19 June, 2026

Blog

අර්බුද සමයක කම්කරු ප්‍රතිසංස්කරණ 

ලංකාව දැඩි ආර්ථික අර්බුදයක සිරව සිටියි. මිනිස් දුක්ඛ දෝමනස්ස වල අලුත් ගැඹුරක් අපි අත්දකිමින් සිටින්නෙමු. අඩමාන වේතන, රැකියා අස්ථිර භාවය සහ ආර්ථික අවපාතයක විනාශකාරී බව නිසා වැඩියෙන්ම බලපෑමට ලක්ව ඇත්තේ වැඩ කරන ජනතාවයි. මෙවැනි අනතුරුදායක තත්වයක සිටින්නා වූ වැඩ කරන ජනතාවගේ තත්වය තවත් අවිනිශ්චිත කරමින් කම්කරු ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ආණ්ඩුව යෝජනා කොට තිබේ. 2022 නොවැම්බර් මාසයේදී, 2023 වර්ෂය සඳහා වූ සිය අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේඅපනයන මුල් කොටගත් ආර්ථිකයක් සඳහා වූප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනු ඇති බවයි. ඉනික්බිතිව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ශාන් යහම්පත් පැවසූයේදැනට පවතින සේවකයාට වඩා මිත්‍රශීලී කම්කරු නීති පද්ධතිය වෙනුවට, සේව්‍යයා හා සේවකයා අතර තුලනයක් ඇති කරන ආකාරයේ  කම්කරු නීති පද්ධතියක් හඳුන්වා දීමට අදහස් කරනබවයි.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියේදී, යෝජිත ප්‍රතිසංස්කරණ වල මූලධර්ම ඇතුළත් කරුණු 11 කින් යුතු න්‍යාය පත්‍රයක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අතර, ඒවා ඔස්සේ සේව්‍යසේවක සම්බන්ධයේ බල තුලනය සේව්‍යයාට වාසිදායක ලෙස නමන බව පෙනෙන්නට තිබේ. මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධව පවතින්නා වූ වඩාත්ම පැහැදිලි විස්තර කිරීම මෙය වන අතර, එහිද හිස්තැන් බොහෝය. එසේම විධිමත් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන්ගේ සාමූහික ශක්තිය අඩු කිරීම සූක්ෂමව අරමුණු කිරීමක්ද එහි දක්නට ඇත. මෙමඟින් ලබාදෙන පණිවිඩය අමාත්‍යවරයාගේ ආරම්භක වාක්‍යයෙහි පැහැදිලිව දක්නට ඇත: “අපට තවමත් ඇත්තේ ආයෝජකයන් අධෛර්යමත් කරන ආකාරයේ යල් පැනගිය කම්කරු නීතීන්ය.”   

ජූනි 14 පැවති උපදේශන ලබාගැනීමේ රැස්වීමකදී අමාත්‍යවරයා නැවත වාරයක් මෙම කරුණ මතු කළේ පවතින කම්කරු නීතියෙහි සංශෝධනය විය යුතු තැන් 20 ක් වත් ඇතිබව පවසමිනි. ඒ අතර වතුකරය පිළිබඳ නීති මෙන්ම සේවක වැටුප් හා අර්ථ සාධක අරමුදල් පිළිබඳ නීතිද ඇතුළත් වන බව ඔහු පැවසූ අතර, අවිධිමත් ශ්‍රමයේ වැදගත්කම හා විධිමත් ශ්‍රමය අවිධිමත් ශ්‍රමය බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය ද ඔහු විසින් අවධාරණය කරන ලදී. යෝජිත ප්‍රතිසංස්කරණ වල මූලිකම අනතුර ඇත්තේ මෙතැනය.

මෙම යෝජනා සමාජ ආරක්ෂණ පිළිබඳ භාෂාවෙන් රාමු කොට, අවිධිමත් අංශයේ සේවක අයිතීන් වල ප්‍රගමනය උදෙසා ඉදිරිපත් කරන බව පෙන්වීමේ උත්සහයක් තිබේ. රැකියා ස්ථානය තුළ කාන්තාවන්ගේ සුරක්ෂිත භාවය සහ ශ්‍රම බලකායට ආබාධිත පුද්ගලයින්ගේ දායකත්වය ලබා ගැනීම වැනි ප්‍රතිපාදන, ආර්ථික අඩමාන බව සහ රැකියා අස්ථිරත්වයෙහි ගිලී ගිය පසුබිමක් තුළ එතරම් අර්ථාන්විත නොවේ. එමෙන්ම සේවක ආරක්ෂණ අඩු කිරීමට යෝජනා කරන අතරේ ශ්‍රම බලකායේ කාන්තා දායකත්වය වැඩි කිරීමේ සංවාදය තුළ ඇත්තේ කාන්තා ශ්‍රමය ගරා ගැනීමේ තැතකි.  

ලංකාවේ පවතින කම්කරු පද්ධතිය මහා අරුම එකක් නොවුනත්, සිය අයිතීන් අමු අමුවේ උල්ලංඝනය වීමෙන් සේවකයාට යම් තරමක ආරක්ෂණයක් ඓතිහාසිකව ලබාදුන් එකකි. එහෙත් ශ්‍රම බලකාය ඛණ්ඩනය කිරීම, බාහිරින් සේවා ලබාගැනීම, විධිමත් ශ්‍රමය අවිධිමත් බවට පරිවර්තනය කිරීම වැනි බලරහිත කිරීමේ ක්‍රියාමාර්ග මඟින් මෙම නීති මඟහැර යෑමට කාර්මික කළමණාකාරීත්වයට හැකි වී ඇත. අපේ විධිමත් ක්ෂේත්‍රයේ බහුතරය කාන්තාවන්ය. කළමණාකාරීත්වයේ පෙරළි වලින් කොහොමටත් බලපෑමට ලක්වන ඔවුන් ආර්ථික අර්බුද වල පළමු බිල්ලයි. කොවිඩ් වසංගතය සමයේදී වෙනස් වන ආර්ථික තත්වයන් වලට දේශීය හා ජාත්‍යන්තර ශ්‍රමිකයන් කොතරම් ගොදුරු වූවාද යන්න අපි දුටුවෙමු. කම්කරු නීතීන් අවඥාවෙන් බැහැර කරනු ලැබූ අතර, ශ්‍රමිකයන්වද කිසිදු පිළිසරණක් නොමැතිව සමාජයෙන් බහිෂ්කරණය කරන ලදී. අනෙක් අතට බලෙන් ලබාගත් කැමැත්ත මත පදනම්ව ඉතා දරුණු තත්වයන් යටතේ වැඩ කිරීමටද ඔවුන්ට සිදුවිය. යෝජිත ප්‍රතිසංස්කරණ මඟින් කරනුයේ මෙම තත්වය නිත්‍ය එකක් බවට පත් කිරීමයි. අනතුර දොරකඩය.      

සේව්‍යයා සහ සේවකයා අතර ගිවිසුම්ගත බැඳීම අඩපණ කිරීම තුළින් අවිධිමත්කරණය, සේවා අස්ථිර භාවය, සහ සේවකයා වැඩියෙන් සූරාකෑමට ලක්වීම යන ප්‍රතිවිපාක ඇතිවේ. බඳවා ගැනීම් හා සේවයෙන් පහකිරීම් වලට අදාළ නීති පැහැදිලි සහ සේවකයා සේවා අස්ථිරත්වයෙන් ආරක්ෂා කරන ආකාරයේ ඒවා විය යුතුය. වර්තමානයේ පවතින සේවයෙන් පහකිරීමට අදාළ නීති සේවකයා ආරක්ෂා කරන ආකාරයේ ඒවා නොවේ. ඒවා තවදුරටත් ලිහිල් කළහොත් සේවක සුබසිද්ධියට දරුණු අනතුරක් එල්ල වනු ඇත. සේවා මුරය නම්‍යශීලී කිරීම පිළිබඳවද යම් කතිකාවක් තිබේ. මෙමඟින්ද හානිය වන්නේ සේවකයාටය. මන්ද ආර්ථික පීඩනය නිසා බලහත්කාරී සහ සූරාකෑමට ලක්වන ආකාරයේ විකල්ප වලට යොමු වීමට අවිධිමත්කරණය ඔස්සේ තවදුරටත් දොර විවර වන නිසාය. එමෙන්ම ඉතා දීර්ඝ වැඩ මුර වලට එරෙහිව ඇති ආරක්ෂණද ලිහිල් වනු ඇතසේවකයාට හිමි ලෙඩ නිවාඩු, මාතෘ නිවාඩු සහ විවේකයට ඇති අයිතිය සම්බන්ධ ප්‍රතිපාදන ඛාදනයට ලක්වනු ඇත. ඇඟලුම් කම්හල් වල නිල වශයෙන් මසකට දින 10 කට වඩා රාත්‍රී සේවා මුරය කිරීමට අවසරය කාන්තාවන්ට නැති මුත්, භාවිතයේදී ඔවුන් ඇත්තෙන්ම අවම ආරක්ෂණ මධ්‍යයේ දීර්ඝ රාත්‍රී සේවා මුර කරන බව අප දන්නා කරුණකි.        

යෝජිත ප්‍රතිසංස්කරණ වලින් උත්සහ කරන්නේ කම්කරු නීති ක්‍රමයෙන් දුර්වල කොට පවතින අරක්ෂණ ද අඩු කිරීම මඟින් කම්කරුවා තවත් බලරහිත තත්වයට පත් කිරීමයි. රාජ්‍යයේ, සේව්‍යයන්ගේ සහ වෘත්තීය සමිති වල සහභාගීත්වයෙන් සැදි ජාතික කම්කරු උපදේශන සභාවෙහි රැස්වීමක් පසුගිය මාසයේ කැඳවූ විට, කිසිදු දේශපාලන පක්ෂයකට අනුබද්ධ නොවූ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති 4 කට ඊට ආරාධනා කොට නොතිබීම සැළකිය යුතුය. ප්‍රතිසංස්කරණ ඇරඹුණු පසු ශ්‍රමිකයන් නියෝජනය කරන හවුල් වල ශක්තිය හීන කොට ශ්‍රමිකයන් සම්පූර්ණ බලරහිත තත්වයට පත්කිරීමට රජය අරමුණු කරන ආකාරය පිළිබඳ පැහැදිලි ඇඟවුමකි මෙය.

වතුකරයේ ආර්ථිකය විශාල විපරිවර්තනයකට බඳුන් වෙමින් පවතී. ඒ තුළ වතුකර කම්කරුවා මුහුණ දෙමින් සිටින්නේ සිය ප්‍රජාව ඛණ්ඩනයට බඳුන් වන්නා වූ, රැකියා අස්ථිර සහ භූමිය හිඟ අනාගතයකටය. සාධාරණ වැටුපක් සහ අවම වශයෙන් හෝ පිළිගත හැකි අන්දමේ පුරවැසිභාවයඑනම් ශිෂ්ට සම්පන්න ජීවන තත්වයක්, රැකියාව තුළ ආරක්ෂාකාරී බව, ඉඩම් අයිතිය, පිළිගත හැකි මට්ටමේ නිවාස සහ පාසල් වලට ප්‍රවිෂ්ඨයඔවුන්ගේ අරගලයයි. නානායක්කාරගේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ දැක්වෙන්නේනවීන ශ්‍රම ලෝකයට සුදුසු  වතු කම්කරුවකුනිර්මාණය කිරීමට රජය යෝජනා කරන බවය. වතු කම්කරුවා දැනට මුහුණ පාන දරුණු අසාධාරණකම් එතුළ නොතකා හැර තිබේ.

කම්කරු නීති දුර්වල කිරීම මඟින් රජය බලාපොරොත්තු වන්නේ ආයෝජන ආකර්ෂණය කරගැනීමත්, ඒ හරහා ආර්ථිකය සවිබල ගැන්වීමත්ය. එය අනාගත ආයෝජකයින් වෙනුවෙන් කෙරෙන සංදර්ශනයකි. නමුත් වත්මන් ආර්ථික යථාර්ථය පිළිබඳ රජයට කිසිදු හැඟීමක් නොමැති බව පැහැදිලිය. ගෝලීයව ආර්ථික අවපාතයක් ඇති වෙමින් තිබේ. 2022 අවසාන කාර්තුවේ 12.4% කිනුත්, 2023 පළමු කාර්තුවේ 11.5% කිනුත් අපේ ආර්ථිකය හැකිලී ඇත. මෙම අර්බුදයට හේතුව කම්කරු නීති නොවන නිසා, කම්කරු නීති වෙනස් කිරීම මඟින් අර්බුදය විසඳිය නොහේ. වියදම් කපා හැරීම්, රැකියා ජනන ප්‍රතිපත්ති වල දුර්වලතා සහ වැඩ කරන ජනතාවගේ සමාජ ආරක්ෂණ මඳ වීම නිසා ආර්ථිකය දිගින් දිගටම කඩා වැටෙමින් පවතී. අවසානයේ අපට ඉතිරි වන්නේ නැවත හැරවිය නොහැකි ලෙස කම්කරු අයිතීන් ඛාදනය වීමේ යථාර්ථය පමණි.

කම්කරු සබඳතා වැනි ඇති මූලික ආකාරයේ ගැටළුවක් පිළිබඳ ස්ථාවරයක් ගැනීමට ශාස්ත්‍රාලිකයන් වශයෙන් අපට වගකීමක් තිබේ. එය අප සියල්ලන්ටම බලපෑම් එල්ල කරයි. මේ මොහොතේ අවශ්‍ය වන්නේ ශ්‍රමිකයන්ට සහ ජනතාවට හිතකර, සැමට ආරක්ෂණය සපයන, නිෂ්පාදන ක්‍රියාවලියෙහි ස්ථායිතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ආකාරයේ කම්කරු ප්‍රතිපත්තියකි. නැතිනම් අනාගතය පීඩිත හා අස්ථායී එකක් වනු ඇත. මතුවන සමාජ අසහනය හමුවේ දැනටමත් ආඥාදායක ආණ්ඩුව වඩාත් ආඥාදායක වීම පමණි විය හැක්කේ. සැමට වඩා හොඳ අනාගතයක් සඳහා අප ප්‍රජාතන්ත්‍රවාදී බලවේග හා එකතු විය යුතුය.

SIGNED BY
1. A.M. Navaratna Bandara, formerly Univ. of Peradeniya
2. Ahilan Kadirgamar, Univ. of Jaffna
3. A.M.J.H. Amandakoon, Univ. of Peradeniya
4. Amalka Wijesuriya, Univ. of Ruhuna
5. Anuruddha Karunarathna, Univ. of Peradeniya
6. Anushka Kahandagama, formerly Univ. of Colombo
7. Arjuna Aluwihare, formerly Univ. of Peradeniya
8. Arjuna Parakrama, Univ. of Peradeniya
9. Aruni Samarakoon, Univ. of Ruhuna
10. Athulasiri Samarkoon, The Open University of Sri Lanka
11. Avanka Fernando, Univ. of Colombo
12. B.P.B.W. Rathnayake, Univ. of Peradeniya
13. Barana Jayawardana, Univ. of Peradeniya
14. Bahirathy J.R, Univ. of Jaffna
15. Buddhima Padmasiri, The Open University of Sri Lanka
16. Camena Guneratne, The Open University of Sri Lanka
17. Chirath Jeewantha, Univ. of Ruhuna
18. Chulani Kodikara formely Univ. of Colombo
19. Crystal Baines, Univ. of Peradeniya
20. Dayapala Thiranagma, formerly Univ. of Kelaniya
21. Dhammika Gamage, Univ. of Peradeniya
22. Dhammika Herath, Univ. of Peradeniya
23. Dhammika Jayawardena Univ. of Sri Jayawardenepura
24. Dhanuka Bandara formerly Univ. Of Peradeniya
25. Dilini Hemachandra, Univ. of Peradeniya
26. Dinesha Samararatne Univ. of Colombo
27. Erandika de Silva, Univ. of Jaffna
28. Farzana Haniffa, Univ. of Colombo
29. Fazeeha Azmi, Univ of Peradeniya
30. Ganganee Chamdima Samaraweera, Univ. of Ruhuna
31. H.H.M.T.V.K. Jayasooriya, Univ. of Peradeniya
32. Harshana Rambukwella, formerly The Open University of Sri Lanka
33. Hasini Lecamwasam, Univ. of Peradeniya
34. Hasitha Pathirana Univ. of Kelaniya
35. Hettigamage Sriyananda, The Open University of Sri Lanka (Professor Emeritus)
36. Hiniduma Sunil Senevi, Univ. of Sabaragamuwa
37. Imani Bakmeedeniya, Univ. of Peradeniya
38. Jayadeva Uyangoda, Univ. of Colombo (Professor Emeritus)
39. Janith Wickramasinghe, Univ. of Colombo
40. Jennifer Edama, Univ. of Peradeniya
41. Jithmi Athukorale, Univ. of Peradeniya
42. K.M.Vihangi Semini, Univ. of Peradeniya
43. Kamani Sylva, Univ. of Peradeniya
44. Kanchuka Dharmasiri, Univ. of Peradeniya
45. Kasun Gajasinghe, Univ. of Peradeniya
46. Kaushalya Perera, Univ. of Colombo
47. Kethakie Nagahawatte Univ. of Colombo
48. Krishan Siriwadhana, Univ. of Colombo
49. Krishantha Fedricks, Uni. of Colombo
50. Krishmi Apsara, Univ. of Peradeniya
51. Kumudu Kusum Kumara, formerly Univ. of Colombo
52. L.A.M.Jayasinghe,Univ. Of Peradeniya
53. Liyanage Amarakeerthi, Univ. Of Peradeniya
54. Madhara Karunarathna, Univ. of Peradeniya
55. Maduranga Kalugampitiya, Univ. of Peradeniya
56. Mahendran Thiruvarangan, Univ. of Jaffna
57. Malika Perera, Univ. of Peradeniya
58. M. A. Nuhman. Formerly Univ. of Peradeniya
59. Muditha Dharmasiri: Univ. of Peradeniya
60. Nadeesh de Silva, The Open University of Sri Lanka
61. Nalika Ranathunge, Univ. of Ruhuna
62. Neavis Morais, The Open University of Sri Lanka
63. Nicola Perera, Univ. of Colombo
64. Nilantha Liyanage, Univ. of Ruhuna
65. Nirmal Ranjith Dewasiri, Univ. of Colombo
66. N.Sivakaran, Univ. of Jaffna
67. N. W. Prins, Univ. of Ruhuna
68. Paba Suraweera, Univ. of Peradeniya
69. Pavithra Jayawardena, Univ. of Colombo
70. P. M. Jayaweera Univ. of Peradeniya
71. Prabha Manuratne, Univ. of Kelaniya
72. Prabhath Jayasinghe, University of Colombo
73. Pradeepa Korale Gedara, Univ. of Peradeniya
74. Pradeep Peiris, Univ. of Colombo
75. Priyantha Fonseka Univ. of Peradeniya
76. R.T.Gamalath, Univ. of Peradeniya
77. Ramesh Ramasamy, Univ. of Peradeniya
78. Ramila Usoof, Univ. of Peradeniya
79. Ramindu Perera, The Open University of Sri Lanka
80. Ramya Kumar, Univ. of Jaffna
81. Ranjini Obeyesekere; formerly , Univ. of Peradeniya
82. Ranjit Wijekoon, formerly Univ. of Peradeniya
83. Rupika Rajakaruna, Univ. of Peradeniya
84. Ruth Surenthiraraj, Univ. of Colombo
85. Sabreena Niles, Univ. of Kelaniya
86. Sachithra Edirisinghe, formerly Univ. of Peradeniya
87. Sahan Wanniarachchi,Univ. of Peradeniya
88. Sahani Situbandara, Univ. of Peradeniya
89. Saman Pushpakumara, Univ. of Peradeniya
90. Sasanka Perera, Formerly Univ. of Colombo
91. Sasinindu Patabendige, Univ. of Jaffna
92. Savitri Goonesekere, Univ. of Colombo (Professor Emeritus)
93. Selvaraj Vishvika, Univ. of Peradeniya
94. Shalini Wijerathna,Univ. of Peradeniya
95. Shamala Kumar, Univ. of Peradeniya
96. Sitralega Maunaguru formerly Eastern Univ. Sri Lanka
97. Sivamohan Sumathy, Univ. of Peradeniya
98. Sudesh Mantillake, Univ. of Peradeniya
99. Sumith Chaaminda, Univ. of Colombo
100. Supoorna Kulatunga, Univ. of Peradeniya
101. Suranjith Gunasekara, Univ. of Ruhuna
102. Susantha Rasnayake, Univ. of Peradeniya
103. Susith Siriwardhana, Rajarata Univ. of Sri Lanka
104. Shyamani Hettiarachchi, Univ. of Kelaniya
105. Thiru Kandiah, formerly Univ. of Peradeniya
106. Thushara Kamalrathne, Univ of Peradeniya
107. Udara Rajapaksha, Univ. of Peradeniya
108. Udari Abeysinghe, Univ. of Peradeniya
109. Unnathi Samaraweera,Univ. of Colombo
110. Upul Abeyrathne, Univ. of Peradeniya
111. Varangana Ratwatta, Univ. of Peradeniya
112. Vijaya Kumar, Univ. of Peradeniya (Professor Emeritus)
113. Visakesa Chandrasekaram, Univ. of Colombo
114. Vivimarie Vanderpoorten Medawattegedera, The Open University of Sri Lanka
115. W.M. Rohan Laksiri, Univ. of Ruhuna
116. Yasas Kulasekara, Univ. of Peradeniya

Latest comments

  • 2
    0

    SINHALA Man වැනි ultra Idiots මට නිතරම අවවාද කර අදහස් දැක්වීමෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටියේය. දැන් ඇත්ත එළියට එනවා.

    ඒවගේම JVP අද පැහැදිලිව කියනවා, පන්සලේ ජීවත්වෙන පින්බත් ඌරන් ආරක්ෂා කරනවා, ඊළඟට උන්ට වහින ඡන්ද ටික රැකගන්න ඕනේ.

    මේ රටේ සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟ අප ඉදිරියේ ඇති සංගා අනතුර සම්බන්ධයෙන් AKD ඇත්ත වශයෙන්ම බරපතල නොවේ. ඒක තමයි මේ රටේ පිළිකාව. සංගාව ශ්‍රී ලංකා දේශපාලනයෙන් ඈත් කළ යුතුයි. ඒවායින් බොහොමයක් ගිරවුන් ජාතක කතා විය හැකි නමුත් කුඩා කොටසක් පවා ධර්මය ගැන නොදනිති.

    සාමණේරයන් වහන්සේ රහසිගතව මැදිහත් වුවහොත් පන්සල් භූමිය තුළ සිටින ලොකු හාමුදුරුවන්ගේ හිරිහැරවලට ලක්වන බව මේ සියල්ලෝම හෙළි කරති. ළමා භික්ෂූන් වහන්සේලා සහ ඔවුන්ගේ ගුද මාර්ගයෙන් ලේ ගැලීම පිළිබඳ වෛද්‍ය වාර්තා ද පසුගිය කාලයේ බොහෝ සෙයින් හෙළිදරව් විය. ලංකාවේ බලධාරීන් ඒවාට අත තැබුවේවත් නැත. මේ රට අද අපායක් වෙලා.
    – කොහොම වුණත් මම මේ අය ගැන කියපු දේ ඇත්ත. ඒ බව ඉතා පැහැදිලිව කියා දුන්නේ නිර්භය රන්ජන් සහ දිවංගත මංගල ඇමතිවරයාය
    තිරිසන් පන්නයේ භික්ෂූන් වහන්සේලා සැලකිය යුතු පිරිසක් ලංකාවේ සිවුරු පොරවාගෙන සිටිති. එහි ප්‍රතිඵලය වූයේ රන්ජන් සිරගත වීමයි. Managle දැන් මැරිලා, නමුත් මේ නියම ශ්‍රී ලාංකිකයන් කුහක ශ්‍රී ලාංකික හාමුදුරුවරු ගැන ලෝකෙට කියපු හැමදේම ඇත්ත, ඇත්ත.

    ළමා පූජ්‍ය පක්ෂය ළමා ‍ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා විසින් ආරක්ෂා කළ යුතු නම්. බුස්ටා. ඇයි අපේ නීතිය හා සාමය ශක්තිමත් කරන්න බැරි මේ හාමුදුරුවරු අපරාධකාරයන්ව ලිංගික අවයවයේ එල්ලලා මරන්නේ.
    .
    ශිෂ්ට සම්පන්න නමුත් සිංහල බෞද්ධ ගිහි පිරිමින්ට එම කාන්තාවන්ට තම ඇඳුම් ගලවා දැමීමට බල කළ ආකාරය මම හෙළා දකිමි. අද ලංකාවේ ගෑනුන්ට සලකන්නේ බඩු වගේ. සෑම නගරයකම පාහේ තම සිරුර විකුණා ගැනීමට කාන්තාවන් සිටිනු ඔබ දකිනු ඇත. කඩවත, කිරිබත්ගොඩ ප්‍රදේශවල වීදි දිගේ ඇවිද ගිය ඔබට මෙය ඔබේම දෑසින් දැකගත හැකිය.
    කෙසේ වෙතත්, සෑම දෙයක්ම පාහේ භයානක මට්ටමට පැමිණ ඇති සමාජයකින් අපට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?

  • 2
    0

    SINHALA Man වැනි ultra Idiots මට නිතරම අවවාද කර අදහස් දැක්වීමෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටියේය. දැන් ඇත්ත එළියට එනවා.

    ඒවගේම JVP අද පැහැදිලිව කියනවා, පන්සලේ ජීවත්වෙන පින්බත් ඌරන් ආරක්ෂා කරනවා, ඊළඟට උන්ට වහින ඡන්ද ටික රැකගන්න ඕනේ.

    මේ රටේ සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟ අප ඉදිරියේ ඇති සංගා අනතුර සම්බන්ධයෙන් AKD ඇත්ත වශයෙන්ම බරපතල නොවේ. ඒක තමයි මේ රටේ පිළිකාව. සංගාව ශ්‍රී ලංකා දේශපාලනයෙන් ඈත් කළ යුතුයි. ඒවායින් බොහොමයක් ගිරවුන් ජාතක කතා විය හැකි නමුත් කුඩා කොටසක් පවා ධර්මය ගැන නොදනිති.

    tbc

  • 3
    0

    cont.
    .
    සාමණේරයන් වහන්සේ රහසිගතව මැදිහත් වුවහොත් පන්සල් භූමිය තුළ සිටින ලොකු හාමුදුරුවන්ගේ හිරිහැරවලට ලක්වන බව මේ සියල්ලෝම හෙළි කරති. ළමා භික්ෂූන් වහන්සේලා සහ ඔවුන්ගේ ගුද මාර්ගයෙන් ලේ ගැලීම පිළිබඳ වෛද්‍ය වාර්තා ද පසුගිය කාලයේ බොහෝ සෙයින් හෙළිදරව් විය. ලංකාවේ බලධාරීන් ඒවාට අත තැබුවේවත් නැත. මේ රට අද අපායක් වෙලා.
    – කොහොම වුණත් මම මේ අය ගැන කියපු දේ ඇත්ත. ඒ බව ඉතා පැහැදිලිව කියා දුන්නේ නිර්භය රන්ජන් සහ දිවංගත මංගල ඇමතිවරයාය
    තිරිසන් පන්නයේ භික්ෂූන් වහන්සේලා සැලකිය යුතු පිරිසක් ලංකාවේ සිවුරු පොරවාගෙන සිටිති. එහි ප්‍රතිඵලය වූයේ රන්ජන් සිරගත වීමයි. Managle දැන් මැරිලා, නමුත් මේ නියම ශ්‍රී ලාංකිකයන් කුහක ශ්‍රී ලාංකික හාමුදුරුවරු ගැන ලෝකෙට කියපු හැමදේම ඇත්ත, ඇත්ත.

    ළමා පූජ්‍ය පක්ෂය ළමා ‍ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා විසින් ආරක්ෂා කළ යුතු නම්. බුස්ටා. ඇයි අපේ නීතිය හා සාමය ශක්තිමත් කරන්න බැරි මේ හාමුදුරුවරු අපරාධකාරයන්ව ලිංගික අවයවයේ එල්ලලා මරන්නේ.
    .
    ශිෂ්ට සම්පන්න නමුත් සිංහල බෞද්ධ ගිහි පිරිමින්ට එම කාන්තාවන්ට තම ඇඳුම් ගලවා දැමීමට බල කළ ආකාරය මම හෙළා දකිමි. අද ලංකාවේ ගෑනුන්ට සලකන්නේ බඩු වගේ. සෑම නගරයකම පාහේ තම සිරුර විකුණා ගැනීමට කාන්තාවන් සිටිනු ඔබ දකිනු ඇත. කඩවත, කිරිබත්ගොඩ ප්‍රදේශවල වීදි දිගේ ඇවිද ගිය ඔබට මෙය ඔබේම දෑසින් දැකගත හැකිය.
    කෙසේ වෙතත්, සෑම දෙයක්ම පාහේ භයානක මට්ටමට පැමිණ ඇති සමාජයකින් අපට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?

  • 2
    3

    See how intolerant and full of hate Dan Silva is.
    .
    Why does he get so vitriolic? I dare say that I have my faults, but see how others are able to display tolerance towards me:
    .

    “Paul / June 15, 2023
    9
    0
    .
    Ha ha ha OC, he would test the patience of a saint, but I feel he is a kind-hearted chap underneath it all. I suppose we must be tolerant and let him have his little ways.
    .
    You will find that comment here:
    .
    https://www.colombotelegraph.com/index.php/lord-of-the-flies-sri-lankan-version-strange-experiment-making-a-good-society-through-bad-laws/
    .
    I encourage intelligent reading, and the viewing of educational videos. Ignorant LM, the German Citizen hadn’t even heard of Beethoven, and didn’t know that his National Anthem was based on this movement from Haydn’s Emperor String Quartet.
    .
    https://www.youtube.com/watch?v=xay9wcZBx2Q&t=13s
    .
    I have made YouTube comments there.
    .
    I agree that, in certain respects, “leelagemalli” is kind-hearted. However, he is full of hatred of all Sinhalese. That hatred then manifests itself in strange aberrations. He found me making sympathetic comments about the plight of Tamils and Muslims. We exchanged 2000 emails, and he couriered chocolates to me – until Ranil seized power.
    .
    Panini Edirisinhe of Bandarawela

    • 3
      0

      This SINHALA_man does not know what I have added to the Sinhala articles because the bugger has no knowledge of anything. – However
      , he jumped back to vent his frustration on me. This man is a mentally ill person who is more familiar with CT comments today.
      .
      I would like to talk to WANNIYA ATTHO but will never again talk to a high speaking stupid sinhalese man who has not yet been to Eruope to learn about the systems that work in Europe. We have invested a lot of time with a fool in the last 7 years.

      He speaks highly of his rich sisters and others, which have absolutely nothing to do with the topic he is addressing. This is his nature. He was a great man, but he warned us, but we did not pay much attention to it then. We would like to keep in close contact with today.

      AKD has appointed this person as spokesperson of JVP/NPP in CT, but none of our queries have been answered. What a lowly idiot. Instead he kicked me out for no good reason. I am speechless why such stupid people are following me.

      He doesn’t know what he’s talking about. Bugger has no basic knowledge of anything, but he speaks highly of “encouraging intelligent articles and stories”: what a joke.

  • 2
    3

    I know a few of the signatories, for instance, Sumathi Sivamohan (now a Professor of English) who actually clambered on to my then motor-bike of this model,
    .
    https://en.wikipedia.org/wiki/Honda_CB125
    .
    (Mine was black)
    .
    during a demonstration against the Establishment that, via the Udalagama Report, wanted JVPers, including my school pupil, Ananda Idamegama, suspended. He was murdered.
    .
    And there is Professor Thiru Kandiah. I wonder if he met AKD in Perth. Must email him.
    .
    Others, I have never met. See how movingly this is spoken, in Sinhala, even at a political platform.
    .
    https://www.youtube.com/watch?v=tGz6eCJedx0&t=23s – 18 minutes from Hiniduma
    .
    Listen to how, at the end, he indulges in banter with AKD about pinching a few minutes of time allocation. That bespeaks a friendly and harmonious relationship between them.

    • 0
      1

      doesn’t appear to realise that this appeal by 116 Intellectuals has gone out in three languages. I wouldn’t know where the Tamil version is, nor would I be able to read it.
      .
      But the English is to be found here:
      .
      https://www.colombotelegraph.com/index.php/labour-reforms-in-a-time-of-great-crisis/
      .
      With how much response? Find out, and give it some thought.
      .
      The first two Members of Parliament to cross over to the Rajapaksas (even before Ranil Wickremasinghe) were these two fellows, Manusha Nanayakkara and Harin Fernando. Dan Silva is a bit of a simpleton and was gleeful about it. Please research it and find out what else they have in common.
      .
      Harin suddeny burst on the scene from the Uva Province, but is now hated in Badulla, which was his base. He is the Minister of Lands. I don’t know much about this Manusha fellow.
      .
      To recover equanimity, listen to the entire 27-minute quartet.
      .
      https://www.youtube.com/watch?v=8pI9lLiYHuc&t=507s
      .
      Panini Edirisinhe of Bandarawela (NIC 483111444V)

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.