15 December, 2024

Blog

පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ මහාමාර්ග අමාත්‍යංශයේ වගකිව යුත්තන් වහාම අත්අඩංගුවට ගත යුතුය

සජීව චාමිකර 

සජීව චාමිකර

ගම්පහ, දාරළුව ප්රදේශයේ පිහිටි මෙරටට ආවේණික විශාලත ම හා ඉතා ම දුර්ලභ පඬු කරඳ ශාකය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බැකෝ යන්ත් 4 ක් භාවිත කර නීති විරෝධී ව සම්පූර්ණයෙන් ම විනාශ කර දමා ඇත. මධ්යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා ඇති පළමු කොටසට අයත් වන භූමියක පිහිටි මෙම ශාකය ක්රමවත් ව සංරක්ෂණය කිරීමේ ක්රමවේදයක් ක්රියාත්මක නොකර අනීතික ව හා බලහත්කාරය භාවිත කර මෙසේ විනාශ කර දමා තිබේ. මෙම ශාකය කපා ඉවත් කර, මුල් කොටස් ගලවා ඉවත් කිරීම හා වලවල් හාරා ශාකයේ කොටස් වල දමා පස් ඇතිරීම ඇතුළු සියලු ක්රියා ඉතා ම සංවිධානාත්මක ව සිදු කර ඇති අතර ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්යම අධිවේගී මාර්ග ව්යාපෘතිය සහ පරිසර හා සමාජ සංවර්ධන අංශය මගින් නිසි ක්රමවේදයකට යටත් ව මෙම ශාකය සංරක්ෂණය කිරීම හා අධිවේගී මාර්ග සංවර්ධනය තුළිත ව ක්රියාත්මක කර තිරසර සංවර්ධන උපායමාර්ගවලට පිවිසීමේ හැකියාව තිබිය දී ඒ සඳහා අතිරික්ත වැයක් දැරීමට සිදු වන බව සඳහන් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය මෙම ශාකය බලහත්කාරයෙන් විනාශ කිරීමට ක්රියාමාර්ග ගැනීමෙන් සිදු කර ඇත්තේ වැරදි පූර්වාදර්ශ සමාජයට ලබා දීමකි.

නමුත් දකුණු අධිවේගී මාර්ගය සකස් කිරීමේ දී ව්යාපෘති සැලැසුමේ බෙලිඅත්ත හා කසාගල හුවමාරු අතර බැදිගම නමින් හුවමාරුවක් නොතිබුණ ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මැදමුලන නිවසට පහසුවෙන් පිවිසීමට බැදිගම හුවමාරුව නමින් අලුතින් හුවමාරුවක් දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කිරීමේ දී සකස් කළ නිලධාරීන්ට පඬු කරඳ ශාකය ආරක්ෂා කිරීම සඳහා සැලැසුම් සකස් කිරීමට නොහැකි වීම කණගාටුවට කරුණකි. 

ෆැබේසියේ (Fabaceae) කුලයට අයත් පඬු කරඳ ශාකය ඉංග්රිසියෙන් Sri Lanka Legume ලෙසත් විද්යාත්මක ව Crudia zelanica ලෙසත් හැඳින් වේ. මෙම ශාකය විද්යාත්මක ව නාමකරණය කිරීමෙන් අනතුරු ව 1911 වසරෙන් පසු මෙරටින් වාර්තා වූ බවට විද්යාත්මක සාධක නොතිබුණි. නමුත් 2019 වසරේ දී ගම්පහ දිස්ත්රික්කයේ දාරළුව ග්රාම නිලධාරී වසමට අයත් මධ්යම අධිවේගී මාර්ගයට යටත් වන එච්. අයි. එම්. . මුණසිංහ මහතාට අයත් ව තිබූ වන්දි ගෙවීමෙන් පසු පවරාගන්නා ලද ඉඩමෙන් වසර 108 කට පසු ව හිමේෂ් ජයසිංහ ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් පළමු වරට මෙම ශාකය නැවත සොයා ගන්නා ලදී. ඉන් පසු ව ගම්පහ දිස්ත්රික්කය තුළ ස්ථාන කිහිපයකින් මෙම ශාක විශේෂය වාර්තා කිරීමට ද හැකි වී ඇත.

2021 වසරේ දී පරිසර අමාත්යංශය විසින් ප්රකාශයට පත් කළ ජාතික රතු දත්ත ලේඛණයේ මෙම ශාකය දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් වූ (Critically Endangered – CR) ශාකයක් ලෙස නම් කර තිබේ. ඊට හේතුව පළමු ව වඳවී ගොස් ඇතැයි විශ්වාස කළ මෙම ශාකය 2019 වසරේ දී නැවත වාර්තා කිරීම හා ඉතා ම සුළු ස්ථාන ගණනකින් පමණක් ස්වාභාවික ව මෙම ශාකය වාර්තා වී තිබීම ය.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ ඇති VIII වන උප ලේඛණයේ පඬු කරඳ ශාකය ආරක්ෂිත ශාකයක් ලෙස ලේඛණ ගත කර ඇත. ඒ අනුව එවැනි ශාකයක් කපා ඉවත් කිරීම ඇතුළු කුමන ආකාරයක හෝ හානි සිදු කිරීමක් නීති විරෝධී ක්රියාවකි. එවන් නීති විරෝධී ක්රියාවක නිරත වීම පනතේ 671 උප වගන්තියට අනුව වරෙන්තුවක් නොමැති ව අත් අඩංගුවට ගත හැකි සංඥ්ය වරදක් වේ. එවන් ක්රියාවක නිරත පුද්ගලයකුට එරෙහි ව පනතේ 671 උප වගන්තියට අනුව අපරාධ නඩු විධාන සංග්රහය පනතේ සංඥ්ය වැරදි හා සම්බන්ධ විධි විධාන ක්රියාවේ යෙදවිය හැකි ය. එවන් පුද්ගලයකු මහේස්ත්රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 10,000 ත් 20,000 ත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කිරීමේ හැකියාව ඇත. එපමණක් නොව මෙවන් නීති විරෝධී ක්රියාවක නිරත වීමට අනුබල ලබා දෙන පුද්ගලයකු ද එම වරදට ම වරදකරුවකු වන බව පනතේ 59 වන වගන්තියේ සඳහන් කර ඇත. 

2023 ජූලි මස 10 වන දින සිදු කළ මෙම පඬු කරඳ ශාකය විනාශ කිරීමේ නීති විරෝධී ක්රියාවට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා අමාත්යවරයා සෘජුව වගකිව යුතු ය. ප්රවාහන හා මහා මාර්ග අමාත්ය බන්දුල ගුණවර්ධන, අමාත්යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී. පී. අතුලුවගේ, අධ්යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන් පමණක් නොව මධ්යම අධිවේගී මාර්ග ව්යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ ව්යාපෘති අධ්යක්ෂ ලෙස කටයුතු කරන ආර්. එම්. ජේ. එන්. රත්නායක ඇතුළු සියලූ ම නිලධාරීන් මෙම ආරක්ෂිත ශාකය විනාශ කිරීමට වගකිව යුතු ය. 

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ විධි විධානවලට අනුව මේ සියලූ ම නිලධාරීන් හා අමාතයවරයා මෙම පඬු කරඳ ශාකය විනාශ කිරීමට වරදකරුවන් වන්නේ ඔවුන් විසින් ලබා දුන් නිර්දේශ මත මෙය සිදු කර තිබීමෙනි. එසේ නොමැති ව බැකෝ යන්ත්ර ක්රියාකරවන්නන් හතර දෙනෙකුට මෙවැනි විනාශයක් සිදු කළ නොහැකි ය. මේ නිසා මේ පිළිබඳ ව පුළුල් පරීක්ෂණයක් සිදු කර නීති විරෝධී ක්රියාවේ නිරත වූ සියලු පුද්ගලයන්ට නීතිය ක්රියාත්මක කළ යුතු අතර මෙම ශාකයේ කොටස් සංරක්ෂණය කිරීම සඳහා ද සැලැසුම් ක්රියාත්මක කළ යුතු ය. 

එපමණක් නොව තිරසර සංවර්ධනය වැනි පරිසර මූලධර්ම මත පදනම් වූ අණ පනත් යටතේ ක්රියාත්මක වන රාජ්ය ආයතනවල නිලධාරීන් හා අමාත්යවරුන් මේ ආකාරයෙන් ක්රියාත්මක වීම රටේ ජනතාව ගේ මෙන් ම අනාගත පරපුරේ අවාසනාවකි. 

මේ නිසා පරිසර යුක්තිය, තිරසර සංවර්ධනය, ප්රජාතන්ත්රවාදී පාලනය හා නීතියේ ආධිපත්ය සුරක්ෂිත වූ රටක් ගොඩ නැගීම ගැන සිතන පුරවැසියන් ලෙස මීට එරෙහි ව ක්රියාත්මක වීමට සියලු ජනතාව ඒකරාශී විය යුතු ව ඇත. එය විනාශ කළ පඬු කරඳ ශාකය නැවත ගොඩනැගීමට නොව වත්මන් පාලකයන් විසින් විනාශ කරන රටේ සමස්ත ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ගන්නා ක්රියාමාර්ගයක් ලෙස ය.

Latest comments

  • 0
    0

    උද්භිද විද්‍යාඥයන්, පරිසර විද්‍යාඥයන් සහ අනෙකුත් බලධාරීන් CRUDIA CEYLANICA හි වැදගත්කම දැන සිටියේ නම්, ඔවුන් වැඩි වැඩියෙන් බෝ කිරීමට පියවර නොගත්තේ ඇයි?
    ඕනෑම රටක සංවර්ධන ව්‍යාපෘති හඳුන්වා දෙන විට ඇතැම් ස්ථානවල ගස් හා පැල ඉවත් කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. –

    මම හිතන්නේ අපේ පර්යේෂකයන් හෝ වෙනත් අය කිසිම දෙයක දුර්ලභත්වය ගැන අවධානය යොමු කරන තිරසාර ව්‍යාපෘති ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එවැනි ප්‍රදේශ සඳහා අපට අමාත්‍යාංශ සහ බලධාරීන් ඇත්තේ කුමන අරමුණක් සඳහාද?

    • 0
      0

      සමහර පරිසර විද්‍යාඥයින්, උද්භිද විද්‍යාඥයින්, ජීව විද්‍යාඥයින් සහ වෙනත් පර්යේෂකයන් දිගු කලක් පැවති ශාක ඉවත් කිරීමට පෙර දුර්ලභ ශාක වගා නොකළේ මන්දැයි මටත් විශාල ප්‍රශ්නයක් තිබේ. මම හිතන්නේ අපේ රට සමාන අදහස් ඇති රටවල මෙන් දිගුකාලීන පියවරක් සැලසුම් නොකරන දේශයක්. මම ADISABEBA හි මගේ මිතුරෙකු සමඟ කතා කළ පරිදි, අද ඉතියෝපියාවේ පවා ඔවුන් මෙම ඕනෑම ආකාරයක සිදුවීම් වලට පෙර සැලසුම් කරයි:
      විප්ලවීය තොරතුරු තාක්‍ෂණයට වඩා හොඳින් සැලසුම් කිරීමට ඔවුන්ට උපකාර කළ හැකි වුවද අපේ මිනිසුන් ඉතා ප්‍රාථමික ලෙස හැසිරේ.

      මේ ආකාරයේ ශාක හා සත්ත්ව විශේෂ ඉදිරි වසරවලදී ද වඳ වී යා හැකි අතර, ඒ සම්බන්ධයෙන් ලංකා සංරක්ෂණවේදීන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

  • 0
    0

    රාජපක්ෂලා විසින් දූෂණ-බීජ වැපිරීම සඳහා බොහෝ කලකට පෙර සත්‍යය වෙනුවට අසත්‍යය පැටවූහ. ඩී.ඒ.රාජපක්ෂ විසින් නිෂ්පාදනය කරන ලද රස්තියාදුකාර සහෝදර සහෝදරියන් ඔවුන්ගේ දේශපාලන පැවැත්ම සඳහා සමාජය තුළ ඉහළින් තබා ගන්නා ලදී.

    එකදු නිර්භීත මාධ්‍යවේදියෙකුවත් ජනතාව දැනුවත් කිරීම සඳහා ගෝටා සහ මරාගෙන් ප්‍රශ්න කරන්නේ නැත. ඇයි ? මොකද එහෙම නිර්භීත මාධ්‍යවේදීන් මේ රටේ නැහැ.

    රටතුළ මාධ්‍යවල සැරිසරන්නේ සත්‍ය තොරතුරු බව තරුණ පරම්පරාව සිතනවා විය හැකිය. මාධ්‍ය මාධ්‍යවේදීන් “ලෝකයේ පැරණිතම වෘත්තිය – ගණිකා වෘත්තියේ යෙදෙන අයට” දෙවැනි වූයේ නැත:
    ඒ නිසා වෙන්න ඇති පසුගිය ජනාධිපතිවරණයේදී ඔවුන් ඡන්දය දුන්නේ දැනුමක් නැති මිනිහෙකුට. එහි ප්‍රතිඵලයක් ලෙස අද මිනිසුන්ට ඔවුන්ගේ හිතවත් අයට පමණක් නොව සෑම කෙනෙකුටම එහි භයානක ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදු වී තිබේ.

    පසුගිය කාලයේ නැති තරම් මෑත කාලයේ නාගරිකයන් පවා තවත් ගොනාට අන්දවමින් මන්ත්‍ර ගුරුකම්, ජ්‍යෝතිඃ ශාස්ත්‍රය ඇතුළු විසුළු න්‍යායන් සමාජය තුළ මතුවිය.

    රාජපක්ෂ මන්ත්‍ර පිටපත ප්‍රවර්ධනය කිරීම සඳහා ලාභ ටෙලිනාට්‍ය නළු නිළියන් ලාබෙට හා මිලේච්ච රූපවාහිනී නාලිකා විසින් කුලියට ගන්නා ලදී.

    සංඝ මුදලාලිලා සහ රතන හිමි වැනි සංඝ ගණිකාවන් බිහිවූයේ කවදාද?

    මංගලාරාමයේ පිස්සු හාමුදුරුවෝ ප්‍රදේශයේ පොලිසියත් එක්ක ප්‍රසිද්ධියේ ප්‍රාදේශීය දේවගැතිවරුන්ට සහ හින්දු ප්‍රභූවරුන්ට කායිකව මඩ ගැහුවා වගේ සිද්ධීන්වලට සැලකිය යුතු දඬුවමක් දුන්නේ නැහැ. නීතියට හා සාමයට මොකද වුණේ ?????
    .
    මෙය ඉතා සූක්ෂ්ම ලෙස සිංහල බුද්ධාගම සහ ජාතක කතා වේශයෙන් සිදු කරන ලදී. එය එදා සිටම ක්‍රියාත්මක වූ තක්කඩි දේශපාලකයන්ගේ ඉතා සියුම් ව්‍යාපාරයක් වූයේ මහින්ද චින්තනය ප්‍රතික්ෂේප නොකරන ආකාරයට රැවටිලිකාර මානසිකත්වය හසුරුවා ගැනීමට පමණි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.