28 March, 2024

Blog

ශීලාචාර​ රනිල්

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ලෝකය වේගයෙන් වෙනස් වෙමින් යුගයෙන් යුගය පසුකර යද්දී ශ්‍රී ලංකාව පසුගිය දශක ගණනාව පුරාම එක තැන හිර වෙමින් පල් වෙමින් තිබුණි. ලෝකයේ බොහෝ රාජ්‍ය වලදී ආණ්ඩුව තව දුරටත් වැදගත් ආයතනයක් නොවන අතර එම රාජ්‍යන්ගේ පැවැත්ම ශක්තිමත් ස්වාධීන ශිලාචාර ආයතන විසින් මෙහෙයවනු ලබයි. මෙහිදී එවැනි රාජ්‍යයන්ගේ පැවැත්මට අභියෝග කරනු ලබන ඕනෑම ප්‍රපංචයකට එරෙහිව කටයුතු කිරීමට එම රාජ්‍යයන්ගේ වාසය කරන ජනතාවට අවශ්‍ය ප්‍රතිපාදන හා ආරක්ෂාව නීති පද්ධතිය මගින් ලබා දී තිබේ.

උදාහරණයකට දියුණු ලෝකයේ නවසීලන්තය හෝ උතුරු යුරෝපියානු රටවල් හෝ ජපානය මැලේසියාව,සිංගප්පූරුව, වියට්නාමය වැනි රටවල්ද ගත හැකිය. නමුත් ලංකාව හා එහි වාසය කරන ජනතාව නීති හා ආයතන මගින් රට පාලනය කිරීම පිළිබද එතරම් විශ්වාසයක් නොමැත්තේය.

නිදහසින් පසු ගෙවී ගිය වසර 70 වකටත් වඩා වැඩි කාලයක් මෙරට ජනතාව විශ්වාස කරනු ලැබුවේ කවුරුන් හෝ විශ්ව කර්ම නායකයෙකු පහලවී රටත් ජනතාවත් මුහුණ දෙන සකලවිද ව්‍යාදීන්ගෙන් ගලවා ගනු ඇත යන්නයි.

මේ මිත්‍යාවේ ගිලුණු ලාංකික ඡන්දදායකයා එක නායකයෙකුට පසු තව එකෙකු වශයෙන් වසර 70 ක්ම විවිධ නායකයින් අත්හදා බැලු අතර ඒ සියල්ලෝම එකම අකාරයේ වට්ටෝරු නායකයෝ හෝ නායිකාවෝ විය. මේ වට්ටෝරු නායකයින්ගෙන් රට කෙසේ වෙතත් ඔවුන්ගේ පක්ෂවල උදවිය, නෑදෑ පිරිවරනම් ගොඩ ගියේය. බයිසිකලයක්වත් නැතිව දේශපාලනයට පැමිණි හෝ එයට සම්බන්ධ වුවෝ විශාල ධනපතියන් විය. මෙරට ධනපති පන්තියේ විශාල ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවීම ආරම්භ​වූ වසර වන්නේ 1956 වසරයි. 1956 ඇරඹි ඒ ගමන අද වනවිට මෙරට ධනය හිමි පන්තිය මුළුමුනින්ම වාගේ දේශපාලන බලය හිමි පන්තිය බවට පත් වී තිබේ. ඒ ධනයට පසු බලය ලබා ගැනීම ලෙස නොව බලය ලබා ගත් පසු ඒ මත පදනම්ව ධනවත් වීමෙනි.

මේ සදහා අපූරු උදාහරණයක් මා සතුව තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දිගු කාලීන ශරීර ආරක්ෂකයෙකු වූ එමෙන්ම මැදමුලන ගමේ ඔහුගේ අසල් වැසියෙකු වන තිස්ස වන්නිආරච්චි සම්බන්ධයෙනි. මහින්ද අගමැති ධූරයට පත්වෙද්දී සාමාන්‍ය සෙබළලෙකු ලෙස යුද හමුදාවේ සිටි ඔහු මහින්දගේ ශරීර ආරක්ෂකයෙකු ලෙස අගමැති ආරක්ෂක අංශයටත් ඉන් පසු ජනාධිපති ආරක්ෂක අංශයටත් අනුයුක්ත කරන ඔහු ඉතාම කෙටි කාලයක් තුල මහා ධනපතියෙකු බවට පත්වේ. දැනට ලංකාවේ අධිකරණ ගණනාවක ඔහුට එරෙහිව අයතා දේපල උපයා ගැනීම් පිළිබද නඩු ගනනාවක් විභාග වේ. ඒ අක්කර ගණනාවක ඉඩම්, බස් රථ, ඉන්දන පිරහුම් හල් වැනි දෑය.

ඔහුගේ හා ජනාධිපති මහින්දගේ ලග සම්බන්ධය පෙන්වන එක සිදුවිමක උදාහරණයක් දේශපාලන ලෝකයේ පවතී. එනම් සාමාන්‍ය සොල්දාදුවෙකු වූ තිස්ස ඔහුගේ පෙරැත්ත මත මහින්ද ගැසට් නිවේදනයක් මගින් මේජර් වරයෙකු බවට පත් කරයි. ඊට පසුදින උදැසන අරලියගහ මන්දිරයේ උදැසන තේ මේසයට කිරිබත් ගෙන්වා මහින්ද හා තිස්ස ඇතුළු කණ්ඩායම කිරිබත් කමින් මේජර් තනතුර ලැබීම සැමරීමෙන් අනතුරුව​ තිස්සගේ පස්සට පයින් පහරක් එල්ල කොට “මූට ගිය කල යකෝ” කියා හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කොට මහා හඩින් සිනා වූ බව එතැන සිටි එකළ ඇමතිවරයෙකු මා සමග පවසා තිබේ.

ඒ වට්ටෝරු නායකයෙකු වූ මහින්ද රාජපක්ෂගේ පාලනයේ ධනපතියන් බිහිවූ හැටිය. මෙවන් තත්ත්වයක් පවතින ශ්‍රී ලාංකික සමාජය තුල රනිල් වැනි නායකයෙකුට පැවතිය හැකි තත්ත්වයන්ගේ විශාල සීමාකම් පවතින බව මාගේ හැගීමයි. රනිල් වටා සිටින කිසිවෙකුත් අයුතු ලෙස ධනවතුන් වී නොමැත්තේය. යම් අවස්ථාවල පක්ෂය තුලින් මතුව එන විරෝධතාවලට හේතුවක් වන්නේද එයමය. වට්ටෝරු දේශපාලනයෙන් මිදී රටේ නියාමන ආයතන ශක්තිමත් කොට, ආණ්ඩුව වෙනුවට රාජ්‍යය ශක්තිමත් කල යුතුයැයි තදින් අදහන රනිල් වැනි නායකයෙකුට අවස්ථාවක් නොදී හැකි ඉක්මනින් ඉවත් කිරීම රට මංකොල්ලා කෑමට බලා සිටින සියලුම ප්‍රතිගාමී බලවේග වල ප්‍රාර්ථනයයි. රනිල් නැති එක්සත් ජාතික පක්ෂය කැඩී සුනු විසුනු වන බව සක් සුදක් සේ දන්නා සතුරු බලවේග මෙන්ම රට නරකාදියට හෙලීමට කල් යල් බලන ඒ මත තමන්ගේ පටු අරමුණු ඉටු කරගැනීමට පෙරුම් පුරන බලවේගද කල්පනා කරනුයේ යහපාලන ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල හැකි ඉක්මනින් පරාජය කොට රටටත් එහි ජනතාවටත් ඇති ආරක්ෂව අවසන් කල යුතු බවයි. එමගින් මෙම වට්ටෝරු නායකයින්ගේ පැවැත්ම නැවත තහවුරු වනු ඇතැයි ඔවුන්ගේ බලපොරොත්තුවයි. එය පරාජය කිරීම එක්සත් ජාතික පක්ෂයට ඇති එකම විසදුම වේ.

රනිල්ට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝශාභියෝග යෝජනාව ඉදිරිපත් කල අයගේ ප්‍රධාන අරමුණ වන්නේ හැකිතාක් රටේ කටයුතු අවුල් සිදුකොට රට අස්ථාවර කිරීමයි. එමගින් රටේ එදිනෙදා කටයුතු වලට බාධා පමුණුවා නැගී එමින් පවතින ආර්ථික තත්ත්වය කඩාකප්පල් කිරීමයි. දිනන්නට නොහැකි බව දැන දැනම එය ඉදිරිපත් කිරීම මගින් ඔවුන් ආණ්ඩුවට එල්ල කරනු ලබන්නේ දේශපාලන ප්‍රහාරයකටත් වඩා ආර්ථික ප්‍රහාරයක් යනු මගේ හැගීමයි. මේ මොහොතේ රනිල්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට සතුරු පිළෙහි සියල්ලෝම එකාවන්ව සැදී පැහැදී සිටියදී එයින් විශාලම හානිය සිදුවන්නේ පක්ෂයට බව පාක්ෂිකයින් අවබෝධ කොට ගතයුතු වේ. කෙතරම් ප්‍රහාර එල්ල වුවද අගමැතිවරයා සෙමෙන් නමුත් ස්ථිරසාරව ඉදිරියට ගමන් කරයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    වැටත් නියරත් ගොයම් කන්නේ නම් කියන්නේ කාටද?බලය රැක ගැනීම හෝ අහිමි වූ බලය නැවත ලබා ගැනීම වෙනුවෙන් කැප වීම හැර තිබෙන ඉලක්කය තමා සහ අාසන්න පවුල හැකි පමන මහජන මුදලින් පෝෂණය කිරීමය.නොපමාව තිත නොතැබුවහොත් අපේ රටට අැත්තේ දෙවි පිහිට පමණි.කොළ නිල් රතු කණ්නාඩි ගලවා යථාර්තවාදීව සිහි බුද්ධියෙන් කටයුතු කිරීමට රට වැසියාට කාළය පැමිණ අැතැයි සිතමි

  • 0
    0

    This is just a gimmick to pass time either by getting solced or by praising. It is disgusting. This is not the way to govern a country. For them is a carnival. for voters it is constant struggle. Just talk you as the example.

  • 0
    0

    Thushara: YOu are doing your job. So do not worry if we criticize you. Ranil is one who is using public money white wash him. He is saying I have forgotten every thing you readers also forget the past. What a way to rob the public and live a flamboyant, lavish life style. So, you are white wasshing a Grand robber who is incometant. He can be accused so many crimes.

  • 0
    0

    Thushara: There is another side you shoud know. Mahinda Rajapakse is a ploy here to make him bad prmote Ranil. what ever it is, No one can tkae the credit away from Mahinda rajapakse that he gave the political leadership to the LTTE war. 84$ of Sri lankan approved him for that. Ranil never got that appreciaition, never. His four times PM post also just beacuse he was not leaving amidst all the troubles. Even now he is like that. Anyway, Ranil thinks he is the fox to foxes in the parliament and he tries his best to fool PResident and get the president post. [edited out]

  • 0
    0

    thushara: Everybody knows that Mahinda Rajapakse was a thug and he came to the top that way. that is why he could finish the war. Even Ranil had helepd Mahinda Rajapakse’s Crimes. Some where I read, that Balasooriya, a former IGP, went to arrest Mahinda rajapakse for some crime, a killing. Mahinda Rajapkse knew it and phoned Malik Samarawickrama, party Secretary at that time, (or Ranil) who phoned Balasooriya to come back. Eve chandrika Bandaraniake knew who Mahinda Rajapakse was. but, they di dnot nothing.

  • 0
    1

    රනිල් වටා සිටින කිසිවෙකුත් අයුතු ලෙස ධනවතුන් වී නොමැත්තේය. වන්නි ආරච්චි මහත්තයෝ, අර්ජුන් මහෙන්ද්‍රන්, ඇලෝසියස් කාගේ වටේද හිටියේ? ඔහේ කතා කරන්නේ කටින්ද? අධෝමුඛයෙන්ද? බටලන්දේ මිනිස්සු මරන කොට රනිල් කොහේද හිටියේ?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.