26 February, 2024

Blog

ජාතික භෞතික සැලැසුමෙන් හා ණය කොන්දේසි මත වර්ධනය කළ අලි-මිනිස් ගැටුම

සජීව චාමිකර

සජීව චාමිකර

අද වන විට ඉතා ම දරුණු අලිමිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම අලි මරණ ප්රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය 2022 වසරේ දී ය. එය අලිඇතුන් 433 කි. අලින් ගේ පහර දීම් හේතුවෙන් වැඩි ම මිනිසුන් ප්රමාණයක් වසරක් තුළ මිය ගොස් ඇත්තේ ද මෙම වසරේ දී ම ය. එය මිනිසුන් 145 කි. 

1990 වසරේ සිට 2023 වසරේ අප්රේල් මාසය දක්වා ගෙවී ගිය වසර 34 ක කාලය තුළ දී අලිඇතුන් 6642 ක් මියගොස් ඇත. ඉන් 70% ක් පමණ අලිමිනිස් ගැටුමේ ප්රතිඵලයක් ලෙස මිනිසුන් විසින් ඝාතනය කළ සතුන් ය. 1998 වසරේ සිට 2023 වසරේ අප්රේල් මාසය දක්වා වූ වසර 26 තුළ දී අලින් ගේ පහර දීම් හේතුවෙන් මිනිසුන් 2032 ක් මිය ගොස් තිබේ. 

මෙම සංඛ්යා ලේඛණ වලින් පෙනී යන්නේ මෙරට අලිඇතුන් හා මෙම සතුන් ජීවත් වන ප්රදේශ ආශ්රිත ව දිවි ගෙවන ජනතාව දරුණු ඛේදවාචකයකට මුහුණ දී සිටින බව ය. බොහෝ දෙනෙක් සිතන්නේ අලි ගහනයේ වැඩි වීම අලිමිනිස් ගැටුම මේ ආකාරයෙන් වර්ධනය වීමට බලපා ඇති බව ය. නමුත් අලි ගහනය වර්ධනය වන බවට කිසිදු විද්යාත්මක සාධකයක් නොමැත.

ලංකාවේ අවසන් වරට අලි සංගණනයක් සිදු කෙරුනේ 2011 වසරේ දී ය. එම සංගණනයට අනුව අලිඇතුන් 5879 ක් වාර්තා වන බවට හඳුනා ගැනින. නමුත් අලි සංගණනයෙන් පසු ව ගෙවී ගිය වසර 12 කට තරමක් වැඩි කාල සීමාව තුළ දී අලිඇතුන් 3685 ක් මිය ගොස් තිබේ. ඒ අනුව අද වන විට මෙම සතුන් ගේ ගහනය ඉතා ම දරුණු ලෙස පහළ යමින් තිබෙන බව පෙනී යයි. නමුත් අලිඇතුන් ගේ වාසස්ථාන ශීඝ්රයෙන් විනාශ කිරීම හේතුවෙන් මෙම සතුන් ගම් වැදීම බහුල වීම නිසා අලි ගහනය වර්ධනය වී ඇති බවක් පෙනෙන්නට තිබෙන බව බොහෝ දෙනෙක් සඳහන් කරති. එහෙත් සත්ය තත්ත්වය නම් අලිඇතුන් ඝාතනය කරන ශීඝ්රතාවයට සාපේක්ෂ ව ගහනයේ වර්ධනය වීමක් සිදු නොවන බව ය. මෙහි ඉතා ම කණගාටුදායක තත්ත්වය නම් දළ ඇතුන් හා ශක්තිමත් පිරිමි සතුන් නිතර ඝාතනයට ලක් වන නිසා ගැහැණු හා පිරිමි සතුන් අතර ඇති අනුපාතය වෙනස් වීම හා සුවිශේෂී ජාන සහිත සතුන් ගහනයෙන් ඉවත් වීම හේතුවෙන් අලිඇතුන් ගේ ගහනය දුර්වල වෙමින් පැවතීම ය. 

අලි මරණ හා සම්බන්ධ පැරණි වාර්තා විශ්ලේෂණාත්මක ව අධ්යයනය කිරීමේ දී පෙනී යන්නේ හැත්තෑව දශකයට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂ ව වර්තමානය වන විට අලි මරණ සිව්ගුණයකට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බව ය.

1951 වසරේ සිට 1969 වසර දක්වා ගෙවී ගිය වසර 19 ක කාලය තුළ දී මිය ගොස් ඇති අලිඇතුන් ගේ ප්රමාණය 1163 කි. එම කාලය තුළ දී වසරකට මිය ගොස් ඇති අලිඇතුන් ගේ සාමාන්ය අගය 61 ක් පමණ වේ. නමුත් 2004 සිට 2023 අප්රේල් මාසය දක්වා වූ වසර 19 ක කාලය තුළ දී අලිඇතුන් 5010 ක් මිය ගොස් තිබේ. එම කාලය තුළ දී වසරකට මිය ගොස් ඇති අලිඇතුන් ගේ සාමාන්ය අගය 263 ක් පමණ වේ. ඒ අනුව හැත්තෑව දශකයට පෙර පැවති තත්ත්වයට වඩා අලි මරණ සිව්ගුණයකට වැඩි වර්ධනයක් සිදු වී ඇති බව තහවුරු වේ. මේ තත්ත්වය පිටුදැකීමට නම් මේ සඳහා බලපෑ හේතු සාධක පිළිබඳ ව ගැඹුරින් සොයා බැලිය යුතු ව ඇත. 

වර්ෂ 2010 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්රකාශිත අවසන් වනාන්තර සංගණනයට අදාළ වාර්තාවට අනුව මෙරට සමස්ත වනාන්තර ආවරණය හෙක්ටයාර 19,51,473 කි. එය මෙරට සමස්ත භූමි ප්රමාණයෙන් 29.7% කි. මෙම වනාන්තර අතුරෙන් අලිඇතුන් ප්රධාන වශයෙන් ජීවත් වන්නේ අතරමැදි, වියළි හා ශුෂ්ක කලාපවලට අයත් වියළි මිශ්ර සදාහරිත වනාන්තර, අතරමැදි කලාපීය මෝසම් වනාන්තර, සැවානා තෘණ භූමි හා කටු පදුරු සහිත ලඳු කැළෑ වනාන්තරවල ය. මෙම වනාන්තරවල ප්රමාණය හෙක්ටයාර 17,36,805 කි. එය ලංකාවේ මුළු භූමි ප්රමාණයෙන් 26.5% ක ප්රතිශතයකි. නැතහොත් මෙරට අතරමැදි, වියළි හා ශුෂ්ක කලාපවල මුළු භූමි ප්රමාණයෙන් 34.5% ක ප්රතිශතයකි. අලිඇතුන් ජීවත් වන ස්වාභාවික පරිසර පද්ධති මේ ආකාරයේ අඩු මට්ටමක පැවතීම හා එම වනාන්තර එකිනෙක හා ජාලගත වී නොමැති ව ඛණ්ඩනය වූ වනාන්තර ලෙස පැවතීම අලිමිනිස් ගැටුම වර්ධනයට බලපාන ප්රධාන හේතු සාධකයන් ය. 

2010 වසරට පෙර වනාන්තරවල තත්ත්වය මේ ආකාරයෙන් පැවතිය ද එතැන් සිට අද දක්වා ජාතික භෞතික සැලැස්මට අනුව ක්රියාත්මක කළ සංවර්ධන ව්යාපෘති සඳහා සහ ලෝක බැංකුව හා ජාත්යන්තර මූල්ය අරමුදල වැනි ණය දෙන ආයතනවල කොන්දේසිවලට අනුව ගනු ලැබූ ප්රතිපත්තිමය තීරණ මත වාණිජ කෘෂිකර්මය සඳහා මහ පරිමාණ ආයෝජන ව්යාපෘති ක්රියාත්මක කිරීමට දැවැන්ත වනාන්තර විනාශයක් සිදු කර තිබේ. ඒ හේතුවෙන් අලිඇතුන් ගේ ස්වාභාවික වාසස්ථාන බොහොමයක් විනාශයට ලක් කර තිබීම හා ඉතිරි වී ඇති වනාන්තර කොටස්වලට වෙන් වන පරිදි සංවර්ධන කටයුතු සිදු කර තිබීම අලිමිනිස් ගැටුම අද පත් ව ඇති දරුණු තත්ත්වයට පරිවර්තනය වීමට ප්රධාන හේතු සාධක ලෙස බලපා ඇත. 

අලිමිනිස් ගැටුම වර්ධනය කළ ලෝක බැංකුවේ හා ජාත්යන්තර මූල් අරමුදලේ ප්රවේශය

ලෝක බැංකුව හා ජාත්යන්තර මූල්ය අරමුදල විසින් ලංකාවට ණය ලබා දීමේ දී එම ණය වාරික හා පොළිය නිසි පරිදි අය කර ගැනීමට හැකි වන පරිදි රාජ්ය ආදායම වර්ධනය කර ගැනීමේ ක්රමවේද පිළිබඳ ව වැඩි අවධානය යොමු කිරීමේ දී මෙරට ස්වාභාවික සම්පත් ඇතුළු පොදු දේපොළවලට හානි කර බලපෑම් එල්ල වන ප්රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට රජයන්ට සිදු වී ඇත. 

ලෝක බැංකුව විසින් 1996 වසරේ දී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය වර්ධනය සඳහා සකස් කළ Sri Lanka Nonplantation Crop Secter Policy Alternatives නම් වාර්තාවේ සඳහන් වන්නේ ලංකාවේ සුළු පරිමාණ ගොවීන් සිදු කරන කුඩා පරිමාණ කෘෂිකර්මාන්තය ඉතා ම අවාසිසහගත බැවින් ඒ සඳහා විකල්පයක් ලෙස මහ පරිමාණ වාණිජ වගාවන් සඳහා ආයෝජනය කිරීමට එම ඉඩම් යොදා ගැනීම ඵලදායී වන බව ය.

ලෝක බැංකුව විසින් 2015 වසරේ දී ප්රකාශයට පත් කළ Sri Lanka Ending Poverty and promoting shared prosperity: A systematic country diagnostic නම් වාර්තාවට අනුව රජය විසින් මෙරට දුප්පත්කම දුරලීම සඳහා ගත යුතු උපායමාර්ග පිළිබඳ ව අවධානය යොමු කර ඇත. එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ මෙරට සංකීර්ණ වූ ඉඩම් නීති හා විදේශිකයන්ට ඉඩම් ලබා ගැනීමට ඇති ඉඩ ප්රස්ථාවන් නීතියෙන් අහුරා තිබීම ආයෝජන අවස්ථා වර්ධනය නොවීමට ප්රධාන වශයෙන් ම බලපා ඇති බව ය. ඒ සඳහා පිළියම් වශයෙන් ඉඩම් නිදහස් වෙළෙඳපොළ යාන්ත්රණයට ලක් කළ යුතු බව පෙන්වා දී තිබේ. 

මීට අමතර ව ජාත්යන්තර මූල්ය අරමුදල (International Monetary Fund – IMF) විසින් 2016 ජුනි 03 වන දින ශ්රී ලංකාවට වසර තුනක් සඳහා ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් අනුමත කිරීමේ දී ප්රධාන කරුණු 6 ක් යටතේ කෙටිකාලීන හා මධ්යකාලීන අසමතුලිතතා සහ අභියෝග ජය ගැනීම සඳහා උපායමාර්ගික ප්රතිපත්ති හා ප්රතිසංස්කරණ සඳහා කොන්දේසි ඉදිරිපත් කෙරිණ. ඒ සඳහා වන වාර්තාව 2016 මැයි 19 වන දින Staff report for the 2016 article iv consultation and request for a three year extended arrangement under the extended fund facility නමින් ඉදිරිපත් කර තිබුණි. ඒ යටතේ රාජ්ය මූල්ය ඒකාග්රතාව, ආදායම් බලමුලුගැන්වීම, රාජ්ය මූල්ය කළමනාකරණය, රාජ්ය ව්යවසාය ප්රතිසංස්කරණය, මූල්ය ප්රතිපත්ති ඉහළ නැංවීම සහ වෙළෙඳ හා ආයෝජන පහසුකම් සැපයීම සිදු කළ යුතු විය.

ඉන් පසු ව මේ වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදල් වසර 4 ක් තුළ වාරික වශයෙන් ලබා දීම සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලෙන් සකස් කළ Request for an extended arrangement under the extended fund facility of Sri Lanka, 2023  වාර්තාවට අනුව ශ්රී ලංකා රජය විසින් ණය කොන්දේසි 10 ක් ඉටු කළ යුතු ව ඇත. ඒ අනුව ණය ප්රතිව්යුහගතකරන සැලැසුම් අප්රේල් මස අවසන් වන විට ඉදිරිපත් කිරීම, එක්සත් ජාතීන් ගේ ප්රමිතීන්ට අනුකූල ව දූෂණ විරෝධී නීතියක් හඳුන්වා දීම, රාජ්ය ආදායම් ඉහළ නැංවීමට අවශ්ය පියවර රජය ඉතා ඉක්මනින් ගැනීම, ඉහළ ආදායම් ලබන්නන්ගෙන් වැඩි දායකත්වයක් ලැබෙන ධන බද්දක් අය කිරීම, දේපළ හා ධන හුවමාරු බද්ද 2025 වන විට හඳුන්වා දීම, 2023 වසර අවසන් වන විට උද්ධමනය 12% ත් 18% ත් අතර මට්ටමකට ගෙන ඒම, ජුනි මස අග වන විට දැනට පනවා ඇති ආනයන හා අපනයන සීමා ඉවත් කිරීම, විනිමය අනුපාත නම්යශීලීව පවත්වාගෙන යාම, මහ බැංකුව වඩා ස්වාධීන කිරීම සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් හඳුන්වා දීම ණය කොන්දේසි ලෙස ඉදිරිපත් කර ඇත.

ලෝක බැංකුව හා ජාත්යන්තර මූල්ය අරමුදල විසින් අප වෙත ලබා දෙන ණය කොන්දේසි නව ලිබරල් ආර්ථික ප්රතිපත්තිවල ප්රධාන අංගයන් වේ. නව ලිබරල් ආර්ථික ප්රතිපත්ති තුළ අන්තර්ගත වන්නේ රටක සියලු ස්වාභාවික සම්පත් ඇතුළු පොදු දේපොළ සියල්ල වෙළෙඳපොල යාන්ත්රණයට ලක් කිරීම හා සමාජ සුබසාධනය අහෝසි කිරීම ය. ඒ සඳහා 1947 වසරේ දී ඔස්ටි්රයානු දේශපාලනික දාර්ශනිකයකු වූ ප්රීඩ්රිච් වොන් හයෙක් (Friedrich Von Hayek) ගේ නායකත්වයෙන් මොන්ට් පෙලෙරින් සමාජය (Mont Pelerin Society) පිහිටුවාගත් අතර එමගින් නව ලිබරල් චින්තනයේ ආරම්භය සිදු විය. නව ලිබරල් ආර්ථික ව්යුහයේ ප්රධාන අංග වන්නේ ආර්ථිකයේ රාජ්ය මැදිහත්වීම අවම මට්ටමකට පත් කිරීම, රාජ්ය ව්යාපාර පෞද්ගලීකරණය කිරීම, රාජ්ය අයවැය සමතුළිත තත්ත්වයට පත් කිරීම, වෙළෙඳ බාධක ඉවත් කිරීම, සුබසාධක රාජ්ය අහෝසි කිරීම හෝ අවම කිරීම, මූල්ය ප්රතිපත්ති, රාජ්ය මූල්ය ප්රතිපත්ති හා මහ බැංකු කාර්යභාරය සීමා කිරීම ය. මේ සියල්ල ජාත්යන්තර මුල්ය අරමුදලෙන් ලබා දී ඇති ණය කොන්දේසි හා එකිනෙක ඉතා ම හොඳින් සමපාත වේ.

2016 වසරේ ජාත්යන්තර මූල්ය අරමුදලේ ණය කොන්දේසිවල ඇතුළත් වෙළෙද හා ආයෝජන පහසුකම් සැපයීම සහ 2023 වසරේ ණය කොන්දේසිවල ඇතුළත් රාජ්ය ආදායම ඉහළ නංවා ගැනීමට පියවර ගැනීම යන කරුණු තුළ අන්තර්ගත ව ඇත්තේ රජයට අයත් ඉඩම් වෙළෙදපොල යාන්ත්රණයට ලක් කිරීම ය. ඒ සඳහා වන සැලැසුම් ප්රතිපත්ති හා අණ පනත් වෙනස් කිරීම මගින් ක්රියාත්මක කිරීමට මෑත ඉතිහාසය තුළ බලයට පත් වූ සෑම රජයක් විසින් ම පියවර ගෙන තිබේ. ඒ සඳහා වන ප්රධාන සැලැසුම ක්රියාත්මක කෙරුනේ 05/2001 අංක දරන චක්රලේඛය ඉවත් කිරීම මගිනි. 

ඒ සඳහා 2020 ජූලි මස 01 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ පරිසර හා වනජීවී සම්පත් අමාත්යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්රිකාවට අනුව වනජීවී හා වන සංරක්ෂණ අමාත්යංශයේ, ලේකම් විසින් නිකුත් කළ 2020 නොවැම්බර් මස 04 වන දින අංක MWFC/01/2020 දරන චක්රලේඛයේ සඳහන් කර ඇත්තේ මීට ප්රථම ප්රකාශිත 1998.07.01 දින අංක 05/98 දරන, 2001.08.10 වන දින අංක 5/2001 දරන හා 2006.05.17 වන දින අංක 02/2006 දරන චක්රලේඛ ත්රිත්වය අවලංගු කර වන සංරක්ෂණ ජනරාල්වරයා විසින් හා වනජීවී සංරක්ෂණ ජනරාල් විසින් ගැසට් මගින් ප්රකාශයට පත් කර ඇති වනජීවී ප්රදේශ හැර අනෙක් රජයේ ඉඩම් ප්රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්රික් ලේකම්වරුන් භාරයේ තබා ගන්නා ලෙස ය. 

මෙම චක්රලේඛයේ සඳහන් ඉඩම් මැනීම් කිරීම සඳහා ඉඩම් අමාත්යංශයේ ලේකම්, ආර්. . . කේ. රණවක විසින් සියලු දිස්ත්රික් ලේකම්වරුන් හා සියලූ ප්රාදේශීය ලේකම්වරුන් වෙතරජයේ ඉඩම් මැන වෙන් කිරීමසඳහා වන චක්රලේඛයක් 2021 අගෝස්තු මස 6 වන දින අංක 02/2021 යටතේ නිකුත් කෙරින. මෙම චක්රලේඛය මගින් අවධානය යොමු කර ඇත්තේ ඉඩම් සංවර්ධන ආඥාපනතේ 8 වන වගන්තියට අනුව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ සාමාන්ය හා විශේෂ විධිවිධානවලට යටත් ව ප්රාදේශීය ලේකම්වරුන්ට රජයේ ඉඩම් විවිධ කාර්යන් සඳහා මැන වෙන් කරනු ලැබිය හැකි බැවින් විවිධ සංවර්ධන කටයුතු, ගම් පුළුල් කිරීම හා අනාගත සංවර්ධන කටයුතු සඳහා ආරක්ෂා කිරීමට ඉඩම් මැනීම් කර හඳුනා ගැනීමට කටයුතු කරන ලෙස ය. 

මෙම චක්රලේඛය ඉඩම් අමාත්යංශයේ ලේකම් විසින් ඉදිරිපත් කර ඇත්තේ 2020 ඔක්තොම්බර් මස 26 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ වනජීවී හා වන සංරක්ෂණ අමාත්යවරයා, පරිසර අමාත්යවරයා හා ඉඩම් අමාත්යවරයා ඇතුළු අමාත්යවරුන් කණ්ඩායම විසින් ඒකාබද්ධ ව ඉදිරිපත් කළ කැබිනට් පත්රිකාවට අනුව ය.

මෙම චක්රලේඛ දෙක ම වන සංරක්ෂණ ආඥාපනතේ 20 වන වගන්තිය උල්ලංඝනය කරමින් ඉදිරිපත් කර ඇත. 2014 වසරේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්යා ලේඛනවලට අනුව රක්ෂිත ලෙස ප්රකාශයට පත් කළ යුතු යෝජිත රක්ෂිත හා රජයට අයත් වෙනත් කැලෑ ලෙස හඳුන්වන වන සංරක්ෂණ ආඥාපනතේ 20 වන වගන්තිය යටතේ පාලනය වන වනාන්තර 103 ක් ඇති අතර ඒවායෙහි මුළු භූමි ප්රමාණය හෙක්ටයාර 2,24,564 ක් නැතහොත් අක්කර 5,79,608 ක් පමණ වේ. එම සියලු වනාන්තර මෙම චක්රලේඛ මගින් සංවර්ධන භාවිතයන් සඳහා ලබා ගැනීමට නියමිත අතර එය වර්තමානයේ ලංකාවේ ඉතිරි වී ඇති වනාන්තර ප්රමාණයෙන් 11.5% ක් තරම් ඉතා ඉහළ ප්රතිශතයකි. මෙම වනාන්තර වලින් 60% ක් පමණ අලිඇතුන් ජීවත් වන වනාන්තර වීම විශේෂත්වයකි.

මෙම තත්ත්වයන් මත පදනම් ව එම චක්රලේඛ ක්රියාත්මක කිරීමට එරෙහි ව පරිසර යුක්ති කේන්ද්රය මගින් අධිකරණ ක්රියාමාර්ග ගෙන තිබුණ ද සමහර දිස්ත්රික් ලේකම්වරුන් හා ප්රාදේශීය ලේකම්වරුන් මෙම චක්රලේඛ අවභාවිත කරමින් අලිඇතුන් ජීවත්වන රජයට අයත් වනාන්තර ඉඩම් බෙදා දීම හා සමාගම් සතු කිරීම සිදු කරමින් පවතී. මේ නිසා රක්ෂිත වනාන්තරවලින් පරිබාහිර රජයට අයත් වනාන්තරවල ජීවත් වූ අලිඇතුන් වාසස්ථාන අහිමි වීම හේතුවෙන් ගම් වැදීම බහුල ලෙස සිදු වෙමින් තිබේ. මේ ආකාරයෙන් කැබිනට් මණ්ඩලය විසින් ගන්නා වැරදි තීන්දු තීරණවලට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදු වී ඇත්තේ අලිඇතුන්ට හා මිනිසුන්ට ය. 

ලෝක බැංකුව විසින් 1996 වසරේ දී හා 2015 වසරේ දී රජය වෙත ලබාදුන් නිර්දේශවලට අනුව මහ පරිමාණ වාණිජ වගාවන් සඳහා යොමු වීමට අවශ්ය ක්රියාමාර්ග මේ වන විට ගනිමින් තිබේ. මීට අමතර ව Millennium Challege Corporation (MCC) මගින් 2017 වසරේ දී සකස් කළ Sri Lanka Constraints Analysis Report නම් වාර්තාවේ ලංකාවේ සංකීර්ණ ඉඩම් නීති පද්ධතිය සංශෝධනයට ලක් කර පහසුවෙන් ආයෝජන ව්යාපෘති සඳහා ඉඩම් ලබා දීමට හැකි වන පරිදි නීති පද්ධතිය සංශෝධනය කිරීමට පියවර ගත යුතු ආකාරය පිළිබඳ ව මඟපෙන්වීම් ලබා දී ඇත. මෙහි දී භාවිත වන මූලික සිද්ධාන්තය වන්නේ පහසුවෙන් පැවරිය හැකි ඔප්පු ජනතාව වෙත ලබා දී වාණිජ කෘෂිකර්මාන්තය සඳහා සමාගම්වලට පහසුවෙන් ඉඩම් ලබා ගත හැකි ක්රමවේදයක් සකස් කිරීම ය. ඒ සඳහා විවිධ අණ පනත් හා චක්රලේඛ මෙන් ම ගැසට් නිවේදන සංශෝධනය කිරීම ද සිදු කළ යුතු විය. MCC ගිවිසුම අත්සන් තැබීම සිදු නොකළ ද එහි අරමුණු ක්රියාත්මක කිරීම පසුගිය හා වත්මන් රජයන් විසින් සිදු කරමින් පවතී.

මේ තත්ත්වයන් මත පදනම් ව පසුගිය කාලය තුළ දී සමාගම්වලට මහ පරිමාණ වාණිජ වගාවන් සඳහා රජයේ ඉඩම් ලබා දීම බහුල ව සිදු කෙරින. මොනරාගල හා අනුරාධපුර දිස්ත්රික්ක දෙකෙහි ගොවීන්ට හා වන සතුන්ට අයත් අක්කර 75,000 ක් පමණ ගිවිසුම් මගින් අත්පත් කර ගෙන ක්රියාත්මක වන කේ. එස්. ටී. එවර්ග්රීන් පුද්ගලික සමාගමට කන්තලේ ප්රදේශයේ බඩඉරිගු වගාව සඳහා තවත් ඉඩම් අක්කර 2000 ක් ලබා දීම, අම්පාර, පොල්ලෙබැද්දරඹකැන්ඔය ඉඩම් අක්කර 5426 ක් සමාගම් 15 කට බඩඉරිගු වගාව සඳහා ලබා දීම, මොනරාගල, අනුරාධපුරය හා බදුල්ල දිස්ත්රික්ක තුනේ වනාන්තර ඉඩම් අක්කර 80,000 ක් බඩඉරිගු වගාව සඳහා ලබා දීම, පැල්වත්ත සීනි සමාගම සඳහා දෙමලිය හා වන්දම ප්රදේශයෙන් වනාන්තර අක්කර 7000 ක් උක් වගාව සඳහා ලබා දීම, අයි. එම්. එස්. හෝල්ඩින් පුද්ගලික සමාගමේ හා ගැසල් වෙන්චස් පුද්ගලික සමාගමේ උක් වගා ව්යාපෘතිය සඳහා බිබිල ප්රදේශයේ අක්කර 62,500 ක් ලබා දීම, ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විස් පුද්ගලික සමාගම හා අනුබද්ධ ඇවන්ට් ඇග්රෝ පුද්ගලික සමාගමේ අක්කර 40,000 ක බඩඉරිගු වගා ව්යාපෘතියේ පළමු අදියර සඳහා අක්කර 5000 ක් ලබා දීම, ඇමෙරිකානු සමාගමක් හා අනුබද්ධ අව්රා ලංකා හර්බල් පුද්ගලික සමාගමේ කෝමාරිකා වගා ව්යාපෘතිය සඳහා අනුරාධපුර දිස්ත්රික්කයෙන් අක්කර ලක්ෂයක් ලබා දීම සහ පොළොන්නරුව, කන්දකාඩුව ප්රදේශයේ අක්කර 8500 ක් සමාගම්වලට ලබා දීම සිදු කර ඇත. මේ සඳහා කැබිනට් අනුමැතීන් ලබා ගැනීම හා සමහර ඉඩම් පවරා දීම ද මේ වන විට සිදු කර අවසන් ව තිබේ. බොහෝ ඉඩම් සමාගම්වලට පවරා දීමට එරෙහි ව ජනතාව විසින් සිදු කළ බලපෑම්වල ප්රතිඵලයක් ලෙස එම ක්රියාවලීන් තාවකාලික ව අත්හිටුවා ඇත.

මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ දැනට ක්රියාත්මක කරන ව්යාපෘතිවල ඉඩම් ද මේ වන විට මහ පරිමාණයෙන් සමාගම්වලට වාණිජ වගාවන් සඳහා ලබා දෙමින් තිබේ. මාදුරු ඔය ජලාශයේ දකුණු ඉවුරු සංවර්ධන ව්යාපෘතිය යටතේ තොප්පිගල සිට කන්දකාඩුව, නෙලුගල ප්රදේශය ආවරණය වන පරිදි අක්කර ලක්ෂයකට වැඩි වනාන්තර භූමි ප්රමාණයක් සංවර්ධනය කරමින් පවතී. මේ වන විට විවිධ සමාගම්, සහල් මෝල් හිමිකරුවන්, ව්යාපාරිකයන් හා ක්රිකට් ක්රීඩකයන් ඇතුළු ප්රසිද්ධ පුද්ගලයන් විසින් විශාල ඉඩම් ප්රමාණයක් වාණිජ වගාවන් සඳහා අත්පත් කර ගෙන ඇත. මෙම වනාන්තර පද්ධතියේ අලිඇතුන් 250 ත් 300 ත් අතර ප්රමාණයක් ජීවත් වන අතර එම භූමිය සම්පූර්ණයෙන් ම මෙම සතුන්ට අහිමි කර ඇත.

මේ ව්යාපෘතිය යටතේ අවතැන් වන අලිඇතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත නොකර වනාන්තර ඉඩම් සියල්ල ම එළිපෙහෙළි කර සමාගම්වලට ලබා දීමෙන් සංවර්ධනය හා සංරක්ෂණය එකිනෙකට සමපාත නොවීමෙන් ගම්මාන රැසක් අලිමිනිස් ගැටුමේ දරුණු ගොදුරක් තත්ත්වයට පත් වී ඇත. පොළොන්නරුව දිස්ත්රික්කයේ නිදන්වල, අරුණපුර, දම්මින්න, කන්දේගම, අරලගන්විල, පන්සියතුන ගම්මානය, ගල්තලාව, දේවගල, දියපොකුණ, නෙළුම්වැව, බොරවැව, බෝවත්ත, වැලිකන්ද ඇතුළු ගම්මාන, මඩකලපුව දිස්ත්රික්කයේ කන්ඩිකුඩිච්චි ආරු, කරදියනාරු ගම්මාන සහ අම්පාර දිස්ත්රික්කයේ මහඔය ඇතුළු ගම්මාන දරුණු අලිමිනිස් ගැටුමකට ගොදුරු කර ඇත්තේ මාදුරු ඔය දකුණු ඉවුරු සංවර්ධන ව්යාපෘතියෙනි. 

මහවැලි ගංගාවේ පහළ නිම්නයේ රක්ෂිත වනාන්තර ජාලය හා සම්බන්ධ කන්දකාඩුව හා ත්රිකෝණමඩු වනාන්තරයේ හෙක්ටයාර 3415 ක් නැතහොත් අක්කර 8500 ක් ශ්රී ලංකා මහවැලි අධිකාරියට පවරා එම ඉඩම් වාණිජ කෘෂිකාර්මික හා සත්ත්ව පාලන ව්යාපෘති සඳහා මහ පරිමාණ සමාගම් වලට ලබා දීමට රජය විසින් පියවර ගෙන තිබේ. මේ සඳහා වන කැබිනට් අනුමැතිය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්ය එවකට ජනාධිපති මෛත්රිපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ අමාත්ය මණ්ඩල යෝජනාවට 2018 නොවැම්බර් 21 වන දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව අලිඇතුන් ගේ සුවිශේෂී වාසස්ථානයක් වූ මහවැලි ගඟේ ප්රධාන අතු ගංගාවක් වන කන්දකාඩු ඔයේ පිටාර තැනි ආශ්රිත ව පිහිටි විල්ලු හා ජල පෝෂක වනාන්තර මෙලෙස සමාගම්වලට ලබා දීම සිදු කර තිබේ. 300 කට අධික අලි ගහනයක ගේ නිජබිම වූ මෙම ප්රදේශය විනාශ කිරීම නිසා දැනට පොළොන්නරුව දිස්ත්රික්කයේ වැලිකන්ද, සේරුනුවර, ලංකාපුර, මැදිරිගිරිය, තමන්කඩුව හා දිඹුලාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගම්මාන වල පවතින අලිමිනිස් ගැටුම උග්ර මට්ටමකට පරිවර්තනය වී ඇත. විශේෂයෙන් මහවැලි බී කලාපයට අයත් ගම්මාන 38 න් ගම්මාන 27 ක පමණ අලිමිනිස් ගැටුම වර්ධනය වී තිබේ.

සමාගම්වල අවශ්යතාවන් සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ අලිඇතුන් ජීවත් වන වනාන්තර භාවිතයට අවස්ථාව ලබා දුන් එක් උදාහරණයක් වන්නේ ඩෝල් සමාගම ය. නීති විරෝධී ව රක්ෂිත ඉඩම් අත්පත් කර ගෙන අපනයනය සඳහා වාණිජ වගාවක් ලෙස කැවැන්ඩිස් කෙසෙල් ප්රභේදය නිෂ්පාදනය කරන ලෝකයේ අපකීර්තිමත් ඉතිහාසයක් හිමි බහු ජාතික ඩෝල් සමාගමට මහින්ද රාජපක්ෂ ජනපති ලෙස කටයුතු කළ සමයේ සිට අද දක්වා පැවති සියලූ ම රජයන් රාජ්ය අනුග්රහය ලබා දී තිබේ. අලිඇතුන් ගේ වාසස්ථාන, ජලපෝෂක වනාන්තර බිම් හා ගොවි බිම් විනාශ කර සීමාසහිත ඩෝල් ලංකා පුද්ගලික සමාගම ශෂේන්ද්ර රාජපක්ෂ ගේ පූර්ණ මඟ පෙන්වීම මත ක්රියාත්මක වෙමින් වියළි කලාපයේ ස්ථාන ගණනාවක නීති විරෝධී ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වල වගා බිම් පිහිටුවීම සිදු කර තිබේ. එම නීති විරෝධී වගා බිම් ඉවත් කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ නියෝග ලබා ගැනීම සිදු කර තිබුණ ද එම නියෝග අත්හිටුවා නැවත එම ඉඩම් අදාළ සමාගමට ලබා දීමට රනිල් වික්රමසිංහ අගමැති ලෙස කටයුතු කළ පසුගිය සමයේ දී පියවර ගැනින. 

එහි පළමු පියවර වශයෙන් මෙම ඉඩම් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබේ. ඒ සඳහා සංවර්ධන උපායමාර්ග හා ජාත්යන්තර වෙළෙද අමාත්ය මලික් සමරවික්රම විසින් 2016.09.15 වන දින අමාත්ය මණ්ඩල පත්රිකා අංක සී.පී.16/1934/752/023 යටතේසී/ස ඩෝල් ලංකා පෞද්ගලික සමාගම නමින් මොනරාගල දිස්ත්රික්කයේ කුඩා ඔය සහ දෙමෝදර පිහිටි කෙසෙල් වගා කරනු ලැබූ ඉඩම් නියමානුකූල කිරීමමැයෙන් කැබිනට් මණ්ඩලය වෙත සන්දේශයක් ඉදිරිපත් කෙරින. එම සන්දේශය සඳහා එවකට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්යවරයා වශයෙන් ජනාධිපති මෛත්රිපාල සිරිසේන ගේ මෙන් ම ඉඩම් හා මුදල් අමාත්යවරුන් ගේ නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ. 

මෛත්රිපාල සිරිසේන ගේ අත්සනින් යුතු ව යොමු කර ඇති අමාත්ය මණ්ඩල නිරීක්ෂණ වල ප්රථමයෙන් සඳහන් කර ඇත්තේ ඩෝල් ලංකා පුද්ගලික සමාගම වගා බිම් ස්ථාපිත කිරීමට ප්රථම කිසිදු අවස්ථාවක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලීමක් සිදු කර නොමැති බව ය. මීට අමතර ව ඩෝල් සමාගම දෙමෝදර හා කුඩා ඔය පිහිටි වගා බිම් අනවසරයෙන් භුක්ති විඳින බවට අධිකරණය ඉදිරියේ පිළිගෙන ඇති බව ද සඳහන් කර තිබේ. නමුත් හිටපු ජනාධිපති ගේ නිරීක්ෂණ වාර්තාවේ අවසානයේ දක්වා ඇත්තේ ඩෝල් සමාගමට මෙම ඉඩම් ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුමක් සකස් කර නීතිපති වෙත යොමු කර අනුමැතිය ලබා ගන්නා ලෙස ය. ඒ අනුව මේ වන විට නීතිපතිවරයා විසින් මෙම ඉඩම් ඩෝල් සමාගම වෙත කෙසේ හෝ ලබා දීමට ඇති හැකියාව පිළිබඳ ව අධ්යයනය කරමින් සිටී. 

නමුත් ලංකාවේ පවතින ඉඩම් හා පාරිසරික නීති රීති වලට අනුව ඩෝල් සමාගම වෙත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ලබා දීමේ හැකියාවක් නොමැත. යම් කිසි සමාගමක් වෙත ආයෝජන ව්යාපෘතියක් සඳහා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ඉඩම් නිදහස් කරනු ලබන්නේ එම ව්යාපෘතිය පිළිබඳ ව සිදු කරන ඉල්ලීමකට අනුව එහි ශක්යතාව අදාළ රාජ්ය ආයතන විසින් පරීක්ෂා කර අනුමැතිය ලබා දී තිබේ නම් පමණි. එම අනුමැතීන්ට යටත් ව රජයේ ඉඩම් ආඥා පනතේ 199 () වගන්තියට අනුව දීර්ඝ කාලීන බදු ගිවිසුමක් යටතේ ඉඩම් නිදහස් කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා ඉඩම් අමාත්යවරයාගේ අනුමැතිය අවශ්ය වන අතර ජනාධිපතිවරයා ගේ නිර්දේශ යටතේ ඉඩම් නිදහස් කිරීම සිදු කරනු ලැබේ. 

නමුත් ඒ සියල්ල උල්ලංඝනය කර ඩෝල් සමාගම විසින් අලිඇතුන් ගේ වාසස්ථාන වන ලුණුගම්වෙහෙර ජාතික වනෝද්යානය මායිමේ පිහිටි ඉඩම් පමණක් නොව මැණික් ගගේ හා කිරිදි ඔයේ ජලය ද මහ පරිමාණ වගා බිම්වලට ලබාගැනීම හේතුවෙන් වෙහෙරගල ජලාශයට හා ලුණුගම්වෙහෙර ජලාශයට ලැබෙන ජල ප්රමාණය ද සීමා වී ඇත. ඒ තත්ත්වය අලිඇතුන් ගම් වැදීමට බලපාන ප්රධාන සාධකයක් වී ඇත. ඩෝල් සමාගම පමණක් නොව නෙල්නා සමාගම ද මේ ප්රදේශයේ අලිඇතුන් ගේ වාසස්ථාන අත්පත් කර ගෙන විදුලි වැටවල් සකස් කර වගා බිම් පවත්වාගෙන යන අතර වාසස්ථාන අහිමි වූ අලිඇතුන් ගම්මානවලට පිවිසීම හේතුවෙන් උග්ර අලිමිනිස් ගැටුමක් නිර්මාණය වී තිබේ.

අලිමිනිස් ගැටුම වර්ධනය කිරීමට නායක හිමිවරු හා බස්නායක නිලමෙවරු සම්බන්ධ වීම

රජය විසින් ලෝක බැංකුව හා ජාත්යන්තර මූල්ය අරමුදල විසින් ලබා දී ඇති ණය කොන්දේසි මත පදනම් ව ඉඩම් සමාගම්වලට ලබා දෙන අතරතුර එම රාජ්ය ප්රතිපත්තිය භාවිත කර විශාල නින්දගම් ඉඩම් හිමි විහාර හා දේවාලවල නායක හිමිවරුන් හා බස්නායක නිලමෙවරුන් විසින් මහ පරිමාණයෙන් ඉඩම් සමාගම් සතු කිරීම සිදු කරමින් පවතී. සොරගුනේ දේවාලයට අයත් නින්දගම් ඉඩම් හා නාකොලගනේ රජමහ විහාරයට අයත් නින්දගම් ඉඩම් වාණිජ වගාවන් සඳහා මහ පරිමාණයෙන් ලබා දීම ඊට හොඳ ම උදාහරණයකි. එසේ ලබා දී ඇති ඉඩම් සියල්ල අලිඇතුන් ජීවත් වන වනාන්තර වේ. 

වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි එක් ව කුරුණෑගල දිස්ත්රික්කයේ, ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගනේ, ඒරියාව, ඇතිනිමලේ, පාලුකඩවල, මානක්කුලියාගම, දිවුල්වැව හා කැලේගම යන ග්රාමනිලධාරී වසම්වල පිහිටි අලිඇතුන් ගේ වාසස්ථාන හා වැව්වල ජලපෝෂක ප්රදේශ ලෙස පැවති රජයේ වනාන්තර ඉඩම් ඇතුළු ව ජනතාව ගේ වගා බිම් අක්කර 5000 කට වැඩි ප්රමාණයක් බලහත්කාරයෙන් අත් පත් කර ගෙන නාකෙළගනේ රජ මහ විහාරයට අයත් නින්දගම් ඉඩම් යැයි සඳහන් කර ව්යාපාරිකයන්ට හා ඩෙල්මෝ සමාගම ඇතුළු විවිධ සමාගම්වලට බදු දීමේ මහා ජාවාරමක් ක්රියාත්මක කරයි. මේ ජාවාරම සඳහා දේශපාලන රැකවරණය චමල් රාජපක්ෂ හා ජොන්ස්ටන් ප්රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්රිවරුන් විසින් හා ජොන්ස්ටන් ප්රනාන්දු ගේ පුත් ජෙහාන් ප්රනාන්දු හා විමල් වීරවංශ ගේ ලේකම්වරයකු විසින් ලබා දෙන අතර අඹන්පොල, ඇහැටුවැව හා ගල්ගමුව යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරී හා  ප්රාදේශීය ලේකම් විසින් මෙම ඉඩම් ජාවාරම සඳහා නීතිමය රැකවරණය ලබා දේ. වර්තමානයේ නිකවැරටිය ප්රාදේශීය ලේකම් ලෙස කටයුතු කරන ඇහැටුවැව හිටපු ප්රාදේශීය ලේකම් රේණුකා පී. විජේරූප විසින් වලත්වැව රාහුල හිමියන්ට මෙම ඉඩම් ජාවාරම සඳහා ව්යාජ සන්නසක් සකසා දී ඇති අතර එය භාවිත කර මෙම දැවැන්ත ඉඩම් ජාවාරම සිදු කරනු ලැබේ. 

අලිඇතුන් ගේ සුවිශේෂී වාසස්ථානයක් වන පාලුකඩවල වැව් ඉහත්තාව හා ඒ ආශ්රිත වනාන්තර එළිපෙහෙළි කර වාණිජ වගාවන් සඳහා යොදා ගැනීම හේතුවෙන් පවුල් 76 ක් පමණ ජීවත්වන ඇතිනිමලේ ගම, පවුල් 7 ක් පමණ ජීවත්වන හිරිගොල්ලාගම, පවුල් 23 ක් පමණ ජීවත්වන ආඩිගම හා පවුල් 98 ක් පමණ ජීවත් වන ඒරියාව ගම ඇතුළු ගම්මාන රැසක් දරුණු අලිමිනිස් ගැටුමකට ගොදුරු වී තිබේ.  

හල්දුම්මුල්ල, සොරගුනේ දේවාලයට අයත් අක්කර 6245 ක් පමණ වන නින්දගම් ඉඩම් මෙම දේවාලයේ බස්නායක නිලමේ විසින් මහ පරිමාණයෙන් සමාගම්වලට, ව්යාපාරිකයන්ට හා දේශපාලකයන් ඇතුළු ධනවතුන්ට ලබා දී තිබේ. ලලාන් රබර් පුද්ගලික සමාගම, ජෝන් අමරතුංග, කුසලා සරෝජනී වැනි පුද්ගලයන්ට අලිඇතුන් ජීවත් වන මෙම වනාන්තර ඉඩම් ලබා දී ඇති අතර මේ වන විට එම ඉඩම් එළිපෙහෙළි කර වාණිජ වගාවන් ව්යාප්ත කිරීම හා හෝටල් ඉදි කිරීම සිදු කර තිබේ. මේ නිසා හල්දුම්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වෑඑළිය, පතහ, දඩයම්පොළ, අමිලගම, වැලිබිස්ස, කිරවනාගම, සොරගුනේ හා රන්වන්ගුහාව යන ගම්මානවල ජීවත් වන ජනතාව අලිමිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් වී ඇත.

මීට අමතර ව රක්ෂිත වනාන්තර තුළ පිහිටි ඉඩම් වාණිජ වගාවන් සඳහා ලබා දීමට රජය විසින් ක්රියාත්මක කරන සැලැසුම් ඉතා ම සූක්ෂම ව සිදු කරමින් පවතී. ඒ අනුව වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පවතින වනාන්තරවල දීර්ඝ කාලයක් පදිංචි හා වගා බිම් පවත්වාගෙන යන ජනතාව ගේ ගැටළු විසඳීම සඳහා යාපනය, වවුනියාව, මුලතිව්. කිලිනොච්චි, මන්නාරම, ත්රිකුණාමලය, මඩකලපුව, අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොනරාගල දිස්ත්රික්කවල රක්ෂිත ඉඩම් නිදහස් කිරීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්ය පවිත්රා වන්නිආරච්චි විසින් ඉදිරිපත් කළ කැබිනට් සංදේශය සඳහා 2023 ජනවාරි මස 23 වන දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ඒ මගින් ඩෝල් සමාගමට ඉඩම් ලබා දී ඇති ආකාරයට ම රක්ෂිත වනාන්තරවලට අයත් ඉඩම් ජනතාව විසින් සමාගම්වලට ලබා දීමේ ක්රියාවලියට මඟ පාදා දීම මේ මගින් සිදු කර ඇත. මේ මගින් රක්ෂිත වනාන්තර තුළ ජීවත් වන අලිඇතුන් ගම් වැදීම වර්ධනය වීමට පසුබිම ගොඩනැංවෙන බව අවබෝධ කර ගෙන නොමැති වීම කණගාටුවට කරුණකි. මේ සියල්ල ලෝක බැංකුව හා ජාත්යන්තර මූල්ය අරමුදලේ නිර්දේශ මත ක්රියාත්මක වන ප්රතිපත්තිමය තීරණයන් ය. 

ආණ්ඩුවේ මෙම ඉඩම් ප්රතිපත්ති භාවිත කර දැවැන්ත රක්ෂිත වනාන්තර කොල්ලයක් මොනරාගල දිස්ත්රික්කයේ සියඹලාණ්ඩුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි වත්තේගමකැඹිලිත්ත වන රක්ෂිතය තුළ සිදු වේ. ව්යාපාරිකයන් කිහිපදෙනෙකුගේ මෙහෙයවීම යටතේ රක්ෂිත ඉඩම් අත්පත් කර ගෙන පසුගිය කාලය පුරා ම වරින්වර මෙම වනාන්තර ඉඩම් එළි කර ඒක බෝග වාණිජ වගාවක් ලෙස බඩඉරිගු වගා බිම් පවත්වාගෙන ගිය ද ඊට එරෙහි ව නීතිය ක්රියාත්මක කිරීම හේතුවෙන් මේ වන විට ව්යාපාරිකයන් කණ්ඩායමක් හා නීතීඥවරු කිහිපදෙනෙකු එක් ව සංවිධානාත්මක ව මෙම වන රක්ෂිතයට අයත් ඉඩම් අත්පත්කර ගැනීම සිදු කරමින් පවතී. ඒ හේතුවෙන් අලිඇතුන් ගේ ප්රධාන වාසස්ථානයක් අහිමි වීම නිසා අවට ගම්මාන රැසක් අලිමිනිස් ගැටුමේ ගොදුරක් තත්ත්වයට පත් වී ඇත.

ජාතික භෞතික සැලැස්ම හා අලිමිනිස් ගැටුම වර්ධනය වීම

ලෝක බැංකුව හා ජාත්යන්තර මූල්ය අරමුදලේ නිර්දේශ ක්රියාත්මක කිරීමට අමතර ව අලිමිනිස් ගැටුම වර්ධනයවීමට බලපෑ ප්රධාන සැලැසුම ජාතික භෞතික සැලැසුම යි. ජාතික භෞතික සැලැසුම ලංකාව සංවර්ධනය කිරීම සඳහා සකස් කළ සැලැසුමක් බව ජනතාවට අවබෝධ කිරීමට මෙරට රජය උත්සාහ දැරුව ද සත්ය තත්ත්වය එය නොවේ. මෙය චීන රජයේ අවශ්යතාව මත සකස් කළ සැලැසුමකි. එම සැලැසුම ක්රියාත්මක කිරීමේ දී ඉතා ම දරුණු තත්ත්වයකට අලිමිනිස් ගැටුම වර්ධනය වීම ඉතා ම කණගාටුදායක තත්ත්වයකි.

චීන රජය විසින් පසුගිය කාලය පුරා සංවර්ධන සැලැසුම් කිහිපයක් සකස් කෙරිනි. එක් තීරයක් එක් මාවතක් (One Belt One Road), සේද මාවතේ ආර්ථික තීරය (Silk Road Economic Belt) හා 21 වන සියවසේ සමුද්ර සේද මාවත (21st Century Maritime Silk Road) යන සැලැසුම් ඒ අතර වේ. මෙම සැලැසුම් ක්රියාත්මක කිරීම සඳහා 2013 වසරේ දී Belt and Road Initiative (BRI) ගොඩනගා ගෙන තිබේ. 

චීන BRI සැලැසුමෙන් බලාපොරොත්තු වන්නේ චීන නිෂ්පාදන සඳහා අඛණ්ඩ හා කාර්යක්ෂම වෙළෙදපොළක් ඇති කර ගැනීම ය. සේද මාවතේ ආර්ථික තීරය නම් සැලැසුමට අනුව බටහිර රටවල සුප්රසිද්ධ ඓතිහාසික වෙළෙද මාර්ග ඔස්සේ මධ්යම ආසියාව හරහා ගොඩබිම් මාර්ග හා දුම්රිය මාර්ග සකස් කිරීමට නියමිත ව ඇත. 21 වන සියවසේ සමුද්ර සේද මාවත නම් සැලැසුමට අනුව ඉන්දුපැසිපික් මුහුදු මාර්ග අග්නිදිග ආසියාව හරහා දකුණු ආසියාව, මැද පෙරදිග හා අප්රිකාව වෙත සම්බන්ධ කිරීමට යෝජිත වේ. ඒ යටතේ වරාය, ගුවන්තොටුපොළ, දුම්රිය මාර්ග, ගල් අගුරු බලාගාර ඉදි කිරීමට සැලැසුම් කර ඇත. 

මේ සැලැසුම හා සම්බන්ධ ව පළමු ව මෙරට සකස් කළ වාර්තාව 2011 – 2030 ජාතික භෞතික සැලැසුම වන අතර 2013 වසරේ චීන BRI සැලැසුමට අනුගත වන පරිදි එය යාවත්කාලීන කර සකස් කළ වාර්තාව 2018 – 2050 ජාතික භෞතික සැලැසුම ලෙස හැඳින් වේ. මේ වන විට 2048 වසරේ ජාතික භෞතික සැලැස්ම ලෙස යාවත්කාලීන කරන ලද නව සැලැසුම ද ප්රකාශයට පත් කර තිබේ. 

2000 වසරේ දී කෙටුම්පත් කරන ලද ජාතික භෞතික සැලැසුම් ප්රතිපත්තිය මත සකස් කරන ලද පළමු ජාතික භෞතික සැලැසුම 2007 ජූලි 3 වන දින එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ ප්රධානත්වයෙන් යුත් ජාතික භෞතික සැලැසුම් කවුන්සිලය මගින් අනුමත කරන ලදී. එය 2010 වසරේ දී සවිස්තරාත්මක වාර්තාවක් ලෙස සකස් කර ඇත්තේ මෙරට ඉදිරි අවුරුදු 20 තුළ සැලැසුම් ගත ශ්රී ලංකාවක් බිහි කිරීම සඳහා වන මහ පරිමාණ ව්යාපෘති සැලැසුම් ආයෝජකයන්ට හා ආධාරක ආයතන වලට ඉදිරිපත් කිරීම සඳහා ය. එම වාර්තාව 2011 ජනවාරි 13 වන දින ජාතික භෞතික සැලැසුම් කවුන්සිලය මගින් අනුමත කර ක්රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. මෙය 2011 – 2030 ජාතික භෞතික සැලැසුම ලෙස හැඳින්වේ. 

ජාතික භෞතික සැලැසුමට අනුව ප්රධාන මහ නගර 5 ක් Metro Region නමින් සකස් කර තිබේ. එනම් උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණ හා බස්නාහිර වශයෙනි. එම මහ නගර පහ සම්බන්ධ කිරීම සඳහා අධිවේගී මාර්ග ජාලයක් ස්ථාපිත කරන අතර එය මන්නාරම ආදම් ගේ පාලම ඔස්සේ ඉන්දියාවේ ධනුෂ්කොඩි හරහා ආසියානු අධිවේගී මාර්ග ජාලයට සම්බන්ධ කිරීමට සැලැසුම් කර තිබේ.

මීට අමතර ව ජාත්යන්තර හා අභ්යන්තර ගුවන්තොටුපොළ, බලශක්ති බලාගාර, විශේෂ උප නගර, මහ පරිමාණ සංචාරක කලාප, කර්මාන්ත හා අපනයන සැලසුම් කලාප බිහි කිරීමට සැලැසුම් කර තිබේ. මීට අමතර ව උතුරු, උතුරු මැද, ඌව හා නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි මහ පරිමාණ වාණිජ කෘෂිකාර්මික කලාප ඇති කිරීමට සැලැසුම් කර තිබේ.

මෛත්රිපාල සිරිසේන ජනාධිපති ලෙසත් රනිල් වික්රමසිංහ අගමැති ලෙසත් බලයට පත් වූ පසුව 2011 – 2030 ජාතික භෞතික සැලැසුමේ සඳහන් මහ නගර, Metro Region වෙනුවට Mega polis ලෙස හැඳින් වූ අතර එම සැලැසුම යාවත්කාලීන කර 2018 – 2050 ජාතික භෞතික සැලැසුම වශයෙන් අලුත් සැලැසුම ක්රියාත්මක කිරීම ඇරැඹින.

නව සැලැසුමට අනුව පළමු සැලැසුමේ සඳහන් මහ නගර කලාප පුළුල් කර අලුතින් අධිවේගී මාර්ග එක් කර ඇත. උතුරු මහ නගරය යාපනය අර්ධද්වීපයේ සිට කිලිනොච්චිය දක්වා පුළුල් කර ඇත. උතුරු මැද මහ නගරය ත්රිකුණාමලයේ සිට බස්නාහිර පළාත දක්වා පුළුල් කර තිබේ. නැගෙනහිර මහ නගරය සියඹලාණ්ඩුව දක්වා ද දකුණු මහ නගරය අම්බලන්ගොඩ දක්වා ද පුළුල් කර ඇත. අනුරාධපුරය හා මහනුවර අලුතින් මහ නගර දෙකක් සැලැසුම් කර තිබේ.

මේ සැලැස්මට අනුව වාණිජ වගාවන් සඳහා මහ පරිමාණ ඉඩම් ලබා දීමට උතුරු හා උතුරු මැද පළාත්වල, ඌව හා නැගෙනහිර පළාත්වල ඉඩම් හඳුනාගෙන ඒවා සිතියම් ගත කර තිබේ. සමහර ඉඩම් මේ වන විට සමාගම්වලට ලබා දී තිබේ. එම ඉඩම් සියල්ල ම අලිඇතුන් ජීවත් වන වනාන්තර හා තෘණ බිම් පරිසර පද්ධති වීම කණගාටුවට කරුණකි. 

ජාතික භෞතික සැලැස්මට අනුව සකස් කරන මහ නගරවලට ජලය ලබා දීම සඳහා ක්රියාත්මක කළ මහ පරිමාණ බහුකාර්යය වාරි ව්යාපෘති හේතුවෙන් ද දැවැන්ත අලිමිනිස් ගැටුමක් නිර්මාණය වී ඇත. යාන් ඔය, මොරගහකන්ද හා කළු ගඟ, පහළ මල්වතු ඔය හා උමා ඔය බහුකාර්යය වාරි ව්යාපෘති මේ අතුරින් ප්රධාන වේ. යාන් ඔය වාරි ව්යාපෘතිය සඳහා අක්කර 17000 ක වනාන්තර, මොරගහකන්ද හා කළු ගඟ බහුකාර්ය වාරි ව්යාපෘති සඳහා අක්කර 27000 ක වනාන්තර, ජාතික භෞතික සැලැස්මට අනුව දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්රික්කයේ මහ නගරය ඉදි කිරීම සඳහා ක්රියාත්මක කළ මාගම්පුර වරාය, මත්තල ගුවන්තොටුපොළ, දකුණු අධිවේගී මාර්ගය පුළුල් කිරීම, ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව, ජාත්යන්තර ක්රිකට් ක්රිඩාංගනය ඇතුළු භෞතික සංවර්ධන ව්යාපෘති සඳහා වනාන්තර අක්කර 25000 කට වැඩි ප්රමාණයක් සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර තිබේ. මීට අමතර ව මාගම්පුර වරාය මේ වන විට චීන සමාගමකට බදු දී ඇති අතර ඊට සමගාමී ව ඒ ආශ්රිත වනාන්තර අක්කර 15,000 ක් චීන කර්මාන්තශාලා ස්ථාපිත කිරීමට ලබා දීමට ද නියමිත ව ඇත. එම ඉඩම් සියල්ල හම්බන්තොට හා මොනරාගල දිස්ත්රික්ක වලින් ලබා දීමට මේ වන විට මැනීම් කිරීම ද අවසන් කර ඇත. එම වනාන්තර ඉඩම් සියල්ල ම අලිඇතුන් ජීවත් වන, වැව්වල ජල පෝෂක ප්රදේශයන් ය. මේ වනාන්තර සියල්ල ම එළිපෙහෙළි කළ පසු ව ඒ ආශ්රිත අලිමිනිස් ගැටුම ඉතා ම දරුණු තත්ත්වයකට පරිවර්තනය වනු ඇත.

යාන්ඔය බහුකාර්ය වාරි ව්යාපෘතිය සඳහා එළිපෙහෙළි කළ අලිඇතුන් ගේ වාසස්ථාන හේතුවෙන්  මාවත වැව, ඉස්සන්නෑව, ඩී හය ගම්මානය, මරදන්මඩු, ඉදුල්හිටියාව, මල්පෝරුව, කන්දමලාව, කජුවත්ත, පඹුරුගස්වැව, ගල්කඩවල වැනි ගම්මාන රැසක් අලිමිනිස් ගැටුමට දරුණු ලෙස මුහුණ දී ඇත.

මොරගහකන්ඳ හා කළු ගඟ බහුකාර්ය වාරි ව්යාපෘති හේතුවෙන් පොළොන්නරුව දිස්ත්රික්කයේ, මැදිරිගිරිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මීගස් වැව ප්රදේශයේ ජීවත් වන ජනතාව උග්ර අලිමිනිස් ගැටුමකට ගොදුරු ව සිටී. මීට ප්රධාන හේතු කිහිපයක් බලපා තිබේ. මොරගහකන්ද ව්යාපාරය යටතේ අලුතින් ජනාවාස හා වගා බිම් ඇති කිරීම සහ මොරගහකන්ඳ ව්යාපාරය යටතේ වගා බිම් අහිමි වූ ජනතාවට වගා බිම් ලබා දීම සඳහා ඇටඹ ඔය, පේරමඩුව, බිසෝපුර ප්රදේශයේ සිදු කරන දැවැන්ත වන විනාශය මේ සඳහා ප්රධාන වේ. මීට අමතර ව සෝමාවතියකන්දකාඩුව ප්රදේශයේ සිදු කරන වන විනාශය හා විල්ලු පරිසර පද්ධතිවලට සිදු කරන විනාශය තව ආකාරයකින් මේ සඳහා බලපා තිබේ. මෙම වනාන්තර හා විල්ලු පරිසර පද්ධති විනාශ කිරීම හේතුවෙන් වාසස්ථාන අහිමි වන අලිඇතුන් මීගස් වැව ඇතුළු ව ඒ අවට ගම්මානවලට බහුල ව පිවිසෙමින් තිබේ. මීට අමතර ව මෙම ගම්මානය ආශ්රිත ව පිහිටා ඇති දම්සෝපුර වැව ඛණ්ඩනය වන පරිදි විදුලි වැට සකස් කිරීම නිසා වියළි කාලයේ දී අලිඇතුන්ට ජලය හා ආහාර හිඟ වීමෙන් එම විදුලි වැටට හානි සිදු කර අලිඇතුන් ගම්මානවලට පිවිසීමෙන් පල්ලියගොඩැල්ල, අග්බාර්පුර, අහමඩ්පුර, ගාමිණීපුර, පිඹුරාන, ගුරුගොඩැල්ල, තලාකොළ වැව, ඉළුක්පිටිය, අරුණ ගම, දම්සෝපුර, කුමුදුපුර, විජයපුර, මීගස්වැව, කුඹුකුණාවල, නිකහේන ඇතුළු ගම්මාන රැසක් අලිමිනිස් ගැටුමට ගොදුරු වී තිබේ.

හම්බන්තොට මහ නගරය ඉදි කිරීම සඳහා සිදු කළ දැවැන්ත වන විනාශය හේතුවෙන් කැටන්වැව, කුඩා ඉදිවැව, නාගරවැව, පන්වැව, වල්සපුගල, තැලවිල්ල, ඉලුක්පැලැස්ස, සීනුක්කුගල, මැටිගත්වැව, අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පු ජදුර, බඳගිරිය සහ ලූණුගම්වෙහෙර ව්යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 5 හා 6 ප්රදේශවලට අලිඇතුන් පිවිසීම හා වගා බිම්වලට හානි සිදු කිරීම දැඩි ලෙස වර්ධනය වී ඇත. 

හම්බන්තොට මහ නගරය ඉදි කිරීමේ දී වාසස්ථාන අහිමි වූ අලිඇතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත කර ලුණුගම්වෙහෙර, උඩවලව හා බූන්දල ජාතික වනෝද්යාන අතර එම සතුන්ට ගමන් කිරීම සඳහා හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්රකාශයට පත් කෙරින. නමුත් එම රක්ෂිතය තුළ හා එම රක්ෂිතය හා සම්බන්ධ ප්රධාන අලිමංකඩවල් සියල්ල ම ප්රදේශයේ ප්රධාන දේශපාලඥයන් හා එක් ව මහ පරිමාණ ව්යාපාරිකයන් විසින් අත්පත් කර ගෙන වාණිජ වගාවන් සඳහා යොදා ගෙන ඇත. මේ සියල්ලේ ම ප්රතිඵලයක් ලෙස හම්බන්තොට ගම්මාන රැසක් අලිමිනිස් ගැටුමට දරුණු ලෙස ගොදුරු ව තිබේ. 

මීට අමතර ව 2010 වසරේ උතුරුනැගෙනහිර පැවති යුද්ධය අවසන් වීමෙන් අනතුරු ව නැවත පදිංචි කිරීමේ කටයුතු නිසි පරිදි ක්රියාත්මක කිරීම වෙනුවට ජාතික භෞතික සැලැසුමට අදාළ  සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කිරීමට ඉඩම් ලබාගැනීම සඳහා දැඩි ආරක්ෂිත කලාප නාමයෙන් එම ජනතාව ගේ ඉඩම් රඳවා තබා ගෙන නැවත පදිංචි කිරීම සඳහා ස්ථාන 18 ක වනාන්තර අක්කර 17800 ක් පමණ එළි පෙහෙළි කිරීම සිදු කර තිබේ. මේ සියලු වනාන්තර අලිඇතුන් ගේ වාසස්ථාන වීම හේතුවෙන් එම පදිංචි කළ ජනතාව අලිමිනිස් ගැටුමට දරුණු ලෙස ගොදුරු වී ඇත. මීට හොඳම උදාහරණය වව්නියාව, කැළෑ බෝගස්වැව ප්රදේශ යයි. කරුන්කාලිපුරම් වන රක්ෂිතයේ අක්කර 2000 ක් පමණ එළිපෙහෙළි කර නන්දිමිත්ර ගම, නාමල් ගම නමින් අලුතින් ගම්මාන පිහිටුවා ඇති අතර ඒ සියලු ගම්මානවල ජනතාව අලිමිනිස් ගැටුමට ගොදුරු කර ඇත.

අලිමිනිස් ගැටුම වර්ධනයට බලපාන වෙනත් සාධක

ලෝක බැංකුවේ හා ජාත්යන්තර මූල්ය අරමුදලේ කොන්දේසි, ජාතික භෞතික සැලැසුම හා සම්බන්ධ අක්රමවත් සංවර්ධන හා ආයෝජන ව්යාපෘතිවලට අමතර ව අලිමිනිස් ගැටුම වර්ධනය වීමට බලපාන ප්රධාන හේතු සාධක කිහිපයක් වේ. 

එනම් චමල් රාජපක්ෂ වැනි පාර්ලිමේන්තු මන්ත්රිවරුන් ගේ මැදිහත් වීම මත එළ ගවයන් හා මී ගවයන් ලුණුගම්වෙහෙර, උඩවලව, මාදුරු ඔය හා ගල් ඔය ජාතික වනෝද්යාන තුළට ඇතුළු කිරීම නිසා අලිඇතුන් ගේ ආහාර ප්රභවයන් අඩු වීම ද අලි ගම් වැදීම වර්ධනය වීමට හේතු වී ඇත. මීට අමතර ව ජනතාව විසින් වනාන්තර විනාශ කර සිදු කරන වගා බිම් හා ජනාවාස ව්යාප්ත කිරීම ද රක්ෂිත වනාන්තර තුළ ආක්රමණික ශාක ව්යාප්ත වීම නිසා අලින්ට තෘණ බිම් හා ගැවසුම් ප්රදේශ ඛණ්ඩනය වීම පාලනය කිරීමට නිසි වැඩපිළිවෙලක් ක්රියාත්මක නොවීම ද අලිමිනිස් ගැටුම වර්ධනය වීමට හේතු සාධක වී තිබේ.

එපමණක් නොව අලුතින් වනාන්තර ඇති කිරීමේ දී දැවමය අවශ්යතා ව පමණක් පදනම් කර ගත් තේක්ක වැනි දැවමය ශාක වලින් යුත් වන වගාවන් පිහිටුවීම නිසා අලුතින් ඇති කරන වනාන්තර ද අලිඇතුන්ට ආහාර බිම් නොවීම ද අලිමිනිස් ගැටුම වර්ධනයට හේතුවකි. අලිඇතුන් ජීවත් වන රක්ෂිත වනාන්තර ආශ්රිත ව හා ග්රාමීය ජනාවාස ආසන්නයේ මහ පරිමාණ කසල රැඳවුම් පවත්වාගෙන යාම නිසා එම සතුන් මෙම ස්ථානවලට වැඩි වශයෙන් ආකර්ශනය වීම අලිඇතුන් ගම් වැදීමට හා අලිමිනිස් ගැටුම වර්ධනය වීමට බලපා තිබේ. 

වර්ෂ 2017 මැයි මස 30 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළකසල බැහැර කරන ස්ථානවල වන අලි ගැවසීම වැළැක්වීම සඳහා ක්රියාමාර්ග ගැනීමනම් කැබිනට් පත්රිකාව එවකට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්ය ගාමිණී ජයවික්රම පෙරේරා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්ය ෆයිසර් මුස්තාපා අමාත්යවරුන් විසින් ඒකාබද්ධ ව ඉදිරිපත් කළ කැබිනට් පත්රිකාවේ සඳහන් වන්නේ අලිඇතුන් රැදී සිටින කසල රැඳවුම් 54 ක් තිබෙන බව ය. මේ සියල්ල අලිමිනිස් ගැටුම වර්ධනයට හේතු සාධක වී ඇත. 

මේ තත්ත්වයන්ට අමතර ව ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසවල වියළි කලාපයේ හා අතරමැදි කලාපයේ ජීවත් වන සමහර ජනතාව විසින් සිදු කරන කැළෑ ගිනි තැබීම් ද අලිඇතුන් ගම්මානවලට පිවිසීමට බලපාන හේතු සාධකයකි. 

මීට අමතර ව විදුලි වැටවල් සකස් කිරීමේ දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හා මහවැලි අධිකාරීයට අයත් වන අලිඇතුන් ජීවත් වන සමහර වනාන්තර පද්ධති මඟ හැර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර පමණක් ආවරණය වන පරිදි විදුලි වැටවල් සකස් කිරීම ද අලිමිනිස් ගැටුම වර්ධනයට බලපාන හේතු සාධකයකි.

අලිඇතුන් ගේ සාම්ප්රදායික ගමන් මාර්ග අවහිර වන පරිදි හා වියළි කාලයේ දී මෙම සතුන් ජල අවශ්යතාව සපුරා ගන්නා වැව්වලට පිවිසීමට ඇති මාර්ග අවහිර කරමින් සිදු කරන විදුලි වැටවල් සකස් කිරීම හා ජනාවාස ව්යාප්ත කිරීම ද අලිමිනිස් ගැටුම වර්ධනය වීමට බලපාන සාධකයකි. 

එපමණක් නොව මහ පරිමාණ සමාගම් හා ප්රධාන පෙළේ ව්යාපාරිකයන් විසින් පවත්වාගෙන යන වාණිජ වගා බිම් හා විවිධ සංවර්ධන ව්යාපෘති භූමි පමණක් ආවරණය වන පරිදි පෞද්ගලික ව ඉදි කරන විදුලි වැටවල් හේතුවෙන් ග්රාමීය ජනතාව ගේ වගා බිම් හා ජනාවාස විවෘත ව පැවතීම ද අලිමිනිස් ගැටුම වර්ධනය වීමට හේතුවකි.

මීට අමතර ව අලිඇතුන් ගේ වාසස්ථාන ආවරණය කරමින් සකස් කර ඇති විදුලි වැටවල් නිවැරදි ප්රමිතීන්ට අනුව ඉදි නොකිරීම, නඩත්තු නොකිරීම හා විදුලි වැටවල් දෙපස නිවැරදි පරිදි ජෛව බාධක ඇති නොකිරීම ද අලිඇතුන් ගම් වැදීමට හා අලිමිනිස් ගැටුම වර්ධනයට බලපාන සාධකයකි. 

මේ සියල්ලේ ම ප්රතිඵලයක් ලෙස වර්ධනය වන අලිමිනිස් ගැටුමට විසදුම් සෙවීමේ දී මේ සියල්ල පිළිබඳ ව ම අවධානය යොමු කළ යුතු ව ඇත.   

අලිමිනිස් ගැටුම පාලනයට ජාතික ඉඩම් කොමිෂන් සභාව පිහිටුවීම

අලිමිනිස් ගැටුමට අදාළ සියලු කරුණු විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ වැරදි භූමි භාවිත රටාව මත මේ සියල්ල නිර්මාණය වන බව ය. මේ නිසා අලිමිනිස් ගැටුම පාලනය කිරීමට නම් ලෝක බැංකුව, ජාත්යන්තර මූල්ය අරමුදල වැනි මූල්ය ආයතනවල නිර්දේශ මත හා චීන රජයේ අවශ්යතා මත සිදු කරන සංවර්ධන ව්යාපෘති හා ඉඩම් සමාගම් සතු කිරීමේ ක්රියාවලිය මෙන් ම ඒ සඳහා කඩිනමින් ඉඩම් අණ පනත් හා චක්රලේඛ සංශෝධනය කිරීම වෙනුවට ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13 වන සංශෝධනයේ සඳහන්ජාතික ඉඩම් කොමිෂන් සභාවපිහිටුවීමට ක්රියාමාර්ග ගත යුතු ය. එසේ නොමැති වූවහොත් බලයට පත් වන ආණ්ඩු විසින් බාහිර බලපෑම් හා දේශපාලන අවශ්යතා මත ජාතික ප්රතිපත්තියකින් තොර ව ඉඩම් පිළිබඳ ව තීන්දු තීරණ ගැනීම පාලනය කළ නොහැකි ය. එපමණක් නොව ඒ මත සිදු වන අලිමිනිස් ගැටුම වර්ධනයවීම පාලනය කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත.

ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් නීති ගත කරන ලද 9 වන උපලේඛනයේ පළාත් සභා ලැයිස්තුවේ II පරිශිෂ්ටය මඟින්ජාතික ඉඩම් කොමිෂන් සභාවක්පිහිටුවිය යුතු බව දක්වා ඇත. මෙම ජාතික ඉඩම් කොමිෂන් සභාවේ මූලික වගකීමක් ලෙස දක්වා ඇත්තේ රජයේ ඉඩම් පරිහරණය හා සම්බන්ධජාතික ඉඩම් ප්රතිපත්තියක්සකස් කිරීමයි. මෙම නීතිය ආණ්ඩුක්රම ව්යවස්ථාවට ඇතුළත් වී ඇත්තේ 1987 දී වුව දජාතික ඉඩම් කොමිෂන් සභාවමේ දක්වා වසර 36 ක් ගත වුවත් තව ම ස්ථාපිත කර නොමැත. 

මෙම II පරිශිෂ්ටයේ 3 වන වගන්තියේ කරුණු ගණනාවක් දක්වා ඇත. එනම් ශ්රී ලංකා ආණ්ඩුව විසින් ජාතික ඉඩම් කොමිෂන් සභාවක් පිහිටු විය යුතු ය, ඒ කොම්ෂන් සභාව රජයේ ඉඩම් භාවිතය හා සම්බන්ධ ජාතික ප්රතිපත්තියක් සකස් කිරීම පිළිබඳ ව වගකිව යුතු ය, මේ කොමිෂන් සභාවට දිවයිනේ සියලූ ම පළාත් සභාවල නියෝජිතයන් ඇතුළත් විය යුතු ය, ජාතික ඉඩම් කොමිෂන් සභාවට ස්වාභාවික සම්පත් කළමනාකරණයට අදාළ සමාජ ආර්ථික සාධක මෙන්ම, භෞතික සාධක ඇගයීම සඳහා අවශ්ය අදාළ සියලු විෂයයන් නියෝජනය වන තාක්ෂණික ලේකම් කාර්යාලයක් තිබිය යුතු ය, ඉඩම් භාවිතය පිළිබඳ ජාතික ප්රතිපත්තිය දේශපාලනික වශයෙන් හෝ ජනවාර්ගික වශයෙන් නොව තාක්ෂණික සාධක මත පදනම් විය යුතු ය, ඉඩම් කොමිෂන් සභාව විසින් පස, දේශගුණය, වර්ෂාපතනය, පස සේදීයාම, වන ආවරණය, පාරිසරික සාධක, ආර්ථික යෝග්යතාව ආදී කරුණු කෙරෙහි සැලැකිලිමත් ව ඉඩම් භාවිතය හා සම්බන්ධ පොදු න්යාය නියම කළ යුතු ය, පළාත් සභා වෙත පැවරෙන බලතල ක්රියාත්මක කිරීමේ දී පළාත් සභා විසින් ජාතික ඉඩම් ප්රතිපත්තිය කෙරෙහි නිසි පරිදි සැලැකිලිමත් ව තම බලතල ක්රියාත්මක කළ යුතු ය වශයෙනි. 

මෙම කරුණු ක්රියාත්මක කිරීමට බලයට පත් වන සෑම රජයක් ම වගකීමෙන් හා ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් බැදී සිටී. නමුත් මේ සියල්ල ව්යවස්ථාවට පමණක් සීමා වී තිබීම රටේ ජනතාව ගේ අවාසනාවකි. මේ මත පදනම් ව නිවැරදි ඉඩම් භාවිත ක්රියාවලියක් සකස් නොකළ හොත් අලිමිනිස් ගැටුම පාලනය කිරීමට කිසිදු ක්රියාමාර්ගයක් ගත නොහැකි ය. ඒ වෙනුවට අලි ගම් වැදීම පාලනයට විදුලි වැටවල් පමණක් ඉදි කර මෙම ගැටළුවට විසඳුම් සෙවිය නොහැකි ය. එපමණක් නොව ජාතික ඉඩම් ප්රතිපත්තියක් මත රජය ක්රියාත්මකවන ව්යුහයක් ගොඩනැගීමට බලපෑම් කරන බුද්ධිමත් සමාජයක් බිහි වන තුරු මෙම ප්රශ්නයට විසදුම් සෙවිය නොහැකි වන බව ද අප අවබෝධ කර ගත යුතු ය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    මේවා ක්‍රියාත්මක කිරීමට බලයට පත්වන ආණ්ඩුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වගකීමෙන් බැඳී සිටිනවා. මෝඩ බහුතරයක් දේශපාලකයන්ගේ පොරොන්දම් ගැන එතරම් තැකීමක් නොකළත් දේවල් විසඳෙන්නේ නැත.
    .
    මීට අමතරව මේ සියල්ල ව්‍යවස්ථාවට පමණක් සීමා වීම රටේ ජනතාවගේ අවාසනාවකි. මේ මත පදනම්ව විධිමත් ඉඩම් ක්‍රියාවලියක් සකස් නොකළහොත් අලි-මිනිස් ගැටුම පාලනය කළ නොහැක. ඒ වෙනුවට අලි ආක්‍රමණය පාලනය කරන විදුලි වැට පමණක් මේ ප්‍රශ්නය විසඳන්න හොයාගන්න බැහැ. සංවර්ධනය නොව ජාතික ඉඩම් ප්‍රතිපත්තිය මත රජය ක්‍රියාත්මක වන ව්‍යුහයක් බුද්ධිමත් සමාජයක් ගොඩනැගීමට පටන් ගන්නා තුරු මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකි බව අප තේරුම් ගත යුතුය.

    අපේ රටේ අලි-මිනිස් ප්‍රශ්නය දැන් හිඟන්නාගේ තුවාලය සුව කරනවා හා සමාන වී ඇත. යාචකයින්ට තම තුවාල සුව කිරීමට වඩා සිතීමට වැදගත් දේවල් තිබේ. ඒ ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමටය. අද මේ රටේ තත්ත්වය රාජපක්ෂලාගේ කාලයේත් අපි බොරුවෙන් ජීවත් වුණේ අපිට මේ රටේ ප්‍රශ්නයක් නැහැ කියලා ලෝකෙට පෙන්වන්න අපි කරුණු වසන් කළා. අසත්‍යයන් අහිංසක ජීවිත කොන් කිරීමට හේතු වූ අතර ඔවුන්ගේ දුක්ගැනවිලි සඟවා ඒවාට පිළිතුරු නොදෙන ලදී. එය මේ රටේ ඇතැම් දේශපාලන තක්කඩියන්ගේ කුරිරු දේශපාලන වුවමනාවකි. කෙසේවෙතත්, කරුණාවන්ත කෲරත්වය වසර ගණනාවකට වඩා අද බොහෝ සෙයින් හෙළිදරව් වී ඇත.
    බදු ගෙවන්නන්ගේ වියදමින් වසරින් වසර පවතින අලි-මිනිස් ප්‍රශ්න විසඳීමට වෙන් කළ හැකිව තිබූ මුදල් ඔවුහු අවභාවිත කළහ.

  • 0
    0

    1

    මධ්‍යස්ථ වෙමු. ඇත්තම කියනවනම් මම කිසිම ආකාරයක විෂ සහිත දේශපාලකයින් ප්‍රවර්ධනය කරන්නේ නැහැ, මම කිසිම වාසියක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට අවශ්‍ය මේ රටේ අනාගත තරුණ පරපුරට යහපත් ජීවිතයක් ලබා දීමටයි. දැන් ආපසු හැරී බලන විට RW අවදානම ගත් අතර AKD, Sarath Fonseka, Sons හෙවත් SP එය ප්‍රතික්ෂේප කළේය. RW එය ප්‍රතික්ෂේප කළහොත් ජාතියට කුමක් සිදුවේද? අපි මෙතරම් අසනීප විය යුත්තේ ඇයි? ණය ලැබිය යුතු තැන ණය දීමට අප ඉගෙන ගත යුතුය. අද බලවත් සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා සදහටම ගොළුය. එවැනි ප්‍රතිවිපාකවලට ඉඩ දීමට මේ ජාතිය නොමඟ යවා ඇති බව ඔවුන් දනී. කෙසේ වෙතත්, අපව මෙතරම් ගැඹුරට ඇද දැමූ එකම බලවේගය ඔවුන් නොවේ.

    ගෝඨා-මෝඩ-දේශපාලනය නිසා ඇති වූ අනපේක්ෂිත තත්ත්වය තුළ ජනතාවගේ එකම පැතුම වූයේ ඔවුන්ට අවශ්‍ය ආහාර, බෙහෙත්, අද සාමාන්‍ය මෙහෙයුම්, ඉන්ධන, වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමයි. ඒ සියල්ල ඉටු කිරීමට ගෝඨාගේ රජය විවිධ හේතු නිසා අසමත් වූ බැවිනි. මෝඩ තීරණ. ශිෂ්ඨ සම්පන්න ලෝකයක, බැට කෑ ජාතියේ කෝපය සමනය කිරීමට ගෝඨා සහ රාජපක්ෂ ප්‍රසිද්ධියේ එල්ලා මැරීමට ඉඩ තිබුණි.කෙසේ වෙතත්, අපේ නීතිය හා සාමය නොයෙකුත් වලවල් වලින් පිරී ඇත.

    2
    අවාසනාවකට මෙන්, දේශපාලකයන්ට සහ විශේෂයෙන්ම සියලු ආචාර ධර්මවලට හා සදාචාරයන්ට ඔබ්බෙන් සමාජයක් නිර්මාණය කළ රාජපක්ෂලාට ලංකා ක්‍රමය එවැනි දඬුවම්වලට ඉඩ නොදෙන බව පෙනේ. ජාතියේ ශාපය, ශ්‍රී ලාංකීය පක්ෂග්‍රාහී මාධ්‍ය ජාල ඇතුළු රාජපක්ෂ සොහොයුරන් විසින් මෙල්ල නොකළ සමාජ කණ්ඩායම් නොමැත. ඔවුන් යම් සැඟවුණු හේතූන් මත රාජපක්ෂට පක්ෂව සත්‍යය වළලා දමමින් සිටිති.

    tbc

  • 0
    0

    CONT:
    පොහොර සහ පොහොර නොමැතිව ගොවීන් සදහටම අසරණ විය. මේ හේතුවෙන් දෛනිකව එළවලු හා පලතුරු සැපයුමක් සිදු නොවූ අතර රට තුළ පෙර නොවූ විරූ හිඟයක් ද ඇති විය. එය එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍යවල මිල ද අහස උසට නැඟීමේ ආරම්භය විය.
    .
    ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තුවට එන්න කලින් ගොඩක් කල් බලන් ඉන්නවා, ඒ කියන්නේ මින්පෙර නැති දේවල් කෙටි කාලයකින් කරන්න පුළුවන්, දැනටමත් “දන්නෑ, හැබැයි” කියන ගොං ගොසිප් වලින් ජාතිය බේරගන්න පුළුවන් ආර්.ඩබ්ලිව්. හිටපු ජනාධිපතිවරයෙකුගේ සහෝදරයෙක්.”


    3 මෙතෙක් ලබා ඇති ජයග්‍රහණ අතරට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගයට එකඟ වීම, ජනතාවට ඉන්ධන සැපයීම, නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කිරීම යනාදිය ඇතුළත් වේ. එබැවින් එය ඉටු කිරීම කිසිසේත් පහසු නොවීය. ජනතා විමුක්ති පෙරමුණට බලය දුන්නා නම් බලය ලැබෙන්නේ නැහැ.
    අරගලකරුවන් විසින් රටින් පලවා හරින ලද විනාශකරුවෙකු විසින් විනාශ කරන ලද රටක ඔහුගෙන් බලාපොරොත්තු වූවාට වඩා වැඩිය.
    .
    අපේ මාතෘභූමියට “පොල් කටුවක්” පවා පතිත වී මිනිසුන් අන්ත මෝඩයන් බවට පත් කර ඇතැයි විශ්වාස කරන අය බොහෝ ය. එය ප්‍රධාන ප්‍රජාවන් 3කින් සහ තවත් බොහෝ ප්‍රජාවන්ගෙන් පිරුණු අපේ ජාතියේ විඥානය ගැන කථා කරයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.