24 April, 2025

Blog

තරුණ නලින් සහ මහළු මාක්ස්

උපාලි ගජනායක

උපාලි ගජනායක

මහාචාර්ය නලින් ද සිල්වාගේ අවසන් සුසුම්පොද ඔහුගේ උදහසට ලක්වූ බටහිර රටක (ඇමෙරිකා එක්සත් ජනපදය) වාතලයට මුසුවිය. දුක්මුසු පුවතකි. ශ්‍රී ලංකාවේ ජන්මලාභය ලද විද්වත් බුද්ධිමතුන්ගේ නම් ලැයිස්තුවෙහි නලින්ගේ නාමය ඉහළින්ම සටහන් වනු නොඅනුමානය.

සරසවි විද්‍යාර්ථීන්ගෙන් ඔබ්බට ගොස් නලින් ඉන් බාහිර ලාංකික සමාජය හඳුනාගන්නේ 1980 දශකයේ පටන් යයි සඳහන් කළ හැකි තරම්ය. එහෙත් ඔහුගේ බුද්ධිමය මති මතාන්තර ශ්‍රී ලංකාවේ සරසවි තුළ, විශේෂයෙන්ම පේරාදෙණිය සරසවිය තුළ සංවාදයට ලක්වන්නට පටන්ගත්තේ ඔහු එක්සත් රාජධානියේ සසෙක්ස් සරසවියේ දී සිය ආචාර්ය උපාධිය නිමකොට ආපසු පැමිණ ගණිත විද්‍යා අංශයේ දේශකයකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භකරනු ලැබීමෙන් අනතුරුවය.

මහාචාර්ය නලින් ද සිල්වා

1970 දශකයේ දී නලින් පේරාදෙණිය සරසවියේ දේශපාලන සංවාදයට එක්වන්නේ මාක්ස්වාදය සිය සමාජ දේශපාලන දර්ශනය කර ගනිමිනි. එකල ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයකු වූ නලින් ද සිල්වා සිය දේශපාලන දහම ලෙස සලකන ලද්දේ ට්‍රොට්ස්කිවාදයයි.

අසූවේ දශකයේ පටන් නලින් ද සිල්වා නමැත්තකු ශ්‍රී ලාංකික සමාජය හඳුනාගන්නේ ඔහු විසින් පුවත්පත්වලට සපයන ලද විවිධ ලිපි රචනා මගිනි. අනතුරුව ඔහු විසින් පවත්වන ලද දේශන සහ ‘කාලය’ සඟරාව මගින් මෙන්ම මෑතදී අන්තර්ජාලය මගින්ද නලින් සාමන්‍ය ජනයා අතරටද පැමිණියේය.

අප වඩාත් ආකර්ෂණය වුනේ තරුණ නලින්ටයි.

තරුණ නලින් ද සිල්වා දැඩි මතධාරී මාක්ස්වාදියෙකි. ආගම් පිළිකෙව් කළ තරුණ මාක්ස්වාදියා ආගම විග්‍රහ කළේ සූරාකන්නන්ගේ අවියක් හැටියටය. ශ්‍රී ලංකාවේ ‘ධනපති’ දේශපාලකයන් ‘ජාතිය’ ඡන්ද උපයාගැනීමේ බිලීකොක්කක මට්ට්ටමින් පාවිච්චිකරන බවට ඔහු චෝදනා කළේය.

තරුණ නලින්ගේ දේශපාලන ජීවිතයේ එක්තරා කඩයිමක් වුනේ 1975 වසරේ පේරාදෙණිය සරසවියේ ‘බෞද්ධ සහෝදර සංගමය’ විසින් පවත්වන ලද එක්දින සම්මන්ත්‍රනයකි. එම සම්මන්ත්‍රණයේ ප්‍රධාන කථිකයන් දෙදෙනකු වුනේ මහාචාර්ය නලින් ද සිල්වා සහ මහාචාර්ය කඹුරුපිටියේ ආරියසේන හිමියන්ය.

සම්මන්ත්‍රණය පැවැත්වුණේ පේරාදෙණිය සරසවියේ කලාගාරය තුළයි.

‘ආගම සහ මාක්ස්වාදය’ යන තේමාව යටතේ අදහස් දැක්වූ මහාචාර්ය නලින් ද සිල්වා ආගම සම්බන්ධයෙන් වූ තම ස්ථාවරය පැහැදිළි කළේ ඒ සම්බන්ධයෙන් වූ මාක්ස්වාදී නිර්වචනය අනුව යමිනි. සමාජ සංවර්ධනයේ ඓතිහාසික අවධීන් ඓතිහාසික භෞතිකවාදය උපයෝගීකර ගනිමින් විශ්ලේෂණය කළ නලින් ද සිල්වා, ඉතිහාසයේ පන්ති සහිත සමාජක්‍රම බිහිවීමත් සමඟ පූජක පන්තීන් විසින් ආගම මහජනයා සූරාකෑමේ අවියක් කරගන්නා ආකාරය පැහැදිළි කළේය. නලින් ට අනුව ඉතිහාසයේ පන්ති විරහිත සමාජ අවධියක් විය. පොදු නිෂ්පාදන ක්‍රමයක් සහ පාරිභෝජන රටාවක් වූ එම සමාජ ක්‍රමයෙහි සූරාකන්නකු හෝ සූරාකෑමට ගොදුරුවන්නකු නොවුණි.එය ආගම් හෝ පූජක තන්ත්‍රයක් ද නොවූ සමාජ අවධියකි.

නලින් ගේ අදහස අභියෝගයට ලක්කරන ලද්දේ මහාචාර්ය කඹුරුපිටියේ අරියසේන හිමියන් විසිනි.

බුදුසමයේ පංති රහිත සමාජය

කාර්ල් මාක්ස් සහ එංගල්ස් පමණක් නොව තෝමස් හොබ්ස්, ජෝන් ලොක් සහ රූසෝ වැනි සමාජ සම්මුතිවාදීන්ටත් පෙර වසර දෙදහස් පන්සීයකටත් වැඩි අතීතයක පන්ති විරහිත සමාජයක් සම්බන්ධයෙන් පළමු දාර්ශනික විග්‍රහය ඉදිරිපත්කරන ලද්දේ බුදුන් වහන්සේ විසින්ය යන්න උන්වහන්සේගේ විග්‍රහය විය. රාජ්‍යය පිළිබඳ එම බෞද්ධ ඉගැන්වීම අරියසේන හිමියන් විසින් විස්තරකරන ලද්දේ දීඝනිකායේ අග්ගඥ්ඥ සූත්‍රය අනුව යමිනි.

කාර්ල් මාර්ක්ස්ට පෙර පන්ති විරහිත සමාජයක් පැවති බව බුදුන් පැහැදිළි කර ඇතැයි සඳහන් කළ අරියසේන හිමියෝ රාජ්‍යය බිහිවුනේ පොදු දේපොළ බුක්තිය උල්ලංඝනය කරමින් දේපොළ එක්රැස් කරනු ලැබීම සහ සොරකම- අපරාධ ආදිය සමාජගතවීමට විසඳුමක් වශයෙන් ‘මහා සම්මත’ පාලකයා පත්කරගනු ලැබීම සමඟ බව සඳහන් කළේ නලින්ට අභියෝග කරමිනි.

” කල්ප විනාශයෙන් අනතුරුව නැවත ලෝකයේ පහළවෙන ජීවීන් කල්යාමේ දී මිනිසුන් හැටියට ජීවත්වුණේ කුසගින්න ඇතිවන අවස්ථාවන්හි ස්වාභාවික පරිසරයට අයත් සම්පත් පොදුවේ බුක්ති විඳිමිනි.ආහාර අවශ්‍ය මොහොතේ ස්වභාවික ‘බත’’ බුක්ති විඳීමක් මිස ඒවා ගොඩගසා ගැනීමක් නොවුණි. එහෙත් අලස මිනිසකු එකවර දෙතුන් වේලකට අවශ්‍ය ආහාර ගොඩගසා ගැනීමත් සමඟ සෙසු අයත් තරඟකාරීව ස්වාභාවික ‘බත’ ගොඩගසා ගැනීම පෞද්ගලික වශයෙන් වැට කඩොලු ගසා ගනිමින් දේපොළ අයත්කර ගැනීමේ ආරම්භය සනිටුහන් කළේය.

“‘අපි කුඹුරු බෙදලා මායිම් දැම්මොත් හොඳයි.’ ඔවුහු යෝජනා කර ගත්හ.

“වාසෙට්ඨය, යම් අලසයෙක් තමාගේ කොටස රැකගෙන අනුන්ගේ කොටසක් සොරාගෙන කෑවේය.එවිට සෙසු මිනිස්සු එම පුද්ගලයා අල්ලාගෙන, ‘ඔබ කළේ නරක දෙයක්, ඔබේම කොටස ආරක්ෂා කර ගනිමින් ඔබ වෙනත් කෙනෙකුගේ කොටස අනුභව කළා. නැවත එවැනි දෙයක් නොකරන” ලෙස උපදෙස් දුන්හ.

නමුත් දෙවන වතාවටත්, තුන්වන වතාවටත් ඇතැමුන් එකම වරද , දිගටම කරගෙන ගිය හෙයින් මිනිස්සු ඔවුන්ට අතින් , ගල්වලින් , තවත් සමහරු පොලුමුගුරුවලින් පහර දුන්හ. සොරකම් කිරීම ද දොස් කීම ද බොරු කීම දඬුවම ආරම්භවුනේ එපරිද්දෙනි.

එපරිද්දෙන් සොරකම,අපරාධ සහ දඬුවම ආරම්භ වුනේ පෞද්ගලික දේපොළ ඇතිවීමත් සමගය . සමාජය එක්ව පොදු සම්මතයෙන් ‘මහා සම්මත’ පාලකයා පත්කරගන්නා ලද්දේ එවැනි සමාජයක් පාලනය සඳහාය.

(අග්ගඥ්ඥ සූත්‍රය)

අරියසේන හිමියන් බුදුසමය සහ මාක්ස්වාදය සම කරන ලද්දේ දර්ශනවාදයන් දෙකම රාජ්‍යයේ ප්‍රභවයට පෞද්ගලික දේපොළ ක්‍රමය හේතුවීය යන ආස්ථානයේ සිටින බව දක්වමිනි. අවාසනාවකට නලින් ඒ වනවිට එම බෞද්ධ සූත්‍රය ගැන දැන සිටියේ නැත. පළමු සංවාද සැසිය නිමාවේ කෙළින්ම සරසවි පුස්තකාලයට ගිය නලින් අග්ගඥ්ඥ සූත්‍රය කියවා සවස්වරුවේ සංවාදයට පැමිණියේ එහි පිටපතක් ද රැගෙනය.

සොරකම,වෙනත් අපරාධ හෝ දඬුවම නිසා රාජ්‍ය බිහිවීයැයි පැවසීම පටු විශ්ලේෂණයක් ලෙස විග්‍රහකළ නලින්, රාජ්‍යය බිහිවුනේ ‘අතිරික්ත නිෂ්පාදනයේ’ ප්‍රතිපලයක් නිසා බවට තර්ක කළේය. රාජ්‍යය යන්නට පර්යාය පදයක් හැටියට ‘අතිරික්ත නිෂ්පාදනය’ භාවිතාකළ හැකිබව ඔහු සඳහන් කළේ ඓතිහාසික භෞතිකවාදය පිළිබඳ මාක්ස්වාදී ඉගැන්වීම ගුරුකර ගනිමිනි.

සිය මාක්ස්වාදී ස්ථාවරය මත දිගටම පෙනී සිටි මහාචාර්ය නලින් ද සිල්වා, කඹුරුපිටියේ අරියසේන හිමියන් සමග දිගටම ගැටෙමින් ” ආගම සූරාකෑමේ අවියක් වන අතර භික්ෂූන් යනු සමාජය සූරාකමින් යැපෙන පරපුට්ටන් රැළක්” බවට අභියෝග කළේය.

ආගම සම්බන්ධයෙන් පමණක් නොව ‘ජාතිය’ සම්බන්ධයෙන් ද තරුණ නලින්ගේ දාර්ශනික දැක්ම මාක්ස්වාදී නිර්වචනය මත පදනම් විය.

1980 දශකයේ ආරම්භයේ දී නලින් කොළඹට සංක්‍රමණය වීමෙන් අනතුරුවත් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් දේශපාලන විසඳුමක අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටියේය. ලංකා සමසමාජ පක්ෂය දෙකඩවී නව සමසමාජ පක්ෂය ආරම්භ කිරීමේ දී එහි සමාරම්භක පුරෝගාමියකු වූ නලින් සිල්වා සිවිල් යුද්ධය උත්සන්නවෙමින් පැවැති වකවානුවේ එම පක්ෂයේ දේශපාලන මතවාදය නියෝජනය කළේය.

එවකට වෘත්තීය සමිති නායකයකු වූ ගුණසේන මහානාම විසින් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සාකච්ඡා කිරීම සඳහා කැඳවන ලද කීපදෙනෙකුගේ හමුවට ඔහු සහභාගී වුනේ මා සමඟය. එදා හමුවට එක්වූ සෙසු පුද්ගලයන් අතර දැනට මගේ මතකයේ රැඳී ඇත්තේ ඉන්දික ගුණවර්ධන සහ ආචාර්ය දයාන් ජයතිලක පමණි.

නලින්ගේ මතවාදී පිම්මක්

මාර්ක්ස්වාදී මතයක සිටි තරුණ නලින්ගේ ස්ථාවරයන් වෙනත් අතකට හැරෙන්නට දිගුකලක් අවශ්‍ය නොවුනි. ජාතික ප්‍රශ්නය සඳහා දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනීසිටි නලින් ‘දෙමළ වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්දැයි’ ප්‍රකාශකරන ලෙස අභියෝග කිරීම‍ට තරම් මතවාදී වෙනසක් කරා තල්ලුවී ගියේය. එලෙස සිදුවූ මතවාදී පරිවර්තනයේ වේගයෙන්ම නලින් එතෙක් වෛද්‍ය ගුණදාස අමරසේකර විසින් ආරම්භ කරනු ලැබ තිබුණ ‘ජාතික චින්තනය’ නම් මතවාදය සමාජගත කරනු ලැබීමේ ව්‍යායාමය සිය උරහිසට ගත්තේය.

මහාචාර්ය නලින් ද සිල්වා ආරම්භයේ දී මහාචාර්ය කඹුරුපිටියේ අරියසේන හිමියන් සමඟ මතවාදීමය වශයෙන් ගැටීමට මුල් වූ එක් කරුණක් වුනේ අරියසේන හිමියන් බෞද්ධ ඉගැන්වීම් මාක්ස්වාදයේ ඉගැන්වීම්වලට සමකිරීමට ගත් උත්සාහයට එරෙහිවය.ඔහු එය දුටුවේ එය ආගම රැකගැනීම සඳහා කරනු ලබන කූඨ උපායක් හැටියටය. එහෙත් දෙවනුව ඔහු ආරියසේන හිමියන්ට විරෝධය පළකලේ මාක්ස්වාදය වැනි ලෞකික මතවාදයක් බුදුසමය වැනි ශ්‍රේෂ්ට දර්ශනයකට සමපාත නොකරන ලෙස කියා සිටිමිනි. තරුණ නලින් සහ පසුකාලීන නලින් අතර වූ දර්ශනයේ ප්‍රතිවිරෝධය එවැනි විය.

එකී වෙනස්කම් සමඟ එම අවධිය වනවිට අප දෙදෙනා අතර පැවැති මතවාදී එකඟතා සියල්ල අවසන් වී තිබුණ අතර, අපි පුවත්පත් ලිපිමගින් වාදවිවාදවල පවා පැටළුනෙමු. එහෙත් එම මතවාදීමය ගැටුම අපේ හිතවත් කමට කිසිදු බාධාවක් නොවූ අතර, එකිනෙකාට ගරුකරනු ලැබීමේ අප අතර වූ චර්යාව නොබිඳී පැවතුණි.

නලින් ගේ වෙනස සම්බන්ධයෙන් පසුකාලයෙහි අදහස් දැක්වූ මහාචාර්ය ආරියසේන හිමියන් ”කාර්ල්මාක්ස් පවා වෘද්ධවියේදී ආගම ගැන උනන්දු වූ” බවත්, තමා නලින්ගේ වෙනසත් තේරුම්ගන්නේ එවැනි වෙනසක් හැටියට බවත් සඳහන් කළේ මාක්ස්වාදීන් සමඟ තවත් විවාදයක පැටලෙමිනි. උන්වහන්සේ එම විග්‍රහයට පාදක කරගත් තොරතුරු ඇතුළත් කරමින් ‘බුදුසමය සහ මාක්ස්වාදය” යනුවෙන් පොතක් රචනා කරනු ලැබ ඇත. මාක්ස්වාදය සම්බන්ධයෙන් ආරියසේන හිමියන් විසින් කරනු ලබන එකී විග්‍රහයන් සිය ලිපියක් මගින් අභියෝගයට ලක්කරන මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි එකී විග්‍රහය බැහැර කරන ලද්දේ ”හරකාට හොඬවැලක් සවිකරනු ලැබීමෙන් හරකා අලියකු බවට පත්නොවන” බව පවසමිනි.

”ඔබ බෞද්ධයකු කරන ලද්දේ ආරියසේන හිමියන් විසින්” දුරකථන සංවාදයක දී පසුකලෙක මම මහාචාර්ය නලින් ද සිල්වාට යෝජනා කළෙමි.

”නැහැ! මම බෞද්ධයකු කළේ උන්වහන්සේ නොවෙයි. මම බෞද්ධයෙක්වයි උපන්නෙ. එකක් පිළිගන්නවා.මට උන්වහන්සේ යම්කිසි දෙයක් පැහැදිළි කළා”

”මතවාදයන් වෙනස්කරනු ලැබීම මිනිසකු සති අයිතියක්” ඔහු කියා සිටියේය.

අප දෙදෙනා එකම වේදිකාවක පෙනීසිටි අවසන් අවස්ථාව රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භකරනු ලැබීමට එරෙහිව වෛද්‍ය ශිෂ්‍යයන් විසින් සංවිධානය කරන ලද රැස්වීම් මාලාවයි. රත්නපුර නගරශාලාවේ පැවති රැස්වීමේ දී ඔහු මගෙන් සමුගත් මොහොත අදත් සිහිපත්වෙයි.

මෙවැන්නක් ලිවීම සඳහා මා යොමුකරන ලද්දේ නලින්ට අදාළ ඉහත සඳහන් කළ ඉතිහාසය කොතැනක හෝ සටහන්වී තිබීමේ යම්කිසි වැදගත්කමක් පෙනෙන හෙයිනි.( මෙය නලින්ගේ ‘ජාතික චින්තනය’ සාකච්ඡාවට ගැනීමක් නොවේ.)

මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සමාජයට බිහිවූ දුර්ලභ බුද්ධි මහිමයකින් හෙබි පුරුෂයෙකි. මතවාදී සංවාදයන් පොහොසත්වන්නේ නලින් වැනි මිනිසුන්ගේ සහභාගිත්වයෙනි.

Latest comments

  • 3
    0

    “…..මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සමාජයට බිහිවූ දුර්ලභ බුද්ධි මහිමයකින් හෙබි පුරුෂයෙකි. මතවාදී සංවාදයන් පොහොසත්වන්නේ නලින් වැනි මිනිසුන්ගේ සහභාගිත්වයෙනි…..

    හිනා…උපාලි, හොඳටම හිනා……!!!

    ඔබම ලියා ඇති පරිදි වයසත් සමග කාලයාගේ කුණු බක්කියට විසි වූ නලින් ගේ කටුසු මතවාදයන් වලින් අපේ සමාජය පොහොසත් වී නම් කැස්බෑවන් හැමදාම විය සිදුරෙන් රිංගනවා අත් දුටුයි, ප්‍රත්‍යක්ෂයි. හැබැයි ඇත්තටම සිද්ධ උනේ ඉතිහාසය පුරාම අපේ රටේ තිබුන ජාතිවාදය නම් පිදුරු ගොන්නට නලින්ලා ගුනදාසලා බූලි පිටින් පැට්‍රල් වක් කරපු එකයි, රට මේ විදියට වල පල්ලට යන්ට විශාල ‘මෙහෙයක්’ කරපු එකයි. කැම්පස් එකේ ඉද්දී අපි ඔක්කොම හැම අවුරුද්දෙම තොග පිටින් මතවාදී සංවාදයන් නවකයන්ට වික්කානේ. තරුණ අවදියේ ඔය හැමෝම මක්ස්වාදියෝනේ? ඒ කාලේ කරපු මතවාද වලින් නාකි උනහම කරන පිස්සු ඔක්කොම වහන්ට පුළුවනි නම් ඔය ජේ ආර් ජයවර්ධනත් “.. දුර්ලභ බුද්ධි මහිමයකින් හෙබි පුරුෂයෙකි…” මොකද එයාත් තරුණ කාලේ මාක්ස්වාදියෙක් කියල කියනවනේ! ……Contd….

  • 3
    0

    …contd..වියපත් වන විට උගතුන් තම ප්‍රඥාව මුවහත් කරන්නේ අංශක 360 ක් ආ පස්සට කැරකිලා නොවෙයි. ගැටවර හා තරුණ අවදියේදී උත්පාදනය කර ගන්නා යහපත් සදාචාරාත්මක ගුණයන් හා අචාර ධර්මයන් තම ජීවන දර්ශනයන් බවට හරවා ගෙන ඊට අනුකූලව අන් අයත් ආදර්ශමත් විදියට පෙළ ගස්වා ගෙන සැඳා කලදී නික්ම යාමයි. නලින් කලේ මොකද්ද? ඉතා නිවැරදි විදියට “ඉතිහාසයේ පන්ති සහිත සමාජක්‍රම බිහිවීමත් සමඟ පූජක පන්තීන් විසින් ආගම මහජනයා සූරාකෑමේ අවියක් කරගන්නා ආකාරය” ජනතාවට පැහැදිළි කරපු ඔහු වයසට ගියාම කලේ සමාජයක් ගෝත්‍රික පූජකයන් ගෙන් මුදවා ගැන්මට සටන් කරනු වෙනුවට අශික්කිත, මජර, විනාශකාරී ජාතිවාදය සමස්ත සමාජය පුරහම වැපිරීමයි! ඒ මජර ක්‍රමය හැමදාම තම බඩ ගොස්තරය කර ගත් ගුනදාසලා, ඇල්ලේ ගුණවංශ ලා, වීරවංශලා යනාදිය ගේ නාරා වළ ඇතුලට බලෙන්ම පැනීමයි.

    සංක්ෂිප්තයෙන් කියනවා නම් නලින් ද සිල්වා යනු තමන් ඉන්නේ කොහෙද යන්නේ කොහෙද කියල තමන්ට වත් හිතා ගන්ට බැරුව ගිය පුස් වෙඩිල්ලක් විතරයි. මේවා හැමදාම ලංකාවේ පත්තු වෙන්නේ අපේ රටේම මිනිසුන්ගේ දැඩි අවාසනාවටයි! දශක ගණනාවක් ම බටහිර සමාජයට උදේ හවස කෙළවරක් නැතුව බැට දීපු නලින්, අනේ….බෙහෙත් ගන්ට ගිහිල්ල තියෙන්නෙත් බටහිරටමයි! ලංකා දේශපාලන භූමියේ අපි දකින මේ වගේ වංක චරිත හැමදාම කලේ අර නිව්ටන් ගුණසිංහ කිව්ව ජහ මනයාව නොම්මර එකට රවටපු එක විතරයි.

    • 3
      0

      Dear Jit,
      .
      Myths, Sinhala-racism, Sinhala accent, Sinhala radicalism, Sinhala-mania have convinced their nation that they are more powerful than they appear. If those wearing the titles of professors and doctors do so, gullible and foolish majority people absorb it as if it is not a mistake to do so.
      Nalin de Silva may have been a brilliant mathematician, but his primitive stupidity led the “Sinhalese Buddhist” astray as nothing could reverse them.
      Sometime before 2015, I experienced it online, how much people believed Professor Nalin de Silva. The influence of falsehoods as truths was really high and helped to spread “mediocrity generated by MEDAMULANA rascals” like wildfire in our motherland. I wonder why on earth JVP could not stand up against it, at that time?
      .
      Self-delusion is embellished by the place Sinhala society has given to Sinhala Buddhism. Head shaved uncles never thought its long term impact. Alle Baluwansa acted going beyond the level of rascal Weerawanse.
      ..
      It makes people blind day by day. Not only the educated, but also the ignorant people follow it. During that Covid crisis, we knew how some, including prominent politicians, were misled by ” self-mixed decoction prepared and sold by mentally ill people”.
      .
      A few days ago, Mahendra Rajaksha was loitering in a Tamil temple with superstitious eyes.
      https://www.youtube.com/watch?v=T0TACeG6B2k

      • 3
        0

        මිථ්‍යාවන්, සිංහල ජාතිවාදය, සිංහල උච්චාරණය, සිංහල රැඩිකල්වාදය, සිංහල උන්මාදය, තමන් පෙනී සිටිනවාට වඩා බලවත් බව ඔවුන්ගේ ජාතියට ඒත්තු ගන්වා ඇත. මහාචාර්‍ය, වෛද්‍ය පදවි දාගෙන ඉන්න අය එහෙම කරනවා නම්, රැවටිලිකාර මෝඩ බහුතරයක් මිනිස්සු ඒක උකහා ගන්නේ ඒක වරදක් නෙවෙයි වගේ.
        නලින් ද සිල්වා දක්‍ෂ ගණිතඥයකු විය හැකි නමුත් ඔහුගේ ප්‍රාථමික මෝඩකම නිසා “සිංහල බෞද්ධයා” කිසිවකට ආපසු හැරවිය නොහැකි නිසා ඔවුන් නොමඟ යැවීය.
        2015 ට කලින්, මම එය අන්තර්ජාලයෙන් අත්දැක ඇත්තෙමි, මහාචාර්ය නලින් ද සිල්වා මිනිසුන් කොතරම් විශ්වාස කළාද යන්න. අසත්‍යය සත්‍ය ලෙසින් එල්ල වූ බලපෑම ඇත්තෙන්ම ඉහළ වූ අතර “මැදමුලන රස්තියාදුකාරයන් විසින් ජනනය කරන ලද මධ්‍යස්ථභාවය” අප මාතෘභූමිය තුළ ලැව් ගින්නක් මෙන් පැතිරවීමට ඉවහල් විය. මට පුදුමයි ඇයි දෙයියනේ JVP එකට ඒකට විරුද්ධව නැඟිටින්න බැරි වුණේ, එතකොට?
        .
        සිංහල සමාජය විසින් සිංහල බෞද්ධාගමට ලබා දී ඇති තැන ස්වයං මායාව අලංකාර කරයි. හිස මුඩු කළ මාමලා කිසි විටෙකත් එහි දිගුකාලීන බලපෑම ගැන සිතුවේ නැත. රස්තියාදුකාර වීරවංශගේ මට්ටමෙන් ඔබ්බට යමින් ඇල්ලේ බලවංශ ක්‍රියා කළේය.
        ..
        එය මිනිසුන් දිනෙන් දින අන්ධ කරයි. උගතුන් පමණක් නොව නූගත් මිනිසුන් ද එය අනුගමනය කරති. එම කොවිඩ් අර්බුදය අතරතුර, “මානසික රෝගීන් විසින් ස්වයං මිශ්‍ර කසාය සකස් කර විකුණනු ලැබේ” ප්‍රකට දේශපාලනඥයන් ඇතුළු ඇතැමුන් නොමඟ යවන ආකාරය අපි දැන සිටියෙමු.
        .
        මීට දින කිහිපයකට පෙර මහේන්ද්‍ර රාජක්‍ෂ දමිළ කෝවිලක මිථ්‍යාදෘෂ්ටික ඇස් ඇතිව සැරිසරමින් සිටියේය. මේ විදියට මිත්‍යාවන් හා මන්ත්‍ර ගුරුකම් ප්‍රවර්ධනය කිරීමෙන් බොහෝ මිනිසුන් එම අදෘශ්‍යමාන බලවේග සමඟ එල්ලී පසුව එය සංස්කෘතිය ලෙස හඳුන්වයි. මේ මට්ටම 80 ගණන්වල තිබුණේ නැහැ. සමාජය යම් ප්‍රගතියක් අල්ලා ගත්තොත් මේ මිනිසුන්ගේ බැඳීම් නැති වෙනවා, නමුත් අද අපේ මාතෘ භූමියේ නාගරික ප්‍රදේශවල පවා එය වැඩිවෙලා.

  • 3
    0

    මෙම මාතෘකාව පිළිබඳ ඔහුගේ comments සමඟ මම මගේ සහෝදරයා වන JIT සමඟ සම්පූර්ණයෙන්ම එකඟ වෙමි.

    වැඩි කල් නොගොස් මියන්මාරයේ තානාපතිවරයා ලෙස එන්.ඩී.එස් hitiya. නමුත් ඒ කාලය තුළ අපට ඔහුගෙන් කිසිවක් අසන්නට ලැබුණේ නැත, මන්ද ඔහු එම තනතුරෙන් පීඩා විඳිමින්, මානව හිමිකම් උල්ලංඝනයන් වැඩි රටක හුදකලා වූ බැවිනි. මේ පුද්ගලයා හෘද රෝගියෙකු බව මම දැන සිටියත්, ඒ සමඟම ඔහු “බටහිර වෛද්‍ය විද්‍යාව” විවේචනය කළේය: කෙසේ වෙතත්, ඔහුගේ හෘද සැත්කම් කළේ ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍යවරුන් නොව බටහිර වෛද්‍යවරුන් / ශල්‍ය වෛද්‍යවරුන් විසිනි as I heard somewhere else.. බටහිර වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ඔහුගේ එම මතය පමණක් ඔහුගේ ප්‍රසිද්ධ කතාවලින් කී දෙනෙක් නොමඟ යවන්න ඇත්දැයි බලන්න. මේ මොහොතේ, අපට බටහිර වෛද්‍ය විද්‍යාවට පමණක් සීමා විය නොහැක, එබැවින් යුරෝපීයයන් ඒකාබද්ධ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරයි.
    :
    ඔහුගේ ප්‍රසිද්ධ කතාවලින් බොහෝ විට මට කරදරයක් වූයේ සිංහල ජාතිය වන අප ලෝකයේ අනෙක් ජාතීන්ට වඩා අතිශයෝක්තියෙන් උසස් යැයි ඔහු සිතීමයි.

    ඔහුගේ සීමිත දැනුම ඔහුට සුවපහසු ලෙස ගමන් කළ හැකි තැනක තැබීය. ඔහු එම පර්යේෂණ කණ්ඩායමේ ආචාර්ය උපාධිය සඳහා වැඩ කළ බව පවසන සසෙක්ස් විශ්ව විද්‍යාලයේ, ඔහු එතැන් සිට “සම්පූර්ණයෙන්ම බටහිර විරෝධී ස්ථාවරයන් ගොඩනගා ගැනීම සඳහා සියලු ආකාරයේ අනපේක්ෂිත දේවල් හරහා” ගොස් ඇත

  • 3
    0

    හිතවත් LM, ඔබ කියන කාරණා වලට සම්පූර්ණයෙන්ම එකඟයි! ඉතාම විපරිත නලින් ගේ දෙබිඩි චරිතය ගැන ඔය ඊනියා සිංහල බෞද්ධයන් කීයෙන් කී දෙනාද දන්නේ? ප්‍රාථමිකයේ ඉඳන් ආචාර්ය උපාධිය දක්වාම ඉගෙන ගත්තේ බටහිරින් ආව අධ්‍යාපන ක්‍රමය තුල නොවෙයිද? නැත්නම් එයා පන්සලකට වෙලා වැලිපිල්ලේ ලියමින් පාලි සංස්කෘතික අකුරු ඉගෙන ගෙන බෞද්ධ සංස්කෘතිය උපාධියක්ද ගත්තද…නෑනේ? තරුණ කාලේ තම එකම පරමාදර්ශය කර ගත් මාක්ස්වාදයත් ආවේ බටහිරින්. රස්සාව කලෙත්, වැටුප් ගත්තෙත්, වෙන හැම දෙයක්ම කලෙත් බටහිරින් ඉගෙන ගත්ත දැනුමයි උපාධියටයි පිං සිද්ද වෙන්ට. අන්තිමට වෛද්‍ය සේවාවන් ගත්තෙත් වෙදදුරන්ගෙන් හෝ හෙළ ඔසු වලින් නොවෙයි බටහිර දොස්තරලාගේ western allopathy ක්‍රමයෙනුයි. ඒ ඔක්කොමටත් වඩා කරපු ලොකුම හානිය නම් ගෞතම බුදුන් කිසිසේත් අනුමත නොකළ ජාති භේදය හසරක් නොතේරෙන බොහෝ මෝඩ සිංහලයන්ට අමු අමුවේම ගිල්වීමයි! ජාතීන් තුන එකට එකතු වී ඉදිරියට යාම නොවෙයි සිංහලයන්ගේ සිත් තුලට ඉතා විනාශකාරී ‘ජාතික චින්තන’ විෂ පෙවීමයි කලේ! ඊට අමතරව අචාර්ය උපාධිධරයකු කිසිසේත්ම නොකළ යුතු දුෂ්ට වැඩත් කළා. එක උදාහරණයක් මෙන්න: 88/89 ජවිපෙ භීෂණ කාලයේ පේරාදෙණිය බාබර් සාප්පු දොරක් වූ අවධියේදී මම අවුරුද්දක් ඉන් ඉවත් වී කොළඹ බැංකුවක වැඩ කළා. මා නැවතී හිටිය නිවසේ වැඩිමහල්ම දරුවා හිටියේ කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ දෙවන වසරේ. ඔහු මට නිතරම කීවේ නලින් ගේ ජාතික චින්තනය පංති වලට ගියේ නැත්නම් ගණිත විෂය කරලා හමාරයි, හැබැයි ගියොත් B ++ කියලයි. ඒ කතාව මම තවත් අයගෙන් අහල තියෙනවා. මෙවැනි ඉතා පහත් දේවලිනුයි නලින්ගේ චරිතය පිරිලා තිබුනේ. මේවා පන්ති භේදයට විරුද්ධ වූ කාල් මාක්ස් මතවාදයට හෝ ජාති භේදය ඉඳුරා පිළිකෙව් කල ගෞතම බුදුන්ගේ දෙසුම් වලට අනුකූලද?? නලින් ගැන තව ලියන්ට ගියොත් CT එකේ පිටු නාස්ති එකයි වෙන්නේ, නවතිමි!

    • 1
      0

      ශ්‍රී ලංකාව අපරාධකරුවන්ගේ දේශයකි. එය අපරාධකරුවන්ගේ පාරාදීසයකි.
      https://www.youtube.com/watch?v=B8tzf85LgG8
      .
      එම තරුණයා BIA හි කෑගැසීමට හේතු වූ සියල්ල සිදු නොවිය යුතුව තිබූ බව මේ වන විට හෙළිවෙමින් තිබේ.

      මම ලංකාවේ විශ්වවිද්‍යාලයක ගත කළේ අවුරුදු 2ක් පමණයි, මම දැනගෙන හිටියා කැම්පස් එකේ තරුණයන් ක්‍රියා කරන හැටි. මීට වසර 30කට පෙරත් නීතිය හා සාමය තිබුණේ නැහැ.

      සංචාරක පැමිණීම් අනතුරේ හෙළීමට සැඟවුණු බලවේග විසින් උසිගන්වන ලද වෙරළ තීරයේ පිරිමි ළමයෙකු මෙන් ඔහු දිස් විය. ඔහුට තම හැඟීම් පාලනය කරගත නොහැකි නම්, දොස් පැවරීම සාමාන්‍ය දෙයක් වන්නේ කෙසේද?
      මම රජයට හෝ කිසිවකුට සහාය නොදක්වමි, නමුත් LIFELINE විකල්පයක් නොමැති තත්වයක් තුළ, ඔවුන් අපව දමා ඇති වළෙන් අපව ගොඩ ගැනීමට අතරමැදියන්ට මිනිසුන් සහාය දිය යුතුය.

  • 1
    0

    https://www.youtube.com/watch?v=jJF5DnsXNX4

    This BEAST was really dangerous than appeared to be.
    I mean there are lot of boomers of this nature that did lot more harm to this nation that Praba and Wijeweera together.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.