියරෙන් අදියර ක්‍රි‍යාත්මක වන්නේ කුමන ආකාරයකටද යනාදී වශයෙන් සවිස්තරව දැනගැනීමට ගුරු සංගම් දක්වන උනන්දුව ගැන උනන්දුව සහ අභිලාෂය ගැන කිසිවෙකුටත් අමනාප විය නොහැක.

4 වන කාරණය වශයෙන් සඳහන් වන සැප්තැම්බර් ඔක්තෝබර් සඳහා රාජකාරිවල​ නිරත වන ගුරුවරුන් හට රුපියල් 5000/= බැගින් වූ විශේෂ දීමනානාවක් ගෙවීම පිළිබඳ තත්ත්වය​ ගැන ගුරු සංගම් වල ප්‍රතිචාරය වී ඇත්තේ එවැන්නක් බලාපොරොත්තු නොවූ බවත් රජයට අවශ්‍ය නම් එම මුදලද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කිරීමට​ තීරණය කළහොත් එය ගුරු සංගම් අගය කරන තීරණයක් වන බවයි. එහෙත් එය මතභේදය​කට තුඩු දෙන ආකාරයේ ප්‍රශ්නයක් නොවන බව ගුරු සංගම් විසින් පැහැදිලිවම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

අවසානයට අංක 5 යටතේ ලේකම්වරයා විසින් දැනුම්දී ඇති ලිපියේ වාර්තාවන කාරණය වන්නේ අනුකාරක සභාව විසින් නිර්දේශ කරන ලද අනෙකුත් යෝජනා සම්බන්ධයෙන් අධ්‍ය්‍යාපන අමාත්‍යංශ බලධාරීන් විසින් මාස 6 කාලයක් තුළදී සාකච්ඡාකොට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි. මෙහිදීද ගුරු සංගම් වල මතය වී ඇත්තේ එම කාරණා පිළිබඳව සැලකර සිටිය යුතු ප්‍රශ්න රාශියක් තිබෙන බවත් එම ප්‍රශ්න නිසි අයුරින් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් ආමන්ත්‍රණය කර තිබේද යන වග ඔවුන් පැහැදිලි නොදන්නා බවයි. මෙයද සාධාරණ අවිනිශ්චිතභාවයක් නිසා එයට අවස්ථාවක් සලසා දීම දිගු කලක් තිස්සේ පවතින ගැටලු නිරාකරණය කර ගැනීමේ ගැලපෙන ක්‍රියාමාර්ගයක් වනු ඇත.

ගුරු සංගම් විසින් දක්වා ඇති මෙම අදහස් වලට අනුව රජය එක්ක්තරා ප්‍රමාණයක තවදුරටත් නම්‍යතාවය දැක්වීම තුළින් මුල් කැබිනට් මණ්ඩල තීරණයට පටහැනි නොවන ආකාරයේ පොදු විසඳුම් මාර්ගයකට එළඹීමට හොඳටම ඉඩකඩ පවතින බව දැනට උද්ගතවී ඇති තත්ත්වයන් තුළ පැහැදිලි වේ.

බරපතළ ලෙස දිග්ගැස්සෙමින් පවතින COVID-19 වසංගත තත්ත්වය සහ සෞඛ්‍ය ගැටළුවට අදාළ උද්ගත වී පවතින ආර්ථික අපහසුතාවයන් පිළිබඳව ගුරු සංගම් වැනි ප්‍රබුද්ධ සාමාජිකත්වය කින් සමන්විත සංවිධානයකට පැහැදිලි එකඟතාවයකට සහ අවබෝධයකට පත් වීමට අපහසුතාවක් තිබිය යුතු නැත. එබඳු  තත්ත්වයක් තුල රජය විසින් ප්‍රතිපත්තිමය​ වශයෙන් එකඟ වී ඇති සාධනීය විසඳුම් මාර්ගය සර්ව සම්පූර්ණ විසඳුම් මාර්ගයක් නොවූවද අවස්ථානුකූලව පිළිගෙන තවදුරටත් ඒවා  සම්බන්ධයෙන් සාකච්ඡාමය ස්වරූපයෙන් ඉදිරියේදී විසඳාගත යුතු තත්ත්වයකට ඒවා පත්කර ගැනීමට ගුරු සංගම් වලට අපහසුතාවක් තිබිය යුතු නැත. එසේ නම් මේසයක් හරහා පාර්ශව දෙකක් මුහුණට මුහුණ ලා කෙරෙන සාකච්ඡාවක දී මෙම තත්ත්වයන් ඉතා පැහැදිලි ලෙස සැලකිල්ලට භාජනය කරමින් අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවයන්ට පැමිණෙමින් රටේ සිසු පරම්පරාවටත් අධ්‍යාපනයටත් බලපැවැත්වෙන ඉතාමත්ම අහිතකර තත්ත්වයන් මිදී සියලු දෙනාට පිළිගත හැකි විසඳුම් මාර්ගයකට ළඟාවීමට හොඳටම ඉඩකඩක් පවතින බව බාහිරව මෙම ප්‍රශ්නය දෙස බලන ඕනෑම කෙනෙකුට පෙනී යන කාරණයකි.

කිසිම වෘත්තීය​ අරගලයකදී සර්ව සම්පූර්ණ ලෙසින් 100% ක් තමන් ඉල්ලා සිටින අවසාන විසඳුම් මාර්ග ලබා ගැනීමට ඉඩ ලැබෙන අවස්ථාවන් ඉතාමත් විරලබව ඉතිහාසය ඔප්පු කර ඇත. අපහසුතාවයන් මධ්‍යයේ යා හැකි දුරට ඒවා විසඳා ගැනීමට ලැබෙන ඉඩකඩ තුළ ඉදිරියට යමින් තවදුරටත් පහසුකම් සලස්වා ගැනීමේ ඉඩකඩ තබාගනිමින් සමාජයට රටට මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයට හානියක් නොවන ආකාරයට මෙම ප්‍රශ්නය තේරුම් බේරුම් කර ගැනීමට රජය මෙන්ම ගුරු සංගම් නියෝජිතයින් ඉදිරිපත් වී සාධනීය ආකාරයට කටයුතු කිරීම රටේ සියලු දෙනාම අපේක්ෂා කරන කාරණය වී ඇත.

පවතින සම්ප්‍රදායට අනුව බොහෝ අවස්ථාවලදී රජය විසින් දරන ස්ථාවරය වී ඇත්තේ ක්‍රියාමාර්ගයක් පවතින අතරතුර කදී සාකච්ඡා පැවැත්වීමේ සම්ප්‍රදායයක් නොපවතින බවයි. ඉතිහාසය තුළ දී අවස්ථා කිහිපයකදීම එය සනාථ වී ඇත. අනුව ගුරු සංගම් වලට කළ හැක්කේ නැවත පාසල් ආරම්භ කිරීම (එනම් වසංගත තත්ත්වය නිසා වසා දමන ලද පාසල් නැවත විවෘත) කරන අවස්ථාවේදී සාමාන්‍ය ආකාරයට සිය රාජකාරි කටයුතු ආරම්භ කරන අතරතුරදීම කැබිනට් අනුකාරක සභාව සහ කැබිනට් මණ්ඩලයේ තීරණවලට හා නිර්දේශවලට අනුකූලව ඉදිරියට වර්ධනය කරග ගත යුතු පියවර සාකච්ඡා කරමින් එම කරුණු ඉදිරියට ගෙන යෑමයි.

මෙය රටේ සියලු පුරවැසියන් විසින් අගය කරනු ලබන එමෙන්ම දෙමව්පියන්ගේ පුරවැසියන්ගේ සහ සියලුම අනිකුත් වෘත්තීය සමිති වල සහෝදර සාමාජිකයින්ගේ ඇගයීමට ලක්වන පියවරක් වනු බව නොඅනුමානය. 

එමෙන්ම ගුරු සංගම් හැටියට අනාගතයේදී කිසියම් ආකාරයක අනපේක්ෂිත අසාධාරණයක් ඔවුනට සිදු වුවහොත් එසේ නැත්හොත් එවැන්නකට මුහුණ පෑමට අවස්ථාවක් උද්ගත වුවහොත් නැවතත් වරක් සංවිධානයක් වශයෙන් ශක්තිමත්ව එයට එරෙහිව ඉදිරි ඉදිරිපත් වීමට ඔවුනට මේ හේතුවෙන් ශක්තියක් ලැබෙනු ඇත. එනිසා එක පාර්ශවයෙන් ගුරු සංගම් අනිත් පාර්ශවයෙන් රජයද එක්තරා දුරකට සාමාන්‍ය සම්ප්‍රදායෙන් බැහැර වෙමින් සාකච්ඡාමය විසඳුම් මාර්ගයකට එළැඹීමේ වටාපිටාවක් මෙම තීරණාත්මක අවස්ථාවේ ගොඩනඟා ගැනීම සියලු දෙනාගේම යහපතට හේතුවක් වනු ඇතැයි විශ්වාස කරමු.

Print Friendly, PDF & Email

Latest comments

  • 8
    0

    එය බොහෝ කලකට පෙර පැවැත්විය යුතු සාධාරණ විරෝධතාවයකි. අපේ මිනිස්සු ජානමය වශයෙන් උදාසීන ජාතියක්. මම කියන්නේ අපේ බහුතර ජනතාව කාලෝචිත ලෙස ප්‍රතිචාර නොදක්වයි. ගුරුවරු යනු ජාතියක … ජාතියක මුල්ගල් ය. ඔවුන් මෙතරම් කාලයක් සුළු වැටුපකට වැඩ කර ඇති අතර, මෝඩ-ටියුෂාන් කඩ කාරියෝ- ව්‍යාපාරිකයින්ට මිනිසුන්ගේ අවසාන කාසිය උරා බොන්නට ඉඩ සලසයි. අද වන විට ටියුෂන් කර්මාන්තය ඉතා දූෂිත රටේ ඉතා ලාභදායී ව්‍යාපාරයකි. අනුප්‍රාප්තික රජයන් රාජ්‍ය අංශයේ ගුරුවරුන්ගේ අත ශක්තිමත් කළේ නම්, “බන්දුල ගුණවර්ධන” හෝ එවැනි අවස්ථාවාදීන් බෝ කිරීමට අපි පාර කපන්නේ නැත. අද වන විට ඔවුන්ගේ ජරාව ඉතා අපචාරකාරී ලෙස බලමුලු ගැන්වී ඇත
    කෙසේ වෙතත්, හිටපු රජය ගුරුවරුන්ට සහ අනෙකුත් සියලුම රජයේ සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබා දුන් නමුත්, මා දන්නා ගුරුවරුන් ද අමු අමූලික බොරු සහ විවිධ අසත්‍ය මත පදනම් වූ විශාල ප්‍රචාරයන් මඟින් නොමඟ යවන ලද අතර එය ඡන්දදායකයින් ඇමතීමයි. ඔබේ අභිමතය පරිදි හා මන fanකල්පිත දේට පටහැනිව කිසිවක් සිදු නොවුණත් ඔවුන්ට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් බලයට පැමිණීමයි. අවම වශයෙන් අදවත් ජනතාව පැහැදිලි විය යුත්තේ ඇයි හොරු රැල බලය අල්ලා ගත්තේ කියා?

    • 7
      0

      Dear Mr SINNHALA MAN,

      I beleive youur comments outreach the masses. Please add your thoughts on this as well.

      මම හිතන්නේ ඔබ මෑතකදී “ඉරාන් වික්‍රමරත්න” ට එරෙහිව සිමන් එකතු කළ දේ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

      ඔහු එහිදී මතු කළ ප්‍රශ්නය නම්, වික්‍රමරත්න මහතා හෝ යහපත් නීති සම්පාදකයින් ඔහුගේ කාර්යය උපරිමයෙන් ඉටු කළේ නම්, සිදු වූ බව කියන බැඳුම්කර වංචාව වැනි කිසිවක් සිදු නොවන බවයි. මෙය අදාළ ප්‍රශ්නයකි, කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ එය කළ නොහැකි ය. ශ්‍රී ලංකාවේ විශාල දූෂණය අද සුව කළ නොහැකි තරම් ය. යහපාලන සිතුවිලි පවා ජනතාව නොදනිති.

      එම ප්‍රශ්නයම මම එවකට මධ්‍යම බැංකුවේ ප්‍රබල අභ්‍යන්තරව සිටි ආචාර්ය විජයවර්ධන වෙත යොමු කරමි, නමුත් අද බොහෝ විශ්වාස කටයුතු අධිකරණ වෛද්‍ය කොමිසමේ වාර්තාවලින් හෙළිදරව් වන පරිදි බැඳුම්කර වංචාකරුවන්ගේ උපත පිළිබඳ සුළු හෝඩුවාවක්වත් සොයා ගැනීමට කිසිඳු දැනුමක් නොතිබුණි. ඔහු සම්මුඛ සාකච්ඡාවට භාජනය වන ඕනෑම තැනක ඔහු සීබී අභ්‍යන්තර දසුන් සම්බන්ධයෙන් පඳුර වටා වෙඩි තබමින් සිටියේය. SO CALLED බැංකු කොල්ලය ගැන පිළිගත හැකි ආකාරයේ සත්‍යයන් තවමත් සපයා නැත.

    • 6
      1

      ලංකාව පාලනය වන්නේ භික්ෂූන් වහන්සේලාට සමාජයෙන් ලැබෙන තැන අනුව ය. ඒ නිසාම එවකට ශ්‍රීලනිප නිර්මාතෘ දිවංගත එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක බලවේග 5 ක් කෙරෙහි අවධානය යොමු කළේය. කෙසේ වෙතත්, මරණීය දණ්ඩනය කරන්නන් පවා මොන්ක්ගේ ඇඳුම් ඇඳගත් ප්‍රජාවන් අතර බෝ කරති, එනම් එස්ඩබ්ලිව්ආර්ඩී භික්ෂුවක් විසින් ඝාතනය කළ බව ඔප්පු විය.

      සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ බහුතරයක් වන පහසු ඉලක්ක වෙත පණිවිඩය යැවීම දේශපාලන තක්කඩියන් තම මෙවලම ලෙස ගනී. බොහෝ ජීවත්වන ග්‍රාමීය හුදකලා වීම් වලට කරුණු අවබෝධ නොවන අතර ඒවා “කරුණු පරීක්‍ෂා කිරීම” හරහා යන්නේ නැත. බොහෝ භික්ෂූන් වහන්සේලාට මූලික කරුණු නොමැති වුවද භික්ෂුවක් සමාජය තුළ බැඳ තබන ස්ථානය සිමෙන්ති කර ඇත. ගලබොඩ යා නොහොත් ඝණසාර නම් හොඳම උදාහරණයයි. දේශපාලන අපරාධකරුවන් විසින් ලබා දෙන වරප්‍රසාද හේතුවෙන් ගලබොඩ යා පිපාසයෙන් සිටී. මෑතකදී ඔහුට V8 එකක් පිරිනැමීම ගැන හොඳම උදාහරණය චමුදිත විසින් විකාශනය කරන ලදී. සැබෑ “බෞද්ධ භික්ෂූන් වහන්සේලා” ලෙස අපි සිවුරු පොරවාගෙන සිටින මෙම මිනිසුන්ට ගෞරව කරන්නේ කෙසේද?

    • 2
      0

      හදවතක් නැති රාජපක්‍ෂට එහි ජනතාව කෙරෙහි හදවත් තිබිය නොහැක. ජුලියම්පිටිය අමරයා බහු මිනීමරුවෙකු බව දැනගෙන රැස්වීමක් සඳහා “බණ” දේශනා කරනු ඇතැයි අපට බලාපොරොත්තු විය හැකිද?

      මිනීමැරුම් චෝදනාවලට වරදකරු වරදකරු කර ඇති බව දැන දැන කුඩු දුමින්ද මත්ද්‍රව්‍ය වලින් තොර හෝ අපරාධ වලින් තොර වනු ඇතැයි අපට බලාපොරොත්තු විය හැකිද?

      2019 ට පෙර අදට වඩා මෙය අද ඔප්පු වෙමින් පවතී.

      වරක් ratakapu කොල්ලකරුවන්ට එය නැවත කොල්ලකෑමට ඉඩ දිය යුතුද නැද්ද යන සිතුවිලි ජනතාව තුළ මිශ්‍ර වී තිබේ. Our people would never see it right.

      කෙසේ වෙතත් සුපුරුදු පරිදි පාස්කු ඉරිදා මිනිස් පාඩු සිදු වූ තවත් ව්‍යසනයකින් ශ්‍රී ලංකාව විකෘති විය. ව්‍යසනයක් සිදුවුවහොත් හෝ මැතිවරණයකදී මැතිවරණයෙන් ටික වේලාවකට පෙර මිනිස් පාඩු විශාල කාර්යභාරයක් ඉටු කළ හොත් මැතිවරණය ලබා ගැනීම ඉතා පහසු විය.

      This is the nature of such democracies. They only focus elections to come to power.

    • 1
      0

      ආගමික විශ්වාසයන්ට එය පැහැදිලි කළ නොහැකි ලෙසට මාරයා මාරා (මහින්ද රාජපක්‍ෂ) ට මිත්‍රශීලී ය. මෙය සිම්බාබේවේ මුගාබේ වෙත ගෙන ගිය දෙයට සමානය. ඔහුගේ ජාතිකවාදී ත්‍රස්තවාදී න්‍යාය පත්‍ර ප්‍රවර්‍ධනය කිරීම සඳහා මුගාබේ පිටුපස විවිධ බලවේග තිබුණි. ඒ සියල්ල පදනම් වූයේ සුදු සුළු ජාතීන්ට එරෙහි ජාතිවාදය මත ය. අද ඒ සුළුතර සුළුතර ප්‍රජාවන් කොන් වී පැල්පත් වල ජීවත් වන අතර කළු ජාතිකයින් සහ ඔවුන්ගේ භේද භින්නෝන්මාදය දිගටම කරගෙන යමින්, බොහෝ ආකාරවලින් රට විනාශ වීම මධ්‍යයේ.

      අපේ දූපතේ වින්දිතයින් එය ඇස් ඉදිරිපිට දැකීමට අපේක්ෂා කරති. අද එය සිදු වූයේ නම් ඔවුන් වඩාත් සතුටු වනු ඇත. පට්ටපල් බොරුවක් සහ සමාජය තුළ උගත් කොටස් පවා නොමග යවන සුළු ස්වභාවය. අද කට්ටියට ඒක දරාගන්න බෑ. ඔවුන්ට තවදුරටත් එය දරා ගත නොහැක. නොකියූ ස්වභාවය තවදුරටත් මැඩපැවැත්වීම තිරය පිටුපස ඇත. තම පක්ෂයෙන් අවුලුවන්නේ නම්, අපරාධ සඳහා විනිවිදභාවයක් සහ නිවැරදිභාවයක් නොමැත.

      මිනිසුන්ගේ කෝපය, ආදරණීයයන් මිය යාමත් සමඟ කොවිඩ් ව්‍යාප්තියට මුහුණ දීමට ඔවුන්ව වඩාත් දුර්වල කරයි.

      එයින් අදහස් කරන්නේ ඔවුන් කොවිඩ් සහ ආතතිය හා සම්බන්ධ ගැටලු වලින් පීඩා විඳින බවයි. ඔවුන් තවදුරටත් නොමඟ යැවීම ඔවුන්ට ඉවසිය නොහැක.

      ඔවුන් විශ්වාස කරන්නේ, ඔවුන්ගේ ඡන්ද අන් සියල්ලටම වඩා ඉලක්ක කරගත් බවයි. අද ඔවුන්ට කෙසේ හැඟුනත් ඔවුන්ට අවශ්‍ය වූයේ ඡන්ද එකතු කිරීම පමණි, එනම් නැවත බලයට ඒමයි.

      යෞවනයන් කොවිඩ් රෝගයට ගොදුරු වී මිය යන අතර සමහර විට හොඳ සෞඛ්‍ය තත්වයක් පවත්වා ගත් ශරීර සුවතා තරුණයන් ද වේ.

      • 0
        0

        bodubalasena mad dog, himself says, that he is not biased. Why cant offer a woman to this dog and make him quiet. His overflowing testesterone hormone is dangerous than that of high criminals imprisoned in Guantanambe.
        බොදුබලසේන පිස්සු සුනඛයා, ඔහු පක්ෂග්‍රාහී නොවන බව ඔහුම පවසයි. ඇයි මේ සුනඛයාට කාන්තාවක් පූජා කර නිහ. කිරීමට බැරි. ඔහුගේ පිටාර ගලා යන ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය ග්වාන්තනාම්බේ සිරගතව සිටින ඉහළ අපරාධකරුවන්ට වඩා භයානක ය.
        https://www.youtube.com/watch?v=wn-GcHSQIEQ

    • 0
      0

      during the last govt, BBS was silent. now with Gota being back, BBS is proactive. What is the hint being provided by this change ? PUlligona style criminals hidden behind SANGA robes, are similar fire covered by ashes but these are the reality.

      පසුගිය රජය සමයේ බොදුබල සේනාව නිහ .ව සිටියේය. දැන් ගෝඨා නැවත පැමිණීමත් සමඟ බොදුබල සේනාව ක්‍රියාකාරී ය. මෙම වෙනස මඟින් ලබා දෙන ඉඟිය කුමක්ද? සංඝ වස්ත්‍ර පිටුපස සැඟවී සිටින පුලිගොනා පන්නයේ අපරාධකරුවන් අළු වලින් වැසුනු ගින්නක් හා සමාන යථාර්ථය මෙයයි.

      • 0
        0

        එළියන්ත වයිට්ගේ අනපේක්ෂිත මරණයත් සමඟ මහින්ද රාජපක්ෂගේ බූරු ස්වභාවය තවදුරටත් හෙළිදරව් වෙමින් තිබේ. එළියන්ත-සුදු හෝ ඕනෑම පහත් ජීවිතයක් අපූර්ව සමාජයක් බවට පත් වන අපේ ව්‍යාජ සමාජයේ මාධ්‍ය තුළින් ජනමාධ්‍ය තුළින් විස්මිත නිර්මාණකරුවෙකු වනු ඇත.

        මහින්දට ආචාර්ය උපාධියක් ලබා ඇති පුතෙකු සිටින බව කියවේ. එම උගත් පුතාට තම පියාට “මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතය” පෙන්වීමට නොහැකි වූයේ කෙසේද: විවිධ මිථ්‍යාවන්ට හසු වී මහින්ද රාජපක්ෂ මේ සමාජය විනාශ කළ අතර ඒ සමඟම ජන ජීවිතය විනාශ කළේය.

        මහින්ද රාජපක්ෂ කිසිදු මෝඩයෙකුගේ ගොදුරකට ගොදුරු වූ පළමු අවස්ථාව මෙය නොවේ. මතකද, පසුව වංචා වල රජෙකු ලෙස සොයා ගත්, බොරු මහාචාර්ය වාලම්පුරි මෑන්, මම හිතන්නේ නීතිය හා සාමය ඉහතින් තිබුනා නම්, එවැනි මෝඩයින්ට ලංකාවේ පස් මත හතු පිපෙන්නට අවස්ථාවක් නැත. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 48 ක් පමණි. COVID මිනිසුන් ඝාතනය කරන නමුත් බාල වයස්කරුවන් නොවේ. දශක ගණනාවක් තිස්සේ ජනතාවගේ මුදල් නාස්ති කරන මාධ්‍ය උපකල්පන තුළින් මහින්ද රාජපක්ෂ සිය ප්රබෝධය ඇති කර ගෙන තිබේ. ඔහු දේශපාලනයේදී පමණක් නොව මේ රටේ අනෙකුත් ක්‍ෂේත්‍රයන්ගෙන්ද හානි කර ඇත.

    • 1
      0

      https://www.youtube.com/watch?v=Dmvq9RHf5m0
      වෛරය අපව කොතැනකටවත් ගෙන එන්නේ නැත. එය අපට උදව් කරන්නේ කබලෙන් ලිපට වැටීම පමණි. බොදුබල සේනා සංවිධානයේ ප්‍රධානියා ජනතාවගේ ප්‍රයෝජනය සඳහා පුනරුත්ථාපනය කළ යුතුය. ඔහුගේ විෂ සහිත චින්තනයට නව යුද්ධ ඇති කළ හැකි නමුත් මෙවර එය මුස්ලිම් ලාංකිකයින්ට එරෙහි වනු ඇත. ඔහු සුළු ජාතීන්ට එරෙහිව නැගී සිටීමෙන් සතුටක් ලබයි. අස්වනු නෙලීම කපටි දේශපාලනඥයින් විසින් සිදු කෙරේ. සුළු ජාතීන්ට වාචිකව හෝ ශාරීරිකව පහර දීමෙන් ඕනෑම දෙයක් සහ සෑම දෙයක්ම කරන උසස් කොටස් සමාජයේ ඇත. හොඳම උදාහරණ දුන්නේ අද පොදු වසමේ නැති මධු මාදව. එවැනි මිනිසුන් නැගී සිටියහොත් ලේ වැගිරීම් නැවත යථාර්ථයට පැමිණෙනු ඇත.

      බොදුබල සේනාවේ හිස භින්නෝන්මාදයකි. ඔහුව හෙළා දැකිය යුත්තේ ඔහුගේම නොව බලහත්කාරයෙන් ය.
      ඔහු මෙතෙක් සිටි ආකාරයට සුළුතර මිනිසුන්ට පහර දීමට ඔහුට කිසිඳු අයිතියක් නැත. ඔහුගේ ක්‍රියාකාරකම් පෙනෙන්නේ වෙනත් කෙනෙකු ඔහුව මැලේච්ඡ ක්‍රියාව සඳහා කුලියට ගන්නවාක් මෙනි. කැලණිය පන්සලේ ප්‍රධාන භික්ෂුව සහ බොදුබල සේනාවේ ප්‍රධානියා වැනි ලාභ භික්ෂූන් වහන්සේලා තම පරිත්‍යාගශීලීන් සතුටු කරන ඕනෑම පහත් මට්ටමේ කොන්ත්‍රාත්තුවක් කරති. සිරගතව සිටියදී, මාධ්‍ය වාර්තා කරන පරිදි බොදුබල සේනාවේ ප්‍රධානියා මුළුමනින්ම අසනීප වූ නමුත්, අද වන විට ඒ සියල්ල බොරුවක් බව පෙනේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.