24 April, 2024

Blog

එක්නැලිගොඩ ජීවතුන් අතර සිටිනවාද? ප‍්‍රංශයේ සිටිනවාද?: ඔහු ගැන සොයන්නට රාජපක්‍ෂ රෙජිමයට මූලික යුතුකමක් තිබෙනවා

රනිල් වික‍්‍රමසිංහ –

ප‍්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා ප‍්‍රංශයේ ජීවත්ව සිටින්නේ නම් ඔහු ගැන සොයන්නට රාජපක්‍ෂ රෙජිමයට මූලික යුතුකමක් තිබෙනවා. ප‍්‍රගීත් එක්නැලිගොඩ නැති වුණේ ජනාධිපති කාලයේදීයි. ප‍්‍රගීත් එක්නැලිගොඩට සිදු වුණේ කුමක්දැයි අද මේ රට තුළ විශාල ප‍්‍රශ්නයක් වී තිබෙනවා. එම ප‍්‍රශ්නය මූලික අයිතිවාසිකම් ගණනාවකටත් බලපානවා. ඒත් එක්කම ආණ්ඩුව අද ප‍්‍රගීත් එක්නැලිගොඩ ජීවතුන් අතර සිටිනවා කියනවා නම් ඒ පිළිබඳ ප‍්‍රංශ ආණ්ඩුවෙන් විමසීමක් කළ හැකියි. ජීවතුන් අතර සිටිනවාද? ප‍්‍රංශයේ සිටිනවාද? ඒ පිළිබඳ අපට තොරතුරු ලැබී ඇති නිසා ඒ පිළිබඳ සොයා බලා වාර්තා කරන ලෙස ප‍්‍රංශයෙන් ඉල්ලා සිටීමට හැකියි.

රනිල් වික‍්‍රමසිංහ

එහෙත් රාජපක්‍ෂ රෙජිමය එම පියවර ගන්නේ නැහැ. තමන්ගේ පුරවැසියෙකු අතුරුදහන් වුවහොත් ඔහු වෙනත් රටක ජීවත් වන්නේ යැයි තොරතුරු ලැබුණොත් එහෙම සිදු වුණේ කෙලෙසකදැයි සොයා බැලීමට  ඕනෑම ආණ්ඩුවකට යුතුකමක් තිබෙනවා. එම පුද්ගලයා සොයා ගැනීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම අද තිබෙන මේ ප‍්‍රශ්නය ආණ්ඩුව නිරාකරණය කර දිය යුතුයි. රාජපක්‍ෂ රෙජිමය ඒක සිදු කිරීමට අකමැති ඇයි?

මෙම ප‍්‍රශ්නය එක අතකින් මේ රටේ ජනතා පරමාධිපත්‍යයට බලපානු ලබන බව පෙනෙන්නට තිබෙනවා. ඒත් එක්කම මේ රටේ සිවිල් ක්‍ෂෙත‍්‍රයේ වැඩ කරන අයටත් ප‍්‍රශ්නයක් තිබෙනවා. එසේ තිබියදී රාජපක්‍ෂ රෙජිමය මෙම ප‍්‍රශ්නය විසඳා ගැනීමට කැමැති නැත්තේ ඇයි. මෙම ප‍්‍රශ්නය විසඳ ගන්නවා කියන්නේ ජනතා පරමාධිපත්‍යයට අයිති ප‍්‍රශ්නයක් විසඳා ගැනීමයි.

ජනතා පරමාධිපත්‍යයට ගරු කරනවා නම් ප‍්‍රගීත් එක්නැලිගොඩ සිටින්නේ කොහේදැයි ආණ්ඩුව සොයා ගත යුතුයි. ඔහු ප‍්‍රංශයේ ජීන්‍ත්ව සිටින බව කියමින් බේරීමට හැකියාවක් නැහැ. ජාත්‍යන්තර පොලිසියටත්, ප‍්‍රංශයේ ආණ්ඩුවටත් ප‍්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ දැනුම් දී ඔහු පිළිබඳ සොයා ගෙන ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මේ රටේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට යුතුකමක් තිබෙන බව කිව යුතුයි.

ප‍්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියාගේ අතුරුදන්වීම පිළිබඳ මේ රටේ මාධ්‍යයෙන් ප‍්‍රශ්න කොට තිබෙනවා. සමහරු මේක මාධ්‍ය ප‍්‍රශ්නයක් බව ප‍්‍රකාශ කරනවා. නමුත් මට නම් පේන්නේ මේක මාධ්‍ය ප‍්‍රශ්නයකටත් වඩා ජනතා පරමාධිපත්‍යයට බලපාන ප‍්‍රශ්නයක් බවයි. නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීම ජනතා පරමාධිපත්‍යයේ අයිතියක් වනවා. ඇත්ත වශයෙන්ම ප‍්‍රගීත් එක්නැලිගෙඩ එම වැඩ කටයුත්ත සිදු කළා. විවිධ මත, විවිධ අදහස් ප‍්‍රකාශ කළා. ආණ්ඩුව සමග ජනපි‍්‍රය නොවන අදහස් යුද්ධ කාලයේදී ප‍්‍රකාශ කළා. ඒ වගේම සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් ද ඔහු පෙනී සිටියා. තමන්ගේ ආර්ථික සමාජ මතය ප‍්‍රකාශ කළා. ඒක ජනතාවට තිබෙන අයිතියක්.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ මත ගණනාවක් තිබෙන සමාජයකටයි. එම මත සියල්ල පිළිබඳ සාකච්ඡුා කිරීමහට ඉඩ තිබිය යුතුයි. විවිධ අදහස්, විවිධ මත ප‍්‍රකාශ කිරීමට, සාකච්ඡා කිරීමට ඒ අනුව තමන්ගේ මතය වෙනස් කිරීමටත් අයිතියක් තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කොට තිබන්නේ එම අදහස් පදනම් කොට ගෙනයි. එම අයිතිය තිබෙන්නේ ජනතාවටයි. අපි අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය ආරක්‍ෂා කරන්නේ ඒ ජනතාවට තිබිය යුතු අයිතියක් ලෙසයි.

ජනතාවගේ සියලූ අයිතිවාසිකම් එකතු වූ තැන ජනතා පරමාධිපත්‍ය තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය නව ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනා ඉදිරිපත් කොට තිබෙන්නේ ද එම ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කිරීමටයි. පාර්ලිමේන්තුවේ බලතල ශක්තිමත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, විධායක බලතල බෙදන්නේ කෙසේද යන්න සහ ඒ පිළිබඳ තිබෙන විකල්ප, බලය බෙදා හැරීම, ද්‍රවිඩ, මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් ආදී කරුණු රැසක් එහි අන්තර් ගත වනවා. ඒත් මෙම ව්‍යවස්ථා යෝජනා එවැනි එක් කාරණයක් පමණක් මතු කිරීමට ඇති කළේ නැහැ. මෙම ව්‍යවස්ථා යේජනා ඇති කොට තිබෙන්නේ ජනතාවට තමන්ගේ පරමාධිපත්‍ය යළි ලබා දීමටයි.

එම ජනතා පරමාධිපත්‍ය පදනම් කොට ගෙන අපි ජනමාධ්‍ය සමගත් සාකච්ඡා කරනවා. අනෙකුත් සියලූ නිදහස ආරක්‍ෂා වන්නේ ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා වූ විටයි. ඒ සඳහා අපි දැන් විවිධ අංශ සමග සාකච්ඡා ආරම්භ කෙට තිබෙනවා. මින් ඉදිරියට මාධ්‍ය අංශ සමගද සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වනවා. මාසයක දෙකක පමණ කාලයක් මෙම මූලික අදහස් පිළිබඳ සාකච්ඡා කොට ඉන් මතු වන වැදගත් කාරණා පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට ද අපි කණ්ඩායමක් පත් කරනවා.

උදාහරණයක් විදිහට විධායක ජනාධිපති ධූරය වෙනුවට විකල්ප කිහිපයක් අප ඉදිරිපත් කොට තිබෙනවා. රාජ්‍ය ප‍්‍රධානියෙකු සතු බලතල අගමැති, කතානායක ඇතුළු මණ්ඩලයට බෙදා දෙන්නේ කෙසේ දැයි සාකච්ඡා කරනවා. අපි ඒ සියල්ල සිදු කරන්නේ ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කිරීමටයි.

ජනතා පරමාධිපත්‍ය පිළිබඳ සාකච්ඡා කිරීමේදී අපට එක්තැනකට පැමිණිය හැකියි. එනම් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියයි. මාධ්‍ය නිදහස කියන්නේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියේ කොටසක් ලෙස මා සිතනවා. රටේ තිබෙන විවිධ මත පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ මෙන්ම අනෙකුත් අංශවල ප‍්‍රවෘත්ති ජනතාවට දැනුම්දීමටත් මාධ්‍යයට කාර්ය භාරයක් තිබෙනවා. ඒ අනුව ආණ්ඩුව යන මාර්ගය නිවැරැදි දැයි ජනතාවට තීරණය කළ හැකියි. එවැනි අදහස් ප‍්‍රකාශ කරන අංශයක් නම් එම මාධ්‍ය නිදහස අපට පිළිගන්නට පුළුවන්.

අද මාධ්‍ය නිදහස පිළිබඳ විශාල ප‍්‍රශ්නයක් තිබෙනවා. මාධ්‍ය කියන්නේ ජනතවගේ මූලික අයිතිවාසිකම්, පරමාධිපත්‍ය ආරක්‍ෂා කරන ආයතනයක්ද, එසේත් නැත්නම් බලවතුන්ට තවදුරටත් බලය තහවුරු කිරීමට තිබෙන ආයතනයක්ද කියන ප‍්‍රශ්නය අද තිබෙනවා. එංගලන්තයේද මෙම ප‍්‍රශ්නය ඇති වුණා. එහිදී මාධ්‍ය ආයතනවල කාර්ය භාරය පිළිකුල් කරමින්, ජනතාව ප‍්‍රකාශ කළේ ජනතා පරමාධිපත්‍ය මාධ්‍යවලින් ද ආරක්‍ෂා කරන ලෙසයි. ලිඛිත ව්‍යවස්ථාවක් නොතිබුණත් එම ස්ථාවරයේ සිට අද එංගලන්තයේ මාධ්‍ය කටයුතු කරනවා.

අපි මාධ්‍ය නිදහස පිළිබඳ තීරණ ගැනීමේදී මාධ්‍යයේ කාර්ය භාරය කුමක්ද කියා ද තීරණය කළ යුතුයි. දෙවැන්න මාධ්‍යකරුවන් මෙම නිදහස කෙසේ යොදවන්නේ ද කියන කාරණය පිළිබඳත් සැලකිලිමත් විය යුතුයි. ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කර ගනිමින් තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමටද එසේත් නැතිනම් තමන්ගේ අදහස් අනුව පෞද්ගලික බලාපොරොත්තු ඉස්මතු කිරීමටද යන්න පිළිබඳද අවධානය යොමු කළ යුතුයි. ජනතා පරමාධිපත්‍ය අනුව කි‍්‍රයා කරන මාධ්‍යවේදීන්ට නීතියෙන් ලබාදිය යුතු සහනය, ආරක්‍ෂාව ආදී සියලූ අංශ පිළිබඳද අපගේ අවධානය යොමු කළ යුතුයි. එවැනි කාරණා රැසක් පිළිබඳද අපි අවධානය යොමු කළ යුතුයි. මෙලෙස අප බැලිය යුත්තේ ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කරනු ලබන අංශ පිළිබඳවයි.

අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය කි‍්‍රයාත්මක කිරීමට නම් අපි යහපානය ආරක්‍ෂා කර ගත යුතුයි. ඒ වෙනුවෙන් අප විශේෂ යෝජනා කිහිපයක් ඉදිරිපත් කොට තිබෙනවා. දූෂණය නැති කිරීමේ වැඩ සටහන් ව්‍යවස්ථාවට ඇතුළත් කොට ඒ ඒ ආයතනවලට කි‍්‍රයාත්මක වීමේ බලතල ඇති කළ යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ බලතලද ශක්තිමත් කළ යුතුව තිබෙනවා. අධීක්‍ෂණ කමිටුවද ඇති කළ යුතුයි. ඉන් අප බලාපොරෝතු වන්නේ මාධ්‍යයට ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කිරීමට හැකියාව ලැබෙන පරිදි නිදහස ලබාදීමටයි. ආණ්ඩුවක් පවත්වා ගෙන යෑමට ද එම නිදහස තිබිය යුතුයි. ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් කරවන ආකාරයට මාධ්‍ය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට අපි සූදානම්.

*එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා 2013-06-11 දින ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී ජනමාධ්‍යවේදීන් සමග පැවැති විශේෂ සාකච්ඡාව

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    ඔන්‍න‍ ඔන්‍න‍ ඉතින් අල්ලගත්ත කොනක්….. දැන් ඉතින් ඕක අල්ලාගෙන කියවයි මාස ගානකට….. ඇයි ඒ දවස් වල හංසයත් එක්ක එකතු වෙලා නේද ඔය ප්ලැන් එක ගැහැව්වේ …මතක නැද්ද ??? ඔහෙලගෙ මොකක් හරි එලි වෙච්ච ගමන් ශේප් එකේ එක ආණ්ඩුව පැත්තට හරවන එක නේ එදා ඉදලා කරේ…..

  • 0
    0

    එක්නැලිගොඩ ජීවතුන් අතර සිටිනවාද? ප‍්‍රංශයේ සිටිනවාද?අනේ අනේ රනිල් මහ්තයෝ එක අහන්න ඕනේ ආණ්ඩුවෙන් ද නැත්තම් තමුන්නසේන්ගේමද ?????

  • 0
    0

    ප්‍රගීත් එක්නැලිගොඩ නැති වුණේ ජනාධිපති කාලයේදීයි.එත් නැති කලේ ඔබතුමාගේ ගෝලබාලයෝ කියල අමතක වෙලා වගේ නේද????????????????ජනතා පරමාධිපත්‍යයයේ තේරුමවත් දන්නවද ඔබතුමා

  • 0
    0

    මාධ්‍ය නිදහස පිළිබඳ තීරණ ගැනීමේදී මාධ්‍යයේ කාර්ය භාරය කුමක්ද කියා ද තීරණය කළ යුතුයි යනුවෙන් ඔබතුමා අදහස් කරන්නේ මාධ්‍ය වාර්තාකරුවන් ඔබතුමාට කඩේ යන එකට ද ?

  • 0
    0

    එක්නැලිගොඩ ප්‍රංශයට හොරෙන් යවපු සුරයා මමයි !!!!

  • 0
    0

    මේ රට යන්නෙ සුභ අනාගතයට නොවෙයි, අගාධයකටයි. ආර්ථිකය වැටෙනවා, නිදන් හාරනවා, කැසිනෝකාරයො ලංකාවට ගේනව, ස්ත‍්‍රී දුෂණ, මැරකම් හැමතැනම අහන්න ලැබෙනවා, මේවාට සම්බන්ධ වී ඇත්තේ රජයේ දේශපාලඥයො. හාමුදුරුවරු ගිනි තබාගන්නවා. රට යන අගාධයෙන් මුදවාගැනීම අපේ වගකීමයි’ හුමගෙන් මම අහන්න කැමතියි ඔබ තුමා හිටියන් මේවා නොවී තියේ ද ?දැන්වත් ඇස් පාට පාට කණ්ණාඩි ගලවලා බලන්න අද අපි කොච්චර සංවර්දනය වුන රටක්ද ???????

  • 0
    0

    අයියෝ රනිල් අයියේ ..වැඩිය ඕක ගැනම කියවන්න එපා අනේ.ඔය සවුත්තු වෙනවනේ.මටත් හොද නැ අනේ එතකොට.එක එක්කෙනා විහිළු කරනවනේ

  • 0
    0

    ඇයි සැර්.. ඔහොම කොරන්නේ.. සැර් කියපු පදේටනේ මම නැටුවේ…

    • 0
      0

      මම නටන්න කිවුවේ උඩරට එත් උඹ නැටුවේ පහතරට….

      • 0
        0

        මේ මොකද වැඩ බැරි ටාසන් මැදින් පැනලා…හැබැටම රනිල් අයියේ මොකක්ද මේ මංගලගේ seen එක??

        • 0
          0

          රනිල් අයියා මාව රට යවලා මංගල එක්ක සැප ගන්නවාද???

  • 0
    0

    මේ ඉන්නේ ඔක්කොම සබේට ඇවිත්,හොද හොද සෙල්ලම් එළිවෙන ජමෙටලු.බලමු බලමු අපිත් ඉන්නවා බලාගෙන.බලන් ගියාම මෙව සේරම කරලා තියෙන්නේ මෙයලද එතකොට

  • 0
    0

    ඔන්න රනිල් අයියේ කලහොද පස්සෙන් එලවනවා.මම කිව්වා ඕකව රට යවනකොට ඇදගෙන නාගන්න කරන වැඩක් කියලා.ඔයා ඇහුවේ නැනේ රත්තරන් අයියේ.

  • 0
    0

    අලියයි හංසයයි එකතු වෙලා එක්නැලිගොඩව ප්‍රංශයට යැව්වා……චන්ද දීල ඔයාලව පත් කර ගත්තොත් අපිට කොහේ කොහේ යන්න වෙයිද දන්නෑ….බයෙත් බෑ…

  • 0
    0

    රනිල් හැංගුවත් කවුරු හැංගුවත් අද ලංකාවට දැඩි අපකීර්තියක් වෙලා තියෙනවා එක්නැලිගොඩ සිද්ධිය..ඉතිං ඔය දැක්කා කියන මන්ත්‍රි තුමාටයි ආන්ඩුවටයි එක්නැලිගොඩ හොයලා දීල පුලුවන් නේ තමුන් පිරිසිදු බව ලෝකෙට පෙන්වන්න..

    සමහර විට මෙතන කමෙන්ට් දාන කෙනාටත් එක්නැලිගොඩ හොයලා දීලා ආන්ඩුව ගොඩදාන්න පුලුවන් වෙයි බොහොම හොදින්..

    • 0
      0

      It is not at all a big lanken diplomatic missions to directly contact French police. These kind of issues are genuine – after all the information provided by lanken silly MP are honest and they the french would never to help Srilanka in this regard. I am well aware of French and German police services.. I truly believe this is just red herrings to mislead locals and foreigners. But every right thinking one would feel it – Ms Eknaligoda ^s information by herself sound to be credible. A mother of two young children to lie if she keeps in touch with her husband over the phone on daily basis is not at all thinkable.

      • 0
        0

        What lankens would take months, Europeans police would settle within hours… Because european police services are genuine and independet too. so, STATEMENTS made by MP fernando is a big big lie to fool the nation. He should immeditately be executed for being violating the laws as a lawmaker to the current rulers. But, we have seen, even if you kill someone on broad light, nothing would happen under MR rule…. so, this lanken politics today is FALLEN to MOST DISGUSTING LEVELS.. I read somewhere, that LANKEN journalist, who is said to be above mentioned MP^s friend has fully denied to have met the MP with EKANLIGODA at his place.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.