
ජෙහාන් පෙරේරා
16 වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවීමට අකමැති වූ බව දැකගත හැකි විය. විපක්ෂයේ කොටස් සහ සමාජ මාධ්‍යවලින් එල්ල වූ දැඩි විවේචනවලින් පසුව, ඔහු උත්සවයට සහභාගීවන බව රජය නිවේදනය කළේය. උත්සවය සඳහා මුද්‍රිත ආරාධනා පත්‍රවල ජනාධිපතිවරයාගේ නම අඩංගු නොවීය. මෙය වැරදි සන්නිවේදනයක් නිසා සිදු වූ බවත් ජනාධිපතිවරයා සැමවිටම සැමරුමට සහභාගී වීමට අදහස් කළ බවත් රජය පැහැදිලි කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා වේ. ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් ආරක්ෂක අමාත්‍ය ධුරය භාරගන්නා අතර, ජනාධිපති දිසානායක ද මෙම සම්ප්රදාය අනුගමනය කර ඇත. සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, ඔහු එහි පැමිණීම සංකේතාත්මක සහ අවශ්‍යතාවක් විය.
අනුස්මරණයට සහභාගීවීමට ගනු ලැබූ තීරණය අවසාන මොහොතේ ගත් එකක් බවට එල්ල වූ විවේචනවලට අමතරව, එම අවස්ථාවේදී ජනාධිපතිවරයා කළ කතාව ද විවේචනයට ලක්විය. මියගිය සොල්දාදුවන් ‘රණවිරුවන්’ ලෙස නොව සොල්දාදුවන් ලෙස ඔහු කළ සඳහන් කිරීම මෙයට හේතුවයි. රටේ ජනප්‍රිය භාවිතය යුද්ධයේදී ජීවිත අහිමි වූ හමුදා සාමාජිකයන් ‘රණවිරුවන්’ ලෙස හැඳින්වීමයි. බෙදීමේ අනෙක් පැත්තෙන්, යුද්ධයේදී ජීවිත අහිමි වූ එල්ටීටීඊ සාමාජිකයන් හැඳින්වීමට දෙමළ ජනතාව භාවිත කරන ‘දිවි පිදූ’ යන යෙදුම තිබේ. ‘රණවිරුවන්’ වෙනුවට ‘සොල්දාදුවන්’ යන මධ්‍යස්ථ යෙදුම භාවිත කිරීමට ජනාධිපතිවරයා කැමතිවීමට හේතුව ඔහු නායකත්වය ලබාදෙන, බෙදීම එරෙහි මාවත පිළිගන්නා බවට සංඥා කිරීමයි.
ජනාධිපතිවරයා සිය කතාවේදී භාෂාව තෝරාගැනීමෙන් පිළිබිඹු වන්නේ, බෙදීම්කාරී සම්ප්රඵලාප කතාවලින් ඉවත් වී, වඩාත් සියලුදෙනා ඇතුළත් ජාතික අනන්‍යතාවයක් කරා ගමන් කිරීමේ පුළුල් උත්සාහයකි. මෙහිදී ඔහු මුහුණදෙන අභියෝගයට ඔහුට සහාය දැක්විය යුතුය. මෙහිදී ජාතිකවාදී විපක්ෂය සහ සමාජ මාධ්‍ය ජනාධිපතිවරයාට එරෙහිව දැඩි විවේචන එල්ල කර ඇත. ජනාධිපති දිසානායක ‘රණවිරුවන් සාමාන්‍ය සොල්දාදුවන් බවට පත්කර ඇති’ බව ඔවුහු පවසති. කෙසේවෙතත්, සිවිල් යුද්ධවල ජයග්‍රහණ සැමරීමට සුදුසු නොවන අතර ඒවා සැමරිය යුතු නැත. මන්ද ඒවා තවත් පුරවැසියන් පිරිසකගේ පරාජය සනිටුහන් කරන බැවිනි. එමගින් ජාතික තුවාල ගැඹුරු කිරීම සහ සහ සංහිඳියාවට වඩා ප්රචණ්ඩත්වය උත්කර්ෂයට නැංවීමේ අවදානමක් නිර්මාණය වේ. එක්සත් ජනපදයේ සහ ස්පාඤ්ඤයේ දක්නට ලැබෙන පරිදි, එක් පැත්තක ජයග්‍රහණය සැමරීමට ගන්නා උත්සාහයන්, රටක එකමුතුකම පෝෂණය කිරීමට වඩා බෙදීමට දෑත් දිගුකර ඇත.
සුවකිරීමේ ආඛ්‍යානය
අනුස්මරණ උත්සවයේදී කතාකරමින් ජනාධිපතිවරයා පණිවිඩයක් ඉදිරිපත් කළ අතර, එහි ඔහුගේ අවධානය යොමුවූයේ යුද්ධයේ පිරිවැය කෙරෙහිය. යුද්ධයේදී දුක්විඳි හෝ මියගිය සොල්දාදුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ කැපකිරීම්වලට ඔහු ගරුකළේය. සියලු ප්‍රජාවන් විසින් අත්විඳින ලද ගැඹුරු වේදනාව සහ පාඩුව ද ඔහු පිළිගත්තේය. ඔහු කාරණය පැහැදිලි කළේ “දකුණේ පමණක් නොව, උතුරේ ද, ජනතාව වීදිවල තම ස්වාමිපුරුෂයන්ගේ සහ දරුවන්ගේ ඡායාරූප ඔසවාගෙන ඔවුන්ගේ මරණ ගැන ශෝක වෙති. සෑම මව්පියෙකුටම, ඔවුන්ගේ දරුවා වටින්නේය. එබැවින්, මෙතරම් දැවැන්ත ඛේදවාචකයකට මුහුණදුන් රටක් ලෙස, අද අපගේ වගකීම වන්නේ අපේ රටේ එවැනි යුද්ධයක් නැවත සිදුවීම වැළැක්වීමයි.” එසේ කිරීමෙන් ඔහු ප්‍රකාශ කළේ මෙය රට තුළ, රටේ ජනතාව විසින් සටන් කරන ලද සිවිල් යුද්ධයක් බවයි.
සුළුතර ප්‍රජාවන් ඈත්කළ හැකි යෙදුම් මඟහැරීමෙන්, ජනාධිපතිවරයා ගැටුමේ වින්දිතයන් සියලුදෙනාම ඔවුන්ගේ පසුබිම කුමක් වුවත්, එකම ගොනුවකට ඇතුළත් කරගන්නා සාමූහික අදහසක් පෝෂණය කිරීමේ කැමැත්තක් පෙන්නුම් කළේය. ජනාධිපති දිසානායකගේ කතාව ජාතික කතිකාව, බෙදීමේ සිට එකමුතුකම සහ සුවකිරීමේ පීල්ලකට මාරුකිරීමේ උත්සාහයක් ලෙස දැකගත හැකි විය. ජනාධිපතිවරයා සිය කතාවේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ගේ පරිත්‍යාගය අගය කළේය. ඔහු පැවසුවේ “මෙම යුද්ධය අවසන් කිරීම සඳහා බොහෝ සොල්දාදුවෝ තම ජීවිත පූජා කළහ. මෙම ස්මාරකයේ ඉදිකර ඇති ඔවුන්ගේ නම් ඔවුන්ගේ පරිත්‍යාගයට සාක්ෂියක් ලෙසය. තවත් බොහෝදෙනෙකු ස්ථිරවම ආබාධිත තත්ත්වයට පත් වූ අතර, දහස් ගණනක් පවුල් තවමත් ආදරණීයයන් අහිමි වීම ගැන ශෝක වෙයි. රටක් වශයෙන් අපි ඔවුන්ට සදාකාලික ණයගැති වෙමු” යනුවෙනි.
එහෙත් ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වාදුන්නේ “යුද්ධය ඛේදවාචකයට හා විනාශයට සමාන පදයක්” බවයි. සටන් කළ අය යුද්ධයේදී තමන්ගේ යහපත සෙව්වේ නැත; ඔවුන් සෙව්වේ සාමයයි. අනාථ වූ දරුවන්, දෙමාපියන් අහිමිවූවන් සහ සැමියා හෝ බිරිඳ අහිමිව වැන්දඹුවන් බවට පත්වූවන් වශයෙන් අද අපි මෙම විනාශයේ නටබුන් දකිමු. උතුරේ සිට දකුණ දක්වා අපගේ දේශය පුරා, ශෝකය කිසිදු ජනවාර්ගිකත්වයක් ඉලක්ක නොකර පොදුවේ පවතී. ජනාධිපති දිසානායක “යුද්ධයේ අවසානය සිහිපත් කිරීම පමණක් නොව, බෙදීම් නැවත ඇතිවීමට ඉඩ නොදී සහෝදරත්වයෙන් හා සමගියෙන් මුල් බැසගත් රටක් ගොඩනැගීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ යන සියලු ප්‍රජාවන් එක්සත් කිරීමට පොරොන්දුවක්” යන දිශාවට රට ගෙන යන නව ආඛ්‍යානයක් සහ එකක් නිර්මාණය කිරීමට උත්සාහ කළ බව පෙනේ.
ආඛ්‍යාන යනු මිනිසුන්ගේ විඥානය තුළ මුල් බැසගන්නා, ඔවුන්ගේ හැඟීම්වලට ආයාචනා කරන සහ යුද්ධයේ සහ විනාශයේ අරමුණු සඳහා බලමුලු ගැන්විය හැකි පණිවිඩ ප්‍රකාශ කිරීමේ ක්‍රම වේ. ලෝකයේ වෙනත් තැන්වල ගැටුම්වලදී මෙය දැකිය හැකි අතර, අනෙකාට එරෙහි ප්රචණ්ඩ ක්‍රියා සාධාරණීකරණය කිරීම සඳහා ඒකපාර්ශ්වික ආඛ්‍යාන භාවිත කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ ද, පුරාණ සතුරුකම් සහ මෑත කාලීන අසාධාරණකම් පිළිබඳ ආඛ්‍යාන දේශපාලන වාසි සඳහා අනෙකා යක්ෂයකු බවට පත්කිරීම සඳහා භාවිත කර ඇත. 2019 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ජනාධිපති දිසානායකගේ පූර්වගාමියා වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආඛ්‍යානය වූයේ සතුරා විනාශ කිරීම සහ මෙතැන් සිට ඔවුන්ගේ නිසි ස්ථානය ලබාදෙන සිංහල ජාතියේ ජයග්‍රහණයයි. රජයේ අනුස්මරණයෙන් පසු දින මැයි 20 වැනි දින, රාජපක්ෂ පවුල තවත් අනුස්මරණයක් පැවැත්වීය.
නව ආඛ්‍යානය
සාම ආඛ්‍යාන සෑම පැත්තකින්ම දුක් වේදනා පිළිගනී, හිටපු සතුරන් මානුෂීය කරයි, සහ සහජීවනය පිළිබඳ දැක්මක් ලබාදෙයි. දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයෙන් පසු සත්‍යය පැවැසීම හෝ උතුරු අයර්ලන්තයේ බලය බෙදාගැනීමේ ක්‍රියාවලියේදී දැකිය හැකි පරිදි, ඒවා සංවාදය සහ සංහිඳියාව සඳහා අවකාශය විවෘත කරයි. ශ්‍රී ලංකාවේ ද, බෙදාගත් මනුෂ්‍යත්වය තුළ මුල් බැසගත් නව ආඛ්‍යානයක් ඔස්සේ කල් පවතින සාමය සඳහා අඩිතාලම දැමිය හැකිය. ජනවාර්ගික ගැටුම පැවැත්මේ තර්ජනය, ත්‍රස්තවාදය සහ යුද්ධයෙන් සහජීවනය සහ බලය බෙදාගැනීමේ පරිසරයකට නැවත සකස් කිරීමට උත්සාහ කළ ප්රබුද්ධ ජාතික නායකයන්ගේ පෙළගැස්මේ නවතම පුද්ගලයා බවට පත්වීම සඳහා ජනාධිපති දිසානායක අන්තර්-වාර්ගික බලය බෙදාගැනීම සහ බලය බෙදාහැරීම පිළිබඳ සංකල්පය එකතු කළ යුතුය. එවැන්නකට ලබාදුන් පළමු නායකත්වය වූයේ 1957 දී බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමයි. එය දේශපාලන විසඳුමක් වෙනුවෙන් සාර්ථක සියලු උත්සාහයන් සඳහා රාමුවක් සකස් කළ නමුත් මෙතෙක් කිසිවක් සාර්ථක වී නැත.
2015 දී අගමැති ධුරය දැරූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නව ආඛ්‍යානයක අවසාන මැදිහත්කරු වූයේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට රජයට නායකත්වය දුන් අවස්ථාවේදීය. සත්‍යය සහ වගවීම යන දෙකම වන්දි ගෙවීමේ අවශ්‍යතාව සහ වාර්ගික ගැටුමට දේශපාලන විසඳුමක් ලෙස එහිදී පිළිගත්තේය. ජනාධිපති දිසානායක සහ ඔහුගේ ආණ්ඩුව බලයට අලුතින් පැමිණ, හැඟීම් ජනනය කරන ජනවාර්ගික ගැටුම භාරගැනීමට ඉක්මන්වීමට බියවන බව පෙනෙන්නට තිබුණද, ඔහු අතට ගතයුතු බිම වැටුණු යෂ්ඨිය මෙයයි. 16 වැනි ජාතික රණවිරු සැමරුම සඳහා ඔහුගේ ප්‍රවේශය වඩාත් සියල්ලන් ඇතුළත් කෙරෙන සහ සුවදායක ජාතික ආඛ්‍යානයක් කරා මාරුවීමක් පිළිබිඹු කරයි. වත්මන් දේශපාලන සන්දර්භය, අර්ථවත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අද්විතීය අවස්ථාවක් ලබාදෙයි. අතීතයේ දී සංහිඳියා උත්සාහයන් අවහිර කළ අවිශ්වාසය, දේශපාලන ධ්‍රැවීකරණය සහ ආර්ථික අස්ථාවරත්වයේ උරුමය ජයගැනීමට කාලය පැමිණ තිබේ.
නව ආණ්ඩුවට ඡන්දය දුන් බොහෝදෙනෙක් ඉවසිලිවන්තව කටයුතු කරන අතර, පාලනයේ අභියෝග පිළිබඳව හුරුපුරුදු වීමට ආණ්ඩුවට වැඩි කාලයක් ලබාදීමට සූදානම්ව සිටිති. එහෙත් ජනවාර්ගික ගැටුම සම්බන්ධයෙන් ගත්කල, විසඳුම් සෙවීම සම්බන්ධයෙන් තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමට රජයට මෙය හොඳම කාලයයි. අතීතයේ බලයේ සිටි අන්තවාදීන් සහ ජාතිකවාදීහු 2022 දී රටේ ආර්ථිකය බිඳවැටීමට හේතු වූ දූෂණය සහ වැරදි කළමනාකරණය සමඟ සමීපව සම්බන්ධවීම හේතුවෙන් අපකීර්තියට පත්ව සිටිති. ඔවුන් සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් නැත. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට 2/3 ක බහුතරයක් ඇති අතර, බොහෝ පිරිසකගේ අඛණ්ඩ විශ්වාසය නිසා තිරසාර සාමය සහ සංහිඳියාව සඳහා අවශ්‍ය දේ කිරීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ. මාස හයකට පෙර පැවැති මහමැතිවරණයේදී, උතුර හා නැගෙනහිර ජනතාව එම කලාපයෙන් පිටත ජාතික දේශපාලන පක්ෂයකට පෙර නොවූ විරූ ආකාරයකින් ඡන්දය දුන්හ. එමනිසාම ඔවුන්ගේ ගැටළු විසඳීමට ප්‍රමාදවන සෑම දිනකම පටු වාර්ගික ජාතිකවාදයේ බලවේග ශක්තිමත් කෙරෙන බව සිහි තබාගත යුතුය.
leelagemalli / June 2, 2025
ඔබගේ ලිපියට ස්තූතියි. නමුත් අපි දේවල් යථාර්ථවාදීව දැකිය යුතුයි.
.
සමහරවිට අපේ ජනතාව නැවත වරක් රැවටීමට සහ රැවටීමට ලක් වී ඇති. බලයට පත්වීමෙන් පසු පසුගිය මාස අට තුළ ඔවුන් අපව රැවටීමට ඉටු කර ඇති හෝ කළ දෙයින් පැහැදිලි වන්නේ AKD සහ ඔහුගේ කණ්ඩායම ඔවුන් පෙනෙන ආකාරයට නොවන බවයි. AKD රජය බලයට පත්වීමෙන් පසු, එක සුළු ගැටලුවක්වත් විසඳී නොමැති අතර ඉක්මනින් විසඳීමට උත්සාහ කර නොමැත.
–
වර්තමානයේ, සෑම දෙවන පුද්ගලයෙකුටම පාහේ, නැතහොත් ඔවුන්ට සහාය දුන් ඡන්දදායකයින්ගෙන් 50% ක්, මැතිවරණයේදී ඔවුන් දුන් බොරු පොරොන්දු වලින් අවදි වීමට පටන් ගෙන තිබේ. යථාර්ථය කිසි විටෙකත් ඌරන්ට පියාසර කිරීමට ඉඩ නොදෙන බව තිබියදීත්, වෛරී ප්‍රකාශ ප්‍රචාරකයින්ගේ සහ දේශපාලන වංචාකරුවන්ගේ සරල උපක්රමවලට මිනිසුන් හසු වී ඇත.
/
leelagemalli / June 2, 2025
Thank you for your article. But we should see things realistically.
.
Maybe our people were duped and fooled once more. From what they have accomplished or done to deceive us over the past eight months since taking power, it is clear that AKD and his team are not what they seem. Since the AKD government took power, not a single minor issue has gone unsolved or is being attempted to be resolved quickly.
–
Currently, nearly every second person, or 50% of the voters who supported them, are beginning to wake up from the false promises they made during the election. Despite the fact that the reality would never allow pigs to fly, people have fallen for the simple tricks of hate speech propagators and political crooks.
/