23 April, 2024

Blog

විමල්ගේ තාර්කික අවසානය

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

විමල් වීරවංශ ශ්‍රී ලාංකීය දේශපාලනයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන චරිතයකි. ඔහු ප්‍රභාකරන් තරම් වැදගත්, මහින්ද තරම් අත්‍යවශ්‍ය, රනිල් වික්‍රමසිංහ තරම් පැවතිය යුතු, විජේවීර තරම් නායකත්වය දිය යුතු චරිතයකි. 1994 එක්සත් ජාතික පක්ෂය විපක්ෂයට ගිය මුල් දිනවල විමල් වීරවංශගේ ක්‍රමික නැගීම හොදින් හදාරන්නෙකුට දේශපාලන ව්‍යාපෘතියක් තුළ තනි මිනිසෙකුට කළ හැකි බලපෑම කෙතරම්දැයි අවබෝධ කොටගත හැක. එසේම තනි මිනිසෙකුට සතුරාගේ ශක්තියම භාවිතා කරමින් කෙතරම් ඉහළ නැගිය හැකිදැයි ඔහු ඔප්පු කොට තිබේ. 1997 පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය තුළ විමල් වීරවංශගේ භූමිකාව ලංකාවේ දේශපාලනයේත්, විමල් වීරවංශගේ පෞද්ගලික ජීවිතයේත් හැරවුම් ලක්ෂය සනිටුහන් කළේය. මගේ මතකය නිවැරදි නම් එම මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණත්, වික්‍රමබාහු කරුණාරත්නත් එකම වේදිකාවක සිට එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය. ඔහු එම මැතිවරණ වේදිකාවේදීම කියූ පරිදි ඔහුගේ කතාවේ එක් නිමේෂයක ඔහු විසින් එක්සත් ජාතික පක්ෂයට ප්‍රහාරයක් එල්ල කිරීම ආරම්භ කරයි. එසේම ඔහුගේ කතාවේ එතැන් සිට කොටස ජාතික රූපවාහිනියේත්, ස්වාධීන රූපවාහිනියේත් ප්‍රවෘත්ති විකාශය නරඹන ලෙස පැමිණ සිටි ජනයාගේ ඔල්වරසන් මැද ප්‍රකාශ කරයි. ඔහු විසින් එක්සත් ජාතික පක්ෂයට එල්ල කරන ලද එම දරුණු ප්‍රහාරය අදටත් එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ සිත් තුළ රැදී තිබේ. ලංකාවේ තක්කඩි වාදයේ පියා විමල්ය

ඔහු කියූ පරිදිම චන්ද්‍රිකා ආණ්ඩුවේ රාජ්‍ය මාධ්‍යය, ඔහුගේ කතාවේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ කොටසට විශාල ප්‍රචාරයක් ලබාදුන් අතර එම මැතිවරණය ජනතා විමුක්ති පෙරමුණේ නැවත නැගී සිටිමේ ආරම්භය විය. සතුරාගේ ශක්තිය භාවිතා කරමින් නැගී සිටි ජ.වි.පෙ. විටෙක චන්ද්‍රිකා ආණ්ඩුව පාලනය කරනු ලබන සුක්කානම බවටද පත්විය. එහි නිර්මාතෘ හා ප්‍රධාන පෙරගමන්කරුවා වූයේ විමල් වීරවංශයි. එකල ජනතා විමුක්ති පෙරමුණ විමල් වීරවංශ වන තරමට ඔහු දක්ෂ දේශපාලනඥයෙකු විය. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ සුදු රෙදි වලින් නිරුවත වසාගෙන සිටීමට ඔහු අමතක කළේ නැත.

විමල් වීරවංශගේ බැසයාම ආරම්භ වන්නේ, ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වූ නිසා නොව, 2001, 2004 රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධූර දැරූ කාලයේ ඔහු විසින් තෝරාගන්නා ලද ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතිය නිසාය. පීඩිත සමාජ ක්‍රමය තුළ පීඩිතයාට පීඩකයා බවට පත්වීමට ඇති එක් සමාජ උපක්‍රමයක් වන්නේ,තම ගෝත්‍රයෙන් පිට අනෙකුත් ගෝත්‍රයක් හා සටනට එළඹීමයි. විධිමත් අධ්‍යාපනයක් නොමැති වුවද, විමල් වීරවංශට මෙම ඓතිහාසික ගෝත්‍රික ගැටුම පිළිබදව අවබෝධයක් තිබූ බව මාගේ අනුමානයයි. එසේම වීරයින් බිහිවන්නේ යුද්ධයෙන් බව ඔහු තදින් විශ්වාස කළේය. ඔහු විසින් එවකට පුරවන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකේ සීලාචාර නායකයින්ට අශීලාචාර ප්‍රභාකරන් හා සටන් වැදීමට ඇති නොහැකියාවට තිබු ඉඩකඩයි.

ඔහු ප්‍රථමයෙන් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ව්‍යාපාරයට ඈදාගෙන එය බොහෝ දුර රැගෙන ගියේය. ලංකාවේ මේ මොහොතේ පවතින එකම විධිමත් වාමවාදී ප්‍රබල පක්ෂයට ද්‍රවිඩ, මුස්ලිම් නායකයින් හෝ සාමාජිකයින් ආකර්ෂණය කර ගැනීමට නොහැකි වීමට හේතුව විමල් වීරවංශගේ එම දේශපාලන ස්ථාවරයයි. මේ මොහොතෙත් ජනතා විමුක්ති පෙරමුණ දෙස ද්‍රවිඩ, මුස්ලිම් හා කතෝලික ජනතාවත් ශ්‍රී ලංකාවේ මැද පාන්තික උගත්, බුද්ධිමත් ජනතාවත් නෙත් යොමනුවේ සැක සංකා හිතේ තබාගෙනය. ඒ විමල් වීරවංශ එම පක්ෂයට දුන් දායාදයයි. නමුත් විමල් වීරවංශ නොමැති ජනතා විමුක්ති පෙරමුණට උපරිම පාර්ලිමේන්තු ආසන හයකට වඩා ලබා ගැනීමට අදටත් නොහැකි වී ඇත. මා මිත්‍රයෙකු කියූ පරිදි ජවිපෙ පූර්ණ කාලීන මිත්‍රයෙකු වූ විමල් වීරවංශ යනු දේශපාලඥයෙකු නොව හූනියම් යකැදුරෙකි. සියල්ලෝම එකල ඔහුට බිය වී සිටියේය.

නමුත් 2005 න් පසු ආණ්ඩුවට එකතු වූ විමල් වීරවංශ විසින් ආණ්ඩුවට ලබා දෙනු ලබන ජාතික බලවේගයේ හයිය අතැතිව ප්‍රභාකරන් පරාජය කිරීම සදහා ආණ්ඩුවට න්‍යායාත්මක පදනමක් ලබාදෙන ලදි. විමල්ගේ පක්ෂයේ අය හා ඔහුගේ ඥාතීන් කියනා පරිදි විමල් වීරවංශ යනු යුද්ධය ජයග්‍රහණය කල වීරයාය. ඔහු වාහන අවභාවිතා කරන ලද්දේත් අති විශාල ලෙස මුදල් වංචා කරන ලද්දේත් යුද්ධය ජයග්‍රහණය කිරීම සදහාය. බැලූ බැල්මට මෙය විකාරයක් ලෙස පෙනුනද, එහි විශාල දේශපාලනයක් තිබේ. ඒ විමල් වීරවංශගේ දේශපාලනය මහින්ද රාජපක්ෂගේ නූගත් ආණ්ඩුවට මුල සිටම න්‍යායාත්මක පදනමක් ලබා දී තිබුණි. එයට කෘතගුණ දැක්වීමක් ලෙස මහින්ද රාජපක්ෂ විසින් විමල් වීරවංශට, ඔහුට හිග පාඩු තිබූ අවශ්‍ය තරම් ධනය රැස්කර ගැනීමට හා රාජ්‍ය දේපළ භුක්ති විදීමට අවස්ථාව ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස දක්ෂ දේශපාලඥයෙකු අද හිරේ විලංගුවේ වැටී ඇති අතර ඔහු විසින් නායකත්වය දෙන ලද ජාතික ව්‍යාපාරය උභතෝකෝටිකයකට මැදි වී ඇත. විමල් වීරවංශගේ ග්‍රාම්‍ය ඥාතීන් ඔහුට සිදු කරන ලද අපකීර්තිය වසා දැමීමට ලංකාවේ පෞද්ගලික මාධ්‍යයත්, මහින්දවාදී කණ්ඩායමුත් දරනු ලබන වෑයම විමල් වීරවංශගේ දේශපාලන ජීවිතය තවදුරටත් අවුලින් අවුලට පත්කරන ලදී. මන්ද ලංකාවේ ජාතික ව්‍යාපාරයේ කොදු නාරටිය මෙරට පහළ සහ ඉහළ මධ්‍යම පාන්තික කාන්තාවන් වන නිසාය.

රතන ස්වාමීන්වහන්සේ, උන්වහන්සේ වදාරන පරිදි උත්සහ කරමින් සිටිනුයේ විමල් වීරවංශගෙන් හිස්වු ජාතික ව්‍යාපාරයේ තාර්කික නායකත්වය උන්වහන්සේ වෙත පවරා ගැනීමටයි. දැනටමත් ඝෝටාභය හා චම්පික රණවක අතර මාරාන්තික සටනක් ඇති වී ඇති එම නායකත්වයට රතන ස්වාමීන්වහන්සේගේ පැමිණීම මෙරට ජාතිකවාදී කණ්ඩායම් වලට නව බලාපොරොත්තු ඇති කර තිබේ. කෙසේ වෙතත් ඔක්තෝම්බර් 26 කුමත්රණයේ ප්‍රදාන මොළ කරුවෙකු වුයේද විමල් ය

2020 ජනාධිපතිවරණයේදී අපට මෙම පෙළගැස්ම හොදින් තේරුම් ගත හැකිය. සිංහල ජාතිකවාදී අපේක්ෂකයින් තුන් හතර දෙනෙකු සමග එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සටන් වදින්නට සිදුවනු ඇත. එබැවින් විමල් වීරවංශ මෙරට දේශපාලනයේ තවදුරටත් වලංගු නොවීම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ බලවේග වලට සාමය හා සතුට ගෙනදෙන්නක් නොවේ. කෙසේවුවත් බෙදුණු සතුරන් හා සටන් වැදීම එතරම් අපහසු කාරණයක්ද නොවන අතර අද දවසේ දේශපාලන පෙළගැස්ම 2020 දී අවසානයක් කරා ළගාවනු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    2

    මේකේ Title එක දැකපු ගමන් විමල් වෙනුවෙන් comment එකක් ලියන්න ඕනේ කියල හිතුවට, කියෙව්වට පස්සේ තේරුණා අවශ්‍ය නැහැ කියලා.
    මේ ලිපිය පුරාම තියෙන්නේ දේශපාලකයෙක් විදිහට විමල් ගැන තියෙන මාරාන්තික බය.
    යූඑන්පීකාරයෝ මහින්දට වඩා බය විමල්ට කියන එක මෙතනදී හොඳට ඔප්පු කරලා තියෙනව.

    • 1
      1

      ඔබ වැනි සුවච කිකරු, විමගේ කායික මානසික දුර්වලකමින් ජීවනෝපාය කරගෙන යන අයට විමල මිනිහෙක් වුනාට … එයාගෙ වග තුග අධයාපන මට්ටම දන්න කෙනෙකු විමලසිරියට ටොඉලෙට් එක සෝදගනන්වත් හොන්ද එකෙක් නොවෙයි…. ඒ වුනත් ඒ මුකය අදෝමාර්ගය්ය මාරුවෙන් මාරුවට අමතක කරගෙන මේ රටේ ජනතාවට විමල වති කරපු දෙය නිසා සමජායට අද වෙනකොට යටි කුරුන්ච වෙලා.. බල්ලහ් රජවෙලා.. කිසිම සාමජයම හොන්ද තත්වයක් නැහැ.. ඔබවැනි අයට ඒ වා පේන්නෙ නැති තරම ඔබ එවුන්ගෙන් දූශනය ලක්වෙල. අර පැරේ ඉන්න බැල්ලියෙකුගේ තත්වයට එහ ගිහින්. අපිට මුලු සමාජයටම සුව සෙතක දෙවියන් වහන්සේ වත් විමල් විතී සමජයෙන් බැහර කරනවා නම්… ඒක මාක්ස්වාදයෙන් පටන්ගෙන කෙලවර වෙලා තිබෙන්නෙ, දනපති වාදයෙන්. ගූගල් නිශ්පාදන වලට බැන වදින සුනඛය පාවිච්චි කරනන් අන්ඩ්රොයි හා ඇමරිකානු නිස්පාදන.. අපිට නම මේව හරියට ඇන්ගට වෙඩි වැඩෙනවා වාගෙ. මේ වාගෙ තිරිසන්න් තමවම් එලියේ ඉන්නව දකින කොට.

      • 0
        1

        Concerned Sinhala Man
        විමල්ගේ වගතුග අධ්‍යාපන මට්ටම ගැන ඔබට කියන්න තියෙන්නේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. මට නම් ඒ ගැන දැන ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ.
        නමුත් ඔබේ comment එක දිහා බලපුවහම ඕනේ කෙනෙකුට තේරෙනව විමල් ඔබ වගේ නූගත් පහත් අශීචලාර අන්‍යයන් පිලිබඳ වෛරක්කාර හිතක් තියෙන කෙනෙක් නෙමෙයි කියන එක.
        අනිවාර්යයෙන්ම විමල් ඔබට වඩා හොඳ මොළයක් තියෙන, හොඳ දැනීමක් තියෙන කෙනෙක් බව ඔබේම comment එකෙන් ඔබ පෙන්නලා තියෙනවා.
        කෙනෙක් කියපු දෙයක් තර්කානුකූලව බිඳ දමන්න බැරි හැම මිනිහෙක්ම කරන්නේ අනිත් පුද්ගලයාට ගරහන එක.
        ඔබ මෙතැනදී කරලා තියෙන්නේ ඒක.
        ඔබ වගේ දුර්වල මිනිස්සුන් එක්ක මට කවදාවත් කේන්ති යන්නේ නැහැ. ඔබ වගේ අයට මම අනුකම්පා කරනවා.
        ගැරහුම් අවමාන මම මගේ පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් ගණන් ගන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් මට ගරහන්නේ මගේ ශක්තිය එක්ක හැප්පෙන්න බැරි නිසා.
        මගේ ගමන මම යනව. නවතින්නේ කොතනද කියලා දවසක පෙනෙයි. මේ comment එක මතක තියා ගන්න.

  • 0
    2

    මාගම්පුර වරාය චීනෙට විකුණපු,
    ත්‍රිකුණාමලේ වරාය ඇමෙරිකාවට පොරොන්දු වුනු රනිල්,
    දැන් කන්කසන්තුරේ “දඹකොළ පටුන” ඉන්දියාවට දෙන්න යනවා.
    මම “අද” එකට comment එකක් දැම්ම දවසකටදෙකකට ඉස්සෙල්ල.
    ඉන්දියාවෙන් line of credit යටතේ ණයක් ගන්නවා කියන එක බොරුවක්. මේකේ ඔක්කොම operations බාර අරගන කරන්නේ ඉන්දියාව.
    ලංකාවේ කීයෙන් කී දෙනාද දන්නේ මහාවංශයේ සඳහන් “ජම්බුකොළ පටුන” හෙවත් “දඹකොළ පටුන” කියන්නේ කන්කසන්තුරේ වරාය කියල?
    “පටුන” කියන්නේ වරායට. දෙමලෙන් “පට්ටිනම්” කියන්නේ වරායට.
    කන්කසන්තුරේ මෙතනින් තමයි අතීතයේ අපේ රජවරු ඉන්දියාවට ගියේ.
    වෙළඳ නැව් මුණ ගැහුනේ.
    ඒ මොකොද ඒ තමයි ලංකාව ඉන්දියාවට කිට්ටුම තැන.
    ජම්බුකොළ විහාරය කියලා පුරාණ විහාරයකුත් තිබිල තියෙනව. එතනට සියම වගේ බෞද්ධ රටවල වෙළඳ නැව් වලින් ආපු නාවිකයෝ වන්දනා කරන්න ගිහින් තියෙනව.
    මාගම්පුර වරයාටත් වඩා ඓතිහාසික වටිනාකමක් තියෙන, බෞද්ධයන්ට ඉතා විශාල වටිනාකමක් තියෙන වරායක් තමයි KKS වරාය.
    සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහා බෝධිය වැඩම කරන් ආපු යාත්‍රාව ආවේ “කන්කසන්තුරේ පිහිටලා තියෙන දඹකොළ පටුනට.”
    දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ කර වටක් වතුරේ බැහැල යාත්‍රාව ලඟට ගිහින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හිස මත තියාගෙන වැඩම කරන් ආව. ගෙනල්ල පස්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මුලින්ම තිබ්බ තැන සිහි වෙන්න එතන “සමුද්ද පන්සල” කියල පන්සලක් හැදුව කියලා මහාවංශය කියනව. පස්සේ අනුරාධපුරේ රෝපණය කරපු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙ ඵල වලින් ආපු මුල්ම අංකුර වලින් එකක් මේ සමුද්දපන්සල තිබ්බ තැන හෙවත් දැන් කන්කසන්තුරේ තැනක රෝපණය කරලා තියෙනව.
    ඒ හින්ද KKS වරාය සහ අවට ස්ථාන සිංහල බෞද්ධයන්ට ඉතාම වැදගත්.
    රනිල්ට හෝ ඉන්දියාවට සිංහල බෞද්ධයන්ගේ ඉපැරණි ඉතිහාසය වැඩක් නැහැ.
    රනිල් ඉන්දියාවට KKS වරාය දුන්නහම මේ අවට ඓතිහාසික භූමිය සම්පූරණයෙන් විනාශ වෙනවා
    ඒ හින්දා ඉන්දියාවට KKS වරාය දෙන එකට විරුද්ධව මහා සංඝ රත්නය සහ සිංහල බෞද්ධයන් එකා වගේ විරුද්ධ වෙලා කොහොම හරි නවත්තන්න ඕනේ.
    නිතරම කියනවා වගේ තව මාස කිහිපයයි මේ විදිහට සිංහල බෞද්ධයාට තමන්ගේ රට අහිමි වෙන එක ගැන භය වෙන්න තියෙන්නේ. ඊට පස්සේ 2020 හුඟක් දේවල් වෙනස් වෙයි. ඒ හින්ද ඉතුරු වෙලා තියෙන ටිකවත් කොහොම හරි ආරක්ෂා කරගන්න සිංහල බෞද්ධයන් ඉදිරියට එන්න ඕනේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.