20 April, 2024

Blog

දුමින්ද සමග රේනෝ සිල්වා එල්ලීම 

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

පසු ගියදා භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ ඇපිල් නඩුව අවසන් විය. එම නඩු තීන්දුවට අනුව එහි විත්තිකරුවන් වන දුමින්ද සිල්වා ප්‍රමුඛ හතර දෙනෙකුට මරණීය දණ්ඩනය ස්ථිර කළ අතර එහි විත්තිකරුවෙකු වූ හිටපු පොලිස් නිලධාරියා නිදොස් කොට නිදහස් කළේය. බැලු බැල්මට එම නඩු තීන්දුව සාධාරන එකකි. මන්ද අදාල දිනයේ මාරාන්තික ගැටුමක් ඇතිවී තිබේ. ඉන් හතර දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත. ඇසින් දුටු සාක්ෂි අනුව විත්තිකරුවන් එම ස්ථානයේ රැදී සිට එයට සහභාගී වී තිබේ. ඔවුන්ටද මරණීය තුවාල සිදුව තිබේ. ඒ අනුව ඔවුන් වැරදිකරුවන් කොට ලංකාවේ මහාධිකරණයත්, ශ්‍රේෂ්ඨාධිකරණයත් දඩුවම් නියම කොට තිබේ. නමුත් මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ එම ඇපිල් නඩුව අසන දින වල රටේ ජන මතය හැසුරුණු ආකාරය හා ඉන්පසු තත්ත්වය මෙන්ම දුමින්දගේ පවුලේ වර්තමාන ඉරණම සිදුවූ ආකාරයයි. මට දුමින්ද සිල්වා මුලින්ම දකින්නට ලැබෙන්නේ 2004 වසරේ ඔක්තොම්බර් මාසයේ දිනක රවී කරුණානායක මහතාට අයත් බත්තරමුල්ලේ නිවසේදීය. 2004 එක්සත් ජාතික පක්ෂ බලය සහිත ආණ්ඩුව එවකට ජනාධිපතිතුමිය විසින් විසිරවීමෙන් පසුව පොළොන්නරුවේ නාම යෝජනා සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවකට වසන්ත සේනානායක (විදේශ රාජ්‍ය ඇමති) හමුවීමට රවී මන්ත්‍රීතුමාට අවශ්‍යව තිබුණි. එම දුරකථන ඇමතුම වසන්තට ලැබෙන විට ඔහුත්, මමත් වාහනයක සිරිකොත සිට බත්තරමුල්ල දෙසට ගමන් කරමින් තිබුණි. අපි මන්ත්‍රීතුමාගේ නිවසට ඇතුල් වනවිට නිවස ඉදිරිපස මීට පෙර අපි දැක නැති කඩවසම් තරුණයෙකු වාඩිවී සිටියේය. රවී කරුණානායක විසින් අපිට ඔහු හදුන්වාදුන් අතර ඔහු සාර්ථක ව්‍යාපාරික පවුලක අයෙක් බවත්, එක්සත් ජාතික පක්ෂයට බැදී මෙවර මැතිවරණයට තරග කිරීමට අපේක්ෂා කරන බවත් කියා සිටියේය. එමෙන්ම ඔහුව කඩුවෙල ආසනයෙන් ඉදිරිපත් කිරීමටද අපේක්ෂා කරන බව කීවේය. කඩුවෙල ආසනයේ සංවිධායක ආචාර්ය කොඩිතුවක්කු හා මා අතර දැඩි ගුරු ගෝල සම්බන්ධයක් තිබූ අතර එතුමා හැමවිටම මට කරුණාවන්ත වූ නායකයෙක් විය. එබැවින් එවෙලේම එතුමා හට දුරකථන ඇමතුමක් ගත් මා විසින් සිද්ධිය වාර්තා කළේය. 2004 දුමින්දගේ නාම යෝජනාව නොලැබුන අතර 2007 දී පළාත් සභාවට ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්විය.

පසුව පියවරෙන් පියවර ඉහල ගිය ඔහු සීමාවක්, විනයක් නැති දේශපාලන බල පොරයට වැටුණි. ඔහු මුරුංගා අත්තේ තැබීමට ඕනෑ තරම් හුදී ජනයා සිටියේය. ඔහු විසින් අසීමාන්තිකව මුදල් වියදම්කළ අතර ප්‍රචාරය ඕනෑ තරම් ලැබුණි. දේශපාලන ගමනේ අතරමගදී ඔහුට ගෝඨාභය හමු වන අතර බලය යනු කෙතරම් බලවත් ආයුධයක් ද යන්න ඔහු හදුනාගන්නේ එහිදීය. ඉන් පසු අවසානය කවුරුත් දන්නේය. ඔහු බල දේශපාලනයේ ගොදුරක් බවට පත්විය. නමුත් දුමින්දගේ දේශපාලනය එම පවුලේ සියලුම දෙනා අර්බුදයට යවා ඇත්තේය.

විශේෂයෙන් එම පවුලේ දක්ෂයෙකු වූ රේනෝ සිල්වා හා ඔහුගේ මාධ්‍ය හැසිරීම මේ මොහොතේ රටේ මිනිසුන් ප්‍රශ්න කරමින් තිබේ. ඔහු විසින් මාධ්‍ය මෙහෙයවීමට මුදල් ලබාදුන් බවටද ප්‍රචාරය වේ. නමුත් අප මෙය කියවිය යුත්තේ ඔහුගේ පැත්තේ සිටය. මේ රටේ බොහෝ ආයතන දූෂිතය. නිලධාරීන් හා දේශපාලකයින් තක්කඩියන්ය. (සාක්ෂි අනවශ්‍යය. දිනපතා මම අත්විදිමි) සමාජය ඊටත් වඩා අන්ත අවුල්ය. මෙවන් රටක සාර්ථක ව්‍යාපාරිකයෙක් වන රේනෝ සිල්වා ඔහුගේ බාල සොහොයුරා බේරාගැනීමටත්, තම පවුලේ නම්බුව බේරා ගැනීමටත් මුළු ජීවිත් කාලයේම උපයා ගත් දේ පරදුවට තබයි. නඩු තීන්දුව දුන් දවසේ මේ ඔහු ගැන මම විසින් මගේ පෞද්ගලික සමාජ ජලා ගිණුමට තැබූ සටහනයි. මිනිසුන් බොහෝ දේ කියා තිබුණි. නමුත් ඔහු සාධාරන බව කියූ අය අති විශාල බහුතරයකි.

සහෝදරයා සම්බන්ධ ඔහුගේ ප්‍රේමයේ අර්ථයෙන් ගත්විට රේනෝ සිල්වා සියයයට සියයක් නිවැරදිය. ඔහු සාමාන්‍ය ගැමියෙක් හෝ මිනිසෙකු වූවානම් මෙම තත්ත්වයට මුහුණ දෙනුයේ මීට වඩා බොහෝ අසරණවය. නමුත් ඔහු මෙහිදී ශක්තිමත්ව නමුත් එක්තරා දුරකට අසරණව මුහුණ දුන්නේය. ඔහුගේ අසරණ බවද මේ රටේ කණ්ඩායමකගේ ඉරිසියාවට ලක්වන්නේ නම් බලවත් රේනෝ ඩි  සිල්වා යනු අපි සියල්ලම බියවිය යුත්තෙකි. අපි ඔහුගේ සහෝදරයා කෙරෙහි වූ ප්‍රේමයට ඔහු එල්ලීමට යෝජනා නොකර ඉමු.

කෙසේ වෙතත් රේනේ සිල්වා කියන්නනේ සුදු කඩවසම් ප්‍රසන්න දක්ෂ මිනිහෙකි. ඔහු තනියම හදපු සමාගම් ගානක මිනිස්සු 500 ක් විතර ඉහල වැටුප් වලට සේවය කරන අතර දුමින්ද දේශපාලනය පටන් ගන්නට පෙර සිටම ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට ගොඩ නැගී තිබුණි. මේ රටේ හැම අස්සක් මුල්ලකම සමාජ අසාධාරනය පැතිරී තිබියදී අපි ඔහුගේ ක්‍රියාව විවේචනය කිරීමට පෙර අප කළ යුතු වන්නේ අපේම පපුවට තට්ටු කොට බැලීමයි. තමන්ගේ බාල සහෝදරයා ඉමක් කොනක් නොපෙනෙන කරදරයක රෝගීව වැටී සිටියදී ඔහුට දැනෙන හැගීම හිරුනිකාට දැනෙන්නේද එලෙසමය. මෙවැනි අවුල් සහගත සමාජයක අප රේනෝ සිල්වාගෙන් විතරක් හරි දේ පතන්නේ ඇයි. අඩුම තරමින් ඔහු තමාගේ සහෝදරයාට තදින් ආදරය කරයි. ඔහු වෙනුවෙන් තමන් මෙතෙක් උපයාගත් සියල්ල පරදුවට තැබීමට සූදානම්. ඒ නිකම්ම නොව පරදින බව දැන දැනයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    We have to question the author in regard to Renor Silva’s wealth. Are those monies hard earned or earned through dubious means. We do know that the source of these funds are questionable. On the other hand did not Duminda use those monies to rape and do harm to innocent girls. Mahinda Rajapaksa did abuse his presidency release Duminda from conviction in a court of law. He in fact used the Attorney General in that regard. Such thins happened because of the misuse of monies. This conviction of a step in the right direction.

  • 1
    1

    Sam silva is very friendly man. But Mahinda spoiled all his children. They are very rich. But very unfortunate. If he with Ranil. It never happen. Always with good leadership even not like. Ranil also not in top but better than all.

  • 1
    5

    මගේ මතකයේ වැරැද්දක්ද? මට හොඳට මතකයිනේ දුමින්ද 2015 අගෝස්තු UPFA එකෙන් nomination ඉල්ලුව. නමුත් දුන්නේ නැහැ. එතකොට හිරේ නෙමෙයිනේ හිටියේ. එතකොට මේ නඩුව ආපහු ඇහැව්වේ හිරුනිකාව ආණ්ඩුව පැත්තට ගන්න දීපු පොරොන්දුවක් ඉෂ්ඨ කරන්නද? අර හමුදාව හිරේ දාල LTTE diaspora එකටයි TNA එකටයි පොරොන්දු ඉෂ්ඨ කරනවා වගේ? නැත්නම් ඉතින් වැරදි කාරයෙක් නොවුණු මිනිහෙක් ආපහු වැරැදිකාරයෙක් කරලා ඉල්ලුම් ගස් යැව්වේ කොහොමද? දුමින්දට අසාධාරණයක් වුනා නම් කවද හරි ආපහු යුක්තිය ඉෂ්ඨ වෙන්න ඕනේ.
    තුෂාර කියන මේ දේ බලන්න. “ඇසින් දුටු සාක්ෂි අනුව විත්තිකරුවන් එම ස්ථානයේ රැදී සිට එයට සහභාගී වී තිබේ. ඔවුන්ටද මරණීය තුවාල සිදුව තිබේ.”
    “එයට සහභාගී වුනා” කියන්නේ මොකක්ද?” “එතන හිටිය කියන්නේ” මොකක්ද? මේකද දුමින්ද එල්ලුම් ගස් යවපු සාක්කිය? දුමින්ද වෙඩි තියනව ඇසින් දුටු සාක්කි තියෙනවද? තුෂාර මේ කියලා තියෙන දෙයින් තේරෙන්නේ එහෙම එකක් නැහැ කියලා, නැත්නම් කෙලින්ම කියනවනේ දුමින්දයි වෙඩි තිබ්බේ කියලා. දුමින්දට තුවාල වෙලා තිබ්බ නම් වෙඩි තියන්නේ කොහොමද? කවුද දුමින්දගේ lawyer? මම මේ පාර නම් දුමින්දගේ නඩුවේ මුකුත් කියැව්වේ නැහැ. හැබැයි මේ තුෂාර කියල තියෙන, මම inverted commas ඇතුලේ දාල තියෙන එකේ විදිහට නම් දුමින්දට එල්ලුම් ගස් නියම කරන්න බැහැ. ඒ කියන්නේ දුමින්ද භාරත ලක්ෂ්මන්ව මැරුව කියලා සැකයකින් තොරව ඔප්පු වෙලා නැහැනේ. නේද?
    මම දුමින්දව අඳුරන්නේ නැහැ. නමුත් මේ කියන දෙයින් නම් පේන්නේ දුමින්දට අසාධාරණයක් වෙලා තියෙනව කියලා. ඊළඟ ආණ්ඩුවක් ආවහම දුමින්දගේ නඩුව ආපහු අහන්න ඕනේ හරි විදිහට. දේශපාලන බලපෑම් වලින් තොරව.

  • 5
    0

    තුෂාර මහත්තයො රේනො ල දුමින්දල වෙනුවෙන් වෙහෙසෙන ඔබතුමාගේ පෑන මෙරට දුක් විඳින පීඩා විඳින සුවහසක් ජනයා වෙනුවෙන් නිහඬ ඇයි කියන එකයි මගෙ ප්‍රශ්නෙ.මාධ්‍ය ය ගණිකා වෘත්තියේ යෙදවීම සල්ලි හොල්ලන්න පුලුවන් අයට බොහොම සුලු දෙයක්.

  • 1
    0

    Thushara Wanni Arachchi. In order to find few rupees more, you may acquit Duminda Silva. But, he was a BATH KADE Owner who sold DRUGs in order to get rich. Mahinda Rajapakse knew that they both were Drug king pins. Mahinda Rajapakse knows more. some are with him in the JAckal opposition. I think Lanza went to Australia too and came back. Mervyn De silva is known to be another King Pin. who wants back in politics. Write one for him too.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.