24 April, 2024

Blog

මංගලට ගොක්කොල පෙනීම හෙවත් මම ඝෝඨාට බයයි මල්ලියේ හෙවත් යුගාන්තය

ප්‍රියන්ත හේවගේ මාතලන්

ප්‍රියන්ත හේවගේ මාතලන්

අපරාදේ කියන්නේ මංගල ඇත්තම කිව්වේය. මංගල නොව ආන්ඩුවේ මෙන්ම, පක්ෂ විපක්ෂ සියල්ලේම ඉන්නා උන් ඝෝඨාට බයය. රාජිත එක් වරක් කියූ පරිදි (ඇත්තද දන්නේ නෑ ඉතින්) මහින්දද ඝෝඨාට බයය. මහින්දගේ කාළයේ අරලිය ගහ මන්දිරයේ පැවති සාකඡ්චා අතර තුරදි ඝෝඨා පැමිනෙන විට… ඔන්න ඔන්න ඝෝඨා එනවා අපි වෙන දෙයක් කතා කරමු… කියා, කතාකරනා මාතෘකා වෙනස් කල බව රාජිත වරක් ප්‍රැස් කොපරන්ස් එකේදී කීවේය.

මංගල ඊයේ පැයක පමණ ප්‍රැස් කොන්පරන්ස් එකක් තබා ඝෝඨා කලයි කී වට්ටෝරුවක් ඉදිරිපත් කළේය. අද එක මාධ්‍යකවත් ඒ ඇලිගේසොන් එකක්කත් දැම්මේ නැතිය. ඒ උන් හැම එකාම ඝෝඨාට බය නිසාය. රටක නායකත්වයට සුදුසුම ගුනය එයය. නායකයකු යනු එක එකාට බය හාල්පාරුවලු නොවිය යුතුය. විශේෂයෙන් ගෝත්‍රිකයින් පිරිසක් පලනය සඳහා එන නායකයා, එකෙකුටවත් බිය නැති කෙනෙක් විය යුතුමය.

වියත් මග සෙමිනාර්ස් පටන් අරගෙන බොහෝ කලක්ය. එහෙත් එකෙක්කත් ඒවා පයිසෙකට මායිම් කළේ නැතිය. සියල්ලන්ගේම පෂ්චාත් භාගයේ ඉත්තෑවන් දුවන්න ගත්තේ, ෂ්‍රැන්ගිලා හෝටලයේ වියත් මග පැවත් වූවාට පස්සෙය. එයට හේතු උනේ අම්මට සිරි ලංකාවේ ඉහළම පැලැන්තියේ ව්‍යාපාරික ප්‍රජාව ඊට සහභාගී වීම හා ඝෝඨාගෙ කතාව තනිකරම ආර්ථික ප්‍රවර්ධනය එල්ල කරගෙන පැවැත්වූ කතාවක් වීමය.

ආර්ථිකය කාබාසීනීයා කළ උන්ගේ ඉහ මොළ රත් වූයේ එවිටය. ඒ අනුව මුදල් ඇමතිට ගොක්කොල පෙනීම සාධරනය. මංගල පෙස්ටෝල් වැඩි කරලා ගම්පෙරලිය ගේන්නේ, සිරිසේනගේ කලියුගය අවසන, යුගාන්තයේය. මෙයාලාට මෙලෝම දෙයක් බෑ කියලා ඔප්පු කරලා හමාරය.

සිරිසේන කිව්වේ එයා ආර්ථිකේ අතට ගන්නවා කියලාය. ඒනුව මේ තියෙන්නේ “සිරානොමික්ස්” එකය. ඒක මාරය. ගං වතුර ගලා දේපළ විනාශවී ජීවීත හානී වී තිබියදි, පොලොවෙන් මතු වූ මේ ආර්ථික විසෙසග්නයා කියන්නේ මෙය ආර්ථික ප්‍රවර්ධන වේගයේ 2.5 % – 3 % ප්‍රවර්ධනයක් කිසිවක්ම නොකර ලබා ගත හැකි ජාතියේ වාසනාවක් කියලාය. දැන් ගං වතුර වැඩිවී, කඩුවෙල පාළමත් මෝදර මෝය කටින් ඉන්දියන් සාගරයට ගිය පසු, බොහෝ විට ලෝකයේ එක GDP වැඩිම රට අම්මට සිරි ලංකාව වෙන්නත් පුළුවන්ය.

මහින්දටද කෙල උනේ දුප්පත් මිනිසාගේ බඩට ගහපු එකය. මාතලන් ඒ කාළයේ ලීවේද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව‍ය 10 ක පමණ බදු සියල්ල ඉවත් කොට ලාබයට ලබා දෙන ලෙසය. ඉන්දියාවෙ කරන්නේ ඒකය. ඉන්දියාවේ කෑම ඉතා පසුවෙන් මිළ දී ගත හැකිය. ඒ නිසා අමු හිඟන්නෝ උන්නද ඉන්දියාවෙ මන්ද පෝෂණයක් ඇත්තේ නැතිය. නැවුම් එළ කිරි රට පුරාම ඉතා ලාබයට ඇත්තේය. අපේ ඉන්න තරමක් ඉන්නේ හරක් වෙලත් කිරි වෙනුවට බොන්නේ දියකරගත් පිටි කුඩුය.

ඒත් එයා කලේ බල්ලන්ගේ කෑම අඩු කොට මිනිස්සුන්ගේ බත් පතට කෙලිනා එකය. අන්තීමේදි මහ රජ්ජුරුවෝ ජනෙල් ගැට්ටේ එල්ලුවේ ඒ ඔරොප්පුවටය. හැමදාම ආන්ඩු පෙරලුවේ ඔය හේතුවට මිස වෙන දේකට නෙමේය. මෙයාලාට අත් වන්නේද එම ඉරණ්මය.

කොහොමත් මෙයැයිලා ඉන්නේ පැරදිලාය. ජනාධිපතිට මුලු රටෙන්ම ඇත්තේ 4% ය. එජාපයේ රනිල් ඇතුලු සියල්ලෝම නොම්මර එකේ හාල් පාරුවෝ බව ඔප්පු කරලා අවසානය. දෙයක් සිඳු වුනි නම් අකිල විරාජ් අජාප්නයට එකතු කල දෙයක් පමණමය. මංගල මුදල් ඇමති වූවාට, ආර්ථික විශේසග්නයෝ දෙන්නෙක් කියා මහා ලොකුවට කියනා හර්ෂ ද සිල්වා කිව්වේ, ඩොලර් එක ඉහළ නැගීම හොදයි කියලාය. එහෙනම් ඕක 159 තියන්නේ නැතිව 300-400 වගේ රවින්ඩ් ෆිගර් එකක් කලා නම්, ඩොලර් මාරු කර ගන්නා උනත් වැඩේ ලේසිය. එහෙම කියන උන්නැහේ අනෙක් පැත්තෙන් කියන්නේ අපනයන පහළ බැහැලාය කියලාය.

එරාන් කියනා අනික් ආර්තික ඉස්පැසොලිස් කියන්නේ පැස්ටෝල් මිළ ඉහළ ගිය එක පරිසරයට හොඳෙයි කියලාය. එහෙනම් කරන්න තියෙන්නේ, පෞද්ගලික වාහන තියෙන උන් එකෙක්ටවත් වාහනේ යන්න බැරි වෙන්න, පැස්ටෝල් ලීටරේ රුපියල් 1000 ක් විතර කරනා එකය. වාහනවලත් 300% විතර බදු ගහනා රටේ එහෙම දෙයක් කලාට අවුලක් ඇත්තේ නැතිය. එතකොට අපිට අයින් වෙලා පයින් යන්න පුළුවන්ය. කොලෙස්ටරෝල් සුගර් එන්නේත් නැතිය. සවුක්කයට වෙන් කරනා මුදලෙනුත් මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේ පොඩි බ්‍රොතල් හවුස් එකක් හෝ ජීනා මැඩම්ගේ ශාකාවක් උනත් දාගන්නට පුළුවන්ය.

අපි හිතුවේ පිස්සු තියෙන්නේ බන්ධුල ගුණවර්ධනට විතරක්ය කියලාය. බැලුවාම මුනුත් නොම්මර එකේ පිස්සෝය. ලංකාවේ තියරි කාරයන්ට වෙලා තියෙන්නේ ඕකය. මුන් හරියට තැපැලෙන් පීනන්න ඉගෙන ගත්ත උන් වාගෙය. මීට වඩා ටැක්සි කාරයාටත් බජට් හදන්න පුළුවන් කී ප්‍රෙමදාස මහත්තයලා ප්‍රැක්ටිකල් පොරවල්ය. ප්‍රේමදාස ගම් උදාවට සමගාමිව ගාමන්ට් 200 පමණ දමා, එය ලංකාවෙ ප්‍රධාන ආදායම කලේය. එය නිසි ලෙස පවත්වාගෙන ගියේ නම්, අපේ රටේ ගෑණුන්ට අරාබියේ ගෙවල් වල බැල මෙහෙවර කම් වලට යන්න වෙන්නේ නැතිය. උන්නැහේ රට පුරාම ෆ්‍රී ට්‍රේඩ් සෝන් දැම්මේය. ඉන්වෙස්ටර්ස්ලාට දෙන්න පුලුවන් උපරිම සහනයන් දුන්නේය.

මේ යක්කු අපි දන්නා තරමින් නම් එකදු හෝ ඉන්වෙස්ට්මන්ට් එකක් ගෙනාවේ නැතිය. BOI එකේ කරන සෙප්පඩ විජ්ජාවන් ගැන එහි උන් සභාපති උපුල් ජයසූරිය කියනා දෙයින් මුන් මොන තරම් කබ්බෝද කියා ඕන ගොනෙකුට තේරෙනවාය. මුන් දන්නේ ජරාව කන්නම විතරය, අඩු ගානේ හොරකම්ක්කත් හරියට කර ගන්න දන්නෙ නැතිය. ඒකත් හත් පොලේ ගාගන්නවාය. දැන් එලිසබෙත්ලා මෙයාට අතට අත දීම කෙසෙ වෙතත් කඩුවෙන් බෙල්ල හරහා දෙන එක නම් ෂුවර්ය. මර්කෙලා පුක පෙන්නනවා නොඅනුමානය.

කරපු මෙලෝ මලහතිලව්වක් නැතිය. කිසි දෙයක් දන්නේත් නැතිය. ඊයෙත් දොස්තර සංගමේ ආර්ථික උස්තාද්ලාට කියා තිබෙන්නේ මේ එක ගිවිසුමක්කත් ගැන එයා දන්නෙ නැතෙයි කියලාය. කතාව ඇත්තය පත්තරේ බලා රට කරනා එකෙක් ගිවිසුම් කියන්නෙ මක්කාද හෝ කියා දන්නේ නම් ඒකත් ළොකුම ළොකු දෙයක්ය. දන්නේ නැත්නම් ඔතන තා දුරටත් ඉන්නේ නැතිව යනවා නම්, පොදු අපේක්ෂය ලෙස ආදරය කලාට වඩා, ජනතාව ආදරය කරනවා නොඅනුමාවය.

ඝෝඨා නඩුවලින් බේරිලා ඉන්නේ නීතිග්නයින්ට කෝටි ගනන් දීලා කියලා මංගල කීවේය. ඇත්ත ඒක නෙමේය. ඝෝඨාට විරුද්ධව තීරණයක් දීලා ඉල්ලාගෙන කන්න, එක ජජ් කෙනෙක්වත් කැමති නැති නිසාය. මොකෝ මොන්ටිසෝරියේ ඉන්නා එකා පවා, චන්දයක් තිබ්බ ගමන් යහපාලන පබයෝ සෙට් එකට බඩුම තමයි කියා දන්නා නිසාය.

දැන් මිනිස්සු ඉන්නේ මුන්ගේ සෙප්පඩ විජ්ජා බලලා බලලා ඇති වෙලාය. උන් බලාගෙන ඉන්නේ ඊළන්ගට ඡන්දයට මේ හාල්පාරුවන්ට විරුද්ධව එන්නේ මොකාද කියලාය. ඒ එන්නේ ඝෝඨා නම් මේ රටට ආදරය කරනා, මේ රට දියුණු රටක් වනවාට කැමති ව්‍යාපාරිකයෝ සියළු දෙනාම කැමති වෙලා අහවරය. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ, ඝෝඨා රේස් එකට අනිවාර්යයෙන් ආ යුතුමය කියලාය.

ඉස්සෙල්ලා රට ආර්ථික වශයෙන් දියුණු කළ යුතුය. ඕනම නම් රට දියුණු වූවායින් පසුව ප්‍රජාතන්තරවාදේ ගැන කතා කල හැකිය. ඝෝඨා උන්නා නම් සයිටම් වැහෙන්නේ නැතිය. එහෙනම් වෙන්නේ එන්නට උන් අනික් සයිටම් කාරයෝ ටිකත් ලංකාවට එන එකය. ලෝකයේ දියුණු වූ රටවල් සියල්ල දියුණු වූයේ නිර්භීත කොන්ද කෙලින් නායකයන් යටතේම පමණය.

ඒ වගත් මෙසේය…

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    1

    වැල “යයි කියලා” හිතන අතට මැස්ස ගහල.
    .
    “මහින්දටද කෙල උනේ දුප්පත් මිනිසාගේ බඩට ගහපු එකය” කියල කියල ඉවර වෙලා “ඒ එන්නේ ඝෝඨා නම් මේ රටට ආදරය කරනා, මේ රට දියුණු රටක් වනවාට කැමති ව්‍යාපාරිකයෝ සියළු දෙනාම කැමති වෙලා අහවරය. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ, ඝෝඨා රේස් එකට අනිවාර්යයෙන් ආ යුතුමය කියලාය.” කියල තියෙන එක හරිම හාස්‍යජනකයි.
    ඒ මොකොද කිව්වා නම් ගෝඨාභය ආරථික ප්‍රතිපත්තිය කියල තමන්ගේ නිර්මාණයක් නොවුණු එහෙන් මෙහෙන් එකතු කරලා කියපු තියරියේ හැටියට ගෝඨාභය කරන්නෙත් මේ කරගෙන ආපු විදියම කියලා පැහැදිලිවම කියලා තියෙන හින්ද.
    .
    මේ රටේ ආණ්ඩු හැදුවේ වැට්ටුවේ ව්‍යාපාරිකයෝ නෙමෙයි. සාමාන්‍ය ජනතාව. ව්‍යාපාරික ප්‍රජාවේ චන්ද 10% ගෝඨාභයට ලැබෙයි. ඒ මොකොද රටේ ජනතාව සියයට 90ක් අතරේ බෙදිලා යන්න ඕනේ සම්පත් ටික තවදුරටත් රටේ ඉහලම පන්තියේ ඉන්න සියයට 10 අතරේ විතරක් බෙදිලා යන ගෝඨාභයගෙ ආර්ථික ප්‍රතිපත්තියකට ව්‍යාපාරික ප්‍රජාව කැමති වෙන හින්ද.
    .
    ඊළඟට හිනා යන වැඩේ කිසි හේතුවක් නැතුව මහින්දට අකමැති වෙලා හිටපු මිනිස්සු එක පයින් ගෝඨාභයට කැමතියි කියලා කියන එක. 2010-2015 රට පාලනය කලේ මහින්ද නෙමෙයි ගෝඨාභයයි බැසිලුයි. දැන් මහින්ද නරක වෙලා ගෝඨාභය හොඳ වෙලා. බයට වෙන්න ඕනේ. ඒකම හින්ද තමයි මහින්ද ගෝඨාභයට නාමයෝජනා නොදී ඉන්න ඕනේ. හැබැයි යටින් යන game එකේ විදියට මහින්ද නාමයෝජනා නොදුන්නොත් ගෝඨාභය අනිත පැත්තෙන් ඉල්ලන්න ඉඩ තියෙනවා හෝ අනිත් පැත්ත ගෝඨාභය එක්ක හවුලක් හැදෙන්න ඉඩ තියෙනවා. දිනයිද? ඒ පැත්තෙන් ඉල්ලුවට ගෝඨාභය දිනන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් ගෝඨාභය නැතුවත් මහින්දගේ පැත්ත හුඟක් ප්‍රබල නිසා සහ ඊළඟ චන්දෙ වෙනකොට 2015 මහින්දට විරුද්ධව චන්දෙ දීපු සාමාන්‍ය ජනතාව කිසි කොන්දේසියක් නැතුව මහින්දට එකතු වෙන නිසා. ලංකාවේ ජනගහනයෙන් සියයට 90ක් සාමාන්‍ය ජනතාව. මහින්දට කරන්න තියෙන්නේ ඒ ජනතාව ඉල්ලන විදියට තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය හදා ගන්න එක. සිම්පල් වැඩක් තියෙන්නේ. ගෝඨාභය ඇර ජනාධිපති තනතුරට දාන්නේ කවුද කියන්න මම දන්නේ නැහැ. ඒක මහින්දගේ තීරණයක්. අභියෝගය රාජපක්ෂ නෙවෙන කෙනෙක් ඉදිරිපත් කරන එක මිසක් දිනන එක නෙමෙයි. කොහොමත් දිනනවා. ඒකට ගෝඨාභය ඕනේ නැහැ.

    • 1
      1

      කොමෙන්ටුවේ ඇති සියළු කරුණු ආරම්බයේදීම තමන් විසින්ම නිෂ්ප්‍රභා කර ඇත.
      වැල යන අතට මැස්ස ගැසීම වැලේ ශරීර සවුක්කයට ඉතා හොඳය.
      දේශපාලන නපුංසකයින් දෙදෙනෙක් විසින් මේ රටට කළ විනාශය හොඳටම ප්‍රමාණවත්ය.
      එන්නේ ඝෝඨාද මර්වින් සිල්වාද චිචීද යන්න ගැටලුවක් නොවේ
      මේ ඇති විරෝධය හමුවේ පොල් ලෙල්ලක් තරඟයට යෙදුවද අප් වැඩ කරන්නෙ පොල් ලෙල්ල වෙනුවෙනි.
      තම පක්ෂයවත් පාලනය කර ගැනීමට නොහැකි බංකොලොත් පඹයන් දෙදෙනෙකුට වඩා…,
      දන්නා යකුන් පත් කර ගැනීමෙන් 18 සන්නිය හෝ නැරඹිමට හැකි වනු ඇත..
      මන්ද..,
      මේ බහුරූ කෝලම් ජනතාවට තිත්ත වී ඇති නිසාය..

      • 0
        0

        “වැල යනඅතට මැස්සගැසීම වැලේ ශරීරසවුක්කයට ඉතාහොඳය” කියලා හිතන්නේ දුර්වල මිනිස්සු.
        අවුරුදු 70ක්ම සම්ප්‍රදායික චන්දදායකයා කලේ ඕක. දේශපාලකයා දෙන්නේ මොකක්ද ඒක ඒ විදියටම බාර ගත්ත. 2015-ජනවාරි වලින් පස්සේ මේ රටේ ගොඩ නැගුනේ දේශපාලකයා කරන හැමදේම හරියි කියන සම්ප්‍රදාය නෙමෙයි. ජනතාව තමන්ගේ අදහස් ප්‍රකාශ කළා දේශපාලකයන්ට ඉස්සෙල්ල. උදා: මහින්දයි/JOයි (ජානිපෙ ඇර) රනිල්ගේ ෆෙඩරල් ව්‍යවස්ථාව හදන ව්‍යවස්ථාදායකසභාවේ හිටිය කියලා ජනතාව ඒක අනුමත කලේ නැහැ. මහාසංඝරත්නයත ජනතාවත් බලා හිටියේ නැහැ මහින්ද කියන්නේ මොකක්ද කියලා. රනිල් අනුකමිටුවාර්තා විවාදය ගේනකොට රටම ඒකට විරුද්ධ වුන එක හඬින්. ඊළඟට ඒක 2/3 සම්මත කරගන්න චන්දයක් තියන්න හදනකොට එක නතර කරලා දුන්නේ මහින්දයි ඒකාබද්ධ විපක්ෂයි නෙමෙයි, විමලුයි, මහාසංඝරත්නයයි ජනතාවයි. ජනාධිපතිතුමා ඇහුම්කන් දුන්නේ ජනතා හඬට. සිද්ධ වෙන්න තිබ්බ ලොකු විනාශයක් නැවතුනේ සර්වපාක්ෂික සමුළුවක් ගේනවා කියපු නිසා සහ ඊටත් වඩා විවාදයට පස්සේ තියන්න හදපු චන්දෙ නතර කරපු නිසා. ඊළඟ උදාහරණෙ අනුර ගෙන්න යන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. ඒකටත් තාම මහින්දගෙයි ඒකාබද්ධ විපක්ෂයයි හරි වචනයක් දෙන්නේ නැහැ. විමල් කෙලින්ම විරුද්ධ වෙලා ඉවරයි. මහාසංඝරත්නයත් ජනතාවත් එක හඬින් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන එකට විරුද්ධයි. ඒ කවුරුවත් බලා හිටියේ නැහැ මහින්ද කියන්නේ මොකක්ද කියලා. මිනිස්සු තමන්ගේ අදහස් ස්වාධීනව ප්‍රකාශ කරලා ඉවරයි. මෛත්‍රී යන්නේ කවදද කියලා මිනිස්සු බලා ඉන්න එක වෙනම දෙයක්. නමුත් ඊළඟ අවුරුදුඑකහමාර ඇතුලේ රනිල් කරන දේවල් නවත්තගන්න තවදුරටත් පුළුවන් වෙන්නේ ඊට එරෙහි ජනතාහඬ ඒ විදියටම තිබ්බොත් විතරයි. එහෙම නැතුව “මහින්ද දිනලා එවරයි” කියලා හීනලෝකවල පාවෙවී ඉඳගෙන නෙමෙයි. මම දැක්ක චීනේ කියලා තියෙනවා හම්බන්තොට විකිනපු ඉතුරු සල්ලි දෙන්නේ එතැන තියෙන දූපත දුන්නොත් විතරයි කියලා. මේවා මෙහෙම වෙයි කියලා වේලාසනම කිව්වා. හැබැයි හම්බන්තොට වරාය විකුනපු පනතට විරුද්ධව චන්දෙ දුන්නේ ඒකාබද්ධ විපක්ෂයේ 5කටත් අඩු පිරිසක්. ඒ හින්ද මේ දූපත දෙන එක නවත්ත ගන්න මහජන විරෝධයක් එන්න ඕනේ.
        .
        මහින්ද පරදින්න මුල් වෙච්ච ප්‍රධාන කාරණෙත් වටේ හිටපු ඇම්බැට්ටයන්ගේ කෙවට්ටන්යන්ගේ වන්දිභට්ටයන්ගේ ස්ත්‍රෝතගායකයන්ගේ හඬට මිසක් වෙනත් හඬට කන් නොදීපු එක. ඒ හින්ද කරන්න ඕනේ ආපහු ඒ තැනට නොයන එක. ලක්ෂ 58 වගේම ලක්ෂ 62ත් ගැනත් එක විදියට හිතනඑක.

    • 0
      0

      Oh, I distinctly remember sending another comment in between when I sent other comments. Where was it? Hope I saved it so that I can resend.

    • 0
      0

      (This is the missing comment.)
      මහින්දට විරුද්ධව මෙතෙක් කතා කරපු මහින්දට විරුද්ධ මිනිස්සු, ප්‍රාතිහාර්යයක් වගේ කිසි හේතුවක් නැතුව එකපාරට ගෝඨාභයට කැමති වෙන එකේ තේරුම මහින්දව දේශපාලනයෙන් ඉවත් කරන්න තියෙන ඕනෑකම. අනිත් එක යහපාලනය ගෙන්න දර දිය ඇද්ද රටම දන්නා යහපාලන කසකාරයෝ පැනල ගෝඨාභයව ඉල්ලන්න එක තමයි ලොකුම පුදුමේ. 2015 මහින්දව පරද්දල කරගන්න බැරි වෙච්ච දේ ගෝඨාභය President කරලා කරගන්න සමහරු හිතන්න පුළුවන්. මම මේ වගේ දෙයක් දැනටම දැක්ක. එක තැනක මහින්ද හිටපු උත්සවයක ප්‍රධාන තැන ගෝඨාභයට දීල තිබුන. එහෙම කරන එක වැරදියි. එහෙම කලේ කලින් ඒ විදියට ඒ උත්සවයේ ප්‍රධාන තැන දිගටම රණවිරුවෙකුට දීපු නිසා කියලා සාධාරණීය කරන්න හදල තිබුන. ගෝඨාභය රණවිරුවෙක් වුනේ මහින්ද හින්ද කියන එක සංවිධායකයෝ අමතක කරලා තියෙනව. ගෝඨාභය එනවා කියන්නේ මහින්දට retire වෙන්න වෙනවා කියන එක. ඒ මොකොද ගෝඨාභය කියන්නේ මහින්ද වගේ චරිතයක් නොවෙන හින්ද. අද මොනව කිව්වත් බලය ලැබිච්ච ගමන් වෙනස් වෙන හින්ද. ඒකට තියෙන හොඳම උදාහරණෙ තමයි ගෝඨාභය මෛත්‍රී එක්ක තියෙන rapport එක. පොතේ හැටියට එහෙම එකක් තියෙන්න බැහැ කලින් understanding එකක් තිබ්බේ නැත්නම්.
      .
      ගෝඨාභයගේ කතාවෙන් දැනටම නීති අංශය සහ අධිකරණය බය කරගෙන යනව. පොලිස්කරන්යන්ටත් දාඩිය දාල ඇති කතාවේ හැටියට. එන්න ඉස්සෙල්ලත් මෙහෙම නම්, නාමයෝජනා හම්බ වෙන්නත් ඉස්සෙල්ලත් මෙහෙම නම්, ආවොත් කොහොමද?
      ඊළඟ ජනාධිපතිවරණෙ දිනන්න මහින්දට ගෝඨාභය ඕනේ නැහැ. හැබැයි ගෝඨාභයට මහින්ද නැතුව චන්දෙ දිනන්න බැහැ. ඒ හින්ද රටේ ඉදිරි අනාගතය සම්පූරණයෙන්ම තියෙන්නේ තමන් ගන්න තීරණය උඩ කියලා තේරෙනව නම් සහ මහින්ද තමන්ගේ පරාජයෙන් පාඩමක් ඉගෙන ගත්ත නම් කරන්න ඕනේ මිනිස්සුනට බය සැක නැතිව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදල දෙන එක.

      • 0
        0

        ගෝඨාභයගේ කතාව කියල මම මෙතැන කිව්වේ ජාතික පුවත්පතක් එක්ක ඊයේ පෙරේද තිබුණු සාකච්චාවක්

  • 0
    0

    මහින්දත් එක්ක හිටපු ජනතාවගෙන් කොටසක් මහින්දට විරුද්ධව චන්දෙ දුන්නේ අර හොරකම් දූෂණ චංචා ගැන කරපු චෝදනා වලට කිසිම පිළිතුරක් මහින්දගේ චන්ද ව්‍යාපාරය ඇතුලේ නොතිබුණු නිසා ඇතිවුණු විචිකිච්චාව.
    .
    හැබැයි අනිත් ජනතාව මහින්දට විරුද්ධව චන්දෙ දුන්නේ මහින්දගේ දෙවෙනි ආණ්ඩු කාලයේ හිත්වල ඇති වෙලා තිබුණු භීතිය නිසා. මම කියන්නේ white van ගැන නෙමෙයි. මට ඒ කතාව විශ්වාස කරන්න කිසිම සාක්කියක් දැකල නැහැ. නමුත් රාජපක්ෂලාට විරුද්ධව යන්න මිනිස්සු තුල භීතියක් ගොඩ නඟල තිබුන මහින්ද වටා හිටපු එයාගෙම සහෝදරයොයි, දරුවොයි හෙන්චයියොයි.
    .
    2010 මහා ජනතා ආදරයක් ප්‍රසාදයක් ගෞරවයක් තිබ්බ මහින්ද ගැන පස්සේ ලොකු බයක් ඇතිවුනේ ඇයි කියන එක ලංකාවම දන්නවා. ඒ බය 2015 මහින්දට විරුද්ධ චන්දයක් වෙලා මහින්දව ගෙදර යවන්න සමත් වුන. ආයේ පාරක් ඒ පාරේම යනවද කියන තේරුම් ගන්න බැරි කමක් මහින්දට ඇතියි කියල මම හිතන්නේ නැහැ.
    .

    • 0
      0

      මහින්ද දිනා අවසානය
      දැන් ඇත්තේ පත් වීම බාර ගැනීම පමණය..

  • 0
    0

    DO you think the APOLITCAL CANDIDATE IS THE ANSWER THIS TIME TO THE COMMON CANDIDATE PROBLEM.. Sri lanka needs a Sinhala buddhist autocrat one who loves the country and who has strength in order to restructure the parliament and the major political parties. The country sinhale, Sinhala people and buddhism comes first and that is democracy for the 69% of the majority. Maithripala Sirisena’s problem is he looks so naive, dithering, avoiding and WEAK as a LEader.

  • 0
    0

    මම මෙච්චර ගෝඨාභයටයි බැසිල්ටයි විරුද්ධ මොකොද?
    .
    2015 ජනවාරි ගෙදර යවපු මහින්ද වෙනුවෙන් වැඩිපුරම පාරට ආවේ මහින්දට විරුද්ධව හංසයාට චන්දෙ දීපු මිනිස්සු. ඒ මිනිස්සු මැදමුලන්ට ගියේ නැහැ. මැදමුලනට ගියේ මහින්දගේ මිනිස්සු. හංසයාට චන්දෙ දීපු මිනිස්සු මහින්ද වෙනුවෙන් ආවේ විමල්ගේ “මහින්ද සුළඟට.” ඒ කාලේ බැසිල් ගෝඨාභය පළාතක හිටියේ නැහැ. ඒ දෙන්න ආපහු එයි කියලා කවුරුවත් හිතුවෙත් නැහැ. දැන් හංසයාට චන්දෙ දීපු මිනිස්සු අතරමං.
    .
    බය සැක නැතුව ජීවත් වෙන්න ඕනේ නිසා මහින්දට විරුද්ධව චන්දෙ දීපු මිනිස්සුම ආයේ අඬ අඬා මහින්ද පස්සේ ආවේ ආපහු ඒ බයෙන් සැකෙන් ජීවත් වුනු පරිසරයට යන්න නෙමෙයි. මිනිස්සු හිතුව මහින්දට තේරුණා කියලා එයට විරුද්ධව ලක්ෂ 62ක් චන්දෙ දුන්නේ ඇයි කියලා. දැන් ආපහු මහින්ද ඒ පරිසරයම ගේන්න හදනව නම් ඒ චන්ද මහින්දට වැටෙන්නේ නැහැ. එකියන්නේ දැනටතියෙන මට්ටමේ ඉන්න ඉඩ තියෙනව කියන එක.
    .
    මහින්දගේ පැත්තේ මිනිස්සු බඩට වැටෙන දේ ඉල්ලල චන්දෙ දෙනවා වෙන්න පුළුවන්. හැබැයි තරාදියක තිබ්බොත් රටෙන් භාගයක් වෙච්ච අනිත් පැත්තේ මිනිස්සු කැමති නිදහසේ බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් පරිසරයකට. 2019 තමන් වෙනුවෙන් කවුරු ඉදිරිපත් කලත් මහින්ද අනිවාර්යයෙන්ම අළුත් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න වෙනවා. ගෝඨාභය කියන පරණ ආර්ථික ප්‍රතිපත්තිය මිනිස්සු ප්‍රතික්ෂේප කරලා ඉවරයි.
    ඊළඟ කාරණාව තමන්ට විරුද්ධව තිබුණු අනිත් චෝදනාව වන ඒකාධිපති රාජ්‍ය බලය ඉදිරියේ අධිකරණය, නීති අංශ සහ මාධ්‍ය යටත් කළා දුර්වල කළා භය කලා කියන චෝදනාවට පාදක වුනු අමුද්‍රව්‍ය ඉවත් කරන එක. මෙහෙම කරලා කවුරු ඉදිරිපත් කරත් දිනනවා. කොච්චර වැඩි චන්ද ප්‍රමානයකින්ද? ලක්ෂ 40ක විතර වැඩි චන්ද ප්‍රමාණයකින්. I am not joking. 2010 දින්නේ වැඩි චන්ද ලක්ෂ 18කින්. 2019 දී යහපාලන පාණ්ඩුවට විරුද්ධව චන්දෙ දෙන්න මැරිච්ච මිනිස්සුත් නැගිටලා එනවා.

    • 0
      0

      මහින්ද පාර්ෂවය ජනතාව විසින් නැවත පත් කර අවසානය
      දැන් ඇත්තේ එය නිල වශයෙන් බාර දීම පමණය…

      • 0
        0

        මහින්දගෙ පැත්තෙන් ගෝඨාභය ඉල්ලුවොත් මහින්දට නෙමෙයි ගෝඨාභයට විරුද්ධව ස්වාධීනව කෙනෙක් ඉදිරිපත් වෙන්න පුළුවන් විතරක් නෙමෙයි දිනන්නත් පුළුවන්. කොහොමද? 2015 මහින්දට වෙච්ච විදියටම. A shocking defeat.

  • 0
    0

    Having said that, I think MR’s side should keep quiet until, at least, until April next year. There is nothing much to do. Only thing they should focus on is a new economic policy. If they can’t come up with innovative ideas, then, I would like to suggest them to abolish VAT system entirely. A big challenge, I know, but they should take it. The man who proposed VAT to Sri Lanka should definitely be a Kalu Sudda whose head was in Europe though his legs were in Sri Lanka. VAT is ideal for wealthy developed countries not for us. Under VAT, everyone pays the same rate of VAT for goods and services regardless of their income. This is totally unfair for the bottom 90% who are ordinary, not so rich and poor households in Sri Lanka. There is a regressive impact of VAT on them. The duty of a government in a developing country should be striving as much as possible to make people have some money in hand, not exploring all the crazy, monstrous avenues to pickpocket citizens as much as possible and force them spend all their money.

    • 0
      0

      Agreed… This tax system should be change for the sake of both parties.. Rich & Poor..

  • 0
    0

    Mathalan, I like your quality of being straight forward. As you correctly said, SL need a strong leader with a backbone. Out of the probable lot, Gota is the exact right choice for the job!

  • 0
    1

    “ලෝකයේ දියුණු වූ රටවල් සියල්ල දියුණු වූයේ නිර්භීත කොන්ද කෙලින් නායකයන් යටතේම පමණය.”

    ඒ කියන්නේ අපේ මේ “සිංහල බෞද්ධ සිරි ලංකාව” ත් දියුණු කොරන්න ඕනෑ නම් ගොටාභය මැතිතුමා වගේ නිර්භීත කොන්ද පන තියෙන කෙනෙකුට රට බාර දෙන්න ඕනැය කියලය මම තේරුම් ගත්තේ. මම හරියට තේරුම් ගත්තද දන්නේ නැත.
    එත් මට ඒ ගැන ප්‍රශ්න කිහිපයක් තිබෙනවාය. ඒවා මගේ නොදන්නා කම නිසා වෙන්නට ඇතිය. මේ සමහරුන් කියන දේවල් නිසාම මට මෙහෙම විචිකිච්ඡා වක් ඇති වෙලා තිබෙනවාය. පැහැදිලි කර දෙනවනම් බොහොම ස්තුති වන්ත වෙනවාය.

    යුද්දය දරුනුවටම තිබෙන කාලයක නිර්භීත කොන්ද කෙලින් තිබෙන යුධ සෙනෙවියන් අවශ්‍ය ම වූ වෙලාවක හමුදාව අත හැර දා ගියේ ඒ දවස්වල එතුමාගේ කොන්දේ අමාරුවක් එහෙම තිබිලාද ?

    අර ඔබ තුමන්ලා වගේම පත්තර මහත්තයෙකුට ඔලුවට කොටවාගෙන කෙලවාගන්න හේතු වුනායයි කියන “මිග් ගනුදෙනුව” වගේ දේවල් ගැන , අපි වගේම මිනිසුන්ය කියා කියන හිර කාරයෝ වෙඩි තියලා මරාදාපු එක ගැන, අම්මගේ ත්ත්තාගේ සොහොන් කොත් හදන්න මේ මහා ආණ්ඩුවේ සල්ලි ගත්තාය සහ තවත් බොහෝ වීදිවල වංචාවල් ගැන ආදී වශයෙන් තවම උත්තර නැති ප්‍රශ්න බොහොමයක් තිබෙන කෙනෙකුට රටක් බාර දුන්නාට කාරියක් නැත්ද ?

    ලෝකයේ බොහෝ රටවල් දියුණු වෙලා තිබෙන්නේත් ඒ වගේ කොන්ද පන තිබුන මිනීමැරුම් වලට හොරකමට වංචාවට සැක කරුවන් වුන නායකයන් ට ඒ රටවල් බාර දීලද ?

  • 0
    0

    මාතලන් කියා ඈති පරිදි මේ රට තනිකරම ” ගෝත්‍රික වහල් රාජ්යක්” වී අවසානයි…මෙහිදි උගත් නූගත් ධනවත් බව වෙනසක් නෑහෑ..හෑමෝම ගෝත්‍රික මනසකින් සිතන්නේ…සිංහල ජනයා ඉතා බරපතල ලෙස මානසික… ආර්ථික.. අධ්යාත්මික… දේශපාලනික වශයෙන් විනාශ වෙලා… එනිසා තමයි මාතලන් පවා දකින්නේ අර වහල් සමාජය දකිනා ආකාරයට…එනිසා මිලි. 20 අතුරෙන් මේ පවුල ඈරෙන්න වෙනත් කෙනෙකු තෝරගන්න බෑහෑ..මොකෝ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුගත විය නොහෑකි ලෙස මිනිසා විනාශ වෙලා…
    එවිට සෑබෑන්වින්ම ජයග්‍රහකයා කොටි සංවිධානයයි…

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.