20 April, 2024

Blog

රාවය පාඨකයන් සහ රාවයට ආදරය කරන පොදු ජනතාව වෙත කෙරෙන ඉල්ලීමයි

රාවයේ අයිතිය වෙනස් වීමක් ගැන පසු ගිය සති කිහිපයක කාලයේ පළවූ විවිධ ප‍්‍රවෘත්ති ඇතැම් විට අතිශයෝක්තියට නැගුණු අතර ඒ නිසාම නොමග යවන සුළු ගතියක් කියාපෑවේය.

වසර විසි පහකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ සමාජ-දේශපාලනික කතිකාව තුළ විකල්ප සළකුණක් තැබූ එකම පුවත්පත රාවය බව අපේ විශ්වාසයයි. එම කතිකාව, වෙන කවරදාටත් වඩා, අදටත් මින් මත්තටත්, මේ රටට අවශ්‍ය කරන්නේය. එය, වර්තමාන තත්වයන් තුළ තබා සැලකිල්ලට ගන්නේ නම්, රාවයට ආදරය කරන සියල්ලන්ගේ පරිශ‍්‍රමය සක‍්‍රීය ආකාරයකින් අවශ්‍ය කෙරෙන විශාල අභියෝගයකි.

එම අභියෝගය ජය ගැනීම සඳහා රාවයේ වර්තමාන ආර්ථික සහ මූල්‍යමය පදනම වර්ධනය කොට ශක්තිමත් කිරීම අනිවාර්ය කෙරී ඇත. ඒ සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 20 ක මුදලක් මේ අවස්ථාවේ දී අවශ්‍ය කෙරේ. එම තත්වය තුළ, රාවය මෙතෙක් පවත්වාගෙන ආ ස්වාධීන අනන්‍යතාව මතුවටත් රැකෙන ආකාරයෙන්, රාවයේ අයිතියෙන් කොටසක් එහි පාඨකයන්ගේ සහ රාවයේ අනාගත අභිවෘද්ධිය පතන ස්වාධීන සමාජ කොටස් වෙත විවෘත කිරීමට රාවයේ පාලනාධිකාරිය එකඟත්වය පළ කොට තිබීම අපේ සතුටට කාරණයකි.

දැන් පැමිණ ඇත්තේ, ඉහත සඳහන් මුදල සම්පාදනය කර දීමෙන් රාවයේ ආර්ථික ස්ථායී භාවය සුරැකීමේ ඔබේ වාරයයි. එහි දී, රාවය හරහා මෙතෙක් ගොඩනැගූ විකල්ප කතිකාව මතුවටත් නඩත්තු කරන පාර්ශ්වකරුවන් බවට ඔබ පත්විය යුතු යැයි අපි සිතමු.

එය, රුපියල් 1000 ක සිට රුපියල් 500,000 ක් දක්වා වන සම්මාදම් දායකත්වයක් සැපයීමෙන් හෝ රාවයේ කොටස් හිමිකාරීත්වයට පත්වීමෙන් හෝ කළ හැකිය.

ඒ පිළිබඳ සියළු විස්තර පහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයන් වෙත යොමු කිරීමෙන් හෝ දුරකථන අංකවලට කතා කිරීමෙන් හෝ දැනගත හැකිය.

1 ගාමිණී වියන්ගොඩ – 0777664757 – gviyangoda@hotmail.fr
2 කුසල් පෙරේරා – 0773508328 – kusal.perera@gmail.com
3 චූලානන්ද සමරනායක – 0714204092 – chulananda65@gmail.com

පහත අත්සන් කරන අප, රාවයේ මේ තීරණාත්මක මොහොතේ, ඔබේ යහපත් ප‍්‍රතිචාරය අපේක්ෂාවෙන් සිටිමු.
1. ධර්මසේන පතිරාජ
2. ධර්මසිරි බණ්ඩාරනායක
3. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
4. ප‍්‍රසන්න විතානගේ
5. අශෝක හඳගම
6. මහාචාර්ය සරත් විජේසූරිය
7. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
8. ගාමිණී වියන්ගොඩ
9. කුසල් පෙරේරා
10. විජයානන්ද ජයවීර
11. චූලානන්ද සමරනායක
12. විමුක්ති ජයසුන්දර
13. චන්ද්‍රගුප්ත තේනුවර
14. සුදර්ශන ගුණවර්ධණ
15. අනෝමා රාජකරුණා
16. ජනක ඉනිමංකඩ
17. උදාන් ප‍්‍රනාන්දු

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    රාවය මහජන සමාගමක් බවට පත්කොට එහි කොටස් මහජනයා ගේ අයිතියට නිදහස් කළ යුතුයි.

  • 0
    0

    ada balanawita mama meya dutuwa mama meeta wasara keepayakata pera ravaya pataka samaja pihituwamu kiyala danum dunna namut namata pamanak pihituwala madi eda sunil madawe hiru puwatpata janatawadi puwat patak lesa janata aramudal ekatu karana wita api sammantrana tiyla mudal ekatu karala dunna aramudalak janatawagen patanganne nam pattare danne sammnya ayagen patan ganne ema aya kotas laba balaporottu nowe .namut me aurin pawatiyayutui.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.