සෑම පරම්පරාවක්ම, ඊටම විශේෂිත වූ අභියෝගයන්ට මුහුණදෙතැ යි මම විශ්වාස කරමි: එහෙත් ඒවා අතරින් වඩාත් බරපතල සහ වඩාත් නිශ්චිත වන්නේ, සදාචාරය සහ ධෛර්යට අදාළ අභියෝගයන් ය. ඒ නිමේෂය යම් හෙයකින් අතහැරුණොත්, එම පරම්පරාව සහ සමහර විට තවත් පරම්පරා ගණනාවක් අප සිතනවාට වඩා නපුරු සහ අප‍්‍රසන්න ලෝකයකට නියම කෙරේ. 1930 දශකයේ අවසාන භාගයේ නිදහස් ලෝකයේ බොහොමයක් දෙනාට, පෝලන්තය ආක‍්‍රමණය කළ මොහොත සහ පර්ල් වරායට බෝම්බ හෙලූ මොහොත, එවැනි අවස්ථාවන් විය. එය මගේ සීයාගේ පරම්පරාවට, පැත්තකට වී බලා සිටින්නේ ද, නැතහොත් වෙනත් කෙනෙකුගේ හේතුවක් වෙනුවෙන් ගොස් සටන් වදින්නේ ද යන්න තීරණය කළ යුතු මොහොතක් විය. ඔවුන්ගේ වාසනාවට, එම තේරීම අපහසු එකක් නොවුණි: මන්ද යත්, ඔවුන්ගේ ආණ්ඩු ඔවුන් වෙනුවෙන් ඒ තීරණය ගෙන තිබුණු බැවිනි. මගේ සීයා ද ඇතුළු දස ලක්ෂ ගණන් පිරිමි, ඔවුන්ගේ ලෝකය ජාතිවාදයෙන් සහ අත්තනෝමතිකත්වයෙන් ගලවා ගනු වස්, සාගර තරණය කොට, කාන්තාරවලට සහ කැලෑවලට ගියෝය. 1960 දශකයේ ඇමරිකාවට ඒ නිමේෂය ඈඳී තිබුණේ ස්ථානයකට අදාළවයි. ඒ, වියට්නාමය විය. එමෙන්ම එය, සදාචාරමය තේරීමක් විය. ඇමරිකාව ඒ තීරණය ගත්තේය. එහෙත් ඒ, දසලක්ෂ ගණනක් වියට්නාම් ජාතිකයන් සම්බන්ධයෙන් ගත් කල තරමක් ප‍්‍රමාද වූවක් විය.
එහෙත් ශ‍්‍රී ලංකාවට මීට වසර තිහකට පෙර ඒ ඉරණම් හෝරාව එන විට අපේ දෙමාපියන්ගේ පරම්පරාව අපව අතරමං කෙළේය. දශක ගණනාවක් තිස්සේ දෙමළ ජනයාට එරෙහිව දියත් වෙමින් තිබූ අන්තවාදී වාගාලාප එම ජනයාට එරෙහි කායික හිංසාවක් බවට අවසානයේ පරිවර්තනය වෙද්දී අපේ දෙමාපියෝ ඒ දෙස බලා උන්හ. නීතිය යටතේ සුළු ජාතිකයන්ට හිමිව තිබූ ආරක්ෂණය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන විට ඔවුහූ කිසිවක් නොකීහ. තමන් අවට පැතිරෙමින් තිබූ ජාතිවාදය සහ වෛරය ඉදිරියේ ඔවුහූ මුනිවත රැුක්කෝය. පහරදීම්, ඝාතනය කිරීම්, ¥ෂණය කිරීම් සහ හිංසනයන්, ‘කළු ජුලිය’ නමින් අද දන්නා විනාශයේ පරිපාකයට පැමිණෙන විට ඊට එරෙහිව ඔවුහු කිසිවක් නොකළෝය. අපේ දෙමාපියන් එතරම් හීලෑ වුණේ, දුරදක්නා නුවණින් එතරම් දුප්පත් වුණේ සහ තමා ඉදිරියේ ඇති තේරීම් සම්බන්ධයෙන් ඔවුන්ට එතරම් වැරදුණේ ඇයි ද යන්න, වසර තිහක් තිස්සේ අපේ සිත් පෙලූ ප‍්‍රශ්නයකි. අපේ රට, මිනිස් බෝම්බ සහ ළමා සොල්දාදුවන්ගෙන් ද, යුද ටැංකි සහ කාලතුවක්කුවලින් ද දෙකඩ වෙනු අපි බලා සිටියෙමු. ලක්ෂයක් මිනිසුන් මියයනු අපි බලා සිටියෙමු. මන්ද යත්, අපේ දෙමාපියන්, ‘‘නතර කරනු’’ යැයි කටක් ඇර නොකී බැවිනි.
අවුරුදු තිහකට පසු ඔරලෝසුවේ වේලාව නැවත දොළහට මිනිත්තු පහට පැමිණ ඇත: සිංහල=බෞද්ධයන් සඳහා පමණක් මේ රට අයිති කර ගැනීමට ජාතිවාදියෝ හිංසනය කැඳවති. ඉතා කුඩා සුළුතරයකට තමන්ගේ ජීවන ක‍්‍රමය වෙනස් කරගන්නැ යි ඔවුහූ බල කරති. නොඑසේ නම් මේ රටින් පිටව යන්නැ යි තර්ජනය කරති. වන්දනාමාන සඳහා ඔවුන්ට ඇති අයිතිය සීමා කිරීමට වලිකති. මේ ඉල්ලීම්වලට අනුගත නොවුණහොත් හිංසනය මුදාහරින බවට බිය ගන්වති. අපේ ආණ්ඩුව, වඩාත් හොඳින් කියන්නේ නම්, නිහඩ ය. වඩාත් නරකට ගත්තොත්, ඊට හවුල් ය. මුස්ලිම් භක්තිකයන්ට පහර දෙන විට පොලීසිය බලාගෙන සිටී. අත්අඩංගුවට ගැනීම් කිසිවක් නැත. හෙළාදැකීම් නැත. යුක්තියක් කියා දෙයක් නැත.
අවසාන වරට මෙය සිද්ධ වෙන විට මගේ වයස අවුරුදු එකොළහකි: දේවල් හරියට තේරුම්ගත නොහැකි දරුවෙක්. ඒ ජූලි මාසයේ ගිනි ජාලාවක් මැද්දෙන්, මාව මෝටර් සයිකලයේ හිඳුවාගෙන, අන්තරායකින් තොරව මාව ගෙදර එක්කරගෙන ගිය මගේ පියා, දෙමළ මිනිසුන්ට සහ මගේ රටට කෙරෙමින් තිබු ඒ අපරාධය නතර කිරීමට අසමත් වුණේ මන්දැ යි මම මගෙන්ම ප‍්‍රශ්න කරගෙන ඇති වාර අනන්ත ය. ඔහු බිය වුණි ද? නැත්නම්, තමාට අදාළ නැති දෙයක් වශයෙන් එය ගණන් නොගෙන සිටියේ ද? අද පවා ඒ ප‍්‍රශ්න මම මගෙන්ම විමසමි. ඒ ගිනිදැල් වෙතට නැවත දිවෙන මගේ රට නතර කිරීමට මා කිසිවක් නොකරන්නේ ඇයි? එම ප‍්‍රශ්නය මගේ මිතුරන්ගෙන් විශේෂයෙන්, බෞද්ධ මිතුරන්ගෙන් මගේ සගයන්ගෙන් සහ මගේ පෙම්වතියගෙන් මම විමසමි. ඔබ කිසිවෙක් ජාතිවාදී නොවෙති යි මම සිතමි. මුස්ලිම් ජාතිකයන් වධහිංසාවට පත්කළ යුතු යැයි ඔබ කිසිවෙක් විශ්වාස නොකරති යි මම සිතමි. එහෙනම්, ඊට එරෙහිව ඔබ කතා නොකරන්නේ ඇයි? ඊට එරෙහිව ඔබ විරෝධය නොපාන්නේ ඇයි? අපේ ගෙවල්වලින් අපව වීදි බස්සවා ඒ මැරයන්ට මුහුණදීමට, කඳුළු ගෑස්වලට, වතුර බෝම්බවලට සහ මූනිස්සම්වලට මුහුණදීමට තරම් අපව තල්ලූ කරන කිසිවක්ම ඇත්තේ නැද්ද? අපට, ලජ්ජාව කියා දෙයක් නැද්ද?
මේ මොහොතේ මම ලජ්ජාවෙන් විඳවමි. මගේ ආණ්ඩුව ගැන මට ලැජ්ජයි. මගේ යාළුවන් ගැන මට ලැජ්ජයි. මගේ රට ගැන මට ලැජ්ජයි. ඒ සියල්ලටම වඩා, මං ගැන මට ලැජ්ජයි. මගේ රට ගැන මේ විදිහට කිසි දවසක මට සිතී නැත. මා ගැන මෙසේ සිතෙති යි කිසි දවසක මට සිතී නැත. එහෙත් දැන් එසේ මට සිතෙයි. එසේ සිතීම, මගේ සිත පාරයි.
යුද්ධයේ රුදුරුතම මොහොතේ දී එය මගේ වරදක් නිසා සිදුවන්නේ නොවේ යැයි කියා මම හිත හදාගත්තෙමි. ඒ යුද්ධය මගේ තේරීමක් නොවෙති යි මම මටම කියාගතිමි. එහෙත් දැන් ඇත්තේ මේ මොහොතයි. මේ සිටින්නේ, දැන් මම ය. මේ සිටින්නේ, දැන් අප ය. මේ අපේ රට යි. අපේ ඉරණම් නිමේෂය මෙය යි. ඇයි අපි කිසිවක් නොකර ඉන්නේ?
*2013 අපේ‍්‍රල් 02 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Our moment of Destiny ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Sujan / April 6, 2013
Nice article David. But you failed to mentioned the cause of those actions. So call black July riots started when LTTE killed 14 SL Solders. July riots were fueled by some UNP politicians and thugs. I called them Sinhala terrorist. I was a kid then. I still remembered how my farther protected his Tamil employees giving them shelter and food. I learned my First humanitarian lesson from my late farther.
This new Anti Halal trend started in Sri Lanka when Muslim ULAMAS implemented Halal certification without consulting government and majority Buddhist. At the same time I do not accept behaviors of BBS and those who killed and destroyed Innocent Tamils in 1983.
But I have few questions for you Mr. Blacker
Where were you when LTTE killed Buddhist Monk in Aranthalawa?
Where were you when LTTE killed innocent kids and people in Border villagers?
Where were you when LTTE suicide bombers blasting trains and busses in south?
Why Now?
Did you raise your voice against (those I have mentioned above) Back then or now?
If you did my apologies. If not SHAME on you!
/
David Blacker / April 6, 2013
I was with my regiment at Elephant Pass. Where were you?
/
Lester / April 7, 2013
I was with my regiment at Elephant Pass.
Surrounded by scantily clad corpses.
/
David Blacker / April 7, 2013
Always happy to see that your masturbatory fantasies are fueled by war and corpses, Heshan. Must be that Christian upbringing :D
/
Senguttuvan / April 7, 2013
Please respect the spirit of the Official Languages Act. We need
a translation in Tamil, please. I can read the stuff but an English
version will help.
Senguttuvan
/
David Blacker / April 9, 2013
This is a translation of my previous article “Our Moment of Destiny”.
/
sach / April 9, 2013
Is it ok, if i copy this and send in a chain e mail?
/
David Blacker / April 10, 2013
Go ahead.
/