26 April, 2024

Blog

“මැණිකේ මගේ හිතේ” හා යොහානි වරද්ද ගත්ත තැන

රෙහාන් ප්‍රනාන්දු

රෙහාන් ප්‍රනාන්දු

යොහානි වැනි තරුණියක් කෙටි කලකින් ‘මැණිකේ මගේ හිතේ‘ ගීතය හරහා ලැබූ ජයග්‍රහණයට සුබ පැතුම් එකතු කරන අතර, තර්කයකින් තොරව කලකට පසුව ලංකාව වැනි රටක් නැවත ජාත්‍යන්තරයට ගෙනගිය අවස්ථාවක් ලෙසද දකිමි. කරුණු එසේ වෙද්දී, ඉන් එහා ඔබ්බට ගොස් මෙනෙහි කල යුතු යමක්ද ඇත. එය සියුම් ලෙස විවේචනාත්මක බුද්ධියෙන් කෙරෙන දෙයක් මිස යොහානිගේ දිනුමට බාධාවක් නොවනු ඇත යන්න මගේ විශ්වාසයයි. කෙටියෙන් කිවතොත් ලංකාවේ නිර්මාණශීලී බව නැත්තටම නැති වී ඇති බව යොහානිගේ ගීතය මොනවට පැහැදිළිද. වෙනත් කෙනෙකුගේ ගීතයක් නැවත ප්‍රති නිර්මාණය කිරීම විලාසිතාවක් වී ඇති වග වැටහෙයි. එම විලාසිතාව එතරම් යහපත් නොවන්නේ ඇයි? මේ ලිපිය එම කරුණු විමසීමකි.

අනුන්ගේ පහනින් එළිය බැලීම

ලංකාව දශක ගණනක සිට කරන දෙයක් නම් අනුන්ගේ පහනින් එලිය බලා තමන්ගේ සේ එම එලිය ලෝකයාට නැවත ප්‍රති නිර්මාණ හරහා පෙන්වීමයි. සංගීත ලෝකයට මෙම අනුන්ගේ පහනින් එළිය බැලීම ඉතාම සාමන්‍ය දෙයකි. නිර්මාණ කරුවන් ස්ව නිර්මාණ කුණු කොල්ලට විකුණා ජනප්‍රිය වෙන ප්‍රසිද්ධ වෙන කාලයකි මේ. මෙවන් කිසිදු සදාචාරයක් නැති දේවල් සිදුවන පළමු ආයතනය නම් පාර්ලිමේන්තුවයි. නූගත් දේශපාලකයින් කරන්නෙම අනුන්ගේ උරහිසෙන් පැමිණ තමන්ගේ ජය පෙන්වා සව්දිය පිරීමකි. මෙරට සිටින ජනාධිපති ඊට කදිම නිදසුනකි. තම සහෝදර මහින්ද රාජපක්ෂගේ සහයෙන් හා රටේ බොරු ප්‍රශ්නයක් දියත් කරමින් එනම් පාස්කු ප්‍රහාරය හේතුවක් කරගෙන බලය ලබා ගත්තේ අනුන්ගේ පහනින් තෙල් ටිකත් හොරාගනිමින්ය. එවන් පහත් වැඩ කරන මිනිසුන්ව දකින අද ළමා, තරුණ, වැඩිහිටි සමාජය කරන්නෙම කාගේ හෝ දෙයක් කඩා වඩා ගන්න හෝ තමන් සතු වටිනාම දේවල් කුණු කොල්ලට දීමය. ජේසු ක්‍රිස්තුස් පැවසුවේ ‘ඔබේ මුතු ඌරන්ට නොදමන්න’ හෝ ‘පූජනීය දේ සඟවා තබන්න’ කියාය. පූජනීය දේ බල්ලන්ට ගිය කලෙක එවන් කතාවක් වුවද විහිළුවකි. “මැණිකේ මගේ හිතේ” ගීතය හා හමුවන යොහානිට ආදර්ශයට ගන්න කෙනෙකු නැති තරම්ය, හිටියත් ලංකාවේ ජරාවට පත්වූ මාධ්‍ය පෙන්වන්නේද නැත. එහෙයින් යෝහානි හිස්ම හිස් තරුණියක් මට්ටමට පත්වෙන එක වලක්වන්න බැරිය. මිලියන ගණනක් එම ගීතයට සවන්දුන්නය කියන කතාව ගැන මගේ විවේචනය එල්ල වන්නේ මෙලෙසිනි:

යොහානි තමන්ගේම ස්ව නිර්මාණයක් ඉදිරිපත් කලානම් ඉතාම යෝග්‍ය කරුණකි. යොහානි එකතු වී සිටිනනේ ඉරාජ්, භාතිය වැනි සංගීත වෙළෙන්දන්ගේ ගොඩටය. එහෙව් වෙළෙන්දන් වෙළදන් කරන්නේ රාජපක්ෂලාගේ භුමිකාවේ බව යෝහානි දන්නවාද යන්නම සැකයකි. ක්ලැරන්ස්, එම්. එස්. හා මෑතකාලයේ ගයාන් පෙරේරා වැනි අයගේ නිර්මාණ යෝහානිට මුණ ගැසුණේ නැද්ද? සුනිල් පෙරේරා වැනි දැවැන්තයෙකුගේ ගීත වලට අත නො තබා එනම් ගයාන්, සුනිල්ගේ දෙවැනි පුතා, ස්ව නිර්මාණ හරහා ඉදිරියට පැමිණි වග අප දන්නා කරුණකි.

අවසානාවකට යෝහානිට මුණගැසී ඇත්තේ රාජපක්ෂලා වැනි නැතිනම් මා කලින් පෙන්වූ සංගීත වෙළෙන්දන් ය. ඔවුන් අනුන්ගේ පහනින් එළිය බලන වහළුන්ය.

නැව ගිලුනත් “මැණිකේ මගේ හිතේ”

රටේ පොදු ජනතාව ඉතාම අසීරු කාලයක ජීවත් වෙන බව අපි දනිමු. ගොවියන්, ධීවරයන් තරම් අසීරු ජීවිත ගෙවන මිනිසුන් නැති තරම්. කලට වෙලාවට නැති පොහොර නිසා ගොවියෝ අසරණ වෙලා. ඒත් රටේ ගොඩක් දෙනෙක්ට පෙනෙන්නේ ‘මැණිකේ මගේ හිතේ.’ කොරෝනා නිසා ජීවිත ගාණක් මියැදිලා. අසරණ රෝගීන් හැමතැනම. රෝහල්වල පහසුකම් නැතුව සාමන්‍ය ජනතාව දුක් උහුලනවා. මැති ඇමතිලා මේවා දැකල ‘මැණිකේ මගේ හිතේ’ කියමින් ජාතියට සාපයක් වී ඇති වග හංගන්න පුලුවන්ද? ලංකාවේ වැඩි පිරිසක් නොසන්සුන් ලෙස ප්‍රචණ්ඩ ලෙස හැසිරෙනවා. පොලිසිය ඉතාම අශීලාචාර ලෙස පොදු මිනිසුන්ට සලකන කාලයක් උදාවෙලා. යන යන තැන මිලිටරිකරණය, තුවක්කු අතින්ගත් සොල්දාදුවන්, කුඩා ළමයි දකින්නෙම යුද්දෙක මතකයන්, එත් ලංකාවට ‘මැණිකේ මගේ හිතේ.’

පැහැදිලි ලෙස තමන්ගේම මහන්සියෙන් ඉදිරියට එන්න වැර දරන මිනිසුන්ට තැනක් නැතිවෙලා. අනුන්ගේ දේ කඩා වඩා ගෙන ඕනෑම දෙයක් කරන මිනිසුන්ට මේ රටේ සුවිසල් තැනක් ලැබෙනවා. එත් ස්ව උත්සාහයෙන් දියුණුවෙන්න මහන්සි වෙන අයට අවස්තාවක් නැහැ. අනුන්ගේ දෙයක් ප්‍රති නිර්මාණ කරන අයගේ දේ බලන්න මිලියන ගණන් හිටියත්, ස්ව උත්සාහයෙන් නැගිටින කෙනෙකුව බලන්න කෙනෙක් නැහැ, ඇත දෙන්න කෙනෙක් නැහැ.

නැවක් ගිලීම කෙසේවෙතත් පහුගිය කාලෙක නැවක් ගිනි ගත්ත, පරිසරය දූෂණය වුනා, මුදල් ගසා කෑවා, මුසාසෙන් ගිනිගත් නැව හරහා මුදල් හෙව්වා, ඒත් ඒ සියල්ල අමතක කරමින්, ‘මැණිකේ මගේ හිතේ’ එක්ක ලංකාවේ මිනිසුන් නින්දකය.

යොහානිකරණයෙන් හිවල්වාදයට

මා දකින්නේ ‘මැණිකේ මගේ හිතේ’ හරහා හිවල්වාදයකි. එනම් කපටිකමකි. පහත කවි පද ඊට නිදසුනකි.

දැන් වීරයන් තනන යුගයකි,
ගෝත්තරවාදයෙන් මිත්‍යාවාදයට
අසීමාන්තික බලවාදයෙන් කෙරුම්වාදයට
අර්බුදවාදයෙන් තීන්දුවාදයට (තිරය දෙකඩ වි ය , පි. 88)

නිර්මාණශීලී බුද්ධියකින් හෙබි ජනතාවක් අවශ්‍යම යුගයක සැලසුමක් ඕනෑම කලෙක ‘මැණිකේ මගේ හිතේ’ හරහා යොහානිට කළයුතුව දෙයක් තිබිණි. එනම්, අනුන්ගේ දෙයක් ප්‍රති නිර්මාණ කරනවා වෙනුවට, තමන්ගේ දෙයක්, එනම් තමන්ම වවා ගත් දෙයක් විකිණීමයි. අනුන්ගේ එළවළු කොටුවකින් නෙළාගෙන තමන්ගේ සේ පෙන්වීම යෝග්‍ය දෙයක් නොවෙයි. සුනිල් සාන්තට මේ රටේ වෙච්ච අසාධාරණය සුළු පටු දෙයක්ද? සුනිල් සාන්තයන්ට සංගීත ලෝකයෙන්ම පහවෙන තැනට මේ රටේ වැඩ සිදුවෙද්දී, යෝහානි වැනි කෙනෙකුට දෙන තානාතිපති තනතුරු වල අර්ථය කිමෙක්ද? මිලියන ගණන් බැලුවේ ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණයේ හිවල්බාවයයි, එනමුත් සුනිල් සාන්තගේ ‘කෝකිලයන්ගේ’ තිබුණු ජන මිහිර දැක්කේ කීයෙන් කීදෙනෙකුද? සුනිල් සාන්තව රේඩියෝ හදන තැනට පත් කරමින්, යොහානිව ගුවන් තොටුපොලවල්වල මල්මාලා දමමින් කල සංදර්ශනය ගැන කරුණු විමසීම, සැබෑ නිර්මාණ කරන මිනිසුන්ගේ යුතුකම නොවේද?

අවාසනාවකට දකින්නේ වහලුන්ගේ රටකි, හිවල්වාදයේ ක්‍රමවේදයකි. යොහානිකරණයේ අසුබ නිමිති දකින තරම් ලංකාව නිසි නිර්මාණ වලින් බැහැරව ඇත.

අපේම දේකින් “අපි වෙමු”

අපේ ළමා පරපුරට ඉගැන්විය යුතු දේ විශාලය. එනම්, පළමුව අපේම දෙයක් ගලපා ගැනීමයි. නිර්මාණශීලී මිනිසුන් ලෙස නැගිටීමයි. අනිත් කෙනෙකුගේ දෙයක් මොන විදියට ලබා ගත්තත්, ස්ව උත්සාහයෙන් නැගිටීමක් එහි දක්නට නැත. හැකිලෙස ගීයක් නිර්මාණ කර, තනුවක් දමා, ගායනා කිරීම කෙතරම් ලස්සනද. මිලියන ගණනක් එය නොදුටුවද, ස්ව උත්සාහය වටිනේය. ප්‍රතිනිර්මාණය විලාසිතාවක් කරගත් ලංකාවේ සංගීතය හිවල්වාදයකි. ගම් මට්ටමින් අප කළයුත්තේ තම ස්ව උත්සාහයෙන් දියුණුවෙන මිනිසුන්ව බිහි කිරීමයි. කෙටියෙන් කියතොත් එය “හිතන ජාතියක්” වීමයි. ඒ තුල වහල් ජාතියක් බවට පත්වීම වලක්වා ගත හැක. අවශ්‍ය නම් යොහානිට මේ උගුලෙන් ගොඩ එන්න කාලය හා අවකාශය ඇත. නැතිනම් එහිම් වැළලීමට ද පුළුවන. කරුණු කෙසේ වුවත් තරුණ පරපුරේ කෂේරුව විනාශ වෙන නිර්මාණ, සැබෑ නිර්මාණ නොවෙති. සංගීත වෙළෙන්දන් දැනගත යුතු ම දේ එයයි.

අපේ කම අමුතුවෙන් රකින්න අවශ්‍ය නැත, අපේ කම ගෙනි යන්න තැනකුත් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ අපේම දෙයක් ගැන සිතීමයි, එලෙස සිටා අපේ දෙපයින් නැගිටීමයි. එවිට පිට ඉන්න ඕනෑම කෙනෙකු අපේ දේ දකිනු ඇත. එයට නිසි ගෞරවය දෙනු ඇත. එම ගෞරවය මිලියන ගණනකින් නො ලැබුණද, කාලය අවශ්‍ය අය විසින් ලබා දෙනු ඇත. අනුන්ගේ දේකින් “අපි වීම” නිවට ජාතියක ලක්ෂණයකි. “අපි වීම” අපේම දේකින් සිදු විය යුතු විශාල මහන්සියක වගකීමකි. එහෙයින් එක රැයකින් “අපි වීම” ට බැරිය.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    1

    ආර්ථිකයේ නිර්මාණාත්මක විභවය විකසිත කිරීමට නම් පුරවැසියා අනිවාර්යෙන් නිර්මාණශීලි විය යුතු වේ. යමෙකුගේ නිර්මාණාත්මක හැකියාව රඳා පවතින්නේ නිර්මාණශීලි චින්තනය මත වන බැවින් එය වෙනත් ආකාරයක නිර්මාණාත්මක ගැටළු විසඳීමක් ලෙස ද සළකනු ලබයි. මේ නිසා, ලොව පුරා බොහෝ ජාතීන් තම පුරවැසියන් නිර්මාණාත්මක වනවාට කැමති ය. එම රටවල් විශ්වාස කරන්නේ, තම පුරවැසියන් වඩාත් නිර්මාණශීලී වන්නේ නම් ඔවුන් අනෙක් කාරණා අතර, විශේෂයෙන් ගැටලු විසඳීමේදී වඩා සාර්ථක විය හැකි බව යි. මේ නිසා ම, වර්තමානය වන විට නිර්මාණශීලීත්වය අගය කළ යුතු මානවීය ගුණාංගයක් ලෙස ද හඳුනාගෙන ඇත. එහෙත්, අවාසනාවකට අපේ රටේ පුරවැසියාට නොලැබෙන්නේ ද මෙය ම ය. අපේ රටේ පුරවැසියා නිර්මාණශීලි වන විට වහලුන්ගේ රටක් ලෙස හිවල්වාදයට හුරේ දැමීමට නොහැකි නිසා පාලකයන් විසින් මෙරට පුරවැසියා කිසිදු දිනක නිර්මාණාත්මක දෙයකින් අපි ම වන්නට හෝ එලෙස සිතා දෙපයින් නැගිටීමට හෝ ඉඩ නොදෙනු ඇත!

    • 5
      2

      මෙම තරුණිය යොහානි සිල්වා දුක් විඳින සියලුම මිනිසුන්ට ආලෝකයක් ලබා දුන් අතර, ජයග්‍රහණ ලබා ගැනීමේදී දුප්පත් අපට මට්ටමින් ඔබ්බට යා හැකි බව පෙන්වීය. අපරාධකරුවන් බලය අල්ලා ගත් බැවින්, මේ රට සහ ජාතිය අද දින ජීවිතයට මුහුණ දීමට පවා නොහැකි තරමේ ගැඹුරු මට්ටමකට තල්ලු වී ඇත. යහපාලනයේ පළපුරුද්දක් නොමැතිව මෙය හිතාමතාම කරන ලද්දකි. වත්මන් අගමැතිවරයා ලෙස සිටින ජනාධිපතිගේ සොහොයුරාට අද ඔවුන් විසින් ඇති කර ඇති තත්වයට පිළිතුරක් නැත. යම් ආකාරයක ලැජ්ජාවක් ඇත්නම් ඔහු සියදිවි නසා ගත යුතුය. ගෝඨාභය අපරාධකරුවෙකු වූ අතර මිනීමරු මිනිසෙකු ලෙස සිටිනු ඇත .. ඔහු ඒ හා සමානව බොරු ය. යමක් කීම සහ අනෙක් පැත්ත කිරීම, අද රට තුළ අප අත්විඳින වෛරයයි.

      යමෙක් ඇයගේ සාර්ථකත්වය දෙස පූර්‍ව නිගමනයකින් බලන්නේ නම්, ඇයගේ ජයග්‍රහණ නිසි ලෙස විශ්ලේෂණය කිරීමෙන් එයට කිසිදු සම්බන්ධයක් නැත. ඊර්ෂ්‍යාවෙන් හා ද්වේෂයෙන් අපේ මිනිසුන්ගේ ගති පැවතුම් ඉස්මතු වීම හාස්‍යයට කරුණක් නම් එසේ කරමින් සිටි අය “සිංහල බෞද්ධයන්” ලෙස සැලකීම සඳහා හිස මත බැනර් පැළඳ සිටීමයි.

      • 3
        0

        ශ්‍රී ලංකාවේ ප්‍රමාණාත්මක වාක්‍ය ඛණ්ඩ තිබේ …. ඌරො කැකුන තලන කොට වැලිකුකුලන් රබන් ගහනව වාගෙ … යන්නෙහි තේරුම නම් sරන් කපුනා මත නටන විට, වලිකුකුලෝ නිරීක්ෂණය කිරීමෙන් දුක් විඳින මසුන් අල්ලා ගැනීමේ සිහිනය දකින බවයි.ශ්‍රී ලංකාවේ ප්‍රමාණාත්මක වාක්‍ය ඛණ්ඩ තිබේ …. ඌරො කැකුන තලන කොට වැලිකුකුලන් රබන් ගහනව වාගෙ … යන්නෙහි තේරුම නම් sරන් කපුනා මත නටන විට, වලිකුකුලෝ නිරීක්ෂණය කිරීමෙන් දුක් විඳින මසුන් අල්ලා ගැනීමේ සිහිනය දකින බවයි. ශ්‍රී ලංකාවේ වැලිකුකුලෝ යනු අපරාධකරුවන්ගේ සංඛ්‍යාව වැඩි වීමයි. අද රජයේ පීඩනය සහ සමහර විට දිශා මැදිහත් වීමත් සමඟ සෑම දෙයක්ම පාහේ නරකම දෙයට හැරෙමින් තිබේ … එය හරියට කබලෙන් ලිපට තල්ලු කිරීම වැනිය … එසේ නම්, ආදරණීය යැයි කියාගත්, ව්‍යාජ දේශප්‍රේමී භික්ෂූන් වහන්සේලා එහි වරදක් නොදකින බවක් නොපෙනේ. අද සිදු කෙරෙන ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් ජනාධිපතිගේ සෘජු මැදිහත් වීම් වලට එරෙහිව එම මාදගොඩ සුනඛයා සහ අනෙක් අය වචනයක් වත් කථා නොකරති.

      • 3
        0

        අද නොවැම්බර් 2019 ට පෙර අද මිනිසුන් බොහෝ පීඩා විඳිති. සියල්ලටම හේතුව නායකත්වය බලවත් හා නීතියට බැඳී ඇති බවක් පෙනෙන්නට නොතිබූ බැවිනි. එය වැලි මත තැනූ මාලිගාවක් වැනිය …. අද වන විට පුරවැසියෙකුගේ සෑම බලාපොරොත්තුවක්ම පාහේ නැති වී ගොස් ඇත. තේරී පත් වූ නායකයා ප්‍රසිද්ධියේ යමක් පවසා වෙනත් දෙයක් කරමින් ඔහුගේ රහස් පුද්ගලයින් ඔහුට සමීපව සිටී. කාබනික පොහොර ගැටළුව පසුගිය දශක 3 තුළ ගොවි ජනතාවට කාලය නොමැති තරම් කරකැවී ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට අද කෑමට කිසිවක් නැත. කොළඹ තදාසන්න ප්‍රදේශවල සාමාන්‍ය මිලට ඉන්ධන වත් නැතිව මිනිස්සු අ cryති. දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම අද දවසේ ජන ජීවිතය විනාශ කර තිබේ. ඔවුන්ට උදව් ඉල්ලීමට කිසිවෙක් නැත. ජාතික පොලිස් සේවාවන් සේවාදායක බවට පත් වී ඇති අතර අනපේක්ෂිත ලෙස වත්මන් නායකත්වයට පක්ෂපාතී වී ඇත. රාජපක්ෂලාට සහ ඔවුන්ගේ ඥාතීන්ට සහ ජනතාව වෙත ජනතාව ශාප කරමින් සිටිති. මිනිස්සු කොහොමද වෙන දෙයක් දකින්නේ.

    • 3
      1

      Cover song became viral due to her own typical voice. If anyone else used it, no such effect would have been the outcome

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.