25 April, 2024

Blog

“කවුද හොරා” – මෙය පාද සටහනකි

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

2015 මාර්තු 17 – 19 දෙදින පාර්ලිමේන්තු හැන්සාඞ් වාර්තාවන්හි සඳහන් කරුණු පදනම් කර ගනිමින් පසුගිය මහා මැතිවරණයට කලින් එ.ජා.පක්ෂ ප‍්‍රචාරක වැඩසටහන යටතේ පොත් පිංචක් සකස් කොට නිකුත් විය. එය මහරගම පන්සල පාරේ, 159/49 සී පදිංචි නිහාල් අබේසේකර විසින් මල්වාන, වඩුවේගම, අංක 765/2 දරණ ස්ථානයේ පිහිටි ආර්.එස්. ප‍්‍රින්ටර්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් හිදී 2015 අගෝස්තු 11 වන අඟහරුවාදා එම ස්ථානයේ දී මුද්‍රණය කරන ලදි යනුවෙන් සඳහන් කර දැන්වීම් අතිරේකයක් වශයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුතුව “කවුද හොරා” යනුවෙන් පිට කවරයක් සහිතව රට පුරා බෙදා හරින ලදි. එම පොතින් උපුටාගත් ෙඡ්ද කිහිපයක් ජනතා මතකය අළුත් කිරීම සඳහා අද පාද සටහන් කල්ලියට උපහාරයක් වශයෙන් මෙහි පළ කරනු ලැබේ.

‘‘මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සමාජයේ විවිධ අදහස් පළ වෙනවා. චෝදනා නැගෙනවා. සමහරු කියන්නේ මෑත ඉතිහාසයේ සිදු වූ දැවැන්ත ම මුදල් මගඩිය කියායි. මොකද්ද මේ මගඩිය? කවුදා හොරා? මේ චෝදනා නගන අය මේ පිළිබඳව මුල්‍ය අපරාධ කොට්ඨාශයට හෝ වෙනත් වගකිවයුතු ආයතනයකට පැමිණිලි කළා ද? එසේ නො කළේ ඇයි? පෙනෙන හොරා ට අමතරව තවත් හොරු ඉන්න නිසා ද? එහෙම තවත් හොරුන් ඉන්නවා නම් ඔවුන්ගේ අරමුණ කුමක් ද? මේ මහා වෑයම රටක් රකින්න ද? නැතිනම් පුද්ගලයන් රකින්න ද? අපි මැදිහත් සිතින් විමසා බලමු.’’

අර්ජුන මහේන්ද්‍රන් සුදුසුස්සෙක් ද?

“ඔහු අධ්‍යාපන සුදුසුකම් අතිනුත්, මූල්‍ය ක්ෂේත‍්‍රයේ පළපුරුද්ද අතිනුත් සියලූම සුදුසුකම් සපුරා ලූ කෙනෙකි. ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය දැරූවෙකි. ශ‍්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත‍්‍රිකයකුගේ පුතෙකු වන ඔහු 2004 දී සිංගප්පූරුවට ගියේ වෘත්තීය අවශ්‍යතාවය මතය. සැබවින් ම ඔහු තම වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇත්තේ ද ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක් ලෙසය. එංගලන්තයේ කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන ඔක්ස්පර්ඞ් විශ්ව විද්‍යාලයෙන් අදාළ ක්ෂේත‍්‍රය පිළිබඳ පශ්චාද් උපාධි සුදුසුකම් ලබා ඇත්තෙකි.’’

‘‘බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් බොරු මවා පාමින්, ජනතාව නොමග යවන්නට උත්සාහ කළේ මේ සත්‍යයන් එළිදරව් වෙතැයි බියෙන්. පරික්ෂණ කමිටුව පත් කළ අවස්ථාවේ ඊට විරුද්ධ වුණේත් එ් නිසයි. නමුත් මේ පරික්ෂණ කමිටුව නිසා දැන් කබ්රාල් කළ කී දෑ හෙළි වී තිබෙනවා. එසේ සිදු කළ සියලූ පව් වත්මන් මහ බැංකු අධිපතිවරයා මතින් යැවීමේ අරමුණින් ඔවුන් මහජනතාව ද, ජනමාධ්‍යය ද නොමග යැව්වා. නමුත් සත්‍යය සැමදා සඟවන්නට බැහැ. අගෝස්තු 17 වන දා නව පාර්ලිමේන්තුව පත් වූ විගස, මේ ගැන සිදු කළ කෝප් කමිටු පරීක්ෂණය විධිමත් ලෙස ඉදිරියට ගෙන යන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සපථ කර තියෙනවා. එ් පරීක්ෂණයේ දී සත්‍යය හෙලි වේවි. වරදකරුවන් වන සියලූ දෙනාට නිසි දඬුවම් ලබා දෙන බවට අග‍්‍රාමාත්‍යතුමා සහතික වී තියෙනවා.’’

උපුටා දැක්වීම් අවසන් ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

මේ අතර පොත් පිංචේ සඳහන් වන ඇතැම් කාරණා අගමැතිවරයා 2015 මාර්තු 17 වනදා සිය පාර්ලිමේන්තු ප‍්‍රකාශයේ දී වෙනත් කරුණු අතර මෙසේද සඳහන් කර ඇත.

උපුටා ගැනීම – හැන්සාඞ් වාර්තාව – 2015 මාර්තු 17, පිටු අංක 69 – 70

‘ඔබතුමන්ලා කී දෙනෙක් Bond market එක ගැන දන්නවාද? කී දෙනෙක් Brooke Bond, ගැන දන්නවාද? කී දෙනෙක් , James Bond ගැන දන්නවාද? ඉතින් එහෙම නම් අපි සුදුසු නෑ…’’

‘‘පසුගිය සඳුදා සිට අර්ජුන මහේන්ද්‍රන් මහතා නිවාඩු ලබා තිබෙන අතර, මේ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ඔහු තම රාජකාරි කටයුතු වලින් වැලකී සිටින බවද මට දන්වා තිබෙනවා. මට suspend කරන්න බලයක් නෑ. එතුමා එන්නේ නැති නිසා එතුමාට එන්න එපා කිව්වා. මේ නිසා සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමේ පසුබිම ඔහු සලසා දී තිබෙනවා. මෙම තනතුරු මීට පෙර දැරී පුද්ගලයන් ක‍්‍රියා කළ ආකාරයට වඩා මෙය හාත්පසින්ම වෙනස් තත්ත්වයක්. කවුරුවත් අයින් වුනේ නෑ මීට ඉස්සර ගෙදර යන්න කීවෙත් නැහැ…’’

උපුටා දැක්වීම් නිමයි ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

අද අර්ජුන මහේන්ද්‍රන් වාෂ්ප වී සිටී. ඔහු කැඳවාගෙන එ්මට අධිකරණයට භාරදීමට වගකිවයුත්තෙක් නැත. මිත‍්‍රයෙක් නැත. ඔහුගේ සුදුසුකම් පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කළ අය අද නිහඬය. ඔහු දැන් නිවාඩු පිට නොව අධිකරණය මග හරිමින් සිටින පුද්ගලයෙක් වී ඇත. ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් වී ඇත.

ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ෙදාල පිදේනි වලින් පිදුම්ලත් අය අද විකාර වමාරමින් සිටිති. ඔවුන්ගෙන් සමහර දෙනෙක් පර්පෙචුවල් ටෙ‍්‍රසරිස් ගැනවත් මැන්දිස් ව්‍යාපාර සමූහය ගැනවත් කිසිවක් දැන සිටියේ නැති බව කියති. මුදල් ලැබුන ආකාරය ගැන මතකයක් නැත. ඇලෝසියස් වෙනුවෙන් ඇත්ත නැත්ත කළ හැටි, පොත් ගැසූ හැටි, කෝප් කොමිටියේදී ඔහුගේ මුදලට යටවී පොත් පෙරලූ හැටි අද මතක නැත. මහජනතාවට මේවා හොඳින් මතක ඇත. එනිසා නන්දෙඩවීම කුමණ ආකාරයට සිදු කළත්, තව තවත් දුගඳ පැතිර යන්නේය. ගාගෙන නාගෙන සිටිය අය අද උම්මත්තකයන් බවට පත්ව ඇති සේය.

2018.01.13 වනදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ විශෙෂ ප‍්‍රකාශයේ ඇතැම් කොටස්වල මෙසේ සඳහන් වී ඇත.

උපුටා දැක්වීම් ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

‘‘මහේන්ද්‍රන් මහතා අසම්මත හා සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ ක‍්‍රියාවලියක් මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත් වී ඇති අතර අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදා දීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු බවද වාර්තාවේ සඳහන් වෙනවා. මෙම ක‍්‍රියාවන් මගින් එක්තරා පාර්ශවයකට වාසි ගැනීමට හැකිවී ඇතැයි තීරණය වී තිබෙනවා’’

””ලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඞ් රෝ සමාගම විසින් ‘‘පෙන්ට්හවුස්’’ තට්ටු නිවාසයකට කුලිය ගෙවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මතා වෙත වගකීම වාර්තාවේ සඳහන් වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස් හා දූෂණ පණත යටතේ නඩු පැවරිය යුතු බවත්, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ කොමිෂන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන්ද නඩු පැවරිය යුතු බව මෙම වාර්තාවේ සඳහන් වෙනවා’’

‘‘සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතයක් සිදුවී ඇති බවත් නියම මුදල් ප‍්‍රමාණය සොයා ගැනීම සඳහා වෝහාරික විගණනයක් හෝ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සඳහන් වෙනවා’’

‘‘අදාල පුද්ගලයන්ට නඩු පැවරීම සහ කොමිසමේ නිර්දේශ අඛණ්ඩව, කාර්යක්ෂමව, ප‍්‍රමාදයකින් තොරව ක‍්‍රියාත්මක වීම පිළිබඳව අදාල අංශ ප‍්‍රධානීන් සමග මසකට වරක් ප‍්‍රගති සමාලෝචනයක් කිරීමට මගේ ලේකම්වරයාට දැනුම් දී ඇති බව මෙහිදී මා වැඩි දුරටත් සඳහන් කරනවා’’

උපුටා දැක්වීම් අවසන් ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

මේ පැරණි සටහන්වලින් වර්තමානයේ සිදුවෙමින් පවතින ක‍්‍රියාදාමය සමාලෝචනයකට භාජනය කිරීමට මහජනතාවට ඉඩ ලැබෙන බැවින් එ් පිළිබඳ අමුතු අටුවා ටීකා අනවශ්‍යය. ගොළුවන් බිහිරන් සේ නිහඬතාවය රකිමින්ද, වාග් පාචනය වැළඳී දිගටම කියවාගෙන යමින් සත්‍යය වසන් කර ගැනීමට වෙර දරමින්ද සිටින අය මේවා දෙස දහසක් නෙත් යොමු වී තිබෙන බව අමතක නොකළ යුතුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    The most important part is Sri lankan govt as well as Top beaurucrats are corrupt. IT says, 1972 constitution changed appointment of both the Top Beaucrucrats which allowed to give up on PErmanent Secretaries instead allowed to appoint their children, brothers, wives etc., to those posts. I heard a few days ago, son of the fisheries minister was fired as the Secretary to the same ministry and he had got Seven and half lakhs as the salary. Think about added perks and benefits. Related to another thing is PArliament is by default EXECUTIVE. How Mahinda rajapakse govt made it 2/3rd powerful and how Ranil’s 19th amendment made him all powerful are evidence that there is no Executive president. I heard, even dyring the CBK times, Ranil was over powering CBK and ruled the country for four years until he was fired.
    Even now, the lack of democratic party constitutions make the ability of their own to be appointed as leaders winning the electionis a just a block vote and a rejection votem and it is mostly emotional and not logical.

  • 0
    0

    රුසිරිපාල මහත්මයාණෙනි..
    එදා සිදුවූ බරපතල ගණයේ මිනිස් ඝාතන…පෑහෑරගෑනීම් අතුරුදන් කිරීම්…කප්පම් ගෑනීම් ..හමුදාවේ සෑපෑයුම් මත සිදුවූ වංචනික ගණුදෙනු…හෙජින් ගණුදෙනු…ග්‍රීසියේ බෑදුම්කර ආයෝජන… පොදුරාජ්ය මණ්ඩල ක්‍රීඩාවට ජෝගි නෑටීම… නොරච්චොල බලාගාරය ඉදි කිරීමේදි සිදුවූ මහා වංචාව… ගාලුමුවදොර හමුදාව සතු ඉඩම් විකිණීම… පෝට් සිටි ගොඩකිරීම… චීනයෙන් ඉදිකිරීම් සදහා ගත් මහා ණය… ක්‍රිශ් ගණුදෙනුව…කොළොඹ ඉඩම් විකිණීම ..හයාට් හෝටල් වංචාව….ඈතුලු වෙනත් බොහෝ ගණුදෙනු….

    මේවා සියල්ල සිදුවෙන අවධියේ මුදල් ඈමෑතිකම දෑරුවේ රටේ අතිගරු ජනාධිපති… මුදල් අමාත්යාංශයේ ලේකම් වුනේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නෑවෑත රාජ්‍ය සේවයට නුසුදුස්සෙක් වූ පී.බී ජයසුන්දර…මහා බෑංකු අධිපති කබරාල් …

    දෑන් ප්‍රශ්නය වන්නේ එදා කවුද මේවා ගෑන හිටපු ජනපතිගේ විමසුවේ……ඔබ එම ගණුදෙනු ගෑන අද මෙන් විමසා මත ප්‍රකාශ කලේද ..? කිසිවෙක් නෑහෑ….

    එවිට අද මේ බෑදුම්කරය අල්ලාගෙන ඔබ රටට කියන්න උත්සාහ කොරන්නේ කුමක්ද යන්න පෑහෑදිලි නෑහෑ….අඩු ගානේ රටේ ප්‍රකාශන..භාශණ නිදහස ඈති බෑව් ඈයි නොකියන්නේ..?

    • 0
      0

      Lion: You are another FRaud as your prime minister is. did Ranil say he would establish FCID and would prosecute all the thieves in that govt. UP to now how much he has recovered. why HE can not fire RAVI KARUNANAYAKE who was dientified by the CIABOC/FCID as the LIAR, Money Launderer and taking money in bags, not via accounts, as bags. Do you say Ranil di dnot get Money Stolen (by FRAUD).

    • 0
      0

      ?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.