ලංකාවේ සමාජය තුල හැදුනු වැඩුණු සෑම කෙනෙකුටම අරගල, ඝාතන, රණ්ඩු හා වෙනස්කම් නිසා ඒ මත පදනම්ව නරකට සැලකීමේ අත්දැකීම් තිබේ. නමුත් එසේ නොවන බොහෝ සමාජ තිබෙන අතර එම සමාජ වල හැදෙන වැඩෙන අය තොරතුරු හෝ නිවුස් ලෙසවත් එවැනි කාරනා පිළිබද උනන්දුවක් නොදක්වයි. ලෝකය එතරම් නරක තැනකැයි එවැනි සමාජ වල අයට තේරුම් ගැනීමට අපහසු වේ. මේ සදහා හොදම උදාහරණය නවසීලන්ත සමාජයයි. මට මගේ ජිවිතයේ මාගේ දරුවා සමග එවැනි ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට පසුගිය සතිය තුල මුහුණ දීමට සිදු විය. නුවර ප්‍රදේශයේ සිදු වූ ජාතිවාදී, අමානුෂික, අශිලාචාර කලබලය ඔහුගේ ජීවිතය තුල ශ්‍රී ලංකාව පිළිබද තිබු ආදරය, එහි වෙසෙන මිනිසුන් ගැන ඔහුගේ තිබු ප්‍රේමය සුනු විසුනු කරන්නට සමත් විය.
අප යුද්ධයට මුහුණදෙන යුගයේදී කුඩා දරුවෙකු වූ ඔහු දැන් නව යොවුන් වියේ අයෙකි. දේශපාලනය, සමාජය, කලාව, සහිත්‍ය, හා ප්‍රේමය පිළිබද ඔහුට ඔහුගේම අදහස් තිබේ. අප නවසීලන්තයේ වාසය කළද නිවස තුල ශ්‍රිලංකාවේ කටයුතු වලට හා තොරතුරු වලට වැඩි ඉඩක් වෙන් වී ඇති නිසාම මගේ දරුවාටද ලංකාවේ පසුගිය දිනවල සිදුවෙමින් පැවති තත්ත්වය පිළිබද අසන්නට ලැබුණු බැවින් ඉන් පසු අපටත් වඩා එම ගැටුමේ දිග පළල ඔහු විසින් සොයා ගන්නා ලද අතර ලංකාවේ ජන සමාජය පිළිබද විශාල පිළිකුලක් ඔහු තුල ඇති වී තිබේ. ඔහුගේ මතය වන්නේ ලංකාවේ බහුතරයට බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබද අවබෝධයක් නොමැති බවයි. මන්ද කිසිදු විටක සුළුතරයකට සමාජයක් අර්බුදයකට තල්ලු කල නොහැකි අතර බහුතරයේ යම් අවබෝධයකින් හා සහයෝගයකින් පමණක් මෙවැනි කුරිරු සමාජ ක්‍රියාකාරීත්වයක් පාලනය කල නොහැකි තත්ත්වයකට වර්ධනය විමට හැකියාවක් ලැබෙනු යැයි ඔහු සිතයි. මහත්වරුනි, ඒ තමන්ගේ ආච්චිලා, සීයලා, මාමලා, නැන්දලා ලංකාවේ ජීවත්වන ශිලාචාර සමාජයක යොවුන් තරුණයෙක් ලංකාවේ මෙම අර්බුදය දකින හා ඊට දක්වන ප්‍රතිචාරයයි. එසේ නොවන වැසියන් අප ගැන සිතනුයේ අප ලෝකයේ දියුණුම ශ්‍රේෂ්ඨ ජාතිය ලෙසද ? ඔවුන් අපට සලකනු ලබන ආකාරය මැද පෙරදිග හෝ සිරියාවේ ත්‍රස්තවාදීන්ට වෙනස් නොවෙනු ඇත. අප දැනටමත් විමල් වීරවංශගේ වචනයෙන් කියන්නේනම් ජාත්‍යන්තර දඩු අඩුවට හිරවී හමාරය.
2015 මාර්තු 29 වැනිදා අප විසින් ගැලවුණු සම්බාදක උගුල නැවත පැමිනෙනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලනය පිළිබද මත පලකරනා සියලුම දෙනා පහේ අනුමාන කරමින් සිටි.
මානව හිමිකම් කවුන්සිලයේ සම්බාධක යනු සමාජ මාධ්‍ය පරිහරණයට බාධා කිරීම වැනි සරල කාරණයක් නොවන්නේය. ප්‍රථමයෙන්ම අපට ඉන්ධන මිලදී ගැනීමට ඇති අයිතිය අහිමි කරන්නේය. එමගින් රථවාහන හා යන්ත්‍ර සුත්‍ර නොවැදගත් යකඩ ගොඩවල් බවට පත් වන අතර මුළු රටේම කාර්යාල හා කර්මාන්ත ශාලා වැසි යනු ඇත. අරාබියේ රටවල් සම්බාධක මැද සිරියාව ඉරානය මට්මට හෝ ආරක්ෂාවන්නේ ඔවුන්ට ඉන්ධන යහමින් ඇති බැවිනි. එක්සත් ජාතීන්ගේ සම්බාධක මගින් අපේ ජන ජීවිතය අවුල් කිරීමට ගතවන්නේ දින තුනකි. එනම් ඊළග තෙල් නැව හරවා යැවූ පසු අර්බුදය ආරම්භ වේ. උතුරු කොරියාවේ මෙන් මහ මග කුසගින්නේ මියැදෙන්නට ගත වන්නේ මාස දෙකකි. දැන් කෙනෙකුට අවශ්‍යනම් රාජපක්ෂවරුන්ගේ කොස් දෙල් කනවා බොලවූ කියා ඉදිරියට පැමිණිය හැකිය. මේ මොහොතේත් කොස් ගෙඩියක් පොළේ විකුනන්නේ රුපියල් 100 කටය. වෙන කන්න දෙයක් නැති සමාජයක එය කෝටියක් වනු ඇත (සිම්බාබ්වේ සිහිවුණාක් මෙන් එමෙන්ම මෙය ලියන විට ඔලුවට එන සියලුම රටවල් රාජපක්ෂ වරුන්ගේ පරමාදර්ශී රටවල්ය).
ඉන් පසු වෙනිසියුලාවේ මෙන් පැනඩෝල් පෙත්තට පෝලිමේ ඉන්නා විට හාමුදුරුවන් වහන්සේලා සිවුරු හංගාගෙන පෝලිමට එනු ඇත. මන්ද එවැනි තත්ත්වයක් යටතේ උන්වහන්සේලාගේ පරම සතුරන් වන්නේ මුස්ලිම් කඩ ගිනි තැබුවන්ට සාදුකාර දුන් උපාසක අම්මලා හා තාත්තලාය.
මෙවැනි අර්බුද රාශියක් ලිවිය හැකි වුවද අප මේ මොහොතේ සිදුකල යුතු වන්නේ මෙම අර්බුදයෙන් ගොඩ ඒමය. ඒ සදහා ප්‍රථමයෙන් මෙම අර්බුදය තේරුම් ගතයුතු අතර එයට ජනතාව ලෙස බුද්ධිමත්ව මුහුණ දිය යුතුය .
රාජපක්ෂවරුන්ගේ දස වසරක පාලන කාලය තුල ලංකාවේ අධිපති මත වාදය වුයේ සිංහල ජාතිය මත පදනම් වූ රාජ්‍යයක් නිර්මාණය කරන බවට ග්‍රාමීය සිංහල බුදු දහම කේන්ද්‍ර ගත ජනතාවට උදේ හවස ගිල්ලවූ ලනුවයි. මෙය මගින් අප සමාජය රෝගී කොට ඇත්තේය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී රට පුරා වේදිකාවල නෙලුම් මල් පුබුදුවමින් ඔවුන් ශ්‍රී ලාංකික ගැමි ජනතාවට පොරොන්දු වුයේ දෙමළුන් නැති මුසල්මානුවන් නැති ජාතික වාදී රටකි, සමාජයකි. එය 1974 දී උගන්ඩාවේත්, 1931 ජර්මනියේත්, අද උතුරු කොරියාවේ නායකයින් එම රටවල පහල මධ්‍යම පන්තියට දුන් පොරොන්දුවයි. එම පොරොන්දුව මත පදනම්ව ඔවුන් ජය ගත් නමුත් ඔවුන්ගේ මතවාදී නායකත්වයෙන් උද්දීපනය වූ සමාජ දැක්වූ කුරිරු ප්‍රතිචාරය මෙයයි.
ලංකා ඉතිහාසයේ රාජපක්ෂවරු තරම් වගකීම් විරහිත නායකයින් නිදහසින් පසු බිහිවී නොමැත්තේය. හම්බන්තොට වරාය ගොඩනැගීමේ සිට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මුසල්මානුවන්ට ප්‍රහාර එල්ල කිරීම දක්වා පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ වගකීම් විහිරහිත බවත්, අසීලාචාර බවත්ය. දේශපාලනයේදී ඔවුන් මිනිස් සිත් තුල ඇති භාවයන් තමන්ගේ වාසියට යොදා ගනු ලබන්නේ ලෝකයේ පිළිගත් ආචාර ධර්ම තුට්ටුවට මායිම් නොකරමිනි. ශ්‍රී ලංකාවේ රාජ්‍යයට රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය පිළිබද තීන්දුවක් ගැනීමටත්, ඔවුන්ගේ කප්පරක් අපරාධ විශේෂ අධිකරණයක අසා හැකි ඉක්මනින් සිවිල් සමාජයෙන් ඉවත්කර තැබීමටත් කාලය පැමිණ තිබේ.

Jim softy / March 10, 2018
Wow, you are paid from the govt. so, you have to write this. This is not education in Deaf and blind school in which people believe everything you say.
/
Nimal / March 10, 2018
I agree with the last paragraph. But the rest is below what we expect from you. You are using the same tactic that the Rajapaksha clan is using – fearmongering. Also economic sanctions are not the only reason why we have to stop the recent trends of attacking minorities based on artificially created “incidents”. If we don’t learn to coexist and keep fighting, the future for our next generation will be very bleak.
/
මාතලන් / March 10, 2018
ඔයා එහෙම කිව්වට තුෂාර. සිරිසේන මහින්ද එක්ක ඩීල් දාලා ඒ දෙන්නා නේ රට පාලනය කරන්නේ. ඉතින් රාජපක්ෂවරුන් සිවිල් සමාජයෙන් ඉවත් කිරීම වෙනුවට, සිවිල් ජනයා සමාජයෙන් ඉවත් කිරීම ලේසියෙන්ම කරන්න පුළුවන්.
/
upset lanka / March 10, 2018
ආර්ථික සම්බාධක නම් අපිට එන එකක් නෑ. ආර්ථික සම්බාධක අපිට එන්නේ අපේ රටේ වෙන දේවල් අමෙරිකාවට යුරෝපයට කරදරයක් ප්‍රශ්නයක් වෙනවා නම් පමණයි. අමෙරිකන් හමුදා ඇප්ගනිස්ථානයේ මිනීමරන කොට මානව හිමිකම් කවුන්සිල් නිදි නෑනෙ.. හැබැයි ඔයාගේ ලිපියේ අන්තිම ඡේද දෙක නම් ඇත්ත. අපරාධකරුවන් සිරගෙදර දාලා සමාජයෙන් වෙන් කරලා තියනවා වගේ, රාජපක්ෂලාත් දේශපාලනයෙන් අයින් නොකළොත් අපේ රට තිරිසනුන්ගේ රටක් බවට පත් වේවි. නමුත් අවාසනාවකට වගේ ඔයා පෙනී හිටින රනිලුත්, අපි ඡන්දේ දුන් මයිත්රීපාලත් රාජපක්ෂලා ආරක්ෂා කරන කොට මොනවා කරන්නද? අපිටත් තියෙන්නෙ නවසීලන්තෙට යන එක විතරයි. නැතිනම් අපිත් සිවිල් සමාජයෙන් අයින් වෙලා අන්සිවිලයිස් වෙන එකයි.
/
srinath.gunaratne / March 12, 2018
No wonder sometimes journalists get beaten up!
Do not inflate like a frog!
Who are you and Who is Mahinda. Do not carry out personnel attacks!
Do you want to go back to the time where students burn in tires?
Look at the history of UNP, It is written in blood lately.
You write blatent lies!
/