19 June, 2026

Blog

වත්මන් භූදේශපාලනික ආතතීන් හා අත්වැල් බැඳගත් ඉරාන උද්ඝෝෂණ

පී. ආර්. දුෂාන්ති සිල්වා

දුෂාන්ති සිල්වා

ඉරාන ඉස්ලාමීය ජනරජයේ සියලුම පළාත් ආවරණය කරගත්තා වූ දරුණු උද්ඝෝෂණ ව්‍යාපර හමුවේ, . . ජනපද ට්‍රම්ප් පරිපාලනය විසින් යම් ආකාර හෝ යුධමය මැදිහත්වීමක් ඉරාන ඉස්ලාමීය ජනරජය වෙත සිදුකළ හොත් එය මෙම කලාපයේ ඇමරිකානු හමුදාව හා වෙළඳ මධ්‍යස්ථාන ඉලක්ක කොට ගනු ලැබූ ප්‍රබල ප්‍රචණ්ඩකාරීත්වයට මං පෙත් විවරවීමකට ඉඩ සලසන්නා වූ තත්වයක් බව ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක දැනුම් දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය ජනවාරි 12 දා ප්‍රකාශ කර තිබුණි.  අධි උද්ධමනය, අත්‍යාවශ්‍ය භාණ්ඩ පවා මිලදී ගැනීමට නොහැකිවීම, ආදී ආර්ථික ගැටලු පාදක කරගනිමින් ආරම්භ වූ ඉරාන උද්ඝෝෂණ මාලාව පසුව පවතින පාලක පූජක අධිකාරිය, පරිපාලන අක්‍රමිකතා අවසන් කරන ලෙස ඉල්ලීම් කරනු ලබන මහා පරිමාණ දේශපාලනීකරණය වූ විරෝධතා බවට පත්වීම අර්බුදයක්ම විය.

මැදපෙරදිග දේශපාලන භූමිකාව මෙන්ම මැදපෙරදිග කලාපීය බලතුලනය ද ඉතාම තීරණාත්මක ප්‍රවේශයකට රැගෙන යාමට නිරතුරුවම බලපාන්නා වූ රාජ්‍යයක් වූ ඉරාන ඉස්ලාමීය ජනරජයේ දින ගණනාවක් පුරා මහා පරිමාණව පැවැත්වෙමින් පවතින විරෝධතා හමුවේ ඉරාන ඉස්ලාමීය ජනරජය ඉතාම දරුණු ආතතිමය තත්ත්වයකට පත්ව ඇති බව  ජාත්‍යන්තර මාධ්‍ය ජනවාරි 06 දා වාර්තා කර තිබුණි.

ඉරාන අගනුවර වූ ටෙහෙරානය ද ඇතුලුව කුඩා නගර විශාල ප්‍රමාණයක් මේ විරෝධතා රැලි වෙත පෙළ ගැසී ඇති අතර, 2022-2023 ඉරාන ජාතික මීෂාඅමීන්ගේ ඝාතනයට එරෙහිව සංවිධානය වූ ඉරාන විරෝධතා වලින් පසු දුටු විශාලතම විරෝධතා පෙළපාලි ලෙස මෙවර තත්ත්වය ගෝලීය විචාරකයින් පෙන්වා දී ඇත.

මෙම විරෝධතා හමුවේ ඉරාන ඉස්ලාමීය ජනරජය ආකාර 2කින් පීඩාවට ලක්ව ඇති අතර, ඉන් පළමුවැන්න ඉරාන අභ්‍යන්තරයෙන් මතුව ඇති ආර්ථික අර්බුදයට එරෙහි විරෝධතාවයි.  අධිඋද්ධමනය, ඉරාන මුදල් ඒකකය වාර්තා සහගත අයුරින් ඩොලරයට සාපේක්ෂව පහත වැටීම ආදිය තුළ ජනතාව මුහුණ දෙන්නා වූ ආර්ථික කඩා වැටීමයි.  අනෙක් අතින් ඇ. . ජනපද ජනපති ට්‍රම්ප් මෙම අර්බුදයට මැදිහත් වීමට දරන තැතයි.  විදේශ ප්‍රතිපත්තිමය වශයෙන් ම බටහිර ප්‍රතික්ෂේප කරනු ලබන ඉරාන ඉස්ලාමීය නායක අයතුල්ලා අලි කොමෙයිනි මේ තත්ත්වයට කිසිදු ආකාර කැමැත්තක් පල නොකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය විස්තර කර ඇත.

ඉරාන ජනපති මසාවුඩ් පෙසෙස්කි මෙම විරෝධතා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, ඉතාම කඩිනමින්ම ආර්ථික ප්‍රතිසංස්කරණ හා නව සහනාධාර ඉරාන ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බවයි.  මේ ඔස්සේ සෘජු මුදල් හුවමාරුවට අවශ්‍ය ඉඩකඩ ලබාදෙන බවත් ජනපති මසාවුඩ් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉරානය දිගින් දිගටම බටහිර වෙතින් ආර්ථික සම්බාධක පැනවුණු රාජ්‍යයක් ලෙස ඉරාන වත්කම්වල ද්‍රවශීලතාවය අර්බුදයට ලක්කර තිබීම අභ්‍යන්තරික ආර්ථික අර්බුදයට ඉතාම ප්‍රබල බලපෑමක් එල්ල කර ඇත.

ගෝලීය විචාරකයින් පෙන්වා දෙනු ලබන්නේ, ඉරාන රාජ්‍යයේ පරමාදර්ශී පදනම හා ඉරාන සමාජය අතර පවතින කැඩීමේ ඉතාම පැහැදිලි සංඥාවක් මෙම විරෝධතා කලාව ඔස්සේ ප්‍රදර්ශනය වන බවයි යන්න ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කර තිබුණි.  ඉරානයේ උද්ඝෝෂණ ව්‍යාපාර ඇරඹී දින 10ක් ගතවී ඇති තත්වයක පුද්ගලයින් 36 දෙනෙකු පමණ මියගොස් ඇති අතර, ආරක්ෂක හමුදාවන් හා සිවිල් වැඩියන් අතර ගැටුමින් තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබීම තුළ මෙම විරෝධතා දිනෙන් දිනම මහා පරිමාණව ව්‍යාප්ත වීම ඉරාන ඉස්ලාමීය ජනරජයේ ස්ථාවරත්වයට පවතින වත්මන් ගෝලීය අර්බුදකාරී තත්වය හමුවේ ද මහත් වූ අනතුරුදායක සංඥාවක් ද බටහිර වෙතින් පල වී ඇති බව නොරහසකි.

ඉරාන ඉස්ලාමීය ජනරජය ලෝකයේ ඉතාම ඉහළ ලෙස ආර්ථික සම්බාධක පැනවුණු රාජ්‍යයන්ගෙන් එකකි. ජාත්‍යන්තර වෙළඳපල වෙත ලඟාවීමේ දී මෙන්ම ඉරාන විදේශීය වත්කම් ඝනීභවනය වී ඇති තත්ත්වයක් තුළ ඉරානයට ජාත්‍යන්තර වශයෙන් වෙළඳපල ගනුදෙනුවලදී සීමාකම් බොහෝමයකට මුහුණදීමට සිදුවන බැවින්, මේ වන විට ඉරානයේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය ද ඉහත පසුබිම තුළින් පැනනැගුනු තත්වයක ලෙස විස්තර වේ.

මෑත කාලීනව ඉරාන ඉස්ලාමීය ජනරජය මුහුණ දුන් දින 12 යුද්ධය නැතිනම් ඊශ්‍රායල ප්‍රහාරය හා එක්සත් ජනපද ට්‍රම්ප් පරිපාලනය ඉරානයේ න්‍යෂ්ටික බලාගාර විනාශ කිරීම අභියස එල්ල කළ ප්‍රහාරය ආදී තත්වයන් හමුවේ ඉරානයට එල්ල වූ රළු සම්බාධක, වත්මන් ආර්ථික අර්බුදයට සෘජුවම හා ප්‍රබලවම බලපෑ බව ගෝලීය ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි.

ඉරානය තුල පවතින අධි උද්ධමනය හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙත ළඟාවීම ඉරානීය ජනතාවට අර්බුදයක් වීම, දිගුකාලීන අක්‍රමිකතා මෙන්ම පරිපාලන ගැටලූන් ද මෙම ආර්ථික අර්බුදය පුළුල් වූ අනතුරුදායක මාවතකට විතැන් කළ බව විස්තර වී ඇත.  සාමකාමී උද්ඝෝෂණ හමුවේ සිදුවන ප්‍රචණ්ඩත්වය දුරුකිරීමට ට්‍රම්ප් පරිපාලනය මැදිහත්වීමට දරන තැත මේ සියලු තත්ව අභිබවා ගැටලු මතු කරන බව නම් ප්‍රත්‍යක්ෂ වී ඇත.

ඉරාන ඉස්ලාමීය ජනරජය තුළ  පැනනැගී ඇති විරෝධතා හමුවේ ඒවා හුදු විරෝධතාවන් පමණක්ම නොව එතුළ ඉරානයේ ඉදිරි රාජ්‍යතාන්ත්‍රික වෙනස්කම් ද සිදුවීමට ඉඩකඩ විවර කර ගැනීමක් ද මෙම උද්ඝෝෂණ ව්‍යාපාර අභිමතින් ප්‍රදර්ශනය වන බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර, ඒ ඉරාන ඉස්ලාමීය විප්ලවය ඇරඹීමට පෙර ඉරානයේ පැවති එක්සත් ජනපදයට හිතවාදී ෂා රජපෙළපතේ ඉදිරි හිමිකරුවට නැවත ඉරානයේ පාලනය ස්ථාපිත කර දීමට වෑයමක් ද ඇතැම් කොටස් වෙතින් විද්‍යාමාණ වන බවයි.  Reza Pahlavi පිළිබඳ කතිකාව ඔස්සේයි.  රේසා පල්ලාවි, ඉරාන ෂා රාජවංශික පෙළපත නියෝජනය කළා වූ මොහොමද් රේසා පල්ලවිගේ පුතු වන අතර, වර්තමාන ඉරාන රාජ්‍ය පාලනයේ ක්‍රමික හා ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් විය යුතු  බව පවසමින් විපක්ෂය මෙහෙය වන්නා වූ ප්‍රධාන භූමිකාවක් බවට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය ඉතාම තීරණාත්මකව ප්‍රකාශ කර ඇත.

නමුත් නැවතත් ඉරානයේ 1979 දී ඇති වූ විප්ලවයෙන් අනතුරව උත්තරීතර නායක අයතුල්ලාහ් අලි කොමේනිගේ ප්‍රධානත්වයෙන් ඉරාන ඉස්ලාමීය ජනරජය පිහිටු වනු ලැබීය.  මේ වන විට පුද්ගල මරණ විශාල සංඛ්‍යාවක් ද සිදු කෙරෙමින් දිනෙන් දින උණුසුම් වන ඉරාන විරෝධතා හමුවේ සමාජ මාධ්‍ය අවහිර කිරීම ද ඉතාම නරක අතට මේ තුළ බලපැවැත්තෙන්නා වූ තවත් අර්බුදකාරී තත්ත්වයක් වී ඇත

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.