19 March, 2024

Blog

ශ්‍රී ලංකාවේ “ප්‍රධාන​ සේවකයා”-  කරුණාකර යන්න!

ෂාමිනි සේරසිංහ

ෂාමිනි සේරසිංහ

අපේ රටේ “ප්‍රධාන​ සේවකයා” මෛත්රීපාල සිරිසේන රැකියාවෙන් ඉවත් වීමට කාලය පැමිණ ඇත!

2015 දී මෛත්‍රීපාල​ සිරිසේන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු ජාතිය අමතමින් ඔහු ප්‍රකාශ​ කළේ, “මේ රටට අවශ්‍ය​ ප්‍රධාන​ සේවකයෙක් (ඔහු) මිස රජෙක් නොවේ (ඔහුගේ පූර්වගාමියා). අප මිලියන 6.25 ඔහුට ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ දූෂිත පාලන තන්ත්‍රය ඉවත් කිරීමේ එකම අරමුණින්. ඔහු දැන් ඔහුගේ පොරොන්දුව මත ගොස් අපේ රටට ගිනි තබා ඇත​.

අපේ “ප්‍රධාන​ සේවකයා” සිරිසේන කළ දේ බලන්න!

ඔහු ඔහුගේ විසිතුරු වචන අමතක කර, ඔටුන්නක් ඔහුගේ හිස මත තබාගෙන, ඒකාධිපති රජක් වී, අපගේ “ප්‍රධාන​ සේවකයා” වීම ගැන අමතක කර, අපේ පිටුපසට පහර දී, අපේ බෙල්ල කපා, අපේ මව්බිම විනාශ කරනවා.

දැන්,  ඔහු මොනතරම් විනාශකාරී “ප්‍රධාන​ සේවකයෙක්” වී ඇතිද? ඔහු තවමත් අපේ ‘සේවකයෙකු’ යැයි මතක් කර ගත යුතුය. මෙම දේශද්‍රෝහියාගේ වැටුප සහ ඔහු ඇතුළු ඔහුගේ පවුලේ අය භුක්ති විඳින සියලු වරප්‍රසාද​ හා සුඛෝපභෝගී ජීවන රටාවට අපි, ඔහුගෙ ‘හාම්පුතුන්/සේවා යෝජකයන්’ නිසා අපි අපේ මහන්සියෙන් උපයාගත් මුදල් වලින් ගෙවිය යුතුයි.

අපගේ “ප්‍රධාන​ සේවකයා” වන සිරිසේන දැන් විනාශකාරී ‘සේවකයෙකු’ සහ දේශද්‍රෝහියෙක් ලෙස ඔප්පු කර ඇත. ඔහු අපගේ ‘නිවස’ වන අපේ මාතෘ භූමිය පිළිවෙළින් තබනවා වෙනුවට අපේ ‘නිවස’ සහ අපේ ව්‍යවස්ථාව​ මත දහ ජරා කර ඇත. අපි කොපමණ කල් මේ වගේ දේශද්‍රෝහීන් ඉවසන්නද?

අප මිලියන 6.25 ඔහුට ඡන්දය ලබා දුන්නේ, දේශද්‍රෝහී මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ දූෂිත පාලන තන්ත්‍රය පිටුපස දොරෙන් නීති විරෝධී ලෙස ගෙන එන්න නොවේ. නමුත් ඔහු කළේ එයයි. ඔහු නීත්‍යාණුකූල​ අගමැති හා ආණ්ඩුව​ පෙරලා දමා, අපේ පාර්ලිමේන්තුව බලහත්කාරයෙන් පැහැරගත් රාජපක්ෂ සහ ඔහුගේ සගයන්ව නැවත ස්ථාපිත කර ඇත​.

කවුද මේ දේශද්‍රෝහි සිරිසේනට අවසර දුන්නේ අපේ ප්‍රජාතන්ත්‍රීය​ අයිතීන් එක්ක පිස්සු නටන්න? අපි කොහොමද මේ දේශද්‍රෝහියාට අපේ රටේ ජනාධිපතිවරයා ලෙස තවමත් ගරු කරන්නේ? මට නම් අනිවාර්යෙන්ම බැහැ!

විශ්වාසය කඩ කිරීම නීතියට එරෙහි අපරාධයක්. මෙය මෛත්රීපාල සිරිසේනටත් අදාළ වේ. ඔහුගේ විධායක බලතල පිටුපස ඔහුට සදහටම සැඟවිය නොහැකිය. ඔහු කළ දේශද්‍රෝහි අපරාධ වලට ඔහු නීතියට අනිවාර්යෙන් මුහුණ දිය​ යුතුයි.

ඔහු තව දුරටත් පිරිමැසිය නොහැකි අලාභ සහ හානි අපටත් සහ අපේ මාතෘ භූමියටත් ඇති කරන්නට පෙර ඔහු වහාම අපේ රටේ විධායක ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි. අපිට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා ඔහුට කියන්න ගෞරවාන්විතව ජනාධිපති තනතුරෙන් ඉවත්ව යන්න කියා. නැතහොත් ඔහු අපේ රටට තවත් ගිනි තැබීමට පෙර ඔහුගේ ‘හාම්පුතුන්’ වන අපට ඔහුව බලයෙන් ඉවත් කරන්න සිදුවේවි.

ඔහුගේ දේශපාලන ද්‍රෝහිත්වයේන් අපේ මාතෘ භූමියට ඔහු කළ හානියට සහ විනාශයට මිලියන 6.25 ක් ඔහුට ඡන්දය දුන් අපි පමණක් නොවේ ශ්‍රී ලාංකිකයන් මිලියන 21 ක්ම සහ අපේ අනාගත පරම්පරාවන්ට ගෙවන්න සිදුවේ.

වැඩි කල් යන්න කලින් ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියෙකුටම දේශද්‍රෝහි සිරිසේන කරන අපරාධ නිසා අතිශය දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. තවත්, ඔහු අපේ මව්බිම ජාත්යන්තරව ලජ්ජාවට සහ විහිළුවකට පත් කර ඇත. මෙයට පෙර ශ්‍රී ලංකාව ප්රජා තන්ත්‍රවාදී රටක් ලෙස ජාත්යන්තරව පිළිගත් අපේ රටට ගෞරවයක් තිබුණා. ඒ ගෞරවය දේශද්‍රෝහි “ප්‍රධාන​ සේවකයා” වන සිරිසේන දැන් විනාශ කර ඇත.

ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ඉහළම සාක්ෂරතාවය 92% ක් අනුපාතය ඇති රටක් බව වාර්තා වේ. මෙය සමස්තයක් වශයෙන් ආසියානු රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළම මට්ටමේ සිටියි.

සාක්ෂරතාවය කියන්නේ කියවීමට හා ලිවීමට හැකියාව තිබීම පමණක් නොවේ. ඕනෑම මෝඩයෙකුට ඒක කරන්න පුළුවන්. සාක්ෂරතාවයේ අර්ථය වන්නේ, අවංකභාවය, සාමාන්‍ය​ බුද්ධිය පාවිච්චි කිරීමේ හැකියාව, හරි වැරැද්ද අතර වෙනස දැන ගැනීම ආදියයි. සාක්ෂරතාවයෙන් තවත් අදහස් වන්නේ අන් අයගේ, විශේෂයෙන්ම දේශපාලනඥයන්ගේ පුද්ගලික න්‍යායපත්‍ර​වලට හසු නොවීමේ හැකියාව. එහෙත්, එය මැතිවරනයක් එන සෑම අවස්ථාවකදීම අපගේ බොහෝ ඡන්දදායකයින් අතර නොමැති බව ඔප්පු වී ඇත. මෙයින්, 92%ක් සාක්ෂරතා අනුපාතයක් ඇති රටක් ලෙස අපට විශ්වාස කළ හැකිද?

ප්‍රජාතන්ත්‍රවාදය යනු ආයතනය අපේ රටේ සෑම පුරවැසියෙකුම කවුරුන් හෝ කුමක් හෝ වේවා එයට ගරු කිරීම සහ සුරක්ෂිත කිරීම යුතුකමකි. අපේ රට තුළ ශ්‍රී ලාංකිකයින්ට ගෞරවයක් සහිත සදාචාරාත්මකව ජීවත් වෙන්න අයිතියක් තිබේ. එය අපේ ප්‍රජාතන්ත්‍රවාවාදී අයිතියක්. එය අපේ කුලුඳුල්කමක්. එහෙත්, අපගේ ඡන්දදායකයින් අතර සිටින බොහෝ දෙනෙක් ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන දන්නේද? 

ආත්මාර්ථකාමී දේශද්‍රෝහි දේශපාලනඥයන් අපේ ඡන්දයෙන් බලයට පත්වීමෙන් පසු හැසිරෙන්නේ අපේ මව්බිම ඔවුන් කැමති ඕනෑම දෙයක් කරන්න නිදහස තියෙන ඔවුන්ගේ පෞද්ගලික දේපල ලෙසයි. මෙය අපට පමණක් නොව අපේ අනාගත පරම්පරාව සඳහාද අපට සිතාගත නොහැකි ගැටළුකාරී තත්ත්වයක් බවට පත්වේ.

මෙම තීරනාත්මක මොහොතේදී අපි ආත්මාර්ථකාමී ලෙස අහක  බැලීමන්, අපේ අනාගත ශ්‍රී ලාංකික පරම්පරාවන්ට ඉතා භයානක උරුමයක් නිර්මාණය කරති. අපගේ දරුවන්ට සහ මුණුබුරන්ට අප විසින් දෙන උරුමය මෙයද? ඔවුන් අපට ආත්මාර්ථකාමී, කොන්දක් නැති, උදාසීන බියගුලු මුතුන් මිත්තෝ මෙන් ශාප කරාවි.

ඉතාම භයානක මොහොත තවමත් පැමිණ නැත. අප රටේ ජනතාව එක්සත් නොවී තවදුරටත් නිකම් බලා සිටිය හොත් අපිට විශාල ඛේදවාචකයකට මුහුණ දෙන්න වෙනවා. අපගේ ආත්මාර්ථකාමී “ප්‍රධාන​ සේවකයාට” සහ ඔහුගේ දේශද්රෝහි දේශපාලඥයිනට අපේ රට තවත් ගිනිබත් කිරීමට බලය දෙන්න එපා!

අපගේ “ප්‍රධාන​ සේවකයාගේ” ‘හාම්පුතුන්’ වන අපි, අපගේ කාලය දැන්  පැමිණ තිබේ. දේශප්රේමීන් ලෙස අපගේ බලය මේ මොහොතේ අත්‍යාවශ්‍ය​ වේ. එය ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේ ප්‍රජාතන්ත්‍රවාවාදී අයිතියක් සහ යුතුකමක්. 

අපි තවත් කාලය නාස්ති නොකර යුතුය!

Print Friendly, PDF & Email

Latest comment

  • 2
    2

    So true. Thanks

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.