28 November, 2021

Blog

වෙළඳපොළ පාර්ලිමේන්තුවට රාජ්‍යය කෞතුකාගාරයට

ධම්ම දිසානායක

ධම්ම දිසානායක

දින කීපයකට පෙර බය සිතෙන සිහිනයක් දුටු වෙමි. සිහිනවලින් අනාගතයේ විය හැකි දේවල් කිව නොහැකිය යන අදහස සිග්මන් ෆ්‍රොයිඩ් කියා ඇතැයි මා අසා තිබේ. එහෙත් මා කලබල වුණේ පන්සීය පනස් ජාතක පොතේ මහා සුපින ජාතකය මතක් වීමෙනි. කොසොල් රජු බියට පත් වූ සිහින දහසය ගැන සඳහන් වන්නේ මහ සුපින ජාතකයේ ය. ඒ සිහින ගැන බුදුන් වහන්සේ දුන් අර්ථකතන සහ අනාවැකි අද ලෝකයේ සත්‍ය වශයෙන් සිදුවන විට ෆ්‍රොයිඩ් ගේ මතය ප්‍රතික්ෂේප වීමේ ඉඩක් ද ඇත. මා ඒ සිහින දාසය ගැන හදාරා ඇත්තෙක් මි. ඒ මා මිත්‍ර ආරියරත්න ඇතුගල ගේ “මහසමයම” දැවැන්ත වේදිකා නාට්‍යයේ පිටපත දොරට වැදීමේ උත්සවයේ ආරාධිත දේශනයක් කිරීම සඳහා ය. එහි දී ලැබුණු එක නොව මා සකසා ගත් මාතෘකාව වූයේ ‘මහ සුපින ජාතකය සහ නූතන වේදිකා සමාජය’ යන්න ය. දේශනය ඉතා සාර්ථක විය. කීප දෙනෙකුගේ සිත් රිදීම් ද සිදුවන්නට ඇත. පසු කලෙක “මහ සුපින” නම් වූ ඇතුගලගේ දෙවෙනි දැවැන්ත නාට්‍යය සඳහා හේතු වූයේ ද මේ දේශනය බව ඔහු කීප වරක් මා හා පවසා ඇත. ඔය කොයි හැටි වෙතත් හීන යනු නොතකා හැරිය හැකි දෑ නොවේය.

මට සිතෙන හැටියට මේ හීනයට ආසන්තම හේතුව පසු ගිය සිකුරාදාවක ‘ලංකාදීප කිවිදා දැක්මෙ’ හි පළවූ මා මිත්‍ර චරිත හේරත් ගේ ලිපිය විය යුතු ය. රාජ්‍යය නෝන්ජල් කොට වෙළඳපොළ මහජන ජීවිතයේ ගැලවුම්කාරයා කිරීම උදෙසා කලක සිට විශාල බුද්ධිමය පරිශ්‍රමයක් දරන්නෙකු වන චරිතට සති පොළක් සේ රට පාවිච්චි කරන වෙළෙන්දන්ගේ ගෞරවය හිමි විය යුතුම ය. එහෙත් දියුණු ජාතික අභිලාෂ වෙතින් නියාමනය වන වෙළඳපොළක් අපේක්ෂා කරන කිසිදු ප්‍රාග්ධන හිමියෙකුගෙන් ඔහුට කිසිදු ගෞරවයක් හිමි නොවනු ඇත. සමාවෙන්න, මා දුටු ඒ බියකරු එහෙත් චරිත වැනි අයට සතුටු විය හැකි සිහිනය තවම නොකීවා ට සමාවෙන්න.

මෙන්න මා දුටු ඒ බියකරු සිහිනය. මා මුලින් ම දුටුවේ නවීන තාක්ෂනය යොදා බිම් සැකසූ අක්කර සිය දහස් ගණනකින් විශාල වූ කුඹුරු යායකි. එහෙත් සුපුරුදු ගොවියන් පෙනෙන්නට නැත. සියලු දේ යන්ත්‍ර සූත්‍ර මගින් සිදු වේ. ඒවා අද අපි සැබෑවට දකින ඒවාට වඩා සංකීර්ණ ඒවා ය. ඒ මහා කුඹුරු යාය ඈතින් ඈතට විහිදී ගිය කටුකම්බි වැටකින් වටකොට ඇත. ඇතුල් වීමට ඇති විශාල ගේට්ටුවේ පිළිවෙලට නිල ඇඳුම් ලා අවිගත් මුරකාරයෝ වෙති. ඒ අසල දැවැන්ත නාම පුවරුවකි. එහි සඳහන් වන්නේ ඒ අක්කර දහස් ගණන් අයිති වෙළඳ ආයතනයේ නම සහ තව තව දේවල් ය. අනවසරයෙන් ඇතුල් වන්නන්ට දැනුම් දීමකින් තොරව වෙඩි තබන බවට වූ සඳහනක් ද එහි විය. කලබලයට පත් මා ගොවිබිමෙන් පිටත තැන් තැන්වල රැස්වී ඇති ජනයාගෙන් මේ ගැන විමසුවෙමි. ඔවුන් මේ කුඹුරුවල පැරණි අයිතිකරුවෝ ය. ඒ කුඹුරු විකුණා දැමු ගොවියෝ ය. දැන් කරන්නට වැඩක් නැති නිසා බඩවියත සඳහා තැන් තැන්වල සැරිසරන්නෝ ය. සිදුවුණේ කුමක් දැයි මා ඔවුන්ගෙන් ඇසුවෙමි. සහල් නිෂ්පාදකයින් ම වී නිෂ්පාදනය කිරීම සඳහා ඔවුන්ගේ කුඹුරු මිලට ගත් බව ඔවුන් කීවේ එවිට ය. වී ගොවිතැනින් බෙහෙත් පොහොර සමාගම්, අමාත්‍යාංශය, සහ මෝල් හිමියන්ට මිස ගොවීන්ට කිසි ලාභයක් නැති නිසා ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයින්, එනම් චරිත හේරත් වැනි අය වී ගොවිතැන අත්හැර කුඹුරු ටික ලාභ ලැබිය හැකි මෝල් හිමියන්ටම විකුණන්නට අවශ්‍ය බුද්ධිමය ඥානය ගොවියන්ට දුන්නේලු. දැන් සහල් නිෂ්පාදකයින් ම එනම් මෝල් හිමියන් ම වී නිෂ්පාදනය ද තම ඒකාධිකාරයට නතු කරගෙනය. මා හඩන්නට වූයේ කුඩා සහ ගැටවර කාලයේ තාත්තා සමඟ වෙලේ කුඹුරේ ගතකල අතීතය මතක් වීමෙනි. හදිසියේ මහා සිනා හඬක් ඇසුනි. ඒ චරිත ගේ ය. අපි වී හදන වැඩෙත් වෙළෙන්දන්ට ම දීල රාජ්‍යය ඒ බරෙන් නිදහස් කරා ධම්ම, යනුවෙන් කියූ ඔහු සිටියේ ඉතා සතුටින් ය. අසල තිබු පොල්ලක් ගැනීමට උත්සාහ කළ මා චරිත වටේ සිටි කිසිවෙකුගේ පොලු පහරකට ලක් විය. මා අවදි වුණේ ඉහින් කනින් දහදිය පෙරාගෙනය. මා දුටු සිහිනය ඔන්න ඕකය. වී නිෂ්පාදනයත් වෙළෙන්දන්ට ම බාර දී රාජ්‍යය ගොවි බරෙන් නිදහස් වූ, එක අතකට මගේ නොව චරිතලාගේ සිහිනය ය.

චරිතට අනුව “සීමා සහිත වෙළඳපොළක් සහ විශාල රාජ්‍යයක්” යනු මහජනයාට හරිම කරදරයකි, වාතයකි. ඔහු යෝජනා කරන්නේ ‘සීමා රහිත වෙළඳපොළක් සහ නෝන්ජල් රාජ්‍යයකි’. එනම් ඕනෑම දෙයක් කළහැකි වෙළඳපොළක් සහ නෝන්ජල් ජනසමාජයකි’. රාජ්‍යයක් යනු මහා ජන-සමාජ සම්මුතියක් බව ඔහු නොතකා හැර ඇත. මේ රටේ ඇත්තේ වෙළඳපොළ ක්‍රමයක් නොව ජාවාරම්කාර වෙළෙන්දන්ගේ ක්‍රමයක් බව චරිත නොදන්නවා නොවේ. ඔහු වැනි අය හිත මතාම එය අමතක කරති. එසේ අමතක කරමින් 77 න් පසු ඉදිරියට ආ වෙළෙන්දන්ගේ ක්‍රමයට බුද්ධිමය ආධිපත්‍යය ලබා දීමට තවමත් නොහැකිවීම ගැන මැසිවිලි නගති. ඉන් නොනැවතී ඒ ආධිපත්‍යය ලබා දීම සඳහා වැඩ පටන් ගනිති. එක අතකට චරිතලා කරමින් සිටින්නේ විධිමත් වෙළඳපොළ ක්‍රමයක් සහිත රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටීම නොව රටේ ඇති ජාවාරම්කාර වෙළෙන්දන්ගේ ක්‍රමයට තවමත් නොලැබී ඇති බුද්ධිමය ආධිපත්‍යය ලබා දීම සඳහා වෙහෙස මහන්සි වීම ය.

ඉතිහාසයේ අරගල සිදු වූයේ ඔටුන්නේ බලය සීමා කොට පාර්ලිමේන්තුවේ බලය වැඩි කිරීමට ය. එංගලන්තයේ “රැජින රජකම් කරයි. එහෙත් රට පාලනය නො කරයි” යන ව්‍යවහාරය පැන නැගුණේ ඒ අරගලවල ප්‍රතිපලයක් නිසා ය. නමුත් චරිතලාගේ බුද්ධිමය තර්කයට අනුව සිදුවන්නේ ‘නියෝජිතයින් සිටියි. එහෙත් වෙළෙන්දන් රට පාලනය කරයි. පාර්ලිමේන්තුව ඊට පහසුකම් සපයයි ’ යන අලුත් පන්නයේ ව්‍යවහාරයකට පදනම වැටීම ය. වෙළෙන්දන්ගේ ක්‍රමය බලවත් කිරීම සඳහා වූ බුද්ධිමය සහය ලබා දෙන චරිතලා මේ කරමින් සිටින්නේ රාජ්‍ය ආයතනයක් වන පාර්ලිමේන්තුව ද වැඩක් නැති පන්නයේ එකක් ය, එහි බලයද වෙළෙන්දන්ගේ ක්‍රමයට ලබා දිය යුතුය යන මතය සමාජගත කිරීමය. අවසානයේ එක්කෝ චරිතලා වැනි අය වෙළෙන්දන්ගේ ක්‍රමයේ නියෝජිතයින් විය යුතු ය. නැතහොත් වෙළෙන්දෙක් විය යුතු ය. එවිට පාර්ලිමේන්තුවේ සිටිනුයේ මහජන නියෝජිතයින් ය යන අදහස කෞතුකාගාරයකට යැවිය යුතු ය. කෝප් කමිටු වැනි දේවල් පෙර දවස භාවිත කළ උපකරණ ලෙස අනාගත ජනයා නරඹනු ඇත!

1994 සිට එජාප ව්‍යාපෘතියට එරෙහිව වෙනත් බලවේග ගණනාවක්ම රටේ පාලන බලය ලබා ගත්තත් තවමත් රටේ බුද්ධිමය ආධිපත්‍යය තිබෙන්නේ සියල්ල රාජ්‍යයෙන් කළ යුතුවා යැයි සිතන තැනක බව චරිත පවසන්නේ දැඩි සිත් වේදනාවකිනි. ඔව්, තවමත් රාජ්‍යයට බුද්ධිමය ආධිපත්‍යය ඇත. එය හොඳක් මිස නරකක් නොවේ ය. නමුත් ගැටලුව වන්නේ රාජ්‍යය බුද්ධිමය ලෙස කළමනාකරණය කරන පක්ෂවලට ආණ්ඩු බලය නොලැබීමය. බලය ගන්නා ආණ්ඩුවලට බුද්ධිමය හෘදසාක්ෂියක් නොතිබීම ය. එසේම බලය ලබාගන්නා පක්ෂ හෝ කල්ලිවල සිටින බුද්ධිමතුන්ට ජන-සමාජ හෘදසාක්ෂියකින් ක්‍රියාකිරීමට ඉඩකඩ නොලැබීම ය. බුද්ධිමය ආධිපත්‍යය රාජ්‍යයට තිබුනාට බඩගොස්තරවාදයේ ආධිපත්‍යය තිබෙන්නේ මේ දක්වා ආණ්ඩු බලය ලබාගත් කල්ලිවලටය. ඒ කල්ලි වෙළඳපොළ ක්‍රමයේ නොව වෙළෙන්ඳන්ගේ අතරමැදියෝ ය.

අනිත් කාරණය වන්නේ 1994 ආණ්ඩු වෙනස මගින් චරිත සහ අපි අපේක්ෂා කළේ ජාවාරම්කාර වෙළෙන්දන්ගේ ක්‍රමයට බුද්ධිමය ආරක්ෂාව සැපයීමට ද? යන්නය. අප ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නමාලාව වන්නේ රාජ්‍යය මොකට ද? චරිතලා සිතන පතන ආකාරයට එහි කාර්යභාරය කුමක්ද? රාජ්‍යය කාගේ ද? රාජ්‍යයේ වපසරිය සීමා කළ යුතුය යන්නෙන් අදහස් වන්නේ කුමක් ද? සීමා කළ යුත්තේ කවර බලයන් ද? ඒවා ඊට පසු ලබා දෙන්නේ වෙළෙන්දන්ට ද? නැතහොත් රාජ්‍යය විසින් ජනතා අභිලාෂ මත නියාමනය කරන වෙළඳපොළ ක්‍රමයකට ද? රාජ්‍යයට වඩා වෙළඳපොළ උත්රීතර ද? රාජ්‍යය කටයුතු කළ යුත්තේ වෙළඳපොළ නියාමනය යටතේ ද? රාජ්‍යය සතු බලය සහ වපසරිය සීමා කලයුතු බව කියන විට ඒවා බාර ගන්නා වෙළෙන්දන් ගැන තිබෙන විශ්වාසය කුමක් ද?

හරි, රාජ්‍යයේ බලය සහ වපසරිය සීමා කරමු. නමුත් ඒ සමඟම වෙළඳපොලේ බලය සහ හැසිරීම නියාමනය කිරීමේ බලය ඒ රාජ්‍යය සතු සීමිත බලයෙන් එකක් බවට පත්කරමු. එහෙම නැත්නම් රාජ්‍යය විසුරුවා හරිමු. එවිට ජනාධිපති, පාර්ලිමේන්තු, පළාත් ආණ්ඩු, සහ ප්‍රාදේශීය ආණ්ඩු කිසි දෙයක් අවශ්‍ය නැති නිසා වෙළෙන්දන්ගේ සංගමයකට හෝ කාටලයකට රට බාර දෙමු.

මා සිතන ආකාරයට අප අනුගමනය කළ යුතු පිළිවෙත වන්නේ රාජ්‍යය මනාව සංවිධානය කොට එය ජන-සමාජ සම්මුතියක් ලෙස රටේ අභිලාෂ සාධනය සඳහා යොදාගැනීමේ දී ඊට අදාළ සහයක බලවේගයක් ලෙස විධිමත් වෙළඳපොළ ක්‍රමයක් ගොඩනගා ගැනීම ය. ඒ වෙළඳපොළට දෙන නිදහස ජාතික අභිලාෂ උල්ලංඝනය නොකරන සීමාව තුළ රඳවා තබා ගැනීම ය. එසේ නැතුව සමාජ-දේශපාලන නොහැකියා වසා ගැනීමට රාජ්‍යයට දොස් කීම සහ ගල් ගැසීම නොවේය.

රාජ්‍යය ජන-සම්මුතිවාදී අයුරින් ගොඩනැගිය නොහැකි සහ හැසිරවිය නොහැකි ජනතා නියෝජිතයින් යැයි කියාගන්නා අය, මිලියන ගනනින් වූ දිළිඳු පවුල්වල ජනයාට බලකර සිටින්නේ ජාවාරම්කාර වෙළෙන්දන්ගේ ක්‍රමයේ අනුහසින් සැපවත් ජීවිත ගත කරන්න කියා ද ? කෝකටත් තෛලය වෙළෙන්දන්ගේ ක්‍රමය කියා ද? පාර්ලිමේන්තුව ඍජුවම වෙළඳමේන්තුවක් කරන්න කියා ද? චරිත අපි මේ රටේ ජනයාගේ පැත්ත අරගෙන ඔවුන්ගේ රාජ්‍යය ශක්තිමත් කරමු. එය පාලකයින්ගේ රාජ්‍යය නොවන බවට වග බලා ගමු. මාලඹේ ස්ලිට් ආයතනය ගැන කෝප් හෙළිදරව්ව ගැන මගේ ප්‍රශංසාව පිළිගන්න. ඒ හෙළිදරව්ව සමාජගත කරන්න. වෙළෙන්දන් ජනයාගේ සම්පත් පැහැර ගන්නා ආකාරය ගැන ලියන්න පටන් ගන්න. දැනට එ පමණකි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    නායකයෙකුට තම අවසාන ඉලක්කය සපුරා ගත හැකි නම් ඇති එකම විකල්පය ලෙස පැහැදිලිව පෙනෙන දේශපාලන මෙවලමක් වන ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලනඥයින් සම්ප්රදායිකව භාවිතා කරති. මෙය ඔවුන් ගමනාන්ත වෙත ගෙන යන වාහනයකට සමාන කළ හැකිය.

    මෙම වාහනය අපේ සමාජය තුළ සැලසුම් කර තිබෙන්නේ මිථ්‍යාවන්, ප්‍රබන්ධ බටහිර ආක්‍රමණයට එරෙහි වාචාල කතා, බෞද්ධ පූජකයන්, ජාතක කථා සහ සුළු ජාතිකයින්ට එරෙහි ජාතිකවාදය සහ වර්ගවාදය භාවිතා කරමිනි. බෞද්ධ පෙරහැර භික්ෂූන් වහන්සේලා දේශපාලන පෙලපාලි වල සැරසිලි කරන සතුන් ලෙස ඔබ දකින්නේ එබැවිනි. අවදානමට ලක්විය හැකි මිනිසුන්ගේ මානසිකත්වය විනාශ කරන අනෙක් පුද්ගලයින් නම් කලාකරුවන් ය. ඔවුන්ගේ රසික පිරිස ඇත්තෙන්ම ඉහළ ය. ඉතින්, වංචනික දේශපාලනඥයින් ඔවුන්ට වරප්‍රසාද ලබා දෙමින් ඔවුන් සමඟ සමීප වේ.

    පසුගිය මැතිවරණය සහ කැලණිය පන්සල සහ අභයාරාමය දෙස බලන්න. සුළු මොළයක් ඇති ඕනෑම අයෙකු නොමඟ යැවීම් වලට එකඟ නොවනු ඇත, නමුත් සැලකිය යුතු සමාජ ප්‍රතිරෝධයක් නොමැති මෙතරම් දීර්ඝ ධාරාවක් ඇති මාධ්‍ය එය බලවත් ලෙස දරන්නේ නැත. එය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ප්‍රචාරයේ මාතෘකා බවට පත් නොවනු ඇත (එසේ නම් මිනිසුන් තම කොන්දේසි සහිත මානසිකත්වය වෙනස් කරන්නේ කෙසේද?).

    මෙතෙක් වේගයෙන් තම අවසාන ගමනාන්තය වෙත ළඟාවීම සඳහා එම වාහනයට ගොඩ වීමට ජවිපෙ එතරම් ආයෝජනය කළේ නැත. පෙර නොවූ විරූ ලෙස අපි සියළු දෙනාම ජවිපෙට ගෞරව කළ යුතුයි.
    අපේ බිම් මට්ටමේ මිනිසුන් විසින් ඔවුන් නැවත නැවතත් ප්‍රතික්ෂේප කිරීමට හේතුව එයයි. මැතිවරණ වලදී තම ඡන්දය භාවිතා කිරීමට පෙර මිනිසුන් දෙවරක් සිතන්නේ නැත.
    රාජපක්ෂලා විවිධ දේශපාලන උපක්‍රම භාවිතා කරමින් මැතිවරණ ජයග්‍රහණය කළ අතර මේවා ප්‍රසිද්ධ රහසකි. කෙසේ වෙතත්, අද පැන්ඩෝරා පේපර්ස් ඔවුන්ගේ නම් ඇතුළත් කළත්, නිර්ලජ්ජිතව ඔවුන් එක හා සමාන මිනිසුන්ට මුහුණ දෙමින්, එක එක පසුපස වැරදි පසු කරමින් යමින් සිටියහ. බැලූ බැල්මට වඩා 70% කට වඩා අන්ත මෝඩයන් සිටින අපේ රටේ මෙය කළ හැකිය. මෙය නැවත නැවතත් සිදු වනු ඇත. එය මඩ සහිත ජලයේ රෙදි නැවත නැවත සේදීම සේදීම හා සමාන ය.

  • 2
    0

    රාජපක්ෂවරුන් අපේ සමාජයේ මාරාන්තික පිළිකාවක් බව අපට පෙනේ, නමුත් යුද ජයග්‍රහණය නමින් හැඳින්වූ ව්‍යාජ අවබෝධය නිසා බොහෝ දෙනා එය නොදකිනු ඇත .. රාජපක්‍ෂ සහෝදර සහෝදරියන් ජාතියට ප්‍රිය කරනවා නම්, ජාතියට යහපතක් සිදු විය හැකිය. රාජ්‍ය අරමුදල් විශාල ප්‍රමාණයක් සොරකම් කිරීම සඳහා පැන්ඩෝරා පේපර්ස් හි රාජපක්‍ෂගේ නම ඇතුළත් බව දින කිහිපයකට පෙර මුළු ලෝකයම හෙළි කළේය. මෙය ජපානයේ හෝ යුරෝපයේ තිබුනේ නම්, එම නායකයින්ට එකම මිනිසුන්ට මුහුණ දීමට නොහැකි වීම සඳහා “හරකරි” කිරීමට ඉඩ තිබුණි. නමුත් රාජපක්ෂවරු එය බැරෑරුම් ලෙස නොසලකති, මන්ද ඔවුන් සාමාන්‍යයෙන් ලාංකිකයන් මෝඩයන් බව දන්නා බැවිනි.
    ඔවුන්ට වැඩි කාලයක් ගතවනු ඇත.
    නරකම යක්ෂයෙකු පවා සාන්තුවරයෙකු ලෙස තිරය මත ප්‍රදර්ශනය කරන්නේ නම්, අවදානමට ලක්විය හැකි ජනතාව ඔවුන්ට බොළඳ ලෙස ගෞරව කරනු ඇත. සමාජයේ වෘත්තිකයන් සහ ජ්‍යෙෂ්ඨයින් තවදුරටත් සිය නිහ silenceතාව සහ උදාසීනභාවය තවදුරටත් පවත්වාගෙන යති.

    හින්දු හෝ සිංහල බුද්ධාගමේ සිට එන ලාංකික මිථ්‍යාවන් අපරාධකරුවන් පහසුවෙන් ගොදුරු කර ගැනීමේ පහසු මෙවලමකි. බොහෝ සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා දේශපාලනය පිළිබඳ කරුණු වලින් keptත් වී සිටිති. සිංහලබෞද්ධ ආගම විසින් සමාජය තුළ ඔවුන්ට ලබා දී ඇති තැන අනුව මෝඩ රැස්වීම් ඉදිරියේ ඔවුන් “සියල්ල දන්නා” කරවයි. ඔබ “උසස් පරිච්ඡේද භික්ෂූන් වහන්සේලා” සමඟ සම්මුඛ සාකච්ඡා කළහොත් ඔවුන්ගේ දැනුම යාවත්කාලීන නොවන බව පැහැදිලි වනු ඇත.

    බොහෝ දේ ගැන තොරතුරු, කරුණු සහ සංඛ්‍යා නොමැතිව මිනිසුන් අඳුරු ලෙස තබා ඇත. ඔවුන් ද පාපොච්චාරණය නොකරනු ඇත. අවසානයේදී, ඕනෑම වංචනික ස්ත්‍රී පුරුෂයෙකුගේ පහසුම ගොදුරට ඔවුන් හසු වනු ඇත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.