ජනාධිපතිවරයා යටතේ නීතිය හා සාමය අමාත්‍යාංශයක් ස්ථාපිත කරන බව නිවේදනය කර තිබේ. මේ අමාත්‍යාංශයේ ලේකම් වන්නේ, වාර්තාවන්ට අනුව විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන මේජර් ජනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවාරච්චි ය. මේජර් ජනරාල් මල්ලවාරච්චි ශ්‍රී ලංකා යුධ හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානියා ය. පසුව ඔහු ඉන්දුනීසියාවේ සිටි ශ්‍රී ලංකා තානාපති බවට පත්විය. මැලේසියානු ආරක්ෂක අංශවල උදව් ඇතිව එල්ටීටීඊ යේ කුමරන් පද්මනාදන් හෝටලයකින් පැහැරගෙන ගුවන් තොටුපොළ වෙත ගෙන ඒමේ සිද්ධියේදී ඔහු ප්‍රධාන භූමිකාවක් ඉටුකළ බව වාර්තා වේ.
මේ අමාත්‍යාංශය පිහිටුවීම උගත් පාඩම් සහ සංහිදියා කොමිසමේ (LLRC) නිර්දේශයක් අනුව සිදුකරන්නේ ය යන බොරු හේතුව මත සාධාරණීකරණය කර තිබුණද මෙයින් නිසැක ලෙසම පෙනී යන්නේ මිලිටරීකරණය හෙවත් හමුදාකරණය වෙත ළං වන තවත් පියවරකි.
LLRC නිර්දේශ සිදුකරන්නේ නීතියේ ආධිපත්‍යයේ රාමුව තුළ සිට ය. නීතියේ ආධිපත්‍යය යටතේ නීතිය හා සාමය මගින් සරල ලෙසම අදහස් කරන්නේ නීතියේ ප්‍රධානත්වය හෝ ආධිපත්‍යය ස්ථාපිත කිරීමයි. තවද සිවිල් පොලීසිය, අභිචෝදක වශයෙන් ස්වාධීන නීතිපති දෙපාර්තමේන්තුවක් සහ ස්වාධීන අධිකරණයක් යන නීත්‍යානුකූල අධිකාරීන් හරහා නීතිය බලාත්මක කිරීමයි. නීතියේ ආධිපත්‍යය යටතේ හමුදාව සිටිය යුත්තේ බැරැක්ක තුළ ය. රට ට තර්ජනයක් ඇති විට පමණක් ඔවුන්ව සේවය ස|හා කැ|වේ. කෙසේ වෙතත් දැන් ශ්‍රී ලංකාවේ සිදුවන්නේ නීතිය හා සාමය පවත්වාගෙන යාමේ බොරු හේතුව දක්වමින් හමුදාව පෙරමුණට ගැනීමයි.
වැලිවේරියේදී පිරිසිදු ජලය ඉල්ලීම පමණක් කළ ගම්වැසියන්ගේ සාමකාමී උද්ඝෝෂණයකට හමුදාව මැදිහත් වුණේ කෙසේදැයි රටම දුටුවේය. සොල්දාදුවන් ලෙස ක්‍රියාකළ ස්නයිපර් තුවක්කුකරුවෝ අසරණ ජනතාව වෙඩිතබා ඝාතනය කළහ. සෙසු සොල්දාදුවෝ පල්ලිය වත්තට පවා ඇතුළු වූහ. දේවස්ථානයේ රැකවල් ලබමින් සිටි ජනතාවට තාඩන පීඩන කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස පල්ලි වත්තේදී එක් අයෙක් මිය ගිය අතර පුද්ගලයන් ගණනාවක් තුවාළ ලැබූහ. ඝාතනය කළ තවත් දෙදෙනෙක් විරෝධතාව සමග කිසිදු සම්බන්ධතාවක් නොතිබූ වයස අවුරුදු දහසයේ සහ දහඅටේ පසුවූ යොවුන් දරුවන් ය. මේ ගැන පරීක්ෂණය පැවැත්වීමට නියම වුණේ ද හමුදාවට ම ය. හමුදා පරීක්ෂණය මෙහෙයවන නිලධාරියා යුධ අපරාධ සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අන්තර්ජාතික වශයෙන් සැක කරන්නෙකි.
මේ තත්වය යටතේ පුරවැසියාගේ සිවිල් නිදහස සහ රටේ නීතියේ අනාගතය පිළිබද සැලකිලිමත් වන්නන් ‘නීතිය හා සාමය’ යන්නේ අඹරවා පටලවා තිබෙන තේරුම බරපතළ ලෙස අධ්‍යයනය කළ යුතුය. මේ ගැටලුව සම්බන්ධයෙන් සිදුකළ බරපතළ අධ්‍යයනයන් තිබේ. උදාහරණයක් වශයෙන්, රට හමුදාකරණය කිරීම උදෙසා ‘නීතිය හා සාමය’ යන යෙදුම භාවිතා කළ එක් රටක් වූයේ, ජනරාල් නී වින් ගේ හමුදා ඒකාධිකාරය පැවති සමයේ මියැන්මාරය (බුරුමය) යි. 1962 සිට 1988 දක්වා වූ ඔහුගේ පාලන කාලයේදී ‘නීතිය හා සාමය’ යන්න, මියැන්මාරයේ බ්‍රිතාන්‍ය යටත‍්විජිත පාලනයක් පවතින විට ස්ථාපිත කර තිබූ මූලික නෛතික ව්‍යූහය නොරැකීම පිණිස වන සටන් පාඨය බවට පත්විය. මෙහිදී ඉතා ස්වභාවික ලෙසම, හමුදාමය ආයතන ද ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් විසින් මෙහෙයවනු ලැබීය. එය ඊනියා අධිකරණවලට හමුදාවෙන් විනිසුරුවරුන් පත්කිරීම දක්වාම දුරදිග ගියේය. අද මියැන්මාරයේ සිටින අගවිනිසුරු පවා හිටපු හමුදා නිලධාරියෙකි.
ඔස්ට්‍රේලියා ජාතික විශ්ව විද්‍යාලයේ (Australian National University (ANU)) ආචාර්ය නික් චීස්මන් විසින් ‘The politics of law and order in Myanmar’ (‘මියැන්මාරයේ නීතිය හා සාමයේ දේශපාලනය’ ) යනුවෙන් මේ පිළිබද අධ්‍යයනයක් සිදුකර ඇත. මේ අධ්‍යයනයේදී, ‘නීතිය හා සාමය’ යන යෙදුම, නීතියෙන් ‘සාමය’ යැයි කියන දෙය වියෝ කිරීමට හෙවත් වෙන් කිරීමට පාවිච්චි කරන ආකාරය ඔහු විසින් දක්වා ඇත. මේ ක්‍රියාවලිය මගින් ආණ්ඩුවේ නියෝග ‘නීතිය’ යන තත්වය අත්පත් කර ගනියි. නීතියේ ආධිපත්‍යය පවතින ක්‍රමයක් තුළ නීති සාදන්නේ පාර්ලිමේන්තුවක් හරහා වන අතර එය නීත්‍යානුකූල බව ලබාගැනීමට නම් නීතිය මගින් නියම කළ උපමානයන් අනුගමනය කළ යුතුය. එපමණක් නොව නීතියේ ආධිපත්‍යය පවතින තත්වයක් තුළදී නීතිය අවසාන වශයෙන් අධිකරණයේ අර්ථනිරූපණයට බදුන් වේ. කෙසේ නමුත් හමුදාමය සන්දර්භයක් තුළ පවතින නීතිය හා සාමයක් යටතේදී ආණ්ඩුවේ නියෝගවලට අධිකරණය ද ඇතුළුව සැවොම හිස නැමිය යුතුය. මෙහිදී අධිකරණ ද හමුදා නියෝග ක්‍රියාත්මක කරන හුදු උපකරණ පමණක් බවට පත්වන ආකාරය ආචාර්ය චීස්මන් විසින් විදහා දක්වයි.
දැන්, LLRC නිර්දේශ ක්‍රියාවට නංවන බවට බොරු හේතුව ඉදිරිපත් කරමින් හමුදාකරණය තවදුරටත්- නොනැවතී සිදුවෙයි. සමහරවිට, ‘නීතිය හා සාමය’ යන යෙදුම යොදාගෙන ඇත්තේ LLRCනිර්දේශයක් ක්‍රියාවට නංවා ඇතැයි ශ්‍රී ලංකා සංචාරයේදී ආචාර්ය නවී පිල්ලේ (එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්)ගේ සිතට කාවැද්දවීමේ අදහසින් විය හැකිය. මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාවට පැමිණෙන වැදගත් අවස්ථාව ද හමුදාකරණය නීත්‍යානුකූල කිරීම සදහා යොදාගැනීම, රට යන අත පෙන්වන ලකුණකි.
# # #
ආසියානු මානව හිමිකම් කොමිසම ( AHRC) ගැන: ආසියානු මානව හිමිකම් කොමිසම කලාපීය වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් වන අතර ආසියාවේ මානව හිමිකම් සුරක්ෂණය සහ ප්‍රවර්ධනය කිරීම උදෙසා ඒවා අධීක්ෂණය, කඩවීම් ලේඛනගත කිරීම හා යුක්තිය සහ ආයතනයික ප්‍රතිසංස්කරණ ස`දහා උපදේශන ලබාදීම සිදුකරයි. හොංකොං හි පිහිටා තිබෙන ආසියානු මානව හිමිකම් කොමිසම 1984 වසරේ පිහිටුවනු ලැබීය.
Namal Perera / August 24, 2013
If “Ali Baba” is a crook and a rouge, what can you expect from his associates?
/
D.M.Thushara Jayarathna / August 24, 2013
Yesterday we saw another drama from MARA. One is he brought Police department under him. Appoint Ammy henchmen to administer it. How to make it any different. Still police department under Rajapasa custody. .
Yesterday he gave compensation to three victim family .Is he giving compensation from his own money. No he gives compensation using our tax money.. It means we pay compensation to victim families.. Then what happened culprits.. Their criminal and civil responsibilities. Is this the Asian miracle….. Is this happening according Mahinda Chinthanaya…………
/