
පසුගිය වසර තුන තුල ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මේ රටේ සියලුම ජන කොටස් වලට එක්තරා ආකාරයකට කුකුසක් තිබුණි. එය සාමාන්‍ය තත්ත්වයක් ලෙසද හදුනාගත හැකිය. විශේෂයෙන් ප්‍රබල දරුණු පාලනයක් දිගු කලක් තිබුණු සමාජයකට එම රෙජිමය අවසන් වීමෙන් පසු ගොඩනැගෙන පාලන ක්‍රමයට හුරුවීමට එක්තරා කාලයක් ගතවේ. එසේම දුෂිතව යැපුණු බොහෝ කණ්ඩායම් නව පාලන ක්‍රමයට අකුල් හෙලීම සාමාන්‍ය දෙයකි. ලිබියාවේ, ඉරාකයේ හා ඉරානයේ සිදුවුයේ එයයි. එයම ප්‍රංශ විප්ලවයෙන් පසු 1789 සිට නැපෝලියන් බලට පත්වන තුරුම එනම් 1799 වතුරුම පැවතුණි. ප්‍රංශ විප්ලවය යනු සමාජ විප්ලවයකි. එය පැරණි සමාජ, දේශපාලන, ආර්ථික ක්‍රමය නියෝජන කල සියලුම දෙනා ඝාතනයකොට ගොඩනැගු සමාජ ක්‍රමයකි. නැතහොත් ගිලටීනය විසින් ගොඩනැගු ක්‍රමවේදයකි. එදා ප්‍රංශය ස්ථාවර වීමටත් වසර 11 ක් පමණ ගතවුණි නම් තොරතුරු හා දැනුම වතුර මෙන් සුලබ වූ යුගයක එම තත්ත්වය එයට වඩා අපහසු වන බව මාගේ තක්සේරුවයි. වර්තමාන ආණ්ඩුව හා එක්සත් ජාතික පක්ෂය මුහුණදෙමින් සිටින ප්‍රතිවිප්ලවකරුවන් ආණ්ඩුව තුල මෙන්ම ඉන් පිටතද ශක්තිමත්ව සිටී. පක්ෂයක් ලෙස පාක්ෂිකයින් අතර මෙන්ම පක්ෂයේ දීර්ඝකාලීන මිතුරන් අතර බරපතල විවේචනයන්ට මුහුණ දෙමින් සිටින තත්ත්වයක් තුල මැතිවරණයකදී දුර්වල වීම අරුමයක් නොවන්නේය. විවේචන එල්ලවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටි ආකාරයද එක්තරා ආකාරයක පිටුවහලක් සැපයු බව මාගේ හැගීමයි.
ආණ්ඩුවේ කටයුතු වල එක්තරා ආකාරයක සංවිධිත බවක් අපේක්ෂා කලද එම ඉල්ලකය කරා කටයුතු මෙහෙයවීමේදී දැකිය හැකි නිලධාරී පැලන්තියේ ප්‍රතිගාමී බව රාජ්‍ය සේවයේ දීර්ගකාලීන අකාර්යක්ෂමතාවය රජයේ කටයුතු විධිමත්ව පවත්වා ගැනීමේදී විශාල බාධාවක්ව පවතී. එමෙන්ම කැබිනට් සංශෝධනය මගින් අගමැතිතුමා නිතිය හා සාමය අමාත්‍යංශය ලබා ගැනීම එතුමාගේ 2020 ඉරණම එතුමා විසින්ම විසදා ගැනීමක් වැනිය. රට තුලින් මතුව එන ‘හොරු අල්ලමු’ සටන් පාඨය එතුමා අතට ගැනීම කෙතරම් නිවැරදිදැයි අනාගතයේදී තීරණය වනු ඇත.
යහපාලනය කියන්නේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම මිස කිසිවක් නොකර නිදහස්කිරීම නොවේ. අලුතින් හිතනවා යනු අලුතින් හිතීමටයි. ආණ්ඩුවට තිබෙන විශාල බාධාවක් වන්නේ මෙම පනතයි. රාජපක්ෂවරු දැමූ උගුලෙන් ගැලවීමට බැරි එක් හේතුවක් වන්නේ මෙම පනතයි. මා සිතනුයේ විගණන පනතත් ගෙනැවිත් ක්‍රියාත්මක කොට ඉක්මනින් ගෙදර ගියහොත් රාජපක්ෂලා තුනෙන් දෙක ගෙන ඉක්මනින් සියල්ල අනිත් පැත්ත හරවා රාජාණ්ඩුවක් ගොඩ නගාවී යන්නයි. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල යුත්තේ මුලින්ම හොද ස්ථාවර තත්ත්වයක් තුල සිටය. එසේ නොවන අවස්ථාවකදී ඇද වැටීමට ඇති ඉඩ කඩ වැඩිවේ. විශේෂයෙන් වසර 2500 පැරණි සමාජයකට ප්‍රතිචාර දක්වනුයේ ඉතාම සෙමිනි. ඒ පිළිබද අවබෝධයක් ආණ්ඩුවේ පාර්ශව වලට තිබිය යුතු බව මාගේ හැගීමයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩි පිරිසක් 2020 මැතිවරණයේදී නැවත රාජපක්ෂවරුන්ගේ දෑත් ශක්තිමත් කිරීමට යන බව පිළිබද අවබෝදයක් එක්සත් ජාතික පක්ෂයට තිබිය යුතු අතර එතෙක් ආණ්ඩුව දුර්වල කිරීමට අවශ්‍ය සියලුම කටයුතු ඔවුන් විසින් සිදුකරමින් කටයුතු කරන බව අවබෝධ කරගත යුතු වේ. මෙතැන් සිට එළඹෙන යුගය වන්නේ ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය ගිහිලිහෙන යුගයයි. එහි ඡන්ද පදනම දැනටමත් ගිලිහී ඇති අතර එතුමන් විසින් ලබාගන්න ලද ඡන්ද ලක්ෂ 15 යහපාලනය වෙනුවෙ ඡන්දය ලබාදුන් පාවෙන ඡන්ද ලෙසද හැදින්විය හැක. එතුමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානතම ඉල්ලකය බවට එක්සත් ජාතික පක්ෂය පත්වූ බැවින් එමගින් අහිමි වූ ඡන්ද පදනම ලෙසද දැක්විය හැකිය.
කෑගල්ල හා ගම්පහ පසු ගිය මැතිවරණ වලදී එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ඡන්ද වලින් අහිමි වූ ඡන්ද වලට ආසන්න ප්‍රමාණයක් ජනාධිපතිතුමා ලබාගෙන ඇති බැවින් කිව හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන්ගේ සම්ප්‍රදායික ඡන්ද වෙනුවට ආණ්ඩුවෙන් කැඩී ගිය ඡන්ද ලබා ඇති බවයි. මෙය එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා කළ තත්ත්වයට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයකි. එබැවින් එකට ආණ්ඩු කරමින් අලුත් සතුරන්ට අලුත් ප්‍රහාර වටයක් දියත් කල යුතු වේ. එය ලංකාවට අලුත් අත්දැකීමක් වනු ඇත.
මේ සියල්ලම මැද මිලියන 23ක් ජනතාවට එදිනෙදා කටයුතු සදහා ආණ්ඩුකරණය කලයුතු අතර ණය ගෙවීම, ආර්ථිකය ගොඩනැගීම, අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම් ලබාදීම වැනි කටයුතු සිදුකල යුතු වේ. අවසාන වශයෙන් මට කිවහැක්කේ මෙයට සාර්ථකව මුහුණදීම මත 2020 ජයග්‍රහණය තීරණය වන බවයි. 2020 ජයගැනීමට සම්ප්‍රදායික දෙමල හා මුස්ලිම් ඡන්ද පදනම රැක ගතයුතු අතරම සිංහල ඡන්ද වලින් 50% ලබාගත යුතු වේ. එමෙන්ම වඩාත් වැදගත් දෙයනම් පක්ෂ අභ්‍යන්තරයේ කකුල් මාට්ටු දැමීම, කුමන්ත්‍රණය කිරීම අවසන් කල යුතු අතර එවැනි අය ජනතාවට හෙළිකල යුතු වේ. මෙම අමාරු කාලය අවසන් වන්නේ තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ගොඩ නැගුනු 2020 දීය. එතෙක් පක්ෂය කළමනාකරණය කරගැනීමත්, ජනතාව දිනාගැනීමත් කල හැකි, කල යුතු දෙයකි.
Kumara / February 25, 2018
We saw your analyse for Last local council election. What happened to your prediction? Please don’t write again. We don’t have time to read fairy tales.
/
dammika / February 26, 2018
අනේ තුෂාර නිකන් සුරංගනා කතා නොකියනු මැන මට .කකුළුවා කෙළියි මුට්ටියේ වතුර නටන කන් ,යාලුවා දැන්වත් ලොක්කව අන්දන්නෙ නැතුව ඉන්නවද ? ලංකාවේ බලයේ සිටියදී කැත විදිහට පැරදුනු එකම පක්ෂය ,දැන්වත් එහෙම පැරදුනේ ඇයි කියල තමුන් ඉන්න සදුළුතල වලින් බැහැල බලන්න තව ටික කාලයක් තියෙනවා බේරෙන්න .නැත්නම් තමුන්ලා යන්නේ අපිවත් වලේ වට්ටගෙන
/
max / February 26, 2018
Thushara, keep writing. Because, you are among many who contributes immensely to bring this good-for-nothing-govt down. Thanks.
/
Siyarata / February 28, 2018
හය හතර නොදන්න තුෂාරලා වගේ කොලු ගැට්ටෝ සූට් එකක් ගහගත්තාම හිතන්නේ සියල්ල දත්කියලා , රනිල් මාමා ව අන්දන්න එපා කොල්ලෝ පව් . පිනක් දහමක් කරගන්න දීලා සජිත් හාමුව ගේන්න දැන්
/