20 April, 2024

Blog

චේතිය පාලනයේ අලුත්ම බොරුව – විශේෂ අධිකරණ

ප්‍රියන්ත හේවගේ මාතලන්

ප්‍රියන්ත හේවගේ මාතලන්

යහපාලන විගඩමේ ක්ලයිමැක්ස් එක ඉවර වෙලා, දැන් මේ යන්නේ, එහෙ මෙහෙ වැටිච්ච දියර වගේ ඒවා පිහිදාගන්න කාලයය. ඒ පිහිදානා වැඩෙත් හරියට කර ගන්න බැරිය. මුන් ආවේ යහපාලනය කියලා එකක් අරගෙනය. ලක්ෂ 62 ක් මුන්ගේ ඒ මුසාවට අහු උනේය. අද ඒ එකෙක්කත් හොයා ගන්නට අමාරුය. ඒකට අයිසින් එකක් දැම්මේ “ලිච්චවී පාලනය” කියලාය. දැන් නම් අපට කියන්න තියෙන්නේ මේක “ලෙච්චමි පාලනය” කියලාය. සාමාන්‍යයෙන් ලෙච්චමිලා කියන්නේ එදිනෙදා ඔහේ ජීවත් වී, පඩි දවසට ආතල් එකක් අරන් මැරිලා යන අම්මන්ඩිලාය. මේ පජාත ආන්ඩුව ඊටත් අන්තය.

උන්ගේ සභාගෙ තියෙන්නේ නමට විතරය. සත පහක වැදගම්මක් නැති ජනතා මුදල් කාබාසීනියා කර පැවැත්වූ අළුත් පාර්ලිමේන්තු සැසිවාරේ තේ පැන් සංග්‍රහයටවත් සහභාගි නොවන රාජ්ජ නායකයා, උන්නැහේගේ රාජාසන කතාවේ කියූ ඒවා අමු පල් හෑලි බව ඔප්පු කරන්නේ උන්නැහේමය. එකමුතු වී රට කොරන්න ඕනා කියලා සිංහාසනයෙන් නැගිට ගියා විතරය. උන්නැහේගෙම පක්ෂේ උන් 16 ක් උන්නැහේට පුක පෙන්නා විපක්ෂයේ ගිහින් ඉඳගන්නවාය. මේවාට දැන් නම් පුකෙනුත් හිනා වෙන්න අමාරු නිසා, අපිට දැන් මේවාට හිනා වෙන්න වෙලා තියෙන්නේ උන්ඩුක පුඡ්චයෙන්ය.

පට්ටම ජෝක් එක කියන්නේ, අර ගියපු 16 දෙනා අස්සේ, ජනතාව විසින් පුකට ගසා එලෙව්වත් ජාතික ලැයිස්තිව නම් අමු පාජා පිනා චෑන්ස් එකෙන් ගවගාලට පැමිනි ගවයින් හතරක්ද ඒ අතර ඉන්නා එකය. නල්ලතන්නියේ ඩිලා, බුකි තිලංග, එස් බී ජයසිංහ හා මාතර පැත්තේ සයිකල් හොරෙකුත් ඒ අස්සේ ඉන්නා එකය. මුන් ටිකවත් එලවන්න කොන්දක් නැති නායකයා ඒක කර ගන්න හදන්නේත් බලලුන් ලවා කොස් ඇට බානා නියාවෙන අම්මට සිරි ලංකා නිදහස් පක්ෂේ තරුණ නීතිග්නයින්ට කියලාය.

අද වෙනකන් මේ ආන්ඩුව දිව්වේ මහින්දගෙන්ය. ඉතිරි කාලය ගෙවෙන්නේත් එසේමය. තෙල් වැඩි උනාම කියන්නේ මහින්දගේ කාළෙට වඩා තාමත් අඩුයිනේ කියලා හිටන්ය. ආර්ථික උස්තාද් කෙනෙක් වෙන එරාන් කියන්නේ පැස්ටෝල් වැඩි කළේ පරිසරය සුරකින්න කියලාය. එහෙම කියන ආන්ඩුවේම එකෙක්, විල්පත්තුව කාන්තාරයක් කරලා කරන වැඩ ගැන​ වගේ වගක් කියන්නේ නැතිය. එක්කෝ මෙලෝ දෙයක් බැරි මී හරක් කට පුක වහගෙන ඉන්නට ඕනෑය. එහෙම නැතිව උම්බෑ කියපු ගමන් අම්බරුවෝ කියා සියල්ලෝම දැන ගන්නවාය. මුන්ගේ ගෑණුන්ට දූවරුන්ට බබා හම්බ උනත් ඒකත් මහින්දගේ වැඩක්ය.

උන් ඇල්ලිල්ල තියෙද්දී, මුන් කළේ මහ බැංකුව කොල්ලකන එකය. ගහන එක ඇති වෙන්න එක පාරින්ම ගහ ගත්තේය. මහ එකා කළේ ඔක්කෝම හොරකම් පැත්තක තියලා මේ හොරකම පස්සේ යන එකය. ඒ වෙන කිසිවකට නොව මං සුදනා කියලා පෙන්නන්නටය. එයාගේ පැටිකිරිය එලියට ආවේ මහරාජාත් එක්ක දිරච්ච නැව් ගෙන්නන්න ගිහිල්ලාය. ඒ වැඩෙන් උනේ ට්‍රැවිස් සින්නයියා වැනි ලක් මවගේ ආඩම්බර විය හැකි රණවිරුවකුට තම ධූරය නැති වෙලා යාමය. මිනීමැරුම් චෝදනා තිබෙනා කැප්ටන් හැඩොක් ඒකේ ලොක්කා වෙන්නේ ඔක්කෝම ගේම් ටික වහ ගන්නටය.

ෆව්සිට ගේම සෙට් කරන්න ගිය අල්ලස් කොමිසමේ එඩිතර කානතවක් වූ වික්‍රමසිංහ නෝනා එලවලා අමු හොරෙක් එතෙනට දැම්මේය. පන්සලේ අලියෙක් දමා ගිය කේස් එකකට ඇතුල්ට ගිය උඩුවේ ධම්මාලෝක මහ රහතන් වහන්සේ, ඇප ඉල්ලන්නේත් නැතිව එලියට දැම්මේය. කියන්නේ මම ඉන්නකන් එකම රණවිරුවෙකුටවත් අත තියන්න දෙන්නේ නෑ කියලා හිටන්ය. ඒ කියන්නේ රණවිරු මිනීමරුවන්ට එරෙහිව තියෙන නඩු ඔක්කෝම බල්ලට්ම ගියා කියනා එකය. සල්ලි වියදම් කරගෙන ඔය නඩු බලවනවාට වඩා ඔය නඩු පයිල් සියල්ලම ගෝල්ෆේස් එකේ දමා ගිනි තියනා එකෙන් රටේ සල්ලි හා වින්දිතයන්ගේ වටිනා කාල හෝ ඉතිරි වෙනවාය. අද අධිකරණය කියන්නේ එකම එක විගඩමක්මය.

මම ඉන්නකන් ඝෝඨා අත් අඩංගුවට ගන්න දෙන්නේ නෑ කිව්වේ වෙන කිසිවකුත් නොව හිටපු අධිකරණ ඇමතියාමය. එතකොට රන්ජන්ලා සුඝන්ධිකාලා කියන්නේ බොරු නෙමේ කියා ඕනම හරකෙකුට තේරෙනවාය.

මේ ආන්ඩුව කළේ මොනවාද ඇහුවාම කියන්න තියෙන්නේ කොල කෑලි වලින් දාපු අමු පාජාවන් විතරමය. ආපු ගමන් FCID කියලා එකක් දාලා යහපාලනේට චන්දය දුන් උන්ට මාර නන්දන වින්දනයක් ගෙන දුන්නේය. ඔක්කෝම හිතුවේ හොරු ටික ඔක්කෝම සරත් ගොන්සේකා වගේ ඇතුලට දමාවි කියලාය. කොහොම හරි ඒකේ උන් මර්න තර්ජන අස්සේ ඉන්වෙස්ටිගේසොන් කරලා යවන වාර්ථා ඔක්කෝම නීතිපති දෙපාර්තමේන්තුවෙන් යන්නේ ඉතිරි වැඩ කටයුතු සඳහා නෙමේය. අධිකරණ ක්‍රියා මාර්ග ගන්නට නෙමේය. රිපෝර්ට් එක කෙලින්ම යන්නේ මහින්දගේ අතටය. මහින්ද කියන්නේ ඒ තරම් සුපිරි වැඩ්ඩෙක්ය.

මෙච්චරකල් කරපු බොරු සියල්ල මාට්ටු උනේ තමන්ගේ ප්‍රධාණම නිළධාරියා අල්ලස් ගන්නා කොට අතට අල්ලා ගත් නිසාමය. ඒ නිළධාරින්ට හා ආයෝජකයාට එල්ලවන මරණ තර්ජන තුල මේවා කාගේ ගේම්දෝ කියා අපූරුවට පැහැදිලි වෙනවාය. මේ යන්නේ යන යකා ඔක්කෝම කුඩු කරගෙන යන කාලයය.

මුන් දැන් ඉන්නේ පිස්සු වැටිලාය. මෙතුවක් කරපු දෙයක් ඇත්තේම නැතිය. කළේ හොරකම් විතරමය ඒවාත් අතේ මාට්ටුය. දෙන්නාම දැන් ඉන්නේ අමු නිර්වස්තර්යෙන්ය. ඒත් ඉතිරි ටිකෙත් මී හරක් ටික දක්කා ගන්න මක්කා හෝ ගයන්න වෙනවාය. ඒ නිසා ගෙනාපු අලුත්ම පොත වන්නේ “විශේෂ අධිකරණ” පිහිටුවීමය.

තලතා නෝනා කීවේ පනත පාස් උන දාට පහු වෙනිදාම අධිකරණ කටයුතු පටන් ගන්න ඔක්කෝම කරලා අහවරෙයි කියලාය. ඒ මාජ්ජ සාකඡ්චාවේදි රාජිත හා තලතා පුක මූට්ටුවී හත් පොලේ ගාගත්තේ පොල් සංවර්ධන මන්ඩලේට පත් කර උන් කම්බ හොරා ඇන අහපු වෙලාවේය. කෙසේ හෝ ඒ හොර එලවීම ගැන, ඒ ගැන ප්‍රශ්ණ කල මාද්දියවේදියාට අපේ ගෞරවය හිමි විය යුතුය. හෙට අනිද්දාට අල්ලස ගත්ත උන් දෙන්නා නිදහස් වෙනවාය. මොකෝ උන් හිර කරන්න ගියෝත් ඇත්ත සීන් එක මාට්ටු වෙන නිසාය. කසිප්පු මුදලාලි කවදාවත් හිරේ යන්නේ නැතිය. හිරේ යන්නේ පෙරන උන් හා විකුණන උන් විතරමය.

නීතිය ගැන දන්නා උන් කියන්න එහෙම විශෙෂ අධිකරණ කියා දෙයක් ඕනා නැති අතර, කළ යුත්තේ අධිකරණ ක්‍රියාමාර්ග ඉක්මන් කරනා ලෙස නීතිපති දෙපාර්තුමේන්තුවට බල කිරීම පමණක්ම ඇතෙයි කියලාය. ඔය විශේෂ රෙද්දවල් ගෙනාවාට ගේම ගහන්න වෙන්නේ මහින්දගේ ගෝලයෝත් එක්කය. හෙට අනිද්දා පුකට පයින් ගසා එලවන නායකයෝ දෙදෙනෙක් නිසා, උන්ගේ හත් මුතු පරම්පරාවට කෙල වෙනා තීන්දු ගන්න තරම් මොළේ අමාරුවක් නඩුකාරයන්ට ඇතෙයි කියා මාතලන් නම් හිතන්නේ නැතිය.

දැන් ආන්ඩුවේ උන් වැඩ කරන්නේ නැතිය. අළුත් කිසිම දෙයක් කරන්නේ නැතිය. උන් මේ ආන්ඩුව විසිවෙන බව දන්නා නිසා දැන්මම මහින්ද පාර්ෂවය හා සෙට් වෙලා අහවරය. මහින්ද දැනටත් දිනලා ඉවරය. තියෙන්නේ ඡන්දයක් තැබුවායින් පසු කේක් එකේ අයිසින් දැමීම විතරය. අපට දුක තාමත් මේ පඹයෝ දෙන්නාට කඩේ යන උන් ගැනය. අපට කරන්න පුළුවන් එකම දේ උන් වෙනුවෙන යාඤ්ඤා කරනා එකම විතරය.

ස්වස්ථි සිද්ධම්…!!!

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    Words, Mathalan! lunu ambul padamata. thuna paha gaanata!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.