27 April, 2024

Blog

රාජපක්ෂවරු අවසානයක් නැති උගුලක

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ලංකාවේ දේශපාලනයේ ඊලග තීරණාත්මක මැතිවරණය බවට ජනාධිපතිවරණය පත් වෙමින් තිබේ. පවතින දේශපාලන තත්වය අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නිතීයානු කූල පසුබිමක් නොමැති අතර එය පැවැත්විය යුතුනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් නව මැතිවරණ පනතක් සම්මත කර ගත යුතු වේ. ඒ අනුව තාක්ෂණිකව නැවත ලංකාව තුල පළාත් සභා පිහිටුවීමට ආණ්ඩු ක්‍රමය තුල ඇති ප්‍රතිපාදන අකර්මන්‍ය කොට ඇත. එබැවින් ලබන වසරේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභාමැතිවරණ පවත්වෙතැයි කිව නොහැක. මේ කාරණා අනුව ලංකාවේ ඊලග මැතිවරණය වන්නේ ජාතික මැතිවරණයක් වන ජනාධිපතිවරණයයි.

එම මැතිවරණය ලංකා ඉතිහාසයේ අඩුම බලතල සහිත ජනාධිපතිවරයා තේරීම සදහා පවත්වනු ලබන මැතිවරණයයි. එනම් 19 වන ආණ්ඩුක්‍රම සංශෝදනයට අනුව ජනාධිපතිවරයාට නියමිත බලතල විශාල ප්‍රමාණයක් මීලග ජනාධිපතිවරණයෙන් පසුව එම ධූරයට අහිමි වන අතර  ඒවායින් වැඩි ප්‍රමාණයක් අගමැතිවරයා සතු වේ. මේ අනුව රටේ බලවත්ම හා තීරණාත්මක තනතුර බවට අගමැතිධූරය පත් වේ.

එක්සත් ජාතික පක්ෂයත් අවශේෂ පක්ෂත් ජනාධිපතිවරණයට එලඹෙනුයේ ජනාධිපතිවරයා මෙන්ම අගමැති අපේක්ෂකයාද රටට හෙළි කරමිනි. මෙවන් තත්වයක් තුල පොහොට්ටු පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ ඉදිරිපත් විය හැකි අතර ජනාධිපති අපේක්ෂකයා තවමත් නිශ්චිතව කිව නොහැකිය. එය බොහෝ විට නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය පදනම් කරගනිමින් එසේම රාජපක්ෂ පවුලට වඩාත් බලවත්ව රට පාලනය කල හැකි චරිතයක් ඉදිරිපත් කිරීමට ඉඩ තිබේ. ඒ සදහා ඔවුන් සලකා බලමින් සිටිනුයේ ශිරන්ති රාජපක්ෂ ඉදිරිපත් කිරීමටය. පක්ෂ අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් ඒ වෙනුවෙන් තිබුනද මහින්ද රාජපක්ෂ සිටිනුයේ ශිරන්ති ජනාධිපති ධූරයටත් තමන් අගමැති ධුරයටත් ඉදිරිපත්ව රටේ බල කේන්ද්‍රය තම න්‍යෂ්ටික පවුල සතු කර ගැනීමේ චේතනාවෙනි.

එම පිල තුල රාජපක්ෂ වරුන්ගෙන් තොර පැවැත්මක් නොමැති අතර ජිවිතයේ හත් වන දශකයේ කල් ගෙවන මහින්ද රාජපක්ෂගේ එකම අරමුණ තමන්ට ස්වභාවධ​ර්මයෙන් ලැබී ඇති සිමා සහිත කාලය ඉක්ම යෑමට ප්‍රථම නාමල් රාජපක්ෂට හා ඔවුන්ගේ සහෝදරයන්ට රට තුල ස්ථාවරත්වයක් හා ආරක්ෂාව සකස් කොට දීමටය.

එමෙන්ම දැන් පවතින දේශපාලන තත්වය අනුව රාජපක්ෂවරු සිටිනුයේ විශාල අර්බුදයකය. විශේෂයෙන් යෝෂිත රාජපක්ෂ හා නාමල් රාජපක්ෂට එදිරිව බරපතල මුල්‍ය අපරාධය නඩු දෙකකක් ඇසෙමින් පවතී. එසේම තවත් නඩු ගණානවක් ආරම්භ වීමට නියමිතය. ඉන් සමහරක් ඉතා බරපතල මනුෂ්‍ය ඝාතන වැනි අපරාධයන්‍ ය​. එම නිසාම රටේ බලය ලබා ගෙන එම නඩු වලින් නිදහස් වීම ඔවුන්ගේ විශලතම හා බරපතලම ප්‍රමුඛතාවයයි. බලය ලබා ගැනීමට හැකියාවක් නොමැති බව හෝ ඒ පිළිබඳ සැක සංකා පවතීනම් ඔවුන්ගේ ඊලග තෝරා ගැනීමට බොහෝ විට ඉඩ ඇත්තේ ඔවුන්ගේ නිදහස හා ආරක්ෂව වෙනුවෙන් තමන් සතුව ඇති බලය ආණ්ඩුව සමග බෙදා ගැනීමයි. දේශපාලන වේදිකාවේ කියන පරිදි වර්තමාන බල අධිකාරිය සමග ඩීල් දැමීමයි දැනටමත් ඒ සදහා මුලික පදනම් දමා ඇති බවට කනින් කොනින් ඇසේ.

මෙමගින් සැබෑ ලෙසම අර්බුදයට යන්නේ විමල් විරවංශ හා ජෝන්ස්ටන් වැනි දැටමත් නඩු වලින් වරදකරුවන් වීමට අසන්න ව සිටින එම පිලේ පිරිස් ය. ඔවුන්ට එම පිලට බලය ලබා ගැනීමෙන් තොර පැවැත්මක් නොමැත්තේය. නමුත් රාජපක්ෂවරු සිටිනුයේ වෙනත් මතයකය. එනම් බලය ලබා ගැනීම සම්පුර්ණයෙන් සියයට සියක් විශ්වාසදායක ලෙස සාර්ථක නොවන්නේනම් ඒ වෙනුවෙන් අවංක හා බරපතල උත්සහයක් යොදා ආණ්ඩුව අපහසුතාවයට පත් කොට ආණ්ඩුව සමග විරසක නොවීමේ ගිවිසුමකය. ඒ එම පවුලේ  ආරක්ෂාවටය. එම නිසාම එදා බරපතල ගෝසාවක්ව තිබු ආණ්ඩු විරෝධය අද සිහින් කෙදිරියක් බවට පත් වී තිබේ.

අවසාන වශයෙන් කිව යුත්තේ ආණ්ඩුව ඒ එයට සම්බන්ද දේශපාලන බලවේග වලට 2020 ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට මුහුණ දීමට සිදු වනුයේ පවුල් වාදයෙන් ඔත්පල වූ, ජාතිකවාදයෙන් අබලන් වූ, වයස මරණය අවිනිශ්චිත බව නිසාම දුර්වල වූ කැලි කැඩී වෙන් වූ ග්‍රාමීය මට්ටමේ නියෝජිතයින්ගේ අශීලාචාර ගිලිහි ගිය ගෞරවයෙන් යුතු විපක්ෂ බලවේගයකටය. එය ජය ගැනීම ආණ්ඩුවේ දේශපාලන පක්ෂ වල වගකීමයි.

එකස්ත් ජාතික පක්ෂයෙන් එම අවස්ථාවේ ඉදිරිපත් කල යුතු හොදම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවට මේ වන විටත් ජනතාවට කියා තිබේ. එය රනිල්, සජිත් විය හැකිය. රනිල් නවීන් විය හැකිය. සජිත් අකිල වීමටද ඉඩ තිබේ. සමහර විට නවීන් අජිත් පෙරේරා වූව වීමට ඉඩ තිබේ, ඒ සදහා එකසත් ජාතික පක්ෂය තුල එකගතාවයක් තිබේ. එම මොහොතේදී හොදම අපේක්ෂකයා ඉදිරිපත් වනු ඇත.

කෙසේ වෙතත් රටේ සිවිල් බලවේග හා ජාත්‍යන්තරය තවදුරටත් රාජපක්ෂවරු මේ රට පාලනය කරනු ඇතැයි අපේක්ෂා කරන්නේ නැත. විශේෂයෙන් ඉන්දියාව හා බටහිර අපේ පැරණි මිතුරන් රාජපක්ෂවරු බලයට පත්වනවාට විරුද්ධය. රාජපක්ෂවරු නැවත බලයට පත්වුවහොත් එය කලාපයේ ආරක්ෂාවටත් ප්‍රඡාත්‍රන්ත්‍රවාදයටත් මානව අයිතිවාසිකම්වලට විශාල ගැටළුවක් බව ඉන්දියාව හා බටහිර කල්පනා කරයි.

චීනය රාජපක්ෂවරු බලයට පත් වීම අපේක්ෂා කරද්දී මුළු ලෝකයම රාජපක්ෂට විරුද්ධව විශාල බලවේගයක් ක්‍රියාත්මක කරමින් තිබෙනුයේ ඔවුන්ගෙන් මේ ලෝකයේ දේශපාලනයට අනිකුත් ආර්ථික හා සාමාජීය තත්වයන්ටත් විය හැකි හානිය පිළිබදව තක්සේරුවක් ඇතිවය.

මේ අනුව රාජපක්ෂවරුන්ට බලයට පත් වීම හුදු සිහිනයක් වන තරමට අර්බුදයක ගිලී තිබේ.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    2

    මහින්ද රාජපක්ෂ නම් ඔය කියන විදිහට නඩු වලට බය දේශපාලකයෙක් නෙමේ. දාන්න නඩුත් නැහැ. මහින්ද කියන්නේ තමන්ගේ පුත්තු හිරේ දානවා කියලා බය කරන්න පුළුවන් කෙනෙකුත් නෙමේ. ඇයි මතක නැත්ද යෝෂිතව හිරේ දැම්මනේ කලින්. දරුවන්ට තියෙන නඩු ඒ ගොල්ලෝ බේර ගනියි. තව මොනවාද බරපතල චෝදනා? මහින්ද රාජපක්ෂ කියන්නේ බිත්තියට හිර කරන්න පුළුවන් නායකයෙක් නෙමේ. හුගක්ම අමාරු තැනක් ආවොත් මහින්ද කවුර්ත් නොහිතන තීරණයක් වුනත් ගනියි. එතකොට ඒක පස්සේ දුවන්න හිටපු මිනිස්සුන්ට වල්ග හපා ගන්නයි වෙන්නේ.
    හුඟ දෙනෙක්ට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මහින්ද දේශපාලනයේ ඉන්න එක. කලිනුත් කිව්වා වගේ 2015 පරාජය ගෝඨාභයයි බැසිලුයි දැනගෙන හිටිය. දෙන්නටම අනාගත බලාපොරොත්තු තිබ්බ නිසා හිතුව මහින්ද පරදින එක හොඳයි කියල. හැබැයි ආපහු පාර්ලිමේන්තු එයි කියලා හිතුවේ නැහැ. දැන් ගෝඨාභයටයි බැසිල්ටයි රනිල්ටයි මෛත්‍රිටයි 4 දෙනාටම ඕනේ මහින්දව දේශපාලනයෙන් අයින් කරන්න. ගෝඨාභය පස්සේ ඉන්නේ මෛත්‍රී කියන එක මම කාලෙකට ඉස්සෙල්ල කියල තියෙනව. බැසිල්ට රනිල් මෛත්‍රී දෙන්න එක්කම deal තියෙනව. මේකත් 2016 කිව්වේ. JO එක අසමගි කරන්න රනිල් බැසිල්ව දැම්ම. ඒ වුනාට බැසිල් බලාපොරොත්තු වුනේ ජනාධිපතිවරණෙට තරඟ කරන්න. ඒකට ගෝඨාභය එයි කියලා හිතන්න නැතුව ඇති. ඒ හින්ද දැන් මිදී ඇඹුලයි කියනවා.
    2015 මහින්ද පැරදුනේ ඇතුළෙන්ම සහයෝගයක් දීපු නිසා. හැබැයි ඒ ගැන අවබෝධයක් තිබ්බේ නැහැ එතකොට. ඒ මොකොද කිව්වා නම් තමන් වටේ හිටපු මිනිස්සු හැමෝවම විශ්වාස කළ නිසා. හැබැයි තව පොඩ්ඩෙන් 2020 (2019 අග) තියෙන ඊලඟ ජනාධිපතිවරණදීත් ඒ ටික වෙන්න තිබ්බ. නමුත් මම හිතනවා හිටපු ජනාධිපතිතුමාට මේ පාර නම් ජනාධිපතිවරණෙට අවුරුදු එකහමාරක්ම තියෙත්දිම ඇතුලේ වෙන දේ ගැන තේරුණා කියලා. දුවන අයට දුවන්න දෙන්නයි තියෙන්නේ. ඒ අතරේ ගිය ජනාධිපතිවරණෙ වගේ වටේ අයට වැඩේ බාර දෙන්නේ නැතුව තමන්ම වැඩේට ඇත ගහන එක තමයි වඩා නුවණට හුරු.

  • 1
    2

    මොන පීඩන ආවත් මහින්ද ගෝඨාභයව ඊළඟ ජනාධිපතිවරණෙට දායි කියලා මම හිතන්නේ නැහැ. ඒ මොකොද කිව්ව නම් ඊට පිටිපැස්සේ තියෙන කුමන්ත්‍රණය නොපෙනෙන්න විදිහක් නැති නිසා.
    මහින්ද රාජපක්ෂ කියන්නේ හොඳ දේශපාලන ඉවක් තියෙන නායකයෙක්. මොළෙත් හොඳට වැඩ කරනවා. උදාහරණයක් විදිහට අර රුපියලේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්නයක් ඇහැව්වා මෙහෙම.”ඔබතුමාට මතක නැත්ද කීත් නොයාර්ව පැහැර ගන්නවා?” කියලා. වටේ මොන disturbances තිබ්බත්, 2015 ජනවාරි 8 උදේට කෑවේ මොනවාද කියලා මතකද කියලා මාධ්‍යවේදීන්ගෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇසීම ඇතුළු තව වෙනත් කතා අතරේ වුනත් මහින්ද ඉවසීමෙන් උත්තර දුන්න. මොකක්ද? “මට කවදාවත් කීත් නොයාර්ව හම්බ වෙලා නැහැ. මට ඒක පැහැදිලිවම කියන්න පුලුවන්” කියලා කිව්වා.
    අහපු ප්‍රශ්නේ “ඔබතුමාට මතක නැත්ද කරු ජයසුරිය 2008 call එකක් දෙනවා” වගේ නෙමෙයි. ඒකට කියන්න පුළුවන් “මට මතක නැහැ” කියලා. හැබැයි “ඔබතුමාට මතක නැත්ද කීත් නොයාර් පැහැර ගන්නවා” කියලා ඇහැව්වහම “මට මතක නැහැ” කියන්න බැහැ. දෙන්න ඕනේ කෙලින් උත්තරයක්. දීපු උත්තරේ තමයි ඒ ප්‍රශ්නෙට දෙන්න තිබුණු එකම උත්තරේ. “මට කවදාවත් කීත් නොයාර්ව හම්බ වෙලා නැහැ. මට ඒක පැහැදිලිවම කියන්න පුලුවන්.”
    මහින්ද රාජපක්ෂ කියන්නේ හොඳ මොළයක් තියෙන නමුත් අමාරුවේ වැටෙන්නේ විශ්වාස කරන්න ඕනේ කාවද නැත්තේ කාවද කියන එක තේරුම ගන්න පොඩ්ඩක් කල් ගන්න නිසා. හැබැයි මේ පාර නම් වටේ සිද්ද වෙන දේවල් ගැන අවබෝධයක් තියෙනව කියල පේනවා.

    • 3
      3

      ඒකතමයි මුල ඉන්දලම රටවටේ යමින් හැම ආකරයෙන්ම බලයට එන්න හදන්නෙ ? එහෙම නේද ? උබලවාගෙ මැටිකරක් මේ රටේ හිටිය 5.8 මිල්ලිඔන්, දැන් එවුන් ටික අඩු වේගේන යනව. මේ බුරුවා අනිතිමට හුස්ම හෙලන්නෙ, හිර කුටියක බව අපිට සහතියකයි. කරපු පව් වලට මූට මේ දීල තිබෙන නිදහස අද කියල වැඩක් නැහැ. ඒකයි මගේ කේන්තිය. අර තඩ්ජුඩේන් ගේ දෙමව්පියන් ඇතුලු අය කොහොම ගින්දරකද ඉන්නෙ.. මගේ කෙනෙකුට උනානම් මම දනී කරන එක. මේ වාගේ රටක තවත් නම් මේ වාගෙ මිනිමාරුවන්ට තැනක් නොලැබේවව. චම්පවාගෙ එවුන් අපේ රටේ වැඩිය එවුන්ට මොලය කලන්දක් වත ලැබෙවා කියල පතමු.

      • 2
        2

        Dolalanga Siripala
        කවුද මිනිහෝ බූරුවා? වෛරයෙන් හිරිවැටිලා ඉන්න, ගත්ත බලය අතාරින්න බය යූඑන්පී සිරිපාලලාට දැන් සිහි විකල් වේගෙන එනවා. ඒ මොකොද කිව්වා නම් කරපුව ආපිට එන බව හොඳටම පේන නිසා. තජුදීන් ගැන මෙච්චර තියෙන ආදරේ මොකොද මම දන්නේ නැහැ හැබයි ඒ ආදරේ 88/89 කාලේ හිත පිත් නැති කෲර විදහට මරලා දාපු 60,000ක් තරුණයෝ ගැන නැත්තේ මොකොද කියන එක තමයි පුදුමේ. ඒ තරුණයන්ටත් දෙමව්පියෝ ඉන්නවා. ප්‍රභාකරන්ගේ බෝම්බෙකට අහු වෙලා මැරෙන්න ගිය සිරිපාලලාගේ කටේ සද්දේ බලන්න තිබ්බ මහින්ද නොහිටිය නම්. අනික අපි තාම පටන් ගත්තෙත් නැහැ. වෙව්ලන්න පටන් අරන්.

  • 2
    3

    Thushara,

    This low life – Champawathi would do anything and everything to protect her customers. This woman is their family prostitute. She is sharing the bed also with that Ponnawanse. I wish all these men to be punished by the nature soon that later. These men and women have no hearts about the future of this country.

    See how much funds, Rajaakshe have been destroying today while over 40% of the people in tihs country still live under 2-dollar daily income.
    And those live without proper shelter and other dailys needs are that much but these men abuse their allocations for nothing but celebrating by those rallies.
    I have no doubt, these people will raise the question, if they at all ballige puthat to be brought back and let him loot the nation from where they stopped it end of 2014.

    May well be that shortly before the next election they will lock up all these high men so that people can finally see howhigh crimes they the Rajakashes have committed during 2005- 2015.

    • 0
      1

      Desperate Asinhalaya
      When the debate is lost, slander becomes the tool of the loser – Socrates.
      No other reply is necessary.
      .
      This government had 3 years and 8 months to raise your “2 dollar daily income” into a 4-dollar income. Ask them why couldn’t they do that? Because they were busy in lining their pockets with commissions earned by selling and leasing national assets, lands and local industries.

  • 1
    2

    දැන් යුඑන්පි කාරයෝ හිතන් හෝ කියන දේවලින් වැඩක් නැහැ. මිනිස්සු කාටවත් ඕනේ විදිහට චන්දෙ දෙන්නේ නැහැ ඊළඟ ජනාධිපතිවරණෙදී.
    විශේෂයෙන් යූඑන්පීකාරයෙක්ට නම් දෙන්නෙම නැහැ.
    හිටපු ජනාධිපතිතුමා හොඳ මිනිහෙක් දැම්මොත් පාට පක්ෂ භේදයක් නැතුව හැමෝම එයාට චන්දෙ දෙයි.
    ඒකාබද්ධ විපක්ෂේ දැන් ගෝඨාභය, බැසිල් බලවේග හදන් හිටියට හිටපු ජනාධිපතිතුමා තමන්ගේ අපේක්ෂකයා කවුද කිව්වට පස්සේ තමන්ට යන එන මං නැතිවෙන බව පෙනිලා හුලං බහින ඒ බලවේග දෙකත් ආපහු ඒ පැත්තට හැරෙයි. ඒ කියන්නේ ඊළඟ ජනාධිපති පොහොට්ටුවෙන් නෙමෙයි.

  • 0
    0

    “2020 ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට?????”
    තුෂාර දැන දැනම බොරු කියනවා. ජනාධිපතිවරණෙ තියන්න ඕනේ ඉන්න ජනාධිපති පත්වූ දිනේට මාසෙකට කලින්. ඒ කියන්නේ ජනවාරි 8ට මාසෙකට කලින්. සාමාන්‍ය නීතිය අනුව මට මතක හැටියට චන්දයට සූදානම් වන කාලය මාස 1 1/2ක්. ඒ කියන්නේ චන්දෙ තියන්නේ නොවැම්බර් අග හෝ මැද සහ announce කරන්න ඕනේ ඔක්තෝබර් වල.
    ඊළඟ එක “එනම් 19 වන ආණ්ඩුක්‍රම සංශෝදනයට අනුව ජනාධිපතිවරයාට නියමිත බලතල විශාල ප්‍රමාණයක් මීලග ජනාධිපතිවරණයෙන් පසුව එම ධූරයට අහිමි වන අතර ඒවායින් වැඩි ප්‍රමාණයක් අගමැතිවරයා සතු වේ. මේ අනුව රටේ බලවත්ම හා තීරණාත්මක තනතුර බවට අගමැතිධූරය පත් වේ.”
    මේකත් බොරුවක්. පාර්ලිමේන්තුවේ 2/3කින් විධායක ජනාධිපතිවරයෙකුගේ බලතල අහිමි කරන්න බැහැ. ඒකට ජනමත විචාරණයකින් සම්මත වෙලා තියෙන්න ඕනේ. ඒක එකක්. අනික “මීළඟ ජනාධිපතිවරණයෙන් පසුව බලතල අහිමි වෙනවා” කියන එකත් තනිකර බොරුවක්. ඔය කතාව තිබුනේ රනිල්ගේ Concept Paper එකේ. ඒක ප්‍රයෝගික තත්වෙට ගේන්න රනිල්ට බැරි වුනා ඒ මොකොද කිව්වා නම් 19 වෙනි සංශෝධනයේ සමහර වගන්ති සම්මත වෙන්න ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා නිසා. මෛත්‍රීව තනිකරම රවට්ටගෙන ඉන්නේ. හරිනම් CC එක කියන විදිහට ජනාධිපති වැඩ කරන්න ඕනේ නැහැ. ඒකට නැහැ ජනාධිපතිට උඩින් බලයක්.
    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහෙක්වත් නැහැ විධායක ජනාධිපතිගේ බලතල කොටස් වශයෙන් ඉවත් කරන්න පුළුවන් විදිහක්. ඉවත් කරනවා නම් විධායක ජනාධිපතිවරයාව ඉවත් කරන්න ඕනේ සම්පූරණයෙන් අරන්. ඒකට තියෙන එකම ක්‍රමය දෝෂාභියෝගය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.