27 April, 2024

Blog

ලාංකීය දේශපාලනයේ නව සංධිස්ථානමය මොහොතක්

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

නව ජනපතිවරයාගේ සර්ව-පාක්ෂික ප්‍රයත්නයේ අරමුණ කුමක්ද? එහි ප්‍රකාශිත අරමුණ වන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් ගොඩ නැගීම සඳහා අවශ්‍ය පූර්ව-කොන්දේසියක් ලෙස දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නැංවීමයි. එසේනම්, මෙම සර්ව-පාක්ෂික වැඩ පිළිවෙළට සමගාමීව තෝරාගත් අරගලකරුවන් මර්දනය කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ මන්ද? ජනතා අරගලය නිර්-ප්‍රචණ්ඩ සහ ප්‍රජාතාන්ත්‍රික එකක් වී තිබියදීත් දේශපාලන ස්ථාවරත්වය සඳහා හදිසි නීති රෙගුලාසි පැණවීමක් අවශ්‍ය වී තිබෙන්නේ මන්ද? අරගලකරුවන් ‘හොඳ ළමයින්’ සහ ‘නරක ළමයින්’ ලෙස වර්ගීකරණය කිරීමේත්, නරක ළමයින් වනාහී නිර්දය ලෙස මර්දනය කර දැමිය යුතු ෆැසිස්ට්වාදීන් සහ කුඩුකාරයින් ලෙස හුවා දැක්වීමේත් මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන්නේ හුදෙක් ‘රාජපක්ෂ බල-ජාලය’ තෘප්තිමත් කිරීම සඳහා පමණක්ද? එසේනම්, එය සර්ව-පාක්ෂික එකතුවක් සඳහා රාජපක්ෂ ජාලයට පිටතින් සිටින පක්ෂ දිනාගැනීමේ ප්‍රයත්නයකට බාධාකාරී නොවන්නේ කෙසේද? මේ උභතෝකෝටිකය හුදෙක් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන සහ/හෝ පුද්ගලික පළිගැනීමේ චේතනාවකට ලඝු කොට තේරුම් කළ හැකිද? එසේනම්, එම පළිගැනීමේ චේතනාව වෙනුවෙන් තම ආසන්න සහ දිගුකාලීන දේශපාලන අරමුණු කැප කිරීමට තරම් ඔහු අපරිණත සහ අප්‍රායෝගික දේශපාලන නායකයෙකු වේ යැයි අප උපකල්පනය කළ යුතුද?

ඉහත සියළු ගැටළු සාරාංශ කොට කියන්නේ නම්, වික්‍රමසිංහගේ ප්‍රවේශයෙන් බැලූ විට දේශපාලන ස්ථාවරත්වයත් ආර්ථික ස්ථාවරත්වයත් රාජ්‍ය මර්දනයත් අතර පවත්නා සම්බන්ධතාව කුමක්ද? මේ ගැටළුවට විසඳුම නව ජනාධිපතිවරයා විසින්ම මෑතකදී සර්ව-පාක්ෂික වැඩ පිළිවෙලක් සඳහා සාකච්ජා කිරීමට ඔහුව හමු වූ සමගි ජන බලවේගයේ නියෝජිතයින් හමුවේ ප්‍රකාශයට පත් කෙරිණ. ඔහුගේ පණිවිඩය ඉතාම සරල සහ නිරවුල් එකක් විය. “ඉදිරි ආර්ථික පරිවර්තන සඳහා හදිසි නීති රෙගුලාසි පැණවීම අවශ්‍ය වේ.” ඔහු මෙහිදී සැබවින්ම හැකිතරම් අවංකව සහ විවෘතව හදිසි නීතිය ඇතුළු මර්දන ක්‍රියාමාර්ග පසුපස පවතින තර්කණය කුමක්දැයි පැහැදිලි කොට තිබේ. (“දේශපාලන ආර්ථිකය මෝඩයෝ!”).

සරලව, මෙහි අදහස වන්නේ ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නට නියමිත ඇතැම් ආර්ථික වෙනස්කම් සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාවට නැගීම අසීරු වනු ඇති බවයි. (ඒවා කෙබඳු ආකාරයේ වෙනස්කම්දැයි ඔබට සිතා ගත හැකිය). විශේෂයෙන්ම පසුගිය අප්‍රේල් මාසයේ සිට පුළුල් බහුජන සහභාගීත්වයක් ඇතිව වර්ධනය වූද, රාජපක්ෂ පාලන තන්ත්‍රය සසළ කරවන්නට සමත් වූද, එනයින් ජයග්‍රාහී මානසිකත්වයක් අත්පත් කර ගත්තා වූද ජන අරගලයක අත්දැකීම් සහිත සමාජයක්, ඉදිරියේදී උත්සන්න වීමට නියමිත ආර්ථික පීඩනයන් හමුවේ නිහඬව නොසිටිනු ඇති බැවිනි. එබැවින්, වත්මන් ආර්ථික වියවුල සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කෙරෙන බෙහෙත් වට්ටෝරුව භාරගැනීමට තීරණය කොට තිබෙන දක්ෂිණාංශික නායකයා, ඒ සඳහා අවශ්‍ය දේශපාලන පරිසරය නිර්මාණය කරන්නට සිදුවන්නේ මර්දනීය රාජ්‍ය යාන්ත්‍රණ බලවත් කිරීම මගින් යැයි නිගමනය කිරීම අපේක්ෂා කළ යුත්තකි. විශේෂයෙන්ම ඔහු බලයට පත්ව සිටින්නේ කිසිදු ජනතා වරමක් හෝ සුජාතභාවයක් සහිතව නොවන බැවින්ද, අඩු තරමින් ලබන වසරේ මාර්තු මාසය වන තෙක් ඔහුගේ පැවැත්ම රඳා පවතින්නේ දැනටමත් ජනතා විරෝධයට ලක්ව තිබෙන රාජපක්ෂ බල-ජාලය මත බැවින්ද මෙය කිසිසේත්ම පුදුමයට කාරණයක් නොවේ. (මාර්තු මාසයෙන් පසුව ඔහුට රාජපක්ෂ-ජාලය හීලෑ කරගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තර්ජනාත්මක කෙවිට භාවිත කළ හැකිය).

නව-ලිබරල් කම්පන ප්‍රතිකාරය

බොහෝ අරුත්වලින් 1980 දශකය මතකයට නැංවෙන සිද්ධි දාමයක් දිග හැරෙන පසුබිමක රනිල් වික්‍රමසිංහ තම මාමාගේ දේශපාලන ක්‍රියාන්විතයේ වැදගත් අංග කිහිපයක් පුනරාවර්තනය කරමින් සිටින සෙයකි. එනම්, ජනප්‍රිය නොවන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන බලය වඩ වඩාත් සංකේන්ද්‍රණය කර ගැනීම; ආර්ථිකමය ගැටළු අරභයා පැන නගින දේශපාලන විරෝධතා මැඩ පැවැත්වීම; නොඑසේනම්, මේ දිනවල සිදු කෙරෙන පරිදි විරෝධතා පැන නැගීමට ඇති දේශපාලන විභවතා කලින්ම පාගා දැමීම; ආර්ථික පීඩනය සමාජයේ වඩාත්ම දරිද්‍ර සහ ආන්තික කොටස් වෙත පටවන අතර දෘෂ්ටිවාදී ක්ෂේත්‍රයේ වැඩි නියෝජනයක් සහිත නාගරික මධ්‍යම පන්තික කොටස්වල පක්ෂපාතීත්වය දිනා ගැනීමට ප්‍රයත්න දැරීම (පොදු ප්‍රවාහණය කැප කරමින් පුද්ගලික මෝටර් රථ සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබා දීම වැනි); වෘත්තීය සමිති සහ ශිෂ්‍ය ව්‍යාපාර මර්දනය කරමින් සිවිල් සමාජ නිදහස අහුරා දැමීම; විපක්ෂයට අයත් පක්ෂ මර්දනය කිරීම හෝ ඒවා සම්මුතිකාමී රාමුවක් තුළ හීලෑ කොට තබා ගැනීම; ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් දේශපාලන නිදහස කැප කළ යුතුය යන ආප්තෝපදේශය ප්‍රායෝගිකව අනුගමනය කරන අතරම තම නිර්-ප්‍රජාතාන්ත්‍රික භාවිතයන් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් යුක්ති සහගත කිරීම.

ජේ.ආර්. ජයවර්ධන ආර්ථික ලිබරල්කරණ ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැගීමට සමගාමීව විධායක බලය සංකේන්ද්‍රණය කෙරෙන ආණ්ඩුකරන රාමුවක් හඳුන්වා දුන් අතර වෘත්තීය සමිති ව්‍යාපාරය සහ ශිෂ්‍ය ව්‍යාපාරය ඔහුගේ මර්දනකාරී පාලනයේ පළමු ඉලක්ක වූ බව අමතක නොකළ යුතුය. එසේම, මෙය හුදෙක් ලංකාවට පමණක් සීමා වූ තත්ත්වයක්ද නොවේ. 1973 වසරේදී කුප්‍රකට ‘චිකාගෝ කොල්ලන්’ විසින් පිනෝචේගේ ඒකාධිකාරී පාලනය යටතේ චිලිය තුළ ක්‍රියාත්මක කරන ලද නව-ලිබරල් ක්‍රියාන්විතය ඒ වනවිටත් ‘ඒකාධිකාරී නිදහස් වෙළඳපල ක්‍රමයක්’ පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීමක් සපයා තිබිණ. මාගරට් තැචර් යටතේ එක්සත් රාජධානිය තුළ නව-ලිබරල්කරණය සහ නව-ගතානුගතිකවාදය අතර සම්බන්ධයක් ගොඩ නැගුණු ආකාරය ස්ටුවර්ට් හෝල් විසින් මනාව විශ්ලේෂණයට ලක් කොට තිබේ. කෙසේ වුවත්, සමකාලීන ලංකාව තුළ ජනප්‍රිය නොවන ආර්ථික ප්‍රතිපත්ති ඉහළ සිට ක්‍රියාත්මක කිරීමේදී ඒවා ජයවර්ධනගේ කාලයටත් වඩා බරපතල සමාජමය කම්පනයක් ජනනය කරනු ඇත. මන්දයත්, දැන් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට සිදුවන්නේ බරපතල ගෝලීය සහ ජාතික අර්බුදයකට දක්වන අසරණ ප්‍රතිචාරයක් ලෙසිනි. එසේම, ’80 දශකයේදී පැවතියාට වඩා ජනතා විශ්වාසය සහ පක්ෂපාතීත්වය ගිලිහී ගිය පාලන තන්ත්‍රයක කතෘත්වයෙනි. අනෙක් අතින්, එකල නොපැවති ආකාරයෙන් බහුජන ශ්‍රේණීන් දේශපාලන අවකාශයට කඩා වැදීමේ අත්දැකීමක මතකය ගිලිහී නොගිය තත්ත්වයක් තුළය.

මේ අනුව, බොහෝ විට වත්මන් සංධර්භය තුළ අයි.එම්.එෆ් නිර්දේශ ක්‍රියාවට නැගීම නයෝමි ක්ලයින්ගේ වචනයෙන් කිව හොත්, ‘කම්පන ප්‍රතිකර්මයක’ ස්වරූපයෙන් සිදු වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එහි අදහස නම්, සමාජය විශාල කම්පනයකට ලක්ව සිටින තත්ත්වයක් තුළ එතෙක් ක්‍රියාත්මක කළ නොහැකි යැයි පෙනුණු බරපතල ආර්ථික වෙනස්කම් ඉක්මණින් ක්‍රියාවට නංවා අවසන් කිරීමයි. එක්සත් ජනපදයේ කැත්‍රිනා සුළි කුණාටුව පසුබිම් කරගෙන ඇති වූ සමාජ කම්පනය තුළ පොදු පාසැල් පෞද්ගලීකරණය කිරීම මේ සඳහා ක්ලයින් දක්වන නිදසුනකි. නව-ලිබරල් ධර්මයේ කතෘවරයෙකු වූ මිල්ටන් ෆ්‍රීඩ්මාන්ගේ උපදෙස වූයේ සමාජය කම්පනයෙන් මිදී යළි පියවි සිහිය ලබන විට අවශ්‍ය වෙනස්කම් සියල්ල සිදු කොට හමාර කොට තිබිය යුතුය යන්නයි. ඇතැම්විට, රනිල් කතා කරන ඉතාම දුෂ්කර ඉදිරි සය මසෙන් ගම්‍ය වන්නේ එවන් කම්පන ප්‍රතිකාරයක් විය හැකිය.

ඉදිරි සය මස තුළ සිදුකෙරෙන ආර්ථික වෙනස්කම් සමග පැන නැගිය හැකි ජනතා විරෝධය දමනය කිරීම සඳහා ඇතැම් විපාක්ෂික බලවේග මර්දනය කිරීමක්ද, ඇතැම් බලවේග හීලෑ කර ගැනීමක්ද, තවත් ඇතැම් බලවේග නිර්-දේශපාලනීකරණය කිරීමක්ද වුවමනා වන බැව් වටහා ගන්නට පරිණත දක්ෂිණාංශික නායකයෙකු අසමත් වන්නේ නැත. (ග්‍රාම්ස්චි පැවසූ ලෙස පාලක පන්තියේ නායකයින් දේශපාලනයේ කලාව දැනගන්නේ බොහෝ විට පොත්පත් කියවා උගැන්මෙන් නොව තම අතීත සම්ප්‍රදායන් මගිනි). ඒ අනුව ගත් කල, ඉදිරියේ එන ජනප්‍රිය නොවන ක්‍රියාමාර්ග සඳහා හැකිතරම් දුරට විපක්ෂයේ කණ්ඩායම් දායක කරගැනීම වත්මන් පාලනයට ඉතාම ප්‍රයෝජනවත් වනු ඇත. එවිට ජනතා විරෝධය එල්ල වනු ඇත්තේ රනිල්-රාජපක්ෂ පාලනයට එරෙහිව පමණක් නොව ඊනියා සර්ව-පාක්ෂික ක්‍රියාන්විතයට සම්බන්ධ වූ සියලු පක්ෂවලට එරෙහිවය. ජන පදනමක් නොමැති වත්මන් පාලන තන්ත්‍රය සමග සම්මුතිගත වන විපක්ෂයේ කොටස්වලට ඉදිරි ජන අරගලයක සහයෝගය හිමි නොවනු ඇති අතර, ඒ වෙනුවට ඔවුනට රාජ්‍ය මර්දනයේ සෘජු හෝ වක්‍ර ආශීර්වාදකයින් බවට පත් වීමේ ඉරණම භාරගන්නට සිදු වනු ඇත. ප්‍රධාන විපක්ෂය මේ වනවිටත් හදිසි නීතිය පැණවීම, අරගලකරුවන් අත් අඩංගුවට ගැනීම සහ අරගල බිම් වෙත ප්‍රචණ්ඩ ප්‍රහාර එල්ල කිරීම වැනි මර්දනීය ක්‍රියාමාර්ග වෙත වාචික විරෝධයක් දැක්වීමට පමණක් සීමා වී සිටින බැවින් ඔවුන් සර්ව-පාක්ෂික වැඩ පිළිවෙල පිළි ගත්තද, නොගත්තද, රනිල්-රාජපක්ෂ සම්මුතිවාදයේ රීතීන් සමග අනුගත වෙමින් සිටින බවක් පෙනේ.

ජාතිය වෙනුවට ජනතාව

කෙසේ වෙතත්, ඉතිහාසය පුනරාවර්තනය වන්නේ නැත. 1980 දශකයේදී ජයවර්ධන පාලනය සතුව සක්‍රීය ජනතා කැමැත්ත දිනාගැනීම සඳහා ප්‍රබල දෘෂ්ටිවාදී උපකරණයක් තිබිණ. එනම්, රාජ්‍ය අනුග්‍රහයෙන් වර්ධනය කරමින් පවත්වාගෙන ගිය සිංහල බෞද්ධ ජාතිකවාදයයි. අඩු තරමින් 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන තෙක් දෙමළ බෙදුම්වාදයට එරෙහි යුද්ධය දකුණේ බහුතර ජනවර්ගයේ කැමැත්ත සංවිධානය කිරීමේ මාධ්‍යයක්ද විය. ඉන්දීය බලපෑම හමුවේ එම මාධ්‍යය ජයවර්ධන පාලනයට අහිමි වූ අතර, ඉන්පසුව අධිපති ජාතිකවාදය සංවිධානය වූයේ පාලන තන්ත්‍රයේ ආධිපත්‍යයට එරෙහිවය.

මෑත දිනෙක මා මිත්‍ර නිර්මාල් දේවසිරි ඔහුගේ මුහුණු පොතෙහි නිවැරදිව සඳහන් කර තිබූ පරිදි, 1980 දශකයේදී රාජ්‍යය සහ ජාතිය එකිනෙක අභිමුඛ වූයේ නම්, 2022 දී රාජ්‍යයට අභිමුඛ වන්නේ ජනතාවයි. එකල බහුතරයේ ජාතිකවාදය සංවිධානය වූයේ ප්‍රචණ්ඩ සහ ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් ලෙසින් නම්, වත්මනෙහි සමාජ අරගලය නිර්-ප්‍රචණ්ඩ වූත් ප්‍රජාතාන්ත්‍රික වූත් එකකි. ආර්ථික පීඩනය මගින් ජනිත සමාජ විරෝධය දැන් ජනවාර්ගික සහ ආගමික පසමිතුරුතා අරගලයක් වෙත විතැන් වී නොමැත. ඒ වෙනුවට සමාජයේ බහු-විධත්වය සහ බහු-විධ ප්‍රජාතාන්ත්‍රික අභිලාෂයන් ජන අරගලය තුළ මූර්තිමත් වේ. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ සටන් පාඨ අරගලයේ පෙරමුණට පැමිණ තිබෙන බැවින් වාමාංශයටද මෙතෙක් අහිමි වී තිබූ දේශපාලන අවකාශයක් විවෘත වී ඇත. තවද, මෙතෙක් බොහෝ දෙනෙකුගේ විශ්ලේෂණයට ලක් නොවූ තවත් වැදගත් පරිවර්තනයක් වත්මන් අරගලය පසුබිම් කොටගෙන සිදුවෙමින් තිබේ. එනම්, 1960 දශකයේ මැදභාගයෙන් පසුව විකාශනය වූ ග්‍රාමීය පදනමක් සහිත වාමාංශික ව්‍යාපාරයත්, එම කාල පරිච්ජේදයේ සිටම නාගරික සමාජ පදනමක් සහිතව විකාශනය වූ පෙරටුගාමී කලා-සංස්කෘතික ව්‍යාපාරයත් මුල්වරට දේශපාලනිකව එකිනෙකා මුණ ගැසීමයි.

මෙම පරිවර්තනීය ප්‍රවණතා සියල්ල සැලකිල්ලට ගත් කල ඉදිරියේදී ජනප්‍රිය-නොවන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නගන අධිකාරීවාදී පාලනයක් සහ එයට එරෙහි ප්‍රජාතාන්ත්‍රික ජනතාවාදී (populist) ව්‍යාපාරයක් අතර ගොඩ නැගෙන පසමිතුරුතාව වටා ජාතික දේශපාලනය නැවත සංවිධානය වීමට විශාල විභවතාවක් තිබේ.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    2019 නොවැම්බර් මාසයට පෙර මා කතා කළ ඕනෑම කෙනෙකුට රාජපක්ෂගේ නැවත පැමිණීමට දැඩි ලෙස විරුද්ධ විය යුතු බව පැහැදිලි කිරීමට මම සෑම උත්සාහයක්ම ගත්තෙමි.

    මගේ අවධානය ටුක් ටුක් රියදුරන් කෙරෙහි පමණක් නොව ඉහළ අධ්‍යාපනයක් ඇති විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය කෙරෙහි ද යොමු විය. කෙසේ වෙතත්, මගේ උත්සාහය අවසන් වූයේ මම බිත්තියක් හෝ බිහිරි අය සමඟ කතා කරනවාක් මෙනි. එම කතිකාව දැන් දිගටම පවතින නමුත් අපි අපගේ ජයග්‍රහණවලින් සැතපුම් ගණනක් දුරින් සිටිමු. මේ රටේ පුරවැසියන්ගේ අපේක්ෂාවන්ට ආසන්නව තම කාර්යය ඉටු කර ඇත්දැයි ශ්‍රී ලංකාවේ මාධ්‍ය තමන්ගෙන්ම ප්‍රශ්න කළ යුතුය. මගේ හොඳ සගයන් ඊයේ මගෙන් ඇහුවා මේ ජාතියේ අතිශය තීරණාත්මක සන්ධිස්ථානයක බෙදුම්වාදී සිතුවිලි පතුරවන්න සමාජ මාධ්‍ය වේදිකාවලට අසීමිත නිදහසක් දෙන්නේ කොහොමද සහ ඇයි කියලා. යුරෝපීයයන්, ධනවත් ජාතීන් ලෙස, සමාජය සමඟ සාමයට තර්ජනය කරන්නේ නම්, ඔවුන්ගේ නව අනතුරු ඇඟවීම්වලට යම් සීමාවන් පනවා ඇත. එතකොටයි මට හිතුනේ – අදටත් ලංකාවේ මාධ්‍යවල ආචාර ධර්ම හා සදාචාර සංග්‍රහ හඳුන්වා දීලා නැහැ.

    මම CT සහ වෙනත් සංසදවල බොහෝ පෝස්ට් එකතු කර ඇත, මට එසේ කිරීමට අවස්ථාවක් ලැබුණු සෑම විටම, මගේ එකම පැතුම ජාතියට අනතුරු ඇඟවීමයි. මම හිතන්නේ මම එය නිවැරදිව කළා. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් කී දෙනෙක් එම ප්‍රශ්නය ගන්නවා. අපේ අය කිසිම දෙයක් බැරෑරුම්ව හිතන්න කැමති නැහැ. අප අවධානය යොමු කළ යුත්තේ එතැනටයි. ඔබ අසනීපයක රෝග ලක්ෂණ කෙරෙහි අවධානය යොමු නොකරන්නේ නම්, සුවය ලැබීමේ ප්‍රීතිමත් අවස්ථාවන් බලා සිටීම අර්ථ විරහිත ය.
    කෙසේ වෙතත්, ඔවුන් 2019 නොවැම්බරයේ අඳුරෙන් මකර කටට වැටුණි. එතැන් සිට රට මුහුණ දුන් සියල්ල අඳුරු විය. එය විශාල වරදක් බව ඕනෑම හැඟීමක් ඇති ඕනෑම කෙනෙකුට පැහැදිලි විය. යෞවනයෙකු බිත්තියට එරෙහිව දිව ගියහොත්, ප්රතිවිපාක පැහැදිලි විය යුතුය. ඉතින් එහෙන් මෙහෙන් උණුවෙන හිත් අද තියෙන භයානක ප්‍රතිවිපාක නොදැක අඬනවා, ඒත් මිනිස්සුන්ට බනින්න ඇඟක් නෑ, අඩුම තරමේ දැන්වත් පිරිසිදු වෙලා එන්න. මාධ්‍ය මාෆියාවට, කහ සුරතල් මාෆියාවට හසුවී ආත්මය පාවා දුන් ඔවුන්ට අද දඬුවම් ලැබී ඇත. අද සන්දර්භය තුළ, ඉහළ පෙළේ පුද්ගලයින් ලැජ්ජාවෙන් ඔවුන්ගේ ශිශිරත්වයට ගිය අතර, එම කහ සුරතල් සතුන් කිහිප දෙනෙකු දිගටම කරගෙන යාමට ඉදිරිපත් වන බව මම දකිමි. අද මිනිස්සු ඒවා දකින්නේ කොහොමද? කිසිම ශිෂ්ට ජාතියක් අපේ දේශපාලනය දිහා බලලා අත්පුඩි ගහන්නේ නැහැ.vv

    • 5
      0

      Dear CT,
      Apologize for my previous post. Please delete it.
      :
      රාජපක්‍ෂට විරුද්ධ මම පමණක් නොව, ඔවුන් සහ ඔවුන්ගේ හෙංචයියන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ඕනෑම හැඟීමක් ඇති ඕනෑම අයෙකු මා සමඟ එකඟ වනු ඇත.

      ඇත්තටම වැටිය යුත්තේ මහින්ද රාජපක්ෂ මිස ගෝඨාභය නොවේ. 2005 වසරේ සිට මහින්ද රාජපක්‍ෂ ශ‍්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ විෂ සහිත කෲර ආත්මාර්ථකාමී දේශපාලනයකි.
      එල්ලුම් ගහ ගෙනාවේ නම් “අලුගෝසුවා” ලෙස මුලින්ම සුදුසුකම් ලැබුවේ ගෝඨාභය බව පැහැදිලිය. හමුදාවේ කාටත් වඩා ඔහු මේ රටේ මිනිසුන්ට වධ දුන්නා. එහෙත් මාධ්‍ය මාෆියාවේ පහසු කූට උපක්‍රමවලට මුළු මහත් ජාතියම ගොදුරු වී අද වන විට විනාශයට පත්ව ඇත. ඔවුන්, මේ ජාතියේ බහුතරයක් ඔවුන්ගේ දේශපාලන සාක්ෂරතාවයෙන් දුප්පත් වන අතර වෙනත් විකල්පයක් නොතිබුණි, නමුත් මිනිසුන් විශ්වාස කළහ. ඇත්ත වශයෙන්ම, එය ඔවුන්ගේ දේශපාලන නැවත පැමිණීම සඳහා ස්ථාපිත වූ පිටපතකි. මිනිසුන්ගේ මනස අපයෝජනය කර නොමඟ යවමින් මිනිසුන්ගේ බොළඳ බව මත වැඩ කිරීමට ඔවුන් කෙතරම් ම්ලේච්ඡ විය යුතුද? ඒ සියල්ල අපරාධ පරීක්‍ෂණ පවත්වමින් චෝදනා ලැබූ නිසාය. ඔවුන්ගේ වාසනාවට ගෝඨාභයගේ නීති විරෝධී ජනාධිපති ධූරය යටතේ සියලුම නඩු නිදහස් විය.

      නගර අලංකරණ ව්‍යාපෘතියක හොඳින් වැඩ කළ මිනිසෙක් ප්‍රාදේශීය දේශපාලනයටත් දක්ෂ බව ඔවුන්ගේ නැවත පැමිණීම සඳහා දේශීය මාධ්‍ය විසින් රට තුළ ප්‍රචාරය කරන ලදී.
      . . එය අවාසනාවන්ත ලෙස අප අපේක්ෂා කළ පරිදිම ආපසු හැරී ජාතියට අවවාද කළේය.මිනිසෙක් ගසකින් වැටී ගොනාට හසුවූ බවට කියමනක් තිබේ. එය අද අප අත්විඳ ඇති අපමණ ඉරණමයි. සොරිසේන, හිටපු ජනාධිපතිවරයා 2018 ඔක්තෝම්බර් මාසයේදී රාජපක්ෂ විසින් හයිජැක් කරන ලද අතර, ඉන් පසුව, එම පාස්කු ඉරිදා අහිංසක පල්ලියේ බැතිමතුන් සිය ගණනක් මනුෂ්‍ය පූජා කරන තෙක් තත්වය නරක අතට හැරුණි. 2018 ඔක්‌තෝබර් මාසයේ සිට ජාතික ආරක්‍ෂාව සහ ආරක්‍ෂාව අනතුරේ හෙළා ඇත. කෙසේ වෙතත්, මේ රටේ අධිකරණය ඉතියෝපියාවට වඩා දුර්වල ය, මන්ද ජාතියේ යහපත සඳහා කිසිවක් හොඳින් ක්‍රියාත්මක නොවූ බැවිනි.

      පෙරටුගාමි හොරුන්ට හසුවන තුරු අවසානය දක්වා සටන් කළ අපේ අභීත තරුණ තරුණියන්ට මගේ ආචාරය සීගිරි බිතුසිතුවම් ලෙස හංවඩු ගසා ගලෙහි සිත්තම් කර තිබෙනු ඇත.

      ගෝඨාභයගේ ඉරණමද ඒ ආකාරයෙන්ම අවසන් වූ අතර, මැයි 09 වැනිදා ඩී.ඒ.රාජපක්ෂගේ ස්මාරක කඩා බිඳ දැමූ අතර, පසුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් කරන ලදී. කොවිඩ් හෝ දිව්‍යමය බලවේග මගින් සියලු රාජපක්ෂවරුන් නැති කළේ නම් වඩාත් සතුටු වනු ඇත, මන්ද මේ රටේ සැබෑ අභිවෘද්ධිය ආරම්භ කළ හැක්කේ එවිට පමණි. මිනිසුන් සදාකාලිකවම මොළ ශෝධනය කර ඇති බැවින් ඔවුන්ගේ අවතාර් රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම රිංගා ඇත.

      ඉදිරි පෙළ මිනීමරුවන්ට ඔවුන් හසු වූයේ ඔවුන්ගේම වරදක් නොවේ. මුළු කේක් ගෙඩියම නරක් නොවීය – තරුණයන් ආපසු හැරී බැලූ අතර, ඔවුන් ඕනෑම දේශපාලකයෙකුට වඩා වැඩි යමක් ජාතියට කර ඇති බව වටහා ගත්හ. එබැවින් අපගේ තරුණ පරපුරට අපගේ ආචාරය සදාකාලික වනු ඇත.
      දැන් අපේ ජාතිය ලෝකෙන් පන්නලා තියෙන්නේ, මේ රටේ බහුතරයකගේ අහිංසක ඡන්ද උදුරාගෙන මේ කොල්ලෝ පවුල සහ උන්ගේ ක්‍රියාව නිසා. අපේ අධිකරණයට සාධාරණයක් ඉටු කිරීමට අසමත් වූ රාජපක්ෂලාට ශාප වේවා, ඔවුන්ගේ අවසන් මොහොත දිව්‍යමය දඬුවම්වලින් පිරේවා.

    • 4
      0

      කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ඉරණම විනාශ විය. 2019 නොවැම්බරයේ සිට අපි ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ මොනතරම් ඛේදවාචකයකටද?
      1) විවිධ අනතුරු ඇඟවීම් මධ්‍යයේ මිනිසුන් බොහෝ ප්‍රසිද්ධ ම්ලේච්ඡයන්ට ඔවුන්ගේ නායකයින් ලෙස ඡන්දය දුන්හ. සුළු ප්‍රශ්න පවා විසඳා ගැනීමට නොහැකි වීමත්, ගෝඨාට තම සරණාගතභාවය ලබා ගැනීමට නොහැකි වීමත් ඊටම පිළිතුරු සපයයි. බලය අල්ලා ගැනීමට සහ ඔවුන්ගේ අධිකරණ නඩුවලින් නිදහස් වීමට ඔවුන්ගේ හැකියාවන් අතිශයෝක්තියක් විය. ජීවිත තර්ජනාත්මක ප්‍රශ්න මතු වුවහොත් ඕනෑම නායකයෙකුට සරණාගතභාවය ඉල්ලා සිටිය හැකි රටවල් 180 කට අධික සංඛ්‍යාවක් මේ මිහිතලයේ ඇතත්, දක්ෂ, මෝඩ ගෝඨාට ඒ සඳහා වැඩ කිරීමට නොහැකි විය. දැන් තායිලන්තයේ සිර මැදිරියකට හසුවී සිටින ඔහු ටැන්ටලස්ගේ සියලු වද වේදනා විඳිමින් සිටි බව මම කියමි.
      2) රටේ කර්මයට, ගිලෙන රටට සහ හැකිලෙන ආර්ථිකයට COVID අතිරේක තර්ජනයක් බවට පත් විය. ජීවිතාරක්ෂක ශල්‍යකර්මයක් සඳහා ICU වෙත ඇතුළු වූ රෝගියෙකුට එය විශාල පහරක් විය.
      3) විදේශ විනිමය මුදල්වල ප්‍රධාන ප්‍රවාහය වන මැදපෙරදිග ආගන්තුක සේවකයින් ඇතුළු පුද්ගලයින්ට COVID පාලනය කළ කාලය තුළ ඔවුන්ට රට තුළට ඇතුළු වීමට ඉඩ නොදී නායකයින් ලෙස රාජපක්ෂගේ සැබෑ මුහුණුවර අවබෝධ විය. රාජපක්ෂලාට සහ ඔවුන්ගේ හෙංචයියන්ට මෝඩයන්ගේ පාරාදීසයේ නැවත බලය ලබා ගැනීමට පාර කැපුවේ ඒ ආගන්තුක සේවකයන්ය.
      4)COVID 19 පසුව පාලනය කරන ලදී, කෙසේ වෙතත්, GOTA ගේ රජයට නියමිත වේලාවට තීරණ ගැනීමට නොහැකි වූ අතර එසේ කළේ නම් එම මරණ 17 000 න් ජීවිත විශාල ප්‍රමාණයක් බේරා ගත හැකිව තිබුණි.
      5) මුළු ලෝකයම ශ්‍රී ලංකාව ම්ලේච්ඡයන් ලෙස හංවඩු ගසා ඇති ආකාරය දෙස බලන විට, ගෝඨාගේ රජය නැවත නැවතත් මුස්ලිම් කොවිඩ් වින්දිතයන් දැඩි ලෙස වෙනස් කොට සැලකූ අතර, එම ආන්දෝලනාත්මක ප්‍රශ්නයට පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයාම සම්බන්ධ වන තුරු, ඔවුන්ට පුරුදු පරිදි භූමදානය සඳහා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා නොදේ. ගෝඨාගේ රජය මුස්ලිම් විරෝධී බලවේග සමඟ එක්ව මුස්ලිම් කොවිඩ් රෝගීන්ගේ දුක්ඛිත තත්ත්වය නොසලකා ඔවුන්ට රිදවීමට කටයුතු කළේය.
      :
      5) අද අවජාතකයා සහ ඔහුගේ බිරිඳ තමාගේම ආරක්ෂාව සොයා ගැනීමට නොහැකිව විශාල අවුලක සිටී – රාජ්‍ය නායකයෙකු ලෙස සැබෑ සේවය ලබා දුන්නේ නම්, දේවල් ඔහුට වඩා හොඳින් ක්‍රියාත්මක වනු ඇත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.