25 April, 2024

Blog

රනිල්ගේ හිංසනය සහ අරගලයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගාන්ධියානු අවිහිංසාවාදී කියැවීමක් 

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

වරක් මාධ්‍යවේදියෙකු ගාන්ධිගෙන් අසීරු ප්‍රශ්නයක් ඇසුවේය. එනම්, ගාන්ධි ඉන්දියාවේ මහා ඉඩම් හිමි ක්‍රමය අහෝසි කරන්නට යෝජනා කරන විට එය ඔහුගේ අවිහිංසාවාදයට අනුව සිදු කරන්නේ කෙසේද යන්නයි. ගාන්ධිගේ පිළිතුර වූයේ ඉන්දීය මහා ඉඩම් හිමියන් අවිහිංසාවාදයට ඉඩ දී සාමකාමීව එම ඉඩම්වලින් ඉවත්ව යනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. මෙහිදී ගාන්ධි බරපතලම හිංසනය ලෙස දකින්නේ පුද්ගලයන් කිහිපදෙනෙකු අක්කර දහස් ගණනක ඉඩම් අත්පත් කරගෙන සිටින තත්ත්වයයි.

එම ගාන්ධියානු අවිහිංසාවාදී දැක්ම අනුව ගත් කල, මේ මොහොතේ ලංකාවේ වඩාත්ම හිංසාකාරී දේශපාලනයක නිරත වන්නේ තමන්ට කිසිදු ජනතා වරමකින් හිමි නොවුණු තනතුරක බලහත්කාරයෙන් එල්ලී සිටින්නා වූද, ඒ සඳහා හදිසි නීති රෙගුලාසි පවා භාවිත කරන්නට ඉදිරිපත් වී සිටින්නා වූද රනිල් වික්‍රමසිංහයි. හිටපු ජනපතිවරයා සමග ඔහුද ඉල්ලා අස් වී යන්නේ නම් වත්මන් අරාජක තත්ත්වය යම් තරමකින් හෝ සමනය කොට කිසියම් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නගා ගත හැකි වනු ඇත. මේ මොහොතේ දේශපාලන ස්ථාවරත්වයට ඇති ප්‍රධානතම බාධාව ඔවුන් දෙදෙනාම අවිහිංසාවාදී ලෙස ඉවත්ව නොයාමයි.

ඊට අමතරව දේශපාලන අස්ථාවරත්වයට දායක වන තවත් සාධකයක් තිබේ. එනම්, පාර්ලිමේන්තු විපක්ෂයේ සැක උපදවන නිහඬතාව සහ නිෂ්ක්‍රීයභාවයයි. එය අප නොදන්නා කිසියම් දේශපාලන ඩීල් එකක සලකුණක් යැයි සැක කළ හැකි තරමේ නිහඬතාවකි. ඇතැම්විට, පවතින දේශපාලන සංස්ථාපිතය ජන අරගලය හමුවේ සසැලුණු මොහොතක යළිත් කවර මිළක් ගෙවා හෝ අධිපති සමාජ, ආර්ථික සහ දේශපාලන පර්යාය පවත්වා ගැනීමේ අරමුණින් දැනුවත් ප්‍රයත්නයක් ක්‍රියාත්මක වනවා විය යුතුය. අරගලය තුළ බෙදීම් ඇති කරමින්, අරගලයේ නිරත ඇතැම් පක්ෂ සහ කණ්ඩායම් භයානක රැඩිකල් අන්තවාදීන් ලෙස හඳුන්වමින්, එසේ තෝරාගත් පිරිස් වෙත මර්දනය එල්ල කරමින් ක්‍රියාවට නැගෙන සංවිධානාත්මක මෙහෙයුමක සලකුණු දැන් පෙනෙන්නට තිබේ. ඉදිරි දිනවලදී හැකි නම්, ගෑස්, ඉන්ධන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ යම් තරමකින් හෝ සැපයීමෙන් නාගරික මධ්‍යම පන්තික ජනයාගේ විරෝධය යම් තරමකට හීලෑ කරගන්නටද පාලක කල්ලිය ප්‍රයත්න දරනු ඇත. ප්‍රධාන ධාරාවේ විපක්ෂයේ පුදුම උපදවන නිහඬතාව මගින් ඉඟි කරන්නේ සංස්ථාපිතය රැක ගැනීමේ උපායික මෙහෙයුම පසුපස කලාපීය සහ ගෝලීය බලවතුන්ගේ මැදිහත්වීමක් පැවතිය හැකි බවයි. මේ කිසිවක් සනාථ කිරීමේ නිශ්චිත කරුණු නොමැති වුවත්, ඒවා දේශපාලන බලවේගවල පෙළ ගැසීමේ රටාව විසින් සැපයෙන ඉඟි කිරීම් ලෙස ගැනීම සාධාරණය.

මේ සියළු අභියෝග හමුවේ දැන් වඩාත්ම පරිණත ලෙස දේශපාලන බලවේග හසුරුවමින් සිටින්නේ අරගලයේ සාමූහික නායකත්වයයි. එයට හොඳම නිදසුන අද උදෑසන තමන් අත්පත් කරගෙන සිටි ගොඩනැගිලිවලින් ඉවත් වීමට ඔවුන් ගත් තීන්දුවයි. එසේම ඊයේ දිනයේ අරගලයේ නිරත ඇතැම් කණ්ඩායම් පාර්ලිමේන්තුව අසල සිදු කළ විරෝධතාවට අරගලයේ තරුණ ජීවනාලිය බඳු අන්තරය සහභාගී වූයේ නැත. පාර්ලිමේන්තුව අසල සිදු වූ ගැටුම් වාර්තා වූ වහාම අන්තරයේ කැඳවුම්කරු සජීවී වීඩියෝවක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව අසල විරෝධතාකරුවන් හට වහාම දැනුම් දුන්නේ ගාලු මුවදොරට පැමිණෙන ලෙසයි. අද දිනයේදී ගොඩනැගිලි අත්පත් කර ගැනීමෙන් ඉවත් වීමේ තීන්දුව මගින්ද විවිධ කණ්ඩායම් අරගලයට උපායිකව හානිදායක වන ක්‍රියාවන් සඳහා යොමුවීමට ඇති ඉඩකඩ අවම කරනු ලැබ තිබේ.

වඩාත් වැදගත් කාරණය නම්, අන්තරය ඇතුළු ගාලු මුවදොර සාමූහික නායකත්වය ඉතාම පැහැදිලිව ඉක්මන් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමේ ඉතාම ප්‍රායෝගික වැඩ පිළිවෙලක් යෝජනා කොට තිබීමයි. එම යෝජනාවලිය ඔවුන් පසුගියදා විපක්ෂයේ නායකයින් ගණනාවකට ඉදිරිපත් කළහ. අරගල බිමේ ක්‍රියාකාරී සැලැස්ම නමැති එම යෝජනාවලිය මගින්ද සංකේතවත් වූයේ ඉක්මන් දේශපාලන ස්ථාවරත්වයක් සඳහා අරගලයේ සාමූහික නායකත්වයේ ඇති කැපවීමයි. එම ක්‍රියාකාරී සැලැස්මේ වැදගත් අංගයක් වන මහජන කවුන්සිලයක් නිර්මාණය කොට එම කවුන්සිලය සමග පාර්ලිමේන්තුව සම්මුතියකට එළඹීම පිළිබඳ අදහස විපක්ෂයේ නායකයින් කිහිප දෙනෙකුගේම ඇගයීමට ලක් විය. මීට සති කිහිපයකට පෙර අන්තරය විසින් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවලියේද සාමකාමී සහ ප්‍රජාතාන්ත්‍රික බල හුවමාරුවක් සඳහා වූ මාර්ග සිතියමක් අන්තර්ගත විය. තවද, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසුව කතානායකවරයා මැදිහත්වී පාර්ලිමේන්තුවේ බල හුවමාරුවක් ඇති කරගැනීම ගැන තම විරෝධයක් නොමැති බව අරගලකරුවන් නැවත නැවතත් ප්‍රකාශ කොට තිබේ. මේ අනුව, මා මිත්‍ර නිර්මාල් දේවසිරි ඇතුළු ඇතැමුන් ‘අරගලයේ රැඩිකල් අන්තය’ ලෙසින් හඳුන්වනු ලබන පෙසප සහ අන්තරය ඇතුළු ගාලු මුවදොර සාමූහික නායකත්වය ඉක්මන් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීම සඳහා දැනුවත් සහ ප්‍රෝත්සාහී මැදිහත්වීමක් සිදු කොට තිබේ. සැබෑ කරුණු මත පදනම් වූ කිසිදු විග්‍රහයකට මේ කාරණය මග හැරී යා නොහැකිය.

මේ අනුව, අරගලය හිංසනයේ මාවත අනුයන්නේ නැති බවත් හිංසනය අනුයන්නේ ජනතා වරමකින් තොරව මර්දනකාරීත්වය මගින් බලයේ සිටින්නට ප්‍රයත්න දරන පාලකයින් සුළුතරය බවත් ඉතාම පැහැදිලිය. නිෂ්ක්‍රීය පාර්ලිමේන්තු විපක්ෂයද අනියමින් අනුබල දෙමින් සිටින්නේ වික්‍රමසිංහගේ හිංසනයටය. ඉක්මන් දේශපාලන ස්ථාවරභාවයක් සඳහා ප්‍රධාන බාධකය වන්නේ එය මිස අරගලයේ ඊනියා රැඩිකල් අන්තය නොවේ.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    මම රනිල් නම්, සියලු සදාචාරය සහ ඇදහිලි ඉක්මවා යමින් නීතියට හා සාමයට ගරු කරන කෙනෙකු ලෙස, මම ඊයේ රනිල් කළ දේම කරමි. සමහර වෙලාවට මම සමහර උපාධි අපේක්ෂකයින්ව භාරයට ගන්න තිබුණා, විදිහ බලලා, උදේ ඉඳන් හවස් වෙනකම් වෛරය පතුරවනවා. දැන් පිරිසිදු ස්වභාවයේ අරගලයක් නැත, එබැවින් අපට තවදුරටත් ඒවා වර්ණනා කිරීමට අවශ්‍ය නැත. යුරෝපයේ සමහර රටවල දකින විදියට නියම අරගලයක් කියලා මට හිතුනා.

    අවුල් සහගත රටක සාමාන්‍ය තත්ත්වය ආරක්ෂා කර යථා තත්ත්වයට පත් කිරීම සඳහා CURFA සහ හදිසි අවස්ථා පැනවීම ගැන මම ඔහුට ගරු කරමි. JVP කාරයෝ රනිල්ව එලවන්න හැම උත්සහයක්ම ගන්නවා, මොකද උන්ගේ වෛරය හැමදාම තියෙන්නේ 89 කැරැල්ල දක්වාම. ඒ ඔහු නොව, ජේවීපී කාරයින් මරා දැමීම හෝ ඔවුන්ගෙන් පළිගත්තේය, නමුත් රාජාක්ෂ පාතාලයන් සහ යාන්ත්‍රණය.
    ගෝඨා නිවටයෙක් වගේ රට හැර ගියා, නමුත් නිල වශයෙන් ඉල්ලා අස්වෙනකම් බලාගෙන ඉන්නවා, කොහොම හරි, රනිල්ට ඒ තත්වෙට ආවා නම්, මාර සූක්ෂ්ම දේ කරන්න පණ තියේවි… එතුමාගේ අදහසට බහුතර ජනතාවගේ ගරුත්වය නොලැබේවා. කෙසේ වෙතත්, ඔහු රාජපක්ෂ සිරගත කිරීමට සෑම පියවරක්ම ගත්තේ නම්, ඔහු කෙරෙහි ජනතාවගේ විශ්වාසය වැඩි වනු නිසැකය. කෙසේ වෙතත්, සන්දර්භය තුළ, ඔහු එම යහපාලනය තුළ රට පාලනය කළේය, ඔහු අග්‍රාමාත්‍යවරයා වූ අතර, ආරම්භයේ සිටම රාජපක්ෂගේ සමීපභාවය පැහැදිලිව පෙනෙන මිනිසෙකු මත සියලු පියවර ඉතිරි වේ. සොරිසේන යනු බැලූ බැල්මට මිනිසුන් ඔහුගේ මුහුණට කෙළ ගැසිය යුතු මිනිසා ය.

  • 3
    0

    අනාගත වාක්‍යයන් කීමට තාමත් ඉක්මන් වැඩිය.
    එහෙත්, මෙම වචන කිහිපය තරයේ මතක තබාගන්න.
    මමත් බොහෝ දෙනෙකු සේම, රාජපක්ෂ සහ රනිල් දේශපාලනය තරයේ පිළිකුල් කරන්නෙකි. නමුත්, මා හට හැගෙන්නේ, තව ටික දිනකින් උද්ඝෝෂකයින්, රාජපක්ෂ වාදින්, රනිල් වාදින්, විප්ලව වාදින්, උගතුන්, නුගතුන් වන අප සියල්ල මේ සිදුවීම් පෙල අලුත් කෝණයකින් දැකීමට පෙළඹෙනු ඇති බවය.
    මෙම සිදුවෙමින් පවතින්නේ, සිදුවීම් විශාල ප්‍රමාණයක එකතුවක් නොව, දිර්ඝවශයෙන් වසර ගණනාවක් තුල, සමාජයේ එක්තරා “ස්ථරයක්” විසින් සැලසුම්කර සුක්ෂ්මව ක්‍රියාත්මක කරන ලද එකම එක සිදුවීමක් බවත්, මෙය කාලීන අවශ්‍යතාවයක්ව තිබු බවත්, මෙතෙක්කල් මුලුමහත් සමාජයම නිද්‍රාගතව සිට ඇති බවත්, දැන් අප අවදිවෙමින් සිටිනබවත් නුදුරු දිනකම අප අවභෝධකරගන්නවා පමණක් නොව, සියලු දේ යහපත්ව සිදුවුනහොත්, මෙම දින කිහිපය ශ්‍රී ලංකාවේ ගමන්මග නිවැරදි මගට ගත් දින කිහිපයක් වශයෙන් ඉතිහාස ගතවීමටද ඇති ඉඩකඩ බොහෝ වැඩිබවක් පෙනේ.

    • 2
      0

      ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට බොහෝ කලකට පෙර මෙය අපැහැදිලි නොවීය. ඔහු හෝ එවැනි මිනිසුන් නායකයන් වන්නේ නම්, ඕනෑම සිරකරුවෙකුට පවා එම කාර්යය කළ හැකිද නැද්ද?
      ශ්‍රී ලංකාවේ ඊනියා මාධ්‍යවේදීන් දක්‍ෂ නම් ගෝඨාභයගේ සැබෑ සුදුසුකම හෙළි කළ හැකිය. අමෙරිකාවේ වසර 15ක් ජීවත් වූ පමණින් වැරදිකරුවන් බහුතරයක් සිටින රටක නායකයා වීමට සුදුසුකමක් විය නොහැක.
      නායකත්වයේ කොටසක් ලෙස ඔහුගේ සහෝදර සහෝදරියන් සමඟ වැඩ කිරීමට ඔහුට නොහැකි නම්, කිසිවෙකු රට මෙහෙයවන්නේ කෙසේද?
      :
      ජනතාවනි, කරුණාකර තරුණයින්ට මේ ජාතිය විනාශ කිරීමට ඉඩ නොදෙන්න. ඔවුන් තම නවක වදය දිගටම කරගෙන යන්නේ ගැහැනු ළමයින්ට හා පිරිමි ළමයින්ට රිදවන ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඔවුන්ට අවමන් කරමිනි. ඔවුන් තවමත් විශ්ව විද්‍යාලවල කරන්නේ එයයි. මේ රටේ අනාගතය තීරණය කරන්නේ එකම තරුණ තරුණියෝද?
      මේ දවස්වල කොළඹ ඓතිහාසික ස්ථාන කොල්ලකන හැටි අපි කාටත් කණගාටුදායක දසුනක් වුණා. නායකයන් පලවා හැරීමට ඔවුන්ගේ අරගලය පටන් ගන්නට ඇත, කෙසේ වෙතත්, ඔවුන් පමණක් නොවේ. ත්‍රස්තවාදය රටින් තුරන් කිරීමේ සම්පූර්ණ ගෞරවය රාජපක්ෂලා උදුරා ගත්තා සේ – අරගලයාට සියලු ගෞරවය උදුරා ගැනීමට අයිතියක් නැත. මට යම් ආකාරයක ගෞරවයක් ඇත, නමුත් මම අද ඔවුන්ගේ ප්‍රතිචාරවලට විරුද්ධ වෙමි … කොළඹ පිහිටි එම නිවාස අපගේ සැබෑ වත්කම් වේ, කිසියම් හානියක් සිදුවී ඇත්නම්, .. එම උපාධි අපේක්ෂකයින්ගේ දෙමාපියන්ට හානිය සම්බන්ධයෙන් වගකිව යුතුය …

      • 2
        0

        වැරදියට තේරුම් ගන්න එපා… මම අරගලයට මුල් දවසේ ඉඳන්ම සහය දුන්නේ එය කළ යුතු සහ කාලෝචිත ක්‍රියාවක් යැයි සිතමින්…. … කෙසේ වෙතත්, ඉතිහාසගත ගොඩනැගිලි ජයගත් පසු එම උපාධිධාරීන් හැසිරෙන ආකාරය සහ මඩ ගැසීමට පටන් ගත් ආකාරය …. මට ලබා දුන්නා මෙම මිනිසුන් හැසිරෙන්නේ දේශීය විශ්ව විද්‍යාලවල එම ම්ලේච්ඡ නවක වදය ප්‍රවර්ධකයන්ට වඩා වෙනස් නොවන බවයි.
        ජාතියේ මහා අපරාධකාරයා වූ මහින්ද රාජපක්ෂව අරගලයා විසින් නෙරපා හරින ලදී:::: කිසිදු කණ්ඩායමකට පක්ෂග්‍රාහී නොවී විදේශගත ශ්‍රී ලාංකික අපගේ ප්‍රශංසාව ලැබිය යුතුය.

        මෙම උපාධි අපේක්ෂකයන්ගෙන් සමහරක් පළමු වරට ඡන්දදායකයින් ලෙස හිටපු රාජපක්ෂ අපරාධකරුවන් බලයට ගෙන ඒම සඳහා මූලික විය. සේපාල් අමරසිංහ, සුදා තිලකසිරි, මධුමාදව කියන බැල්ලගෙ පුතා වගේ ලාබ මිනිස්සු ඒ පෙළපාළිවල ඉදිරියෙන්ම හිටියා. ජනතාවට මේ මොහොතේ තීරණාත්මක දේ අමතකයි. ඒක මිනිස්සුන්ගේ වරදින්… අද රාජපක්ෂ විරෝධීන්ටත් විඳවන්න සිදුවෙලා.
        .
        ඒවගේම JVP කාරයෝ සහ වෙනත් දුෂ්ට බලවේග විසින් ඔවුන්ව දූෂණය කරලා මොලේ වොෂ් කරලා තියෙනවා නම් අපිට සම අරගලයටම සහයෝගය දෙන්න බැහැ. මේ රටට අවශ්‍ය තරම් හොඳ නායකයින් සිටියත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සැඟවී සිටින්නේ රාජපක්ෂ සහ අනෙකුත් විවිධ දුෂ්ට බලවේග විශ්වාස කිරීමට සමාජය සැදී ඇති බැවිනි. ප්‍රසිද්ධියේ කාට හරි රිද්දුවනම් ඒ අය සතුටු වෙනවා. ඒකට හොඳ දේශපාලනයක්වත් නරක දේශපාලනයක්වත් සම්බන්ධ නැහැ.

  • 1
    0

    සුමිත්,
    බුදුන් වහන්සේගේ සත්‍ය ඉගැන්වීම්වලට සහමුලින්ම පටහැනි සිංහල බුද්ධාගම පවතින රටක ගාන්ධිගේ අවිහිංසාවාදී ප්‍රතිපත්ති ගැන කතා කිරීමට අපට අයිතියක් ඇතැයි මම නොසිතමි.
    නිකමට හිතන්න, කරුණාකරලා ආපහු හැරිලා බලනවා නම්, රාජපක්ෂලා කළේ බොරු බෞද්ධ භික්ෂූන් වහන්සේලා උඩින් තියාගෙන… මේ රටේ අසරණ මිනිසුන්ගේ බලය සහ ආකර්ෂණය ලබා ගැනීම පමණයි. ඔබ සහ ඒ හා සමාන විශ්ව විද්‍යාල ගුරුවරුන් යම් යම් හේතු නිසා ශිශිරතාරකයේ සිටියා.
    – මම හිතන්නේ නැහැ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඉදිරිපත් වුණා නම්, ඒත්තු ගැන්වීමට, ගෝටා සහ ඔහුගේ හෙංචයියන්ට ජනතාව නොරැවටෙනු ඇත. අවාසනාවකට මෙන්, ඔබ සහ එම ආචාර්‍ය දේවසිරි ඊට විරෝධය දැක්වීමට තරම් ක්‍රියාකාරී නොවීය.

    අපරාධකරුවන් නැවත මේ ජාතිය විනාශ කිරීමට ගෙන ආ පක්ෂපාතී මාධ්‍ය වංචාකරුවන්ට වඩා වෙනස් නොවන ආකාරයට එම ව්‍යාජ භික්ෂූන් වහන්සේලාම හැසිරෙති. UNTRUTH වලින් උන්ට කන්න දීලා සමාජය විකෘති කරනවා. මෙය කළේ කවුද … මාධ්‍ය ආවරණය නොවේ නම්.
    MOBS දෙරණ මාධ්‍ය ආයතන වලට ගිනි නොදැම්මේ ඇයි කියලා මට පුදුමයි…. ඒවගේම ඒ DELETE JAYWEERA කියන ගෝඨාබයගේ ලේ උරා බොන උන්ට රිද්දුවේ නැත්තේ ඇයි කියලා. සමහර හේතූන් මත MOBs ද පක්ෂග්‍රාහී වී ඇති බව මට හැඟේ.
    ජනතාවගේ බදු බරින් විශාල හානියක් සිදුවුවහොත් එම ශිෂ්‍ය නායකයා වගකිව යුතුය. ඔහුම නොවේ නම්, විශාල හානියට ඔහුගේ දෙමාපියන් සිරගත කළ යුතුය. චිත්තවේගයන් වටිනා ඓතිහාසික ගොඩනැගිලිවලට භෞතික හානිවලට ඉඩ නොතැබිය යුතුය. මේවා මූලික කරුණු වේ.

  • 0
    0

    අරගලය කෙරෙහි ජනතාවගේ උනන්දුව දැන් හීන වෙමින් පවතී. හේතුව ඔවුන් කෙරෙහි විශ්වාසය, බලය අනිසි ලෙස භාවිතා කිරීමයි. මට මගේ දෑස් අදහාගත නොහැකි වූ නමුත් විරෝධතා දැක්වූ උපාධි අපේක්ෂකයින් විද්‍යාලයේ නවක සිසුන් මෙන් ප්‍රචණ්ඩ ලෙස හැසිරුණි. මහජන දේපළවලට හානි කරමින් මැර පිරිසක් මෙන් හැසිරෙන්න එපා. මාව විශ්වාස කරන්න, රාජපක්ෂගේ ප්‍රසිද්ධ කතාවල විනීතභාවය සහ අභිමානය තිබුණේ නම්, විනයගරුක හා ශිෂ්ට සම්පන්න ජාතියක් සඳහා දේවල් සාර්ථක වනු ඇත. යුරෝපීය රටක, තමන්ගේම දූ පුතුන් මහජන දේපළවලට හානි කරන ලෙස හැසිරෙන්නේ නම්, ඔවුන්ට නිදහසේ සිටීමට අවස්ථාවක් නැත. නීති විරෝධී ජීවිතයට වඩා නීත්‍යානුකූල ජීවිතයට මිනිසුන් ගරු කිරීමට පටන් ගන්නා පරිදි නීතිය හා සාමය බල ගැන්විය යුතුය. යුරෝපීයයන් ඔවුන්ගේ ප්‍රදේශවල මීයන් මෙන් හැසිරෙන නමුත් ඔවුන් සංවර්ධනය වෙමින් පවතින රටවලට යති, ඔවුන් හැසිරෙන්නේ අශෝභන ජීවීන් ලෙස ය. හික්කඩුව, මීගමුව වැනි සංචාරක ප්‍රදේශවලට ගියහොත් මෙය ඔබට වැටහෙනු ඇත.

    ඒ වෙනුවට ඔවුන්ගේ ප්‍රසිද්ධ කතා වේදිකාවේදී අවමන් කර ගෞරවයෙන් සැලකීමෙන් පසු ඊනියා යුද ජයග්‍රහණයෙන් පසු ඔවුන් අසාධාරණ ලෙස තම වංචනික මාධ්‍ය යාන්ත්‍රණය හරහා තමන්වම උත්කර්ෂයට නංවා ගත්හ. එම පණිවිඩය බිම් මට්ටමට ගෙන යාමට විමල් වීරවංශ ඇතුළු සදාචාර විරෝධී බොරු භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙක් පෙළඹුණා. එවිට රාජපක්ෂගේ පින්තූර පච්ච කොටා ගැනීමේ අවදානම ඇත්තේ ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට පමණි.

    tbc

    • 0
      0

      සමහරු මහින්ද රාජපක්ෂව සැලකුවේ ආගමක් හැටියටයි. ඔවුන් තම දේශපාලන පැවැත්ම සඳහා සමාජ මාධ්‍ය හරහා ඔහුව ප්‍රවර්ධනය කළහ. මෙය MR විසින් තේරුම් ගත යුතුව තිබුණි, කෙසේ වෙතත්, ඔහු තම බලයේ සංවේදීතාව ගැන එතරම් තැකීමක් නොකළේය. ඉරා දැමූ සමාජය ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් බවට පත් කිරීමේදී එම බලය සත්‍යයේ සහ සත්‍යයට ගරු කරමින් මිනිසුන් ඒකරාශී කර තනි බලයක් බවට පරිවර්තනය කළ යුතුව තිබුණි.

      පුරවැසියාගේ ඡන්ද බලයේ උත්තරීතර වටිනාකම ඔවුන්ගේ ඔළුවල හංවඩු ගැසිය යුතුය. එය කළ යුත්තේ ඔවුන් පුද්ගලයන් ගැන 100%ක් විශ්වාස නම් පමණි.

      සිංචුඅප්පු, ලීලාවතී සහ ධ්‍යාවතී හෝ ඒ හා සමානව සමාජයේ වෙනසක් අවශ්‍ය බව පිළිබඳ අවම අවබෝධයක් නොතිබිය හැකිය, කෙසේ වෙතත්, ඔවුන්ගේ දෙවන පරම්පරාව, අනාගතය සඳහා තරුණයින් තම දෙමාපියන් සහ ඥාතීන් පිළිබඳ ඔවුන්ගේ අදහස් අනුකරණය නොකළ යුතුය, තරුණයින් සැබවින්ම සමාජය අපේක්ෂා කරන්නේ නම්. පැහැදිලිව වෙනස් කළ යුතුය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.