23 April, 2024

Blog

යහපාලනයේ හෙළුව ගිහානිගේ තනෙන් වසා ගැනීම

ප්‍රියන්ත හේවගේ මාතලන්

ප්‍රියන්ත හේවගේ මාතලන්

හිරු නාලිකාවේ අවුරුදු කුමාරිලාගේ බුරි හා තන් දැකීමෙන් පස්සේ, මාතලන් මුළු රටටම විස් කොලේ, මේ වසර තන කිරියෙන් ඉතිරෙන වසරක් වේවා කියලාය. ඒ මේසේය..

පොඩියක් නෑවී ගෙන,
අත් පොඩි එකතු කර ගෙන,
අවුරුදු පැතුම් පතා ගෙන,
ගේ ඇතුලටම පැමිණෙන…..

කොන්ඩය කඩා ගෙන,
පත තද හැට්ට ඇඳගෙන,
බුරිය සැමටම පාගෙන,
රූප පෙට්ටියෙන් විසි වෙන…..

ගිනිකෙලි පරදි රූපෙන,
දත කට විකාගෙන,
රෙද්දත් ලිහාගෙන,
විඳිමි උන්ගේ පහස රහසින…..

යස ඉසුරින් සපිරි,
ගෙනේ අවුරුද්දටම ආසිරි,
දකිමින් මේ දසුන් සිරි පිරි,
ඉතිරේවී වසරේම තන් කිරි……

ඒක දැකලාදෝ කොහෙද, මාගේ අති ජාත මිත්තරයෙක් වෙන, ලන්ඩන් අජියා මට විස් කොරලා එව්වේ මෙසේය…

ඒ කිව්වා වගේම මුළු රටම ගිනි අරගෙන තියෙන්නේ, ගිහානිගේ තනේ නිසාය. ගිහානි ලන්ඩන් ගොස් යහපාලන පිං ගොනුන් හා එයාගේ ක්ලෙවාජ් එකත් එක්ක දාපු පින්තූර ටික, මුළු රටම ගිනි තිබ්බේය. ඇත්ත වසයෙන්ම කියනවා නම් ගිහානී ඒ ගැන ආඩම්බර විය යුතුය. මාතලන් හා තවත් බොහෝ දෙනෙක් ගිහානිගේ තනේ වැනුවද (වර්ණනා කලද..) සම හරක් කතා කොරන්න ගියේ, ගිහානිගේ තනේ ගැන නොව එයාගේ පතිවත ගැනය.

මා හිතවත් විදර්ශණ කන්නන්ගර සහෝදර මහතා මෙය හෙජමොනියක් දක්වා වර්දනය කොට දයලේක්තික මක්කාද එකකට යමින් ගිහානිගේ  තන් දෙක දිගන ගැටුම දක්වා ගෙන ගොස් “ඉස්ලාම් මුල්ලාවරුන්ගේ” කටේ එබුවේ මෙසේය..

// ගිහානි වීරසිංහ වන මැය විසින් ‘මුහුණු පොත් දේශපාලනය’අලුත් වටයකින් අවුලවා ඇති අයුරු කදිමය.’වාස්තවික වර්ගවාදයට’ එරෙහිව බල්ටි ටෝක් දෙන උන් ක්ෂණික ‘මනෝමූලික වර්ගවාදීන්’ බවට පත් කිරීමට මැය සමත් වී ඇත.පුරුෂවාදයට එරෙහිව හඩ අවදි කළ ඇතැම් ස්ත්‍රීන්ව නිහඩ කිරීමට පවා මැය සමත් වී ඇත.එපමණක් නොව බොහෝ ස්ත්‍රීන්ගේ හදිසි කෝපයට මැය විෂය වස්තුවක් වී ඇති අයුරු ඔවුන් කරන ප්‍රකෝපකාරී ප්‍රකාශ වලින් පැහැදිලි වෙයි.ඊනියා ප්‍රගතිශීලී,ප්‍රජාතන්ත්‍රවාදී ඇතැමුන් මැය නිසා ඉස්ලාම් මුල්ලාවරුන් බවට රූපාන්තරණය වී තිබෙයි.සිංහල බෞද්ධ ජාතිවාදී සමහරුන් මැයගේ රුව ඉදිරිපිට බවුන් වඩන බවක් දක්නට ලැබේ.මතවාදී පසමිතුරු අක්ෂ නියෝජනය කළ පිරිමි බහුතරයකට මැය නිසා බඩු පහ වී තිබෙන අතර ස්ත්‍රීන් කෝපයට පත් කර තිබෙයි.පවතින ආණ්ඩුව හා එහි නියෝජිත ඇමතිවරුන් කෙරෙහි සැබෑ වෛරක් ජනනය කිරීමට මෙම සිදුවීම හේතු වී තිබෙයි.තත්වය කෙතරම් බරපතලද යත් ගිහානි නම් වන මැය සම්බන්දයෙන් නිර්මාණය වීඇති සාවද්‍ය අදහසක් පවා මෙකී පිරිස් විසින් ගිල අනුභව කර තිබෙයි.එනම් ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම විසින් මැයව ආර්ථික උපදේශිකාවක් ලෙස එංගලන්තයට රැගෙන ගොස් තිබෙන බවයි.සැබැවින්ම ඇය මෙම අවස්ථාවට සහභාගි වී ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ආර්ථික සහයෝගීතාවය නියෝජනය කරමින් එංගලන්තයේදීමය.ප්‍රමෝදය යනු කෙතරම් වැදගත් දේශපාලන සාධකයක්ද යන්න වටහා ගැනීමට ගිහානි ප්‍රපංචය විසින් මෙහෙයක් කර ඇත..මුස්ලිම මිනිසුන්ට එරෙහිව මෑත පැන නැගි විරෝධයේ එක්තරා රහසිගත පැතිකඩක් ගිහානිගේ සිරුර විසින් අපට හෙළි කර ඇත..//

මීට අමතරව, සිරිසේට රෙදි නැතිව කඩේ යන, මා හිතවත් රජිත කීර්ති තෙන්නකෝන් මහතා යහපාලනයේ හෙළුව වසා ගන්න මේන් මෙහෙම කතාවක් කීවේය..

//ෆෙක් නිවුස් සහ සංතෘෂ්ඨිය!

‘ෆෙක් නිවුස්‘ සමාජ ජාලා වේගයෙන් වැලදගනිමින් සිටී. ඊයේ පෙරේදා වන තුරු නම වත් නොදැන සිටි මේ කාන්තාව අද බුකියේ හිට් එකය.

මේ හිට් එක ජනාධිපති සමග රජයේ බදු මුදලින් එංගලන්තයට ගිය එක් අයෙකු යැයි වන උපකල්පනය මත පිහිටා සකස් වී ඇත. මේ පෝසට් බහුතරය පළ වන්නේ ජනපති මෛත්‍රී විරෝධී පාර්ශව වෙතිනි. කට්ටිය ද තම තම ආවේගයන් පිට කර ගැනීමට පෝස්ට් කමෙන්ට් දමති. වැඩේ ජයටම නැගලා යයි.

‘ෆෙක් නිවුස්‘ යනු කුමක් දැයි දැන ගැනීම වැදගත් ය. අසත්‍ය හා අර්ධ සත්‍ය තොරතුරු සමාජ ජාලාවල තටු බලයි. රැල්ලට අසු නොවී සිටීම අපහසුය. ඉතාමත් වැදගත් දෙය, ෆෙස් බුකියේ එක එක ව්‍යාපෘති සදහා වෘත්තීය පෝස්ට් දමන්නන් එක් එක් නම් ගම් සහිතව සිටින බව වටහා ගැනීම හා ඔවුන් හදුණා ගැනීමය.

2016 යහපාලන රජය යටතේ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 300 ක් බව කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. 2017 දී එය ඩොලර් මිලියන 963.5 ක් යැයි සැලකේ. මේ ගැහැණු දරුවා දමා ඇති පෝස්ට් එකට අනුව චෝගම් 2018 දී ඩොලර් බිලියන 1.5 ක ආයෝජන හා වෙළෙද ගිවිසුම් ‘ඇගේ පුද්ගලික බිස්නස් කවුන්සිලයෙන්‘ පමණක් ලැබී ඇත! මෙය පට්ටපල් බොරුවක් බව දැනගන්නට 2019 මහ බැංකු වාර්තාව එනකල්ම ඉන්නට අවශ්‍යද?

පින්තූරයක් දුටු පමණින් උන් හිටි තැන් අමතක වන්නේ නම්, එයට වරදකරු මේ කාන්තාව විය නොහැකිය.

එවිට මෙවැනි පොස්ට්වල කුමන හෝ රසයක් වේ නම්, එය රසවිද, ලේ කෝප කර නොගෙන සිටීම වැදගත් ය. මන්ද, ෆෙස් බුකියේ එක එක ව්‍යාපෘති සදහා වෘත්තීය පෝස්ට් දමන්නන් දිගටම ඔවුන් ගේ කටයුතු කරගෙන යන බැවිනි.

ආරෝග්‍යා පරමා ලාභා සංතෘෂ්ඨි පරමං ධනං!

රැල්ලට පොස්ට් බලලා, මගේ මිතුරෝ කවුරුත් පපුවේ අමාරු හදා ගත්තොත් කපුරු තෙල් ටිකක් වත් ගාන්න ඉන්නේ ගෙදර ඉන්න නෑදැ හිතවතුන්ටම මිස මේ පෝස්ට් දාන උදවියට නම් නොවේ!!

ප.ලි. ආණ්ඩු පඩි ගෙවන ජනාධිපති මාධ්‍ය ඒකකයට, රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවට, විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයට ජනාධිපති සමග ගිය දූත මණ්ඩලයේ නම් ලැයිස්තුව ප්‍ර‍කාශ කරන්නට බැරි ඇයි? තොරුතුරු දැන ගැනීමේ පනත යටතේ එය කවුරුන් හෝ සිදු කරනු තුරු ඔවුන් අවුරුදු කනවා ද? //

මේ හතර විලි ලැජ්ජා නැති අමු පච පෝස්ටුව ගැන ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව, හත් පොලේ ගාගත් බව තෑරුන හෙයින්, සිරිසේන ලක්ෂ 62 කට පුක පෙන්නා වෙන බයිලා ගහනවා වාගේ.. එයත් “මේ කතාවටම” අපූරුවට වෙනත් අර්තකතනයක් ලබා දී, ලිස්සලා ගියේය..

ඒ අස්සේ මහා පොරවල් වෙන්න දඟලනා සම හරක්, මේ ගැන කතා කරනා අය ලිංගික එරියස් කවර් කර ගන්නා, ලිංගික ඊරිසියාවකින් පෙලෙනා උන් බව සඳහන් කරමින්, වෙනම ආතල් එකක් ගත්තේය.

මට නම් කියන්න තියෙන්නේ, මෙහෙම ලස්සන තන් දෙකක් දැක්කායින් පස්සේ ඒ ගැන කතා කරන්න බැරි උන්ට, ලිංගික බෙලහීනතාවයක් හෝ ලිඟුවේ අප්‍රානිකත්වයක් හෝ වෙන මක්කා හෝ ලෙඩක් ඇත කියලාය.

කෙසේ හෝ ගිහානිද මාතලන්ගේ බුකි මිතුරියක් බව දැනගත් පසු මා ඇයට කීවේ මින් පස්සේවත් මේ කාලකන්නි ආන්ඩුවේ උන් හා පින්තූර ගහනා එකෙන් වලකින්නෙයි කියලාය… පහළ තියෙන්නේ ඒ කතාවය.. (මේක දැකලා අර පොර ටෝක් දුන්න උන්ගේ ගුද මාර්ගයේ ඉත්තෑවෝ දුවන්නට ගත්තොත් මට කරන්නට පුළුවන් දෙයක් නැත්තේමය.)

මාතලන් ඒ කාලයේ පටන් මේ තන් වලට ආදරේ කොරනා නිසා විසල් තනැති එංගලන්තයේ “සමන්තා ෆොක්ස්” මාත් එක්කම මගේ කාමරේ උන්නත් අම්මා උනත් මක්කාවත් කියන්නට නැතිව ඇත්තේ මේ ගොබ්බයින්ට වඩා අපේ අම්මා මිනිස් හැඟිම් හා සිතුවිලි ගැන දැනගෙන උන්නා නිසා වෙන්නැතිය.

හාන්දුරු කෙනෙක් වෙන තොටගමුවේ ශ්‍රී රහුල හිමි පවා වනපු තනය වනන්න එපා කියනවා නම්, මුන් එක්කෝ අම්මගේ තනය වත් නොදැකපු, සාහිත්තේ පවා සෘගාර සාහිත්තේ කියා එකක් තියෙනා බවක් නොදන්නා කිරි සප්පයෝය කියා අපට කියන්න සිඳු වෙනවාය…

තොටගමුවේ හාන්දුරුවෝ තනේ පමණක් නොව මුළු පංචස්කන්ධයම වැනුවේ මෙසේය..

සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි              මිටින
නිසි පුළුලුකුල රිය සකයුරු තිසර                තන
දිසි රණ ලියෙව් රූ සිරි යුත් මෙපුර             ඟන
ඇසි පිය හෙලන පමණින් නොවෙති    දෙවඟන

සමිතා කියන්නේ, එයාගේ රණ හංස නිමල නිල් ජලාසේ මන නන්දනීය දසුන් පෙන්නනවාය කියලාය. වික්ටර් රත්නයක තනේ ගැන කියන්නේ, ලැම විල පිඅයකරු හසුන් මවන්නි කියලාය. ඔය වාගේ සින්දු අනන්ත අප්පරමාන තිබුනත් මට මේ වෙලාවේ ඒවා මතකයට එන්නේ නැතිය..

කෙසේ හෝ මෙලෝ රහක් නැති මේ ආන්ඩුව දැන් දුවන්නේ, උන්ගේ පක්ෂ ඇතුලේ තිබෙනා කචල්, නිව්ස් බවට පත් කරමින් හා මේ වාගේ ටොපික්ස් ජනතාවට සපයමින්ය. ඒ අනුව බලනා කල මෙය මෙලෝ රහක් නැති ජනපති මාජ්ජ ඒකකයේ ගේමක් වෙන්නත් පුළුවන්ය. සිරිසේන යනු ජාත්‍යන්තරයේ පවා අමු බොරුකාරයකු බව තහවුරු වී අවසානය. මේ වන තෙක් එකඳු රාජ්ජ නායකයකු තබා ඉන්දියාවේ නායකයෙක් වත් ඔහු හා සාකඡ්චා පැවැත්වූ බවක් නම් අප දුටුවේ නැතිය.

මහින්ද රාජපක්ෂගේ විගඩම් විවේචනය කරමින්, උපුල් ශාන්ත සන්නස්ගල හා කීවේ, එයා හෙලිකොප්පරේ යන්නේ නැති බවත්, රට යනවා නම් යන්නේ එයැයිම විතරමෙයි කියලාය. එහෙත් මහින්ද රාජපක්ෂගේ රෝගය අපූරුවට වැළඳි ඇති සිරිසේන උන්නැහේ යන්නේ හත් මුතු පරම්පරාව, හේනේ  පිං ගොන්නු හා පිරිවර 120 ක් එක්කය.

උන් උන්ගේ සල්ලි වලින් ගියා නම් අපේ පශ්චාත් භාගයේ ඉත්තෑවෝ දුවන්නේ නැතිය. මේවා මේ රටේ හිඟන්නා පවා ගෙවනා බදු මුදල්ය. ඔය බොරුවට අර ගිවිසුම මේ ගිවිසුම අස්සන් කලා කීවාට, අද වෙනෙ තෙක් ගෙනා එකඳු ආයෝජනයක් හෝ නැත්තෙය. අද කියන දේ හෙට නොකියා, වෙන අමු බයිලාවක් ගහනා රාජ්ජ නායකයකු යටතේ ඉන්වෙස්ට් කරනවාට වඩා, අමු එකාධිපතියකු යටතේ ඉන්වෙස්ට් කරනා එක එයිට වඩා හොඳ බව ඉන්වෙස්ටස්ලා දන්නවා.

මේ එලොවටත් නැති මෙලොවටත් නැති ආන්ඩුවේ ඉදිරි වසර දෙක හෝ තුන හෝ කීය හෝ යන්නේ, මේ විදියටම බව දේශපාලනයේ හය හතර දන්නා ඕනා එකෙක් දන්නවාය.

සිරිසේන නොව රනිල් වික්‍රමසිංහ පවා පට්ට ෆේල් නායකයෝ දෙදෙනෙක්ය. ඉතිහාසයේ උන් අසාර්තකම පාලකයන් දෙදෙනාය. තමන්ගේ පක්ෂයටවත් නිසි නායකත්වයක් දෙන්නේ බැරි දෙදෙනෙක්, කොන්දක් නැති කෙලින් වච්නයක් නැති උන් දෙදෙනෙක්, කිසි දිනෙක මේ රට ගොඩ ගන්නේ නැති බව දැන් හොඳටම පැහැදිලිය.

දැන් ආනුඩව දුවන්නේ මේ වාගේ ගොන් ආතල් දීලාය. කොහොමත් ගිහානිගේ තනෙන් තා ටික දවසක් ආන්ඩුව ඇදගෙන යන්න සැලසුවාට, ගිහානි නමින් පාරක් නම් කලත් ආන්ඩුවට පව් සිද්ධ වෙන්නේ නැතිය. කෙසේ හෝ සීගිරියේ තන් වාගේම, රුවන්ගිගේ තනේ වාගෙම, ගිහානිගේ තනෙත් ලක් ඉතිහාසයට එකතු වී අවසානය.

බුකියේ ලියූ තා එක කතාවක් කියා මේ පල් හෑල්ල නවතා දමනවාය..

අපි පොඩි කාලේ අපේ ගෙදරට මාළු ගේන අය තරේ වට්ටියක් ඔළුව උඩ තියාගෙන එන මාළු වෙළෙන්දියක්ද වූයේය.
අප ඇයට කීවේ මාළු නැන්දා කියාය.
මේ මාළු නැන්දා එනකන් අහල පහළ අන්කල්ලා මෙන්ම අපේ තාත්තාද මග බලාගෙන උන්නේය.
ඒ උනාට ගෙවල් වන උන්න ඇන්ටිලා නම් කීවේ මෙ ගෑණි විකුණන්නේ කුණු මාලුය කියලාය.
ඒ මාළු නැන්දා එන්නේ ඩීප් කට් හැට්ටයක් ඇඳලා ක්ලෙවාජෙක (විවරය) මහජන හිත සුව පිණිස ප්‍රදර්සොනය කරමින්, තන් දෙක භාගයටම එලියේ දාගෙන නිසාය.
ඉතින් එයාගේ මාළු ටික වැඩි වෙලාවක් යන්න කලින් විකුණුනේය.
තාත්තා නොව මාතලනුත් නැන්දා එනකන් උන්නේ,
මාතලනුත් පොඩි කාලයේ පටන් තන් වලට ප්‍රේම කල නිසාමය.

කෙසේ හෝ අපේ ආච්චි අම්මා නම් කීවේ..
උන්දෑ විකුණන්නේ මාලූ නෙවෙයිය, උන්දැගෙ “තන් දෙකෙයි” කියලාය..

ආච්චි එහෙම කියන්න ඇත්තේ ඊරිසියාවටෙයි කියලා ඊයේ පෙරෙදා දැකපු පෝස්ට් නිසා මාතලන්ට එහෙම හිතෙනවාය..

ආන්ඩුවත් දැන් යන්නේ අපේ මාළු නැන්දා වාගෙමය..

ස්වස්ථි සිද්ධම්..

අබ සරණයි සිරි ලංකා…!!!!

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    MAthalan: Gihani showing her breasts and legs, if she has, is all your catholic/christian values. In the ancient Sri lanka, IT says A woman full of jewelleries could walk from Rajarata to MAgampura without any one attacking her. Now, Sri lanka women feel really worhteless, that is also the christian culture, so, they have to show their body parts in ordr to make them saleable or looked at by men. In other words, Prmote sexual appetitie that is again western culture. Writing porno literature is very easy thing. Even I can do that. I kniw I can not write Classical Literature with eternal value.

    • 1
      0

      I do not want to be a Classical Writer…
      This is for Common People..
      In my Blog you can see my Motto very clearly… it says…

      “පාන්ඩියන් හා උගතුන් සඳහා නොවේ… බුද්ධිමත් මිනිසුන් සඳහාම පමණි…”

      Choice is yours..
      Anyway thanks for the comment

  • 0
    0

    ගිහානිගේ කතාවේ මට නම් කිසි වැදගම්මක් නැහැ. නමුත් මාතලන් තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ කවිය සහ සමිතාගේ සහ වික්ටර්ගේ සිංදු දෙක සහ විශේෂයෙන්ම සීගිරි ළඳුන්ගේ රුව, සිංහල කුල කාන්තාවකට නොහොබිනා අස්වාභාවික, අසංවිධිත, අසමබර මනසක් තියෙන ගිහානිගේ නිරුවත පෙන්වීමේ ආශාවට සමාන කරලා තියෙන නිසා යමක් ලිව යුතුයි කියල හිතුව.
    .
    තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ කවිය කියවන කෙනෙකුට, සමිතාගේ සහ වික්ටර්ගේ අර සිංදු දෙක අහන කෙනෙකුට හෝ සීගිරි ළඳුන්ගේ රුව දකින කෙනෙකුට (සිගිරි ලඳුන් නිරුපනය කරන්නේ ඒ කාලයේ හිටපු සිංහල කාන්තාවන් නෙමෙයි, කාශ්‍යප රජතුමාගේ අන්තඃපුරේ හිටපු කාන්තාවන්. ඔවුන්ගේ ගෙල පළඳනා වර්ගය අන්තඃපුර කාන්තාවන්ට විශේෂයි. හරියට ඉන්දියාවේ විවාහක කාන්තාවෝ නළලේ තියෙන පොට්ටුවෙනුත් අප්‍රිකාවේ විවාහක කාන්තාවන් ඔවුන් පළදින ගෙල පළඳන විශේෂයෙනුත් වෙන් කරලා හඳුනා ගන්නවා වගේ).

    Contd’… 1/2

  • 1
    0

    මම කියන්න ගියේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ කවිය කියවනකොටවත්, අර සිංදු දෙක අහනකොටවත්, සිගිරි ළඳුන් දිහා බලනකොටවත් පිරිමින්ට රාගාධික හැඟීම් ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා ඒවා ගිහානිගෙ ගණිකාවකට මිසක සාමාන්‍ය කාන්තාවකට නොහිතෙන සහ නොකරන විදියට තමන්ගේ රූපය පෙන්වා පිරිමින්ව ආකර්ෂණය කරගන්න, ඔවුන්ගේ රාගාධික හැඟීම් උත්සන්න කරගන්න උවමනාවෙන්ම පාවිච්චි කරන්න තියෙන ආශාවට සමාන කරන්න බැහැ. උත්සන්න කරන්න කියලා කිව්වේ අසනීපයක් නැත්නම් ස්වභාවයෙන්ම හැම පිරිමියෙක්ම රාගාධික නිසා. ඔවුන්ට එහෙම නොවෙන්නේ ලෙඩක් තියෙනව නම් විතරයි. පිරිමින්ට ලැජ්ජාව සහ බය කියන දෙකමත් නැහැ. තිබ්බ නම් ජනගහනය වර්ධනය වෙන්නෙත් නැහැ. ළමා, තරුණ වැඩිහිටි කියල පරම්පරාවල් ඇතිවෙන්නෙත් නැහැ.
    නමුත් කාන්තාව එහෙම නැහැ. කාන්තාව ස්වභාවයෙන්ම රාගාධික නැහැ. බහුතරය එහෙම නැහැ. ඉතා කලාතුරකින් ටික දෙනෙක් ඉන්න පුළුවන්. කාන්තාවකට ලැජ්ජාව සහ බය ස්වභාවයෙන්ම පිහිටලා තියෙනවා. නමුත් තමන්ගේ ආගම, සංස්කෘතිය සහ පරිසරය අනුව කාන්තාවකගේ ලැජ්ජාව සහ බය අඩු වැඩි වෙන්න පුළුවන්. පෙරදිග සහ අපරදිග වශයෙනුත් ක්‍රිස්තියානි, මුස්ලිම්, බෞද්ධ සහ හින්දු ආගම් වලට අනුවත් කාන්තාව තමන්ගේ චර්යාව, හැසිරීම සහ සිරුර ආවරණය කිරීම හෝ නොකිරීම පිලිබඳ ආකල්ප හැඩ ගස්වා ගන්නවා.
    තමන්ට රූපය හැර වෙන මොකක්ම හෝ හැකියාවක් දක්ෂකමක් නැති කාන්තාවකට, වහගෙන ඉන්න ඕනේ තැන විවෘත කරලා තමන්ගේ සිරුර පෙන්වන්න හිතිවිල්ලක් ඇති වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ රූපය එක්ක තව මොකක්ම හරි හැකියාවක් දක්ෂකමක් තියෙන කාන්තාවක් පෙළඹෙන්නේ තමන්ගේ හැකියාවෙන් ඉදිරියට යන්න මිසක් අවයව ප්‍රදර්ශනය කරන්න නෙමෙයි. උදාහරණයක් විදියට නිළියන් සහ ගායිකාවන් ගන්න පුළුවන්. ලංකාවේ අති දක්ෂ නිලියන් හිටිය. ඔවුන් හුඟක් ලස්සණයි. හැබැයි ඔවුන් ප්‍රසිද්ධ වුනේ රූපය නිසා නෙමෙයි. රඟපෑමේ දක්ෂකම නිසා. සම්මාන දිනුවත්, ජාත්‍යන්තර සම්මාන දිනුවත් බහුතරයක් අතරේ ජනප්‍රිය නොවුණු කෙනෙක් දෙන්නෙකුත් හිටිය. නමුත් ඔවුන් නිරුවත් රංගන වලට දායක වෙලා හිටිය නම් හෝ ප්‍රදර්ශනය කළා නම් සම්මාන දිනුවත්, ජනතාවගේ ගරු බුහුමනට ලක් වුනේ නැහැ. ඒ හින්ද අනිත් කාන්තාවෝ තමන්ගේ ශරීරය පෙන්වන්න ගිහානිට තියෙන ආශාව දිහා බලන්න ඕනේ මනෝ විද්‍යාත්මක දෘෂ්ටියකින් මිසක් තරහකින් නෙමෙයි. ගිහානි වගේ ශරීර අවයව වැඩුනට මනස නොවැඩුණු දුර්වල චරිත වලට අනුකම්පා කරන්න ඕනේ.

  • 0
    0

    මාතලන්ගෙ අනිත් කතාව – මාළු වෙළෙන්දි වගේ අයටත් අනුකම්පාව හිමි වෙන්න ඕනේ. ඇයත් කරලා තියෙන්නේ මාළු ටික විකුණගන්න ශරීර අවයවයක් නොමිලේ ගණිකා වෘත්තියේ යෙදවීම. ඇය දුප්පත් නිසා ගෙදර දරුවෝ ඉන්නව නම් ජීවත් වෙන්න තියෙන එකම ආදායම මාළු වෙලදාම නිසා ඇය මාළු ටික විකුණගන්න එහෙම කරපු එක ගැන මුකුත් කියන්න බැහැ. අඩු ගානේ ඇය මහන්සි වෙලා අදායමක් හොයා ගන්න හදන එක අපේ ප්‍රසංශාවට ලක් වෙන්න ඕනේ අනිත් වැඩේට වඩා. ලංකාවේ මේ වගේ කාන්තාවෝ තව ඕනේ තරම් ඇති. ඒ කියන්නේ ජීවන සටන මුහුණ දෙන්න ඕනේ නිසා අසම්මත රැකියා වල යෙදෙන හෝ පොඩි මායමක් පාවිච්චි කරලා පිරිමින්ගේ inherent රාගාධිකකම කීයක් හරි වැඩිපුර හොයා ගන්න පාවිච්චි කරන. ඇගෙන් සමාජයට හානියක් නැහැ.
    .
    ගිහානිගේ සහ තව ඒ වගේ නොමේරූ මනසක් තියෙන තවත් කාන්තාවන් කිහිප දෙනාට අනුකම්පා කරන ගමන්, ඉතාම සීග්‍රගාමී විදියට කඩා වට්ටන හදන සිංහල අපේ සංස්කෘතිය විශේෂයෙන් බුදු දහම එක්ක එකට බැඳිලා තිබෙන අපේ සිංහල සංස්කෘතිය ආරක්ෂා කර ගන්න සිංහල මව්වරුන් විදියට කාන්තාවන් පුරෝගාමී වෙන්න ඕනේ. වෙනත් විදියකට කියනව නම් පිරිමින්ට ….. පස්සේ යන්න ඇරලා රටේ අනාගතය තීරණය කරන එක සම්පූරණයෙන්ම කාන්තාව අතට ගන්න ඕනේ අඩු ගානේ දරුවෝ ටිකවත් බේරගන්න. රටේ නීතිය තියෙන්නේ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරගන්න විදියට නෙමෙයි. පිරිමින්ට කරන වැරදි වලින් බේරෙන්න පුළුවන් විදියට. පිරිමින්ට, කාන්තාවන්ට දරුවන්ට අතවර කරලා වුනත් බේරෙන්නත් පුළුවන් විදියට. ගණිකාවන්ට සශ ව්කෘති ආශාවන් තියෙන කාන්තාවන්ට සිංහල සමාජ සංස්කෘතිය විනාශ කරන්න පුළුවන් විදියටයි රටේ නීතිය හැදිලා තියෙන්නේ. තමන්ගේ පිරිමි දරුවන් සහ ස්වාමිපුරුෂයන් සමාජ රෝග වලට සහ විකෘති ආශාවන්ට ගොදුරැ වෙන එක නවත්තගන්න හැම මවකටම, හැම බිරිඳකටම, හැම කාන්තාවකටම අයිතියක් තියෙනවා. මම දැක්ක තැනක සංඛ්‍යා ලේඛනයක් වැඩියෙන්ම සමාජ රෝග වලට ගොදුරු වෙලා ඉන්නේ අවුරුදු 15 සහ 25 අතර තරුණයන් කියලා. අවුරුදු 15 කිරි දරුවන්ටත් සමාජ රෝග හැදෙන තැනට ගෙනියන්න පාර හදල දීල තියෙන්නේ අසංවර කාන්තා චරිතමයි. ලංකාවේ මිලියන් 10.6ක් කාන්තාවෝ. එයින් මට මතක නැහැ හරියටම චන්දය හිමි කාන්තාවන් සියයට 60කට වැඩියි. රටේ බලය තියෙන්නේ කා අතේද කියෙන එක කාන්තාව තේරුම ගන්න කාලේ ඇවිල්ල.

  • 0
    0

    මම කියන්න ගියේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ කවිය කියවනකොටවත්, අර සිංදු දෙක අහනකොටවත්, සිගිරි ළඳුන් දිහා බලනකොටවත් පිරිමින්ට රාගාධික හැඟීම් ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා ඒවා ගිහානිගෙ ගණිකාවකට මිසක සාමාන්‍ය කාන්තාවකට නොහිතෙන සහ නොකරන විදියට තමන්ගේ රූපය පෙන්වා පිරිමින්ව ආකර්ෂණය කරගන්න, ඔවුන්ගේ රාගාධික හැඟීම් උත්සන්න කරගන්න උවමනාවෙන්ම පාවිච්චි කරන්න තියෙන ආශාවට සමාන කරන්න බැහැ. උත්සන්න කරන්න කියලා කිව්වේ අසනීපයක් නැත්නම් ස්වභාවයෙන්ම හැම පිරිමියෙක්ම රාගාධික නිසා. ඔවුන්ට එහෙම නොවෙන්නේ ලෙඩක් තියෙනව නම් විතරයි. පිරිමින්ට ලැජ්ජාව සහ බය කියන දෙකමත් නැහැ. තිබ්බ නම් ජනගහනය වර්ධනය වෙන්නෙත් නැහැ. ළමා, තරුණ වැඩිහිටි කියල පරම්පරාවල් ඇතිවෙන්නෙත් නැහැ.
    නමුත් කාන්තාව එහෙම නැහැ. කාන්තාව ස්වභාවයෙන්ම රාගාධික නැහැ. බහුතරය එහෙම නැහැ. ඉතා කලාතුරකින් ටික දෙනෙක් ඉන්න පුළුවන්. කාන්තාවකට ලැජ්ජාව සහ බය ස්වභාවයෙන්ම පිහිටලා තියෙනවා. නමුත් තමන්ගේ ආගම, සංස්කෘතිය සහ පරිසරය අනුව කාන්තාවකගේ ලැජ්ජාව සහ බය අඩු වැඩි වෙන්න පුළුවන්. පෙරදිග සහ අපරදිග වශයෙනුත් ක්‍රිස්තියානි, මුස්ලිම්, බෞද්ධ සහ හින්දු ආගම් වලට අනුවත් කාන්තාව තමන්ගේ චර්යාව, හැසිරීම සහ සිරුර ආවරණය කිරීම හෝ නොකිරීම පිලිබඳ ආකල්ප හැඩ ගස්වා ගන්නවා.
    තමන්ට රූපය හැර වෙන මොකක්ම හෝ හැකියාවක් දක්ෂකමක් නැති කාන්තාවකට, වහගෙන ඉන්න ඕනේ තැන විවෘත කරලා තමන්ගේ සිරුර පෙන්වන්න හිතිවිල්ලක් ඇති වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ රූපය එක්ක තව මොකක්ම හරි හැකියාවක් දක්ෂකමක් තියෙන කාන්තාවක් පෙළඹෙන්නේ තමන්ගේ හැකියාවෙන් ඉදිරියට යන්න මිසක් අවයව ප්‍රදර්ශනය කරන්න නෙමෙයි. උදාහරණයක් විදියට නිළියන් සහ ගායිකාවන් ගන්න පුළුවන්. ලංකාවේ අති දක්ෂ නිලියන් හිටිය. ඔවුන් හුඟක් ලස්සණයි. හැබැයි ඔවුන් ප්‍රසිද්ධ වුනේ රූපය නිසා නෙමෙයි. රඟපෑමේ දක්ෂකම නිසා. සම්මාන දිනුවත්, ජාත්‍යන්තර සම්මාන දිනුවත් බහුතරයක් අතරේ ජනප්‍රිය නොවුණු කෙනෙක් දෙන්නෙකුත් හිටිය. නමුත් ඔවුන් නිරුවත් රංගන වලට දායක වෙලා හිටිය නම් හෝ අවයව ප්‍රදර්ශනය කළා නම් සම්මාන දිනුවත්, ජනතාවගේ ගරු බුහුමනට ලක් වුනේ නැහැ. ඒ හින්ද අනිත් කාන්තාවෝ, තමන්ගේ ශරීරය පෙන්වන්න ගිහානිට තියෙන ආශාව දිහා බලන්න ඕනේ මනෝ විද්‍යාත්මක දෘෂ්ටියකින් මිසක් තරහකින් නෙමෙයි. ගිහානි වගේ ශරීර අවයව වැඩුනට මනස නොවැඩුණු දුර්වල චරිත වලට අනුකම්පා කරන්න ඕනේ.

  • 0
    0

    CT TEam – I think by mistake I repeated one comment. Pl. delete it.

  • 0
    0

    Thanks foe your Comment Champa

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.