25 April, 2024

Blog

ජනාධිපතිවරයාගේ කොලේ ඉරා ගැනීම ඇගේ හලා ගැනීමක් ද?

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

අවසානයේ නැවතත් වටයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොලේ ඉරා ගත්තේ . තමන්ගේ දූත මණඩල නිලධාරියකු කළ අශ්ලීල සාපරාධී ක්‍රියාවට විනය ක්‍රියාමාර්ගයන් නොගෙනම යළි සේවයේ පිහිටුවීය. මේ නිසා ජනාධිපතිවරයා ලැජ්ජා විය යුතු අතර රටේ නව යුගයක් බිහි කරනවා යැයි පොරුන්දු දී රවටා ගත් ජනතාවගෙන් සමාව ගත යුතුය.

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුගේ සේවය වහාම අත්හිටුවීමට රජයට සිදුවිය. පෙරේදා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවක දී බ්‍රිගේඩියර්වරයා විසින්  අශ්ලීල ලෙස අභිනය පා විරෝධතාකරුවන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් මීට හේතුව විය.

මහකොමසාරිස් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක යෙදුනේ දෙමළ ඩයස්පෝරාවේ තරුණ පිරිසකි. එක්සත් රාජධානියේ නීතිය අනුව එවැනි විරෝධතාවකට ඉඩක් පවතී. එවිට ඊට මුහුණ දිය යුත්තේ රාජතාන්ත්‍රික ප්‍රතිපත්තියට අනුවය. එහෙත් මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර්වරයා හැසිරී ඇත්තේ ඔවුගේ තනතුරට තරම් නොවන පරිදි .

රාජ්‍ය දූත මණ්ඩල කාර්යාලයක නිලධාරීන් පෙනී ඉන්නේ රට වෙනුවෙනි. ඔවුන්ට විශේෂ දූත මණ්ඩල වරප්‍රසාදයන් පවතින අතර ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයන් පවා දූත මණ්ඩල ආචාර ධර්මයන්ගෙන් බැදී පවතී. එවැන්නකු තම රාජකාරී ජිවීතය පමණක් නොව අදාළ රටේ දී තම පෞද්ගලික ජීවිතය පවා ගෙවිය යුත්තේ ආදර්ශමත් ලෙස .

එහෙත් මේ නිලධාරියා දූත මණ්ඩලයේ ඉහළ තනතුරක් දරමින්ම ශ්‍රී ලංකා හමුදාවේ බ්‍රිගේඩියර් වැනි ඉහළ නිලයක සිටිමින්ම හැසිරෙන්නේ අශ්ලීල ලෙස . ඔහු විරෝධතාකරුවන්ට අභිනය පා තර්ජනය කිරීම සාපාරාධී . දූත මණ්ඩල වරප්‍රසාදයන් හිමි රාජතාන්ත්‍රික නිලධාරියකුට පමණක් නොව සාමාන්‍ය ආචාරශීලී පුද්ගලයකුට හෝ මොහු හැසිරෙන අන්දම ආදර්ශයට සුදුසු නැත.  තම නිලයේ වගකීම ඉක්මවා කටයුතු කිරීම වරදක් මෙන්ම තවත් කෙනෙකුට අභිනයෙන් හෝ තර්ජනය කිරීම සාපරාධී වරදකි.. මෙම දූත මණ්ඩල නිලධාරියා කරන්නේ වරදයි.

පසුගිය කාලයේ දී යුද්දයෙන් උත්කර්ශයට නැගුණ හමුදා නිලධාරීන් දූත මණ්ඩල සේවයට යැවීම පුරුද්දක් ලෙස කෙරුණි. ඔවුන් හමුදාව තුළ අත්තනෝමතික කටයුතු කර ඇති නිසාත් යුද ජයග්‍රහණයෙන් උන්මාදයට පත්ව ඇති නිසාත් ස්වයං විනයකට ලක්ව නොමැත. හමුදා විනය තුළ නොමැති ඔවුන් දූත මණ්ඩල සේවයට එක්වූ කළ දූත මණ්ඩල ආචාර ධර්මයන් හා විනයෙන් කෙසේවත් බැදෙන්නේ නැත. එහි හානිය සිදුවන්නේ රටටයි. ඔවුන්ගේ විනයක් නැති තම පෞද්ගලික හා රාජකාරීමය හැසිරීම නිසා විදේශ රටක දී ශ්‍රී ලංකා රාජ්‍යයේ කීර්තිය හා අභිමානය හෑල්ලුවට පත් කෙරේ.

බ්‍රිගේඩියර්වරයාගේ මෙම අශ්ලීල හැසිරීම නීති විරෝධී විනය විරෝධී බව ඇත්තකි. එහෙත් හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙස විරෝධතාව සමනය කර ගන්නට යම් පමණක හෝ දායකත්වයක් දරන්නේ නම් ඔහු පිළිබදව සානුකම්පිතව සැලකිය හැකිය. එහෙත්.විරෝධතාකරුවන්ගේ සටන් පාඨ  අවලංගු කිරීමට අබමල් රේණුවක තරම් හෝ දායකත්වයක් මේ නිලධාරියාගේ ක්‍රියාව නිසා සිදු නොවේ. එමගින් සිදුවන්නේ දෙමළ ඩයස්පෝරාවේ දේශපාලනය ශක්තිමත්වීමත් ශ්‍රී ලංකාව නැවතත් වටයකින් මිලේඡ රටක් ලෙස හංවඩු ගැසීමත් පමණි. රාජතාන්ත්‍රිකව ගනුදෙනු බේරා ගත යුතු දූත මණ්ඩල නිලධාරියකු පවා අභිනයෙන් තර්ජනය කරන්නේ ජීවිත හානියක් කිරීමට නම් උතුරු නැගෙනහිර යුද්දයේ දී අහිංසක ජීවිත කොපමන විනාශ කරන්නට ඇත්දැයි ඔවුන් එල්ල කරන විවේචනයට උත්තර බැදීමට රජයට සිදුවේ.

අපේ සමාජය කොහොමත් ප්‍රශ්න විසදන්නට ප්‍රවේශ වන්නේ අශ්ලීල අන්දමිනි. ප්‍රතිවාදියා සදාචාරමය ලෙස හා ආචාරධාර්මික ලෙස ප්‍රශ්න කරන ප්‍රවේශයක් අපේ සමාජයට දැන් නොමැත. එවැනි උපක්‍රමශීලී ප්‍රවේශයක් රාජතාන්ත්‍රිකව ගනුදෙනු කළ යුතු දූත මණ්ඩල නිලධාරීන් තුළ පවා දක්නට නොමැත. ඔවුන් පවා යොමු වන්නේ ග්‍රාම්‍ය ලෙස ප්‍රශ්න විසදා ගැනීමේ ප්‍රවේශයකට බව බ්‍රිගේඩියර්වරයා සාක්ෂි ලබාදෙයි.

ශ්‍රී ලංකා රාජ්‍යයට දෙමළ ජනතාවගෙන් එල්ල වූ ප්‍රජාතන්ත්‍රවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී නොවන අභියෝගයන් හමුවේදී රාජ්‍ය නිතරම් උත්සාහ කළේ මර්දනයෙන් අභියෝගයන් ජය ගැනීමට . එම නිසා තාවකාලිකව අභියෝගයන් පරාජයට පත්වුවද ජව සම්පන්න වේගයකින් පෙරළා එම අභියෝගයන් ශක්තිමත්ව නැගී සිටිය බව රහසක් නොවේ. උපක්‍රමික ප්‍රවේශයකින් හෝ ශ්‍රී ලංකා රාජ්‍ය ප්‍රතිවාදියා සමග පොරයට ගියේ ප්‍රතිවාදියාව ආචාරධාර්මිකව ප්‍රශ්න කරන හා එමගින් ඔවුන්ව අර්බූදයකට තල්ලු කරන අරමුණකින් නොවේ.

එවැනි ප්‍රවේශයක් අනුගමනය කළා නම් ප්‍රතිවාදියා තුළින්ම අර්බූදය හටගෙන සමාජය වෙනත් සංවාදශීලී ගැටුමකට යන්නේ . එසේවූවා නම් සමාජ අර්බූදයේ හැඩතල මීට වඩා වෙනස් අන්දමකින් දෘෂ්‍යමාන වන්නේ . එසේම සමාජ බලවේගයන් වෙනස් අන්දමික්න් හැසිරෙන්නේ . එවිට දේශපාලන අවකාශයේ හැසිරීම මීට බොහෝ වෙනස් වන්නට ඉඩ තිබුණි.

එහෙත් ශ්‍රී ලංකා රාජ්‍ය යුද සමයේ දී මෙන්ම අදත් අනුගමනය කරන්නේ ප්‍රතිවාදියා නොව තමා ගැටුම්කාරී අර්බූදයකට තල්ලු කරන ප්‍රවේශයකි. ප්‍රතිවාදියා ශක්තිමත් කරන ප්‍රවේශයකි. එනිසා ප්‍රතිවාදියා දේශපාලනිකව ශක්තිමත් වී ශ්‍රී ලංකා රාජ්‍ය දුර්වල වන්නේ . එමෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය අභ්‍යන්තරයෙන්ම පෙරලා අර්බූදකාරී ප්‍රශ්න කිරීම් මතු වන්නේ .

පෙරේදා එක්සත් රාජ්ධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී සිදුවූයේ එවැන්නකි. අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර්වරයාගේ නොමහා හා අශ්ලීල හැසිරීම නිසා දෙමළ ඩයස්පෝරාවේ දේශපාලනය ශක්තිමත් වේ. ශ්‍රී ලංකා රාජ්‍ය ලෝකයා ඉදිරියේ අවමානයට පත්වේ. මේ තත්ත්වය ඇති වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී යාන්ත්‍රණයට ආවේනික නෛසර්ගික ප්‍රශ්නයක් නිසා . එනම් උපක්‍රමික ප්‍රවේශයේ දී ප්‍රතිවාදියා ආචාර ධාර්මිකව ප්‍රශ්න නොකරන ප්‍රවේශය කිසා .

මේ තත්ත්වය බ්‍රිගේඩියර්වරයාට ලඝු කර සතුටුවිය හැකි නොවේ. ශ්‍රී ලංකාව දූත මණ්ඩල සේවය කළමනාකරණයේ දී අලුත් ප්‍රතිපත්තියකට හා අලුත් ප්‍රවේශයකට යා යුතු බව මෙවැනි අර්බූදයන්ගෙන් හඩ ගා පැහැදිලි කරයි. සදහා කළ යුත්තේ දූත මණ්ඩල සේවය ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන දෘෂ්ටිය හා ගැලපෙන ලෙස ආකෘතිමය ලෙසත් ව්‍යුහාත්මකවත් වෙනස් කිරීමයි.

ජනාධිපතිවරයා මැතිවරණය අභිමුව හැසිරෙන නින්දා සහගත අන්දම අතිශයෙන් පිළිකුල් සහගත . ඔහු රාජ්‍ය පාලනයේ එක්සත්කම හා වගකීම නොසලකා තීන්දු තීරණ වෙනස් කරයි. වරක් ඔහු සුරා බදු පනතට අදාළ සංශෝධනයක් පිට හැරවීය. මෙවර විනය විරෝධීව හැසුරුණු අයකු යළි සේවයේ පිහිටුවා ඇත. ජනාධිපතිවරයා මේ ළාමක හා බාල දේශපාලන තීන්දු ගන්නේ තම පක්ෂයට ඡන්ද කිහිපයක් එකතු කර ගැනීමට . සිල්ලර අරමුණු වෙනුවෙන් රටේ කීර්තිය පරදුවට තැබීම ලැජ්ජාවට හේතුවක් වුවත් ඔහු ඊට ආඩම්බර වන්නේ . මේ ජනාධිපතිවරයාට ඇත්තටම විනයක් නැද්ද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රාජ්‍යයට අහිමිවී ගිය කීර්තිය හා පෞර්ෂය යළි ලබාදීමට පැමිණිය අයෙකි. ඔහු මහින්ද රාජපක්ෂ පරාජය කරමින් කීවේ ශ්‍රී ලංකාවට ලෝකයාගෙන් ලැබී ඇති අවනම්බුව නැති කර නැවතත් ලෝක ජාතීන් අතර රටේ කීර්ති නාමය තහවුරු කරන බවයි. එහෙත් ඔහු සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීන් සතුටට පත් කරමින් කරන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයා ගිය මගෙහිම යන්නට තැත් කිරීමයි.

රාජපක්ෂ ජනාධිපතිවරයාට රටේ කීර්ති නාමයට වඩා අවශ්‍ය වූයේ තම ඡන්ද පදනම රැක ගැනීමයි. සදහා සිංහලබෞද්ධ සමාජ තීරුව සතුටු කරන්න කළ හැකි උපරිමය කළේ . මෛත්‍රීපාල ජනාධිපතිවරයා තල්ලු වී ඇත්තේ පාදඩ අවශ්‍යතාව තෘත්ත කිරීමටයි. ඔහුට මේ අවස්ථාවේ වැදගත් වන්නේ සිංහලබෞද්ධ සමාජ තීරුවෙන් යම් ඡන්ද කොටසක් කඩා ගැනීමයි. සදහා ඔහු කළ හැකි සියල්ල නොපැකිලව කරයි.

දෙමළ ඩයස්පෝරාවේ විරෝධතාවට මුහුණ දිය යුත්තේ රාජතාන්ත්‍රිකව . විරෝධතාකරුවන්ට මරණ තර්ජන කිරීම අශ්ලීල . අශ්ලීල නිලධාරියා ආරක්ෂා කිරීම ලැජ්ජා සහගත . එහෙත් ජනාධිපතිවරයා නොපසුබට අශ්ලීල නිලධාරියා ආරක්ෂා කරයි.

මෙය ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයේ දී මහජනතාව සමග ඇති කර ගත් ප්‍රතිපත්තිමය සම්මුතිය අමු අමුවේ කඩකිරීමකි. ඔහු සම්බන්ධයෙන් ලැජ්ජාවට පත් නොවන්නේ නම් එය ඔහුගේ සංස්කෘතික ගැටළුවක් ලෙස තේරුම් ගැනීමට සමාජයට සිදුවන්නේ .

කේ.ජී.පිලිප් ශාන්ත

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    2

    සිංහලයා මෙලොවට ඉපදී ඇත්තේ සිංහයෙකුට දා වය. සිංහයා තිරිසන් සත්වයෙකි. බ්රිගේඩියර් වුනත් සිංහලයෙකි.
    සිංහලයන්ගෙන් සත්ව ගති ලක්ෂණ මිසක් ඊට වඩා යහපත් දෙයක් බලාපොරොත්තු විය නොහැක.

    • 1
      0

      Sinhabahu

      I am sure a non-Sinhalese like you were born to an animal, not Sinhalese.

  • 1
    1

    අනේ නිකම් යනව මිනිහ යන්න. යුද්ධ කාලේ ඇඳන් යට හැංගිලා හිටපු එවුන් එනවා දැන් කොටි වෙනුවෙන් ලියන්න. කීයක් දුන්නද මංගල මේක ලියන්න? චන්දෙ ලංවෙනකොට UNP එකට ලකුණු කැපී ගෙන කැපී ගෙන යනකොට බය හිතෙනවද?
    .
    මොකක්ද බ්‍රිගේඩියර් කරපු අශ්සීල සාපරාධි ක්‍රියාව? ලංකාවේ මහා කොමසාරිස් කාර්යාලය 70 වෙනි නිදහස සමරන අතරේ එතන ඉස්සරහට ඇවිල්ල තහනම් LTTE කොඩිය වන වනා උන්ගේ නායකයා ප්‍රභාකරන් කියල කෑගහපු කොටින්ට තමන්ගේ නිල ඇඳුමේ ඉන්න සිංහයව පෙන්නපු එකද? කොටි පෙනී ඉන්නේ දෙමල ඊළම වෙනුවෙන් කියල කෑගහන කොට බෙල්ලට ඇඟිලි දෙක තියල ඒකට හරියන නියම උත්තරේ දීපු එකද? මේ තමයි LTTE ඩියස්පෝරා එක සලිත වෙන්න අපේ රට නියෝජනය කරපු හමුදාවේ නිලධාරියෙක් දීපු මම දැකපු නියම එඩිතර උත්තරේ. I love both the gestures. Super!
    .
    2014 ලයිට් බිලවත් ගෙවා ගන්න බැරුව හිටිය UNP ද්‍රෝහීන් LTTE ඩියස්පෝරාවෙන් ඩොලර් බිලියන් ගණන් සල්ලි අරන් චන්දෙ කරලා දැන් ඒවාට හරි යන්න කොටිය කියන විදියට නටන්නේ නැතුව බැහැ. අර එක කොටියෙක් කියල තිබුනේ මංගල හිඟන්නෙක් වගේ LTTE ඩියස්පෝරා එක හම්බ වෙන්න ඇවිල්ල මහින්ද පරද්දන්න සල්ලි ඉල්ලුව කියල. යහපාලන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමය කියන්නේ ගත්ත සල්ලි වලට හරියන විදියට වහල්ලු වගේ කොටියට ඕනේ විදියට තීරණ ගන්න එකද? මංගල විදේශ ඇමති කාලේ එහෙම තමයි කලේ. ලන්ඩන් ඉඳන් New York UNGA ආපු කොටින්ට ලංකාණ්ඩුවේ සල්ලි වලින් හෝටල් කාමර සුපොඛභෝගී වාහන දීපු එක වෙන්නැති රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයට කොටි හසුරුවන විදිය. කොටි රැලට බයේ UNP ගැඩවිල්ලු හමුදා නිලධාරියාගේ වැඩ තහනම් කලාට, මුළු ලංකාවම හමුදා නිලධාරියා වෙනුවෙන් නැගී හිටය. ජනාධිපතිතුමා කලේ හරි දේ. නිකම් තමන්ගේම ඔළුවට මඩ හලා ගන්නේ නැතුව ඉඳපන් මෝඩය. ජනාධිපතිතුමා කොන්ද කෙලින් තියන් වැඩ කරන කොට උඹටයි මංගලටයි චුට්ටක් බයයි වගේද?

    • 0
      0

      බයියෙක් කතාකරයි

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.