1 December, 2020

Blog

දර්ශනයක් හෝ වැඩ පිළිවෙලක් නැති අය වැයේ එකම අරමුණ කලු සල්ලි සුදු කිරීමට හිත මිතුරන්ට අවස්ථාව සැලසීමයි

මංගල සමරවීර

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර

2021 අයවැය ඉදිරිපත් කරමින් පසුගිය වසර තුළ ආර්ථිකය කඩා වැටී ඇතැයි පිළිගෙන ඇති රජය ආර්ථික උත්තේජනය සඳහා මුදල් විශුද්ධිකරණය නිල වශයෙන් පිළිගෙන තිබීමෙන් ශ්‍රී ලංකාව යළිත්  ජාත්‍යන්තර මූල්‍ය සම්බාධක වලට මුහුන දීමේ අවදානමකට ලක් කර තිබේ.

 දේශීයව හෝ විදේශීයව සඟවා තබා ඇති මුදල් මෙරට තුළ ආයොජනය කරන ව්‍යාපාරිකයන්ට සියයට 1 % බදු ගෙවීමට යටත්ව පොදු සමාව දෙන බවට රජය ප්‍රකාශ කර ඇත.  

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියා කරන මූල්‍ය කාර්ය සාධක බලකාය (Financial Action Task Force FATF) විසින් ශ්‍රී ලංකාව එහි ‘අළු ලේඛනය’ (Grey List) ට ඇතුළ්ත් කර තිබූ අතර මුදල් අමාත්‍යාංශය විසින් දරන ලද පරිශ්‍රමයේ ප්‍රතිපලයක් ලෙස 2019 ඔක්තෝම්බර් මස එම අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරවන ලදී.

කලු සල්ලි සුදු කරන මෙවන් කටයුතුවලට ජාත්‍යන්තර නීතියෙන් වැට බැඳී ඇති හෙයින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට මුදල් සම්ප්‍රේෂණය කිරීම විදේශ බැංකුවලින් බාරනොගැනීමට ඉඩ ඇත.

මෙම රජයට ආර්ථික සංවර්ධනයට නිසි වැඩ පිළිවෙලක් නොමැති නිසයි මෙවන් කලු ආර්ථිකයකට අත වනන්නේ.රට නංවන නිසි ආර්ථික ප්‍රතිපත්තියක්  නොමැතිව රට බේරාගන්නට ඡන්දය දෙන්නැයි තිරය පිටුපස ප්‍රචාරයන් ගෙන ගිහින් ජනතාව මුලා කරලයි මෙම රජය බලය ලබා ගත්තේ.

රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යන බව ඔප්පු කරන්න තර්කානු කූලව පිළිගත් න්‍යායයන් තිබේ. යහපාලන රජය සමයේ වසර 45 ට පමණ පසුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයාගේ උපදෙසින් ක්‍රියාත්මක කරමින් ප්‍රථම වතාවට 2017 සහ 2018 වසරවලදී අය වැය ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් අත් කර ගන්නා ලදී.

දර්ශනයක් අනුව ආර්ථිකය හසුරුවාලමින් රටකට ඉතා අත්‍යවශ්‍ය පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීම සඳහා “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩ සටහන දියත් කරන ලද අතර එ මගින් රුපියල් මිලියන 90,000 ඉක්මවූ මුදලක් අඩු පොලියකින් ආයෝජන සඳහා පෞද්ගලික අංශය වෙත නිකුත් කිරීමට යහපාලන රජයට හැකිවිය. තව ද ගම්පෙරලිය වැඩ සටහන මගින් සෑම මැතිවරණ කොට්ටාශයක්ම රු. මි. 300 වැය කොට සංවර්ධන කටයුතු සිදු කරන ලදී.

උගත් තරුණ පිරිසක් රටට දායාද කර දීම සඳහා අ.පො.ස. උසස් පෙල විභාගය දක්ෂ ලෙස සමත් තරුණ තරුණියන් 10 දෙනෙකුට ජාත්‍යන්තර ව ප්‍රසිද්ද විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන්න වාර්ෂිකව අවස්ථා සලසා දීමට ද 2018 වසරේ දී යහපාලන රජය තීරණය ගත් නමුදු වැඩ පිළිවෙලක් නොමැති මෙම රජය යටතේ කලු සල්ලි ආර්ථිකයක් ගොඩ නැගීමට උතසහ කිරීමෙන් රජයේ අරමුණු කුමක් දැයි මෙරටේ ජනතාවට තේරුම් ගත හැකි වනු ඇත.

වැවිලි අංශයේ සේවක පඩි වැඩි කිරීම වැනි පෞද්ගලික අංශයට අදාළ කරුණු අය වැය තුළ අන්තර්ගත කිරීමෙන් රටක ආර්ථික දිශානතිය තීරණය කරන අය වැය හෑල්ලුවට ලක් කර ඇති අතර එමගින් රටට වැරදි පූර්වාදර්ශයක් මෙම රජය පෙන්වා දී තිබීම කණගාටු දායකයි.

රාජ්‍ය පාලනයේ පරිනත රාජ්‍යතාන්ත්‍රික නායකත්වයක් මෙම රජයට  නොමැති බව පසු ගිය පෝය 12 ක කාලය තුළ රජය විසින් ගනු ලැබූ අසාර්තක තීරණවලින් ඔප්පු කර තිබේ. පුළුල් ග්‍රාමීය සංවර්ධනයක් තුළින් දුප්පත්කම පිටු දැකීම ඉලක්ක කරගත් රැකියා උත්පාදනය හා ජීවනෝපාය මාර්ග වැඩි කිරීම අය වැයේ අරමුණ යැයි ප්‍රකාශ වේ. එහෙත් අය වැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා සහ වැඩ සටහන් බොහොමයක් මේ මහ පොලවේ යථාර්තයක් නොවන හුදු ප්‍රකාශවලට පමණක් සීමා වන කරුණුය.

සාමාන්‍යයෙන් අය වැයක් අවසන් වූ වහාම  යම් සහනයක් වාසියක් හෝ අවාසියක් අනිවාර්යෙන් පහුවදාට ලැබෙනවා යැයි ජනතාව තුළ යම් අපේක්ෂාවක් ඇහිවනවා. මේ අයවැයෙන් රටේ අද තිබෙන තත්ත්වය මයි හෙටත් කිසිදු වෙනසක් නැත අපේක්ෂාවක් තියා ගන්නට බැරිය.

මෙම රජය බලයට පත්වූ වහාම බදු සහන දී සහචරයන්ට ආර්ථික වාසි ලබා දීමෙන් මුළු රටේම ආර්ථිකය වනසා දැමිය. ඒ  මගින් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 700  පමණ අහිමිවිය රජයට

එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද අයවැයෙන් 2020 ආදායම ඇස්තමේන්තු වශයෙන් 1588 සඳහන් කර ඇති අතර 2021 දී එය රුපියල් බිලියන 2029 දක්වා වැඩි වනු ඇතැයි සඳහන් කර තිබේ. මෙම ආදායම ලබා ගැනීම පිළිබඳ කිසිදු වැඩසටහනක් නැති අතර මෙසේ වසරකින් රාජ්‍ය ආදායම සියයට 27 කට වැඩි ප්‍රමාණයකින් වැඩි වීම යනු රජයම පිළිගන්නා කඩා වැටුණු ආර්ථිකයක කිසිවිටෙක යථාර්ථයක් වන්නේ නැත.

 මෙම අයවැයෙන් වැදගත් එකම යෝජනාව නම් ලංකාවට හොර සල්ලි ගෙන ඒමට මේ අය-වැය තුළින් අවසරය දී පහසුකම් සලසා  දීම හරහා මෙහි වාසිය අත්වන්නේ කාටදැයි මෙරටේ ජනතාවට විශේෂයෙන් කිව යුතු නැත.

2021 වසරේ දී විශ්වවිද්‍යාල 4ක city university කියන සංකල්පය යටතේ විශ්වවිද්‍යාල හතරක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන දාහක් වෙන්කර තිබෙනවා. රුපියල් මිලියන 250 කින් අද කාලේ විශ්ව විද්‍යාලයක් තියා ගොඩනැඟිල්ලක් වත් හදන්නට බැරි බව ජනතාව දනී.

ගමට සංනිවේදන වැඩසටහනක් මගින් සමස්ත රටම ආවරණය කරන පරිදි ක්‍රියාත්මක වන බවට සඳහන් ඒත් ඒ සඳහා වෙන් කර තිබෙන්නේ රුපියල් මිලියන පහළොවක් පමණි.

මාර්ග කිලෝමීටර් 50,000 සංවර්ධනය කරන යෝජනාවකට රුපියල් මිලියන 20,000 වෙන් කර තිබෙන අතර ඒ අනුව එක් කිලෝමීටරයක්  ලක්ෂ හතරක පිරිවැයකින් සංවර්ධනයට යෝජනාවක් තිබේ. රු. ලක්ෂ හතරකින් පාරක් කාපට්   අතුරා සංවර්ධනය කළ හැකි දැයි  අවබෝධයක් නොමැතිව හුදු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබේ.

මෙවැනි විහිලු සපයන යෝජනා හා වැඩසටහන් තමයි මේ අයවැය මගින් ඉදිරිපත් කර තිබෙන්නේ මේවා එකක්වත් යථාර්ථයක් නොවේ.

රාජ්‍ය සේවකයන්ට සමස්ථයක් ලෙස ගත්කල මේ අයවැය  මගින් කිසිදු සහනයක් නැත.රජය රාජ්‍ය සේවකයන් ට තම කාර්යාල වේලාවෙන් පසුව පුද්ගලික අංශයට ගිහින් රැකියාවක් කිරීමට අවසර දී තිබේ.

අපට උඹලට දෙන්න දෙයක් නැත දෙන්න හැකියාවක් නැත හැකිනම් පිටට ගොස් රැකියාවක් කරගනිල්ලා කියන ඔය පණිවිඩය තමයි මේ රජය රාජ්‍ය සේවකයන්ට දී තිබෙන්නේ.

පසුගිය රජය විසින් විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සහ විධායක නිලධාරෙන්හට විශේෂ දීමනා සඳහා ද  වෙන් කර තිබූ ප්‍රතිපාදන නවතා දමමින් 2021 අයවැයෙන් එය ලබා දෙන බවට ප්‍රකාශ කල ද එවන් යෝජනා කිසිවක් ඉදිරිපත් නොකිරීමෙන් බහුතරයක් තැපල් ඡන්දය ලබා දුන් රාජ්‍ය සේවකයන්ව ද මෙම රජය  රැවටීමට ලක් කර තිබේ

රාජ්‍ය සේවකයන්ට සමස්ථයක් ලෙස ගත්කල මේ අයවැය  මගින් කිසිදු සහනයක් නැත.ලක්ෂ 14 ක් පමණ වන රාජ්‍ය සේවකයන් අතුරින් මාණ්ඩලික නොවන සේවකයන්ට  ට තම කාර්යාල වේලාවෙන් පසුව පෞද්ගලික අංශයේ රැකියාවක් කිරීමට අවසර දී තිබේ. “අපට ඔබලට දෙන්න දෙයක් නැත දෙන්න හැකියාවක් නැත හැකිනම් පිටට ගොස් රැකියාවක් කර පවුලේ ආර්ථිකයට වාසියක් ලබා ගන්න” කියන ඔය පණිවිඩය තමයි මේ රජය රාජ්‍ය සේවකයන්ට දී තිබෙන්නේ.

වැට් බදු සහ VAT සීමාවන් ඉවත් කිරීමෙන් අහිමි වූ ආදායම ලබා ගන්නට උපක්‍රමයක් ලෙස ජී. එස්. ටී බදු ගෙන ඒමට යෝජනා කර තිබේ. මුලින් ක්ෂේත්‍ර හතරකට හඳුන්වා දීමට යෝජනා කළ ද පසුව එය සියලු ක්ෂේත්ර ආවරණය පරිදි ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇති අතර විදුලි සංදේශ සේවාවවලින් ද සූදු හා සුරා බදු වලින් අය කරන අධික බදු අය කිරීමට කර ඇති යෝජනාවෙන් රජයේ මුදල් අහේනිය ප්‍රදර්ශණය කෙරේ.

ඉලක්කම්විජ්ජාවක් පෙන්වමින් ඉදිරිපත් කර ඇති මෙම අයවැය මගින් ලබන වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 5.5 % වර්ධනය වන බවට සඳහන් කෙරේ.   2020  මුල් කාර්තුවේ ආර්ථිකය -1.6 ක සෘණ අගයක් පෙන්නුම් කළ අතර දැන් රජය දත්ත සඟවා ගෙන දෙවන කාර්තුවේ වර්ධන වේගය ප්‍රකාශ නොකර සිටියි. ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන විසින් අපේ ආර්ථිකය ලබන වසරේ  5 %  – 6% සෘණ අගයක් ගනු ඇතැයි ප්‍රකාශ කර ඇත

ඒ වගේම විදේශ වෙළඳාම ආනයන අපනයන වෙළඳාම සියයට  27 කින් පමණ අඩු වූ බව රජය පිළිගෙන තිබෙනවා. එසේ තිබියදී විදේශ වෙළඳාම සියයට 30.4% කින් වැඩි වෙන බවට අයවැයෙන් ඇස්තමේන්තු කර තිබෙන්නේ සෘණ ආර්ථිකය ධන ආර්ථිකයක් ලෙස පෙන්වීමේ ව්‍යාජ උත්සාහයක් යටතේ ජනතාව නොමග යැවීම සඳහා ය.

2021 වසර සඳහන් සමස්ත ණය ගැනීම රුපියල් බිලියන  2997 කි. 2020  සමග සමස්ත ණය, වසර දෙක ට රුපියල් බිලියන 5828 ක් වැනි විශාල ප්‍රමාණයක මේ රජය ණය අරන් තිබෙනවා. කිසිදු සංවර්ධන කටයුත්තක් නැති අවස්ථාවක අය වැය මගින් ද යථාර්ථයක් නොවන, මහ පොළොවේ ක්‍රියාත්මක කළ නොහැකි සංඛ්‍යාලේඛන විජ්ජාවක් හරහා ජනතාව රවටමින් මෙවන් විශාල ණය ලබාගෙන ඇත්තේ කුමක් සඳහා ද.

මෙම අයවැය මගින් දී ඇති එකම වාසිය තම සහචරයන්ට ඔවුන් හොරකම් කළ මුදල් මෙරටට ගෙන එන්නට පුළුවන්. සඟවා ගෙන තිබෙන මුදල් ආයෝජනවලට යොදවන්නට පුළුවන් ඒ සඳහා පොදු සමාවක් දී 1% ක බදු නියම කිරීමක් පමණයි සිදුවන්නේ. 

නීතියේ ආධිපත්‍යයක් රජ කරන ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසි දූ ආර්ථිකයක කලු සල්ලි සුදු කරන   ක්‍රම වේදයක් අනුගමනය කරන්නේ නැති බව ප්‍රකාශ කළ යුතු අතර ඉදිරියේ දී රජයේ මෙම දර්ශනයක් නොමැති අදූර දර්ශී  වැඩ පිළිවෙල හේතුවෙන් රට වැසියන්ට එහි විපාක වලට මුහුන දීමට සිදුවීම වැළක්විය නොහැකිය.

මෙම රජයේ මෙන්ම අය වැයේ ද ප්‍රමූඛ අපේක්ෂාව වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රය වෙනුවට ඉතා ස්වල්ප දෙනෙකුට ප්‍රතිලාභ ලැබෙන ගජ මිතුරු ධනේශ්වර ආර්ථිකයක් බිහි කිරීමයි. එමගින් දේශියව ආරක්ෂිත හා තරඟකාරිත්වයක් නොමැති  චෞරතන්ත්‍ර ආර්ථිකයක් රට තුළ ස්ථාපනය කෙරේ

*මංගල සමරවීර – හිටපු මුදල් අමාත්‍ය

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    01

    ගුනසෙන මහත්තය.. ඔබගේ හා අපගේ උතසාහයන්ට පලවෙවිද යන්න සැකසහිතයි අද වෙනකොට. පට්ටපල් හොරුන්ට අසුවුන පොදුදේපලක් විදියට අද ස්රීලන්කවාට හිමි වී ඇති තැන ඔබට වෙනමම කිව යුතු නැත. මා හිතන විතිඩියට මේ රටේ, නීතිය හා සභ්යත්වය ට ගරු කරන ආකාරයට මාඅන්වය පරිනාමය උනානම්, තමයි හොන්ද නායකයන් මේ රටට නායකතවය දෙන්න්ට තේරි පත්වන්නෙ. මේ දක්වා අපිට සිතන්න පුලුවන්ද, එවැනි නායකයන් පේන තෙක් මානයේ වත් ඇතිද කිය. ගෝටබයගේ ඉදිරිපත්වීම කරලියට ආවේ පට්ටපල් හොරුන් උන්ගේ පවුල් තුලින් අසීමිත, සමහරවිට තක්සේරු නොකල හැකිව් තරම් උසට, රජයේ සම්පතා සොරා කාපු නිසා, යහපාලනය යටතේ මේ දේවල කරලියට ආපු නිසා, එවුන්ගේ බේරීමට මිසක්, රටේ මහජනයා රැකීමට නොවන බව ඔබ කාටත ඇද පැහැදිලිවිය යුතුයි, ඔබට නොරෝගිමත් සුලුවෙන් හෝ මොලගෙඩියක් හා සුලු බුඩ්දියක් ඇතිනම්.
    .
    ඊයේ වෙනකොට ඒ තක්කඩියන්ම කරලියට ඇවිදීන්, ඒ රැවටිල්ලට භ්හයන වුන බුරුවන්ගෙන් පිරුන්නු ජනතාව ගේ ඉදිරියට ඇවිදින් කතා කරන්නට තරම් හැකියාවක් රාජපක්ෂ වරුන්ට තීබිම ගැන බලන කොට, අප්පෙ ජාතියේ මිනිසුන්, ගේ මොලගෙඩිවලට හෙනගහලද කියල මට සිතුන වාරගනන අනන්ත අප්රමානයි.
    .
    රට යුද්දයේන් බේර පසුව, රට වෙනුවෙන් සැබෑ දේශපලාන්යට පැමිනි සරත් ෆොන්සෙකා වැනි උතුමන්ට අපි ගරු කල නමුත්, ඒ ජීඉව්ත බිලිදීම වලින්, උඩම් වී පාදඩයන් මෙන් රටේ සම්පත සොරාකපු රාජපකශ වරුන්ට අපි තව දුරටත් රැවටිලි විය යුතුද යන්න, පින්ගුත්තරයන්ට වටහ් මේ රටේ සින්හල බෞද්ද කියන ජනාතාවට තේරුම් කරදෙන්න තරම් මේ රටේ වාතාවරන්යක් නැති බව පිලිගත යුතුයි. එවුන්ගේ බලුකම් චඩකම්, හපන්කම් ලෙස ඔවා දක්වනව.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.