11 December, 2024

Blog

ඍණාත්මක සාමයේ සිට ධණාත්මක සාමය දක්වා

උතුර සහ නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 17ක අන්තර් ආගමික කමිටුවල විවිධ ආගමික පූජකවරුන් සහ බිම් මට්ටමේ නායකයන් 300කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන්, “සංහිඳියාව සඳහා ආගම්: එකාබද්ධිත සංහිඳියාව ශක්තිමත් කිරීම” යන තේමාව යටතේ ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික සම්මන්ත්‍රණයේදී වාර්ගික ගැටුමට විසඳුම සහ ජාතික සංහිඳියාව සාක්ෂාත් කරගැනීම සම්බන්ධයෙන් දේශපාලන එකඟතාවක අවශ්‍යතාවය කැපී පෙනිණි. මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ ආණ්ඩු පක්‍ෂය සහ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් විසින් ඉහත තේමාව යථාර්තථයක් බවට පත්කර ගැනීම සඳහා ගත යුතු පියවර, නව යාන්ත්‍රණ ස්ථාපිත කිරීම සහ ඊට අවශ්‍ය පරිසරයක අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කරන ලදී.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ප්‍රතිසන්ධාන සැලැස්ම ගැන පැහැදිලි කරමින් ප්‍රකාශ කළේ, සිරකරුවන් සහ අතුරුදන්වූවන් පිළිබඳ ප්‍රශ්න හඳුනාගෙන සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් තුළින්, විශාල පිරිසකට බලපාන ඉඩම් ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ඉඩම් කොමිෂන් සභා නීතියක් සම්මත කිරීම; එසේම සමගාමී ලැයිස්තුව හරහා ශක්තිමත් කළ හැකි පළාත් සභා වැනි ගැටළු විසඳීමේදී, රට ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ අවසන් අදියරට පැමිණ සිටින බවයි. ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් කියාසිටියේ, බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් සහ දෙමළ නායකයන් [ඩයස්පෝරාවේ] ‘හිමාලය ප්‍රකාශනය’ ඉදිරිපත් කර ඇති බවත්, එය අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් සඳහා අවශ්‍ය කරුණු ගෙනහැර දක්වා ඇති බවත්ය.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට අනුගතවීම, මැතිවරණ පැවැත්වීම සහ ආයතනවල ස්වාධීනත්වය ඇතුළු සක්‍රීය පරිසරයක අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමුකළ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙහිදී සිය අදහස් ප්‍රකාශ කළහ. සාමය සහ සංහිඳියාව වෙනුවෙන් සක්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා සිවිල් සමාජය කටයුතු කරමින් සිටින සන්දර්භය තුළ, යෝජිත නව රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණ නීතිය විශාල පසුබෑමක් වනු ඇති බව ජාතික සාම මණ්ඩලය නිරීක්ෂණය කරයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම සම්මන්ත්‍රණයට ලබාදුන් පණිවිඩයෙන් ජාතික සාම මණ්ඩලය සතුටට පත් වේ. ඔහු මෙසේ සඳහන් කළේය. “සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටින සංවිධාන සඳහා අවම නීතිමය සීමාවන් සහිතව, ඔවුන්ගේ යහපත් කටයුතු ඉදිරියට ගෙනයෑමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සෑම ආණ්ඩුවක් විසින්ම අවිවාදිතව සිදුකළ යුතු බව අපි විශ්වාස කරමු”.

ජනවාර්ගික ගැටුම විසඳීම සහ ජාතික සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් සම්මුතියක් අවශ්‍ය වන තරමටම, මෙම පද්ධතියට ක්‍රියාත්මක කිරීමට සහාය සැපැයීමේදී, රාජ්‍ය යාන්ත්‍රණවලට විශ්වසනීයත්වයක් ඇතිකර ගැනීමට සහ ඵලදායීව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් හා සිවිල් සමාජ නිදහස ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සම්මුතියක් තිබිය යුතුය. එවැනි සම්මුතියකට පමණක් දිවංගත මහාචාර්ය ජොහාන් ගල්ටුන්ග් ප්‍රකාශ කළ, රාජ්‍යය විසින් ජනතාව ආරක්ෂා කර පෝෂණය කරන බව සියලු මිනිසුන්ට හැඟෙන, සෘණ සාමයට ප්‍රතිවිරුද්ධව, හුදෙක් යුද්ධයක් නොමැතිකම යන්න පමණක් නොවන ධණාත්මක සාමයක් ඇති කළ හැකිය.

ජාතික සාම මණ්ඩලය යනු ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුමට සාකච්ඡාමය දේශපාලන විසඳුමක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් ක්‍රියාකරන ස්වාධීන හා පක්ෂග්‍රාහී නොවන සංවිධානයකි. සියලු ජන කොටස්වල නිදහස, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ගරුකරන, සාමකාමී සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් පිළිබඳ දැක්මක් ජාතික සාම මණ්ඩලයට ඇත. ජාතික සාම මණ්ඩලයේ ප්‍රතිපත්තිය තීරණය කරනු ලබන්නේ විවිධ ජීවන තරාතිරම්වලට අයත් සහ රටේ සියලුම ප්‍රධාන වාර්ගික හා ආගමික ප්‍රජාවන්ට අයත් සාමාජිකයන් 20 දෙනෙකුගෙන් යුත් එහි පාලක සභාව මගිනි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.