
සම්මානිත මහාචාර්ය තංගමුතු ජයසිංහම්
අපි වැදගත් සිදුවීම් සමරන්නේ ගෞරවයේ සලකුණක් ලෙසයි, නමුත් යම් පුද්ගලයකු අතුරුදහන් වූ පවුල්වලට එය සැමරුමක් හෝ අනුස්මරණයක් වන්නේ නැත. එය අතුරුදහන් වූ පුද්ගලයන් ගැන යම් හෝ තොරතුරක් ලැබෙන තෙක් හෝ නොලැබෙන තෙක් බලාසිටින, වේදනාකාරී තවත් වසරක ඇරඹුමයි. එය කළමනාකරණය කරගැනීමට ඉතා දැඩි මානසික පීඩනයක් සහ වේදනාවක් ගෙනදෙන ක්‍රියාවලියකි. මම ඒ බව දනිමි, මන්ද 1990 සැප්තැම්බර් 5 වැනි දින වන්දාරුමූලෙයි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සරණාගත කඳවුරෙන් සන්නද්ධ හමුදාව විසින් පුද්ගලයන් 158 දෙනකු රැගෙන ගිය අතර, වසර 36 කට පසුවත් අපි තවමත් ඔවුන් ගැන තොරතුරක් ලැබෙන තෙක් බලාසිටිමු. එම පවුල් වසරක් පාසා හමුවී, තම ශෝකය, අත්දැකීම් සහ වසර 36ක් තිස්සේ ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ පිළිතුරක් ලබාගැනීම සඳහා සිදුකරන පසු විපරම් ක්‍රියාමාර්ග ගැන අදහස් හුවමාරු කර ගනිති. ඔවුන් ඕනෑම අයකුගෙන් යම් තොරතුරක් දැනගැනීමට නොඉවසිල්ලෙන් බලාසිටිති. එහෙත් අතුරුදන්වූවන් අතුරුදහන් වී ඇත; එමෙන්ම ඔවුන්ගේ අයිතීන් ද න්‍යාය පත්‍රයෙන් අතුරුදහන් වී ඇත. අධිකරණය පාලනයේ එක් අංගයක් වන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ, මේ සම්බන්ධයෙන් සාධාරණත්වය ද අතුරුදහන් වී ඇති බව පෙනේ.
යාපනයේ ‘අතුරුදහන්වූවන්ගේ මව්වරුන්ගේ සංගමය’ දැන් වසර 6 කට ආසන්න කාලයක සිට අතුරුදහන්වූවන් වෙනුවෙන් තම අරගලය අඛණ්ඩව කරගෙන යන අතර, ජාතික මට්ටමේ සංවිධාන ද විවිධ සිදුවීම් පිළිබඳව අවධානයෙන් සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ පිළිතුරු දිය යුතු ප්‍රතිපත්තිමය කරුණක් ලෙස මෙයට සාමූහිකව මැදිහත් වී ඇත. එහෙත් කිසිවක් සිදුවන බවක් පෙනෙන්නට නැත. යාපනයේ පසුගියදා ඇතිවූ සිදුවීම්වලදී, මේ වෙනුවෙන් උද්ඝෝෂණය කළ පුද්ගලයන්ට බලධාරීන් විසින් ‘අයහපත් ලෙස’ සලකා තිබිණි. එය හුදෙක් පිරිස පාලනය කිරීමේ ගැටලුවක්ද, නැතහොත් ජනතාව මතක තබාගැනීමට උත්සාහ කරන නමුත් බලධාරීන්ට අමතක කර දැමීමට අවශ්‍ය වී ඇති විෂයයක් පිළිබඳ ඇතිවූ කෝපයේ සලකුණක්ද?. මූල්‍ය අක්‍රමිකතා, වංචා, වැරදි කළමනාකරණය සහ හිටපු පොලිස්පතිවරයාගේ සිදුවීමේදී ‘ක්‍රියාමාර්ග නොගැනීම’ බරපතල වරදක් ලෙසත් සැලකිය හැකි රාජ්‍යයකට, අතුරුදහන් වූ ජනතාවගේ සහ ඔවුන්ගේ පවුල්වල අනාගතය වැදගත් ප්‍රශ්නයක් ලෙස සැලකීමට නොහැකි වී තිබේ.
ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍යය හෝ එහි සාමාජිකයන් වගකිව යුතු යැයි සැලකිය හැකිද? අතුරුදහන්වීම්වලට සම්බන්ධ යැයි පැවසෙන පුද්ගලයන්ගේ නම්/තනතුරු පවා (උදාහරණයක් ලෙස නැගෙනහිර අතුරුදහන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම) සඳහන් කර ඇති නමුත්, අප දන්නා තරමින් කිසිවකුගෙන් ප්‍රශ්න කිරීමක් හෝ කිසිදු නඩු විභාගයකට කැඳවීමක් කර නොමැති බව ද නිරීක්ෂණය වේ. මෙයින් ඇඟවෙන්නේ කුමක්ද? පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම යන දෙකම, අතුරුදහන් වූ පුරවැසියන් වන තම ඥාතීන් ගැන ප්‍රශ්න කරන මෙම පුරවැසියන්ට ඉතා වැදගත් වේ. වත්මන් පාලනය ගැටුම් පැවැති සමයේ සිදුවූ අතුරුදහන්වීම් පිළිබඳව හොඳින් දන්නා අතර, ඔවුන්ගේ අරගල සමයේදී බොහෝ ප්‍රදේශවල එවැනි තත්ත්වයන්ට මුහුණ දී ඇත. එබැවින් අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නය මෙලෙස නොසලකා හැරීම යථාර්ථවාදී ප්‍රවේශයකට වඩා හුදෙක් අවස්ථාවාදී බවක් පෙන්නුම් කරයි.
1990 සැප්තැම්බර් 8 වැනි දින නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වන්දාරුමූලෙයි සරණාගත කඳවුරේ පිහිටි මාගේ කාර්යාලයේදී හිටපු නැගෙනහිර ආඥාපති ජෙනරාල් ජෙරි ද සිල්වා පැවසූ “ඔවුන් සියල්ලන්ම එල්.ටී.ටී.ඊ., ඔවුන් ගැන අහන්න එපා” යන වචන තවමත් මගේ දෙසවන්වල රැව්දෙයි. අවාසනාවකට මෙන්, ගරු පාලකඩිනර් විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාතේ අතුරුදහන්වූවන් පිළිබඳ පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඔහුගේ නම සඳහන් කර තිබුණද, මෙම මෙහෙයුම සම්බන්ධයෙන් සාක්ෂි හෝ ප්‍රකාශයක් ලබාදීමට ඔහුව කිසිදිනෙක කැඳවා නැත. 2008/9 වසරවලදී සිය ගණනක් යටත් වන අයුරු දැකගත හැකි වූ අතර, බන්ධනාගාරවල සහ අත්අඩංගුවේ පසුවන අයගේ ඡායාරූප සහ ලේඛන රූපවාහිනිය ඔස්සේ දැකගත හැකි විය. එහෙත් දැන් ඔවුන්ව අත්අඩංගුවේ තබාගත් බව පවා කිසිවකු පිළිගන්නා බවක් පෙනෙන්නට නැත. ඇනන්දි ශෂීදරන් යනු අත්අඩංගුවට ගැනීමෙන් පසු තම සැමියා අතුරුදහන් වීම අභියෝගයට ලක්කර තවමත් ඒ වෙනුවෙන් සටන් කරන එක් අයෙකි. තවත් සිය ගණනකට එසේ කිරීමට නොහැකි වුවද, ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි තවමත් විශ්වාසය තබමින් පිළිතුරු පතා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සහ රාජ්‍ය කාර්යාල ඉදිරිපිට එක්රැස් වෙති.
ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව වෙනස් කිරීමට තරම් බලපෑමක් කළ ‘අරගලයක්’ රට තුළ බොහෝ ප්‍රශ්න මුල්කර ගනිමින් ඇති වූ අතර, එය ඉතා යහපත් ලෙස පිළිගැනීමට ලක්විය. කෙසේවෙතත්, එම පළමු අරගලයේ අළු මතින් නැගීසිටි අයට අතුරුදහන්වූවන් සෙවීමේ අරගලය හඳුනාගැනීම දුෂ්කර වී ඇත. පසුගියදා යාපනයේදී ඔවුන්ව ඉවත්කිරීමට පොලිසිය යොදවාගැනීමෙන් එය හොඳින් පැහැදිලි විය. තේරී පත් වූ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවලින් තම ප්‍රශ්නවලට පිළිතුරු පතන කණ්ඩායම් දෙකක් සම්බන්ධයෙන්, විශේෂයෙන්ම පළමු අරගලයේ සොහොන් මතින් නැගී සිටි අයගෙන් දිස්වන්නේ, කෙතරම් වෙනස් ප්‍රවේශයක්ද? එහෙත් ඉතිහාසය ඉතා ස්ථාවරයි; සැබෑ අක්‍රමිකතා සහ අපරාධවලට කාලයත් සමඟ පිළිතුරු ලැබී ඇත. ජනතාවට සහ ජාතීන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි වූ විට හෝ එවැනි ‘පුරවැසියන්’ කවුරුන් වුවද ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට අපොහොසත් වූ විට, ඒ මතින් ලොව පුරා නව රාජ්‍යයන් පවා බිහිවී ඇත. අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නය සුළඟ සමඟ ගසාගෙන යනු ඇතැයි අපේක්ෂා කරනවාට වඩා, රාජ්‍යය සහ රජය විසින් එය විසඳීම අත්‍යවශ්‍ය මෙන්ම හදිසි කරුණකි. මන්ද, දූවිලි ඉවත් කර සැබෑ පොළොව මතුකිරීමට, සුළඟ වසර ගණනාවක් පුරා ක්‍රමයෙන් සුළිසුළඟක් බවට පත්වන බව ඉතිහාසය පෙන්වා දී තිබේ.
අතුරුදහන්වූවන් ලෝකයේ කොහේ හෝ ජීවත්ව සිටින බවට විශ්වාස කරන බොහෝදෙනාගේ අදහසට ඉඩදෙමින් සහ එය එසේම වේවායි ප්‍රාර්ථනා කරමින්, අත්අඩංගුවට ගත් දිනට ආසන්න දිනවල එම ප්‍රදේශවල ජනතාවගේ හැඬූ කඳුළුවලට අනුව, අවසන් වරට දැකගත හැකි වූ කඩදාසි කර්මාන්තශාලා කඳවුර සහ නාවලඩි හමුදා මුරපොළ වටා භූමිකම්පා හෝ මිහිදන් කළ ස්ථාන පිළිබඳ යම් සලකුණක් තිබේදැයි සෙවීමට කාලය පැමිණ තිබේ. එකල සිටි බොහෝදෙනකුට, යම් අපරාධයක් සිදුවී ඇත්නම්, මනුෂ්‍යත්වයට එරෙහිව සිදුවූ එම වරදකාරී හැඟීමෙන් තම යටි සිත මුදවාගැනීමට හෝ වෙනත් ඕනෑම කෙනකුට වඩා කරුණු පැහැදිලි කිරීමට හැකි වනු ඇත. අපි බලාසිටිමු, තවදුරටත් බලාසිටින්නෙමු. මන්ද අප නැති වී බොහෝ කලකට පසුව හෝ, දශක ගණනාවක් ගතවුවද, අවසානය පිළිතුරක් සහිත ධනාත්මක එකක් වනු ඇත. මතුපිට සිට, ගුවනින් පවා, යම් ප්‍රමාණයක නිශ්චිතභාවයකින් යුතුව විශාල භූමිකම්පා හෝ මිහිදන් කිරීම් හඳුනාගැනීමට නූතන තාක්ෂණයට හැකියාව ඇත. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ මෙම ‘අතුරුදහන්වීම්’ පිළිබඳ කිසිදු පසුවිපරමක් දක්නට නොලැබෙන බැවින්, රාජ්‍යය විසින් මේවා සැපයීමට අකමැති නම්, තාක්ෂණික හා මූල්‍ය ආධාර ලබාදීමට විදේශගත ප්‍රජාවට (Diaspora) ගතහැකි එක් විකල්පයක් වන්නේ මෙයයි. පසු විපරම් නොකරන්නේ නම් කොමිසමේ වැඩපිළිවෙල අපතේ යෑමකි.
වන්දාරුමූලෙයි හි සිදු වූ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් බොහෝ ලේඛන, සම්මුඛ සාකච්ඡා සහ අධිකරණ ක්‍රියාමාර්ග පවා විසිරුණු ලෙස සකස් කර ඇති බව මම දනිමි. ඔවුන්ගේ වරදකාරිත්වය සම්බන්ධයෙන් ‘ඔව්/නැත’ යන්න පැවසීමට විකල්පයක් නොමැතිව, අතුරුදහන්වූවන් සඳහා එය සලකුණක් වන තැනට එය ඉහළ නැංවිය යුතුය. තවද, තම ආදරණීයයන්ගේ නැවත පැමිණීම අපේක්ෂාවෙන්, බලාපොරොත්තුව සහ ශෝකය සමඟ වසර 36 ක් තිස්සේ වේදනාකාරී ලෙස කාලය ගත කළ අයට එය අස්වැසිල්ලකි. එය විශ්වාසයේ විස්මිත ගමනකි.
කවුරු කැමති වුවත් නැතත් ‘කවදා හෝ සත්‍යය මතුවන අතර, එය ඉතිහාසය වෙනස්කරනු ඇත’ යන්න ස්ථාවර විශ්වාසයකි. එය කාලය පුරාම ජාතීන්ගේ පීඩාවන්ට හේතු වේ. තම ආදරණීයයන් සොයා මහා ධෛර්යයක් පෙන්වා තවදුරටත් ඒ වෙනුවෙන් බලාසිටීමට කැමැත්තෙන් සිටින සියලුදෙනාටත්, තමන්ට හැකි ඕනෑම ආකාරයකින් තම ශෝකය බෙදාගත් සියලුදෙනාටත් මම හිස නමා ආචාර කරමි…… ඔවුන්ගේ ශෝකය බෙදාගැනීමට මම තව කොපමණ කාලයක් සිටිනවාදැයි මම නොදනිමි, නමුත් මගේ ප්‍රාර්ථනාව පරම්පරා ගණනාවකට පසුව වුවද සදාකාලිකව පවතිනු ඇත.
*ජයසිංහම්, ටී. 1990.09.05 දින වන්දාරුමූලෙයි සරණාගත කඳවුරේ ස්ථානාධිපති (OIC)