
ලංකාවේ දේශපාලනය තීරණාත්මක තැනකට පැමිණ තිබේ. පසුගිය සතියේ ගෝඨාභය රාජපක්ෂ ගේ උපන් දිනය දා ලංකාවේ ප්‍රකට හාමුදුරු නමක් විසින් ගෝඨාභය රාජපක්ෂ මෙරට නූතන හිට්ලර් වන ලෙස ඉල්ලා සිටියේ ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හිට්ලර් යනු වදහිංසාවේත්, අසාධාරණයේත්, අවිද්‍යාවෙත්, විනාශයේත්, දේශපාලන සංකේතයයි. හිට්ලර් විසින් මේ සියවස තුළ ලෝකයට සිදු කරන ලද හානිය තක්සේරු කළ නොහැකිය. හිට්ලර් මේලොවට බිහි නොවුනා නම් ලෝකය මීට වඩා ලස්සන සුන්දර තැනක් වීමට ඉඩ තිබුණි. ඔහු විසින් ගොඩනඟන ලද ජාතිවාදයේ ආගම්වාදයේ පටු සීමාවන් ලෝකයේ සියලුම සමාජ වල හොල්මන් ලෙස පැතිරෙමින් තිබේ. අද දියුණු ලෝකයේ ඇති ප්‍රතිගාමී එකම අදහස වන්නේ ජාතිය හා ආගම සම්බන්ධයෙන් ඇති අදහසයි. එම අදහස ස්ථාපිත වීමටත්, එය දේශපාලන අදහසක් ලෙස වර්ධනය වීමටත්, අවශ්‍ය න්‍යායාත්මක පදනම ගොඩ නඟන ලද්දේ හිට්ලර් හා ඔහුගේ නාසි රෙජීමය විසිනි.
හිට්ලර් උපත ලද ජර්මනිය, තම මධ්‍යම රජයේ මුදල් වෙන් කරමින් වසර පනහකටත් වඩා වැඩි කාලයක් තිස්සේ හිට්ලර් විසින් ගොඩනඟන ලද නාසිවාදී වැඩපිළිවෙල පරාජය කිරීම සඳහා විශාල උත්සාහයක යෙදේ. හිට්ලර් විසින් ජර්මනියට සිදු කරන ලද විනාශය නැවත ප්‍රතිසංවිධානය කිරීමට වසර 300ක් වත් ගත වන බවට ජර්මානු ආන්ඩුව ඇස්තමේන්තු ගත කර තිබේ. 1931 දී බලයට පත් වන හිට්ලර් විසින් 1945 වන විට ජර්මනිය පස් ගොඩක් බවට පත් කරන ලද්දේ ය. ජර්මනියේ විසූ විවිධ වූ ජනයා සමූල ඝාතනය කරන ලද මුළු යුරෝපයේම විසූ යුදෙව් ජනයා මිලියන 30 කට ආසන්න ප්‍රමාණයකි. ඔවුන්ව ගෑස් කාමර වල මරා දමන ලදී. ශතවර්ෂ ගණනාවක් තිස්සේ යුරෝපයේ ආර්ථිකය තුළ යුදෙව්වන් විසින් සිදු කරන ලද කාර්යයන් සම්පූර්ණයෙන් විනාශ කරන ලදි. යුරෝපය අද මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ එම ආර්ථිකය තුළින් යුදෙව්වන් ඉවත් කිරීමට හිට්ලර් ගත් මෝඩ තකතීරු තීන්දුවයි.
විශේෂයෙන් මැදපෙරදිග අද ඇතිවී ඇති අස්ථාවරත්වයට හේතුවක් වන්නේ හිට්ලර්ගේ නැගීමයි. හිට්ලර් විසින් යුරෝපයේ යුදෙව්වන්ට එරෙහිව ක්‍රියාත්මක කරන ලද මෙම අමානුෂික සංහාරය නිසාවෙන් තමන්ගේ නිජ භූමියට සපැමිණි යුදෙව්වෝ මැදපෙරදිග ඊශ්‍රායලය ගොඩනඟන ලදී. ඇමරිකාව හා ඊශ්‍රායලය නැග සිටීම අද ලෝකය එක්තරා ආකාරයක තර්ජනයක් ලෙස දකී. සැබවින්ම ඇමරිකාව හා ඊශ්‍රාලය නැගී සිටීමට ප්‍රධාන වශයෙන් ම බලපාන ලද්දේ හිට්ලර්ගේ මෝඩ තකතීරු ක්‍රියාකලාපයයි.
ඉතින් මෙවැනි නායකයකු වෙනුවෙන් “එවැනි නායකයකු වගේ වෙන්න” යැයි ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකාවේ බෞද්ධ සංඝ සමාජය යෝජනා කර සිටීම පුදුම සහගත කාරණයකි. ගෝඨාභය රාජපක්ෂගේ මුළු පදනමම විශ්‍රාමික හමුදා නිලධාරියෙක් ගෙන් සැදී සිටින අතර ඔවුන් විසින් ගොඩ නැගීමට යන සමාජ ආර්ථික වැඩපිළිවෙළ හිට්ලර්ගේ ආර්ථික හා සමාජ වැඩ පිළිවෙළ යැයි මෙම බෞද්ධ භික්ෂූන් වහන්සේලා කල්පනා කරනවා විය හැකි ය.
දේශපාලන නායකයෙකුට ක්‍රියාත්මක කිරීමට ඇති පහසුම හා හොඳම ක්‍රමයක් ලෙස, උන්වහන්සේගේ දේශනාවන්ට හා උන්වහන්සේගේ කල්පනාවන්ට අනුව මෙය ඉතාම බෞද්ධ විරෝධී වැඩ පිළිවෙලකි. නමුත් ලංකාවේ සංඝ සමාජය කල්පනා කරනුයේ ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයකු රට පාලනය කළ යුතු ය යනුවෙනි. යම් දේශපාලන බලවේගයකට අවශ්‍යතාවයක් ඇති නම් ඉතාම පහසුවෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී අමානුෂික ක්‍රමවේදයකට ගමන් කළ හැකිය. මන්ද යත් රාජ්‍ය තන්ත්‍රයේ සියලුම හමුදාවන් හා රාජ්‍ය තන්ත්‍රයේ බලය, ධනය සතුව ඇති දේශපාලන බලවේගයට ප්‍රජාතන්ත්‍ර විරෝධීව ජනඝාතක උපකරණයක් ලෙස කටයුතු කිරීම ඉතාම පහසු කටයුත්තක් වේ. එමෙන්ම එවැනි ආකාරයේ රාජ්‍ය පාලනයක් ද එතරම් අපහසු නොවනු ඇත.
නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් සාමකාමීව සියලුම දෙනාගේ අයිතිවාසිකම් හා ඉල්ලීම් ඉටු කරමින් ඒවාට ගරු කරමින් කටයුතු කිරීම ඉතාම අපහසුය. මන්දයත් ප්‍රතිගාමී බලවේග වලට එම ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ කඩ තුළ ක්‍රියාත්මක වීමට ඇති හැකියාව නිසාවෙනි. එවැනි දේශපාලන බලවේගයකට බලය පවත්වා ගැනීම ම එක්තරා ආකාරයකට අභියෝගයක් හා ඉතාම අපහසු කටයුත්තක් වේ. මෙවැනි තත්ත්වයක් යහපාලන ආණ්ඩුව තුල රටේ සුපිරි ප්‍රතිගාමී බලවේග සලකා බලනුයේ දුර්වල ආණ්ඩුවක් ලෙසයි. නමුත් යහපාලන ආණ්ඩුව කටයුතු කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වටිනාකම්වලට අනුව ය.
මෙවැනි තත්ත්වයක් තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර්ට ඇන්දවීම සිංහල බෞද්ධ සමාජයේ, සිංහල බෞද්ධ මතය උඩු යටිකුරු කොට හොරෙන් සිට වීමක් වැනි ය. මන්ද ගෝඨාභය හිට්ලර් ඇද ගැනීම තුළින්
ගෝඨාභයට එරෙහිව මේ රටේ සියලුම බුද්ධිමත් බලවේග නැගී සිටිනු ඇත. එබැවින් ගෝඨාභයට නීත්‍යානුකූලව මේ රටේ බලයට පත් වීමට ඇති ඉඩ කඩ ඉතා අඩු බවයි මාගේ තක්සේරුව.
thilan / June 25, 2018
Why you are worried about gotabaya that much if he unable to win .the reality is with 23% vote base of unp or 6% vote of JVP cannot be able to contest with the largest single party in srilankan history which has a vote base of more than 46% the modern slfp.this party is a topleven capital party of entire business community in srilanka.a poor parties like unp or JVP does not have ability to compete with them.if gotabaya will lose let him to lose why this much worried.
/
Jim softy / June 25, 2018
IT is Hitler who gave big figth against the So-called Free world. IT is HITLER who made the Germany an invincible country and intriduced many new machines to the world. It is because of him modern Germany is well known all over the world. Ranil is a 40 year loser.
/