19 September, 2026

Blog

ආණ්ඩුවට අවශ්‍ය කරන මේ රාජ්‍ය බලය යනු කුමක්ද?

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

යම් කාලයක සිට රජයේ ජ්යෙෂ්ඨ සාමාජිකයින්රාජ්ය බලයපිළිබඳව කතාබහ කරමින් සිටිති. ඔවුන් පවසන්නේ තමන්ට ආණ්ඩු බලය ලැබුණද රාජ්ය බලය නොලැබුණු බවයි. මේ පිළිබඳව ගැඹුරින් විමසා බලන විට පෙනී යන්නේ, පාලන යාන්ත්රණය ඵලදායී ලෙස ක්රියාත්මක කිරීමේ බලය තමන් සතුව නොමැති බව ඔවුන්ගේ අදහස බවයි. මෙම පාලනය තහවුරු කර ගැනීම සඳහා එක් අතකින් ඔවුන් තම විශ්වාසවන්තයින් ප්රධාන තනතුරුවලට පත් කිරීමට උත්සාහ කරන අතර, අනෙක් අතට තමන්ට රාජ්ය බලය නොලැබුණු බවට වන අදහස සමාජගත කිරීමටද උත්සාහ කරති. මෙම ලිපියේ අරමුණ වන්නේ මෙම තත්ත්වය විමසා බැලීමයි.

ශ්රී ලංකාවේ හෝ වෙනත් ඕනෑම රටක නිලධාරිවාදය බලගතු සාධකයකි. ඊට ධනාත්මක මෙන්ම සෘණාත්මක පැතිද ඇත. එහි ඇති ප්රධාන ධනාත්මක පැතිකඩ වන්නේ රජයේ යාන්ත්රණයේ අඛණ්ඩ පැවැත්ම එයින් සහතික වීමයි; ප්රධාන සෘණාත්මක පැතිකඩ වන්නේ රජයේ තීරණ ක්රියාත්මක කිරීමේදී දක්නට ලැබෙන මන්දගාමී ස්වභාවයයි.

වසර ගණනාවක් පුරා ශ්රී ලංකාවේ රජයයන් තම තීරණ ක්රියාත්මක කර ගැනීමේ  මන්දගාමී ස්වභාවයට මුහුණ දුන් අතර, ඒ සඳහා ඇතැම් රජයන් විසින් නිශ්චිත පිළියම් යොදන ලදී. මට මතක ඇති පළමු උදාහරණය වන්නේ 1970 දී  සමගි පෙරමුණු රජය මුහුණ දුන් තත්ත්වයයි. සමාජවාදය කරා යන ගමන වේගවත් කිරීමට ඔවුන්ට අවශ්ය වූ අතර, ඒ සඳහා වූ බාධා කිහිපයක් ඔවුන් හඳුනා ගත්හ. පළමුවෙන්ම ඔවුන් සෙනෙට් සභාව අහෝසි කළ අතර, ඉන්පසු රජයේ යාන්ත්රණයේ තීරණ ගැනීමේ බලතල දේශපාලන නායකත්වයට පවරමින් සියලු දිස්ත්රික්කවලදේශපාලන අධිකාරික්රමයක් ස්ථාපිත කළහ. මෙම අධිකාරිය දිස්ත්රික් ලේකම්වරයාට හෙවත් දිසාපති වරයාට  ඉහළින් ක්රියාත්මක විය. පසුව එක්සත් ජාතික පක්ෂ (එජාප) රජය යටතේ මෙම ක්රමයදිස්ත්රික් අමාත්ක්රමය දක්වා වර්ධනය​ විය. පසුකාලීනව මෙම ක්රමය වෙනුවට පළාත් සභා ක්රමය හඳුන්වා දෙන ලදී. රාජ්ය සේවා කොමිෂන් සභාව සතු බලතල අමාත්ය මණ්ඩලය වෙත පැවරීම ද සිදු කෙරිණි.

1977 දී බලයට පත් වූ එජාප රජය, අපනයනකරුවන් මුහුණ දුන් ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ලලිත් ඇතුලත්මුදලි මහතා ගේ ප්රධානත්වයෙන්අපනයනකරුවන්ගේ සංසදය‘ (Exporters Forum) හඳුන්වා දුන් අතර, ඒ සඳහා අදාළ සියලුම රාජ්ය දෙපාර්තමේන්තු සහ ආයතනවල නියෝජිතයන් කැඳවනු ලැබීය. මහජනතාවට කඩිනම් සේවාවක් ලබා දීම සඳහා ආර්. ප්රේමදාස මහතා ජනාධිපති ලේකම් කාර්යාලය  සහ සියලුම අමාත්යාංශ ජනාධිපති ජංගම සේවය යටතේ දුෂ්කර ප්රදේශ වෙත රැගෙන ගියේය. කාර්යයන්  ඉටු කරවා ගැනීම සඳහා ඔහු රාජ්ය නිලධාරීන්ව අලුයම අවදි කරවීමට පවා කටයුතු කළේය.

කලකට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්රකාශ කළේ, තමන් පවසන ඕනෑම දෙයක් චක්රලේඛ බවට පත්වන බවයි. මෙම ප්රකාශය දැඩි විවේචනයට ලක් වුවද ඔහු මෙම ප්රකාශය කළේ කාර්යයන් යුහුසුළුව කර ගැනීමට නොහැකි වීම නිසාය. රාජ්ය නිලධාරීන් යැපෙන්නේ චක්රලේඛ මතය.

එබැවින් මෙම ගැටලුව දිගු කලක් තිස්සේ පැවතුණි. කඩිනම් විසඳුම් ලබා ගැනීමේ අරමුණින්, වත්මන් රජය තීරණාත්මක තනතුරු සඳහා තමන්ගේ විශ්වාසවන්තයින් පත් කිරීමට පියවර ගත්තේය. පෙර රජයන් ද මෙවැනිම ක්රියාමාර්ග ගෙන තිබුණි. 1965 දී ජේ. ආර්. ජයවර්ධන  මහතා, සිවිල් සේවයේ සාමාජිකයෙකු නොවූ ආනන්දතිස්ස ද අල්විස් මහතාව රාජ්ය අමාත්යාංශයේ ස්ථිර ලේකම්වරයා ලෙස පත් කළේය. ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අවදියේ ඔහු, සිය ආණ්ඩුක්රම ව්යවස්ථානුකූල අභිමතය පරිදි, පෞද්ගලික නීතිඥ වරයකු ලෙස​ කටයුතු කළ නෙවිල් සමරකෝන් මහතා අගවිනිසුරු ලෙස පත් කළේය. මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ රජය ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළේය. බණ්ඩාරනායක මහත්මියගෙන් පසුව එම ධුරයට පත් වූ මොහාන් පීරිස් මහතා, ඉන්පසු ජනාධිපති ධුරයට පත්වූ මෛත්රීපාල සිරිසේන මහතාගෙන් තමා දිගටම එම තනතුරේ තබා ගන්නා ලෙසත් ඒ වෙනුවෙන් සිරිසේන මහතාගේ  අවශ්යතා ඉටු කරන බවට සහතික වූ බවත් සිරිසේන මහතා ප්රසිද්ධියේ ප්රකාශ කළේය.

වර්තමාන රජය විසින් අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස රංග දිසානායක පත් කරන ලද අතර, ඔහු මීට කලකට පෙර ජවිපෙ නීති කමිටුවේ සාමාජිකයෙකුව සිටි බවට නැසීගිය නන්දන ගුණතිලක විසින් ප්රකාශ කරන ලදී. දිසානායක විසින් මෙම චෝදනාව ප්රතික්ෂේප කළද, ඔහු ගුණතිලකට එරෙහිව නිසි නීතිමය ක්රියාමාර්ගයක් ගෙන නොමැත. කොමිසමේ ස්වාධීනත්වය පිළිබඳ කාරණය සැලකිල්ලට ගැනීමේදී මෙම චෝදනාව ඉතා බරපතල එකක් විය. නව දූෂණ විරෝධී පනත හඳුන්වා දීම සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලද  බලපෑම් කළ අතර, මා ද සහභාගී වූ සිවිල් සමාජ නියෝජිතයින් සමඟ පැවති හමුවකදී, අලුතින් පත් කරන ලද කොමසාරිස්වරුන් ස්වාධීනදැයි ඔවුහු  අපගෙන් විමසා සිටියහ. එබැවින්, මෙම කාරණය අවිනිශ්චිත තත්ත්වයක තබා ගැනීම නිවැරදි නොවේ.

ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන නිලධාරීන් ජාතික ජන බලවේගයේ සාමාජිකයන් ලෙස කටයුතු කරමින් මැතිවරණ රැලිවලදී දේශන පවත්වා තිබියදී, ඔවුන්ව ඔවුන්ගේ වත්මන් තීරණාත්මක තනතුරුවලට පත් කිරීම එම තනතුරු වල සිටින නිලධාරීන් සතුව තිබිය යුතු ස්වාධීනත්වය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් විය.

බහුතරයකගේ අභිලාෂයන්ට පටහැනිව, දැනට සේවයේ නිරත ශ්රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමට රජය ගත් පියවර ද මෙවැනිම තත්වයකට මඟ පාදනු ඇත.

රාජ්ය බලයඅත්පත් කර ගැනීම සඳහා රජය අනුගමනය කරන ප්රවේශය භයානක එකකි.

ගැටලුව, එනම් නිලධාරිවාදයේ අක්රියතාව රජයේ ක්රියාමාර්ග නිසා උග්ර වන්නට ඇත. “සොරුන් ඇල්ලීමේමෙහෙයුම යටතේ බොහෝ රජයේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්රශ්න කරන ලද අතර සමහරක් සුළු කාරණා සම්බන්ධයෙන් රිමාන්ඩ් කරනු ලැබීය. රාජ්ය පරිපාලන අමාත්යාංශයේ හිටපු ලේකම් ප්රියන්ත මායාදුන්නේ එක් උදාහරණයකි. වැරදි කරන ලද දේශපාලනඥයින්ට හෝ නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් කිසිවෙකුට රජයට දොස් පැවරිය නොහැක. රජය ඒ සඳහා ඉදිරියට යා යුතුය, නමුත් එම ක්රියාවලියේදී අහිංසක රජයේය සේවකයින්ට හිරිහැර නොවන බවට ඔවුන් සහතික විය යුතුය. මේ මගින් රාජ්ය සේවයට යන සංඥාව නම් තීරණ ගැනීමේදී තමන් අතිශයින්ම ප්‍රවේශම් විය යුතු බවයි.

පෞද්ගලික අංශයේ කළමනාකරුවන්ට තීරණ ගැනීමට අවසර ඇත. ඔවුන් ක්ෂුද්ර කළමනාකරණයට යටත් නොවන අතර නිසි සැලකිල්ලෙන් යුතුව යහපත් විශ්වාසයකින් ගත් වැරදි තීරණ සඳහා දඬුවම් නොලැබේ. යම් ආයතනයක් වෙනත් ආකාරයකින් හැසිරෙන්නේ නම් ඔවුන්ට කිසිදු වර්ධනයක්  අපේක්ෂා කළ නොහැක.

සමහර රජයේ නිලධාරීන් සම්පූර්ණයෙන්ම අක්‍රිය​ වන අතර සැමවිටම තමන් ආරක්ෂා වීමට උත්සාහ කරති. රජයේ වර්තමාන නඩු පැවරීමේ ක්රමය සමඟ තවත් නිලධාරීන් මෙම කාණ්ඩයට වැටෙනු ඇත.

රාජ්ය බලය අත්පත් කර ගැනීමට තමන්ට අවශ්ය බව ප්රවාහන නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන ප්රකාශ කළේමේ පසුබිම තුළය. 1971 සහ 1988 වසරවලදී ජවිපෙ  විසින් දියත් කළ කැරලිවලින් ඔවුන් ජයග්රහණය කළේ නම්, ඔවුන් හුදෙක් ආණ්ඩුවේ බලය පමණක් නොව රාජ්ය බලය ද අත්පත් කරගන්නට ඉඩ තිබූ බව ඔහු පැවසීය. නමුත් ඔහු එක් කරුණක් අමතක කර ඇත. 2022 වසරේදී ජවිපෙ නායකත්වයෙන් යුත් පිරිසක් පාර්ලිමේන්තුවට පහර දීමට උත්සාහ කළ අතර, එහි ජවිපෙ ජ්යෙෂ්ඨ නායකයෝ ද සිටියහ. ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති නිල නිවස සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කැරලිකරුවන්ගේ පාලනයට නතු වී තිබූ අවස්ථාවේදීම ඔවුන්ට පාර්ලිමේන්තුව ද අත්පත් කරගත හැකිව තිබුණේ නම්, රාජ්ය බලය ද ඔවුන් සතු කරගැනීමට ඉඩ තිබුණි. විප්ලවයකින් හෝ කැරැල්ලකින් පසු රාජ්ය බලය අත්පත් කරගැනීමක් සිදුවුවහොත්, එය ප්රජාතන්ත්රවාදයේ අවසානය වනු ඇත.

අපගේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 3 වන වගන්තියට අනුව, ශ්රී ලංකා ජනරජය තුළ පරමාධිපත්යය ජනතාව සතු වන අතර එය කිසිවෙකුට පැවරිය නොහැකි දෙයකි. එබැවින් ජනතාවට එය ජවිපෙට හෝ වෙනත් කිසිවෙකුටහෝ  ලබා දිය නොහැක.

රජය පවසන්නේ තමන්ට රාජ්ය බලය අවශ්ය බවයි. එක් අතකින් බලන විට, ඔවුන් සැලකිය යුතු ප්රතිපත්ති ප්රමාණයක් සම්මත කරගෙන හෝ සැලකිය යුතු ප්රධාන විධායක තීරණ ගෙන නොමැත. ඔවුන් සතුව ජනාධිපතිවරයෙකු සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් පවතී. මෙහිදී ප්රධාන වශයෙන්ම ක්‍රියාකාරිත්වයේ අඩුවක් දක්නට ලැබෙන්නේ ඔවුන්ගේ පැත්තෙනි; එය නිලධාරී තන්ත්‍රයේ වරදක් නොවේ. කටයුතු ඉටු කර ගැනීමේදී ඔවුන්ට යම් ප්රතිරෝධයකට මුහුණ දීමට සිදුවන්නට ඇත; එහෙත් නිලධාරී තන්ත්රයේ අක්රියතාව හේතුවෙන් අවසාන වශයෙන් පීඩාවට පත්වන ජනතාවගේ අත්දැකීම් ඔවුන් සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඇත. එබැවින්, පරමාධිපත්යය හිමි ජනතාවගේ දෘෂ්ටිකෝණයෙන් විසඳුම් යෝජනා කළ යුතුව තිබුණි. ගැටලුව ජවිපෙ දෘෂ්ටිකෝණයෙන් බලන විට ඔවුන්ට රාජ්ය බලය අවශ්ය වුවද, ජනතාවගේ දෘෂ්ටිකෝණයෙන් බලන විට ඊට ඇති විසඳුම කුමක්ද?

රාජ්ය සේවය ප්රතිව්යුහගත කළ යුතුය. අතිරික්ත සේවකයින්ගේ සේවය අවසන් කළ යුතු අතර, ඉතිරි සේවකයින්ගේ වැටුප් වැඩි කළ යුතුය. ප්රධාන කාර්ය සාධන දර්ශක (KPIs) හඳුන්වා දිය යුතුය. උසස්වීම් ලබා දිය යුත්තේ ජ්යෙෂ්ඨත්වය මත නොව කුසලතාව මත පදනම්වය. රාජ්ය සතු ආයතනවල හිමිකාරිත්වය පෞද්ගලීකරණය කිරීම හෝ ඒවා රජය සහ පෞද්ගලික අංශය අතර හවුල් ව්යාපාර බවට පත් කිරීම සිදු කළ යුතුය. 1960 ගණන්වලදී රාජ්ය සේවකයින් මහජනතාව වෙත යවන ලිපිවලඔබගේ කීකරු සේවකයනුවෙන් සඳහන් කර අත්සන් තැබූහ. එම ක්රමය නැවත හඳුන්වා දිය යුත්තේ, ලිපියකට අත්සන් තබන සෑම අවස්ථාවකදීම තමන් මහජනතාවගේ සේවකයින් බව එයින් ඔවුන්ට සිහිපත් වන බැවිනි. කෙසේ වෙතත්, දේශපාලනඥයින්ටඑනම් තම ප්රධානීන්ටලිපි ලියන විට එම කොටස අවශ්ය නොවේ.

එබැවින්, රාජ්ය බලය අත්පත් කර ගැනීමට උත්සාහ කරනවාට වඩා ජවිපෙට කළ හැකි බොහෝ දේ තිබේ. යතාර්ථය​ නම්, ජනාධිපති ධුරය සහ පාර් ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහිතව රට පාලනය කරන්නන්ගේ අක්රියභාවය පිළිබඳ ගැටලුවට රට මුහුණ දී සිටීමයි.

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment