
උවිඳු කුරුකුලසූරිය
මට ඇත්තේ කළමනාකරණය, ජාත්‍යන්තර වෙළඳාම, දේශපාලනය, ජාත්‍යන්තර මානව දයාවාදී නීතිය, ජනමාධ්‍ය වැනි විෂයන් ගැන යම් යම් පරාසවල යම් දැනීමකි. තවමත් මම ඒවායේ සිසුවෙකි. මා මේ අනුරට ඡන්දය දෙන්න යැයි කියන්නේ මගේ ඒ දැනුම සමඟ ඔහු සමඟ පුද්ගලික ඇසුරට වැටුන/ ඇසුරු කළ පසුගිය වසර 16ක අත්දැකීම් ඇසුරෙනි. වසර තිස් ගණනකට පෙර අප දෙදෙනා විශ්ව විද්‍යාල කාළයේ ප්‍රතිවිරුද්ධ කඳවරු නියෝජනය කළ වුන් බව නොදන්නා කිසිවෙක් අද වෙනකොට ඇතැයි සිතිය නොහැක. එහෙත් “මම ඇයි අනුරට” කියා මෙසේ පැහැදිලි කිරීමට කැමැත්තෙමි.
“අර්බුදකාරී යුගයක අපි ජීවත් වන්නෙමු” යන්න නිතර කණට ඇසෙන කියමනකි. මෙතරම් අර්බුද තිබියදීත් බලයත් ආධිපත්‍යයත් ඇති අය අප ජීවත්වන ලෝකය වෙනස් කිරීමට ඉඩ නොදෙන්නේ මන්ද? පවතින තත්ත්වය ආරක්‍ෂා කරගත යුතුය යන මතය දරන අය තමන්ගේ බලය අත්හැර සිටීම පිණිස, බලාපොරොත්තු කඩවූවන් මෙන්, තමන් වටා වූ රැකවරණ තර කරති. සමාජයේ වෙනස්කම් සහ පරිවර්තන අපේක්‍ෂා කරන බලවේග තමන් බැඳ තිබෙන විලංගු ගැන සහ ඒවායින් ගැලවීමට ඇති අවශ්‍යතාවය අවබෝධ කරගෙන සිටිති. ඔවූහු පවතින තත්ත්වය ආරක්‍ෂා කරන්නවුන්ගේ වර්ධනය වන මර්ධනයෙන් ගැලවීමට මාර්ග සොයති. මේ දෙපාර්ශයවයේ සම්බන්ධතාවය විභාග කර බැලුවොහොත්, අනුර ඇතුලු ජාතික ජන බලවේගයේ සීඝ්‍ර වර්ධනයට හේතුව සොයා ගැනීම පහසු වනු ඇත. පවතින තත්ත්වය ආරක්‍ෂා කරන සහ වෙනස්වීම අපේක්‍ෂා කරන බලවේගයන් අතර සටන එම හේතුවයි.
ඉතිහාසයේ අස්ථිර කාලපරිච්ඡේදයන් ඇති වන්නේ, යතාර්ථයේ ව්‍යුහය මූලික වෙනස් වීම්වලට භාජනය වීම හේතු කොටගෙනය. රනිල් වික්‍රමසිංහ නම් රාජපක්‍ෂ පවුලේ ආරක්‍ෂාව සඳහාම පවුලේ කැමැත්ත මත පත්කරගත් පිං ජනාධිපතිවරයා ආර්ථිකයේ ගැලවුම්කරුවා ලෙසත්, ජාත්‍යාන්තර සබඳාතා ඇත්තේ ඔහුට පමණක් බවටත් පුරසරාම් ගසමින් සිටී. [නමුත් ඇත්ත නම්, අරගලය අභිමුඛව පලාගිය රාජපක්‍ෂවරුන්ගේ පවුලේ තේරීම වූයේ ඔහු බව, එරාජ් වීරාරත්න නම් යූටියුබ්කරුවා සමඟ තවත් ජනාධිපති අපේක්‍ෂකයෙකු වූ නාමල් රාජපක්‍ෂ මීට වසර එකහමාරකට පෙර කී දේ අන්තර්ජාලයේ ඇති බවය. එය බොහෝදෙනා අමතක කරන ලද කරුණකි.]
ක්‍රියාත්මකව ඇති බලවේග මොනවාද, අලුතෙන් මතු වූ සහ මතුවෙමින් පවතින බලවේග මොනවාද, මේවා අනාගතය හැඩ ගැස්වීමට බලපාන්නේ කෙසේද? මේවා ගැන නැවත නැවත පසු ගිය අවුරුදු 15ක පමණ කාලයක් බැරෑරුම් ලෙස පොර බදපු නව චින්තනයක් සහිත නායකත්වය තමා අනුර ඇතුලු ඒ NPP නායකත්වය.
දැන් ඒ ගැන විස්තර කිරීම තිබියදී යථා තත්ත්වය අවබෝධ කර ගැනීමට බලමු. එහෙත් එසේ කිරීමට මාර්ගයකුත් නොමැත. උත්සාහ කර බැලීමටවත් පැහැදිලි මගපෙන්වීමක්, ගාම්භීර න්‍යායක් නොමැති ලෙසට න්‍යායික රාමුවල පිරිහීමක් ඇතිව තිබේ. අතිශයින් නිවටවූ අටුවාචාර්යවරයින් අතර හැර, අනෙකුත් සියල්ලන් අතර ආත්ම විශ්වාසය පැහැදිලි ලෙස බිඳ වැටී තිබේ. මෙම පවතින අස්ථිරතාවය නිසා අවිශ්වාසකමත්, ව්‍යාකූලත්වයත්, අප්‍රසන්නතාවයත්, බලාපොරොත්තු කඩ වීමත් හටගෙන තිබේ.
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායකත් මාත් අතර පසුගිය වසර 16 තුල පුද්ගලිකව ඇතිවූ සංවාද වල හරය පැවතියේ මා විසින් යට කී කරුණු මුල් කරගෙනය. එනම් පැවති න්‍යායාන් හි අස්ථිරභාවය මුල්කොට ගෙනය.
ඔහු හොඳ ඇහුන්කන් දෙන්නෙකි.
වසර ගනනක බොහෝ අයට සවන් දීමෙන් පසු, ඔහු එම පක්‍ෂයේ නායකත්වයට පසු දින සිට ඔහුගේ පක්‍ෂය දරා සිටි පැරණි මතවාදයන් වෙනස් කිරීම සඳහා මහත් ප්‍රයත්නයක් දැරීය.
ඔහු ඇත්ත වශයෙන්ම සාර්ථක විය. මහා විශාල පරිවර්තනයක් ලංකා සමාජයේ කිරීමට ඔහු ඇතුලු ඒ දේශපාලන නායකයින් සමත් විය.
දැන් ඇත්තේ එය යතාර්ථයක් බවට පත්කර ගැනීමයි.
1. අනුර මනෝ කල්පිත රාජ්‍යයක් පිළිබඳ ඉදිරි දර්ශණයක් ඉදිරිපත් කිරීමෙන් වැළකුනි.
2. පන්ති නොමැති සමාජයක් අපි කිසි දිනෙකවත් පිහිටුවනු ඇතැයි මා මෙන්ම අනුරත් විශ්වාස නොකරයි.
3. සිවිල් සමාජයේ ගැටීම් නැතුව යනු ඇතැයිද, අරගල, සහසික ක්‍රියා සහ යුද්ධ ඇති නොවනු ඇතැයි අනුර විශ්වාස නොකරයි.
4. ජනතාව කෙරෙහි විචිත්‍ර විශ්වාසයක් අනුරට නැත. වෙනත් වචනයකින් කියන්නේ නම් පුද්ගලයින් බලපෑම්වලට, දූෂණයට සහ පරිභෝජන ආර්ථිකයට විවෘත වූවෝ බව අනුර දනී.
5. මේ යුගයේ දී කිසිවෙකුට කිසිවක් සැඟවිය නොහැකි තරම් විවෘත සමාජයක් (Open society) වෙත අප ගමන් කරමින් සිටින බව ඔහු තේරුම් ගෙන සිටී සහ ඒ විවෘතභාවය පුද්ගල නීතී සමඟ බද්ධ කලයුතු බව ඔහු සිතයි.
6. මහජනයා ලෙසින් හඳුන්වන විවිධත්වයෙන් යුතු සමාජය ඛණ්ඩනය කරමින් ඒ එක් එක් සමාජ කොටස් සහ ඒ ඒ අයට ඇති සහ අනගාතයේ මුහුණ දීමට සිදුවන ප්‍රශ්න ගැන දිගින් දිගටම හදාරමින් සිටී.
7. දේශපාලන සහ ඒවට අනුව, ඇතිවන තත්ත්වයන් තුල අවස්ථානෝචිත ක්‍රියාමාර්ග (contingency approach) ගත යුතු බව ඔහු තේරුම් ගෙන තිබේ.
8. දේශපාලනමය සහ බුද්ධිමය වශයෙන් අපි ක්‍රියා කළ යුත්තේ සියලු දෙනාටම ශිෂ්ටාචාර ලෙස/ශිෂ්ට සම්පන්න ලෙස ජීවත්වීමට අවශ්‍ය අවම කොන්දේසි ඇති කිරීමට බව අනුර හොඳින් තේරුම් ගෙන තිබේ. එහිදී සූරා කෑම නැමති පැරණි සූත්‍රගත කිරීමෙන් හැඳින්වූ ප්‍රපංචය අහෝසි නොවන බව අනුර දනී. නමුත් එය පාලනය කළ හැකි බව ඔහු දනී.
9. මේ කර්තව්‍යයේදී ස්ත්‍රී, පුරුෂ සහ අනෙකුත් ලිංගිකත්වයන් ඇති අයෙගේ, සමාජයේ ආබාධිත තත්ත්වයෙන් පසුවන අයගේ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සහ දරුවන්ගේ ශක්තීන්, දුර්වලතාවයන්, හා ඔවුනට ඇති අවස්ථාවන් සහ තර්ජනයන් පිළිබඳ මනා අවබෝධයක් අනුරට ඇත.
10. මේ පසුගිය වසර 16ක කාළය තුල මා ඔහු සමඟ කරන ලද සංවාද වලින් ඔහු පිළිබඳව අවබෝධ කරගත් දේය. ඔහු ඕනෑම කෙනෙකුගෙන් ඔහු නොදන්නා දෙයක් ඉඟෙන ගැනීමට සහ ඕනෑම කෙනෙකුට ඇහුන්කම් දීමට සූදානම් කෙනෙකි. නිහතමානී කෙනෙකි.
ලංකාවේ මහා වැඩකරුවන් යයි සිතා සිටින අයට වඩා සිය ගනනක ලංකාව ඇතුලේද විදේශයන්හි ජීවත්වන සෑම ක්‍ෂේත්‍රයකම විශේෂඥයින් ඔහු විසින්, ඔහුව අතහැර නොයන මිතුරන් බවට පත්කරගෙන ඇත. එයම ඔහුගේ සාර්ථකත්වයි.
අනුර මෙතෙක් ලංකාව බිහිකල නිරහංකාරම, කිසි දිනෙක උද්ධච්ඡයෙක් බවට පත් නොවන්නෙකු බව මගේ විශ්වාසයි.
බය නැතුව 21 අනුරට ඡන්දය දෙන්න!