28 September, 2020

Blog

දැන දැන ගමන් යන රනිල් වික්‍රමසිංහ

කේ.ජී.පිලිප් ශාන්ත –

කේ.ජී.පිලිප් ශාන්ත

පසුගිය දා පැවැත්වූ පළාත් පාලන මැතිවරණය සම්මුතික ආණ්ඩුවට එල්ල කළේ තදබල දේශපාලන අභියෝගයකි. විශේෂයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව මෙවර පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය විශාල පසුබෑමකට ලක්ව තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේ දී ත් රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය පරාජය කළ සිංහලබෞද්ධ ජන කොටස අතර ඊට තිබූ ආකර්ශනය ඉමහත් . මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ආණ්ඩුව සමග කෝපයෙන් පසු වූ ජනතාව නැවත රාජපක්ෂ දේශපාලන ව්‍යපෘතිය කරා තල්ලු වී ඇති බව පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පැවැති සියළුම ආණ්ඩු සිංහලබෞද්ධ විඥාණයකින් කටයුතු  කළත් ශ්‍රී ලංකා රාජ්‍යයේ දෘෂ්ටිමය මතවාදය බවට සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය පත් කළේ රාජපක්ෂවරුන් විසින් යැයි කිව හැකිය. මහාචාර්ය නලින් සිල්වා හා වෛද්‍ය ගුණදාස අමරසේකර විසින් ගොනු කළ න්‍යායාත්මක මතවාදයන් චම්පික රණවක වැනි අය ගොඩනැගූ සංවාදශීලීත්වය නිසා 2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ විසින් මහජනයා සමග ඇති කර ගත් සම්මුතිය මුළුමනින්ම වගේ පදනම් වූයේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය මතය.

අනුව මහින්ද චින්තනය නම් වූ රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතිය නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණයන් සදහා වූ විශේෂිත පැකේජයක් විය. ගෝලීය ප්‍රාග්ධනයේ නිදහස් සංචලනයට බාධාවක් වූ දෙමළ කොටි සංවිධානය සමූල ඝාතනය කිරීම එක් සැලසුමකි. එසේම ආර්ථික ප්‍රතිසංස්කරණයන් කරමින්ම  එහි කම්පන වල රැව්දීමට ඔරොත්තුදීම සදහා සමාජයේ සෑම ස්ථරයකටම සුභ සාධනවාදී අර්ථයෙන් ආර්ථික සහන සැලසීම උපක්‍රමය විය.

අනුව ෂැන්ග්‍රිලා හෝටලය ඉදි කිරීම සදහා ගාළුමුවදොර  යුද හමුදා මූලස්ථානය පිහිටි ඉඩම විදේශිකයන්ට ලබා දුන් අතර කොළඹ වරාය නගරය ඉදි කිරීමේ හිලව්වට යම් ඉඩම් ප්‍රමාණයක් චීනය වෙත සින්නක්කරව ලබාදීමට එකග වුණි. විදේශ ආයෝජන ශක්තිමත් කිරීමේ අරමුණෙන් එවැනි පියවර ගත්ත සමාජයේ සියළු සමාජ තීරු  වලට ආර්ථික සහන ලබාදීමට රාජපක්ෂ ව්‍යාපෘතිය නොපසුබට වීය. පොහොර සහනාධාර, ඉන්ධන සහනාධාර, රජයේ රැකියා, වැඩිහිටි සහනාධාර ආදී එකී නොකී සියළු සහනයන් මැද රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියට මහජන අනුමැතිය ලබා ගැනීම සදහා ඔවුහු වෙහෙස විය.

එහිදී ගෙවුම් ශේෂ තුලනයන් පවත්වාගෙන යෑම සදහාත් විදේශ සංචිත ස්ථාවරව තබා ගැනීම සදහාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිට විය. වරක් එච්.එස්.බී.සී. බැංකුවෙන් පවා ණය මුදලක් ලබා ගත්තේ . මූල්‍ය ආධාර මත යැපෙන ශ්‍රී ලංකා ආර්ථිකයට අලුත් ක්‍රමයක් හදුන්වාදෙමින් මහජන චීනයෙන් ණය ගත්තේ වැඩි පොළියට . එම විදේශාධාර වලින් බහුතර මුදලක් මූල්‍ය වෙළෙද පළට මුදා හැරියේ රජයේ පුනරාවර්තන වියදම් පියවා ගැනීමට . එනිසා ඇති වූ මූල්‍ය උද්ධමනය පාලනය කර ගැනීමට ආණ්ඩුව අසමත් විය.

එක්සත් ජාතික පක්ෂයේ නායක එකල විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම එච්.එස්.බී.සී බැංකුව තදින් විවේචනය කරන ලදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුගමනය කරන ආර්ථික වැඩපිළිවෙල තදින් විවේචනය කළ රනිල් වික්‍රමසිංහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකින් රට සංවර්ධනය කිරීම සදහා නායකත්වය ලබාදෙන්නට සැලසුම් සකස් කළේ .

මේ නිසා ඔහු විපක්ෂයේ සිටිය දී බොහෝ විචාරකයන් කීවේ එක්සත් ජාතික පක්ෂයට සිටින එකම නූතනවාදී නායකයා රනිල් වික්‍රමසිංහ බවයි. එබැවින් ඔහුව නායකත්වයෙන් පළවා නොහැර රැක ගත යුතු බව බොහෝදෙනෙකුගේ අදහස විය.සම්ප්‍රදායී අර්ථයෙන් සමාජය සංවිධානය කර රාජ්‍ය බලය ලබා ගත යුතුය යන්න රනිල් වික්‍රමසිංහ විශ්වාස නොකළේ . එනිසා පක්ෂ සංවිධානය කිරීමත් බලමුළු ශක්තිමත් කිරීමත් ඔහුගේ න්‍යාය පත්‍රය තුළ අඩංගු නොවීය. ඔහු නිතරම උත්සාහ කළේ නූල් සූත්තර මගින් බලය ලබා ගැනීමට .

රනිල් වික්‍රමසිංහගේ දේශපාලන උපක්‍රමයන් ගැන අධ්‍යයනය කරන්නෙකුට ඔහුගේ දෙවැනි අගමැති ධූර කාලය හොදටම ප්‍රමාණවත් . එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අමාත්‍යංශයන් තුනක් පවරා ගෙන ආණ්ඩුව බිද වැට්ටවීමට කටයුතු කරද්දී රනිල් වික්‍රමසිංහ සමග ගැටුමකට නොගියේ . අය වැය කාරක සභා අවස්ථාවේ දී පවරා ගත් අමාත්‍යංශ තුනෙහි අය වැය සම්මත කර දුන්නේ . දේශපාලන පරස්පරතා නිසා ක්‍රමය අර්බූදයට යවන්නට රනිල් වික්‍රමසිංහ කිසිදා කටයුතු කර නොමැත. නමුත් ඔහු නිතරම උත්සාහ ගත්තේ ක්‍රමය ආරක්ෂා කරමින් ප්‍රතිවාදියා අඩපණ වූ කළ බලය ලබා ගැනීමට .එනිසා ශූක්ෂම ලෙස නිරීක්ෂණය කරමින් ප්‍රතිවාදියා අර්බූදයට යවමින් නූල් සූත්තර ඇදීමට රනිල් වික්‍රමසිංහ රුසියෙකි. එහෙත් ලාංකික දේශපාලන සංස්කෘතිය තුළ එවැනි උපක්‍රමයන්ට වටිනාකමක් නොමැති නිසා ඔහු පක්ෂය තුළ ශක්තිමත් නායකයකු නොවීය.

මහින්ද රාජපක්ෂ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය දෘෂ්ඨිමය බලය කර ගනිමින් එය නියෝජනය කරන පහළ මධ්‍යම පන්තිය/ සුළු ධනේශ්වර සමාජ තීරුව/ලුම්පන් සංක්‍රාන්තික සමාජ තීරුවට විනෝදය ලබාදෙද්දී රනිල් වික්‍රමසිංහ නියෝජනය කළේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් . එනිසා ඔහුට ශක්තිය දුන්නේ කොළඹ හා අග නාගරික කේන්ද්‍රීය ප්‍රභූන් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ කොටස් . ග්‍රාමීය පහළ මධ්‍යම පන්තියේ/ සුළු ධනේශ්වර සමාජ තීරුවේ/ ලුම්පන් සංක්‍රාන්ති සමාජ තීරුවේ අවිඥාණික ආශාව වූයේ මහින්ද රාජපක්ෂ . ඔවුන්ට රනිල් වික්‍රමසිංහ චරිතය රට පාවාදෙන දොන් ජුවන් ධර්මපාල කෙනෙකු විය. තත්ත්වය තුළ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයට එරෙහිව දකුණේ දේශපාලනය කිරීම බරපතල ගැටළුවක් විය.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලනයේ ආවේනිකයන් නිසා අතෘප්තියට පත් වූ ජන කොටස් ඔහුගෙන් ක්‍රමයෙන් ඉවත් විය. එනිසා පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය තම ඡන්ද ප්‍රතිශතය අඩු කර ගත්තේ . බොහෝදෙනෙකු කීවේ විධායක ජනාධිපති ක්‍රමය තුළ විපක්ෂයේ කාරයභාරය හැකිලෙන බැවින් රනිල් දුර්වලයකු වූ බව . එහෙත් 2015 ජනාධිපතිවරණයෙන් පසුව ඔහුට ශක්තිමත් වන්නට බොහෝ ඉඩ තිබුණි. එහෙත් ඔහු ජනප්‍රසාදය දිනා ගන්නට අපොහොසත් නායකයකු විය.

බොහෝදෙනෙකු රනිල් වික්‍රමසිංහව විවේචනය කරන්නේ ඔහුගේ ප්‍රාතමික ලක්ෂණ පෙන්නුම් කරමිනි. ඔහු කැරිස්මාවක් නොවීම, පෞර්ෂවත් සිංහලබෞද්ධ පෙනුමක් නොවීම,  ප්‍රබල කථිකයකු නොවීම ආදී කරුණු අතර වේ. එහෙත් රනිල් වික්‍රමසිංහට අනන්‍යතාවක් ගොඩ නගා ගන්නට තිබුණේ වෙනත් සාධක මත . ඔහු ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රගතිශීලී දැක්මක විය. ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ප්‍රගතිශීලී දැක්මක විය. ජාත්‍යන්තර තලයේ පිළෛගත් නායකයකු විය. මේ නිසා සිංහල නොවන ජන කොටස් අතර ප්‍රජාතන්ත්‍රවාදී ජන කොටස් අතර ඔහු ජනප්‍රිය චරිතයක් විය. මේ සියළු ලක්ෂණ රනිල් වික්‍රමසිංහට ධනාත්මකව බලපාද්දී ඔහු තම පාලන කාලය තුළ ජනතාවගෙන් ඈත් විය.

ඊට ප්‍රධාන හේතුව වූයේ නව ලිබරල්වාදයේ දේශීය නියෝජිතයා වෙමින් කන්සර්වේටිව්වාදී ලෙස සමාජය සමග ගනුදෙනු කරන්නට යෑමයි. මහින්ද රාජපක්ෂ නව ලිබරල්වාදයේ දේශීය නියෝජිතයෙකි. එහෙත් ඔහු උපාය උපක්‍රමශීලී වෙමින් නව ලිබරල්වාදයේ ආර්ථික කම්පන සමාජය කරා යෑම ප්‍රමාද කළේ . ඔහු සදහා සමාජයට ආර්ථිකමය ලෙස අල්ලස් දුන්නේ . එහෙත් ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගේ  තියුණු මර්දනයට ගොදුරු වී ආන්තීකරණයට ලක්වූ ජන කොටස් සමග රනිල් වික්‍රමසිංහ ගනුදෙනු කළේ ඔවුන්ව මිනිස් දූවිලි ලෙස සැලකිල්ලට ගනිමිනි. එනිසා ආන්තීකරණය වූ ජන කොටස් ඔහු හා වෛර බැද ගත්හ.

මහින්ද රාජපක්ෂ තම දේශපාලන ව්‍යපෘතිය ජයග්‍රහණය කරවා ගැනීම සදහා සමාජයට අල්ලස්දීම ආර්ථිකමය ලෙස රට අගාධයට හෙලීමකි. එහෙත් ආන්තීකරණයට ලක්වන ජන කොටස තේරුම් ගන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතය ගැන මිස රටේ අනාගතය ගැන නොවේ. එනිසා රාජ්‍ය අංශය ලක්ෂ පහලොව දක්වා පුළුල් කිරීම, පොහොර සහනාධාරය ලබාදීම, විශ්‍රාම වැටුප් සදහා ලොකු වියදමක් දැරීම මෙන්ම හැකි සෑම අවස්ථාවකම බදු සහන හා සහනාධාර දීම මහින්ද රාජපක්ෂ්ගේ උපක්‍රමය විය. රනිල් වික්‍රමසිංහ එවැනි ගාධයකට රට තල්ලු කළ යුතු නැති බව ඔහුව බලයට පත් කළ ජන කොටසේ අභිලාශය බව සැකයක් නැත. එහෙත් ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගෙන් ආන්තීකරණයට ලක්වන ජන කොටසට රජයේ ශක්තිය හිමිවිය යුතු බව ඔවුන්ගේ පිළිගැනීම වුවත් රනිල් වික්‍රමසිංහගේ දර්ශනය තුළ ඊට ඉඩක් නොවීය.

අවසානයේ දී පොහොර සහනාධාරය අහිමි වූවන්, ගම්මිරිස්, තේ, රබර්, බුලත් වැනි කෘෂි නිෂ්පාදනයන්ට සාධාරණ මිලක් නොලැබූවන්, විශ්‍රාම වැටුප් අහිමිවූවන්, බදු සහන අහිමි වූවන් ආදී වශයෙන් අතර මැදි පන්තියේත් පීඩිත පන්තියේත් ජන කොටස් රනිල් වික්‍රමසිංහ සමග දේශපාලන සම්මුතිය අත් හලහ. එමගින් පෙන්නුම් කළේ රනිල් වික්‍රමසිංහ ආර්ථික අවකාශයේ හැල හැප්පීම් කළමනාකරණයට සුදුසු අයකු නොවන බව ජන කොටස් තේරුම් ගැනීමයි.

මෙවැනි පරිහානියක් ඉන්දීයාවේ භාරතීය ජනතා පක්ෂයට වරක් සිදු විය. “දිදුලන ඉන්දියාවනම් තේමාව යටතේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ  භාරතීය ජනතා පක්ෂය ඉන්දීය පහළ ජන කොටස් අතරින් අතු ගෑවී ගියේ . ඊට මුහුණ දුන්නේ ඉන්දියාවේ විශිෂ්ට නායකයකු වන අතල් බිහාරි වජ්පායි . ඉන්දීය සමාජයේ ග්‍රාමීය ගොවි කම්කරු ජනතාව ඔහුගේ පාලන කාලය තුළ විශාල පීඩාවකට මුහුණ දුන් අතර මහා මැතිවරණයේ දී ඊට වන්දි ගෙවන්නට භාරතීය ජනතා පක්ෂයට සිදු විය. නැවත බලයට ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයට තත්ත්වය සමනය කරන්නට නොහැකි විය. දැන් නැවත ඉන්දියාවේ බලයට පත් වී ඇත්තේ භාරතීය ජනතා පක්ෂයයි. ඉන්දීය වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිකවාදී කතිකාව තුළින් ආන්තීකරණයට ආර්ථික විසදුම් දෙමින් නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණයන් කරමින් සිටී.

රනිල් වික්‍රමසිංහ 2015 දී බලයට ආවේ විශාල දේශපාලන ප්‍රතිසංස්කරණ පැකේජ් එකක් හදුන්වා දෙමිනි. එහෙත් ඔහු එම දේශපාලන ප්‍රතිසංස්කරණයන් පසෙක තබා ආර්ථික ප්‍රතිසංස්කරණයන් න්‍යය පත්‍රයේ අංක එකට තෝරා ගත්තේ . මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් කළ අපරාධයන්ට දඩුවම් නොකර එහි කොහිල කටු ඇන ගනිමින්ම ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා කිඹුලාට කියා කව්වා ගන්නට මිනිසුන් කැමැති නැත. එහෙත් රනිල් වික්‍රමසිංහ කළේ දෙස හැගීමකින් තොරව බලා සිටීම පමණි.

සමාජයේ පරිකල්පනය වෙනස් කරමින් සමාජ චින්තනය පවතින තත්ත්වයට වඩා විදග්ධ, ශික්ෂිත, ප්‍රබුද්ධ හා ප්‍රජාතාන්ත්‍රික තලයකට ඔසොවා තබන්නට මහින්ද රාජපක්ෂ කිසිම උත්සාහයක් නොදැරුවත් රනිල් වික්‍රමසිංහ උත්සාහ ගත්තේ එවැනි ක්‍රියාවකට . එනිසා රනිල් වික්‍රමසිංහ යනු ග්‍රාමීය/නිර්ධන/ලුම්පන් සංක්‍රාන්ති සමාජ තීරුවල චින්තන භාෂා සංස්කෘතික විඥාණය හා භාවිතාව වෙනස් කිරීමට අවශ්‍ය බවට හැගවුම්කරණය කළ නායකයකු ලෙස සටහන් වී තිබුණි. එසේම ලිබරල් මැද පාන්තික චින්තනයේ දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධ උනන්දුව තාමත් ග්‍රාමීය ජන කොටස් අතරට ගලා ගොස් නොමැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් රනිල් වික්‍රමසිංහ පරාජය වූ අතර එය ලාංකික ධනවාදය මුහුණ් දුන් සුවිශේෂී පරාජයක් ලෙස හැදින් විය හැකිය.

ධනපති නායකයකුට නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීම අත් හල නොහැක. එහෙත් එම නායකයාට උපායශීලී වෙන්නට කිසිම බාධාවක් නොමැත. සමාජයේ ආන්තික ජන කොටස් වල ජීවත්වීමේ අයිතිය පිළි ගනිමින් ඔවුන්ට ආර්ථික ශක්තියක් රජය මගින් හදුන්වාදීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. එසේ නොවන්නට රනිල් වික්‍රමසිංහ කෙතරම් දර්ශනයක් සහිත නායකයකු වුවද අසමත්ව ගෙදර යන්නටවීම කිසිවකුට නතර කළ නොහැක.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.