25 April, 2024

Blog

අපි ගෙන ගිය වැඩපිළිවෙලට​ ජනතාවගේ කැමැත්තක් නැති බව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මගින් පැහැදිලි වෙනවා

රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ

පසුගිය කාලය තුළ අපි ගෙන ගිය වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාවගේ කැමැත්තක් නැති බව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මගින් පැහැදිලි වෙනවා. ලෝකයේ බොහෝ රටවල මෙවැනි ඡන්ද පවත්වන්නේ ජනතා මතය දැන ගැනීමටයි. අනුව ජනතාව තම වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙනවා , නැතිනම් එයට විරුද්ධ වෙනවා කියා මැන බැලිය හැකියි.

මේ කටයුත්ත ඇමරිකාවේ නීතියෙන් සිදුවෙනවා. එරට ජනාධිපති පත්කර ගැනීමෙන් පසු වසර දෙකක් ගතවන විට මහජන මන්ත්‍රී මණ්ඩලය යලිත් තෝරා පත්කර ගන්නවා. වෙනත් රටවල පළාත් හෝ පළාත් පාලන මැතිවරණ පාලන කාලය මැද භාගයේ දී පවත්වනවා.

අනුව අපේ රටේ පවත්වන ලද පළාත් පාලන ඡන්දය අප දැන් පවත්වා අවසන් කර තිබෙනවා. එහි ප්‍රතිඵලය මේ වන විටත් අපි පිළිගෙන තිබෙන බව කිව යුතුයි.

ආණ්ඩුවක් ලෙස ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම ඉටුකර දීමට නොහැකි වූ බව අපි පිළිගත යුතුයි. නමුත් ගතවූ කාල පරිච්ඡේදය දෙස බලන විට අපි වැඩකටයුතු නොකළා කියා කාටවත් කියන්න බැහැ. අපි වැඩකටයුතු කර තිබෙනවා. ඇතැම් ඒවායේ වේගය පිළිබඳව සෑහීමකට පත් විය නොහැකියි. තවත් සමහර කටයුතු ගැන ප්‍රශ්න තිබෙනවා. නිසා මේ මැතිවරණ ප්‍රතිඵල දෙස අවධානය යොමු කර අනුව වැරදි හා අඩුපාඩු සකස් කර ඉදිරියට යෑමට අප තීරණය කර තිබෙනවා.

ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ආණ්ඩුවේ අමාත්‍ය විෂයන්වල වෙනසක් සිදුවන බව කිව යුතුයි. මේ වෙනස්කම් සිදු කෙරෙන අතරම ආණ්ඩුවේ ප්‍රතිපත්ති කෙරෙහි අපේ අවධානයට යොමු කළ යුතුයි.

2018.02.23 වන දින අරලියග මන්දිරයේ පැවැති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය:

පළාත් පාලන මැතිවරණ මැතිවරණ ප්‍රතිඵලය දෙස අවධානය යොමු කර පැවැති වැරදි හා අඩුපාඩු නිවැරදි කර ගනිමින් ජනතා අපේක්‍ෂා මුදුන්පත් කරලීම උදෙසා පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (23) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවක දී පැවසීය.

ජනතාව අපිට ලබා දුන් ජන වරම අනුව රාමුව තුළ සිටිමින් අපට අවශ්‍ය සංශෝධන, අප යායුතු වේගය, අපේ වැරදි හා අඩුපාඩු, සංශෝධනය විය යුතු කරුණු මොනවාද සහ අළුතෙන් කළ යුත්තේ කුමක්ද කියා අප සාකච්ඡා කර තීරණයට එළැඹිය යුතු බව රනිල් වික්‍රමසිංහ එහිදී අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්‍ෂයේ සහ ආණ්ඩුවේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව එම පක්‍ෂයේ අමාත්‍යවරු පිරිසක් පිරිසක් සමඟ අද (23) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවක දී හෙතෙම මේ බව සඳහන් කළේය.

ඉතා කෙටි කාලයක් තුළ රට ඉදිරියට ගෙන යාම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට අදාළ යෝජනා සහ අදහස් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කළ අතර එම අදහස් හා යෝජනා ඇතුළත් වාර්තාවක් ඉදිරියේ දී අග්‍රාමාත්‍යවරයා වෙත අමාත්‍ය කණ්ඩායම විසින් ලබා දීමට නියමිතය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේද කීය.

පසුගිය කාලය තුළ අපි ගෙන ගිය වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාවගේ කැමැත්තක් නැති බව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මගින් පැහැදිලි වෙනවා. ලෝකයේ බොහෝ රටවල මෙවැනි ඡන්ද පවත්වන්නේ ජනතා මතය දැන ගැනීමටයි. අනුව ජනතාව තම වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙනවා , නැතිනම් එයට විරුද්ධ වෙනවා කියා මැන බැලිය හැකියි.

මේ කටයුත්ත ඇමරිකාවේ නීතියෙන් සිදුවෙනවා. එරට ජනාධිපති පත්කර ගැනීමෙන් පසු වසර දෙකක් ගතවන විට මහජන මන්ත්‍රී මණ්ඩලය යලිත් තෝරා පත්කර ගන්නවා. වෙනත් රටවල පළාත් හෝ පළාත් පාලන මැතිවරණ පාලන කාලය මැද භාගයේ දී පවත්වනවා.

අනුව අපේ රටේ පවත්වන ලද පළාත් පාලන ඡන්දය අප දැන් පවත්වා අවසන් කර තිබෙනවා. එහි ප්‍රතිඵලය මේ වන විටත් අපි පිළිගෙන තිබෙන බව කිව යුතුයි.

ආණ්ඩුවක් ලෙස ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම ඉටුකර දීමට නොහැකි වූ බව අපි පිළිගත යුතුයි. නමුත් ගතවූ කාල පරිච්ඡේදය දෙස බලන විට අපි වැඩකටයුතු නොකළා කියා කාටවත් කියන්න බැහැ. අපි වැඩකටයුතු කර තිබෙනවා. ඇතැම් ඒවායේ වේගය පිළිබඳව සෑහීමකට පත් විය නොහැකියි. තවත් සමහර කටයුතු ගැන ප්‍රශ්න තිබෙනවා. නිසා මේ මැතිවරණ ප්‍රතිඵල දෙස අවධානය යොමු කර අනුව වැරදි හා අඩුපාඩු සකස් කර ඉදිරියට යෑමට අප තීරණය කර තිබෙනවා.

ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ආණ්ඩුවේ අමාත්‍ය විෂයන්වල වෙනසක් සිදුවන බව කිව යුතුයි. මේ වෙනස්කම් සිදු කෙරෙන අතරම ආණ්ඩුවේ ප්‍රතිපත්ති කෙරෙහි අපේ අවධානයට යොමු කළ යුතුයි.

ආණ්ඩුවේ වැඩකටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යන ගමන් එක්සත් ජාතික පක්‍ෂයේ අපි කැපවී සිටින්නේ අළුත් නායක පරපුරක් බිහිකිරීමටයි. නායක පරපුර ඇමැතිවරු අතරත් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරත් සිටිනවා. පළාත් සභා මෙන්ම පක්‍ෂය තුළ සිටිනවා.

ප්‍රථමයෙන්ම ආණ්ඩුවේ ප්‍රතිපත්ති දෙස අපි බැලිය යුතුයි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමතිවරු හා නියෝජ්‍ය ඇමතිවරු අතරින් මේ පිරිස අද මෙම ස්ථානයට කැඳවා තිබෙන්නේ අපේ ප්‍රතිපත්ති හා ආණ්ඩුව ගත් පියවර දෙස අවධානය යොමු කර අනාගතය සඳහා ඇති කළ සංශෝධන මොනවාද, අපි රැඩිකල් මාවතක ගමන් කළ යුතු කියා සාකච්ඡා කර තීරණය කිරීම සඳහායි.

ජනතාව අපිට වරමක් ලබාදී තිබෙනවා. සැම විටම අපි ජනවරම තුළ ක්‍රියා කළ යුතුයි. කිසි ලෙසකින්වත් රාමුවෙන් පිට යන්න බැහැ. අනුව එම රාමුව තුළ අපට අවශ්‍ය සංශෝධන, අප යායුතු වේගය, අපේ වැරදි හා අඩුපාඩු, සංශෝධනය විය යුතු කරුණු මොනවාද, අළුතෙන් කළ යුත්තේ කුමක්ද කියා අප සාකච්ඡා කර තීරණය කළ යුතුයි.

සම්ප්‍රදායික වශයෙන් එම වැඩකටයුත්ත භාර දෙන්නේ ජ්‍යෙෂ්ඨ අයටයි. නමුත් මේ අවස්ථාවේ අපි අළුත් නායක පරපුරක් බිහිකිරීමට යන නිසා මේ ඇමතිවරු අතර අනාගතයේ පක්ෂය ඉදිරියට ගෙන යන පිරිසකට ඔවුන්ගේ අදහස් ලබාදෙන ලෙස මා භාරදී තිබෙනවා.

මෙලෙස ලබාගන්නා අදහස් ජනාධිපතිතුමා සමගත්, අනෙක් ඇමතිවරු සමගත් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කෙටි කාලයක් දී තිබෙනවා. එම කාලය තුලදී මෙම අදහස් හා යෝජනා ඇතුලත් වාර්තා අපි බලාපොරොත්තු වෙනවා.

මෙය එක්සත් ජාතික පක්ෂය යන අළුත් මාර්ගයේ කොටසක් පමණයි. අපේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහාත් කණ්ඩායමක් ලබන සතියේදී පත් කරනවා. මාසයක් තුලදි මේ වැඩකටයුතු සිදුකර ඉදිරියට යෑම අපේ බලාපොරොත්තුව බව කිව යුතුයි.

ජනතාවගේ බලාපොරොත්තු තවමත්  එලෙසම තිබෙනවා. බලාපොරොත්තු වෙනස් වී කාටවත් අතීතයට යන්න උවමනා නැහැ. ඒත් අපි යන මාර්ගය හා එහි වේගය ගැන මෙන්ම ඇතැම් ක්‍රියාමාර්ග ගැනත් ප්‍රශ්න තිබෙනවා. ඒවා නිවැරදි කර ඉදිරියට යාම අපේ බලාපොරොත්තුව බව කිව යුතුයි.

අද මෙම ස්ථානයට කැදවන ලද මේ කණ්ඩායම තවදුරටත් සාකච්ඡා කර මට වාර්තාවක් ලබාදීමට නියමිතයි. එය ලැබුණ පසු ජනාධිපති තුමා සමගත් අනෙක් අමාත්‍යවරු සමගත් සාකච්ඡා කිරිමට මා බලාපොරොත්තු වෙනවා. මෙය නවීකරණය සදහා අප ගන්න වැදගත් පියවරක් බව මා කියන්න කැමතියි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.