
ආචාර්ය ඒ.එම්. නවරත්න බණ්ඩාර
“මිනිසාට සමාජයෙන් පිටත සටන් කිරීමට හෝ ජීවත් වීමට නොහැකිය. මෙය ඔහුගේ ආවේණික ලක්ෂණයකි. ඇරිස්ටෝටල් එය හඳුනාගත් අතර එය පදනම් කර ගෙන මිනිසා ‘දේශපාලන සත්වයකු’ ලෙස හැඳින්වූයේය.” ~ Djilas, M. The New Class, p. 157
පූර්විකාව
පසුගිය දශක හතරක පමණ කාලය තුළ ශ්‍රී ලාංකේය ජනතාව සමාජයේ අනෙකුත් සියලුම ක්ෂේත්‍රයන් අභිබවා ප්‍රමුඛත්වය තහවුරු කරගනිමින් සිටින පන්තියක් ලෙස දේශපාලනඥයන් ඉදිරියට පැමිණෙන ක්‍රියාවලියක් අත්දැක ඇත. මෙම පන්තියේ වඩාත් දෘශ්‍යමාන ලක්ෂණය නම්, බලයේ සිටින විට, එහි සාමාජිකයින්ට ඔවුන්ගේ සාමූහික දේශපාලන බලය දේපල ස්වරෑපයක් ලෙස භාවිතා කිරීමෙන් ජාතික ධනයෙන් විශාල කොටසක් අයිති කර ගැනීමට හැකි වීමයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය තුළ සිදුවී ඇත්තේ යුගෝස්ලාවියානු විප්ලවයට මාර්ෂල් ටිටෝ සමඟ සහභාගී වී පසුව ඔහුගේ අමාත්‍යවරයකු වූ මිලෝවන් ජිලාස් විසින් සඳහන් කළ ආකාරයට දේශපාලන බලය විසින් නව පාලක පන්තියක් බිහිවීමය.
ඔහුගේ New Class නැමති සුප්‍රසිද්ධ ග්‍රන්ථය මගින් ජිලාස් ‘ඔවුන්ගේ විප්ලව සහ සමාජ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස පාලක පන්තියක පැවත්ම අහෝසීවී ගොස් ඇත’ යයි තර්ක කළ එවකට බලයේ සිටි පාලක කොමියුනිස්ට්වාදීන් ඉදිරිපත් කළ ප්‍රකාශයට පටහැනි න්‍යායක් ඉදිරිපත් කළේය.
යුගෝස්ලාවියාවේ කොමියුනිස්ට් ආන්ඩුවක සාමාජිකයෙකු ලෙස ජිලාස්ගේ නිරීක්ෂණය වූයේ “කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින්, රාජ්‍ය පද්ධතිය මත ඔවුන් විසින් ක්‍රියාත්මක කරන ලද සාමූහික දේශපාලන බලය භාවිතා කරමින්, නිෂ්පාදන මාධ්‍යයන් සමඟ නිශ්චිත සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන තිබෙන නව පන්තියක් බවට පත්වී තිබෙන බවය. ඒ මගින් ආණ්ඩු පක්‍ෂයේ සාමාජිකයන් විසින් ක්‍රියාත්මක කරමින් තිබූ සාමූහික දේශපාලන බලය ‘දේපළ ස්වරූපයක්’ බවට පත්ව ඇති බව ඔහු තර්ක කළේය.
ජිලාස් මෙම පංතියේ පැවත්මට ආධාර කරන පාලන ක්‍රමය විප්ලවයක් මගින් නිවැරදි කළ යුතු ගැටලුවක් ලෙස හඳුනා ගත්තේය. මෙම විප්ලවය 1990 ගණන්වලදී සිදුවූ අතර නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් පාලන තන්ත්‍රයන් බලයෙන් පහකර දමන ලදි.
ශ්‍රී ලංකාවේ නව පන්තියේ පැන නැගීම
ශ්‍රී ලංකාවේ පැන නැගී තිබෙන්නේ යයි මා සඳහන් කරන නව පන්තිය සමන්විත වන්නේ මැතිවරණ වලින්, නාමයෝජනයෙන්, පක්ෂවලට තිබෙන සාමාජිකත්වයෙන්, ආණ්ඩු පක්ෂ නායකයන් සමඟ පුද්ගලික සම්මුතිවලට එළඹීමෙන් යනාදී විවිධ ක්‍රම හරහා රාජ්‍යයේ බල මධ්‍යස්ථානවලට පැමිණි දේශපාලකයන් ගෙනි. ජාතික ධනයෙන් කොටසක් තමන් සතුකර ගැනීමට ඔවුන් යොදා ගන්නා මාධ්‍යයන් වන්නේ “ආණ්ඩුවේ ආයතනික වරප්‍රසාද, රජයේ කොන්ත්‍රාත්තුවලින් ගන්නා කොමිස් මුදල්, ව්‍යාජ අයවැය ප්‍රතිපාදන සහ ප්‍රසම්පාදන හරහා සිදුකරණ මිළදී ගැනීම්, අත යට සිදුවන මූල්‍ය ගනුදෙනු ඇතුළත් අයුතු ලාබ ප්‍රයෝජන සහ ඇතැම් විට ටෙන්ඩර් ලබාදීම හරහා ව්‍යාපාරිකයන්ගෙන් හෝ ඔවුන්ගේ නියෝජිතයන්ගෙන් ලබා ගන්නා මුල්‍ය සහ වෙනත් ප්‍රතිලාබ, කූට ව්‍යාපාරිකයන් සමග එක්වී රජයට සිදුකරන සැපයීම් හරහා මුදල් හම්බ කිරීම, පක්ෂ මාරු කිරීම මගින් ලබාගන්නා අල්ලස්” යනාදියයි.
ඔවුන් බලයේ තබා ගැනීම සඳහා රාජ්‍යයේ විස්තීරණ උපකරණ ලෙස ක්‍රියා කරන නිලධාර, මිලිටරි සහ පොලිස් යන්ත්‍ර සහ සිවිල් සමාජයේ සහ ජනමාධ්‍යවල සාමාජිකයන් පවා යොදවා ගැනීමට මෙම පන්තිය ක්‍රියා කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රභූ කණ්ඩායම් අතර සිදුවන ප්‍රචණ්ඩ බල අරගල බවට මැතිවරණ පත්වී ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදය සරදමක් බවට පත්ව ඇත. ඒ නිසා සෑම සංවේදී පුද්ගලයෙක්ම මැතිවරණ දෙස පිළිකුලෙන් බලන්නට පටන් ගෙන තිබේ.
මෙම ලිපියේ මීළඟ කොටස් වලින් අපි ශ්‍රී ලංකාවේ මෙම නව පන්තියේ ආරම්භයට පදනම දැමූ ඓතිහාසික සැකසුම සහ එම පන්තියේ වර්ධනයේ අවධි පිළිබඳව විමසා බලමු.
ඓතිහාසික සැකසුම
ශ්‍රී ලංකාවේ දේශපාලන පන්ති බිහිවීමට ඉවහල් වූ ඓතිහාසික පසුබිම තේරුම් ගත යුත්තේ “නූතනත්වය” මෙහි පැමිණීමේ සන්දර්භය තුළ ය. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ලංකාවේ ජනතාව “නූතනත්වයේ” බලවේගවලට මුහුණ දුන් අතර එය මෙම කුඩා දිවයින ගෝලීය ධනවාදයේ හවුල්කරුවෙකු බවට පත් කිරීමට පදනම සකස් කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රභූ–ජනතා යන ද්විකෝටිය ඔස්සේ දේශීය සමාජය බෙදෙන්නට පටන් ගත් අතර එම ක්‍රියදාමය හරහා නූතනත්වයේ වටිනාකම් ක්‍රමක්‍රමයෙන් සමාජය විසින් වැළඳ ගන්නා ලදි.
19වන සියවසේ අගභාගයේ වර්ධනය වෙමින් තිබූ යටත් විජිත ධනවාදයේ ප්‍රථම ස්වදේශික සමාජ නිෂ්පාදනය වූයේ දේශීය ව්‍යවසායක පන්තියක් බිහිවීමයි. මෙම පන්තිය 1505-1656 කාලයේදී දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ පාලනය කළ පෘතුගීසි පාලන යුගයේ සිට යටත්විජිතවාදීන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ මුදලිවරු නම්වූ වැඩවසම් ප්‍රභූවරුන්ගේ ස්ථානය ගනිමින් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට පැමිණියේය.
තමන්ගේ අධ්‍යාපන සහ ව්‍යවසායක ක්‍රියාකාරකම් තුළින් ලිබරල් සාරධර්ම වැළඳගත් පුද්ගලයන්ගෙන් සමන්විත දේශීය “මධ්‍යම පන්තිය” (වර්තමාණ නිර්වචන අනුව නම් බුද්ධි ඝණය intelligentsia යනුවෙන් හැඳින්විය යුතු කණ්ඩායම) මෙම පන්තිය තුළින් ඉදිරියට පැමිණීම සමග මෙම ව්‍යවසායක පන්තියේ නැගීම සවිඥානික ක්‍රියාවලියක් බවට පත් විය.
මෙසේ ඉදිරියට පැමිණි මධ්‍යම පන්තියේ පැවැත්ම සහ වර්ධනය දැඩි ලෙස රඳා පැවතුනේ නැගී එන යටත් විජිත ධනේශ්වර සමාජය සමග අත්වැල් බැඳගත් අයිතිවාසිකම් සහ නිදහස්කම් වන සංචරණය, සංවිධානයවීම, භාෂණය, අදහස් ප්‍රකාශනය වැනි නිදහස්කම් මත ය. කාර්මික ධනවාදයේ ආගමනයත් සමඟ යුරෝපයේ බිහි වූ මධ්‍යම පංතිය හෝ බුද්ධි ඝණයට සමානව, ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තියද නිර්බාධවාදී ධනවාදය හා බැඳුනු “දක්ෂතාවය මුල්කරගත් ලිබරල් වටිනාකම්” මත සිය පැවැත්ම සඳහා රඳා පැවති තමන්ගේමවූ විශේෂිත පැවත්මක් ඇති කණ්ඩායමකි.
විසිවැනි ශත වර්ෂයේ ආරම්භයේ දී අපගේ විශ්ලේෂණ විෂය වන ශ්‍රී ලංකාවේ දේශපාලන පන්තියේ පළමු පරම්පරාව සපයාදීමට මෙම දේශීය මධ්‍යම පන්තිය මූලික විය. එම ශතවර්ෂයේ ආරම්භයේ සිට හඳුන්වා දුන් ව්‍යවස්ථා වෙනස්කම් නිසා දේශපාලන ක්ෂේත්‍රයේ පූර්ණ කාලීනව වැඩ කළ හැකි පුද්ගලයින් සමූහයක පැවැත්ම අවශ්‍ය විය. ආරම්භයේදී ඔවුන්ගේ කාර්යභාරය වූයේ දේශීය මධ්‍යම පන්තිය, ව්‍යවසායකයින් සහ දේශීය සමාජයේ ධනවත් කොටස්වල අවශ්‍යතා නියෝජනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සහභාගී වීමයි. සියල්ලටත් වඩා, යටත් විජිත ආන්ඩු පාලනයේ සහ පරිපාලනයේ සමාන කොටසක් තමන්ටද අත්පත් කර ගැනීම සඳහා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ට සිදුවිය.
1911 සිට 1931 දක්වා සිදු වූ ව්‍යවස්ථා වෙනස්කම්, විශේෂයෙන් ඡන්ද බලයේ වර්ධනය සහ භෞමික මැතිවරණ කොට්ඨාශ පුළුල් කිරීම යනාදිය කරන කොටගෙන වැඩුනු දේශපාලන ක්‍රීඩාවේදී සංඛ්‍යාත්මකව වර්ධනය වෙන අතර මෙම පන්තියට වෘත්තීයමය වශයෙන් පරිණත වීමට අවකාශ සැලසින. 1931 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය මඟින් ඔවුන්ට විධායක ආණ්ඩුවේ පංගුවක් පිරිනැමීම නිසා තමන්ගේ දේශපාලන පැවත්ම සඳහා මහජන පදනමක් ගොඩ නගා ගැනීමට ඔවුන්ට හැකි විය. මීළඟට කතා කරන්නේ මේ පළමු පරම්පරාව ගැනය.
පළමු පරම්පරාව
1912 න් පසු ව්‍යවස්ථාදායක සහ විධායක සභාවල සාමාජිකත්වය පුලුල් වීම මධ්‍යම පාන්තික පුද්ගලයින් වැඩි පිරිසක් පූර්ණ කාලීන දේශපාලනයට ගෙන ආවේය. ඔවුන්ගේ කාර්යභාරය වූයේ අන් අයගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීමට ක්‍රියාකිරීමය. ඔවුන්ට නීති සම්පාදනයට සහ යම් ප්‍රමාණයකට රජයේ විධායක කටයුතුවලට සහභාගි වීමට සිදු විය.
1931දී සර්වජන ඡන්ද බලය ලබා දීමෙන් දේශපාලන පන්තියේ සාමාජිකත්වය මෙන්ම භූමිකාවද පුළුල් විය. එතැන් සිට සමාජයේ විවිධ සමාජ හා සංස්කෘතික කොටස්වලට අයත් ජනතාවගේ නියෝජිතයන් බවට පත්වීමට ඔවුන්ට සිදු විය. මේ වෙනස්කම් සමඟ දේශපාලන ක්ෂේත්‍රයට පිවිසි දේශපාලකයන්ට මධ්‍යම පන්තියේ සාමාජිකයන් වූ බලගතු කණ්ඩායම්වල ආර්ථික, සමාජීය හා දේශපාලන අවශ්‍යතා අනුව සකස් කළ පරාමිතීන් තුළ පමණක් රැඳී සිටීමට නොහැකි විය. දැන් ඔවුන්ට නව ලිබරල් සාරධර්ම සමඟ සම්පූර්ණයෙන් සමාජගත නොවූ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කිරීමටද සිදුවිය. මෙම සන්දර්භය තුළ, මෙම දේශපාලන පන්තියේ මැතිවරණ හා දේශපාලන කාර්යයන් සංවිධානය කිරීම සඳහා දේශපාලන පක්ෂ ගොඩනැගීමට පහසුකම් සපයන දේශපාලන සංවිධාන පැනනැගුනේය.
මේ ආකාරයට ඉදිරියට පැමිණි පළමු පරම්පරාවේ දේශපාලනඥයන් “මහත්වරු” ලෙස හැඳින්විය හැකිය. ඔවුන් ඡන්දදායකයින්ගේ කැමැත්තට සහ නීතියට ගරු කළෝය. ඔවුන් දේශපාලන බලය සමග සමබන්ධවීමේදී ලිබරල්වාදී ප්‍රවේශය අනුගමණය කළෝය. තමන් මහජන සම්පත්වල භාරකරුවන් ලෙස තම භූමිකාව හඳුනාගෙන සිටි අතර අවශ්‍ය ඕනෑම අවස්ථාවක බලය හැර යාමට සූදානම්ව සිටියෝය.
මෙම තත්වයට ව්‍යතිරේඛීව සිදුවූයේ ඔවුන් කුලය, වාර්ගිකත්වය සහ ආගම වැනි සමාජයේ ප්‍රාකෘතික සහ පසුගාමී බැඳීම් හැසිරවීම ඉලක්ක කරගත් දේශපාලන ව්‍යාපාරවල නියැලීම සහ අල්ලස් ගැනීම වැනි අයථා කටයුතුවලට සම්බන්ධවීමය. දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේදී පත් කරන ලද ශ්‍රී ලංකාවේ පළමු අල්ලස් කොමිසමට ඇතැම් දේශපාලකයන්ගේ දූෂිත ක්‍රියා හසුවීමෙන් මෙය පැහැදිලි විය.
නිදහසින් පසු කාලය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලන පංතිය නාටකාකාර පරිවර්තනයකට ලක් විය. 1950 ගණන්වල සිට දේශපාලනය ක්‍රම ක්‍රමයෙන් අන් සියලු කාර්ය කේෂ්ත්‍ර අභිබවා රටේ ප්‍රමුඛතම ක්‍රියාවලිය බවට පත් විය. එය ආර්ථික ක්‍රියාවලීන් පමණක් නොව සමාජයේ සංස්කෘතික හා ආගමික ක්ෂේත්‍රයන් කෙරෙහි ද තම ප්‍රමුඛත්වය විස්තීරණ කළේය. නිලධර, ආර්ථික, සංස්කෘතික සහ ආගමික කොටස් කෙරෙහි දේශපාලනයේ ප්‍රමුඛත්වය ඇතිකිරීම සඳහා වාම සහ මධ්‍ය–වාම දේශපාලන මතවාදයන් විසින් ජනතාව අතර ප්‍රවර්ධනය කරන ලද රාජ්‍යය මත යැපෙන ප්‍රවේශය විශාල අනුබලයක් සපයන ලදි. දේශපාලන පන්තියේ දෙවන පරම්පරාව පැන නැගීම සිදුවූයේ මෙම පසුබිම තුළය.
දෙවන පරම්පරාව
මෙම දෙවන පරම්පරාව විසින් ගෙන එන ලද සංස්කෘතික ජීවිතය සැකසීමට බලපෑ සමාජ පන්ති පසුබිම හැඩගැසීමේ ආරම්භය සළකුණු කළ හැරවුම් ලක්ෂය වූයේ 1956 මැතිවරණයයි. එම අවස්තාවේදී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායකගේ මැතිවරණ ජයග්‍රහණය නව බල වළල්ලක් දේශපාලනය තුළ ගොඩනැංවීය. මෙම මැතිවරණය “සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය ” යනුවෙන් හැඳින්වූ බලවළල්ලක් නිර්මාණය කළෝය. ඔවුහු දේශපාලනයේ පෙරමුණට ගෙන එමින් 20වන සියවස ආරම්භයේ සිට බලයේ සිටි ඇංග්ලිකන් ප්‍රභූන්ව බලයෙන් පහ කිරීමට සමත් විය.
දේශපාලන පන්තියේ සමාජ පන්ති පසුබිම වෙනස් වීම 1956-77 කාලයේදී පැහැදිලිව දිස්වූ ප්‍රපංචයකි. එස්ඩබ්ලිව්ආර්ඩීගේ ජයග්‍රහණය නව මාදිලියක දේශපාලඥයෙකු පාර්ලිමේන්තුවට ගෙන ආ අතර, එහි ප්‍රතිපල ලෙස පාර්ලිමේන්තුවේ වාද විවාද සඳහා ස්වභාෂා භාවිතා කිරීමට අවශ්‍ය විය. විදේශ සබඳතා, ආර්ථික සංවර්ධනය, අධ්‍යාපනය, රාජ්‍ය භාෂාව, සංස්කෘතිය සහ ආගම යන ක්ෂේත්‍රවල සිදු වූ ප්‍රතිපත්ති වෙනස්කම් ස්වභාෂා කතා කරන අය පාර්ලිමේන්තුවට යැවීම වැඩි කිරීමට ඡන්දදායකයන්ට බලපෑම් කළේය. මීට පෙර සමාජ පන්ති භේදය අනුව වම සහ දකුණ වශයෙන් බෙදී සිටි දේශපාලන පක්ෂ දැන් වාර්ගික හා ආගමික වශයෙන් මතුවෙමින් තිබූ නව දේශපාලන මායිම්වල ගොදුරු බවටද පත්වන්නට පටන් ගත්තේය.
1972 දී පිහිටුවන ලද ජනරජය මෙම වර්ධනයන් බොහොමයක් පිළිබිඹු කළේය. බලතල බෙදීම වෙනුවට බලය කේන්ද්‍ර ගතවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කැපී පෙනෙන ලක්ෂණය බවට පත් වූ අතර එය අවසානයේ රජය තුළ අගමැතිගේ ඒකතන්ත්‍රයක් ඇති කළේය. සමාජයේ පැවති ජනරජ හා සමාජවාදී සිහින, සහ එක්තරා දුරකට බහුතර ප්‍රජාවගේ වාර්ගික සහ ජාතිකවාදී මතවාදය ව්‍යවස්ථා කරළිය තුළ සිදුවෙමින් පවතින දේශපාලන බල සංකේන්ද්‍රණය වසං කිරීමට යොදා ගන්නා ලදී.
මෙම ක්‍රියාවලියේ පළමු වින්දිතයන් වූයේ අධිකරණය සහ රාජ්‍ය නිලධර තන්ත්‍රයයි. ආණ්ඩුවේ අංශ තුනෙන් දුර්වලම ආයතනය බවට අධිකරණය පත් විය. රාජ්‍යය දේශපාලනීකරණය වීම වැළැක්වූ වානේ තහඩුව වූ පැරණි නිලධර තන්ත්‍රය බිඳ දමන ලදී. එය පැරණි පාලක පන්තියට පක්ෂවූ බමුණු කුලයක් ලෙස හඳුන්වන ලදි. වත්මන් දේශපාලන ක්‍රමයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන දේශපාලන–පරිපාලන අන්තර් මිශ්‍රණය පිළිබිඹු කරමින් බලයේ සිටින දේශපාලනඥයන්ට යටත් වූ නව නිලධාරී තන්ත්‍රයක් නිර්මාණය කිරීම ආරම්භ විය. මේ බල මධ්‍යගතකරණ මස්ථකයට ගෙන ගියේ 1978 ව්‍යවස්ථාව විසිනි. ඒ සමගම දේශපාලන පන්තියේ තුන්වැනි පරම්පරාවේ පැණ නැගීමට පදනම දමන ලදි.
තුන්වන පරම්පරාව
1977 දී ජේ.ආර්. ජයවර්ධනගේ මැතිවරණ ජයග්‍රහණය විධායක ජනාධිපති ක්‍රමයක්, නව මැතිවරණ ක්‍රමයක්, දුර්වල පාර්ලිමේන්තුවක් සහ දුර්වල අධිකරණයක් මෙරටට ගෙන ආවේය. ලිබරල් ආර්ථික ක්‍රමයක් ස්ථාපිත කිරීම ඉලක්ක කරගත් නව ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලදී. රටේ මානව හා ද්‍රව්‍යමය සම්පත් නිදහස් වෙළෙඳපොළ රාමුවක් තුළ දේශීය හා විදේශීය ආයෝජකයන්ට විවෘත කරන ලදි. දක්ෂිණාංශික දේශපාලකයන් විසින් බරක් සේ සැලකූ සුබසාධක රාජ්‍යය හකුලුවා දැමීමට සහ මැතිවරණ දේශපාලනයේ බලපෑම්වලට ඔරොත්තු දෙන විධායක ජනාධිපතිවරයකු පත් කර ගැනීමට ජේආර්ට පැවති ‘අතීත සිහිනය’ සැබෑ කර ගැනීමට ඔහු සමත් විය.
එජාප දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට ජේආර් තමන්ගේ පක්‍ෂයේ නාමයෝජනා මගින් ‘ජාතික අඳින’ වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන එන ලදි. ඔහු වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආ විට පාර්ලිමේන්තුවේ බලය විධායකයට පවරා දීමට මේ පිරිස ප්‍රශ්ණ විරහිතව අත් ඔසවා එකඟතාවය පළ කළෝය. එජාප පාලනයේ යුගයේදී, ජේආර්ගේ තේමා පාඨය වූ “සංවර්ධනය–පළමුව–ප්‍රජාතන්ත්‍රවාදය–පසුව” යන ආදර්ශ පාඨය බලයේ සිටින දේශපාලනඥයන්ට වාසිදායක ආර්ථික අවස්ථා පිරිනැමුවේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංවර්ධන අයවැය සහ මැතිවරණ මට්ටමේ ව්‍යාපෘතිවල අවසාන තීරකයන් බවට පත් විය. අවසාන ප්‍රතිඵලය වූයේ දූෂිත මැතිවරණ, දේශපාලන ප්‍රචණ්ඩත්වය පැන නැගීමත් දේශපාලන පක්ෂ වෙනුවට පුද්ගලයන් මත පදනම් වූ සභාග ඇතිවීමත් මෙන්ම රාජ්‍ය සම්පත් දෙස ඇස ගසාගෙන තරඟ කරන දේශපාලන–නිලධාරී සන්ධාන ඇති වීමත්ය.
2015 වන විට පැවති තත්වය
දේශපාලන පන්තිය සියල්ලන් අභිබවා නැගී සිටිමින් හිතුවක්කාර පාලනයක් ගෙන යන තත්වයක් මේ කාලයේදී දක්නට ලැබුනි. සමාජයේ කිසිදු කොටසකට තම වෘත්තීය ස්වෛරීභාවය ක්‍රියාත්මක කිරීමට හැකි වන්නේ එම වෘත්තියේ සාමාජිකයන් දේශපාලන පන්තියේ ප්‍රමුඛත්වය පිළිගන්නේ නම් පමණකි. 1978 දී විධායක ජනාධිපති ක්‍රමය පිහිටුවීමත් සමඟ ඇති වූ දේශපාලන බලය මධ්‍යගතවීම මෙම ක්‍රියාවලියට විශාල දායකත්වයක් ලබා දුන්නේය.
මේ කාලයේදී මෙම දේශපාලන පන්තියේ බලය ප්‍රබල චිරන්තන දෘෂ්ඨීන් දෙකක් මගින් ශක්තිමත් කරමින් පැවතුනි. පළමුවැන්න වන්නේ දේශපාලන හා නිලධාරි ප්‍රභූන්ට කිසිදු අපහසුවකින් තොරව සාමාන්‍ය ජනතාවගෙන් බදු, ලේ සහ අත්පොළසන් ඉල්ලා සිටීමට හැකි “ත්‍රස්තවාදය පරාජය කිරීම” යන මතවාදයයි; දෙවැන්න වන්නේ මාතෘ භූමියේ ආරක්ෂකයා, සමාජ සාධාරණත්වය, ස්ථාවරත්වය සහ රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරන්නා වශයෙන් ලෙස ජනාධිපති ඒකතන්ත්‍රය උත්කර්ෂයට නැංවීමය.
මහජනතාව මේ දේශපාලකයන්ට පක්‍ෂපාතීව සිටීමට අවශ්‍ය රැවටිලිකාරි ප්‍රචාරයන් සඳහා තම ආයතන හසුරුවන්නට සැදී පැහැදී සිටින, දේශපාලන අනුග්‍රහය හරහා ස්ථානගත කළ සහ ඔවුන් විසින් ලබා දෙන වරප්‍රසාද මගින් තමන් වෙනුවෙන් ක්‍රියාකිරීමට සූදානම් කර සිටින ජනමාධ්‍යයේ සිටින්නාවූ සමහර පුද්ගලයන් නිසාද මෙම දේශපාලන පන්තිය පාලන ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානය ආරක්ෂාවී තිබේ.
සංස්කෘතික වෙනස
කෙසේ වෙතත්, මෙරට විවෘත වේදිකාවල ප්‍රදර්ශනය වන දේශපාලකයන්ගේ දේශපාලන සංස්කෘතිය නිසා කොමියුනිස්ට් සමාජවල පැවති නව පන්තිය සහ ශ්‍රී ලංකාවේ දේශපාලන පන්තිය අතර ඉතා සැලකිය යුතු වෙනසක් දක්නට ඇත. මෙරට දේශපාලන පන්තිය සමාජය තුළ තමන් ඉටු කරන කාර්යභාරය සම්බන්ධයෙන් දරන්නාවූ ආකල්ප, චින්තනය සහ ප්‍රවේශය පැරණි කොමියුනිස්ට් සමාජවල පාලක පන්තියට වඩා හාත්පසින්ම වෙනස් ය.
මෙම දේශපාලන පන්තියට අයත් සමහරුන්ට ඔවුන් අත ඇති බලවත්ම ආයුධය වන්නේ ඕනෑම ශිෂ්ට සම්පන්න පුද්ගලයෙකු ආරක්ෂා කිරීමට උත්සාහ කරන “ස්වයං ගරුත්වය” අත්හැරීමට තිබෙන සූදානමයි. මේ “ලුම්පන් මොඩලයේ” දේශපාලකයෝ ආත්ම ගෞරවය යනු කුමක්දැයි නොදනිති. ‘ලුම්පන්’ යන පදය කාල් මාක්ස් විසින් භාවිතා කරනු ලැබුවේ ස්වයං ගරුත්වය යනු කුමක්දැයි නොදන්නා සහ සුලු පුද්ගලික ප්‍රතිලාභයක් ලබා ගැනීම සඳහා බලයේ සිටින පුද්ගලයින් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් මිනිසුන් වර්ගයක් හඳුනා ගැනීමට ය.
කෙසේ වෙතත්, “1956 ජාතික ඇඳුම් විප්ලවයෙන්” පසු පාර්ලිමේන්තුවට පිවිසි දෙවෙනි පරම්පරාවේ දේශපාලඥයන්ට පළමු පරම්පරාවේ දේශපාලන පන්තියේ “මහත්වරුන්ගේ සංස්කෘතිය” එක්තරා ප්‍රමාණයකට 1970 දශකය අවසන් වනතුරුම පවත්වාගෙන යන්නට සිදුවිය. එයට හේතුව ඔවුන් මෙහෙයවූ නායකයන් පළමු පරම්පරාවේ අයවීමය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමෙන් පසු දේශපාලනඥයන්ගේ සංස්කෘතිය විශාල ලෙස වෙනස් විය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මැතිවරණ ක්‍රමයට හඳුන්වා දුන් වෙනස්කම් ක්‍රමානුකූලව දේශපාලන පන්තියේ තුන්වන පරම්පරාව ගෙන එන ලදි. ඔවුන්ගේ හැසිරීම ශිෂ්ට මිනිසුන්ට පොදු ක්ෂේත්‍රය අත්හැරීමට හෝ ජාතික වැදගත්කමක් ඇති මාතෘකා සම්බන්ධයෙන් නිහඬව සිටීමට බල කරති.
Milovan Djilas ගේ “නව පන්තිය” පිළිබඳ සාකච්චාව මෙම නව පන්තියේ දේශපාලන සංස්කෘතිය පිලිබඳ සලකා බැලීමට කිසිදු මග පෙන්වීමක් සපයන්නේ නැත. එවකට පැවති කොමියුනිස්ට් පාලක පන්තියේ සාමාජිකයින් කිසි විටෙකත් “ලුම්පන් ආකෘතියේ” සංස්කෘතිය ප්‍රදර්ශනය නොකළ බැවින් එවැන්නක් අවශ්‍ය නොවන්නට ඇත.
මා ඉදිරිපත් කරන නව පන්තිය පිළිබඳ සාකච්චාවට මේ නිසා ඇතිවන රික්තය පිරවීම සඳහා පළමු පරම්පරාවේ දේශපාලකයකු විසින් සිදුකළ ප්‍රකාශයකින් යම් ආලෝකයක් ලබා ගත හැකි යයි සිතමි. මෙම ප්‍රකාශය සිදුකර තිබෙන්නේ 1956 මැතිවරණයෙන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ජාතික ඇඳුම් බළකායට පරාජය වූ සර් ජෝන් කොතලාවලය. අකමැත්තෙන් හෝ මට එය මෙහි ලියන්නට සිදුවී ඇත. ඔහු විසින් සිදුකළ ඉතා අනාවැකිමය ප්‍රකාශය මෙසේය. “Bando!!! You let loose the Dogs.” ‘(බණ්ඩෝ උඹ බල්ලෝ ලිහුවා).
කොමියුනිස්ට් නව පන්තිය සම්බන්ධයෙන් Melovan Djilas විසින් අපේක්ෂා කළ පරිදි, අපේ රටේ නව පන්තියට එරෙහිව “විප්ලවයක්” අපේ රටේද සිදුවිය යුතු බව මම එදා මේ ලිපිය ලියූ අවස්ථාවේ යෝජනා කළෙමි. එය ප්‍රචණ්ඩකාරී එකක් නොව සාමකාමී එකක් වෙනවාට මා කැමති බව ද සඳහන් කළෙමි. එය හරියට 1990 දශකයේදී කොමියුනිස්ට් පාලන ක්‍රම පෙරලා දැමූ අවස්ථාවේ චෙකොස්ලොවැකියාවේ සිදු වූ ආකාරයේ වැල්වට් අත්වැසුම්වලින් සිදුකළ වෙනස වැනි සාමකාමී පරිවර්තනයක් වෙනවා නම් මා වඩාත් කැමති බව ද ලියන ලදි.
හතරවන පරම්පරාව
2024 දී සිදුවී තිබෙන්නේ මේ පන්තිය බලයෙන් පහකිරීමේ වෙල්වට් විප්ලවයද? යන්න මේ අවස්ථාවේ මට අසන්නට සිදුවී තිබේ. පැහැදිලිවම තුන්වන පරම්පරාවේ දේශපාලන පන්තිය බලයෙන් පහ කර තිබෙන බවත් නව පරම්පරාවක් බලයට පැමිණ තිබෙන බවත් බැලූ බැල්මට පෙනී යයි. මෙය හතරවන පරම්පරාව ලෙස නම් කරන්නට මම කැමතිය.
පාර්ලිමේන්තු සාමාජිකයන්ගේන් හරි අඩකට වඩා සිටින්නේ නවකයන්ය. නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙන බවට එම කංඩායමේ නායකත්වය විසින් පොරොන්දුවී ඇත. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යයි කිව හැකි යම් කාරණා සිදුවෙමින් පැවතියත් මේ හතරවැනි පරම්පරාව සහ එහි ගති ලක්ෂණ ගැන ලියන්නට තවම ප්‍රමාණවත් කාලයක් තවම ගතවී නැත. එය හරියට ලිවිය හැක්කේ තව වසර පහකට පසුවය. එය අනාගතයට පවරමින් මෙම ලිපිය අවසන් කරමි.
*The New Class in Sri Lanka යනුවෙන් කළම්බු ටෙලිග්‍රාප් විසින් 2015දී පල කළ ලිපියේ සිංහල අනුවර්තනය යාවත්කාලීන කරමින් සකස් කරන ලද්දේ මුල් ලිපියේ ලේඛකයා විසිනි.
leelagemalli / December 19, 2024
Hello LS,
.
“LankaScot / December 19, 2024
1 0
Hello Leelagemalli,
There are certain women (mainly) in the villages here, that everyone else calls “Reuters”. They are usually Middle-aged or older and absolutely certain that their views and the “facts” that they are reciting are incontrovertible, even when they are proved to be wrong.
Sound like anyone you know?
Best regards”
–
Unfortunately, their attitudes will not change. Grandma said that a dog’s tail will not straighten even if you put it on a bamboo mat. We also had an aunt who was called “Reuter” because of her bad behavior. Overall, these funny characters will not take their behavior as a criticism.
/
leelagemalli / December 19, 2024
cont.
Btw, I am proud of your knowledge of “Sri Lankan village life”. You are now becoming an expert on the Sinhala/Sri Lankan lifestyle. Having lived in the West for the past 35 years, I am still not used to German life, but you have done a lot in SL life in 3 years.. It would be good if you learned a little Sinhala. There is no doubt about it. Your analytical thinking is an asset to learn all this quickly.
–
DDS has not stopped insulting others even though she lives next to the toilets of Buckingham Palace. That trait in her could be the dessert of her day. The poor woman must learn it, but she must foresee it beyond that – that is my kindest wish for her and others. I have a bunch of relatives in that category. So, I can read her mind well.
.
For me, a good meal with a nice dessert makes my day, however, such women work very hard to hurt others. Ironically, these women have it on their foreheads as “Sinhala Buddhists”: DDS may have gotten her PhD for completing a thesis on “Toxemia in Aging Women”. Period.
/
LankaScot / December 19, 2024
Hello Leelagemalli,
“Toxemia in Aging Women”. Period.
No the Menopause happened a while back😉.
I started having a look at learning Pali and then I found Noun Declensions. I start my Sinhala Self Learning (again) tomorrow (heta) හෙට.
I haven’t had a good explanation as to why my wife’s name Ramya in Sinhala is රම්‍යා. why don’t they use ය? It was explained to me that after a consonant you should use the half Ya letter. I stupidly asked “Why?”. The answer that’s just the rules.
Best regards
/