19 March, 2024

Blog

පරණ මිනිස්සු, පරණ අදහස් හා අලුත් හෝටලයක්

කේ.ජී.පිලිප් ශාන්ත –

කේ.ජී.පිලිප් ශාන්ත

පසුගිය දා  කොළඹ ගාළුමුවදොර ෂැන්ග්‍රිලා හෝටලයට එකතු වූ “වියත් මග” සංවිධානය ගෝටාභය රාජපක්ෂව 2019ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඔසොවා තැබීය. මාධ්‍යකරුවන් විසින් ප්‍රශ්න පිට ප්‍රශ්න කරද්දී රාජපක්ෂ අයිය මලෝ ලැජ්ජාවෙන් කීවේ “අරයගෙන් අහන්න” යන්න පමණි. එහෙත් එය හොරාට පෙර මුට්ටිය දැමීමක් බව දේශපාලනයේ අ යනු ආ යනු කීයූ කාටත් වැටහුණි.

දසවසරකට ආසන්න රාජපක්ෂ පාලනයට තිබුණේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය මත පදනම් වූ මතවාදී දේශපාලනයකි. එහෙත් යුද්දයෙන් පසුව රාජපක්ෂ පාලනය ක්‍රමයෙන් දියවෙන්නට පටන් ගත්තේ රාජ්‍යය ප්‍රතිසංවිධානයේ ලා රාජපක්ෂවරු අසමත් වූ බැවිනි. අවශ්‍ය මොහොතේ දී යූ හැරවුම නොගත් නිසා රාජපක්ෂ පාලනය අවලංගු විය. ඊට ප්‍රධාන හේතුව වූයේ රාජ්‍යය තවදුරටත් ඒකග්‍රහණියව තබා ගැනීමට රාජපක්ෂ දේශපාලනයේ මතවාදී දෘෂ්ටියට නොහැකි වූ බැවිනි.

එහෙත් ඔවුන් පදනම් වූ ආර්ථිකය වූයේ නව ලිබරල්වාදී නිදහස් වෙළෙද පළ ක්‍රමය මතයි. එනිසා ප්‍රාග්ධන අවශ්‍යතා තුළ රාජපක්ෂ පාලනයේ පැවැත්ම රැදී තිබුන ද එහි තාර්කික අවසානයට ළගා වූයේ රාජපක්ෂලාගේ උද්දච්ඡකම නිසා ය. ඒ නිසා එක්සත් ජනපදයත් යුරෝපා සංගමයත් ඒ තීන්දුව ගත්තේ ය. අවසානයේ මැදමුල නිවසේ ඓතිහාසික ජනෙල් පඩි දේශනය පැවැත්වීමට තරම් රාජපක්ෂවරු බාල බොළද වූහ.

නමුත් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය තුළින් ජාතිකත්වයන්ගේ පොදු අනුකූලතාව තමන්ට ගත නොහැකි බව බැසිල් රාජපක්ෂ පාර්ශ්වය තේරුම් ගත්තේ ය. බැසිල්ගේ දේශපාලන හැසිරීම අනුව පැහැදිලි වූයේ ඔහු තවදුරටත් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය මත රදා නොපවතින බවයි. ඔහු යාපනයට ගොස් දෙමළ ජන සමාජය ඇමතුවේත් කාත්තන්කුඩියට ගොස් මුස්ලිම් ජන සමාජය ඇමතුවේත් ඒ අර්ථයෙනි. එනිසා දෙමළ, මුස්ලිම් ජන කොටස් යළි රාජපක්ෂ දේශපාලනය දෙස උපේක්ෂා සහගතව බලන බවක් දිස්විය.

නමුත් ගෝටාභය රාජපක්ෂ තවමත් දේශපාලනය දෙස බලන්නේ පරණ පුරුදු දැක්මෙනි. ඔහුට සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී සංස්කෘතියෙන් මිදෙන්නට නොහැකිය. එසේම මිලිටරි හා පොලිස් නායකයන්  සමග ඔහුගේ දේශපාලනය ගැට ගැසී තිබේ. එනිසා ඔහු තවමත් දේශපාලනිකව පදනම් වන්නේ සිංහලබෞද්ධ ජන සමාජය මතිනි.  ඔහුට දෙමළ හා මුස්ලිම් ජන කොටස් වල ප්‍රසාදය දිනා ගැනීමේ අවශ්‍යතාවක් නොමැත්තාසේ ය.

එහෙත් ගෝටාභය රාජපක්ෂගේ ෂැන්ග්‍රිලා ප්‍රකාශනය තුළ පැහැදිලි ලෙසම සදහන් වූයේ ඔහුගේ දේශපාලන බලාපොරුත්තුවයි. එමෙන්ම ඔහුගේ දේශපාලනය වෙළෙද පළ ආර්ථික ලිබරල්කරණය මත රදා පවතින බවට වූ පොරුන්දුවක් ද ගෝලීය ප්‍රාග්ධන අභිලාශයන්ගෙන් යුත් බටහිර රටවලට ඔහු විසින් ලබාදුනි. කවුරු දේශපාලන මති මතාන්දර දැරුවත් නව ලිබරල්වාදය මත පදනම් වන බවට සදහන් නොකරන්නට පැවැත්ම පිළිබද බලවත් අර්බූදයක් පැන නගී.

රාජපක්ෂ දේශපාලනය බටහිර අවශ්‍යතා මත දිග ඇරුන ද 2015දී බටහිර බලවේගය හා ඉන්දියාව විශ්වාසය තැබුවේ මෛත්‍රී – රනිල් පාර්ශ්වය මතය. ඒ විශ්වාසය සදාකාලික නොවේ. යම්දාක බටහිර බලවේගයන් මේ පාර්ශ්වය පිටු දැකීමට ඉඩ තිබේ. ගෝඨාභය රාජපක්ෂ කල් යල් බලන්නේ අන්න එවැනි අවස්ථාවකි.

එය සමහරවිට ප්‍රායෝගික වන්නට ද ඉඩක් පවතී. එහෙත් එය සිදුවන්නේ බටහිර විසින් සිදු කරන තුලනාත්මක අධ්‍යයනයකිනි. යම්හෙයකින් 2005දී මෙන් වෙනස් නායකයකුට බලය ලබාදෙන්නට බටහිරට අවශ්‍ය වුවහොත් එය යථාර්තයක් වීම සදහා පරිසරය සැකසෙනු නොඅනුමානය.

එහිදී ගෝටාභය වටා සිටින අල්ලස්කරුවන්, දූෂිතයන්, අපරාධකරුවන් හා වෙනත් සමාජ විරෝධීන් පසෙකට තල්ලු වී ඔවුන් දේශපාලන මාතෘකාවෙන් බැහැර කෙරේ. නමුත් කොළඹ නගරයේ පවිත්‍රතාව, යුද්දයට නායකත්වයදීම හා ඝෘජුභාවය උත්කර්ශයට නංවනු ඇත. එහෙත් ප්‍රශ්නය වන්නේ 56දරුවන් හා 71දරුවන් රාජපක්ෂ දේශපාලනයට දැක්වූ ප්‍රතිචාරය එලෙසින්ම 78දරුවන් හා 89දරුවන් දක්වාවිද යන්නයි. පැහැදිලිව දක්නට ඇත්තේ 78හා 89දරුවන්ගේ සක්‍රීය ක්‍රියාකාරීත්වය ජනප්‍රිය දේශපාලන අවකාශය තුළ නොපවතින බවයි.

ශ්‍රී ලංකාව පත්ව ඇති දේශපාලන මොහොත සලකා බැලුවහොත් මේ වනවිට පවතින බරපතලම සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න කිහිපයක් වේ.  ජාතික ප්‍රශ්නය, ගෙවුම් ශේෂ හිගය, ආදායමේ ඇති නැති ප්‍රශ්නය හා ආන්තික ජන කොටසට ආර්ථික ප්‍රජාතාන්ත්‍රීකරණයක් නොවීම ඒ අතුරින් ප්‍රධානයි. ඒවාට විසදුම් සොයන දේශපාලන ප්‍රතිසංස්කරණ පැකේජයකින් තොරව 2019ට වියත් මග විසින් සොයන දේශපාලන මාර්ගය සම්පූර්ණ හා සාර්ථක එකක් නොවේ. “වියත් මග” ද පදනම් වන්නේ නව ලිබරල්කරණ ආර්ථික ප්‍රතිසංස්කරණයන් මත බව දැනටමත් ප්‍රකාශ කර ඇත. රටේ අද ප්‍රශ්න විසදන්නේ නැති හිස් දේශපාලන පැකේජයක් සමග නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණයන් පමණක් ඉලක්ක කර ගැනීම පතුලක් නොපෙනෙන අගාධයකට පැනීමකි.

මහින්ද චින්තන දේශපාලන පැකේජයේ ද පදනම වූයේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණයි. එහිදී ඔවුන් බරතබා කටයුතු කළේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී දෘෂ්ටිමය අවශ්‍යතාව සාර්ථක කර ගැනීමටයි. අද වන විට දේශපාලන රංග භූමිය අලුතින් ධ්‍රැවීකරණය වී තිබේ. නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණයන් සදහා තවදුරටත් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී දෘෂ්ටියකින් ගමන් කළ නොහැක. මුළු එකක් ලෙස කිසිම වෙනසකින් තොරව මහින්ද චින්තනය විතරක් අත ඇතිව 2019ට මුහුණ දෙන්නට යෑම අසාර්ථක වෑයමකි. ඒ අර්ථයෙන් පරණ මිනිස්සු, පරණ අදහස් සමග අලුත් හෝටලයක රැස්වීම වියත් මග සම්මන්ත්‍රණයේ  දේශපාලන උත්ප්‍රාසයයි.

මේ මොහොත වන විට දේශපාලන භූමිය අදේශපාලනික කසකරුවන්ගෙන් පිරී පවතී. එකිනෙකට වෙනස් කතන්දර කියමින් තම එකම උපාය කීයක් හෝ මහජන අරමුදලින් පිල්ලි ගැසීම බවට පත්ව තිබේ. උස් හඩින් කතා කරන බොහෝ දේශපාලන ක්‍රියාකාරීන්ගේ චරිතය පල් හොරුන්ගේ චරිතයෙන් කිසි ලෙස වෙනස් වන්නේ නැත. එහෙත් ඔවුහු කපුරුහාමීලා ලෙස කතා කරති. සම්මුතික ආණ්ඩුවට එරෙහිව උස් හඩින් කතා කරන ප්‍රබලයන් අතර බහුතරය හරි නම් සිටිය යුත්තේ වැලිකඩ හිර ගෙදර ය. එහෙත් රටේ අවාසනාවට ආණ්ඩුවට එරෙහිව ශක්තිමත්ම විරෝධය එල්ල්ල කරන්නේ එවැනි දේශපාලකයන් ය.

තමන් බලයේ සිටිය දී අල්ලස් ඉල්ලූ හඩපට පවා අන්තර් ජාලයේ සංසරණය වෙද්දී ඒ දේශපාලකයා ආණ්ඩුවට එරෙහිව කොවුල් නාද පවත්වයි. රත්‍රන් චේන් පොටවල් කඩා බඩගෝස්තරය හොයාගත් තවත් අයෙක් මහජන දේපොල ආණ්ඩුව විසින් උළාකෑම ගැන නන් දොඩවයි. මේ යුගයේ අවාසනාවන්තම අත්දැකීම වන්නේ පට්ට හොරුන් සිල් රෙදි ඇදගෙන ඉදිරිපත් කරන විසූක දස්සන බලන්නට මහජනයාට සිදුවීමයි. මේ ආණ්ඩුවට එරෙහිව සැබෑ ශක්තිමත් දේශපාලනයක් පැන නොනගින්නේ ද මේ විසූක දස්සන නිසා ය.

වියත් මග සම්මන්ත්‍රණය පුරාවට හිටියේ 2005 – 2015 මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙන් මහජන ධනය උළා කෑ පිරිසයි. ඔවුන් ටයි කෝට් ඇන්ද පළියට දේශපාලන අභිලාශයන් වෙනස් වන්නේ නැත. මේ පල්හොරුන් සමග 2019ට මුහුණ දෙන්නට යෑම එකම විහිළුවකි.  එහෙත් මේ විහිළුව රසවිදීම හැර සමාජයට වෙනත් විකල්පයක් නොමැතිවීම කනගාටුදායක ය.

රට අද මුහුණ දෙන බරපතල තත්ත්වයන්ගෙන් මිදීමට නම් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී විසදුම් පොදියක් සමග සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව තදින් දැනේ.එහිදී මූලිකම පියවර වන්නේ රාජ්‍යයේ ආකෘතිය යළි සකස් කර ගනිමින් ජන කොටස් රාජ්‍යයේ පාලනය සමග සම්බන්ධ කර ගැනීමයි. ජාතික ප්‍රශ්නයට මූලිකම හේතුව රාජ්‍ය සිංහලබෞද්ධවීමයි. එනිසා සිංහලබෞද්ධ නොවන ජනකොටස් වලට, අවම වශයෙන් බෞද්ධ නොවන සිංහල ජන කොටසට හෝ රාජ්‍ය පාලනයට පූර්ණව සම්බන්ධ විය නොහැක. ජේෂ්ඨ දේශපාකයකු වන රෙජිනෝඩ් කුරේට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වන්නට නොහැකි වූයේ රාජ්‍යයේ පවතින මේ ගෝත්‍රවාදී ස්වභාවය නිසා ය.

එමෙන්ම නව ලිබරල්කරණ ව්‍යාපෘතියක ඇති නැති පරතරය පුළුල්වීමත් ආන්තික ජන කොටසට ආර්ථිකය තුළ ස්ථාවරයක් නොවීමත් අනිවාර්ය ලක්ෂණයකි. ඒ සදහා පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණයක් තුළින් ආන්තික ජන කොටස ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට වෙනම වැඩසටහනක් අවශ්‍ය ය. එය ධනේශ්වර වෙළෙද පළ තුළින් කඩා හැලෙන යමක් ආන්තිකයන්ට ලබාදීමේ ක්‍රමයක් නොවිය යුතු අතර ඒ ජන කොටස ශක්තිමත්ව ආර්ථිකයේ කොටස්කරුවන් කර ගැනීමේ ව්‍යාපෘතියක් විය යුතුය.

රටේ නිෂ්පාදනය කඩා වැටීම නිසා රටට ඩොලර් ගලා එන්නේ නැත. රාජ්‍ය මේ තරමින් හෝ යැපෙන්නේ විදේශ ගත ශ්‍රමිකයන්ගේ, ඇගළුම් ක්ෂේත්‍රයේ ශර්මිකයන්ගේ හා වතු ආශ්‍රිත ශ්‍රමිකයන්ගේ දාඩිය මහන්සියෙනි. එහෙත් මීට වෙනස්ව රටට ඩොලර් ගලන ක්‍රමයක් සකස් කර ගත යුතුය. ඊට මූලිකම අවශ්‍යතාව වන්නේ රටේ අපනයන ක්ෂේත්‍රය දියුණු කර ගැනීමයි. තවමත් මූලික සාධයක් ලෙස ශ්‍රී ලංකාව පදනම්ව ඇත්තේ සම්ප්‍රදායික අපනයනයන් මතය. එහෙත් තොරතුරු තාක්ෂණ ලෝකයේ නව නිෂ්පාදනයන් හා අලුත් වෙළෙද පළ තුළින් නවීන අපනයන ක්ෂේත්‍රයකට ශ්‍රී ලංකාව ගමන් කළ යුතුය. ඒ සදහා අර්ථික දැක්මක් රටට අවශ්‍ය ය.

ජාතිකවාදී ආවේගයන් මත පදනම්ව අධිරාජ්‍යවාදී උගුල්වල වැටෙමින් දෙමළ/මුස්ලිම් ආන්තීකරණයක් තුළින් සිංහලයාට කවදාවත් විමුක්තියක් උදා වන්නේ නැත. අද පවතින දේශපාලන සංදර්භය ජනකොටස් එකට එකතු කරන ක්‍රමයකට මිසක් බෙදී වෙන් කරන ක්‍රමයකට වාසිදායක නොවේ. තම අශ්ලීල හා කළු පැහැති ඉතිහාසය දේශප්‍රේමයෙන් වසා ගැනීමට විළිලන වියත්මගට රට ඇත්තටම මුහුණ දෙන ප්‍රශ්නයන්ට විසදුම් නොමැත.

රටේ ධ්‍රැවීකරණය වන දේශපාලන තත්ත්වයන් අනුව ඒ දේශපාලන ප්‍රවාහයට නායකයන් තෝරන්නේ ප්‍රාග්ධන හිමිකරුවන් බව පිළිගන්නට අකැමැති තිත්ත ඇත්තයි. 2005දී ත් 2010දී ත් 2015දී ත් ලෝකයා හමුවේ ඔප්පු වූයේ ඒ ගොව්ලීය භූ දේශපාලන යථාර්තයයි. එවැන්නක් නැතැයි කීම භූ දේශපාලනය සම්බන්ධයෙන් පවතින නූගත්කම විනා වෙනත් දෙයක් නොවේ. එනිසා 2019දීත් රටට නායකයන් තෝරන්නේ ස්වදේශීය ජනයාගේ ඡන්ද බලයෙන්ම නොවේ. ඊට තීරණාත්මක කාර්යයක් කරන්නේ ප්‍රාග්ධන හිමිකරුවන් ය. එහිදී එක්සත් ජනපදයත්, යුරෝපා සංගමයත්, ඉන්දියාවත්, මහජන චීනයත් පැහැදිලි කාරයභාරයක් ඉටු කරනවා නොඅනුමානයි.

එහිදී  පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී දැකමකින් යුත් ගෝත්‍රවාදී අදහස් නොදරන ජාත්‍යන්තරය මෙන්ම ගැමි ජනයා ද අතර විශ්වාසය දිනා ගත් නායකයකු පත්වන්නේ නම් රටට යහපත් ය. එසේ නොවන්නේ නම් මිනිස් මාංශ වලින් ද මිනිස් රුධිරයෙන් ද ඉතිහාසය ලියා තබන මිලේඡ යුගයකට ශ්‍රී ලංකාව පොලා පනිනවා නිසැකය.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    ලිපියෙ මාතෘකාව දැක්කහම හිනාගියත් කතාව ඇත්ත. ගෝඨාභයගේ කතාවේ කිසිම අලුත් දෙයක් නැහැ. එයා යන්නෙත් මේ ක්‍රමයට. ගෝඨාභය කලින් නවත්තපු තැනින් පටන් ගන්න එක තමයි කතාව පුරාම තිබුනේ.
    .
    2015න් පස්සේ ලංකාවේ හැදුනේ වෙනස් ජනසමාජයක්. අද මිනිස්සු ආණ්ඩුවේ හැම එකටම ඇඟිලි ගහනවා. අදහස් ප්‍රකාශ කරනවා. විරෝධය පානවා. කොයි තරම් දුරට ගිහින්ද කිව්වොත් කිව්වොත් ආණ්ඩුවට අද කිසි හොරෙක්ට පත්වීමක් දෙන්න බැරි තැනකට ගිහින් තියෙනව. ආසන්නම උදාහරණෙ එක මහානාම කෙනෙක් වෙනුවෙට වෙන මහානාම කෙනෙක් දැම්ම ගමන් මිනිස්සු විරුද්ධ වුනඑක.
    .
    “2019දීත් රටට නායකයන් තෝරන්නේ ස්වදේශීය ජනයාගේ ඡන්ද බලයෙන්ම නොවේ. ඊට තීරණාත්මක කාර්යයක් කරන්නේ ප්‍රාග්ධන හිමිකරුවන් ය. එහිදී එක්සත්ජනපදයත්, යුරෝපාසංගමයත්, ඉන්දියාවත්, මහජනචීනයත් පැහැදිලි කාරයභාරයක් ඉටු කරනවා නොඅනුමානයි.”
    ෆිලිප් ශාන්ත මෙහෙම කියන්නේ ජනාධිපතිවරණෙට මේ ඉන්න ගොඩෙන්ම හැර වෙන අළුත් කෙනෙක්ට එන්න බැහැ වගේ අදහසක් දෙන්නද කියන්න මම දන්නේ නැහැ. නමුත් මම නම් හිතන්නේ මේක තමයි අළුත් මිනිහෙකුට ජනාධිපතිවරණ රේස් එකට එන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම අභියෝගය. ඒක කරන්න නම් මිනිස්සුන්ට අළුත් දෙයක් ඉදිරිපත් කරන්න ඕනේ. සම්ප්‍රදායික, ජනප්‍රිය, හැමදාම අහපු දේ නැතුව අළුත් දෙයක් කියන්න පුළුවන් වෙන්න ඕනේ. රටේ ඉදිරි දැක්ම සඳහා ඔබේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද කියල ඇහුවොත් එක වාක්‍යයකිනුත් පැහැදිලි කරන්න කිව්වොත් වාක්‍ය දෙකකිනුත් කියන පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ඒක කරන හැටි ප්‍රයෝගිකව එකින් එකට විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ.
    .
    රටේ ඊළඟ ජනාධිපති වෙන්න ඕනේ එහෙන් මෙහෙන් අනුන්ගෙන් අහුලා ගත්ත ඒවා නැතුව තමන්ටම කියලා දැක්මක් තියෙන මිනිහෙක්. එහෙම කෙනෙක් පේන්න නැති බව ඇත්ත. නමුත් දශක 7ක් තිස්සේ පොල් ගගා ආපු ශ්‍රී ලංකා යුඑන්පී ආණ්ඩුවල මෙතෙක් කරලත් සාර්ථක නොවනු එකම පිළිණු වෙච්ච ආර්ථික ක්‍රමය වෙනුවෙට මිනිස්සුන්ට ඇහුව ගමන්ම මේ විදිය තමයි රටට හරියන්නේ කියල හිතෙන විදියේ දැක්මක් ඉදිරිපත් කරන්න ඕනේ. ගෝඨාභය කිව්වා වගේ රනිල් සහ මෛත්‍රී කියනවා වගේ තියරිය ඕනේ කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයාටම ඒකෙ ප්‍රයෝගික පැත්ත කතා කරන්න පුලුවන්ද? ඒකට ආර්ථික කමිටු ඕනේ නම්, උපදේශකයෝ ඕනේ නම්, අනුශාසකයෝ ඕනේ නම්, ඒ කියන්නේ ඒ ජනාධිපතිවරණ අපේක්ෂකයාට තමන්ගේ කියල දැක්මක් නැහැ කියන එක. ඔහුව ප්‍රතික්ෂේප කළ යුතුයි.

  • 0
    0

    කියන්න ටිකක් වේලාසන වුනත් පැහැදිලිවම පේන දෙයක් තමයි තමයි මොන තෝරු මෝරු ඉල්ලුවත්, අළුත් දැක්මක් ඉදිරිපත් කරන්න පුළුවන් අපේක්ෂකයෙක් චන්දෙට ඉල්ලුවොත්, පාට පක්ෂ භේදයක් නැතුව මිනිස්සුන් ඒ දිහාට ඇදෙනවා කියන එක. ඊළඟට දෙමල මුස්ලිම් චන්ද ගන්න වුනත් සම්ප්‍රදායික විදියට ඒ පක්ෂ නායකයෝ පස්සේ යන්නේ නැතුව තමන්ගේ අදහස් සාමාන්‍ය දෙමල මුස්ලිම් මිනිස්සුන් අතරට යැවෙන තරමට ආකර්ශණීය තත්වෙක තියා ගන්න පුළුවන් කෙනෙක් නම්, වැඩි මහන්සියක් නැතුව ඒ චන්ද ගන්න වුනත් පුළුවන් වෙයි.
    .
    අනිත් එක සම්ප්‍රදායික ශ්‍රී ලංකා යුඑන්පී පක්ෂ නායකයෝ පස්සේ දුවල දුවල හති වැටිලා ඉන්න මුස්ලිම් කෙසේ වෙතත් දෙමල දේශපාලන නායකයන් වුනත් දෙමල ජනයා අතර තමන්ගේ පැවැත්ම ආරක්ෂා කරගන්න අළුත් අදහස් තියෙන සිංහල නායකයෙක් වටා එකතු වෙන්න පුළුවන්. ඒකට හොඳම හේතුව තමයි TNA එකට තවදුරටත් රාජපක්ෂ හොඳයි කියලවත් රනිල් හොඳයි කියලවත් මෛත්‍රී හොඳයි කියලවත් තියාගෙන ආපහු තමන්ගේ මිනිස්සු අතරට රෙද්දක් ඇඳගෙන යන්න බැරි කම. මුස්ලිම් නායකයො ගැන මං දන්නේ නැති වුනත් මේ ආණ්ඩුවටම හේත්තු වෙලා ඉන්න හිතයි සමහරවිට. TNA එකට එහෙම බැහැ. TNA එකේ ඇතිවීම හෝ නැතිවීම තියෙන්නේ තමන්ගේ කතාව ආපහු අළුතෙන් පටන් ගන්න පුළුවන් වීම මත සහ ඒ උඩ කොයි තරම් දුරට කල් මරන්න පුළුවන්ද කියන කාරණාව මත. නමුත් මම හිතනවා හැම දෙයක්ම දේශපාලන ඇහැකින් නැතුව, සාමාන්‍ය ජනතාවගේ සපත්තු දෙක තමන් ඇන්දොත් ප්‍රශ්ණ තමන්ට පේන්නේ කොහොමද ඒ විදියට වැඩ කරන්න අවබෝධයක් සවියක් සහ ආත්ම විශ්වාසයක් තියෙන සිංහල නායකයෙක් අතට රටේ බලය යන්න කාලේ හරි කියලා. ඒ කියන්නේ පහුගිය දශක 7ටම වැඩ වෙනස් ගමනක් 2020 පටන් ගන්න පුළුවන් කෙනෙක්.
    .
    ලංකාවට ඊලඟට ඕනේ සඳුලුතලෙන් මහ මන්දිරෙන් මහපොලොවට බැහැල මහ පොළොවේ හිටන් ඉන්න මිනිස්සු හා සමානව හිතන සහ ඒ මිනිස්සු එක්ක වැඩ කරන්න පුළුවන් බොරු උද්දච්චකම් නැති නිහතමානී කෙනෙක් කියන එකයි මගේ අදහස.

  • 0
    0

    Phillip Shantha: UNP candidate Ranil is highly damaged good.He doe snot have any past achievements to show for it. Besides he ruined the present.IT is sure Ranil will not allow any educated or capable person to run for the PResidential elelction. So, SArah fonseka, Champiak Ranawaka like people are out.HE appointed another unknown guy NAvin dissnayake as the national organizer which says he is going to be the opponent of SLFP who ever comes. NAvin Dissanayake had sold his apple ORchard (his father’s inheritance) and tried to buy lands in Colombo. He was not happy with that as the rate of real estate appreciation in Colombo was not that good. I heard Tried england and toronto also for comercial real estate and now he is back he says, There also real estate is not dojgn good. I think his father in law has real estate in UK. that is suitability as a non-corrupt politician. Then what he has done to the country except he tried to swindle money from the Tea plantations.

  • 0
    0

    YOu talk about liberal economy. Ranil is known as the ultra liberal, right wing PM by overseas journalsits. both Ranil, Mahinda Rajapkse and Maithripala Sirisena have proved who they are and what they are for.

  • 0
    0

    taman kiyanne kohe sitade taman balaya tibena vita kale monavade kiyala hitanne .anunta bana kiyannata upades dennata pera. kiyana de karana karana de kiyana aya avasya kalaya me .byla native.

  • 0
    0

    mage adahasa nam, rajapaksawarun ugathun nowe. upathinma merawarayo. balalobeen. ayyala mallila ambudaruwn, sepa winda heti, wesak balapu het, janatha mudal kolla kapu heti sahaganana aparada. mata sure and sure mowun kala prakoti horakam hoyanna maitre rajayata awshya netha. ounda horun. ranil thun lokaye anka eke hora ane ape ratata una de. pol 100. B onion 100, pol 100, hal 100 petrol, gas, widuliya, wathura anagathayedi nuuugath kalakanni desapalakanta pamanai. tax bara iwasannama behe…prabakaran thama wargayata love kala. mun gehenu daruwata pamanai. 225 denama newaka dama mudata dama, aluth upadidarei tharuna 225 thora gamu

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.