පහත ඇති ඡායාරූපයේ ඇත්තේ, මියන්මාරයෙන් පලා ආ රොහින්යා සරණාගතයින්ට, නෝම්බි සමයේ දිනපතා ඉෆ්තාර් බෙදා දුන් පන්සලක, අනුනායක හිමි නමක්, මුස්ලිම් දැරියකට, එසේ ඉෆ්තාර් බෙදා දෙන අවස්ථාවක්ය. අපේ රටේද මෙසේ පැමිණි රොහින්යා සරණාගතයින් පිරිසක් ගල්කිස්ස ප්‍රදේශයේ ජීවත් වූ බවද, ඒ පිරිසට බුදු සරණ කෙසේ වතුදු අබ සරණම අත් වූ බවද, උන් වෙනුවෙන් අපේ මහ නායක අනු නායක හිමිවරු තබා, ලංකාවේ උලමාවරුන්වත්, ලෙබ්බෙලාවත්, පාර්ලිමේන්තුවේ ඉන්නා තම්බි මරක්කල එකෙක්කත් වච්නයක්කත් කතා කොලේ නැතිය. ඒ අපේ අවුරුදු 2500 ක් තිස්සේ රැකගෙන ඒන, මාරම මාර ලොවේ කොහෙවත් නැති, අති උතුම් සඟිස්කෘත්යයය, බව් බව්මික අනඩවතායය, වෘෂණකෝශය හා මාර ජාතී ආල ක්ලයිමැක්ස් එකේ හැටිය.
හිජාබ්වලට, බුර්කාවලට, පිරිමි ගවුම් අඳිනා එකට හා හලාල් ෆුඩ් වලට ගේම ඉල්ලන මාතලන් වගේ එකෙක්, තම්බි වෙනුවෙන් බ්ලොග් පෝස්ට් එකක් දාන්නේ, මූට අරාබියෙන් ගානක්කත් එනවාදෝ කියා සම හරක් දෙනාට හිතෙනා එක මට නවත්තන්න බැරි උනත්, ඔය කියපු ගෝත්‍රික දේවලට මාතලන් අදත් එක හෙලාම විරුද්ධ බවත් මෙතනම ලියන්න ඕනාය. උන් හදන්නේ සවුදියේ තිබූ හා තලේබානයේ පවතින අමු ගෝත්‍රික සමාජයකට ලංකාවේ ආතල් එකේ උන් මුස්ලිම් ජනතාව අරගෙන යන්නටය. ඒවාට මාතලන් කවදත් විරුද්ධය.
සව්දිය අද ඉතා වේගයෙන් ඩුබායි, අබුඩාබී, බහරේන් කුවේට් වැනි රටවල තත්වයට පත් වෙමින් පවතිනාතර, ඉතා සුළු කාලයකින් කටාර් රාජ්‍ය තත්වයට පත් වනවා නො අනුමානය. එහේ ගෑණූ ලෝගු වලින් එලියට එන්නට වලිකන අතරේ, මෙහේ තම්බි ගෑණූ ගෝනි බිල්ලෝ කරනවාට, මාතලන් එක හෙලා විරුද්ධය. ඒවා උන්ගේ සන්ගිස්කෘතික නිදහස යැයි කියා කියනා, උන්ගේ ජාතියේ නොවනා උන්ට මාතලන්ට නම් කියන්න තියෙන්නේ, උන් අමු ගං කබර ගෝත්‍රිකයෝම කියා පමණමය. ඇත්තටම, උන් බැන්ස් බී ඇම් වලත් ගියත් මන්සින් පට්ට ගෝත්රිකයෝමය.
එමෙන්ම තවුහික් ජමාඩ් හා එක එක මලහතිලව් නම් වලින් පෙනී ඉන්නා අමු අයිසීස් කාරයෝත් වහාම පාලනය කල යුතුමය. අප මේවා කියන්නේ යුද්ධය අවසාන වූ කාළයේ පටන්මය. බහුතර මුස්ලිම් ප්‍රජාවක් වෙසෙනා ඒරියා එකක එකෙක් වශයෙන් මේවා ඇස් පනාපිට සිඳුවනා විට ඇතිවන කළකිරීම බොහෝය. අපි පොඩි කාළයේ තබා 2009 ප්‍රභා දිවය ලෝකේ ගිය දින දක්වා මේ විකාර ඇඳුම් හා එළු රැවුල් වවාගත් තලෙබාන් කාරයෝත්, වෙනම මුස්ලිම් ආගමික පාසලුත් තිබුනේ නැති තර්ම්ය.
ගෑණු අය පන්ජාබ් කිට් එකක් ඇඳ, ෂෝල් එකෙන් ඔළුව වසාගෙන හෝ සාරියක් ඇඳ සාරි පොටෙන්ම ඔළුව වසාගෙන ගියේය. පිරිමියා තම්බියෙක්ද කියා අඳුනා ගත්තේ මඩකළපු සරමෙන්ය. උන් ළඟ තම්බි තොප්පි තිබුනේ නැත. පල්ලි යන දවසට ඔළුවේ ලේන්සුවක් ගැට ගසාගෙන ගියේය. රටේ එකම වර්ගයේ ජනතාවක් සිටිනා බව ඕනෑම එකෙකුට පෙනි ගියාතර. උන් නියම ලාංකික තම්බියෝම විය. එවන් සාමකාමි සහජීවනයෙන් උන් ජනතාවක් ලෝගු හා ගවුම් අන්දවා එළු රැවුල් වවා කොලනි පිහිටුවමින් පල්ලි හදමින් වෙනත් පිරිසක් බවට පත්කල තම්බි කාළකන්නින්ද මේ සිඳුවූ දේවලට මහසෝන් බලකා බොදු බල සේනා මෙන්ම වග කිව යුතුය. අද මෙරටට එන සුද්දෝ ගෝල්පේස් එක දැක්කාම අහන්නේ මේක තලෙයිබාන්ද කියලාය.
විල්පත්තු වනය විනාශ කරමින් කරනා මුස්ලිම් ජනපදකරණය ගැන කිසිවක්ම නොකල ආන්ඩුවද මේවාට වගකිව යුතුය. මුන් කරන්නේ අහිංසක ජනතාව එකතු කර සාමයෙන් ජීවත් වීමට රටක් හදනවා වෙනුවට. ජාතින් අතර වෛරය හා විරසකය ඇති වනා කාළකන්නි වැඩය. බෞද්ධ සිංහල පිරිස රට ගිනි තබනා මහා රණවිරුවන් බවට පත් කළේ වෙන කවුරුවත් නොව, රටේ මහ එකාය. ලන්ඩන් වල දෙමළුන්ගේ බෙල්ල කපනවා යැයි කී, හමුදා නීතිය හෝ තානාපති සේවය ගැන අබ මල් රේණුවක දැණුමක් නොමැති එකෙකුගේ මෝඩ ක්‍රියාවට ඒ යකා රස්සාවෙන් අස් කලද, නැවත් සේවයේ පිහිටුවා ජාතික වීරයෙක් බවට පත් කලේ වෙන කිසිවකු නොව විධායක ජනාධිපතිවරයාමය.
එවායින් ලද උත්තේජනයෙන්ද පොහොට්ටුවේ ආගමනයෙන්ද ඔද වැඩුනු තුන් හෙලේ කැළෑ තුල සිංහ පැටව්න්ගේ ශුක්‍ර මෝචනය ඇරබෙන්නේ ඉන් අනතුරුවය. පක්ෂ බේදයකින් තොර සිංහල බෞද්ධ මදාවියන් සැරසුනේ මුළු රටම ගිනි තබා දමන්නටය. හදිසි නීතිය දමා හෝ තමන්ගේ ගොන් කම් වසා ගැනීම එකාතකින් අගය කළ යුතුය. සුළු දෙයකට මුළු රටේම හදිසි නීතිය දැමීම, ආණ්ඩුවේ පමණක් නොව පොලීසියේ මෙන්ම සියළු හමුදාවන්වලට මුකුත්ම බෑ කියනා දේ අපූරුවට ලෝකයට පෙන්නුවේය.
ඇත්තටම උන් වැඩ බැරි ටාසන්ලාය. යුද්ධය අවසානයද, ඝෝඨා හා සරත් ෆොන්සේකා සුසංයෝගය නොවන්නට, අදටත් ප්රභාකරන් ආතල් එකේ ඉන්නවාය. එවන් නායකයින් අද මේවායේ නැත. අද ඉන්නේ බලාගෙන ඉන්නා විකට නළුවන්ය. මාධ්‍ය පෙකාසොකගේ රාජකාරරිය කරන්නේ පොලෝසියේ හා හමුදාවෙ මහ උන්ය. ඔවුන්ගේ තනතුරේ ගරුත්වය නැති කරගෙන තිබෙන්නේ උන්මය. ජනතාව උන් පයිසෙකට මායිම් කරන්නේ නැතිය.
අප මේ රටේ මහා ජාතියය. මුස්ලිම් යනු සුළු ජාතියක්ය. උන් පෝලිමේ පැටව් ගසා උන්ගේ ජනම් එක වැඩි කර ගන්නවා නම්, අපේ උන් කළ යුත්තේ වඳ පෙති පිට දමා මහ කලුවරේ උන්ගේ දේපල විනාශ කොරනා එක නෙමේය, තමන්ගේ වාහේ හෝ කාගේ හෝ වාහේ කෙනෙක් එක්ක මහ කලුවරේ හැමිනෙනා එකය. උන්ට, කන්න අඳින්න ඉස්කෝලවලට දානා දේ පන්සලට බාර දෙන එකය. එහෙම නැත්නම් අලි පැටව් පන්සලේ දාලා යනවා වගේ, රට වටේ ඉන්නා කිරි කැටි දරුවෝ, ගඟේ, මූදේ, කුණු ගොඩේ විසි කර යන්නේ නැතිව, පන්සලේ තාප්පෙන් ඇතුලට දාලා යන එකය. මහා ළොකු බෞද්ධ දේශප්‍රේමියෝ කළ යුත්තේ පල්ලි වැටලීම නොව, ගබ්සා මධ්‍යස්ථාන වටලා එවාට එන සිංහල බෞද්ධ කුළ කානතාවන්ගේ කළලයේ වගකීම තමන් බාර ගන්නා එකය.
අම්මා තාත්තා දරුවන් බලා ගන්නවා වාගේ, දෙමළුන් හා තම්බි මරක්කල සෙට් එක අප විසින් රැක බලාගත යුතුය. උන්ට ආරක්ෂාව දිය යුතුය. අවම තරමේ උන් මේ රොහින්යා හා චීනුන් වාගේ අද ඊයේ ආපු උන් සෙට් එකක් නෙමේය. මොන ඉතිහාසග්නයා මොන බයිලා ගැසුවත්, මේ රටේ මුල් පදිංචි කරුවෝ දෙමළුම් බව මහාවංශය නම් බණ පොතේ ෆේරිටේල් වලට අනුවත් තේරෙනවාය. තම්බි මරක්කල සෙට් එකද ඉබන් බතූතා ආපු කාලයේ පටන් මෙහේ ඉන්නට ඇතිය. එහෙම උන්නා කියා අර පච පොතෙත් තියෙනවාය.
පට්ට සීන් එක කියන්නේ මේවාට වැඩියෙන් උඩ ගෙඩි දෙන්නේ, අරාබියේ ඉන්නා, මෙහේ උන් වහළුන් යැයි කියනා කාලකන්නින් වීමය. අනෙක් පිරිස මොන දියුණු රටේ උන්නත්, බෝ ගහක් එක්ක පන්සලක් හදාගෙන, කරවල හා වට්ටාක්කා හොදි එක්ක තුන් වේල බත් ගිලිනා, මහා ලොකු පොරවල් කියා හිතාගෙන උන්නද, ඒ රටවල පයිසෙකට ගනන් නොගන්නා, තර්ඩ් ක්ලාස්, උගත්තු යැයි කියනා ගොබ්බයන් රැලය. මහසෝන් බලායේ උන් ආතල් ගන්නේ මේ වගේ ගොන් මී හරක් එවනා මුදල් වලින්ය.
කතා බහ කළ හැම තම්බියාම දැන් ඉන්නේ පට්ට බියෙන්ය. උන්ගේ දරුවන් ඉන්නේ බය බිරාන්තයට පත් වෙලාය. කැඩුණු සිත් සුවපත් කිරීම ලේසී පාසු දෙයක් නොවේය. අප දරුවන්ට කියා දිය යුත්තේ තම්බින් හා දෙමළුන්ද එදා පටන් අපත් සමඟ ජීවත් වූ පිරිසක් බවය. අප ඔවුන්ට කිසිසේත් බිය නොවිය යුතු අතර උන් ආරක්ෂා කිරිම අපේ යුතුකම හා වගකීම බව, පොඩි උන්ට කියා දිය යුතුය. අපේ මී හරක් නොදන්නවා උනාට, තම්බි මේ රටේ වෙළඳාම් කරන්නේ රජවරුන්ගේ කාළයේ සිටය.
ඔය කන්ද උඩරට ගම් නියම්ගම් රජවරුන්ගෙන් උන්ට ලැබුනා වූ නින්දගම්ය. පෘතුගීසින් හාබර් අවට උන් තම්බින්ට ගහලා එලවන වෙලාවේ, උන් දිව්වේ කන්දටය. කන්ද වටින් ඉඩ කඩම් ලැබුනේ උන්ගෙන් කිසි හානියක් නොතිබුන නිසාත් උන් සහජීවනයෙන් විසීමට කැමති වූ පිරිසක් නිසාත්ය. දළදා මාලිගාව අසලම මුස්ලිම් පල්ලියකුත් තිබෙන්නේ ඒ නිසාය. එපමණක් නොව ආයුර්වේදයේ පවා උගන්වන, යුනානි වෙදකම උන්ගෙන් පැවත ආ වෙදකම්ය. එපමණක් නොව උන් බොහෝ දෙනෙක්ගේ නම් වල, හින්ගල වාසගම් තිබෙන්නේ ඇයිදැයි කියා තම තම නැණ පමණින් සොයා බැලිය යුතුය.
රජ කාළයේ නොව, මෑත කාලයේද, මහා ජාතියට එක් වූ සුළු ජාතින්, අප පාලනය කළ බව අප සිහි තබා ගත යුතුය. ඒ බන්ඩාරණායක හා ජේ ආර් ජයවර්ධනය. ජේ ආර් ගේ තම්බි කොනෙක්සොන් එකක් තිබුනා යැයි කීම කිසි සේත් බැහැර කළ හැකි කාරනා නෙමේය. මන්ද ඉන්දියාවෙන් පැමිණි අති බහුතර මුස්ලිම් ජනතාව මෙන්ම නියම අරාබි කාරයන්ගේ පෙනුම තිබෙනා හැන්ඩි පොරවල්ද, බියුටුපුල් ලේඩිස්ලාද ඉන්නේ ඔවුන්ගෙන් පැවතෙනා උන්ගෙන් වෙන්න පුළුවන්ය. මාතලන් නම් උන්ට කියන්නේ ගොවිගම තම්බි කියාය. මාතලන්ගේ උසස් පෙල පන්තියේ 45 න් 21 ක්ම උන්නේ මේ තම්බීන්ය. උන් ඔය මෝඩ තම්බි මෙන් නොව හයි ක්ලාස් ජීවිත ගෙවනා රදළ තම්බින්ය. උන් කොහොමත් අදටත් ජීවත් වෙන්නේ සුද්දෝ වගේය. ඔය කාලකන්නි තලේබාන් උලමාවරුන්ට උන්ව බාගන්න හම්බ වෙන්නේ නැතිය.
කෙසේ වෙතත් රජයේ යුතුකම, උලමාද, මහණාද, මහසෝනාද, තවුහික් ජමාඩ්ද මොකාදැයි කියා බලන්නේ නැතිව, පුකට වෙඩි තබා මරා දැමීම මිස, හරි මචං පැය දෙකක් දෙන්නම්, උඹලගේ වැඩේ ඉක්මනට කරලා මාරු වෙයන් කියනා මුර බල්ලන් ලවා රට ගිනි තබා, ගිනි තැබු උන් එක්ක ගිනි නිවීමේ මීටින් තැබීම හෝ උන් හා රට සවාරි ගැසීම නොවනා බවත්, උන් බලෙන් දමනා හලාල් රෙද්දවල් වලට බය නොවී, පාර්ලිමේන්තුවේ යලිත්, පෝක් කරී මෙන්ම හැම් බේකන්ද කෑමට තබා උනුත් මට්ටු කළ යුතු බවද සඳහන් කරමින්, මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.
*මාතලන් අවුරුදු ගාණක් ලියපු කතා කියවන්න ඕනේ කියල හිතන අය මෙතනට අනින්න
Share / March 17, 2018
Couldn’t read past the 1st paragraph due to the disgusting tone and language….
/
Share / March 17, 2018
Couldn’t read past the 1st paragraph due to the disgusting taste in tone and language …
/
Maathalan / March 17, 2018
never Mind… in a disgusting cunt tree
/
Champa / March 17, 2018
ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියට ඉහලින්, මුදලට මුල් තැන දෙන, සංස්කෘතියක්, සභ්‍යත්වයක් ගැන හැඟීමක් නැති අවිනීත දේශපාලන සංස්කෘතියක් හැදිලා තියෙනවා. ඒ දේශපාලන සංස්කෘතිය ලංකා පොලොවට සිංහලයන්ට තියෙන අයිතිය සමච්චලයට ලක් කරනවා. සිංහලයන්ට උරුම පොලොව දකුණු ඉන්දියාවෙන් කඩා පැනපු දෙමලුන්ටත් වෙළඳාමට රටින් රටට ගිහින් අන්තිමට ලංකාවේ පැලපදියම් වුනු මුස්ලිම්වරුන්ටත් බෙදලා දෙන්න අසීමිත උත්සාහයක් ගන්නවා. සිංහලයන්ගේ ඉතිහාසය විකෘති කරන්න හදනවා. පෘතුග්‍රීසින් ලන්දේසින් ඉංග්‍රීසින් එන්න ඉස්සෙල්ල මේ රටේ හිටපු හැම සිංහලයම බෞද්ධයෝ. නමුත් අධ්‍යාපන, රැකියා අවස්ථා, මිල මුදල්, තාන්න මාන්න ඇතුළු නොයෙකුත් හේතු නිසා, සමහර සිංහල බෞද්ධයන් වාසි තකා බුද්ධාගම අතහැරිය. ඊට පස්සේ ඒ සිංහලයම තමන්ගේ සිංහල ජාතියටත් බුද්ධාගමටත් ගරහන්න පටන් ගත්ත.
.
දීපවංශය, චූලවංශය, මහාවංශය, බෝධිවංශය, බුද්ධවංශය, දළදාවංශය, ථූපවංශය, ධාතුවංශය, සාසනවංශය, පූජාවලිය, රාජාවලිය වගේ පෞරාණික ඓතිහාසික ග්රන්ථ වලින් තමන්ගේ අයිතිය ඔප්පු කරන්න නොපුළුවන් වුනා නම්, සිංහලයන්ට මේ රටේ බ්ම් අඟලකවත් අයිතිය නැති වෙලා දෙමල මුස්ලිම්වරුන් පාලනය කරන රටක වහල්ලු වගේ ජීවත් වෙන්න සිද්ධ වෙන්න ඉඩ තිබුන. අදටත් මේ රටේ සිංහලන්ගේ අයිතිය රැකිලා තියෙන්නේ තමන්ගේ රට ජාතිය බුද්ධාගම වෙනුවෙන් හඬක් නඟන මිනිස්සු ඉන්න නිසා. ඒ ප්‍රමාණයත් එන්න එන්නම අඩු වෙනවා. වෙන දෙයක් වුනාවේ කියල කරබාගෙන ඉන්න සිංහලයුනුත් ඉන්නවා. නමුත් තමන්ට තියෙන හැමදේම නැතිවෙලා උන්හිටි තැනුත් නැතිවෙන දවසක් එනබවත් දෙමල මුස්ලිම් මිනිස්සුන්ට කලින් ඒ දවස උදා කරලා දෙන්නේ සිංහලයන් අතරම ඉන්න සිංහලයන් බවත් වටහා ගන්න කාලය ඇවිල්ල.
/
Maathalan / March 18, 2018
Xenophobia
/
Jim softy / March 21, 2018
YOuth who are disgruntled or polluted do not comment here. If you are disgrunteld or anti-social you sholuld not write. this is for MAthalan. WE are not in the smae shoes as you are. YOu arer part of the world. If you try to make the world uncomfortable for others, don’t expcet back. Always reflect who you are
/