
සිරිසේන හිතාගෙන උන්නේ ලක්ෂ 62 ක් ඡන්දය දුන්නේ උන්නැහේටය කියලාය. ඒ නිසා පොලොන්නරුවේ ගොවි ගෙදරින් ආ, බෙලෙක් පිඟනේ බත් කෑ සරළ මිනිසාගේ ඔළුව ඉඳිමි, අලි ඔළුවෙන් හැම එකාටම කෙලින්නට ගියේය. ඇත්තම කතාව නම්, ඒ, 2015 මහින්ද මහත්තයාට කොහොමත් කෙල වෙන එක කෙලවෙලාම යනවා. උන්නැහෙත් උන්නැහේට වඳින පුදන ආදරය කරන ජනතාවට කොකා පෙන්නා ගජ් මිතුරු පවුල් වාදී කුප්ප දේශපලනයක් ගෙන ගිය නිසාය.
නිර්මාල්ලා, සෝභිත සාධුලා, දඹර අමිල හිමිලා, කොහොමත් උන්නේ තරඟය දිනලාය. ඕන කරලා තිබ්බේ කප් එක අරගන්න පුළුවන් එකෙක්ය. රනිල් ඒ සඳහා සුදුසු පුද්ගලයෙක් උනේ නැතිය. මොකෝ එයා කප් එක ගත්තා නම් අඩු ගානේ පොටෝ එකකටවත් ඉන්නේ නැතිව යනවාය. ඒක හරියටම හරි ක්‍රමේ උනත්, අම්මට සිරි ලංකාවට ඒක ගැලපෙන්නේ නැතිය. ඒ වෙනුවට ඕන කරලා තිබුනේ, කප් එක අතට අරගෙන, ජනතාවට පෙන්නා, ආතල් එකක් ගන්නා පොරක්ය. කලින් ගේන්න හිටියේ නිමල් නිදිපාල උන්නැහේය. චන්ද්‍රිකා එයැයිට කෝල් එකක් ගත්තාම, එයා උන්නේ නිදාගෙනය. ඒ නිසා ඊ ගාවට ගත්තේ රනිල්ගේ නෝනාටය, නමුත් කෝල් එක ගියේ අනිත් මෛත්රිටය. ඒ නිසා පොර ගොඩ ගියේය. රටට හැමිනිලාම ගියේය.
එහෙව් පුද්ගලයා අද රනිල්ට අස්වෙන්න කියන්නේ රෙද්ද ඇඳගෙනද කියා සාමාන්නිය ජනතාව වශයෙන් අපිට අහන්නට වෙනවාය. එයා ඉටු කලේ යහපාලනයෙන් බලාපොරොත්තු උන දේ නෙමේය. එයා කළේ, මහින්ද කළ හොඳ නරක යන දෙකෙන්, හොඳ පැත්ත පසෙක තබා, නරකම නරක පැත්ත තෝරා ගන්නා එකය. ආපු ගමන් මල්ලි ටෙලිකොම් එකට දැම්මේය. ඩඩ්ලි බැසිල්ගේ රෝල් එකට සෙට් විය. චතුරිකා යෝෂිතලා වගේ බිස්නස් පටන් ගත්තේය. දහම්, මහින්දගේ පුතාලටත් එහා යමින්, මර්වින් සිල්වාගේ එකාගේ රෝල් එකත් පටන් ගත්තේය.
බලයෙන් පිස්සු වැටි, මානයෙන් උදම් වී, මෝහයෙන් මුලාවි රඟපු රැඟුම් වලට, මේ ඡන්දයෙන් ජනතාව නියම උත්තරේ දුන්නේය. රටේ ජනතාවගෙන් සිරිසේනට කැමති උන් ඉන්නේ ජෙප්පන්ගේ ප්‍රමාණයටත් අඩු වෙනන්ය. ජෙප්පෝ ඡන්ද 693,875 ගන්නා විට, සිරිසේනගේ අතට ගහන්නේ 491,835 ක් ඉතරය. මේ උපන් ගෙයි මෝඩයන් පිරිසක්ම විය යුතුය. එය ප්රොකාශිත ඡන්ද ගනනෙන් 4.44% ය. ඇපත් නැත. අද හැට දෙක නොව ඇට දෙකත් නැතිය.
සිරිසේන නිසා සැටලයිට් නෝනාත් ඉල්ලාගෙනම කෑවේය. අද සිරි ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ හොරගොල්ල්ලේ නොව මැදමුලනේය. මැදමුලනට කෙලින්න පුලතිසිපුරෙන් ගෙනා ගමරාල, අවසානයේ සිරි ලංකා නිදහස් පක්ෂයේ මහ ගෙදර වන හොරගොල්ල, මහ පොලොවට සමතලා කර දැම්මේය. මහින්දට කරන්න බැරි වූ දේ, සිරිසේන ඕනාවටත් වඩා ඉහලින් කෙරුවේය.
ඒවා එසේ තිබියදි, එජාපයේ ස්ථිර ඡන්දවලටත් වඩා වැඩියෙන් ගත් රනිල් වික්‍රමසිංහට (ඡන්ද 3,612,259, ප්‍රතිශතය 32.63%) ඉල්ලා අස්වෙන්න කියන්න සිරිසේනට හෝ සිරි ලංකා නිදහස් පක්ෂයේ පිංගුත්තර කාළකන්නින්ට කිසිම අයිතියක් නැත්තේමය.
නොදි බැරිකමට රනිල්ට අගමැති කම නැවත ලබා දුන්නද, රනිල් එලවීමේ කුමන්ත්‍රණය සිරිසේන විසින් අත් හල බවක් නම් පෙනෙන්නේ නැතිය. එජාපයේ පසු පෙල හා ගේම ගහන්නේ කෙසේ හෝ රනිල් එලවා තමන් ළඟ ඉන්නා හිටගෙන නිදාගන්නා කම්බ හොරෙක්ට අගමැති කම දී රාජපක්ෂ පාලනය ආකරයේ එකාධිපති පාලනයක් ගෙන යාමය. එය සිරිසේනගේ වරදක් නොවේය. විධායක ජනපති ක්‍රමයෙන් හැදු කල්ට් එකය.
එපමනක් නොව ජඩ මාජ්ජ කාරයන්ටත් අයිතියක් නැත්තේය. ආතල් එකේ පට්ටම එක වන්නේ රනිල් එලවීමේ සටනේ පෙරමුණේ රාල වෙලා තියෙන්නේ ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයකු වෙලා තියෙනා එකය. මහා රාජා ගේ සල්ලි වලට ඇබරෙන එකෙක් පක්ෂයකින් ගතමනාවක් දුන්නා නම් එයාගෙන එන මැතිවරණ නිරීක්ෂන වාර්තාව ගැන එයැයිට බැක් කරනා ඇන් ජී ඕ එකත් පෝඩ්ඩක් හොයා බලනා එක බොහෝම හොඳය. ප්ෆරල් සංවිධානයේ ඇති මහත්මා කම් ස්වාධීන කම් මුන්නැහේ ළඟ නැතෙයි කියා මිතුරෙක් උනත් කියන්න වෙන්නේ ඉතා කනගාටුවෙන්මය.
මහින්ද රාජපක්ෂ කර තබාගෙන යන උන් රනිල්ට යන්නෙයි කියනා එක අනික් විහිළුවය. මහින්ද මලොත් එල්ලිලා මැරෙන්න බලාගෙන ඉන්නා සෙට් එකක් රනිල්ගේ පක්ෂ නායකත්වය ප්‍රශ්ණ කිරීම පුරඟනකගේ පතිවත හොයනවා වාගේ විදග්ද මැදිහත් වීමක්ය. ගම්මන්පිලලා නම් ජෝකර්ලා නිසා එයා කියන ඒවා නම් පොඩි උන් ගනන් ගන්නෙත් නැතිය.
රනිල් එලවන්න ඕනම නම් එක කරන්න ඕනා එජාපයේ උන්ය එනයින් බැලු කළ පාලිත රංගේ බන්ඩාරලා රවි කරුණානායකලා ගහනා කැරැල්ලේ කිසිඳු වරදක් ඇත්තේ නැතිය. එහෙත් එයාලා කිව යුත්තේ රනිල් එලවලා ගේන්නේ කව්දැයි කියලාය. කරු යනු සිරිසේනටත් එහා ගිය උපාසක මහත්මයෙක් පමණමය. උපාසක බක බකලාගෙන් රටට වැඩක් ඇත්තේ නැතිය.
මාතලන් නම් යෝජනා කරන්නේ, එජාපයේ පමණක් නොව අම්මට සිරි ලංකාවේ ඇති සෑම පක්ෂයකම නායකයන් හා අනෙකුත් තනතුරු සියල්ලම අඩුම ගානේ වසර දෙකකට වරක් පවත්වන රහස් චන්දයකින් තෝරා පත් කර ගත් යුතු යැයි කියාය. පක්ෂ තුල අධිපති එකාධිපති පාලනයක් ගෙන යන එකාගෙන් රටට ප්‍රජාතන්තරවාදේ බලාපොරොත්තු වීම, වමේ සැට් එක මේ රටේ සමාජවාදයක් ගොඩ නගනවා වාගේම හතර බීරී කතාවක්මය.
නමුත් එවන් ප්රජාන්තන්ත්රවාදි සිරිත් එක එල්ලේ බලාපොරොත්තු විය නොහැකි බැවින් පවතින ක්‍රමය යටතේ කළ යුතු හොඳම විකල්පය වන්නේ රනිල් 2020 වන තෙක් ඇදගෙන යාමය. ඒ අතරතුර ජේ ආර් කලාක් මෙන් නව නායකත්වයකට තරඟයක් ඇති නොකොට. නිශ්චිත පුද්ගලයකු නායකත්වය සඳහා නම් කිරීමය. රනිල්ට වැරදුන තැන් බොහෝ ඇත. එහෙත් එජාපයට රනිල් යනු වටිනා සම්පතකි. රනිල් නැති වුන දින. එජාපයේ අවසානයද සනිටුහන් වන අතර, එය තවත් පොහොට්ටු පක්ෂයක්ම වනවා ඉස්තිරය..
ඒ වගත් මෙසේය….
upset lanka / March 2, 2018
රනිල් යන්නේ අහවල් එකකටද..කියන මාතෘකාව දුටුවාම මම හිතුවේ රනිල් සිංගප්පූරු ගිය ගමන තමයි මේ ලියලා තියෙන්නේ කියලා. සිංගප්පූරුවට නම් යන්න ඇත්තේ මහේන්ද්‍රන් කුදලා ගෙන වෝක්ස්වැගන් කොම්පැනියත් අරන් එන්න වෙන්න ඇති කියලායි මම හිතුවේ.
/
මාතලන් / March 3, 2018
බුකියෙ එකෙක් නම් කියලා තිබ්බෙ ආයිබන්ඩ. එහේ බැංකු ඔක්කොම අධි ආරක්ෂිත කලාප කොලාය කියලා හිටන්….
/
Jim softy / March 3, 2018
You should have asked “Ranil inne ahaval ekatada ?” Don’t we know enough about him
some people want to turn their KAtumeti house to a well furnished concrete bungalow? Am I correct ?
/
මාතලන් / March 3, 2018
Who knows…
/
Champa / March 3, 2018
ලංකාවේ දේශපාලනය දැන් කොයි මොහොතේ වෙනස් වෙයිද වගේ වෙලා. ගිය අවුරුද්දේ වගේ නෙමෙයි. අපිට ඕනේ වුනේ රනිල්ව එලවල දාන්න. ඒක තමයි එකම අරමුණ වුනේ. හැබැයි ඊට පස්සේ UNP එකේ එතන ගන්නේ එකේ කවුද කියන එක අපි හිතුවේ නැහැ. හැමෝම එක චරිතයක් දිහා බලා ඉන්න කොට බොහොම හීන් නූලෙන් වෙන කෙනෙක් ඉස්සරහට එන්න හදනව රනිල්ගේ තැනට. ඒක රටට හුඟක් අනර්ථකාරී හින්දා අපි මොන තරම් අකමැති වුනත් දැන් තියෙන අළුත්ම තත්වේ හැටියට මේ වෙලාවේ රනිල්ට ඔහොම 2020 වෙනකම් ඉන්න දෙන එක තමයි හොඳ.
/
මාතලන් / March 3, 2018
අන්නේකයි සහෝ අපිත් කියන්නෙ.
පඹයෙක් කියන විදියට නටනවානම් ඌ අමු මී හරකෙක්
/
Champa / March 4, 2018
මේක කිව්වේ මටද? Oh…no…no. You are mistaken. මම මොන විදියටවත් රනිල්ට උදව් කරන කෙනෙක් නෙමෙයි.
.
19 වෙනි ව්‍යස්ථාවේ කියලා නැහැ විශ්වාස භංග යෝජනාවකින් අගමැති කෙනෙක් අයින් කරන්න පුළුවන් කියලා. කරන්න පුළුවන් එකම දේ පාර්ලිමේන්තුවේ 2/3ක චන්දෙකින් යෝජනාවක් සම්මත කරගෙන, ජනාධිපතිතුමාට කියන එක, පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා.. ඊළඟට කථානායකට පුළුවන් විශ්වාශ භංග යෝජනාව බාර නොගෙන ඉන්න ඉදිරපත් කරන කාරණාව උඩ. (මොකොටද ඔය විශ්වාශ භංග යෝජනාව ගේන්නේ මම නම් දන්නේ නැහැ කාරණාව.)
.
අනිත් අතට විශ්වාසභංග යෝජනාවට 2/3 ලැබුනත් රනිල්ව දැන් අගමැති කමින් අයින් කරන්න බැහැ. ඒ මොකොද කිව්වා නම් රනිල්ව අගමැති කරන්න කියලා දැනටම බහුතරය කැමති වෙලා ඉවරයි නිසා සහ දැනටම ජාතික ආණ්ඩුවක් හදලා ඉවරයි නිසා සහ රනිල්ව අයින් කරන්න නම් පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂ දෙකේ මන්ත්‍රී ධූර සංයුතියේ වෙනසක් සිද්ධ විය යුතු නිසා. එහෙම වෙන්න නම් එජාප මන්ත්‍රීවරු පක්ෂේ අතෑරලා ශ්‍රීලනිපයට එකතු වෙන්න ඕනේ. එතකොට තනි පක්ෂක් විදියට ශ්‍රීලනිපයට පුලුවන් 2/3 බහුතරය පෙන්නලා තනි ආණ්ඩුවක් පිහිටුවන්න. එහෙම වෙයිද නැහැ, ඒ මොකොද කිව්වා නම් එතකොට එජාප මන්ත්‍රීවරුට මන්ත්‍රීධූර අහිමි වෙන නිසා.
.
අනිත් එක පාර්ලිමේන්තුව පිලි ගන්න වඩා බලවත් කාරණාව රනිල් අගමැති වෙලා ඉන්න ජාතික ආණ්ඩුව මිසක් විශ්වාස භංග යෝජනාව නෙමෙයි. ඒකට 2/3ක් ලැබුන කියලා ඒක ජාතික ආණ්ඩුවේ සම්මුතියට ඉහලින් යන්නේ නැහැ.
.
ඊළඟට 19 වෙනි සංශෝධනය අනුව තනි පක්ෂෙකට 2/3 බහුතරය නැත්නම්, වැඩිම ආසන ගත්ත “තනි” පක්ෂ දෙක එකට එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදන්න ඕනේ. එම පක්ෂ දෙකින් වැඩිම ආසන ගත්ත පක්ෂේ නායකයා ජාතික ආණ්ඩුවේ අගමැති විදියට පත් වෙන්න ඕනේ. වෙන කෙනෙක්ව පත් කරන්න ජනාධිපතිට බැහැ. ඒ මොකොද කිව්වා නම් ජනාධිපති අගමැති කරන්නේ ජාතික ආණ්ඩුවේ වැඩිම කැමැත්ත තියෙන නායකයා තමන් කියලා පෙන්වපු නායකයට. කොහොම ගත්තත් ජාතික ආණ්ඩුවේ එජාපෙට තනි පක්ෂයක් විදියට ශ්‍රීලනිපයට වඩා වැඩි මන්ත්‍රීවරු ප්‍රමාණයක් ඉන්නව.
Contd’ ….
/
Champa / March 4, 2018
19 ව්‍යවස්ථාව හදන කොට රනිල්ගේ එයාගේ කට්ට කයිරාටික මොලේ පාවිච්චි කරලා එයාව අයින් කරන පුළුවන් හැම පැත්තම අගුලු දාල වහල තියෙනවා. මේ මන්ත්‍රීවරු නිකම් බොරුවට දඟලන්නේ. ඉස්සෙල්ල 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවල ඒක තේරුම ගන්න ඕන.
.
රනිල්ව මේ වෙලාවේ තියා ගන්න කියන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා. මම කවදාවත් තනිකරම අංශක 180ක් කැරකිලා රනිල්ව තියා ගන්න කියන්නේ නැහැ රනිල්ව අයින් කරගන්න මොකොක්ම හරි ක්‍රමයක් තියෙනව නම්. රනිල්ව අයින් කරන එක කණ කස්බෑව විය සිදුර ඇරිලා කියලා හිතාගෙන, වහපු
විය සිදුරකින් අහස බලන්න හදනව වගේ වැඩක්.
.
ශත පහක වැඩක් නැති වුනත් විශ්වාස භංග යෝජනාවට මම ආසයි. ඒ මොකොද කිව්වා නම් රනිල් එක්ක deal දාපු මිනිස්සු රනිල්ට විරුද්ධ අවි අමෝර ගන්න හැටි බලන්න ආසයි. ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂෙන් රනිල්ට විරුද්ධ විශ්වාස භංග යෝජනාවට අත්සන් කරන ගණන ලංකාවටම පේනවට මට හරි ආස නිසා.
.
සිංහයෝ තණකොළ කන්නේ නැහැ කවදාවත්. නමුත් මහින්දයි එයාගේ ඇම්බැට්ට රැලයි නිසා ලංකාවටම අද තණකොළ කකා ඉන්න වෙලා තියෙංවා 2019/2020 වෙනකම්.
.
19 ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ රනිල් ශ්‍රී ලංකා කාරයන්ට දුන්නු තණකොළ මිටියක්. ඒකට මෛත්‍රී පිල විතරක් නෙමෙයි මහින්ද පිලත් උඩ පැනල චන්දෙ දුන්න. රට නින්දිත විදියට පාවලා දුන්නත්, රටේ සම්පත් එක පිට එක විකුණුවත්, හිතා ගන්න බැරි මහා ණය කන්දක් රටට ඉතුරු කලත්, ආණ්ඩුව පෙරලන්න මොන තරම් උවමනාව තිබුනත්, අපිට තණකොළ කකා ඉන්න වෙනවා 2019/2020 වෙනකම් මහින්දයි, මගෙ යාළුව ඇතුළු මහින්දගේ ඇම්බැට්ට රැලයි ඒකට පක්ෂව චන්දෙ දීල 2/3න් පාස් කරපු නිසා. මක් කොරන්නද? දෙගොල්ලම (MS faction+MR faction) මෝල්ලු. ඒකයි මම කියන්නේ මේ රටට මේ කවුරුවත් නැතුව අලුත් නායකයෙක් ඕනේ කියල.
/
මාතලන් / March 4, 2018
මොකා ආවත් මේ මජර ක්‍රමය වෙනස් නොකර රට හැදිලි බොරු.. මේක හොරකම දූෂණය නාස්තිය ලීගලයිස් කල සිස්ටම් එකක්.
/
Champa / March 4, 2018
මජර ක්‍රමය? ලබන අවුරුද්දේ ඕක අනිවාර්යයෙන්ම වෙනස් කරනවා. එතකොට එකතු වෙන්න, ජනතාව අතරින්ම නැඟෙන අලුත් ජන බලයකට.
/
මාතලන් / March 3, 2018
අන්නේකයි සහෝ අපිත් කියන්නෙ.
පඹයෙක් කියන විදියට නටනවානම් ඌ අමු මී හරකෙක්
/
Jim softy / March 5, 2018
Maithripala sirisena could appoint a new PM while the incumbant PM was still there. but, now PResident cannot fire the same PM that he appointed. NADUTH UNGE BADUTH UNGE.
/