
එක්සත් ජාතික පක්ෂයේ සිටින පරිණත නායකයෙකු වන කරු ජයසූරිය මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් කැමති බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කොට තිබේ. ඒ නිශ්චිත කාලයක් තුළ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම ඇතුළු ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ශක්තිමත් මුල් කරගෙන පක්ෂය සිය මැතිවරණ දියත් කරන්නේය යන කොන්දේසිය මතයි.
විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම යනු 1988 සිට මේ දක්වා සෑම ජනාධිපතිවරණයකම අසන්නට ලැබුණු ප්‍රමුඛතම සටන් පාඨ වලින් එකකි. එමෙන්ම 1994 සිට සෑම ජනාධිපතිවරණයකම ජයග්‍රාහකයා වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට පොරොන්දු වූ අපේක්ෂකයාය.
මෙසේ දිගින් දිගටම ලබා දුන් පොරොන්දු සහ ඊට ලැබුණු ජනවරම පරදවා විධායක ජනාධිපතික්‍රමය අදටත් මෙරට තුළ ක්‍රියාත්මක වෙයි.
කෙසේ වුවත් අප පිළිගත යුතු සත්‍යයක් වන්නේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති සතුව පැවති අසීමිත බලතල කප්පාදු කොට ඇති බවයි. එහෙත් විධායක ජනාධිපති ක්‍රමයේ හානිකර බලපෑම්වලින් මෙරට දේශපාලනය මුළුමනින්ම මුදවා ගැනීමට 19වන සංශෝධනය අසමත්ව ඇති බව පසුගිය වසරක පමණ කාලය තුළ මෙරට දේශපාලනයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම් දෙකක් සාක්ෂි දරයි.
එයින් එකක්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිර්මාණය කරන ලද දින පනස් දෙකේ දේශපාලන අර්බුදයයි. අනෙක මෑතකදී නිකුත්වූ වූ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අත්තනෝමතික ලෙස ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීමේ ගැසට් නිවේදනයයි.
දහ නව වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාට තමා යටතේ තබා ගත හැකි අමාත්‍යංශ සංඛ්‍යාව සීමා කෙරුණත් අමාත්‍යංශ අතර බෙදී යන ආයතන සම්බන්ධ තීරණ ගැනීමට ඔහුට ඇති පරමාධිකාරී බලයට සීමා පැනවුණේ නැත. එමනිසා මේ වන විට රටේ ආරක්ෂක අමාත්‍යංශයේ කර්තව්‍යයන්ට කිසිම සෘජු සම්බන්ධයක් නැති රූපවාහිනි සංස්ථාව සම්බන්ධයෙන් සියලු තීරණ ගනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යවරයා ද වන ජනාධිපති සිරිසේන ය.
මේ අනුව විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුවත් සමග මැතිවරණයට තරග වදින නවතන ජනාධිපති අපේක්ශකයා වීම්ට ඉඩ ඇත්ත්තේ කථානායක ජයසූරිය මහතාය. ඒ අනුව ඔහුට මෙවර එල්ල වන ප්‍රබලතම අභියෝගය වනු ඇත්තේ තමන්ට පෙර ජනාධිපතිවරුන් තිදෙනෙකු විසින් කඩකරන ලද පොරොන්දුව ඉෂ්ඨ කිරීම සඳහා තමන්ට අවංක වුවමනාවක් මෙන්ම වැඩපිළිවෙළක් ද ඇතැයි ජනතාවට ඒත්තු ගැන්වීම ය.
මේ සඳහා කථානායකවරයාට ඇති ප්‍රධානම රුකුලක් වෙන්නේ ජාතික දේශපාලනය තුළ ඔහුට ඇති කාර්ය සාධන වාර්තාව ය. ජයසූරිය මහතා බොහෝ දෙනා හඳුන්වන්නේ ශක්තිමත් සාරධර්මික පදනමක් ඇති දේශපාලනඥයෙකු වශයෙනි. එමෙන්ම පසුගිය වසරේ ව්‍යවස්ථා අර්බුදය අතරතුර ඉතා දුෂ්කර කොන්දේසි යටතේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔහු නිරූපණය කළ භූමිකාව ලොව පුරා ප්‍රසාදයට ලක් විය. මේ නිසා පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වන්නන්ට ජනාධිපතිවරණය සඳහා කරු ජයසූරියගේ ආගමනය සුබවාදී බලාපොරොත්තු දල්වන පණිවුඩයකි.
ඔහු සතුව ඇති විශාලතම ශක්තිය වන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය, මුස්ලිම් පක්ෂ සහ සිවිල් සංවිධාන අතර ඔහු කෙරේ පවතින සහයෝගයයි. මෙය සංසන්දනය කළ යුත්තේ උතුරේ විශාලතම දේශපාලන පක්ෂය වන ද්‍රවිඩ ජාතික සංධානය එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි දක්වන සැකමුසු ආකල්පයට සාපේක්ෂවයි. එයට හේතුව වන්නේ ප්‍රේමදාස මහතා සංහිඳියාව, පශ්චාත් යුද වගවීම,බලය බෙදා හැරීම සම්බන්ධයෙන් පමණක් නොව විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් ද දක්වන අස්ථිර, අවිනිශ්චිත ආකල්පයයි.
පසුගිය අඟහරුවාදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රේමදාස මහතාගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් ඔහු දක්වන මතය කුමක් ද යන්නයි. එහිදී ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් මෙතෙක් විද්‍යාත්මක සමීක්ෂණයක් සිදු වී නොමැති බවයි. මෙයට සාපේක්ෂව, තමන් ජනාධිපතිවරණයට තරග කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂය සහ එයට සහය දෙන කණ්ඩායම් පිළිගන්නේ නම් පමනක් බව ජයසූරිය මහතා පැහැදිලිව පවසා තිබේ.
ජයසූරිය මහතා මේ ඉදිරිපත් කරන ප්‍රවේශය ද්‍රවිඩ ජාතික සන්ධානයට මෙන්ම සිවිල් සමාජ සංවිධාන වලටද අනුගත විය හැකි දෙයකි. පසුගිය ඉරිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ, සිවිල් සමාජ සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සිය පූර්ණ සහය ලබා දෙන බවයි. එමෙන්ම කරු ජයසූරිය මහතාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ද තමන් සුබවාදී ස්ථාවරයක සිටින බව ඔවුන් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
මෙහි ඇති වඩාත්ම වැදගත් කාරණය නම් ප්‍රතිසංස්කරණ අපේක්ෂා කරන කණ්ඩායම්. සුළුතර පක්ෂ තරමටම සාම්ප්‍රදායික සිංහම්, බෞද්ධ ඡන්ද දායකයන් ද ජයසූරිය මහතා කෙරෙහි සාධනීය මතයක් දැරීමය. විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර ඔහුට විශාල පිළි ගැනීමක් තිබේ. මේ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශක්තිමත්ම කඳවුරු තුළ පවා ඔහුට අභියෝගයක් එල්ල කිරීමේ හැකියාව කරු ජයසූරිය මහතා සතුව පවතී.
එමෙන්ම ඔහුගේ මධ්‍යස්ථ ආකල්ප, නම්‍යශීලි බව පමණක් නොව හිටපු හමුදා නිලධාරියෙකු ලෙස, තානාපතිවරයෙකු ලෙස සහ ව්‍යාපාර ලෝකයේ දැවැන්තයෙකු ලෙස ලබා ඇති කීර්තිය ද මධ්‍යස්ථ ඡන්දදානයකයාගේ ආකර්ශනය ඔහු වෙත දිනා ගැනීමට වැදගත් හේතුවකි. අප තේරුම් ගත යුතු කාරණය නම් මේ වන විට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම සාම්ප්‍රදායික ඡන්ද වන ‘කැපුවත් කොළ – කැපුවත් නිල්’ ඡන්ද සැළකිය යුතු ලෙස ඛාදනය වී ඇති බවයි. ඒ වෙනුවට මේ නිශ්චිත දේශපාලන මොහොතට අදාල සාධක සැලකිල්ලට ගෙන, පක්ෂයකට විශේෂ බැඳියාවක් නැතිව අපේක්ෂකයන් ගැන තීරණ ගන්නා ඡන්ද දායකයන් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. මේ ප්‍රවණතාව වැඩිපුරම පෙනෙන්නට ඇත්තේ උගත්, මාධ්‍යම පාංතික, නාගරික්ස සහ අර්ධ නාගරික සමාජ තීරුව තුළ ය. ජනාධිපතිවරණයක තීරණාත්මක බලපෑමක් කළ හැකි සාධකය ඔවුන් බව තේරුම් ගැනීම අපහසු නැත. එම නිසා ජනාධිපතිවරණයට ජය ගැනීමට සිතන අපේක්ෂකයා මෙම සමාජ තීරුව ට ආකර්ෂණීය පුද්ගලයෙකු වීම අනිවාර්යය.
මීටත් වඩා වැදගත් කාරණය එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති වලට පැහැදිලි විකල්පයක් ඉදිරිපත් කරන පුද්ගලයෙකු වීමය. එනම් ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රවර්ධනය කරනු ලබන යකඩ හස්තයකින් රට පාලනය කරන, අන්ත ජාතිකවාදීන්ගේ සහය ලබන දේශපාලන ව්‍යාපෘතියට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ ව්‍යාපෘතියකට නායකත්වය ලබා දිය හැකි පුද්ගලයෙකු වීම අත්‍යවශ්‍යය.
මෙය කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, බහුත්වවාදය පිළි ගන්නා, ශක්තිමත් සාරධර්මික පදනමක් ඇති ස්පේක්ෂකයෙකුටය. එම නිසා කරු ජයසූරිය තුළ ගෝඨාභය රාජපක්ෂට ප්‍රබල ප්‍රතිවාදියෙකු හමු වේ. සිල්ලර ජනප්‍රියවාදය සිය ප්‍රධානතම දේශපාලන උපාය මාර්ගය කරගන්නා අපේක්ෂකයෙකුට ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ප්‍රබල විකල්පයක් නිර්මාණය කළ නොහැකිය.
එහෙත් මෙයින් කියන්නේ එක්සත් ජාතික පක්ෂය තුළ සජිත් ප්‍රේමදාස බැහැර කළ යුතු, හෝ බැහැර කළ හැකි සාධකයක් බව නොවේ. මේ මොහොතේ අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂය තුළ සිටින විවිධ මතධාරී කණ්ඩායම් එක අරමුණකට ගෙන ආ හැකි අපේක්ෂකයෙකි. ඒ සමගම එක්සත් ජාතික පෙරමුණට සහය දක්වන වෙනත් පක්ෂ, සුළු පක්ෂ, සිවිල් සමාජ කණ්ඩායම් සහ පුරවැසි බලවේග එක වේදිකාවකට ගෙන ඒම අනිවාර්ය වේ. මේ තීරණාත්මක කාර්යභාරය කිරීමට වඩාත්ම සුදුස්සා කරු ජයසූරිය බව මාගේ විශ්වාසයයි.
max / September 19, 2019
මෙයාගේ මැදිහත් බවේ තරම රටම දැක්ක ඔක්තෝබර් සිද්ධියේදී. රනිල්ට ඕන විදිහට හැම දේම. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදයටම කෙලින්න මෙය හොදට දන්නවා.
/
kumari / September 21, 2019
ඔහු සතුව ඇති විශාලතම ශක්තිය වන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය, මුස්ලිම් පක්ෂ සහ සිවිල් සංවිධාන අතර ඔහු කෙරේ පවතින සහයෝගයයි. මෙය සංසන්දනය කළ යුත්තේ උතුරේ විශාලතම දේශපාලන පක්ෂය වන ද්‍රවිඩ ජාතික සංධානය එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි දක්වන සැකමුසු ආකල්පයට සාපේක්ෂවයි. එයට හේතුව වන්නේ ප්‍රේමදාස මහතා සංහිඳියාව, පශ්චාත් යුද වගවීම,බලය බෙදා හැරීම සම්බන්ධයෙන් පමණක් නොව විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් ද දක්වන අස්ථිර, අවිනිශ්චිත ආකල්පයයි.
/