24 April, 2024

Blog

බුදුදහම ග්‍රන්ථගතව​ සමාජගත නොවීම

කපිල අභයවංස

මහාචාර්ය කපිල අභයවංස

වර්තමානයෙහි භික්ෂූන් දෙපිළකට බෙදී කතාබහට ලක් කෙරෙන ත්‍රිපිටක සංරක්ෂණ පණතේ අරමුණ වන්නේ බුද්ධ භාෂිතය බොහෝ කාලයක් නොනැසී පවත්වා ගැනීම සඳහා සුරක්ෂිත කොට තැබීමයි. ත්‍රිපිටකයෙහි ඇතුළත් වී ඇත්තේ බුද්ධභාෂිතයයැයි පිළිගැනෙයි. බුද්ධභාෂිතයෙන් ඉදිරිපත් වන්නේ බුදුදහමයි. බුදුදහම ආරක්ෂාවීම ලොකවාසී බහුජනතාවකගේ යහපතට හා සුභසිද්ධියට හෙතුවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. බුදුන්වහන්සේගේ අරමුණ වූයේ එයයි. පළමු රහතුන් පිරිස ධර්මප්‍රචාරක​​ සේවයෙහි යෙදවීමේදී බුදුන්වහන්සේ අදහස් කළේ බුදුදහම ලෝක ජනතාව අතට පත් කීරීමයි.

බුදුදහම ආරක්ෂා කිරීම හා බුද්ධභාෂිතය ආරක්ෂා කිරීම යනු කරුණු දෙකක් නොව එකම දෙයකි. බුද්ධභාෂිතය යනු බුදුදහම වන බැවිනි. බුද්ධභාෂිතය යනු පොතපතක ලියවී ඇති වචන සමූහයකට සීමා කෙරේ නම් පමණක් එය ආරක්ෂා කිරීම බුදුදහම ආරක්ෂා කිරීමෙන් වෙනස් වූවකි. බුද්ධභාෂිතය හෙවත් බුදුදහම ග්රන්ථගත කොට තබනුවට වඩා බුදුන්වහන්සේ අගය කළේ එය සමාජගත කොට තැබීමයි. බුදුදහමට අනුව සමාජජීවිතය හැසිරවීමෙන් සමාජයෙහි සාමය සතුට හා යහපත උදා කර ගැනීමට අවස්ථාව සැළසෙනු ඇත.

භික්ෂූන් වහන්සේලා තමතමන්ගේ භාෂාවලින් බුද්ධවචනය හැදෑරීම එය දූෂණය වීමට හෙතුවකැයි සිතූ බ්රාහ්මණවංශික භික්ෂූන් දෙදෙනකු පිළිබඳ චුල්ලවග්ග පාලියෙහි එන පුවතින් පැවසෙන්නේ බුදුන් වහන්සේ තම දහම සමාජගතවීම අගය කළ බවයි. එම භික්ෂූන් දෙනම බුද්ධවචනය පවිත්රත්වයෙන් තබා ගැනීම සඳහා එය වෛදික භාෂාවට නගාතැබීමට අවසර ඉල්ලූ විට එය ප්රතික්ෂෙප කොට තමතමන්ගේ භාෂාවලින් බුද්ධවචනය හැදෑරීමට බුදුන්වහන්සේ විසින් අනුදත් බව එම පුවතින් කියවෙයි. වෛදික භාෂාව බ්රාහ්මණ වංශිකයන්ගේ පමණක් අයිතියට පත්ව තිබූ භාෂාවකි. සමාජයේ කිසියම් පන්තියකට පමණක් බුදුදහම සීමා කිරීම බුදුන්වහන්සේගේ අභිප්රාය නොවීය.

වර්තමාන ලාංකික බෞද්ධ සමාජය, විශෙෂයෙන් භික්ෂුසමාජය දෙස බලනවිට පැහැදිළි වන විශෙෂ කරුණක් වන්නේ පොතේ ඇති බුද්ධභාෂිතයයැයි පිළිගන්නා වචන වලට දක්වන සැළකිල්ල බුදුදදහම ආරක්ෂා කිරීම කෙරෙහි යොමු නොවීමයි. එසේම බුද්ධශාසනයට දක්වන උනන්දුව බුදුදහමට නොදැක්වීමයි. හරය පසෙක ලා එලය බදාගෙන සිටින සැටියකි පෙනී යන්නේ. අසාරය සාරයයි ගෙන සාරය අසාරය ලෙස හඟින අය කිසි දිනෙක සාරය පසක් නොකරන බව ධම්මපද ගාථාවකින් කියවෙයි.

බුදුදහම කෙරෙහි දක්වන උනන්දුව අද ලාංකික භික්ෂුසමාජයෙන් පැහැදිළි වන්නේ බුදුදහම සමාජගත කිරීමට දරන උත්සාහයන්ගෙන් නොවේ. බුදුදහමේ ආරක්ෂාවයයි සිතාගෙන කරනු ලබන එසේම බුදුදහමේ අගය කාබාසීනියා කරනු ලබන්නා සේම බුදුදහමේ අගය ජනතාවගෙන් වසං කරනු ලබන ක්රියාකාරකම් වලිනි. ඇතැම්හු බුදුන්වහන්සේ ලාංකිකයකු කිරීමට කැස කවති. සඳහා විවිධ සාධක ඉදිරිපත් කරති. ඇතැම්හු ත්රිපිටකයේ ඇති  වචනවලට හිතුමතයේ අරුත් ගෙනෙති. ඒවායේ අගය රස කර කර පෙන්වා දෙති. සාම්ප්රදායික අර්ථ ගරුකරන භික්ෂූන් සමච්චලයට ලක් කරති. තවත් සමහරු ඒ්වායේ වරද පෙන්වා දෙමින්  බුදුදහම විකෘති කරතැයි හඬ නගති. ත්රිපිටක සංරක්ෂණ පණත් සකසන්නෝ වෙති. ඒවා විවෙචනයට ලක් කොට ඒවායින් බුදුදහමට සිදුවන හානිය තක්සේරු කරන්නෝ සිටිති.

දිනෙන් දින රහතුන් බවට පත් වන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබේ. රහතුන් පසුපස ඇදෙන සැදැහැතියෝ බොහෝය. බුදුදහම නිවන අවසන් කොට ඇත්තක් වුව ඇතැමුන්ගේ රහත් බව කෙළවර වී ඇත්තේ රම්‍ය සුරම්‍ය සුභ පරදවන මාලිගා බඳු ආරාම වලින් හා කෘෂි භොගවලින් සමලංකෘත කෙත්වතු යායවල් වලිනි. සැදැහැවතුන් එබඳු ආරාමවලට ඇදී යන්නේ ධර්ම රසය විඳීමට වඩා කෘෂිරස වින්දනයටය. සසුනෙහි නවතම ප්රවණතාව වී ඇත්තේ කෘෂිභොගවලින් සමෘද්ධිමත් ආරාම රාමණෙය්‍යකත්වය වර්ධනය කිරීමය. අතරෙහි භොග ප්රවර්ධන ප්රචාරක වැඩසටහන් ක්රියාත්මක වෙයි.

පිල් බෙදුණු ආරාම සංස්කෘතියක් ගොඩ නැංවීමට තැත් කරන ඇතැම් පැවිද්දෝ සිටිති. තම තමන්ගේ ආරාමයන් හා තම තමන්ගේ ක්රියාකාරකම් අත්තුක්කංසනයෙන් හා පරවම්භනයෙන් හුවා දැක්වීම පමණක් නොව තම දහම අන් දහම්වලට වඩා උසස්බව හුවා දැක්වීම් සිදු වෙයි. මෙහිදී අප සිහියට නැගෙනුයේ පුද්ගලයන් කළහ විවාදයන්ට එළඹෙන ආකාරය ගැන බුදුන්වහන්සේ දැක්වූ අදහසකි. තම දහම පිරිපුන්ය. අනුන්ගේ දහම පහත්ය යනුවෙන් ගෙන පුද්ගලයෝ විවාදයන්ට එළඹෙති. (සකං හි ධම්මං පරිපුණ්ණමාහුඅඤ්ඤස්ස ධම්මං පන හීනමාහු).

වර්තමානයෙහි වඩාත්ම කැපී පෙනෙන පිරිස වන්නේ බුදු සසුන වෙනුවෙන් දිවි පිදීමට දෙශපාලන කරලියට පිවිස එක් එක් දෙශපාලනඥයන් වෙනුවෙන් දිවි කැප කොට සිටින භික්ෂු පිරිසයි. තමන් භික්ෂූන්ය යන හැඟීම පසෙක ලා දෙශපාලනඥයන් වෙනුවෙන් ජනාව මුළා කරවීමට තරම් ඔවුහු විළිබිය නැතිකරගත්තෝ වෙති. තම සිතැඟි ඉටු කර ගැනීම උදෙසා බුදුසසුන දඩමීමා කර ගැනීම ඔවන්ගේ ඉලක්කය වී ඇත. මාරාන්තික උපවාස, නාගලොවින් නාගධාතු වැඩමවීම හා දෙශපාලනඥයන් හුවා දක්වන ධර්මදේශනා හා මධ්‍ය සංදර්ශන ආදිය ඔවුන්ගේ උපක්රම වී තිබේ. බුදුසසුන ආරක්ෂා කිරීම වෙනුවෙන් දේශපාලන වේදිකා පුපුරුවමින් ජනතාව අතර පවතින ආගමික සංහිඳියාව තර්ජනයට ලක් කරවන රංගන තුළින් බුදුසසුන රැකෙතැයි ඔවුන් සිතනවා විය හැකිය.

පුරාතනයෙහි භික්ෂූන් ශ්රී ලංකාව ධර්මද්වීපය බවට ලොව පුරා කිතුගොස නංවා තිබියදී වර්තමානයෙහි ඇතැම් භික්ෂූන් සුසුන රැක ගැනීමේ ව්‍යාජයෙන් කරන සමාජ සාමය බි‌ඳ දැමෙන ක්රියාකාරකම් නිසා අන්තවාදී ත්රස්තයන්ගේ දෙශයක් බවට ලංකාව පත් වෙමින් තිබේ. එබඳු භික්ෂූන්ගේ බලපෑම් හමුවෙහි ඇතැම්විට රාජ්‍යපාලකයන්ට පීඩනයට පත් අන්‍යජාතික හෝ ආගමික පුරවැසියන් වෙනුවෙන් කළයුතු  සුභසාධන ක්රියාවලදී පවා පසුබැසීමට සිදුවනු පෙනේ.

බුදුසසුන ආදාන ග්රහණයෙන් කරපින්නා ගැනීම හෝ තම දූෂිත සිතැඟි වෙනුවෙන් බුදුසසුන පාවා දීම බුදුදහමට කෙරෙන බලවත්ම විපතයි. එයින් බුදුදහම කෙරෙහි යොමුවීම වැළකී යයි. බුදු දහම පොතට සීමා නොකොට තම ජීවිතයට උකහා ගෙන  එය සමාජගත කිරීම භික්ෂූන්ට සමාජය වෙනුවෙන් කළ හැකි උසස්ම සේවයයි.  සඳහා තමන් ධර්මය අනුව හැසිරීමත් අනුන් ධර්මයෙහි හැසිරවීමත් ප්රධාන වෙයි. ධර්මයෙහි හැසිරීම යන්නෙන් අදහස් වන්නේ හුදෙකළාව භාවනාවෙහි යෙදීමම නොවේ.

නූතන ලාංකික සමාජය අතිශයින්ම දූෂණයට බඳුන් වූවකි. සදාචාරය යටපත් වී දුරාචාරය පිළිකාවක් මෙන් සමාජදේහය පුරා ඔඩු දුවා තිබේ. දිනපතා අසන්නට ලැබෙන මිනීමැරුම්, සොරකම්, ස්ත්රීදූෂණ හා වෙනත් විවිධ ගණයේ අපරාධ  ගැන සිතන විට සමාජයේ ඉහළම තලයේ සිට පහළම මට්ටද දක්වා ගිහිපැවිදි භෙදයකින් තොරව සොරකම්, දූෂණ හා අපරාධ  සාමාන්‍යකරණය වී තිබේ. ඒවා සමාජයෙහි පැවතිය යුතු අත්‍යවශ්‍ය කරුණු බවට පත්ව තිබේ, ධර්මය යටපත්ව අධර්මය හිස ඔසවා ඇත, පාපයට දැක්විය යුතු විළිබිය සමාජයෙන් පහව ගොස් තිබේ,

සමාජයක සාමාජිකයන් ඔවුනොවුනට බියෙන් හා සැකයෙන් තොරව පැවතීමට ඔවුන් මෙහෙයවිය හැකි ප්රධාන ආයතන දෙකෙකි, ඒ් රජය හා ආගමයි. රජය නීතිය ක්රියාත්මක කරවීමෙන් ආගම හොඳ නරක පිළිබඳ අවබොධය ඇති කරවීමෙන් සමාජයේ සාමය, සතුට හා යහපැවැත් අවධාරණය කළයුතු වෙයි. මෙම ආයතන දෙක අතුරෙන් රජය එම වගකීම සම්බන්ධයෙන් මෙහෙයවීමේ හැකියාව ඇත්තේ ආගමටය. ලංකාවෙහි ප්රධාන ආගම ලෙස බුදුදහම පිළිගැනී තිබියදී එමෙන් රජය බුදුදහමට ප්රමුඛත්වය දීමට පිළිණ කොට තිබියදී ආගමික වගකීම දැරීමට බැඳී සිටින භික්ෂූන් වහන්සේ තම යුතුකම් පැහැර නොහරින්නේ නම් රජය මුල් කොට පවතින සමාජය වර්තමාන පාපී තත්වයට පත්වීමේ සම්භාව්‍යතාව හීන වනු නො අනුමානය.

නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමත් ධර්මයට හා නීතියට ගරු නොකිරීමත් සමාජයක පරිහානියට හේතු වෙයි. මේ දෙකම යථාවත් කරවීමේ  නියාමන බලවෙගය පුරාතනයේ සිටම පාරම්පරිකව ශ්රී ලාංකික භික්ෂුව සතුව ඇත. , භික්ෂුව ධර්මය තම ජීවන චර්යාව තුළින් පිළිබිඹු කරවන්නේ නම් පමණි. ශ්රී ලාංකික සමස්ත භික්ෂු පරපුර තම ජීවිත තුළින් ධර්මය ආදර්ශවත් කරවන්නේ නම් ඒ් තුළින් මතු වන සමාජ නියාමන බලය ඉන්ද්රඛීලයක් සේ තහවුරුව පැවතීම නොවැළක්විය හැකිය.

සමාජය ධර්මයෙහි මෙහෙයවීමේ බලය භික්ෂුව සතු වන්නේ ධර්මය පොතට සීමා නොකොට එය තම  ජීවිතය තුළට වැද්ද ගන්නේ නම් පමණි. ගිහියා මෙන්ම භික්ෂුව නූතන අධිපාරිභොගික සමාජ ප්රවාහයට හසුව ගසා ගෙන යන පරඬැළක තත්වයට පත් වන්නේ නම් සියලු දුෂ්චරිත භික්ෂු ජීවිතය වසා පැතිර යයි. වර්තමාන ඇතැම් භික්ෂූන් කෙරෙන් මතුවන ධර්මවිරොධී මෙන් සමාජවිරොධී ක්රියාකාරකම් යථොක්ත පාරිභොගික්තවයෙන් මතුවන ආත්මාර්ථකාමිත්වයේ ප්රතිඵලයි.   

අතළොස්සක් භික්ෂූන් ප්රගතිශීලීයයි කියා ගනිමින් ධර්මයේ සීමා ඉවුරු කඩා බිඳ දමා යකා නටන්නට ගන්නා විට බහුතරයක් ධර්මකාමී සුපෙශල භික්ෂුහු මුළු ගැන්වෙති. එවිට අධර්මය මතුවෙයි. ධර්මය යටපත් වෙයි. හොඳ නොහොඳ පිළිබඳ වැටහීමක් නැති ගිහියා බුදුදහමේ හෝ බුදුසසුනේ ආරක්ෂාව නමැති කඩතුරාවෙන් වැසී භික්ෂුව කරන අමනොඥකම් වීරත්වයෙන් දකියි. එපමණක් නොව ඒවා තම ජීවිතය තුළට වැද්ද ගනියි. කළයුතු හරි දේ ඒවායයි සිතීමට ගිහියා පෙළමෙයි. මේ වූ කලි අධර්මය සමාජගත කිරීමකි

බුදුන්වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද ධර්මය බහුජනතාවගේ හිතසුවය සඳහා පවතින්නක් නම්  එය සමාජගත වීමෙන් පමණක් එසේ විය හැකිය. පුද්ගල හා සමාජ සුභසිද්ධියට අදාළව බුදුදහමින් දැක්වෙන කරුණු රාශියකි. ඒ් සියලු කරුණු සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා යන අංශ දෙකට වෙන් කොට දැක්විය හැකිය. , පාපයන්ගෙන් වෙන් වීම හා කුශලවර්ධනය යන අංශ දෙකයි. පාප (පවු) යන පදය තුළට සියලු දුශ්චරිත අයත් වෙයි.කුශල යනු බුදුදහමෙහි පුළුල් අර්ථවත් පදයකි. පුද්ගල ජීවිතයෙන් තුරන් කළ යුතු කරුණු පාප යන්නෙන් පුදුගල ජීවිතයට එක් කරගත යුතු කරුණු කුශල යන්නෙන් ගම්‍ය වෙයි.

බුදුදහමෙහි කුශලය නිර්වචනය වන්නේ තමාගේත් අනුන්‌ගේත් යහපතට හේතු වන ක්රියාකාරකම් ලෙසය. අද බොහෝදෙනා කුශලය හා පින එකට පටලවාගෙන සිටිති. පුද්ගල දක්ෂතා හෙවත් ශක්‍යතා කුශල යන්නෙන් අර්ථවත් වෙයි. ඒවා වර්ධනය කර ගත හැකිය. උත්සාහය, ධෛර්යය, වීර්යය, අවංකත්වය, අව්‍යාජත්වය, සෘජුබව, මෘදුබව, නිහතමානිත්වය, දයාව,  කරුණාව, මෛත්රිය, මුදිතාව, උපෙක්ෂාව, පරිත්‍යාගය, සමානාත්මතාව, ඉවසීම, අපක්ෂපාතිත්වය වැනි ගුණධර්ම කුශල යන්නට එකතු වෙයි. මේවා ඇත්ත වශයෙන් මානව ගුණධර්මයි. මේවාට ප්රතිපක්ෂ ධර්ම හෙවත් අකුශල ධර්ම මැඩ පවත්වා මෙම තුශල ධරම වර්ධනය කිරීම බුදුන් වදාළ විමුක්ති මාර්ගයේ ඒක් අංගයකි. සම්මා වායාම හෙවත් සතර සම්‍යක් ප්රදාන වීර්යය යන්නෙන් පැවසෙන්නේ එයයි.

මෙබඳු කුශලතා සමාජයක සාමාජිකයන් අතර ප්රවර්ධනය වන්නේ නම් හා ඒවා ක්රියාත්මක වන්නේ නම්  ඒබඳු සමාජයක ගෙවෙන ජීවිතය අතිශයින් සුවබරය. සුන්දරය. සාමකාමීය. බුදුදහම බොහෝ දෙනාගේ හිතසුවයට හෙතු වන්නේ මේ අයුරෙනි. වසර දෙදහසකටත් වඩා බුදුදහම ලක් දෙරණෙහි පැවතිණැයි උදම් ඇනුව වත්මන් සමාජයෙහි මෙම කුශලධර්ම මිනිසුන් තුළ නොපවතින්නේ නම් බුදුදහම ලංකාව තුළ සමාජගත වී නැත. භික්ෂූන් විසින් වහවහා ක්රියාත්මක කළයුතු වර්තමාන කාර්යභාරය වියයුත්තේ ධර්මවිනය පිළිබඳ වාදවිවාදයන්හි යෙදීම හෝ කාමභොගිත්වයෙහි නිමග්න වීම හෝ දෙශපාලන වරදාන පතා චෞර දෙශපාලකයන් පුම්බා තැබීම හෝ රට ජාතිය සසුන හා ආගම යන සළුපිළිවලින් තම කුහකත්වය හා ආත්මාර්ථකාමිත්වය වසා ගෙන යකා නැටීම හෝ නොව  බුදුදහම සමාජගත කිරීම සඳහා තම ශාස්තෘන් වහන්සේ විසින් පවරා ඇති වගකීම ඉටු කිරීමයි

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    1

    මහාචාර්ය, ඔබ නිවැරදියි, නිරතුරුවම, “රහත් භික්ෂුවක්” බවට පත්වන අය, බුද්ධගම සමාජයේ ප්‍රවනතාවයකි. අපේ ලොකු අම්මා මාසිකවම පාහේ ගමේ පන්සලේ භික්ෂූන් වහන්සේලාට ආහාර පිළියෙල කළ දින මට තවමත් මතකය. 90 දශකයේ මුල් භාගයේදී මම රට හැර ගියෙමි. කෙසේ වෙතත්, මම දිගු දශක 2 ක් ගත කළේ ශ්‍රී ලංකාවේ ය. එහිදී, “සිංහල බුද්ධගම” තුළ අපට පොහොසත් වටිනාකම් තිබූ අතර එම භික්ෂූන් වහන්සේලා කෙරෙහි අපි බොහෝ බලාපොරොත්තු තැබූ අතර වර්තමාන සමාජය තුළ අපට අසන්නට ලැබෙන දෙයට සාපේක්ෂව ඔවුන් වැඩි සේවාවක් ඉටු කළහ. බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අසභ්‍ය හැසිරීම් වලට හසු වූ අවස්ථා ඉතා අල්පය. කෙසේ වෙතත්, අද වන විට, රටේ පන්සල් වලින් 80% කට ආසන්න ප්‍රමාණයක් පාළු කුහර වලින් පිරී ඇතැයි විශ්වාස කෙරෙන්නේ අලුයම සිට සවස් වන තුරුම තමන්ගේම භික්ෂූන් වහන්සේලාට බාධා කරන බවයි. මේ සියල්ල මෑතකදී එළියට ආ නමුත්, ඒවා සැඟවීමට සහ යට යාමට ශ්‍රී ලාංකික ප්‍රධාන මාධ්‍ය සෑම උත්සාහයක්ම ගත්තා. මෙය ඉතාමත් කුහකයි … සහ සත්‍යයන්ට එරෙහිව සහ ජනතාවගේ නොහොබිනා ක්‍රියාවකි.
    ආපසු හැරී බලන විට, අද මෙන් රාජපක්ෂලාගේ දේශපාලනය මුළුමනින්ම සැබෑ බුද්ධගම “ප්‍රචණ්ඩකාරී බුදු දහම” ලෙස විකෘති කිරීමට හේතු වූයේ නම්, එය සත්යයකි. … තරුණ පරම්පරාවන්ට අවසානයේ දී ඔවුන්ගේ වර්‍ධනය සඳහා යහපත් අනාගතයක් උදා කර ගැනීමට හැකි වන පරිදි මිනිසුන් සත්‍යයන් වෙත විවෘත වේවා.
    .
    ඔවුන්ව සදහටම නොමඟ යැවූ බව විශ්වාස කරන අය, අනෙක් අය “උදාසීන” වන අතර, දශක දෙකකට පෙර අප අත්දැකීමට සාපේක්ෂව බුදු දහමට ලබා දී තිබූ ස්ථානය මුළුමනින්ම වෙනස් වෙමින් පවතී. එය තායිලන්තයට සමාන ජීවන රටාවක් මුළුමනින්ම සංකේතවත් කරයි. තායිලන්තයේ, වසරක් හෝ අවුරුදු කිහිපයක් භික්ෂුවක් ලෙස වැඩ සිටිමින් ඔබම නිදසුන් කර ගැනීමට ඔබට අවස්ථාව ලබා දී ඇත. කෙසේ වෙතත්, වසර කිහිපයකට පෙර අපට අපේම බුද්ධාගම වශයෙන් ඉතා උසස් වටිනාකම් කිහිපයක් තිබුනද, කෙසේ වෙතත්, දැන් එය කෙතරම් දියුණු වී ඇත්ද යත්, “හිංසාකාරී” හෝ කුහක දේශපාලනඥයින්ගේ කුලියට ගත් මිනිසුන් බවට පත්වෙමින් තම ජීවිතය රැක ගැනීමට සෑම උත්සාහයක්ම දරයි. දේශපාලනයේ වංක විකාර.

    • 1
      0

      ගෞරවනීය ජ්‍යෙෂ්ඨ නීතීඥ කොඩිතුවක්කු මහතා “ශ්‍රී ලාංකිකයින්” සැබෑ වහලුන් ලෙස නම් කිරීම ඉතා නිවැරදිය. මත්පැන් අලෙවි කළ වෙළඳසැල් වල මෑතකදී සෙනඟ ගැවසෙන ආකාරය ගැන සඳහන් කරමින් ඔවුන් අද හැසිරෙන්නේ සතුන් මෙන් ය. වසර 30 ක් පැවති සිවිල් යුද්ධයෙන් රට නිදහස් කර ගත් බවට ව්‍යාජ මතයක් ඇඳ ගත් නිසාම රාජපක්ෂවරුන් විසින් සිදු කරන ඕනෑම අපරාධ ක්‍රියාවක් අපේ ජනතාව ඉවසා සිටින බවක් පෙනේ. යම් යම් හේතුන් මත සිවුර පවා මිනිසුන් පැළඳ සිටීම අදත් එක හේතුවක් නිසා දැඩි ලෙස වචනයක් වත් කතා නොකරයි. මෙම අපරාධකරුවන්ට එරෙහිව පළමු දිනයේ සිටම පෙනී සිටි සියලු දෙනාටම මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවටද මෙය පැහැදිලිය. රාජපක්‍ෂ සහෝදරයින්ගේ නායකත්වයෙන් යුත් වත්මන් රජය ජාත්‍යන්තර ප්‍රජාව විසින් සාදරයෙන් පිළිගන්නේ නැත, එබැවින් ඔවුන්ට ජාත්‍යන්තර ප්‍රජාවෙන් කිසිදු ආධාරයක් ඉල්ලීමට සිතිය නොහැක. අපි ශ්‍රී ලාංකිකයන් ලෙස සැලකෙන්නේ ලෝකයේ සෙසු රටවලට තිරිස්සනු ලෙස ය. අද වන විට රටේ පළමු පුරවැසියා හෙවත් දැඩි අපයෝජනයට ලක්වූ ජනාධිපතිවරයා සිය විදේශ සංචාරය නිමවා ආපසු සිය රට බලා යාමට සූදානම්ව සිටින නමුත් ඔහු ආපසු පැමිණීමෙන් කිසිඳු බලපෑමක් සිදු වන්නේ නැත. ඔහු පුවත්පත් වලට මුහුණ නොදෙන නමුත් මෙම මිනිසුන් ජාතියේ නියම කොල්ලකරුවන් ය. අද වන විට මේ ආණ්ඩුව විනාශයි.

  • 2
    1

    ඔබේ ලිපියේ අන්තර්ගත කරුණු ගැන මම හිතුව වෙන වෙනම ලියන්න.
    .
    1) “ත්‍රිපිටක සංරක්ෂණ පනත”
    කාගෙන්ද ත්‍රිපිටක ආරක්ෂා කරගන්න ඕනේ? පැහැදිලි උත්තරයක් නැහැ.
    රාජ්‍ය අනුග්‍රහය ලබන හාමුදුරුවරු පිරිසක් පෙන්වන ත්‍රිපිටකය පිටපතක් කියලා ඔවුන්ම කියනව නම්, එතනම පරස්පරයක් තියෙනව.
    ඊළඟට බ්‍රිතාන්‍යයේ තියෙන ත්‍රිපිටකය මුල් ත්‍රිපිටකයද? නැහැ. මම සාක්කි සහිතව කියනව ඒකත් නෙමෙයි මුල් ත්‍රිපිටකය. ඉංග්‍රීසින්ම ලියලා තියෙනව ඔවුන් ළඟ තියෙන්නේත් ත්‍රිපිටකයේ පිටපතක් කියලා.
    ඉතින් ත්‍රිපිටකය සංරක්ෂණය කරන්න නම් ඉස්සෙල්ල මුල් ත්‍රිපිටකය සොයා ගත යුතුයි නේද? ඒක තියෙනවා තැනක. දන්නා විදිහට ආරක්ෂිතව තියෙනව.
    .
    2) “බුද්ධ වචනය වෛදික භාෂාවට නැගීම බුදුරජාණන්වහන්සේ ප්‍රතික්ෂේප කිරීම”
    ඔබ වෛදික (Vedic) කියලා ඉතුරු ටික නොලියලා හිටියේ ඇයි? එහි සම්පූර්ණ නම වෛදික සංස්කෘත භාෂාව.
    බුදුරජාණන්වහන්සේ, බුද්ධ වචනය (වෛදික) සංස්කෘත භාෂාවට නැගීමට විරුද්ධ වුනේ ඔබ ඔය කියන හේතුව හින්දා නෙමෙයි. වෛදික සංස්කෘත භාෂාවේ එකම වචනයට තේරුම් කිහිපයක් තියෙන නිසා, බුද්ධ වචනය වෛදික සංස්කෘත භාෂාවට හැරෙව්වොත් බුද්ධ වචනය වෙනස් විය හැකි නිසා.
    අනිත් අතට වෛදික සංස්කෘත භාෂාව බ්‍රාහ්මණ වංශිකයන්ට අයත්ව තිබුණු භාෂාවක් නෙමෙයි, සිංහල අපේ ලිවීමේ ක්‍රමයක්.
    ඔබ බ්‍රාහ්මණ වංශිකයන් කියලා කිව්වේ ඉන්දියානුවන්ට වෙන්න ඇති. නමුත් වෛදික සංස්කෘත ක්‍රමයට, සිංහල භාෂාවෙන් මුලින්ම පොත් ලිව්වේ අපේ සිංහල රාවණා රජ කෙනෙක්.
    අපේ සිංහල මුතුන්මිත්තන් විද්‍යාව සම්බන්ධ කරුණු ලියන්න පාවිච්චි කරලා තියෙන්නේ සංස්කෘත ක්‍රමය. ඒකයි වෛදික හෝ වේද හෝ වෙද කියල නමක් වැටුනේ.
    වෛදික සංස්කෘත කියන්නේ වෙනම භාෂාවක් නෙමෙයි. සිංහලමයි, නමුත් වෙනම ලිවීමේ ක්‍රමයක්. මට ඔප්පු කරන්න පුළුවන්.
    Contd’…..

    • 2
      0

      3) “ඇතැම්හු බුදුන්වහන්සේ ලාංකිකයකු කිරීමට කැස කවති. ඒ සඳහා විවිධ සාධක ඉදිරිපත් කරති.”
      පැහැදිලිවම සිංහල ඉතිහාසයයි බුද්ධ ඉතිහාසයයි එකක්, එකට බැඳිලා තියෙන්නේ.
      විජය හොරාගෙන් සිංහලයා පැවතුනා කියන පිරිසට, බුදුරජාණන්වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා කියන්න බැහැ. හේතුව, එහෙම කිව්වොත් විජය හොරා එන්න ඉස්සෙල්ල ලංකාවේ සිංහලයන් සිටි බව සහ ඔවුන් බෞද්ධයන් බව ඔප්පු වෙන නිසා.
      ඒ වගේම බුදුරජාණන්වහන්සේ ඉන්දියාවේ ඉපදුනා කියන පිරිසට, සිංහලයා පැවතෙන්නේ රාවණා රජවරුන්ගෙන් කියලා කියන්න බැහැ. හේතුව, මේ දක්වා ඉපදුනු බුදුවරු හතර දෙනා සහ අනාගත බුදුවරු තුන්දෙනා විදිහට ඉපදෙන්නේ රාවණා රජ කෙනෙක් බව පිළිගන්න වෙන නිසා.

  • 2
    0

    මහාචාර්යතුමා, ලංකාවේ හාමුදුරුවරු ගැන ඔබ ලියලා තියෙන දේ විවාදාත්මකයි. හේතුව අදටත් තවමත් ලෙන් විහාර වල, වන සෙනසුන්වල, දුර බැහැර ආරාමවල බොහෝ දුෂ්කරතා මැද වුනත් ධර්මයත්, පන්සලත් ආරක්ෂා කරගෙන, රටත්, ජාතියත් ආරක්ෂා කරගෙන ඉන්න බොහෝ ස්වාමින්වහන්සේලා ඉන්නවා.
    අනිත් පැත්තෙන්, බුදුදහමත්, සිංහල රටත්, සිංහල ජාතියත්, සිංහල සංස්කෘතියත්, සිංහල වාරි ශිෂ්ඨාචාරයත්, සිංහල භාෂාවත් විනාශ කරන්න කැසකවන පාලකයන් හිටපු සහ ඉන්න රටක, හාමුදුරුවන්ට ධර්මය ප්‍රචාරය කරනවාට වඩා රටට කරන විනාශය නතර කරන්න පෙරමුණ ගන්න වෙනවා.
    අද වගේ කැළඹුණු දේශපාලන සමයක් තියෙන කාලෙක ධර්ම ප්‍රචාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉස්සෙල්ල පාලකයා ධර්මයේ හැසිරෙන බෞද්ධයෙක් විය යුතුයි. අනිත් අතට බඩගින්නේ ඉන්න මිනිහෙකුට බණ කියන්න ඉස්සෙල්ල ඔහුගේ කුස පිරවිය යුතුයි.
    ඔබ, සංඝ සාසනය, සමාජය ගැන කියල තියෙන දේ සිද්ධ වෙන බව බුදුරජාණන්වහන්සේ පසේනදී කොසොල් රජ්ජුරුවන්ගේ සිහින 16 විස්තර කරන කොට පෙන්වලා දීල තියෙනව. ඒකෙ එකොළොස්වෙනි සිහිනය තමයි ත්‍රිපිටක සංරක්ෂණ පනත.
    එකොළොස්වෙනි සිහිනය තමයි, ඉතා අධික වටිනාකමක් තියෙන, මහා සුගන්ධවත් සඳුන් කොටයක්, දුගඳ හමන මෝරු මුට්ටියකට හුවමාරු කරන එක.
    මේ පහත තියෙන්නේ කොසොල් රජ්ජුරුවන්ගේ සිහින දොළහ ගැන වෙබ් අඩව්යක පලවූ ලිපියක්. මේ ලිපිය ලියලා තියෙන්නේ 2014.
    .
    http://aaroogyaa.blogspot.com/2014/12/kosol-raju-dutu-sihina-16-16-dreams-of.html

  • 0
    0

    මහාචාර්යතුමාගේ ලිපියෙනුත් ඔප්පු වෙන පරිදි, සිංහල බෞද්ධයන්ට වෙලා තියෙන ප්‍රශ්නෙ, සැබෑ ඉතිහාසය නොදැනීම සහ සිංහල ඉතිහාසය, පුරාවිද්‍යාව, බුදු දහම ගැන විශ්ව විද්‍යාල වලට ගිහින් ආචාර්ය මහාචාර්ය පදවි ගත්ත පැවිදි, ගිහි සියල්ලෝම ඒ පදවි අරන් තියන්නේ විකෘති කල ලංකා ඉතිහාසය ගැන ලියලා නිසා.
    හංගපු සැබෑ සිංහල ඉතිහාසය සහ බෞද්ධ ඉතිහාසය එලියට ආව ගමන්, අර තනතුරු, පදවි දරන අයගේ දැනුම අවලංගු කාසි බවට පත් වෙනවා.
    ඉහත සඳහන් විෂයන් ගැන තනියම ඉගෙන ගත්ත පිරිස් මේ රටේ ඕනෙ තරම් ඉන්නවා. බොහෝ දෙනෙක් නිහඬයි. ටික දෙනෙක් විතරක් කතා කරනවා.
    ලංකාව කියන්නේ රාවණා රජවරු එකක් දෙකක් නෙමෙයි හතක් පාලනය කරපු රටක්.
    මම එහා පැත්තේ ඉංග්‍රීසියෙන් ලියපු වේද ඉතිහාස කොටසේ අන්තිම පේලිය ලියන්න බැරි වුනා අකුරු ප්‍රමාණය වැඩි වෙච්ච නිසා. දැන් එතන වහලා. වේද ග්‍රන්ථ සහ විවිධ ශාස්ත්‍ර හයක් ගැන ලිව්වේ සක්විති රාවණා. ඊට පස්සේ රජවුණු රාවණා (වෛශ්‍රාවණ) රජුට තමයි විශ්මකර්ම කියලා කිව්වේ. ඔවුන් සෘෂිවරු. නැවත නැවත ඉපදෙනවා. සක්විති රාවණා, කකුසඳ බුද්ධ සමයේ වෛශ්‍රාවණ රාවණා රජු නමින් ඉපදිලා, ගෝතම බුද්ධ සමයේ වෛශ්‍රාවණ (වෙසමුණි) රජු නමින් නැවත ඉපදෙනවා. මගේ දැනුමේ හැටියට, හත්වෙනි බුද්ධ හෙවත් අවසාන බුදුරජාණන්වහන්සේ විදිහට ඉපදෙන්නේ සක්විති රාවණා (Maha Rawana) රජු.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.